You are currently viewing මොකක්ද මේ lightsaber කියන්නේ ?

මොකක්ද මේ lightsaber කියන්නේ ?

ඇයි මේක Star Wars විශ්වයෙ මෙතරම් වැදගත් දෙයක් වෙන්නෙ..🙏❤

ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක..ආලෝක වර්ශ මිලියන බරගානක් ඈත තියෙන ගැලැක්සියක වුන කතාවක් අරගෙනයි ආවෙ අපි..🙏❤

මහා යුද්ධයක්…? ..කොහේ ? තාරකා අතර..😂 තාරකා නෙවේ ගහගන්නෙ..මේ යුනිවර්ස් එකේ ඉන්න ජීවින් බලය උදෙසා ගහගන්නෙ..හැබැයි දෙගොල්ලොම කියන්නෙ අපි මේ විශ්වයට සමබරතාව ඇති කරන්න..අයුක්තිය අසාධාරණය නැති කරන්නයි අපේම විදියකට පාලනයක් ගේන්නෙ කියලා..🙏❤ හොඳ පැත්තෙ අය..new republic කියාවි, ජෙඩායිලා කියාවි..republic කියාවි..ඔය එකී මෙකී නොකී හැමෝම ..නරක පැත්ත..sith ලා කියාවි..සෙපරටිස්ට්ලා කියාවි..එම්පයර් කියාවි..ෆස්ට් ඕඩර් කියාවි..මේ හැමෝම මොන විදියට කදේ දාගෙන ආවත් අන්‍තිමට ඕනෙ බලයම තමයි..🙏

හැබැයි ඒක ගැන නෙවේ අපි අද කතා කරන්නෙ..ඕනෙම ස්ටාවෝස් පිස්සෙක්ව අමන්දානන්දයට පත් කරපු ජිගිබිරිස් ගොඩක් තියෙනවා..මිලේනියම් ෆැල්කන් එක..ටයි ෆයිටර්ස් කියාවි..ඩෙත් ස්ටා එක කියාවි..ඒ වගේ විවිධ ගැජමැටික් බරගානක් අස්සෙ ඕනෙම කෙනෙක්ට ඇහැ යන එක පොදු දෙයක් මොකක්ද ඇහුවොත්..ස්ටාවෝස් ඕනෙම ෆෑන් කෙනෙක් උත්තර දෙන්නෙ..ලයිට් සේබර්ස් කියලා..❤

මේක හරියට නිකන් මායා ලෝකයේ අයට එයාලාගෙ මැජික් යශ්ටිය වගේ….ස්‍ටාවෝස් යුනිවස් එකේ මේක විශේෂයෙන්ම පාවිච්චි කරන ජෙඩායි ල සහ සිත්ලා ගෙ මේන්ම ආයුධයක්..🙏

දැකලා ඇති නේ..නිව් හෝප් එකේ ඩාත් වේඩර් ප්‍රින්සස් ලෙයාගෙ ශිප් එකට ඇවිත් මෙලෝ හසරක් නැතුව ඉන්න හැම එකාවම මරාගෙන එන්නෙ..😂 ඒ වගේම ඔබී වන් කනෝබි…එතනිනුත් එහාට ලූක් ස්කයිවෝකර්ට..මේ එකී මෙකී නොකී හැමෝ ළඟම සිග්නේචර් ලයිට්සේබර් එකක් තිබුනා..❤

මොකක්ද මේ.ලයිට් පත්තු වෙන කඩුවක් වගේ ඕනෙම මගුලක් (ඕල්මෝස්ට්) කපාගෙන යන්න පුලුවන් ගැජමැටික් එක..😂 හයිලෑන්ඩර් ව මතක් වුනාද..😂

අන්න ඒ ගැන වතගොත හෙවිල්ලකට තමා අපි සූදානම් වෙන්නෙ මේ..🤔

මුලින්ම කියන්න නේ lightsaber ගැන කතා කරන ගොඩක්ම කරුනු Star Wars Legends universe එකට අයිති වෙන්නෙ..ඒ කියන්නෙ ඩිස්නිලා විසින් ස්ටාවෝස් ගන්න කලින් ලියවුන මැටීරියල්ස් වල ඩීටෙල්ස් වල ගොඩක් කරුනු තියෙන්නෙ..ඒවා බොහෝ ප්‍රමාණයක් නන් කැනොන් වුනත් අපි අවශ්‍ය දත්ත කෙටියෙන් කතා කරමු අද..🙏

