You are currently viewing Spider Man කතා මාලාවන්ගේ ආගමනය

Spider Man කතා මාලාවන්ගේ ආගමනය

Films 6ක්, ඩිරෙක්ටර්ස් ලා 3න්දෙනෙක්, අවුරුදු 15ක් පුරා රසිකයන්ගෙ ආදරයට පත් වුන මේ Marvel Super Heroගෙ කතා මාලාව සමග කොමික් ෆෑන්ස් ලා එකතුවෙන්නෙ කුඩා කාලයේ පටන්ම කියල අවිවාදයෙන්ම කිව යුතු කරුනක්…ඉතින් අද අපි මේ තාක් පැමිනි ස්පයිඩර් මෑන් කතා එකතුව පිලිබඳව ඉතාමත් කෙටියෙන් විස්තරයක් කතා කරමු…

1969 ඉඳන්ම ස්පයිඩර් මෑන් මූවීස් ටෙලි රූ කරලියට ආවට ස්පයිඩර් මෑන් ෆ්‍රෑන්චයිස් එකේ ටර්නින්ග් පොයින්ට් එක වෙන්නෙ 2002 දී..ඒ කියන්නෙ Sony(Colombia) Pictures විසින් ස්පයිඩර් මෑන් චරිතයේ රූගත කිරීමේ අයිතිය ගන්නවත් එක්කමයි…කෙලින්ම ඊට පස්සෙ ඉදන් කලින් මෙන්ශන් කරා වගේ ඩිරෙක්ටර්ස් ලා තුන්දෙනෙක් යටතෙ ෆිල්ම් සීරීස් තුනක් එලියට එනවා…

පලවෙනි ෆිල්ම් සීරීස් එක එන්නෙ සෑම් රයිමි යටතේ ඩිරෙක්ට් වෙන සීරීස් එකක් විදියට…ඔව් ඔව් අදටත් ගොඩක් අයගෙ ප්‍රියතම ස්පයිඩර් මෑන් වන ටොබී මෑග්වයර්, ස්පයිඩර් මෑන් චරිතයට පණ පොවන්නෙ මේ සීරිස් එකෙන්…පලවෙනි කතාවෙන්ම ෆෑන්ස්ලා උපරිමයටම #HYPE කරන්න සමත් වෙනවා…කොමික් බුක් ස්පයිඩර් මැන් ගේ උරුවෙන්/accent එකෙන් ටිකක් මිදිලා organic web shooting ability එකත් එක්ක එලියට එන මේ ස්පයිඩර් මැන් aka Peter Parker මේ තාක් ආව ස්පයිඩර් මෑන් ලාගෙන් matured හෙවත් වයසින් වැඩි/පරිණත චරිතයක් පෙන්වන්නේ ..ඒ වගේම Peter Parker-ස්පයිඩර් මෑන් ඔරිජින් එක/සම්භවය ටොප් නොච් වීදියටම ප්ලේ වෙනවා…මේරි ජේන්,නෝ මන් ඔස්බෝන්, හැරී ඔස්බෝන් වගේ කොමික් බුක් චරිත මේ චිත්‍රපටියේ ප්ලේ වෙනවා… Spideyගේ ලොකුම එනිමි කෙනෙක් වෙන ග්රීන් ගොබ්ලින් මේ ෆිල්ම් එකේ පලමු වරට තිරයට එනව/ debut වෙනවා…

ස්පයිඩර් මෑන් 2 එකත් 2004 දී සෑම් යටතේ ම ඩිරෙක්ට් වෙලා තිරගත වෙනවත් සමගම හීරෝ මූවී අතරින් වාර්තා තබමින් Spider Man ෆෑන් බේස් එක තවත් කරගන්න ටෝබි මැග්වයර් ගේ ස්පයිඩර් මෑන්ට පුළුවන් වෙනවා..තවත් පට්ට විලන් කෙනෙක් වෙන ඩොක්ට ඔටෝ ඔක්ටපස් මීෆිල්ම් එකේ පලේ කරනවා…ඒවගේම Toby ගේ ස්පයිඩර් මෑන්ගේ හැමෝම දකින ස්පයිඩර් මෑන්ගේ personality එක පට්ටම විදියට මේ ෆිල්ම් එකේ දී බිල්ඩ් කරනවා.. Hero කෙනෙක් වගේම නෝමල් චරිතයක් විදියට දෙආකාරයෙන්ම එක වෙනවා….

