You are currently viewing Wanda මාවල් යුනිවර්ස් එක විනාශ කරයිද ?

Wanda මාවල් යුනිවර්ස් එක විනාශ කරයිද ?

Marvel යුනිවර්ස් එකම වෙනස් කරපු එකී..😮

දන්නවද wanda කොච්චර powerful ද කියලා ? 😮

ගොඩක් mcu පැත්තට විතරක් බර කෙනෙක් නම් වොන්ඩා එහෙම නැතිනම් ස්කාලට් විච් කියන්නෙ නිකන් රොබෝ කෙනෙක් එක්ක ජිගි ජිගියක් දාලා මන්ද ගහලා ඉන්න ඉමෝ කෑල්ලක් විදියට..🔥 හැබැයි මේක කියවලා ඉවරවෙනකොට ඔයා වොන්ඩා ගැන තියෙන මතය වෙනස් කරගන්නවා සත්තයි..💯 එහෙම වුනොත් කෙලින්ම වොන්ඩා විශන් ඩවුන්ලෝඩ් කරලා බලන්න..මොකද ඉස්සරහට එන්න තියෙන්නෙ මාවල් යුගයේ සුපිරිම කාලයක්..🔥

ඒ වගේම මේක කියවපු කෙනෙක්ට කියන්න තියෙන්නෙ..😮 ඔයා එල පොරක්..😂

මේ කතාව..මේක හෙන පිස්සුවක් …..🤩🤩 තනිකරම පිස්සුවක් .අද මට උබල එක්ක marvel universe වෙච්ච සිරාම සීන් එකක් කතා කරන්න හිතුනා.. 😍

මේක නිකන් marvel universe එක අලුතෙන් පටන් ගත්තා වගේ සීන් එකක් (ඔක්කොම නැති උනත් භාගයක් හරි).සහ මේ දවස් වල wanda vision බලන අය දැනගෙන ඉන්න ඕනෙම දෙයක් .සමහර අයනම් කිවුව ගමන්ම දන්නවා ඇති මෙ මොකක්ද කියලා 😀.

අද මම කියන්නේ යන්නෙ house of M සිදුවීම ගැන marvel universe එකේ සිද්ද උන 😎.

මේක කොච්චර සිරාද කියනවනම් marvel ලගේ stock price පවා වැඩි උනාලු house of M event එකෙන් පස්සේ .හිතල බලන්නකෝ මේ සීන් එක කරල තියෙන වෙනස ඉතින් 😀.කලින්ම කියන්න ඕනේ මම ඔක්කොම කතා කරන්න යන්නේ නෑ 😶 .මම කතා කරන්නෙ සීන් එකේ සමස්ථ තේරුම .මොකද උබල comic එකෙක් හරි මේක කියොලා comic කියවන්න පටන් ගත්තොත් එක තමයි මගෙ සතුට 😍.

හරි එහෙන්ම් දකුණු කකුල පෙරට තියලා වැඩේට බහිමු .house of m සීන් එකට කලින් යන event එක තමයි avengers disassemble ඉතින් මේකෙදි avengersලා වෙන්වෙලා යනවා 😒.වෙන්වෙලා යන්න හේතුව මොකක්ද දන්නවද ? උන්ට සල්ලි නැතුව යනව 😂😂. මේ සිරා හරිද 😂(මෙහෙමයි මෙතන ඊට වඩා දේවල් තියෙනව මම ඔය කිව්වුවේ එක කාරනාවක් ).එක වෙන්නේ කොමද කියලා උබල හොයල බලපන් .මේක කරන්නේ ඇත්තටම wanda මොකද එයාව convince කරනවා එයගෙ ළමයි avengersලා ගත්තා කියලා,හොදම වැඩේ මොකක්ද දන්නවද wandaට ළමයි හිටියේ නෑ එතකොට ,එයාට ළමයි හිටියා කියලත් එයව convince කරනවා (කරන්නෙ කවුද මොකද වෙන්නෙ කියල බලන්න comic කියවන්න වෙනවා 😀) .මේ සීන් වලින් පස්සෙ magneto ඇවිල්ල wandaව අරන් යනවා genosha වලට එයාගේ අසනීපේ හොද කරන්න ,අසනීපයක් කිවුවට එයාට තියෙන්නේ මානසික වියාකූලතාවයක් හැබැයි ලෙඩේ හිතුවට වඩා බරපතලයි .

