You are currently viewing Sinister six

Sinister six

හායි,😁
ඔයාලා හෙන Happening නේහ් මේ ටිකේ 😌
Spiderman No way home teaser trailer එක මේමනං final එක වගේ පොඩ්ඩක් හිතන්ටකො..😍

එනිවේ,ඔයාලා මේකට පෙලගැහිල දත මැදගෙන ඉන්න එකේ spiderman ගැන වට පිටාව ටිකක් පොලිෂ් කරල දෙන එක අපේ යුතුකම කියල අපි හිතුව 😌

Spiderman කියන්නෙ හැමෝම දන්න විදිහට super hero කෙනෙක් නෙ..හැමෝම දන්න කිව්වෙ අපි නෙවේ ඈ..හැම universe එකකම ඉන්න අය ගැන 😌 ඉතිං Superhero කෙනෙක් super වෙන්න අපි දන්නව එයාට පරාද කරන්න Villain කෙනෙක් ඉන්නෝන,ස්පයිඩිට දෙයියනේ කියල එකට හයක් ම හිටිය 😬😂

අන්න ඒ අය ගැන තමයි මේ කතා කරන්න යන්නෙ..👇
Spiderman ගෙ මේන් විලන් සෙට් එකට හැමෝම දන්න විදිහට කියන්නෙ The Sinister Six කියල
අපිට මුලින්ම Sinister six දකින්න ලැබෙන්නෙ 1964 දි The amazing spiderman annual කොමික් issue එකෙං😍..මෙයාලාව introduce කරන්නෙ Steve Ditko එක්ක Lord Marvel mr.Stan lee ❤️

ඩොක්ට octopus එක දිගටම වලි දෙකකිං spiderman ගෙං නිල් වෙන්න කනව,කොච්චර කනවද කියනවනං ඩොකාගෙ අඬු ටික මිනිහගෙ ඇඟෙං ගැලවිලා යනව 😂 හිරේට දාපු මිනිහව ඒ සෙපරේටඩ් tentacles වලිං බේරගන්නව (දන්නවනෙ ඒකට වෙනමම වගේ mind එකක් තියේ කියල 🐙)
වැඩේ හරියන්නැති විත්තිය දැනගත්ත ඩොකා ඊලඟට කරන්නෙ Spiderman ගෙ path එක හරහට සෙට් වෙච්ච සේරම enemies ලව හොයං යනව,ගිහිං කියනව Spiderman ව එකට එකතු වෙලා defeat කරමු කියල 😕
බොහොම දෙනෙක් ඒක ගත් කටටම refuse කරනව,උං කියනව තමන්ට ස්පයිඩිව තනියෙං පරාද කරන්න පුලුවංය,කට්ටියක් ඕන නෑය කියල 😑

ඒත් Doc oc එක්ක එකතු වෙන්න කැමති වෙන සෙට් එකකුත් ඉන්නව 😌
අන්න එහෙම කැමති වෙච්ච Electro,Kraven the hunter,Mysterio,Sandman එක්ක ඩොක්ට එකතු වෙලා හදාගන්න legion එක තමයි The sinister six කියන්නෙ ❤

මෙහෙම සෙට් වෙන මෙයැයිල එකතු වෙලා aunt may,පීටර් ව crush එක විදිහට තියං හිටිය බෙටී එක්ක පීටර් ගෙ පත්තර කන්තෝරුවෙ ලොක්කව උස්සනව,එහෙම උස්සල Hostages විදිහට තියං ඉන්න sinisters ල ගේම ඉල්ලනව මේ අය ඕනනං ඇවිත් ගන්න කියල😎..එනිවේ, ස්පයිඩි එහෙම නොකර මේ අයව වෙන වෙනම අල්ලගෙන Defeat කරල දානව අන්තිමට doc oc ට ගහල..😂
ඔන්න ඕමයි අපිට ඉස් ඉස්සෙල්ලම sinister six එක දකින්න ලැබෙන්නෙ..😌

ඊට පස්සෙ තැන් දෙක තුනකදිම අපිට sinister six එක විවිධ villains ල එක්ක විවිධ purposes යටතේදි දකින්න පුලුවන් 🙏
Amazing spiderman 334 issue එකේදි The Demonic Hog goblin එකතු වෙන එක විශේෂයෙන් මතක් කරන්න ඕන..kraven මිය ගියාට පස්සෙ ඒ වෙනුවට සෙට් වෙන මෑන් එක්ක Electro,Mysterio,Sandman,Vulture සහ ඩොක් ඔක් 🐙 මෙතනදි අපිට දකින්න පුලුවන්..
මේකෙදිනං තනි පිස්සුවක් තමයි මෙයාලා කෙලින්නෙ 😍 මෙයාලා කිව්වට ඇත්තටම ඩොකා..
(මම Briefly ගේන්න හිටිය පෝස්ට් එක මෙව්ව මතක් වෙද්දි ලියං යන්නමයි හිතෙන්නෙ 😁)