2007 වෙනකොට ටෝබි ගේ ස්පයිඩර් මෑන් සීරිස් එක තුන් වෙනි ෆිල්ම් එකක් දක්වා continue කරන්න Sam ට අවස්තා ව ලැබෙනවා…තුන් වෙනි ෆිල්ම් එක වෙනකන්ම මාර smoothly ගලපන් එන මේ සීරිස් එක තුන් වෙනි ෆිල්ම් එකේ අනිත් ෆිල්ම් දෙකට වඩා ලොකුවටම collapse වෙන්නේ කවුරුත් නොහිතන ලෙස…ඔවු එත් ඕවරෝල් එක්ස්පිරියන්ස් එක පට්ට …මොකද අපිට වගේම පීට් ටත් අවුලක් වෙලා තිබුන අන්කල් බෙන් ගේ මරණය , එඩී බ්රෝක් ගේ venom ගේ ප්ලේන එක …(ඔවු ඔවු කලු ස්පයිඩ මෑන් ..තමයි ….සිම්බියෝට් කියලත් කියනවා එයාට…පට්ට නේ.. ඩයල් එක පළවෙනියටම appear වෙනකොට…පීටර් ගේ සුට් එක විදියට ) , ඇයි ඒ විතරද ෆ්ලින්ට් මාකෝ aka සෑන්ඩ් මෑන් debut වෙන්නෙත් මේකේ..තව ඒ විතරද නෝමන් ඔස්බෝන් ගෙන් පස්සේ හැරී Green Goblin ආර්මර් එක අතට ගන්නෙත් මේ ෆිල්ම් එකේ ..මේ වගේ පට්ට සිද්දී නිසා මේක පට්ට වුනත්..හැ මෝම ආස කල Toby ගේ Peter Parker චරිතය මේකේ සමහර තැන් වල ග්රම්පි, ඉමොෂනල් ජෝක් එකක් කරලා තියෙනවා, (death of Harry Osborn also) …ඩිරෙක්ටර පවා පිලිගන්නවා ඒක ෆේල් කියලා. ..මොනතරම් බොක්ස් ඔෆිස් ගැහුවත් 4 වෙනි කතාවකට යන්න තිබුන ටෝබීගේ ස්පයිඩර් මෑන් සිරිස් එක කැන්සල් වෙන්න පවා මේක බලපානවා…