ඉතින් ඔය magneto wandaව ගෙනියන තැනෙන් තමා house of M පටන් ගන්නේ .ඔන්න ඔය සීන් වලින් පස්සේ පෙන්නනේ wanda twinsල දෙන්නෙක්ට birth එකක් දෙන එකක් එය ඉන්නෙ පට්ට හැපි එකෙ ,vision ඉන්නව quick silver ඉන්නව එයගේ තාත්තා ළග ඉන්නව ,wanda වැඩියෙන්ම ආදරය කරන අය තමයි එතන ඉන්නේ ,මෙහම් සතුටින් ඉද්දි එක පාරටම professor x ඇවිල්ල wandaට කියනව මේ කරන වැඩේ නවත්තවන්න ,ඔයා ඔයාටත් ඔයාගේ powers වලත් කරගන්නේ හනියක් කියලා 🤯🤯.මෙතන වෙන සීන් එක තේරුනාද? wanda reality එක වෙනස් කරනවා එයාටඔනේ විදිහට ,ඉතින් මෙතනින්ම හිතා ගන්න wanda කියන්නෙ කොච්චර powerful mutant කෙනෙක්ද කියලා .ඉතින් professor x මෙතනට එන්නේ wandaව හොද කරන්න ,එයාට බලය පාලනය කරන හැටි කියලා දෙන්න ඒත charles (professor x) තේරුම් ගන්නවා එයාටවත් wandaව පාලනය කරන්න බැරි තරම් powerfull කියලා සහ එයගේ mind එක අවුල්වෙලා කියලා ඉතින් Charles magnetoට කියනවා කරන්න තියෙන හොදම වැඩේ wandaව මරන එක කියල .

හිතන්නකෝ professor freaking x කියනවා කියන්නේ එයගේ powers control කරන්න බෑ කියලා 😮😮 leagon ගේ powers එක්ක හැප්පුන මනුස්සයා මේ .තව පොඩි දෙයක් උබල දන්නවනේ wanda ගේ powers කොයි වගේද කියලා එ දන්නෙත් මෙන්න මේ evenet එක නිසා .මේ event එකට කලින් wanda කියන්නෙ ලොකු චරිතයක් නෙමෙයි .මේකෙන් තමයි wandaගේ හරි powers පෙන්නන්න් ගන්නේ මේකත් ලොකු හේතුවක් house of m event එක ගොඩක් ජනප්‍රිය වෙන්න .

හරි දැන් ආයේ කතාවට ,magneto එක්ක කතා කරාට පස්සෙ Charles දැනට ඉතුරුවෙලා ඉන්න avengersලවයි x-menලා සෙට් එකයි එකතු කරගෙන මේ සම්බන්දව කතා කරනවා .මේ අතර quick silver එනවා magnetoව හොයන් එයා තාත්ටට කියනව කට්ටිය wandaව මරයි මොනාහරි කරන්න ,එයාව මරන්න දෙන්න එපා. කියලා පෞද්ගලික මම පට්ට ආස නැතක් මේක මොකද emotions කියන එවා කතාවක් ඇතුලෙ හසුරුවන්න ලේසි පහසු නෑ ,අනික super hero comic එකක් ඇතුලේ .ඔයලා දන්නවා ඇති wanda and quick silver දෙන්නගේ සහෝදර කමේ ගැඹුර එක හොදට බලාගන්න පුලුවන් MCU එක ඇතුලේ ,ඒත් දැකල තියෙනවද magentoගෙ emotions අපි ගොඩක්ම එයාව දන්නේ කරුණාවක් නැති හතුරෙක් විදිහට,එහෙම වෙන්නත් පුලුවන් comic වල උනත් එයා humansලා and mutantලට වැඩිය කිට්ටු නෑ (ඔවු mutatලා වෙනුවෙන් සටන් කරනවා තමා ඒත් එයා ගොඩක්ම හුද කලා මනුස්සයෙක් )ඒත් මෙතනදි එයගේ ඇතුලාන්තය ලස්සන්ට පෙන්නවා ,එක පැත්තකින් මුලු multiverse එකටම තර්ජනයක් වුන scarlet witch ,එකම විසදුම එයාව මරණ්a එක ,අනිත් පෙත්තෙන් කිසිම දෙයක් හිතාගන්න බැරුව තමන්ගේ දුවගේ ජීවිතය බේර ගන්න කල්පනා කරන තාත්තා කෙනෙක් 😕 (මම හිතනවා තාත්තා කෙනෙකුයි දුවෙකුයි අතර තියෙන බැදීම අමුතුවෙන් කියන්නඔනේ
නෑ කියලා )ඉතින් මෙතනදි එයා මොනා කරන්න්ද wandaව මරන්න එන අයව මරන්නද නැත්තම් multiverse එකම විනාස කරන්න යන wandaව මරන්න්ද ?

