You are currently viewing Thorගෙ මිටිය හෙවත් Mjolnir ගැන නොකී කතාව

Thorගෙ මිටිය හෙවත් Mjolnir ගැන නොකී කතාව

ඔයත් මාර්වල් ෆෑන් කෙනෙක් නම් අනිවා මේ මිටිය හොඳට දැකල පුරුදු ඇති….MCU එකට අනුව පෘතුවිවාසීන් විසින් දෙවියෙකු ලෙස සලකන තොර් සතු ප්‍රභලතම අවිය වනුයේ මෙම Mjolnir එකයි.

Mjolnir එක ගැන අද මම මේ කතාකරන්න යන කතාව අපිට MCU ෆිල්ම්ස් වලින් නම් තවම දැනගන්න ලැබුණේ නැහැ හරි හැටිම….මම අද මේ කියන්නේ කොමික් පොත් වල තියෙන, ගොඩාක් අය නොදන්න හැබැයි ගොඩාක් රසවත් කතාවක් කියන එකත් මම මුලින්ම මතක් කරල ඉන්න ඕන…

අපි හැමෝම දන්නවනේ තෝර් පෘතුවියේදී ඇවෙන්ජර් කෙනෙක් ලෙස සැලකුවත් එයාගේ මව් ග්‍රහලෝකය මේ පෘතුවිය නෙමෙයි.ඔහුගේ මව් ග්‍රහලෝකය තමයි ඇස්ගාර්ඩ්.තෝර් කියන්නේ ඇස්වගාර්ඩ් වල රජ කුමාරයා.ඔහුගේ පියා තමයි ඔඩින් කියන ඇස්ගාර්ඩ් වල රජු.බොහෝම කාලයකට කලින් ඇස්ගාර්ඩ් වල යුද්ධයක් පැවතුණා.ඒ යුද්ධය පැවතුණේ ඇස්ගාර්ඩ් වලම ජීවත් වුණු Trolls සහ Dwarves කියන ජීවීන් කොට්ඨාෂ දෙක අතර.

මේ ජීවී කොට්ඨාෂ දෙක අතර තිබුණ මේ යුද්ධයට ඔඩින් කිසිම ලෙසකින්වත් සම්බන්ධ නොවී ඉන්න තමයි තීරණය කරල තිබුණේ.හැබැයි එහෙම පාඩුවේ පැත්තකට වෙලා ඉන්න කොට ඔඩින්ට දෙයක් මතක් වුණා.ඒ තමයි Dwarves කියන අඟුටුමිටි ජීවීන් සතුව තිබ්බ සුවිශේෂී හැකියාවන්.Dwarves කියන ජීවීන් සහජයෙන්ම එක එක දේවල් නිර්මාණය කරන්න උපන් හපන් අය.උදාහරණයක් විදිහට එයාලට ඕනෑම අමුද්‍රව්‍යයක් භාවිතා කරලා ඕනෑම ආයුධයක්, උපකරණයක් නිපදවීමේ හැකියාව තිබුණා.විශ්වයේ සිටින දක්ෂතම නිමැවුම්කරුවන්ගෙන් එක් කොට්ඨාශයක් තමයි මේ Dwarvesවරු.

කොහොමහරි ඔඩින්ගේ බොහොමයක් ආයුධ ඉතාමත් දක්ෂ ලෙස නිපදවල දුන්නේ මේ Dwarvesවරු.ඉතින් ඔඩින්ට මතක් වුණා මේ Trollsවරු සහ Dwarvesවරු අතර තියෙන යුද්ධයෙන් නිකමටවත් Dwarvesවරු පරාද වෙලා ඔවුන් මේ ඇස්ගාර්ඩ් වලින් අතු ගෑවිලා ගියොතින් තමන්ට කියලා හොඳ ආයුධයක්වත් නිපදවගන්න කට්ටිය නැති වෙනවා නේද කියන එක.ඉතින් ඒ නිසා ඔඩින් තීරණය කලා මේ යුද්ධයට මැදිහත් වෙලා Trollsවරුන්ව විනාශ කරල දාන්න.ඔඩින් කියන්නේ බොහොම බලසම්පන්න කෙනෙක්,ඉතින් ඔඩින්ට Trollsලන්ව විනාශ කරන්න ගියේ ඉතාමත් සුලු කාලයක් වගේම ඉතාමත් අඩු මහන්සියක්.ඔඩින්ට හරියට කජු කනවා වගේ වැඩක් වුණා මේක.