Legends වල තිබුනා වුනත්..ඉතින් asoka කිවුවා වගේ “ there is always a bit of truth in legends” 🤔❤ වැඩේට බහිමු 🙏

Star wars කියපු ගමන් අපේ ඔලුවට එන දේවල් දෙකක් තියෙනවා එකක් jedi ලා අනිත් එක තමයි lightsaber එක.ඒ විතරක් නෙමෙයි මුලු ලෝකයම ආදරෙයෙන් බැදුනු ආයුධයක් තමයි lightsaber එක කියන්නේ . lightsaber එකේ ඉතිහාසය අපි අද දන්න jedi order එකටත් වඩා ඈතට දිව යනවා .🤔❤

ඔව් ගොඩාක් ඈතට..🙏

lightsaber එක අපි හැමෝම දන්න තැනට එන්න කලින් වෙනස් වීම කිහිපයක්මවෙලා තියෙනවා .

rekata’s and forcesaber

මේ දන්න lightsaber එකට කලින් මුලින්ම හදන්නේ forcesaber කියන ආයුධ ජාතිය . හැබයි එක හදන්නේ rekata කියන species එක .එයලා mandolorians වගේ ලෝක විනාස කරන , යටත් කරගගත්තු ජාතියක් (ඔවු ඔවු දැන් mandoloriansලා ඒම නැති උනාට ඉස්සර නාහෙට අහන්නෙ නැති වොරියර්ස් ලාset එකක් 😏 පස්සෙ තමා ජෙඩායිලාගෙ ඉඳන් හැමෝම දොඹෙන් යන්න ගැහුවේ..😂 ක්ලෝන් වෝස් කාලෙදි මැන්ඩලෝරියන් ලාට ගහන්නැත්තෙ හෙන විතරයි.😂).forcesaber එකේ අවුල උනේ එකට බලය එන්නේ force එකේ darkside එකෙන් .❤

ඉතින් ඔයාලා දන්නවනේ darkside එක පාවිච්චි කරන අයට මොකද වෙන්නේ කියලා . දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති එතකොට mandolorian series එකේ පෙන්නන darksaber එකත් forcesaber එකක්ද කියලා ,නෑ එක වෙනම දෙයක් darksaber එක කියන්නෙ වෙනම කතා කරන්න ඔනේ එකක් (mando series එකට ආසයිනම් අනිවා එක ගැන හොයලා බලන්න ).

ඊට පස්සේ අපිට හම්බෙන්නේ protosaber කියන එක🤔 .

protosaber

එක අපි දන්න lightsaber එකට ගොඩාක් සමාන වෙන නමුත් තිබ්බ ලොකුම වෙනස තමයි එක එකට වෙනම external power source එකක් ඔනේ උනා .🙏

මේක හදන්න jedi order (අපි දන්න jediලට කලින් හිටපු කට්ටිය ) එකට මූලික අඩිතාලම වැටෙන්නේ forcesaber එකෙන් .හැබැයි jediලා මේක පාවිච්චියට ගත්තේ උත්සව සහ විශේෂ අවස්තාවලට විතරයි .❤😂
මොකද battery එක ඉනේ එල්ලන් wire එකකින් saber එකට connect කරලනේ තියෙන්නේ ඉතින් ඒම එකකින් සටන් කරද්දි මාර කට්ටක්නේ කන්න වෙන්නේ 😓 .එක නිසා jedi ලා අවුරුදු ගානක් යනකන් ගොඩක් වෙලාවට සටන් කරේ force එක කාවද්දපු ඇත්ත ආයුධ වලින් .🤔

අපි අද දන්න lightsaber එක ඉස්සෙල්ලාම හැදුවේ sithලා කියල දන්නවද එයාලා තමයි inbuilt power cell එකක් saber ඇතුලට දලා saber එක අද දන්න තත්වෙට පත් කරේ .🔥