ඔය අතරේ අනිත් පැත්ටෙන් කට්ටිය තීරණයකට එනවා wandaව මරන්න කලින් අඩුම ගනේ අපි එයගෙන් අහල බලමු එයා මේ තීරණ්ය ගැන හිතන විදිහ (චිට්ටක් විතර මොඩයි වගේ නේ එතන ).ඉතින් xmenලයි avengersලයි යනවා genosha වලට හැබැයි එතනට් යද්දි එ තුන්දෙන එතන නෑ ,කට්ටිය එයාලව හොයද්දි එක එක super herosලව vanish වෙලා යනවා කට්ටියම බලනව මොකක්ද මේ වෙන්නේ කියලා මුකුත් හිතාගන්න බෑ 😐 ඔතනින් ඉස්සෙල්ලාමනැති වෙන්නේ professor x ඔහොම ඔහොම ගිහින් අනිතිමට නැති වෙන්නේ spider man 🤔.දැන් උබලා බලනව ඇති ඇයි කට්ටිය vanish කියලා (thanosවත් ඇවිල්ලද 😂).අර කලින් වගේ wanda reality එක වෙනස් කරනවා ,හැබැයි කලින්ටත් වඩා ලොකුවට කොටින්ම කිවොත් කටවත් මතක නෑ පරන දේවල් දෙන්නෙක්ට ඇර (එ දෙන්න ගන ඉස්සරහට කතා කරමු).තනිකර reality එකම උඩුයටිකුරු wanda මෙතනදි .

ඉතින් spider man vanish උනාම පස්සෙ ඊලග කෑල්ල යන්නේ එයා peter නිදාගෙන නැගිටින එකකින් ,එයා නැගිටින්නෙ ළමයෙක් අඩන සද්දෙට ඉතින් මෙ අඩන ළමය peterගේ ළමයා ,peter guwenව බැදල හම්බුන ළමයා 😮😮. ඔලුව අවුල් ගියාද ?😕 ඉන්න මම පැහෙදිලි කරන්නම් wanda reality එක වෙනස් කරලා හදල තියෙන්නෙ හැමෝගෙම හොදම හීනේ සැබෑ උන reality එකක් ඉතින් peter ගේ සතුට තමයි guwenව බැදලා සතුටින් ඉන්න එක ,ඉතින් මේ reality එකේදි එයාට එක ලැබිලා ,එ විතරක් නෙමෙයි peterගේ uncle ජීවත් වෙනවා, ඔයවගේ ගොඩක් අයට තමන්ගේ ආසම ,සතුටුම දේ තියෙන reality එකක් හම්බෙලා තියෙන්නෙ සමහරක් අයටන්ම් අවුල් හැබැයි .