ඔඩින් Trollsලන්ව විනාශ කරල දාපු නිසා Dwarvesවරු ඉතාමත් සතුටු වුණා වගේම ඔඩින් ගැන ගොඩාක් පැහැදුණා.එහෙම පැහැදිලා ඔඩින්ට එයාලගේ කෘතගුණ පෙන්වන්න ඔඩින්ට දුන්නා ඉතාමත් ශක්තිමත් වගේම බලසම්පන්න ලෝහ ජාතියක් වෙන Uru ලෝහ කුට්ටියක්.ඉතින් ඔඩින්ට ඒවෙලාවෙදී මේ ලෝහ කුට්ටියෙන් මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි වුණත් ඔහු ඒක සතුටින් භාරගත්තා.

මේ Uru කියන ලෝහය ගැනත් අපි ටිකක් කතාකරන්න ඕන මොකද මේ ලෝහය මේ විශ්වයේ තියෙන විරලතම වගේම ශක්තිමත්ම ලෝහ වර්ග වලින් එකක්.හරියට කැප්ගේ ශීල්ඩ් එක හදලා තියෙන වයිබ්‍රේනියම් ලෝහය සහ වුල්වර්න්ගේ ඇඟ ඇතුලෙ තියෙන ඇඩමෑන්ටියම් ලෝහය වගේ.කොහොමවුණත් මේ ලෝහ වර්ග තුන අතුරින් වඩාත්ම ශක්තිමත්ම ලෝහ වර්ගය මොකක්ද කියන එක ගැන විවිධ මත සහ වාද විවාද තර්ක ගොඩාක් තියෙනවා.ඒවා ගැන අපි ඊලඟ ලිපියකින් කතාකරමු.හරි ආයේම මේ uru ලෝහය ගැන කතාකරෝතින්…මේ ලෝහයට තියෙන ගොඩාක්ම විශේෂ ලක්ෂණය තමයි මේ ලෝහය මායාවන්ට ඉතාමත් සංවේදී ලෝහයක් වීම…ඒ ලක්ෂණයේ ඇති ප්‍රයෝජනය මොකක්ද කියන එක ඔයාලට තව ටිකකින් තේරේවී… 👇

කොහොමහරි මේ සිද්ධි දාම ටික වෙන අතරතුරේදී විශ්වයේ ඈත කෙලවරේ ඉඳන් දරුණු කුණාටුවක් ගමන් කරමින් තිබුණා.මේ කුණාටුව කොයිතරම් ප්‍රභලද කියනවා නම් මේ කුණාටුවට හැකියාව තිබුණා සම්පූර්ණ මන්දාකිණියක් පවා විනාශ කරල දාන්න.මේ කුණාටුව විශ්වය පුරා ගමන් කරමින් තියෙන කොට කුණාටුව ඇස්ගාඩ් දිහාවටත් කැරකැවිලා එන්න ගත්තා.මේ කුණාටුවේ තිබ්බ තවත් විශේෂ ලක්ෂණයක් තමයි මේ කොමික් පොත් රචකයන්ට අනුව මේ කුණාටුවට පණ තිබුණයි කියන එක.පණ තියෙනවයි කියන එකෙන් කියවුණේ නැහැ මේ කුණාටුව ජීවීයෙක් කියන එක…කොහොමහරි ඒකෙන් කියවුනේ මේ කුණාටුවට පුද්ගලයෙක් ලෙස හැසිරෙන්න හිතන්න හැකියාව තිබ්බා කියලා….අපි පොලොවට භූමි මාතාව කියන්නෙ…එවගේම භූමිකම්පාවක් ආවහම භූමි මාතාව කම්පා වෙලා කියන්නේ….අන්න ඒවගේ සංකල්පයක් තමයි මෙතනත් තියෙන්නෙ… හැබැයි තව ටිකක් දුරට අරගෙන ගිහිල්ලා පණ තියෙනවයි කියන සංකල්පය.කොහොමහරි මේ කුණාටුවේ අභිප්‍රාය වෙලා තියෙන්නේ ඇස්ගාර්ඩ් සම්පූර්ණයෙන්ම විනාශ කරල දාන එක.ඒ ඇයි කියන ඒකට උත්තරයක් නම් කොමික් පොත් රචකයෝ හරියටම අපිට දීල නැහැ.