ස්පයිඩර් මෑන් සීරිස් එක නැවතුනාට Sony තමා 2012 වෙනකොටත් Spider Man Character එකේ ලීගල් ඔව්නර්ස් ලා උනේ…ඉතින් මෙයාලා ටෙක්නිකලි ස්පයිඩර් මෑන් 3 fail උන නිසා ෆිල්ම් එක ආයෙමත් Reboot කරන්න තීරනය කරනවා…ඒ අලුත් ඩිරෙක්ටර් මාක් වෙබ් යටතේ ..Peter Parker ට රගපාන්නේ ඇන්ඩ්රු ගාෆිල්ඩ්/Andre Garfield ….Amazing Spider Man කියන අලුත් නමකින්…නම විතරද වෙනස් උනේ ?? නෑ මචන් ප්ලොට් එකත් අලුත්ම ලෙවල් එකකින් වෙනස් වුණා…ටෝබි මැග්වයර් පමණයි Spider Man කියාගෙන ඕවරේටඩ් කර ෆෑන්ස්ලාට ටිකක් ඒ අට්ටාලෙන් එලියට බැහැලා බැලුවනම් තේරෙයි ෆිල්ම් ටිකේ evolution එකත් එක්කම ගාෆිල්ඩ් ගේ ස්පයිඩර් මෑන් ෆිල්ම් එකට එනකොට පීට පාකර් ගේ වයසේ පටන් ..එයාගේ නර්ඩ්/Nerdy ගතිය …කොමික් බුක් Spider Man ගේ character එකට ලාවට ගැලැපෙන විදියට දියුණු කරලා කියලා මෙයාගේ විශේෂත්වය මෙයා Science අතින් වගේම Tech අතිනුත් Geek කෙනෙක් ..ඒ විතරක් නෙවේ Spider man ගේ හියුමර්/humor ගතිය…එන්න එන්න improve වෙලා කියලා පේනවා..ගාෆිල්ඩ් එයාගේ චරිතේ උපරිමවම කරනවා, ටෝබි කරා වගේ..තව..Mary Jane නැතුව ග්වෙන් ස්ටේසි/Gwane Stacy කියන චරිතේ මේ ෆිල්ම් එකට ගෙන්නනවා..(සමහරු අහලා ඇති alternative යුනිවස් එකක ස්පයිඩර් ගුවෙන් කියලා ස්පයිඩර් මෑන්ගේ ම incarnation එකක් විධියට ඉන්නේ ගුවෙන් ස්ටේසි…. – Fun facts )

හරි අපි ඉතින් කතාවට බහිමුකෝ සිරිස් එකට මොකද උනේ කියලා දැනගන්න…Reboot වුන අලුත්ම Spider Man franchise එක විධියට ප්රෝමිසින් ස්ටාට් එකක් ගත්තා මේ ෆිල්ම් එක…ඩොක්ට කර්ට් කොනර්ස් aka ලිසාර්ඩ් man/Lizard Man වගේ අලුත්ම තවත් විලන් කෙනෙක් ෆිල්ම් එකට ගෙන්න සමත් වුනා වගේම ස්පයිඩර් මෑන්ගේ ඔරිජින් ස්ටෝරිය,දෙමව්පියන්ගේ අතුරුදහන් වීමේ මිස්ට්‍රි එක, Spider Man කලින් ෆිල්ම් වල නොදැකපු Pete ගේ nerdy ගතිය ..ඒ වගේම Spidey ටෙක් යූස් කරලා තරමක් රියැලිස්ටික් ගතියක් පෙන්වන්න හදනවා මෙයාලා..රීබූට් එකක් වුනත් මේකට ලැබූන ප්‍රතිචාර පට්ට වුන නිසා වෙබ් මේ series එකේ දෙවැනි කතාවටත් සම්බන්ධ වුන directing අතින්…2014 දී රිලීස් වුන මේ කතාව ටෝටල් ෆේලියර් එකක් වෙන්න මහා වෙලාවක් යන්නේ නෑ …ඔවු ගාෆිල්ඩ් ගේ ස්පයිඩර මෑන් මේ කතාවෙත් සාධාරණයක් කරන්න ට්‍රයි කරාට ..ස්පයිඩර් මෑන 3 එකට වුනා වගේ ප්ලොට් එක Screwed නිසා මේකට බෑඩ් ක්රිටික්ස් ගොඩක් ම එනවා…ග්වෙන් ගේ death එක..ඒ වගේම විලන් විධියට ජෙරමි ෆොක්ස් ප්ලේ කරපු ඉලෙක්ට්‍රෝ මෑන් චරිතේ ගොඩක්ම badly ක්රිටිසයිස් වෙනවා..තව රයිනෝ ගේ චරිතේ, ඒ වගේම ග්රින ගොබ්ලින් ගේ කම් බැක් එකත් ඒ තරම් සාර්ථක උනේ නැ…අතරින් පතර කතා ගොඩක් මික්ස් වෙලා වගේ …ඉතින් මාක් වෙබ් ගේ ..Amazing Spider Man series එක ඔතනින් නවතිනවා ………