ඔයාලට මම කිවුවනේ දෙන්නෙක්ට විතරක් මේක මතක තිබ්බා කියලා එයාලගනින් එක්කෙනෙක් තමයි wolverine .ඇයි එයාට හැමදේම මතක තියෙන්නෙ එයා විශේෂද ?නෑ විශේෂනෑ 🤷‍♂️.හැබැයි wanda මේ හදපු reality එකේ මම කිවුවා වගේ හැමෝගෙම හිතේ තිබ්බ ආසම දේ තමයි ඇත්ත වෙන්නෙ ඉතින් wolverine කැමති එකම එක දෙයයි තිබුනේ , ඒ එයගේ wepon x එකට කලින් දේ මතක් කරගන්න ,කලින් සිද්ද උන කිසිම දෙයක් අමතක නොවෙන එක ,ඉතින් මේ wanda හදපු reality එකෙ එයාට එක ලැබෙනවා😊 .ඉතින් wolverineවුත් peter වගේ නැගිටිනවා හැබෙයි එයාට හැම දේම් මතකයි එයාට වෞල් මෙක නිසා එයා ඉන්නේ එයගෙ wife එක්ක ඒ වෙන කවුරුත් නෙමෙයි mystique .මෙයාට තේරෙනව මෙතන මොකක් හරි අවුලක් තියෙනවා එයා ඉන්නෙ හරි reality එකේ නෙමෙයි කියලා .ඊට පස්සෙ මෙයා එලියට එද්දි මෙයා ඉන්නේ helicarrier එකක එකත් shield එකට අයිති එකක් නෙමෙයි magnetotට අයිති එකක් .දැන් ඉතින් මෙයාට මොගල් වගේ ඉතින් මෙයා කරන්නෙ මොකදවෙලා තියෙන්නේ කියලා දැනගන්නඔනේ නිසා යනව මෙයාට හිතවත්ම කෙනා මුණගැහෙන්න ,මෙයා යන්නේ x mansion එක charles ව් හොයාගෙන මාම හිතවත්ම කෙනා කියලා කිවුවේ wolverine කාවවත් විශ්වාස කරන්නෙ නෑ අනිත් අය වගේ එකයි ).අහ් තව දෙයක් මෙකා heli
carrier එකෙන් බිමට පයිනවා හරිද 😮😂 plane එකකින් නෙමෙයි බිමට එන්නේ. badass wolverine 😎

ඉතින් මෙයා යනවා x mansion එකට ලොකු sir ව හොයාගෙන ,මෙකා යන්නෙත් රෑක වගේ ගිහින් බලද්දි කවුරුත් එතන නෑ chalresවත් වෙන mutantsලවත් එතන නෑ එතන ජීවත් වෙන්නෙ සාමාන්‍ය පවුලක් .එ මිනිස්සුත් බය වෙනව ඇයි මේ.කවුද මේ මහ රෑ අවේ කියලා , wolverineඊට පස්සේ වෙන තැනකට ගිහින් ගිහින් හොයලා බලනව Charlesට මොකද් උනේ කියලා එයාහොයා ගන්නවා charles Xavier කියල කෙනෙක් මේ reality එකේ නෑ කියලා 🤔. wolverine දැන් මොනාද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඇවිද ඇවිද ඉද්දි මෙආයව හොයන් එනවා mystique යි එයාගෙ සෙට් එකයි අර මම ක් ඉන් කිවුවේ wolverine helicarrier එකේ ඉදන් පයිනවා කියලා එකේ ඉන්න සෙට් එකේ නයකයා තම wolverine (මේ reality එකේ team x වගේ මෙයාලා )ඉතින් මෙයාට එන්න කියනවා එයාල එක්ක යන්න ඔතන්දි wolverine කැමති වෙන්නෙ නෑ මෙකා ඉතින් යන්න යද්දි අරුන් මෙයාව නවත්තන්න හදනවා . wolverine ඔතනින් පැනලා යනවා යද්දි එක පාට්ට සෙට් වෙනවා cloakව(cloak and dagger ) ඉතින් මෙයාඅ අරං යනවා luck cage ගාවට මෙ reality එකේ luke කියන්නෙ මැර කල්ලියක් තියෙන කෙනෙක් .මෙහෙමයි ඒක මැර කල්ලියකත් වඩා හරි දේ කරන්න යන ඇත්ත එනුවෙන් පෙනිසිටින අයව ආරක්ෂා කරන තැනක් වගේ refuge camp එකක් වගේ underground level එකේ තියෙන .🔥

ඉතින් ඔය අතරේ luke wolverineට හදුන්වා දෙනව ළමයෙක් lela miller තමයි එයගේ නම මෙයා කතාවේ plot එක කුවොත් හරි මොකද් මෙයා තමයි අනිත් කෙනා wolverine ඇරෙන්න කලින් උන දේවල් මතක තියෙන හැබැයි අපිට මෙයගේ powersමොනා ඇයි මෙයා ඉන්නේ එක් කිසිම දෙයක් පෙන්වන්නේ නෑ .ඉතින් මෙතනින් පස්සේ වෙන්නෙ එක එක කෙනාව නැගිට්ටවන එක (කලින් reality එක ගැන මතක් කරලා දෙන එක ).ඉතින් wolverineයි කට්ටියයි යනවා ඊලගට ema frostව හම්බෙන්න මේ reality එකේ ema frost & cyclops couple එකක් .ඉතින් එමා ආවට යන්නේ එයා Charles වගේම හොද psychic කෙනෙක් ඉතින් මෙයාව නැගිට්ටුවට පස්සේ මෙයා හොයගන්නවා Charles නැත්තේ ඇයි කියලා. wanda charles ගේ mind එක පාවිච්චි කරලා තමයි මේ reality එක හදලා තියෙන්නෙ .එයාගේ mind එකෙන් තමයි ලොකේ ඉන්නා හැම කෙනාගෙම යටි හිතේ තියෙන ඒ තමන් කැමති දේ හොයගෙන තියෙන්නෙ 🤯🤯.ඉතින් charles ඉතුරු වෙන්නේ කෝමද මෙකෙන් .

