You are currently viewing කව්ද මේ තේනෝස්!

කව්ද මේ තේනෝස්!

ඔයත් Marvel fan කෙනෙක් නම් අනිවාර්ය‍යෙන්ම දන්න දෙයක් තමයි ලබන අවුරුද්දේ මැයි මාසෙදී රිලීස් වෙන්න තියෙන Avengers චිත්‍රපට මාලාවෙහි තුන්වන කොටස වන Avengers : Infinity War ෆිල්ම් එක ගැන….ඒවගේම ඔයාලා හැමෝම දන්නවා ඇති මේ ෆිල්ම් එකේ ප්‍රධාන villain වෙන්නෙ තේනෝස්/Thanos බව…2008දී Iron Man ෆිල්ම් එකෙන් පටන් ගත්ත Marvel Cinematic Universe/MCU එකේ දැනට රිලීස් වෙලා තියෙන හැම ෆිල්ම් එකක්ම වගේ පාර කැපුවේ මේ Avengers තුන් වෙනි චිත්‍රපටයට.එනිසාම මේ චිත්‍රපටය මාර්වල් Fansලන්ට ඉතාමත් වැදගත් චිත්‍රපටයක් වෙනවා වගේම මේ චිත්‍රපටය හරියටම රිලීස් වෙන්නේ Marvel Cinematic Universe එක පටන් ගෙන හරියටම අවුරුදු 10කට පස්සේ…!

කොහොමහරි මේ Avengers Infinity War රිලීස් වෙන්න කලින් MCU එකේ චිත්‍රපට 18ක් රිලීස් වෙලා තියෙවී.මේ ලිපිය ලියන මොහත වන විට නම් රිලීස් වෙලා තියෙන්නේ ෆිල්ම්ස් 16ක් විතරයි,මොකද Thor Ragnarok සහ Black Panther යන චිත්‍රපට දෙක රිලීස් වෙන්නෙ පිලිවෙලින් 2017 නොවැම්බර් මස සහ 2018 පෙබරවාරි මසදී.කොහොමින් කොහොමහරි මේ දැනට රිලීස් වෙලා තියෙන චිත්‍රපට හැම එහෙකම නොවුණත් කිහිපයකම අස්සෙන් පස්සෙන් මූණ දාපු චරිතයක් තමයි තේනෝස් කියන්නේ.මාර්වල්ල මේ තේනෝස් කියන චරිතයව දැනට රිලීස් වුණ චිත්‍රපටි වලදී වැඩිය පෙන්නුවේ නැහැ කොහොමටවත්,මොකද එයාලගේ ප්ලෑන් එක වෙලා තිබ්බේ මුල ඉඳලම මේ චිත්‍රපට සියල්ලක්ම යටින් දිවෙන සැඟවුනු ලොකු කතාවක් පස්සේ කාලෙකදී දිග හරින එක.ඒ සැඟවුණු කතාවේ නැතිනම් සඟවපු කතාවේ ප්‍රධාන කතා නායකයා තමයි මේ Thanos කියන චරිතය.

ඔයාල ගොඩ දෙනෙක් දන්නවා ඇති MCU එකේ චිත්‍රපට බොහොමයක් පුරාවටම කතාකරපු විශේෂිත වස්තූ 6ක් තිබුනා…මේවා තමයි Infinity Gems/Stones කියන්නේ…මේ Infinity Gems කියන්නේ විශ්වයේ විවිධ ගුණාංග නැතිනම් පැතිකඩයන් වෙන වෙනම පාලනය කරන්න පුලුවන් වස්තූන් 6ක්.එක් එක් Infinity Gems එක මඟින් එයටම විශේෂිත වූ ගුණාංගයන් දරනවා.මේ Infinity Gems 6 නම් තමයි Tesseract නමින් හඳුන්වන Space Stone එක, Aether නමින් හඳුන්වන Reality Stone එක, Orb නමින් හඳුන්වන Power Stone එක,Scepter එක තුල තිබූ Mind Stone එක, Eye of Agamotto නමින් හඳුන්වන Time Stone එක සහ තවමත් අනාවරණය නොකරපු Soul Stone එක.මේ Infinity Stones ගැන වෙනමම ලිපියකින් කතාකරන්න අපි බලාපොරොත්තු වෙනවා.