ඉතින් එකත් එක්ක තමයි jedi ලා හා lightsaber අතර තියෙන මේ අපූරු සම්බන්දේ ගොඩ නැගෙන්නෙ . සාමාන්‍ය විදිහනම් (luke use කරන්නේ anakinගේ සේබර් එක..ඒකම තමයි Rey use කරන්නෙත් )කොහොම වුනත් ගොඩක් වෙලාවට ජෙඩායි සීනියර් කෙනෙක් එක්ක ට්‍රේන් වෙන ශිෂ්‍යයෙක්..එහෙම නැතිනම් padawan කෙනෙක් තමන්ගෙම lightsaber එකක් හදාගන්නවා.🤔

ඒ කොහොමෙයි ?

එයා එයගේ පුහුණුව අවසන් කරලා යනවා ilham (ilum කියලත් කියනවා ) කියන ග්‍රහලෝකෙට එකේදි එයා kyber crystal එකක් හොයාගෙන force එකේ අනුසාරෙන් තමයි තමන්ගේ lightsaber එක හදන්න ඔනේ .මේවා kyber crystal වලින් හදන්නේ එවා force sensitive නිසා . kyber crystal එක force sensitive නිසා තමයි force sensitive and controllable (jedi and sith) අය විතරක් lightsaber එක පාවිචි කරන්නේ…තේරුනාද..? මේකත් ගිහින් එකපාරම ගලක් උස්සන් ඇවිත් ඒක කපලා කඩුවක් අස්සෙ දාගෙන රඟන්නෙ නෑ…🙂

ඒකට මාර ඩෙඩිකේශන් එකක් ඕනේ..පැඩවාන් කෙනෙක් ගොඩක් වෙලාවට ලයිට් සේබර් එක ගන්න කලින් එයාට ලැබෙන මූලිකම අවවාදය මේක ඔයාහෙ ජීවිතය හා සමානයි කියන එක..මොකද..සේබර් එක තුල තියෙන ක්‍රිස්ටල් එක සහ පැඩවාන් අතර පටන් ගැන්මේදි ෆෝස් කනෙක්ශන් එකක් හැදෙනවා..🙂 ඒක හදාගන්න ඉතින් පැඩවාන් කයිබර් ක්‍රිස්ටල් එක සමඟ මෙඩිටේට් කරලා හෙන සිද්දියක් කරන්න වෙනවා.

මොකද කයිබර් එක සහ ජෙඩායි අතර කනෙක්ශන් එක වැඩි වෙන්න වැඩිවෙන්න සේබර් එක පාලනය කරන්න තියෙන හැකියාවත් වැඩියි…🙂 මේ හැබැයි ජෙඩායිලාගෙ ක්‍රමේ..සිත්ලා එක එක ක්‍රම යූස් කරනවා..🙂 ඒ වගේම කයිබර් වලට අමතරව වෙනම පවර් සෝසඩ් යූස් කරපු අවස්තාත් තියෙනව..❤
ලයිට් සේබර් එකක කෙටිම හැඳින්වීම මේක..🤔🙂 හිතනවා තේරුනා කියලා..🔥

6 froms of lightsaber combat

lightsaber combat වලදි පාවිච්චි වෙන එකෙන් සටන් කරන ක්‍රම ප්‍රධාන වශයෙන් 6 ක් තියෙනවා . (1. Shii-Cho ,2.Makshi,3.Soresu,4.Ataru,5.Shien,6.Niman).ඔයාට මේවා හඳුන ගන්න පුලුවන් එයාලාගෙ ස්ටාන්ස් වලින් සහ පහරදෙන අවස්තා වලින්..🙂 අසෝකා සටන් කරන විදිහට නෙවේ වින්ඩු සටන් කරන්නේ..ඒ හැමෝටම වඩා වෙනස් ප්ලෝ කුන් සටන් කරන විදිය..❤

එවාගේම එක එක විදිහට වෙනස් උන lightsaberත් තියෙනවා double bladed saber (darth maul use කරන එක ),lightsaber pike,guard shotosabers,under water lightsabers, Shoto lightsaber,light whips සහ younglingsව පුහුනු කරන්න ගන්න බලය අඩු lightsabers(මේ ටිකක් විතරයි තව ගොඩක් තියෙනවා ) .