ඔයාලා ගොඩ දෙනෙක් දන්නවා ඇති ඔඩින් සතුව තියෙන ඔඩින් ෆෝස්/Odin Force කියන බල ක්ෂේත්‍රය….මේ ඔඩින් ෆෝස් එක නිසා ඔඩින්ට ඉතාමත් බලසම්පන්න දේවල් කරන්න පුලුවන්.ඉතින් ඔඩින් කරපු දේ තමයි ඔහුගේ මේ ඉතාමත් බලසම්පන්න ඔඩින් ෆෝස් එක භාවිතා කරල මේ අති දරුණු මන්දාකිණි පවා විනාශ කිරිමේ හැකියාව තියෙන කුණාටුව දමනය කරන එක.කොහොමහරි ඔඩින්ට ඔඩින් ෆෝස් එක භාවිතා කරල මේ කුණාටුව, අර අපි කලින් කතා කරපු uru ලෝහ කුට්ටිය තුලට සිර කරන්න හැකියාව ලැබුණා.

ඉතින් මේ වෙලාවේදී ඔඩින්ට හරිම අපූරූ අදහසක් ආවා…ඒ තමයි මන්දාකිණි විනාශ කරන්න පුලුවන් තරම් ප්‍රභලත්වයකින් යුත් මේ කුණාටුව තමන්ට මේ uru ලෝහ කුට්ටිය තුලට ඔබ්බවන්න පුලුවන් වුණා නම්,මේ කුණාටුව සිර කරල තියෙන ලෝහ කුට්ටිය ආයුධයක් බවට පත් කරෝතින් තමන්ට ඒක ඉතාමත් ප්‍රභල ආයුධයක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් වෙනවා නේද කියන එක.ඉතින් ඔඩින් තවත් හිත හිත ඉඳියේ නැහැ…ඔහු ගියා Dwarvesවරු ගාවට..ගිහින් කීව මට මේ කුණාටුව හිර කරල තියෙන uru ලෝහ කුට්ටියෙන් ආයුධයක් හදල දෙන්න එතකොට මං ගාව කාටවත්ම අභියෝග කරන්න බැරි ආයුධයක් තියෙනවයි කියලා…

ඉතින් ඊලඟට සිද්ධ වුණ දේ තමයි, මේ uru ලෝහය කියන්නේ විශ්වයේ තියෙන ශක්තිමත්ම ලෝහ වර්ගයක් නිසා මේ ලෝහ කුට්ටිය ආයුධයක් බවට අච්චු කරන එක Dwarvesවරුන්ට ඉතාමත් අභියෝගාත්මක කාර්‍යයක් වුණ එක.කොහොමහරි දින 17ක් Dwarvesවරු දහස් ගණනකගේ පරිශ්‍රමයෙන් Dwarvesවරුන්ට පුලුවන් වුණා මේ කුණාටුවක් සිර කරල තියෙන uru ලෝහ කුට්ටිය මිටියක් වැනි ආයුධයක් බවට අච්චු කරන්න.ඊට පස්සේ ඔවුන් මේ මිටිය ඔඩින්ට භාරදුන්නා…හැබැයි මෙතන පොඩි අවුලක් තාම තිබුණා…ඒ තමයි මේ මිටිය තුල සිර කරල තියෙන කුණාටුව තවමත් චංචල ප්‍රකෝප මට්ටමේ තිබුණ එක.කොහොමහරි මේ කුණාටුවට මනසක් තිබුණා වගේ කියල අපි කලින් කීවනේ… ඉතින් දැන් කුණාටුව සිර කරල තියෙන්නේ මිටිය තුල නිසා දැන් මේ මිටියට හිතන්න පුලුවන් මනසක් තියෙනවා වගේ සීන් එකක් තමයි වුණේ.

