You are currently viewing Anime බලන්නෙ මොන මඟුලටද?

Anime බලන්නෙ මොන මඟුලටද?

ඇනිමේ ගැන පොඩ්ඩක් කතාකරමු..❤🤔

ජැපනීස් ඇනිමේශන් නැත්තන් ඇනිමේ කියලා කියන්නෙ මේ වෙනකොට මුලු ලෝකෙම ලොකු ෆෑන්ඩොම් එකක් ඉන්න වෙනම මාධ්‍යයක්.💯

ඇනිමේ මෙච්චර ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව විදියට මම දකින්නෙ ඇනිමේ එකක් බලනකොට අපිට දැනෙන ෆීලින් එක.🙏 විශේෂයෙන්ම ඇනිමේ එකකින් දැනෙන්නෙ ඒක අපි නිතර බලන කතා වලට වඩා වෙනස් දෙයක්. හැම ඇනිමේ එකකින්ම වගේ කතාකරන්නෙ එකිනෙකට වෙනස්, ගොඩක් වෙලාවට අපි කලින් හිතලා නැති පැත්තක් ගැන. ඒ නිසා ඕන ඇනිමේ එකකින් අපිට දෙන්නෙ අලුත්ම එක්ස්පීරියන්ස් එකක්.🌎

Spirited Away Anime එක බැලුවනම් කට්ටිය දකින්න ඇති ඒකෙ Chihiro, තනියම Spirit World එකට යන ගමන ඉදිරිපත් කරලා තියෙන විදිය. ඒක ළමා කතාවක් වගේ මුලින් පෙනුනට සමහර තැන් වලදි අපිට වුනත් දැනෙනවා අර පොඩි කාලෙ Baba Yaga ගෙ කතා කියවද්දි දැනුන ගුප්ත බව..ඒ අඳුරු ගතිය. කතාවෙන් කොච්චර හොඳට ඒ හැඟීම ඉදිරිපත් කරලා තියෙනවද කියනවනම් අදටත් මේකෙ සවුන්ඩ්ට්‍රැක් එකක් ඇහුවත් ඇති ඒ ලෝකෙ ඇතුලට යන්න.💯

මෙන්න මේ එක්ස්පීරියන්ස් එකටයි ඇනිමේ බලන ගොඩක් අය ආස කරන්නෙ..අපිට කතාවෙ පෙන්නනවට වඩා දෙයක් කතාව බලලා ඉවර වුනාම අපේ හිතේ ඉතුරු වෙන එකට. ඒකමයි ඇනිමේ කියන්නෙ ස්ට්‍රෙස් රිලීස් එකක් කියලා කියන්නත් බැරි, සමහර වෙලාවට ඇනිමේ බලලා අඬන්න වුන අවස්ථා පවා තියෙනවා..මොකද ඇනිමේ වල හැඟීම් ඉදිරිපත් කිරීම් ගොඩක්ම ප්‍රබලයි..❤

ඒ වගේම ඇනිමේ වල තව හොඳම දෙයක් තමයි අපි කවදාවත් කතාවෙ ප්ලොට් එක නිසා විතරක්ම නෙමේ ඇනිමේ බලන්නෙ.. සාමාන්‍යයෙන් වැස්ස දවසක රෑක වගේ කන්න දේකුත් එක්ක ඇනිමේ එකක් බලන්න ගත්තම ඒකත් එක්ක අපි යන දුර හිතාගන්න බෑ..මොකද අපි රසවිඳින්නෙ ප්ලොට් එක විතරක් නෙමේ. ඒකෙ කැරැක්ටර්ස් විතරක් නෙමේ. ඇනිමේ එකේ ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට අපි මේ ඇනිමේ එක රසවිඳිනවා.🙂🔥

හොඳ ඇනිමේ එකක නම් ඔයාට කතාව යන මුලු කාල සීමාවෙ ඕනම තත්පරයක් Screenshot එකක් ගහගත්ත නම් ඒක Wallpaper එකට වුනත් දාගන්න තරම් Worthy. එච්චර ලස්සනට මේවගෙ නිර්මාණකරුවො ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඉතින් කතාව ගලාගෙන යන ගමන් මේ පොඩි පොඩි Moments පවා Enjoy කරන්න පුලුවන් දෙයක් තමයි ඇනිමේ කියලා කියන්නෙ…😮🤔😍