මේ වෙනකන්ම Spider man චරිතේ ලීගල් රයිට්ස් තියෙන්නේ සෝනිලා/Sony ට ..2015 පෙබරවාරි වල මාවල් Fan ලා ඉවසිල්ලක් නැතුව බලන් ඉදපු නිවුස් එක එලියට එනවා….ඩිස්නි මාවල් සහ Sony අතරේ ගිවිසුමක් ගහලා Spider Man Character ගේ අයිතිය බෙදාගන්න…ඉතින් ඔන්න ඔහොම Spider Man Marvel Cinematic Universe (M.C.U) එකට introduce කරනවා ..සිද්දිය කියන්නේ කොමික් වල ඉන්න teenage ස්පයිඩර් මෑන් ව තමා MCU එකට induct කරන්නේ..ඔන්න ඔතනදි තමයි අපේ අලුත්ම ස්පයිඩර් මෑන් , ඉතාමත් ලාබාල,කෝඩුකාරයා ටොම් හොලන්ඩ්/Tom Holland ස්පයිඩි විදියට ප්ලේස් වෙන්නේ… #Marvel ලාගේ තවත් ටොප් නොච් කැරැකටාර් සිලෙක්ෂන් එකක් .. (Well That’s කෙවින් ෆයිගි -President of Marvel studios) මොකද කොමික් වල පෙන්නපු ඒ ස්පයිඩර් මෑන් චරිතේ රියල් ලයිෆ් එකේ ඒ විදියටම නිරූපැනයක් කරන්න ටොම් හොලන්ඩ් ස්පයිඩ මැන් ට පුළුවන් වෙනවා…..ඉතින් ටොම් හොලන්ඩ් Spider Man ටෙක්නිකලි Marvel Cinematic Universe( M.C.U) එකට එන්නේ කැප්ටන් ඇමරිකා සිවිල් වෝර්/Captain America Civil War හි කැප්ගේ ටීම් එකයි අයන් මෑන් ගේ ටීම එකයි අතර වලියේදී..ටෝනි තමයි ස්පයිඩ මෑන් ව ඇවෙන්ජර්ස් ටීම එකට ගේන්නේ …(මතකද එන්ට්‍රන්ස් එක ..කැප් ගේ ශීල්ඩ් එක ඩිස් ආර්ම් කරලා ❤) කෝමහරි මෙහෙම පටන් ගත්ත ටොම් හොලන්ඩ් ගේ ස්පයිඩර් මෑන් චරිතය …මාවල් හි සිය ප්‍රථම තනි චිත්‍රපටය ලෙස Spider Man Homecoming ජෝන් වොට් ගේ directing යටතේ පසුගිය ජුලි 7 වෙනිදා රිලිස් වුනා….හෝව් හෝව් බය වෙන්න එපා ඒ ගැන අපි spoil කරගන්නේ නැතුව ඉමු අනිවා…මොකද තාම ස්පයිඩර් මෑන් හෝම්කමින් නොබලපු ගොඩක් අය ඉන්නවා…කෝම නමුත් ට්‍රේලර් එක බලපු අය දන්නවා ඇති දැනටමත් මයිකල් කීටන් වල්චර්/Vulture විදියට ප්ලේ කරනවා කියලා..වල්චර් මින් පෙර Ultimate Spider man Animated Series එකේ ඉන්නවා….