මතකනේ ඩාත් මෝල්ට තිබුන සේබර් එක..එතකොට අසෝකාගෙ ඩුවල් සේබර්ස්..කයිලෝරෙන් ගෙ සේබර්ස්..මේ වගේ එක එක විදියේ සේබර්ස් බර ගානක් තියෙනවා..🙂

Fun Fact – revenge of the sith එකෙන් පස්සේ lightsaber empire එකෙන් තහනම් කරනවා..❤ මතකනේ පැල්පටීන් එම්පරර් වෙලා සෙපරටිස්ට්ලාවත් ක්‍රොස් කරලා මුලු ගැලැක්සියෙම බලය එයාගෙ යටතට ගන්නෙ ඒ කාලෙදි..🙂

(jediලා සහ trainee jedi ලාත් lightsabers පාවිච්චි කරන්නේ හොරෙන් මේ කාලෙදි .🤔)

මේ හැම දෙයක්ම කතා කරගෙන එනකොට..අන්තිමට වගේ අපි කතා කරන්න තියාගත්තේ හැමෝම අහන වැදගත් දෙයක් ඒ තමයි lightsaber එක ඇයි විවිධ පාට ගන්නේ ඇයි කියලා .🤔

සමහර පාට වලට හරි තේරුමක් තිබුනත් සමහර ඒවට දැනට තියෙන්නෙ theory එකක් විතරයි . තව දෙයක් මෙතන කතා කරන්නේ star wars canon එකට අනුව legend එකට අනුව මේක වෙනස් ටිකක් ..හැබැයි..බිගිනර් කෙනෙක්ට මීටර් වෙන විදියට අපි පොඩ්ඩක් මේකෙත් පිලිවෙලක් හදාගමු නේද ?…🔥

කොළ පාට –

master yoda with his green lightsaber

මෙකෙන් අදහස් වෙන්නේ මේ පාට lightsaber එක vield කරන කෙනා force එකත් එක්ක ගොඩක්ම සම්බන්දයි කියලා ,එයලා combat වාලට වඩා force එක තේරුම් ගන්න උත්සහ කරන අය .මෙයාලා තමා jedi counsels ලා වෙන්නේ.(canon එකට අනුව kyber එකට පාටක් නෑ යූස් කරන කෙනාට අනුව පාට වෙනස් වෙන්නේ )

මතකනෙ ලූක් යූස් කරන්නෙ සිග්නේචර් ලයිට්සේබර් එක කොල්..ඒ වගේම මතක් කරන්නම ඕනෙ යෝඩා සහ ක්වයිගොන් ජින් යූස් කරෙත් කොල පාට..❤

නිල් පාට –

master kenobi with his blue lightsaber

මෙයාලා තම jedi gurdians මෙයලා ගොඩක් combat පැත්තට ගිය අය මෙයලා jedi order එක ආරක්ශා කරන්න direct යන අය .

ඔබී වන් සහ ඇනකින් ව අපි දකින්නෙම මේ සේබර්ස් වලින්..🙂

රතු පාට –

darth vadr with his red lightsaber

මේ පාට එන්නේ kyber crystal එකක් corrupt උනාම dark side එකට යන කෙනෙක් kyber එකට එයගේ තියෙන තරහව ක්‍රෝධය කාවද්දනවා එතකොට තමයි kyper එක corrupt වෙන්නේ .

මෙයාලා සින්තටික් මෙතඩ්ස් යූස් කරලා කයිබර් බ්ලීඩින්ග් කියන ටෙක්නික් එකෙන් තමා ගොඩක් වෙලාවට මේ රතු පාට ගන්නවා කියන්නෙ..🔥

ඩාර්ත් වේඩර් ,ඩාර්ත් මෝල්, කයිලෝ රෙන්..සිඩියස් වගේ අයව මතක නේ..🤔

සුදු පාට –

asoka tano with her duel white lightsaber

මෙහෙම වෙනේ corrupt උන kyper එකක් powerful force user කෙනෙක් නැවත් හොද පැත්තට හැරෙවුවම . මෙ වගේ sabers දකින්න ගොඩක් අඩුයි මුලු star wars canon එකටම මෙ වගේ lightsaber use කරන්නේ දෙන්නයි එකෙන් එක්කෙනෙක් තමයි ahsoka.