අනිත් දේ තමයි ඇනිමේ කියන්නෙ අපි හිතන්නෙ නැති පුංචි දේවල් වල තියෙන සුන්දරත්වය හොඳටම පෙන්නන මාධ්‍යයක්.මට මතක් වෙන එකක් කිව්වොත් A Silent Voice Anime එකේ එකතැනක පෙන්නනවා Fireworks Event එකක්. එතනදි ඒ අහස්කූරු වලින් අහසෙ හදන හැඩතල පෙන්නන්නෙ ඒක බලන් ඉන්න Nishimiya-san ගෙ තේ කෝප්පෙ ඇතුලෙ හැදෙන ප්‍රතිබිම්බයෙන්.ඒක මාර ක්‍රියේටිව් වගේම ලස්සනයි…🔥 ඒ එක ඩීටේල් එකකට ගොඩක් වෙලාවට දෙන ඩෙඩිකේශන් එක..සමහර ඇනිමේ අපෙව් සිත්වල නවතින්නෙ අන්න ඒ නිසා..😍

ඔය වගේ ගොඩක් තැන් ඇනිමේ වල හම්බෙනවා. ගොඩක් වෙලාවට ඇනිමේ වල වැස්ස කියන්නෙ වෙනමම එක්ස්පීරියන්ස් එකක්. හොඳම උදාහරණය Weathering With You සහ Garden Of Words කියන Anime දෙක. වැස්සක සුන්දරත්වය හොඳටම පෙන්නන මාධ්‍යය විදියට මම දකින්නෙ ඇනිමේ…🙂

Japan Culture එකට මම හුඟක් ආස වෙන්නත් හේතුව වුනේ ඇනිමේ තමයි. 😮

සංස්කෘතිය වගේම ඒ scenery වලටත් ඇනිමේ ෆෑන් කෙනෙක් විදියට මම මාර ආසයි. හැබැයි ඇනිමේ වලට ආස නැති අයත් මගේ ජීවිතේ මට හම්බෙලා තියෙනවා. එයාලා ගොඩක් වෙලාවට මට කියන්නෙ ඇනිමේ එකක් බලන එක මහන්සියි ,කතාව එයාලට දැනෙන්නෙ නෑ කියලා.🔥

මම හිතන්නෙ ඒ ඇනිමේ බලලා හුරු නැති කම වෙන්න ඕනෙ. ඔයත් එහෙම කෙනෙක් නම් මම මේ කියන වැඩේ ට්‍රයි කරලා බලන්න.🤔

මුලින්ම මම අන්තිමට දාන ඇනිමේ වලින් එකක් තෝරගන්න.🙂

මම මෙතන දාන්නෙ මම බලපු ඒවයින් හොඳම ටිකක්. ඊට පස්සෙ හොඳටම රිලැක්ස්ඩ් වෙලාවක මොකක් හරි බෙවරේජ් එකක් එක්ක ටීවි එකෙන් හරි PC එකෙන් හරි මේක බලන්න ගන්න.. ඔයාගෙ ජොබ් එක තමයි මේ කතාවෙ වෙන කිසි දෙයක් ලොකුවට හිතන්නෙ නැතුව ඉන්න එක. කැරැක්ටර්ස් වල නම් මතක තියා ගන්නවත්, අවසානයට මොනවා වෙයිද වගේ දේවල් හිතන්නවත් මහන්සි වෙන්න එපා.. ඒ වෙනුවට කතාව ගලාගෙන යන්න දීලා ඒකෙ තියෙන ඔයාට ලස්සනයි කියලා හිතෙන පුංචි මෝමන්ට්ස් එන්ජෝයි කරලා බලන්න…🔥

ඒ වගේම පටන් ගන්න කෙනෙක් ඉතින්..🙏

මෙන්න මේ Anime Movies Try කරලා බලන්න.

1.Weathering With You
2.Your Name
3.Garden Of Words
4.Spirited Away
5.A Whisker Away
6.Grave Of Fireflies
7.A Silent Voice

මේ Anime Tv Series Try කරන්න

1.Attack On Titan
2.Sword Art Online
3.Black Clover
4.My Hero Academia
5.One Punch Man
6.Assassination Classroom

Honourable මෙන්ශන්ස් විදියට anime විදියටම ක්ලැසිෆයිඩ් නොවුනටු ..ගොඩක් අයගෙ ජීවිත වල ආරම්භක ඇනිමේ එක්ස්පීරියන්ස් ටයිප් එකක් වුන Naruto , Dragon Ball Z , Sailor Moon වගේ ඒවත් මතක් කරන්නම ඕනේ..🙂

Leave a Reply