කොහොම උනත් අවිවාදයෙන් ම ටෝබි, ගාෆිල්ඩ් යන දෙදෙනා ගේම Spider Man චරිත 2 ම එකතුවෙන් සැදුම් ලත් විශිෂ්ට චරිත සංකලනයක් ලෙස ටොම් හොලන්ඩ් පෙන්වන්න පුළුවන්…ඒ ගැන කතා දෙකක් නෑ…මේ ස්පයිඩර් මෑන්ගේ ඇක්සන්ට් එක, බොඩි ලැන්ග්වේජ් එක, චරිතය සියල්ලම 2015 පැමිනි Ultimate Spider Man Animated Series එකේ Peter Parker හට 100% ම සමානයි…හෙයා ස්ටයිල් එක පවා….තව මේ Spider- man චරිතය ඉතාමත් එක්ස්පීරියන්ස් අතින් අඩු ..ඉතාමත් arrogant ලෙස පවර් එක ලැබූන සැනින් කිසිම සැලකිල්ලක් නැතුව ඔහේ වලි යට යන චරිතයක් විදියට පෙන්වා දීලා තියෙනවා…ඇත්තටම කොමික් පොත් , Animated series 1 සමග සිටින අයට මෙය තවත් රසවත් වෙයි මන්ද මෙම චරිත ලක්ෂණ සියල්ලක්ම පාහේ එම කොමික් පොත් , Animated series චරිතය හා ගැලපීමයි…කොමික් ෆෑන් කෙනෙක් ලෙස මිට වඩා තවත් තෘප්තියක් වෙන කොහේද ? ..කොමික් ස්පයිඩර් මෑන් ගේ Start එකත් මෙයමයි…ඔයාලා කොමික් ස්පයිඩර් මෑන් ගැන අහලා තියනම් ..ඔයාලට මතක ඇති මේ කරුණ බලල. නැත්නම් මෙන්න මේකයි සිද්ධිය..ස්පයිඩර් මෑන උගේ පවර් එක ගැන දැනගෙන හීරො මැන්ටල් එකට එන්ටර් උන ගමන් ඌ යන්නේ ෆැන්ටාස්ටික් 4 ලා ගාවට ..එයාව ටීම් එකට ගන්න කියල රික්වෙස්ට් එකක් කරන ගමන්…බලන්න මේ කතාවෙත් ස්පයිඩර් මෑන්ගේ ෆුල් ට්‍රයි එක ඇවෙන්ජර්ස් ටීම් එකට සෙට් වෙන්න ….කොමික් බුක් accuracy එක ගැන හැම වෙලේම බූස්ටින් කරන්න බෑ තමයි එත් ගයිස්…දැනට ආව ඇකියුරෙට්ම ස්පයිඩි කවුද අහුවොත් ..ෆිල්ම් එක මොකක්ද ඇහුවොත් Homecoming, ටොම් හොලන්ඩ් ස්පයිඩර් මෑන් ඉදිරියෙන්ම ඉන්නවා…….මිට අමතරව trailer එක බලපු අය දකින්න ඇති මේ Spidey ගේ කිට් එක..පට්ටම විදියට upgrade වෙලා…Spider man ලෝගෝ එක වගේම කිට් එකේ ස්ටයිල් එක ටෙක්ස්චර් එක ..ඊටත් වඩා මේ කිට් එකේ තියෙන ගැජට් ටික එහෙම පිස්සු කොර නේ ? මීට කලින් තිබුන Spider man කිට් හැම එකකටම වඩා මේ කිට් එක පට්ටම විදියට power house වෙලා …

හම්මෝ කරුණු ගොඩක් වැඩි වුනා නේද?? පිස්සුද…..මේ කොමික් ගැන..ඒ මදිවට මාවල් ගැන….පිටු ගණන් ලිවුවත් ඇතිවෙන්නේ නෑ…කෝම උනත් ස්පයිඩර් මෑන් ඉදිරියේදී Infinity War….ස්පයිඩර් මෑන් 2 ෆිල්ම් එකේදී අපිට දකින්න ඉන්නවා අනිවා…ඒ නිසා අපි තව දුරටත් විස්තරාත්මකව ඉදිරියේදී තවත් අදහස් සමග එකතු වෙමු මේ වගේ තවත් ලිපියකින් හමුවෙමු නැවතත්…සුබ දවසක්….

Leave a Reply