ඩොක්ට ඔක්ටපස් 🐙 මේ කාලෙදි ප්ලෑන් කරං ඉන්නෙ මුලු ලෝකෙම පාලනේ අතට ගන්න..මේ හේතුව හන්ද එකතු වෙන මෙයාලා කරන්නෙ Atmosphere එකට කෙමිකල් එකක් එකතු කරනව,මේකෙං වෙන්නෙ ලෝකය පුරාම ඉන්න කොකේන් පාවිච්චි කරන අය ඒක කරගන්න හදද්දි දරාගන්න බැරි වේදනාවක් ඇති කරන එක ✌️..ඉතිං කොකේන් Use කරන්නෙ හැම එකාම හිඟන එවුං නෙවේනෙ,මේ කේස් එක හන්ද ලෝකය පුරා ලොකු වියවුලක් ඇති වෙනව..මේක chance එකක් කරගන්න ඩොකා මේකට ඕන කරන Cure එක ලෝකය පුරාම ඉන්න බලවතුන් ට විකුණන එක..🤑
මේ වෙලාවෙදි නං Spiderman ට මේකට අත දාන්න වෙන්නෙ Sinister එකේ එකෙක් හන්දම තමයි 😶
Sandman,සෑන්ඩ් මෑන් මේ සිද්දියට එකතු කරගන්නෙ Doctor octopus උට බලහත්කාරයෙන්..හරියටම කියනවනං Blackmail කරනව වගේ😕 මේ කේස් එක හන්ද පොර කැමති නැති වෙනව මේ වැඩේට (මට මේ තැන හරියටම මතක නෑ guys මෙතන වැරදිනං Point out කරන්න)
ඒ හන්ද මෑන්ස් කතා කරල මේක නවත්තන්න ස්පයිඩිගෙං Help ඉල්ලනව..එහෙම involve වෙන ස්පයිඩි මේක නවත්තල අර Cure එක atmosphere එකට release කරල මිනිස්සුන්ව බේර ගන්නව 😌✌️

තව එක විශේෂ insident එකකිං මම මේක නවත්තන්නං,😌 මේක සිද්ද වෙන්නෙ Spiderman 18 comic issue එකේ 😍 මේක කතා කරන්න හිතුවෙ,Sinister six එක මෙතනදි එකතු වෙන්නෙ ස්පයිඩිට ගහන්න නෙවෙයි 😶😶
Vulture ට පහු ගිය කේස් එකක් හන්ද ඕන වෙනව doc oc ට කෙලවන්න..ඒ හන්ද පොර hobgoblin එක්ක එකතු වෙලා වැඩේට යනව..මේ යද්දි මුං කරන්නෙ Sand man එකතු කරගන්න හිතාගන පොරගෙ foster family එකට bomb එකක් අටවන එක..😞ඒ අටවන්නෙ ඒක Octopus කරා වගේ අහු වෙන්න..මොකද අපි කලිං කතා කරත් වගේ Sand man double crossed වෙනවනෙ six එකත් එක්ක ඉන්න ගමං ස්පයිඩි ට කතා කරල,මේ කේස් එකට තරහට ඩොකා පලිගන්න කරා වගේ අටවන මේ බෝම්බෙට ඒ family එක අහු වෙනව,
මේ කේස් එකේදි Sand man ආයිත් වතාවක් ස්පයිඩි ට කතා කරල කියනව ස්පයිඩිට කලිං කරපු උදව්වට හිලව් වෙන්න මේ වෙලාවෙ සෑන්ඩ් මෑන් ඇතුලු සෙට් එක කවර් කරන්න කියල..🙏
කෝම උනත් මේ වෙනකොට ඩොකා තමංගෙ tentacles ටික මාරම advance කරගෙන හිටිය හෙනම Lethal පොරක්..කොටිම්ම Tentacles ටික තනි ඇඩමැන්ටියම් වලිං හදල පට්ට Badass විදිහට ඉන්න කෙනෙක් තමයි මේ පාර සෑන්ඩ් මෑන් ඇතුලු පිරිසට හම්බෙන්නෙ.😱
සෑන්ඩ් මෑන් අැතුලු පිරිසට හික් ගෑවෙන්න ගහල දාන ඩොකා,පොර අතේ තියන අලුත් වෙපන් එකකිං Sandman ව Crystal වලට හරවනව..මේ වෙලාවෙදි එන ස්පයිඩමෑන්ට මැරෙන්නම ගැහුවත් බොහොම අමාරුවෙන් ජීවිතේ බේරගන්න ස්පයිඩි සමත් වෙනව 🤕
මේ වෙලාවෙදි මේ වලිය වෙන බිල්ඩිම පොලිසිය ඇවිත් වටලනව,අන්තිමේදී ඩොකාව මරල දාන්න ආව සෙට් එකට වෙන කරන්න දෙයක් නැති වෙනව,මේ අය පොරොන්දු වෙනව මෙතනිං පැනල යන්න උදව් කරනවනං ඔක්ට ඕන විදිහට වැඩ කරනව කියල 😬😕
ඒ විදිහට එලියට පනින මෙයාලා අමු පිස්සුවක් තමයි කෙලින්නෙ..😔
නගරෙ පුරාම මහා විනාශයක් කරන්න පටං ගන්න Sinisters ල මේක තවත් වැඩි කරගන්න ගන්න පුලුවන් ඉහලම තැන් වලිං ගන්න තියන උපරිම නවීන වෙපන් ටිකක් තමයි ගන්නෙ 😎
Cybernetics වලින්,Alien Dimension එකකිං පවා මේ අය වෙපන් එකතු කරගන්නව,මේ වැඩේට තවත් ස්පයිඩිගෙ Villain කෙනෙක් උන gog ගෙ සප් එක Sinisters ලට හම්බෙනව 😎😎