කහ පාට –

temple guard with a yellow light saber pike

මේක ගැන හරි සදහන නෑ .හබෙයි මේක දකින්න තියෙන්නේ jedi temple guard ලා ගාව විතරයි ඉතින් ගොඩක් අය කියන්නෙ මේක jedi temple guardලට විශේෂයෙන්ම හදලා දෙන එකක් කියලා .

දම් පාට –

mace Windu with his purple light saber

මේක අපිට එකම එක තැනක විතරයි දකින්න තියෙන්නේ ඒ mase vindu ගාව විතරයි .මේකටත් canon එකේ හරි සදහනක් නෑ තියෙන හොදම theory එක දම් පාට තියෙන කෙනෙක් force එකේ dark and light එක මැද ඉන්න කෙනෙක් කියලා ,එයාල්ගේ darkness එක එයාල්ගේ පවිච්චියට ගනන් කෙනෙක් නැත්තන්ම් එකට වහල් වෙන කෙනෙක් නෙමෙයි මේකට මෙහෙම කියන්නේ දම්පාට හැදෙන්නේ කොළ සහ රතු පාට එකතු උනාම නිසා .

මීට අමතරව තැඹිලිපාට ..ඇතුලු තව කතා නොකරපු කලර්ස් කිහිපයකුත් තියෙනවා..❤

අපි canon එකේ විදිහ කතා කරපු නිසා canon එකට අනුව jediලා හෝ sithලා lightsaber එක හදන හැටි කියන්නම් .අපි උඩ කතා කරා වගේ younglings ලා ilham වලට යන්න ඔනේ තමන්ගේ saber එක හදා ගන්න .🙂

finding kyber crystal in ilham and creating lightsaber

හැබෙයි මේක ලේසි වැඩක් නෙමෙයි මොකද force sensitive කෙනෙක්ටත් kyber එකක් හොයාගන්න ලොකු ගේමක් දෙන්න වෙනවා .🔥 younglings kyber එක ගන්නව නෙමෙයි එයාට ගැලෙපන kyber එක එයාව හොයාගන්නවා කියලා තමයි කියන්නේ (කලින් කිව්වේ …හරියට harry potter එකේ wand එක wizardව තෝරගන්නවා වගේ ).ඒකට පස්සේ youngling crystal එකත් එක්ක meditate කරනවා .මේක සමරක් විට දවසක් දෙකක හරි ඊට වඩා හරි යන වැඩක්ලු .ඒක වෙන්නේ ඒ younglings force එකත් එක්ක තියන connection එකේ ගැඹුරු හැටියට . meditate කරනවා කියන්නේ younglingsලා kyber එක force එකත් එක්ක bond කරනවා එහෙම කරාම තමයි kyber එකට එ ආවේනික පාට හම්බෙන්නේ . 🙂

darth vadar bleeding his kyber crystal

හැබෙයි sith ලා මේක කරන්නේ වෙනස්ම විදිහකට sisthලා කරන දේට කියන්නේ kyber එක bleed කරනවා කියලා මේදි එයාලා kyber එකත් එක්ක bond එකක් හදාගන්නේ නැතුව ඒකට තමන්ගේ තමන්ගේ කැමැත්ත කාවද්දනවා (ඒක බලෙන් අයිති කරගන්නවා ) එතොකොට තමයි kyber එක රතු පාට එන්නේ. මම කයිබර් බ්ලීඩින්ග් කියලා කලින් කිව්වෙ ඒක..❤

