You are currently viewing Shang Chi

Shang Chi

හායි again 😁…
කොරෝන වලිං බේරෙන්න රටම එක්ක ගෙදරට වෙලා ඉන්න මේ වෙලාවෙ…….
(Oh,shit wrong universe 😬 sorry)

එනිවේ,Spider man hype එක ගිනි ගින්දර ටිකට තාම පත්තු වෙන අස්සෙ මම ටිකක් කතා කරන්න හිතුව MCU එකේ මීලඟ upcoming hero ගැන…😍
උඩ තියන නම දැක්කම Comic fan කෙනෙක් නං අනිවාරෙං මේ කවුද කියල දැනගන්න ඇති,හැබැයි ඔය නම මම දන්නව MCU fan කෙනෙක්ට ලොකුවට Familiar එකක් නෙවෙ කියල..😌

අද කතා කරමු The master of Martial art Shang-Chi ගැන 👇ඤ

Shang chi අපිට ඉස් ඉස්සෙල්ලම දැකගන්න හම්බෙන්නෙ 1973 නත්තලට Marvel Comics ඉදිරිපත් කරපු Special marvel editions වල 15 වන කලාපයෙං 😍
හැබැයි මේක මෙයාගෙ Own title එකක් යටතේ නෙවෙයි ආවෙ 😕 The Bronze age of comic books කියන comic book එකත් එක්ක තමයි ඒ Special edition එක ආවෙ..
අපිට තමන්ගෙම Title එකෙං ආව Shang Chi දකින්න වෙන්නෙ 1983 වර්ෂයේ දි තමයි ඉස්සෙල්ලම 🙂

Steve Englehart සහ Jim Starlin තමයි මෙයාව ඉස් ඉස්සෙල්ලම අපේ මාවල් විශ්වයට හඳුන්වා දෙන්නෙ 👌🙏❤️
Shang Chi කියන Character එක Sax Rohmer ට අයිති Fu manchu Fictional villain ගෙ Unknown son..එහෙම තමයි මාවල් විසින් මෙයාව Build up කරන්න යන්නෙ
කොහොම උනත් ඒ කොමික් රන් එක දිගටම අරං යන්න වෙන්නෙ නෑ,ඒ කියන්නෙ Fu එක්ක තියන Connection එක තියාගන්න වෙන්නෙ නෑ මොකද Marvel ලට Fu manchu කියන Character එකට තියන Legal අයිතිය නැති වෙන නිසා..😕

කොහොම උනත්,මුල්ම කතාවට අනුව,Shang Chi කියන්නෙ චීනයේ honan වල ඉපදෙන,අපි කලිං කිව්ව වගේ Fu manchu ගෙ පුතෙක් 😌
අම්ම american සම්භවයක් තියෙන කාන්තාවක් වෙන මෙයා පොඩි කාලෙ ඉඳම්ම එයාගෙ තාත්ත යටතේ ඉඳං Martial arts ප්‍රගුණ කරනව 🥋

හැමදාමත් එයාගෙ තාත්ත සාමය සුරකින කෙනෙක් කියල හිතං ඉන්න මෑන්,එක වතාවක් එයාගෙ තාත්තගෙ කීමකට London වල ඉන්න Dr.James patrie ව මරන්න යනව..😬
කෝම හරි ඒක ඉවර කරන මෙයාට Fu manchu ගෙ එදිරිවාදියෙක් උන Sr.Denis Nayland හම්බෙනව..එතනදි Fu manchu කියන්නෙ හරියටම කවුද කියල දැන ගන්න Shang,තමංගෙ අම්ම හරහා එ්ක ස්ථිර කරගෙන තාත්ත ලඟිං පැනල යනව..🏃
එහෙම ගිහිං,කෙලිම්ම තාත්තගෙං ගේම ඉල්ලන්නත් පොර පැකිලෙන්නෑ 😎😎

එහෙම ගේම ඉල්ලපු Shang ව මරන්න කස්ටිය කීප දෙනෙක්ම එනව..😬
ඉස්සෙල්ලම මෙයාගෙ තාත්ත එවන්නෙ Shang Chi ගෙ Adopted Brother Midnight ව 👌 ඒකෙං ගැලවෙන Shang Chi ව අල්ලන්න ඊලඟට එන්නෙ අර අපි ඉස්සෙල්ල දැනගත්ත Sir Denis..
මේ Denis තමයි eide de camp කියන කණ්ඩායම මෙහෙයවන්නෙ..