ඉතින් දැන් ඔඩින් මේ මිටිය උස්සන්න යන කොට ඔහුට මේ මිටිය හරියට උස්සන්න බැරි වුණා මොකද මිටිය ඇතුලේ තියෙන කුණාටුව තවමත් චංචල තත්වයේ තිබුණ නිසා.කොහොමහරි ඔඩින් මිටිය ඇල්ලුවහම අර කුණාටුව කරපු දේ තමයි කුණාටුවට ඕන තැනට මිටියත් එක්ක ඔඩින්ව අරගෙන ගියපු එක.ඉතින් මේ විදිහට ඔඩින්ට මේ බල සම්පන්න මිටිය පාලනය කරගන්න බැරි වුණා.ඉතින් ඔඩින් කරපු දේ තමයි මිටියට මන්ත්‍රයක් දාපු එක.ඒ මන්ත්‍රයෙන් කියවුණේ මේ මිටිය උස්සන්න එන කාට වුණත් ඒක උස්සන්න බැරි වෙන්න කියලා.

මෙතනදී හැබැයි පොඩි පටලැවිල්ලකුත් තියෙනවා ඔඩින් මිටියට ජප කරපු මන්ත්‍රය මේකමද කියන එක ගැන.මොකද ඔයාල ගොඩක් අය අහල ඇති MCU ෆිල්ම්ස් වල එහෙම ඔඩින් මිටියට දාලා තියෙන මන්ත්‍රයෙන් කියවෙන්නේ, කවුරුහරි කෙනෙක් ඉන්නවානම් මේ මිටිය උස්සන්න තරම් යෝග්‍ය වෙන කෙනෙක්, ඔහුට විතරයි පුලුවන් මේ මිටිය උස්සන්න කියලා…හැබැයි ගොඩාක් අය පිලිගන්න දෙයක් තමයි ඔඩින් මේ පස්සේ කියපු මන්ත්‍රය මිටියට ජප කරන්නේ තෝර් අහම්බෙන් මේ මිටිය ඉස්සුවායින් පස්සෙයි කියලා.ඒ කියන්නේ මුලින්ම දාපු මන්ත්‍රය තමයි මම මුලින්ම කීවේ.කොහොමහරි තෝර් හරි වයසට ආවයින් පස්සේ තෝර්ට මේ මිටිය ගැන ඉතාමත් කුතුහලයක් තිබ්බා.ඇයි මේක කාටවත්ම උස්සන්න බැරි වගේ ප්‍රශ්න…ඉතින් තෝර් කරපු වැඩේ මිනිහම මේක උස්සන්න ට්‍රයි කරා…කොහොමහරි තෝර්ට මේ බලසම්පන්න මිටිය උස්සන්න පුලුවන් වුණා…මෙතනදී වෙලා තියෙන්නෙ මේ මිටිය තුල සිර වෙලා තියෙන කුණාටුව තමයි තීරණය කලේ තෝර් මේ මිටිය උස්සන්න සුදුසුයි කියන එක…ඒකයි තොර්ට කලින් ඔඩින්ටවත් මේ මිටිය හරියට උස්සන්න බැරි වුණේ…ඊට පස්සේ තමයි මම කලින් කියපු දෙවෙනි මන්ත්‍රය ඔඩින් මේ මිටියට දාන්නෙ…

ඉතින් ඔන්න ඔහොම තමයි ඇස්ගාර්ඩ් වල වගේම ඇස්ගාර්ඩ්,මිඩ්ගාඩ්(පෘතුවිය) ඇතුලු රාජධානි නමයේම පවතින බලවත්ම ආයුධයක් වන Mjolnir එක උපත ලබන්නේ සහ ඒක තෝර් අතට පත් වෙන්නේ…මේ මම මෙතෙක් වෙලා කීවේ කොමික් පොත් වල තියෙන කතාවක් මිසක MCU ෆිල්ම්ස් වල තියෙන කතාවක් නෙමෙයි කියන එක මම නැවත වරක් ඔයාලට මතක් කරනවා…ඒවගේම අපි දන්න දෙයක් තමයි කාලෙන් කාලෙට කොමික් පොත් වල කතා versions කිහිපයකින්ම එනවා….වෙනත් කොමික් පොත් කතා version එහෙක මේ මිටියේ උත්පත්ති කතාව වෙනත් අයුරකින් ලියලා තියෙන්න පුලුවන්…ඒකම තමයි කොමික් පොත් වල තියෙන අපූර්වත්වය වෙන්නෙත්…එකම කතාව නෙමෙයි හැමදාම පල් වෙවී තියෙන්නේ…ගොඩාක් පොසිබිලිටීස් තියෙන වෙනස් වෙනස් කතා ලියවෙනවා…