දැන් ඉතින් මේ තේනෝස් කියන හාදයා දිහාවට හැරුණොතින් මේ හාදායගේ මුල ඉඳන්නම් ප්ලෑන් එක තමයි මේ විශ්වය පුරාම පැතිරිලි විවිධ විවිධ ජීවී කොට්ඨාශ සන්තකයේ තිබෙන Infinity Stones හය කොහොම හරි එකතු කරගෙන මුලු විශ්වයේම බලය තමන් සතු කරගන්න එක…තව වැදගත් දෙයක් තියෙනවා…මේ Infinity Stones අල්ලන්න පුලුවන් ඉතාමත් බලසම්පන්න පුද්ගලයන්ට විතරයි…ඒ නිසාම මේ Infinity Stones වෙනත් වස්තුවක බහාලලා තමයි තියෙන්නේ.හරියට Tesseract එක තුල Space Stone එක තියෙනවා වගේ…Guardians of the Galaxy 1 ෆිල්ම් එකෙදී පීටර් ක්විල්ට Power Stone/Orb එක ඉතාමත් අමාරුවෙන් හරි අල්ලන්න පුලුවන් වෙන්නේ කොහොමද කියලා අපි Guardians of the Galaxy 2 ෆිල්ම් එකෙදී දැනගන්නවා…ඒ තමයි පීටර්ගේ තාත්තා වෙන්නේ ඉතාමත් බලසම්පන්න ජීවී කොට්ඨාෂයක් වෙන Celestial කෙනෙක් වීම.ඉතින් මේ තේනෝස් කියන හාදයා Infinity Stones හයම තමන් නතු කරගන්න උත්සාහා දරනවා නම් එයා කොහොම කෙනෙක් වෙන්න ඕනෙද…!

ආයේ කතා දෙකක් නැහැ තේනෝස් කියන්නේ ඉතාමත් බලසම්පන්න කෙනෙක්…ඒක ඉතින් අපි Infinity War ලීක් වුණ trailer එකෙන් හොඳටම දැක්කනේ… 😃 අපි තේනෝස් ගේ වත ගොත දැනගන්න කලින් කව්ද මේ Celestialsලා කියන්නේ කියලා දැනගෙන ඉන්න ඕන…කියන්නේ ඉතාමත් බලසම්පන්න දෙවියන්ට මෙන් බල ඇති ඉතාමති ආදී ජීවී කොට්ඨාශයක්…Marvel Universe එකට අනුව හොඳද 😃 Guardians of the Galaxy 1 ෆිල්ම් එකෙදී අපිට මේ Celestial කෙනෙක්ව පැහැදිලිවම දකින්න ලැබෙනවා..එතනදී අපිට දකින්න ලැබෙන්නෙ Eson : The Searcher කියන Celestial ජීවීයාව.ඒවගේම Guardians of the Galaxy 2 ෆිල්ම් එකෙදී අපි පීටර් ක්විල්ගේ තාත්තා වන ඊගෝ/Ego කියන Celestialවරයා ගැනත් ගොඩක් දේ දැනගන්න ලැබෙනවා.කොහොමහරි කොමික් පොත් වල තියෙන විදිහට මේ කියන Celestial ජිවීන් මීට වසර ගණනාවකට කලින් පෘතුවියට ඇවිත් තියෙනවා.එහෙම ඇවින් මනුෂ්‍යයන්ව යොදාගෙන ජානමය පරීක්ෂණ සිදු කරලා ජීවී කොට්ඨාෂ දෙකක් නිර්මාණය කරලා තියෙනවා…මේ ජීවී කොට්ඨාෂ දෙක තමයි Deviants සහ Eternals.