මේ අයත් එක්ක Dennis එවන MI-6 Agent කෙනෙක් වෙන Black Jack Tarr එක්කත් පැටලෙන Shang Chi එතනින් කෝම හරි sir Dennis ගෙ හිත දිනාගන්න කැමති වෙනව..😌😌
අන්න ඒ හේතුව මත Shang Chi විසින් MI-6 එක්ක එකතු වෙනව,ඊට පස්සේ ඒ අය එක්ක එකතු වෙලා තමන්ගෙ Villain Dad ව හඹා යන්න පටං ගන්නව ❤️👌

MI-6 වලදි හම්බෙන තමංගෙ ආදරේ 😍 Agent Leiko Wu වගේම Clive retson වගේ අයත් එක්ක විවිධ missions ගණනාවකට එකතු වෙන ,Shang Chi එක වෙලාවක තමංගෙ සහෝදරියක් වෙන ,Fah loo sue එක්කත් පැටලෙනව..😍

හැබැයි මෙතනදි,Fah loo තමංගෙ තාත්ත එක්ක නෙවේ වැඩ කරන්නෙ ඒ කියන්නෙ Fu manchu ට නෙවේ..මෙයාට මෙයාගෙම වෙනම සෙට් එකක් තමයි ඉන්නෙ 😌

කෝම හරි shang Chi තමංගෙ Allays සෙට් එක වෙච්ච tarr,Dennis,Wu,reston වගේ අයත් එක්ක එකතු වෙලා Scotland වල Independent spy agency එකක් පිහිටවනව Freelance restorations ltd කියල..😁

මේ කට්ටියමත් එක්ක එකතු වෙලා කරන ගැටුම් සහ මෙහෙයුම් බර ගානකට පස්සෙ කෝම හරි Fu manchu ගෙ මරණය ස්ථිර කරන Shang Chi ඊට පස්සෙ තාත්තගෙ අපරාධ කණ්ඩායමට සම්බන්ධ වෙන හැම මර්මස්ථානයක්ම හොයල බිඳ දානව..👌
මේ හැම එකක්ම ඉවර කරන Shang Chi තමංගෙ ක්‍රියාදාම ජීවිතයෙන් සමු අරගෙන චීනයට ගිහිං මාලු අල්ලන්නෙක් විදිහට ජීවත් වෙනව 😍❤️❤️
Relaunch එකට කලිං ඉවර කරන Shang Chi ගෙ කතාව ඔහොමයි..නමුත්,Retire උනාට ආපහු Shang Chi අවස්ථා කීපයකම අපිට Mi-6 එක්ක වගේම ,Captain america වගේ චරිත එක්කත් විවිධ මිශන් වල ඉන්නව දකින්න පුලුවන් 😌😌

Marvel Now කියන Mavel Comics වල Relaunch එකේදි,Shang Chi ව Captain america සහ Iron man විසින් Avenger කෙනෙක් විදිහට බඳවා ගන්නව..😍
Infinity event එකේදි දකින්න ලැබෙන Avenger Chi එක් වරකදි Galactic Council එකත් එක්ක එකතු වෙලා mission එකකට යනව The Builders ලට විරුද්ධව..👌🥋😎
මෙතනදි Council එකේ බොහොම දෙනෙක් Builders ල අල්ල ගද්දි..Black widow,Manifold,Spider Woman එක්ක යන Shang Chi,Gauntlet දෙකක් එක පාර Weild කරල Council එකේ අයව Vaporize වෙන එක.නවත්තල ඒ අය බේරගෙන Builders ලව පරද්දනව..👌😎

ඒ එන ගැම්මටම පෘථිවියට එන ඒ වගේම විශාල Threat එකක් වෙච්ච Thanos ව නවත්තන්න යන්නත් Shang Chi ට සිද්ද වෙනව,Black Dwarf සහ ඒ ඇතුලු සේනාව එක්ක අති සුපිරි Fight එකක් දීල සුපිරිම Mission එකක් එක්ක Thanos ව Defeat කරන එන Comic run එක කියෝපු අයටනං දැං මැවිල පේන්න ඕන..😍😍

The master of Kung Fu,Shang Chi විසින් මාවල් විශ්වය පුරාම ඇවිදන් යන්නෙ ඔන්න ඔහොමයි…කියනවනං තව රස රස කතන්දර ගොඩයි..Shang chi එක්ක Wolverine පවා පට්ට interesting mission වලට සෙට් වෙලා තියනව…එන්න එහෙව් පොරක් ගෙ සුපිරිම Cinematic origin එකක් තමයි අපි දකින්න යන්නෙ..🤩

මම ගොඩක් දැං මේ වගේ කතා ඔයාලට ගේද්දි රසවත්ම ඒව එලියට දෙන්නැතිව ඉන්න හිතන්නෙ..ඇත්තටම Geek ඔයාලව Comic කියවන්න නැඹුරු කරන්න ඕන නිසාමයි..😍
Trust me with that Guys,That is one of the most wonderful world to Travel for ❤️

ඒ නිසා මේ වගේ රස කතා එකක් නෑර කියවන්න පටං ගමු…එන්න අපි උදව් කරන්නං…තාම පටං අරං නැති අය Shang Chi ගෙං පටන් ගන්න..මොකද මෙයාගෙ Comic issues තවමත් එනව..2020 දි පටං අරං එක issue එකක් විතරක් Release උන Hot පිට තියන Comic run එකකුත් තියන එකේ ඔයාලා පටං ගන්නවනං පටං ගන්න හොඳම තැනක් මෙතන…🤩



එනිවේ,Shang Chi ගැන එච්චරයි..😎
ගොඩක්ම ඉක්මනට තවත් Article එකක් එක්ක හමුවෙමු කෝ…😌

Ciao 👋
Stay Hyped ❤️
Admin-Malith M Nilupul 😎




Leave a Reply