Ahsoka කෝමද එයාගේ white lightsaber එක හදා ගන්නේ එයා Inquisitors කෙනෙක් එක්ක සටන් කරනවා එතනදී එයාට සටන් කරන්න කිසිම ආයුධයක් තිබ්බේ නෑ ඉතින් එයා කරන්නේ අර Inquisitors ගේ saber overloard කරනවා එතනිදි ඒ saber දෙක පුපුරලා අර Inquisitors මැරෙනවා ඊට පස්සෙ එයා ඒ saber දෙකේ bleed වෙච්ච kyber දෙක අරන ඒක සුව කරනවා .සුදු පාටින් අදහස් වෙන්නෙ dark side එකවත් light side එකවත් නැතුව force එකත් එක්ක ශක්තිමත් බැදීමක් ඇති කරගෙන ඉන්නවා කියන එක ..🤔

ඔන්න අන්තිමට ඉවර කරන්න කලි ජෙඩායිලා සහ කයිබර් ගැන තියෙන සම්බන්දේ නැවත වතාවක් එක්ස්ප්ලේන් කරා හරියටම සනාථ කරන්න ඕනෙ නිසා..🔥

අම්මෝ …. සෑහෙන දෙයක් කතා කලා lightsabers ගැන තව කතා කලොත් ඔයාලට එපා වෙනවා ඉතින් මම මෙතනින් නවත්වන්නම් .

මේක අපි ස්ටාවෝස්‍ යුනිවර්ස් එකේ තැන් බොහොමයකතිහුන කරුනු ටික එකතු කරලා කෙටියෙන් පැහැදිලි කිරීමක් විදියට කරේ..මොකද ඔක්කොම ඩීටේල්ස් එකින් එක කියන්න ගියොත් දවස් ගානක් ලියන්න වෙනවා..සහ ඔයාට ඒක එපා වෙනවා..❤ ඒ නිසා ඔයාට සෙට් වගේනම් ගොඩක් හොයන්න කරුනු තියෙනවා..🙂

උදාහරනයක් විදියට වේඩර් එහෙම සේබර් එක හදාගන්න විදිය ගැන වෙනම ආක් එකක් තියෙනවා..ඩාක් සෙබර් එක හදන ටාර් විස්ලා වටා බැඳුන මැන්ඩලෝරියන් කතා සෙට් එකක්ම තියනවා..ඒවාට ඔයාට ක්ලෝන් වෝස් , රෙබෙල්ස් සීරිස් වගේම අනිවාරෙන්ම Star Wars Extended Univerae / Legends / canons වෙනම පොත් එහෙම තියෙනවා..🔥❤

Star Wars ගැන ඉන්ටරෙස්ට් එකක් ආවා වගේ නම්..ඒනම් බලපු නැති අය අලුතෙන් බලන්න ගමු…ඒවගේම බලපු අය තව තව මේ දේවල් ගැන හොයන්න් ගමු..හරිද ? ඉදිරියට ඔයාට මදි නොකියන්න Star Wars ෆිල්ම්ස් සීරිස් එනකොට..වෙනම ආනන්දයක් ගන්න පුලුවන් ඒකෙන්..🙂

මේ ගැන වැඩි විස්තර කතා කරන්න..ජොයින් වෙන්න අපේ HYPE Community එකට..🙂

Star Wars ගැන අපි කරපු වීඩියෝ එකක් සහ පොඩ්කාස්ට් එකක් ලින්ක් එකකුත් දානවා පහලින්..🔥 රසවිඳලා බලන්න..🤔

Video – https://youtu.be/PNZhsrNlLpg

Pocast –
https://m.facebook.com/groups/HypeZone/permalink/1649016921939063/?sfnsn=mo

ඉතින් ? ලිපිය රසවත් ද ?..ඔයාගෙ අදහස් කියාගෙන යන්න අමතක කරන්නෙපා..❤ මේ කෙටියෙන් කියපු කරුනු වලට ඇඩ් කරන්න දේවල් තියනම්..අපේ ස්ටාවෝස් එක්ස්පර්ට් ලා නිකන් බලන් ඉන්නෙපා..වහාම කමෙන්ට් කරන්න..🔥
තව ලිපි ඕනෙද මේ වගේ ?..එහෙනම් අනිවා මේක යාලුවො එක්ක ශෙයා පාරක් දාගෙන..අපිට කමන්ට් එකකින් අදහස් කියන්න අමතක කරන්න එපා..🙂

ආයෙම හම්බවෙනකන්..❤

May the force be with you everyone❤️

Leave a Reply