මේ Celestialලා සිදුකරපු ජානමය පරීක්ෂණවල වැරදි ප්‍රතිඵලය තමයි Deviants.මොකද අලුතින් බිහිවුණ හැම Deviants පරම්පරාවක්ම විරූපී සිරුරක් හිමි අමනුෂ්‍යයන් මෙන් වුණා.ඒවගේම මේ පරීක්ෂණ වල නිවැරදි ප්‍රතිඵලය වුණේ Eternalsලා.කොහොමහරි මේ Eternalsලව දෙවියන්ගේන් ලැබුණ දරුවන් ලෙස තමයි හැඳින්වූයේ.සරලවම කිවෝතින් Eternalsලා කියන්නෙ කොටසක් වන Celestial සහ කොටසක් මනුෂ්‍ය වන ජීවී කොට්ඨාෂයක්.මොවුන් හැඩරුවින් මනුෂ්‍යයන්ට බෙහෙවින් සමාන වුණා.මේ අනුව ෆිල්ම්ස් වල ප්‍රධාන චරිතයක් වන පීටර් ක්විල් කෙනෙක් ලෙස හැඳින්වූවත් වරදක් නැහැ.කොහොම වුණත් කොමික් පොත් වල මේ Celestialලා Eternalsලා ගැන තියෙන කතා සහ MCU එකේ ෆිල්ම්ස් වල තියෙන කතා වල සුලු සුලු වෙනස්කම් තියෙනවා.මේ ලිපියේ තේනෝස් ගැන කතාකරන දේවලුත් අපි කොමික් පොත් අනුසාරයෙන් ලබාගත්තු ඒවා.MCU ෆිල්ම්ස් වලදී තේනෝස් ගැන කතාකරන දේවල් කොමික් පොත් වල දේවල් වලින් වෙනස් වෙන්නත් පුලුවන්…

කොහොමහරි පස්සේ කාලයකදී මේ Eternalsවරු මේ පෘතුවිය හැර ගිහිල්ලා සෙනසුරු ග්‍රහයාගේ උපග්‍රහයෙක් වන ටයිටන් චන්ද්‍රයාහි ජානාවාස පිහිටුවා ගන්නවා…කොමික් පොත් වලට අනුව තේනෝස් ඉපදෙන්නේ මේ ටයිටන් චන්ද්‍රයාහිදී.ඒ අනුව තමයි ඔහුට Thanos the Mad Titan කියන නම හැඳෙන්නත් ඇත්තේ.ඒ Sui-San සහ Alars යන Eternalsවරු දෙදෙනාට දාව.ඒවගේම තේනෝස්ගේ සීය වුණේ ක්‍රෝනෝස්.ඔහු පලමු Eternalsවරුන්ගෙන් එක්කෙනෙක්.කොහොම වුණත් තේනොස්ව හඳුන්වන්නේ විරූපී ලමයෙක් විදිහට.ඒ මොකද ඔහු Eternalවරයෙකු ලෙස ඉපදුණත් ඔහු තුල විකරණය වූ Deviant ජානයක් තිබුණා.මේ නිසා ඔහු පෙනුමෙන් Deviant කෙනෙක් මෙන් වුණා.නමුත් සැබවින්ම ඔහු Eternal කෙනෙක්.

ඉතින් දැන් ඔයාලට හිතාගන්න පුලුවන් ඇති Infinity Stones හයම තමන් සතු කරගන්න දත කන මේ හාදයා මෙච්චර බලවත් වුණේ කොහොමද කියලා.කොහොමවුණත් අපි මෙතනදී තේනෝස් ගේ සම්භව්ය ගැන කීව කරුණු උපුටා ගත්තේ කොමික් පොත් ආශ්‍රයෙන්.Avengers Infinity War නිර්මාපකයන්ට අනුව නම් ෆිල්ම් එක ගොඩක් දුරට දිවයන්නේ තේනෝස්ගේ දෘෂ්ඨි කෝණයෙන්.ඒ අනුව අපිට එම චිත්‍රපටයේදී තේනෝස්ගේ සම්භවය පිලිබඳ කතාවක් බලාගන්න බොහෝදුරට හැකියාව ලැබේවී.කොහොම වුණත් ෆිල්ම් එකෙදී තේනෝස් ගේ සම්භවය කියන විදිහයි කොමික් පොත් වලදී ඒක කියන විදිහයි ගොඩක් වෙනස් වෙන්නත් ඉඩ තියෙන බව අපි මෙතනදී මතක් කරනවා.!

Leave a Reply