ඊට පස්සෙ ema frost කියනවා මේ හැමදේම කරන්නේ ඇත්තේ magneto එයාට හැමදාම ඕනෙ උනෙ හැමදේම පාලනය කරන්න wandaලවා මෙහෙම දෙයක් කරල තියෙන්නේ එකයි අපි එයාව මරන්නඔනේ කියලා.ඉතින් කට්ටිය කරන්නේ දැන් එක එක්කෙනාව නැගීටනවා ඔහොම spider man,dare devil වගේ හැමෝවමව නැගිට්ටනවා ,මෙතන්දි hawleyeව සෙට් වෙනවා ,මම ඔයාලට අර උඩ කිවුව avengers disassemble event එකේදි hawkeye මැරෙනව ඉතින් මෙතනදි එයාට පරන උන දේවල් මතක් උනාම wanda එක්ක එන තරහයි , මෙ උන දේවල් දාරගන්නයි බැර්ව එයා යනවා එතනින් .අහ් තව අර මම කිවුව mystique team එකවත් මෙයාල නැගිට්ටවනවා පස්සේ මෙයාල ඒ helicarrier හොරෙන් අල්ලගෙන එතන මෙයාල්ගෙ operation station එක කරගන්නවා .ඉතිං මෙයාලාගේ plan එක වෙන්නෙ house of magnus (magneto ඉන්න තැන [මේක නිසා තමමා house of m කියලා event එකට නම වැටෙන්නේ ]) එකට ගිහින් magnetoට කියලා කෝම හරි හැමදෙයක්ම තිබුන විදිහට හදන්න 🤷‍♂️

ඉතිං මෙ herosලයි villainsලයි සෙට් එකම magnetoge මාලිගාවට පහර දෙනව එක පාර (මේ වෙලාවෙ ලොකු party එකක් යනවා magnetoගේ ගෙදර ) මෙයලා මෙහෙම එක පාර පහර දෙන්නෙ ema frost සහ lela miller කාටව්ත් නොදැනෙන්න හොරෙන්ම පිටි පස්සෙන් යන නිසා මේ දෙන්න යන්නේ charlesගේ මිනිහ හොයන්න එත් මෙයාලා හොයාගන්නේ ස්මාරකයක් Charles වෙනුවෙන් ඉදිකරපු ,මේත් එක්කම dr.strang යනව wandaව හොයාගෙන ,මෙයාට wandaව හම්බෙනව කාමරයක් ඇතුලේ ඉන්නවා එයාගෙ ළමයි දෙන්නා එක්ක .strange මෙතනට ගිහින් කියනවා wanda මේක නවත්තන්න ඔක්කොම හරි විදිහට හරි ගස්සන්න ඇයි මෙහෙම කරන්නේ ,සහ එයාගෙන් අහනවා කෝ Charles එයාට මොකද කරේ කියලා .😮

ඉතිං මෙතන්දි තමයි wanda ඇත්ටම උන seen එක පෙන්නන්නේ strangeට .අර මම් උඩ කිවුවේ quick silver magneto ලගට ගිහින් wandaව බේර ගන්න කියනව කියලා එතනින් එ දෙන්නා ගියාට පස්සේ quick silver wanda ගාවට ගිහින් කියනවා ,ඔයාව මරන්න එනවා ඒත් ඔයාට මේක වෙනස් කරන්න පුලුවන් කවුරුත් මැරෙන්න ඔනේ නෑ ,ඔයා මේ reality එක වෙනස් කරන්න අපි හැමෝම ආස හැමෝම සතුටින් ඉන්න reality එකක් හදන්න කියල 😮😮😮.එතකොට මේදේවල් කරලා තියෙන්නේ quick silver මිසක් magneto නෙමෙයි 🥴.වරදි දෙයක් කරත් ඒක එයා කරන්නෙ නරක හේතුවකට නෙමෙයි හැබැයි තමන්ගේ අක්කට තියෙන ආදරෙට 😊.