වැඩේ සෙල්ලං නෑ කියල තේරුන ස්පයිඩි,අවංකවම මම කොමික් වලදි දකින සුපිරිම Team එකක් කතා කරගන්නව❤️😍…
මේකට Hulk,Deathlok,Nova,Solo වගේම Ghost rider පවා ස්පයිඩි එක්ක එකතු වෙනව 😍
මේ කට්ටියත් එක්ක Sinisters ලව Follow කරන ස්පයිඩි Hydra Camp එකකදි එකට හම්බෙනව,ඒ වෙද්දිත් එතන ඉඳං මහා විනාශයක් කරන්න පුලුවන් Weapon ටිකක් ගන්න හද හද තමයි ඩොකා ඇතුලු පිරිස ඉන්නෙ 😂.
කොමික් වල දකින්න පුලුවන් සුපිරිම වලියකිං පස්සෙ Sinister six members ලව අල්ල ගන්න අපේ ස්පයිඩි ඇතුලු පිරිසට පුලුවන් වෙනව උනත් Vulture සහ Goblin එතනිං කෝම හරි පැනල යනව..😒

ඔන්න ඔහොමයි අපි දන්න Sinister six එක Comic world එක රන් කරන්නෙ..
තව කතා කරනවනං events ගොඩක් මෙයාලා ගැන කතා කරැකි 😍
Sinister Seven එක ගැන,Sinister twelve කියල හැදුන පට්ටම Badass edition එක ඒ වගේම Sand man lead කරපු Venom ට විරුද්ධව ගිය Sinister six එක ගැන එහෙම කතා එමටයි..❤️

අපි ඒ හැම එකක් ගැනම No way home එන්න කලිං දවසක කතා කරමුකෝ…..😌
එනිවේ,ස්පයිඩි කියන්නෙ කොයිතරම් Lethal villain ල defeat කරපු කෙනෙක්ද කියන එක ඔයාලට පොඩි අදහසක් එන් ඇතිනෙ,ඒ වගේමයි මේ හැම සීන් එකක්ම අපිට live action වලින් දකින්න ලැබෙයි කියල හිතන්නත් බෑ..😕

ඒ හින්ද,කියවන්න හිතෙනවනං දැං තමයි හොඳම කාලෙ කොමික් කියවන්න..😌 ඒක පටං ගන්න කැමතිනං අපි ඕනම වෙලාවක ඔයාලට උදව් කරන්න ඉන්නව කියලත් මතක් කරන්න කැමතියි ❤️

එහෙනං අදට ගියා 👋
Stay hyped 💪

Admin-Malith M Nilupul 😎

This Post Has One Comment

  1. Kisaragetmin

    Comic කියවන්න free website එකක් කියන්නාකා්

Leave a Reply