ආහ් තව පොඩි දෙයක් කියන්න තියෙනවා…මේක නම් අපි Hype Zone කණ්ඩායම හිතපු තියරි එකක් විතරයි….මේ මිටියේ කුණාටු කතාව අපිට ෆිල්ම්ස් වලදී හරි හැටිම කිව්වේ නැහැනේ.හැබැයි අපි දන්නවා තොර්ට මේ මිටිය පාවිච්චි කරල අකුණු ඇති කරන්න පුලුවන් කියන එක…ඉතින් අපිට හිතුණා තෝර්ට මේ අකුණු ඇති කරන්න පුලුවන් හැකියාව ලැබෙන්නෙත් මේ මිටිය තුල තියෙන කුණාටුව නිසාමද කියලා(MCU ෆිල්ම්ස් වලදී මේ කුණාටු සීන් එක රිවීල් කලේ නැති වුණත් තවම)…එවගේම Thor Ragnarok trailer එකෙදී අපි දකිනවා Hela විසින් මේ මිටිය විනාශ කරයින් පස්සේ තෝර් එක තැනකදී සුපිරියටම පවර්ෆුල් වෙලා ඉන්නවා…අර ඇස් වලිනුයි ඇඟෙනුයි අකුණු ගහන්න ගත්ත සීන් එක මේ කීවේ…ඉතින් මේ මිටිය Hela විනාශ කරයින් පස්සේ මිටිය ඇතුලෙ තිබ්බ කුණාටුව තොර්ගේ ඇඟටම ආවේශ වුණා වෙන්නත් බැරි නැහැ කියල අපිට හිතුණා..හැබැයි මේ අන්තිමට කීව කාරණා දෙක නම් අපි හිතපු තියරීස් විතරයි කියන එකත් මතක් කරන්න ඕන…ඉතින් ඔයාලටත් Thor Ragnarok ෆිල්ම් එකෙදී වෙන දේවල් ගැන එක එක ෆෑන් තියරීස් ඇති….ඉතින් ඒවා කතාකරන්න පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ..අපිත් ආසයි ඔයාලගේ ෆෑන් තියරීස් දැනගන්න….මොකද අපි හොඳටම දන්නවා MCU Films ගැන සමහර ෆෑන් තියරීස් ඇත්තටම ෆිල්ම්ස් වලදී සැබෑ වුණා කියලා…(ස්ටැන් ලී වොචර් කෙනෙක් වෙන්න පුලුවන් කියන එකත් කාලයක් ෆෑන් තියරියක් වෙලා තිබ්බා..) ආහ් මේ මිටිය නම Mjolnirනේ…මේක හරියට සිංහලෙන් කියවන හැටිත් හරියට ඉගෙන ගන්න එපැයි😄…ඒක හරියට කියවන්නේ ” මියොල්නියර් ” කියලා…😉

This Post Has 2 Comments

  1. Ruvi

    Thor ragnarok movie eke hetiyata hela hammer eka bindata pasu thor ta thunder power awe hammer eka nisa nemei…eka thor ge agenma awa ekak kiyalai man nam hithanne.anthimata hammer eka cacaptain ta ussanna puluwan una welawe nam maarama sathutak hithata awe….😍

  2. Ruvi

    Thor ragnarok movie eke hetiyata hela hammer eka bindata pasu thor ta thunder power awe hammer eka nisa nemei…eka thor ge agenma awa ekak kiyalai man nam hithanne.anthimata hammer eka captain ta ussanna puluwan una welawe nam maarama sathutak hithata awe….😍

Leave a Reply