දැන් තමයි හොදම කෑල්ල මේ හැම දෙයක්ම ema අහං ඉන්නේ ඉතින් මෙයා තේරුම් ගන්නව magnetoත් මේ වෙන දේවල් දනේ නෑ කියලා ,ඉතින් ema magnetoවත් නැගිට්ටනව ,එතකොට magnetoට ඔක්කොම මතක වෙනව් කලින් උන හැම දෙයක්ම සහ එයාට තේරෙනවා එයාගෙ පුත කරලා තියෙන විනාශය .පොරට මේකට මාර විදිහට තරහ යනව මම හිතන්නේ මම දැක්කමයි magnetoට ඔච්චර තරහ ගිහින් ඉන්නාවා comic එකක 😶😶.

එයා කෑ ගහනවා “what have you done in my name ,boy?”කියලා quick silverට මෙතනම් පිස්සුවක් මේ කෑල්ල කියවද්දි සිරාව්ටම goosebumps ආවා 😍😍.ඉතිං මෙතනදදි magneto කොච්චර මලපයිනද කිවොත් quick silverව මරලා දානව 😈.ඉතිං quick silverව මැරුවම wanda මානසිකව වැට්නව සහ මල පයිනව එයාව control නැතුව යනව (මොකද හැම තිස්සෙම wanda ගාව හිටියේ quick silver එ දෙන්න අතරේ තිබ්බෙ පුදුම බැදූමක් ).මෙන්න මේ තැන තමයි marvel මුලු ඉතිහාසයේම wanda ගොඩක්ම බලවත් උන තැන (marvel comic වල superherosලා තමගේ බලයේ උපරිමේට යන්න උදවු වෙන්නේ emotions ගොඩක් වෙලාවට,ඉතිං මේ වෙලාවෙ wanda ඉන්නේ හිතාගන්වත් බැරි වේදනාවකින් සහ තරහකින් ).wanda කොච්චර තරහින්ද ඉන්නෙ කිවොත් magneto කතා කරද්දි reality එක වෙනස් කරනවා magnetට කටක් නැති විදිහට 😐😲.ඔයාලට මම මෙහෙම කිවුවට මම හිතන්නේ නෑ wanda ඉන්න තත්වය තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා 100%ක්ම ,එක නිසා අනිවාරෙන් comic එක කියවන්න .

මෙතන තව එක දෙයක් තියෙනවා wandaට කලින් උන හැම දේම මතකයි ඒ හැම දෙයක්ම එයාට ගෙන්නේ වේදනාවක් ඉපදිමේ ඉදලා එයාගේ පණ වගෙ හිටපු මල්ලි මැරන තැන දක්ක්වා😔 .ඉතිං මේ දේවල් දරා ගන්න පුලුවන් මට්ටමක් නෙමෙයි එයා ඉන්නේ .මේ උන දේවලුයි කලින් වෙච්ච දේව්ලයි හැම දෙයක්ම පුදුමාකාර වේදනාවක් ගෙන්නේ එයාට .එයාට අනුව මේ හැම දේකටම හේතුව එකම එක දෙයයි ඒ තමයි එයා mutant කෙනෙක්වෙලා ඉපදුන එක .ඉතිං එයා එකම දෙයයි කියන්නේ ඒ තමයි “no more mutants” කියලා 😶.

එයා ඒකකිව්ව ගමන්ම හැම දේම පරණ reality එකට යනවා හැබැයි එක දෙයක් වෙනස් වෙනවා ඒ තමයි mutans population එකෙන් 98%ක්ගේම බලය නැති වෙනවා.wanda කොච්චර powefull වෙන්න ඇතිද එක වචනයකින් mutant population එක නැති කරලා දාන්න 🤯🤯.ඉතිං මෙතනින් පස්සෙ හරියටම ඉතුරු වෙන්නෙ mutantලා 198 දෙනයි අනිත් හැමෝම සාමාන්‍ය මිනිස්සුවෙලා ඉතිං ema frost x mansion එක mutant refugee camp එකකට හරෝනවා මේකට පස්සේ ඒ ඉන්න අයව බලා ගන්න .මේක නිසාම තමයි avengers civil war 1 එකේදි mutantලා පේන්න නැත්තේ ema and cyclops කැමති වෙන්නේ නෑ ඉන්න ටිකත් නැති කරගන්න .ඉතිං ලොකුම ප්‍රශ්නය කෝ wanda කියලා එයාවහොයා ගන්න නෑ කවුරුත් දනේ නෑ එය කෝ කියලා ,ඒ විතරක් නෙමෙයි charlesඋත් නෑ (එයා මැරිලා කියලා තමයි කට්ටිය හිතන්නේ ),,හැම දේම තිබුන විදිහට hඅරුනට කලින් reality එකේ සතුටින් හිටපුවා හැමෝටම මතකයි 😐, wolverineටත් ඒ පොඩි කාලේ ඉදන් උන දේවල් මතකයි

ඉතිං හැම දේම තිබුන විදිහට හැරුනට හැම දේම දැන්ගොඩක් වෙනස් කොටින්ම කිවුවොත් උඩුයටිකුරුවෙලා .marvel universe එකම එක පැත්තකින් අලුත්වෙලා තව පැත්තකින් බැලුවොත් ඔක්කොම නැතිවෙලා .මේක මම කියෝපු පට්ට comic එකක් marvel universe එක වෙනස් කරපු comic එකක් .ඉතිං මම ඔයාලටත් කියනව මේක try කරන්න කියලා එහෙනම් මම මෙතනින් මේක ඉවර කරනවා .පොඩි දෙයක් කියන්නම් ම්ම ඔයාලට මේ කිවුවේ House of M evenet එකේ හරිම පොඩි දෙයයි .මූලික දේවල් තමයි මම කිවුවේ මීට වඩා ගොඩාක් දෙවල් මෙකේ ඇතුලේ වෙනවා ගොඩක් දේවල් මේකින් පටන් ගන්නවා 😍.

මේ ගැනත් හිතන්න ටිකක් ශක්තිය කියන දේ එක පාරට vanish වෙන්න විදිහක් නෑ මේ විශ්වයෙන් එක මොකක් හරි දේකට වෙනස් වෙන්න ඔනේ නේද ?එතකොට mutant powers කියන්නෙත් ජීවින්ගේ අගේ තියෙන ශක්තියක්නම් එක එක පාට vanish වෙන්න පුලුවන්ද ?එහෙම බැරිනම ඒවට මොකද උනේ 🤷‍♂️🤷‍♂️

ඔයාලා House of M event එක කියවන්න ආසනම් යටින් දාන පිළිවලට කියවන්න ගන්න

· Excalibur #13-14 (prelude)
· House of M #1-2
· Fantastic Four: House of M #1
· Spider-Man: House of M #1
· Iron Man: House of M #1
· House of M #3
· Incredible Hulk #83
· Uncanny X-Men #462
· Mutopia X #1
· Spider-Man: House of M #2
· House of M #4
· Cable & Deadpool #17
· Incredible Hulk #84
· The Pulse #10
· New X-Men #16
· Fantastic Four: House of M #2
· Iron Man: House of M #2
· Uncannly X-Men #463
· House of M #5
· New Thunderbolts #11
· Incredible Hulk #85
· Mutopia X #2
· Spider-Man: House of M #3
· Black Panther #7
· New X-Men #17
· Fantastic Four: House of M #3
· Iron Man: House of M #3
· Exiles #69
· Incredible Hulk #86
· Uncanny X-Men #464
· Mutopia X #3
· Captain America #10
· Exiles #70
· Spider-Man: House of M #4
· New X-Men #18
· Wolverine #33
· Uncanny X-Men #465
· House of M #6
· Mutopia X #4
· House of M #7
· Wolverine #34
· Exiles #71
· New X-Men #19
· Wolverine #35
· Spider-Man: House of M #5
· House of M #8
· Giant Size Ms. Marvel #1

මේ ගැන අපි දාන පලවෙනි ලිපිය නම් නෙවේ මේ..ඉතින් තවත් දවසකට තවත් රස කතාවක් තියලා ඕන් අද එක ඉවර කරනවා. 💯

ඉතිං ඔයාලා මේක ආසාවෙන් කියෙවුවන්ම් තවකාට හරි කියවන්නත් share පාරක් දාන්න 🤗.

එහෙනම් guys මම කැපුනා ❤.

Marvel #HouseofM

Leave a Reply