You are currently viewing Origin Of The Watcher

Origin Of The Watcher

කස්ටිය කොහොමද ඉතින්… මේදවස් වල What If එහෙම බලන්නවා ඇති නේද ?. 😏 MCU එකේ පලවෙනි Animation series එකනෙ. අද කතාකරන්න හදන්නෙ What If එකේ ඉන්න සුවිශේෂ character එකක් ගැන. නෑ නෑ Agent Carterවත් T’ Challaවත් නෙමෙයි. Episode එකක් පටන්ගන්නකොටයි ඉවරවෙනකොටයි ටිකක් බරසාර කටහඬකින් ඩයල් එකක් multiverse එක ගැන කතාකරන්නෙ ඒ තමයි Watcher. එයා ගැන තමයි අද කතා කරන්න යන්නෙ. Ok…Let’s Begin

හරි එහෙනම් Watchr ගැන කතා කරනකොට අපිට යන්න වෙනවා 1963 ආපු Fantastic Four comic එකේ #13 වෙනි issue එකට මේකෙදි තමා අපිට Marvel comic වල Watcher මුලින්ම හදුන්වා දෙන්නෙ. මේ comic එක නිර්මාණය කලේ Legendary Comic Creatersලා දෙන්නෙක් වෙන Stan Lee සහ Jack Kirby විසින්.
Watchලා ගැන කියන්න පුලුවන් ලේසිම විදිහ තමා එයාල හැමෝම පට්ටම බලවත්, බුද්දිමත් වගේම අවුරුදු බිලියන ගානක් පුරාවට පැවතගෙන එන ජීවීන් පිරිසක්. මෙයාල කරන්නෙ marvel multiverse එකේ වෙන ඔක්කොම සිදුවීම බලාගෙන ඉන්න එක සහ කවදාවත් ඒවට මැදිහත් නොවී ඉන්න එක. නමේ හැටියටම බලන් ඉන්නවා විතරයි.👀 ඒත් ඉතින් comic කිහිපයකදිම මෙයාල ඒ නීතියට අවනත වෙන්නෙ නැතුව සමහර සිදුවීම වලට මැදිහත් වෙලාත් තියනවා.

හරි එහෙනම් දැන් යමු සිරාම කතාවට,

Watcherලා Technologically මාරම Advance ජීවින් කොට්ටාශයක්. මෙයාල වෙනත් ග්‍රහලෝක වල ඉන්න Less Advanced ජීවීන්ට උදව් කරන්න දිවුරුම් දීලා තිබුනේ. මෙයාල Nuclear Energy එක තමා මේ ග්‍රහලෝකයේ අයට දායාද කරන්නෙ.
FEAR NOT ! WE COME IN FRIENDSHIP ! WE BRING YOU THE GIFT OF NUCLEAR ENERGY. IT WILL SERVE YOUR EVERY NEED AND ADVANCE YOUR CIVILIZATION A THOUSAND YEARS ! (Comic වලින්).
ඒත් එයාල කරපු මුලිම දැනුම බෙදාගැනීමේ පරීක්ෂණයම මහා විනාශයක් වුනා. 💥 ඒ සිදුවීමෙන් පස්සෙ Watcherලා දිවුරුම් දෙනවා ආපහු කවදාවත් කිසිම දේකට මැදිහත් නොවී ඉන්න. ඒ වෙනුවට එයාල සියලුම මන්දාකිණිවල නිෂ්ක්‍රිය නිරීක්ෂකයන් බවට පත්වෙනවා. 👀

මේ වෙලාවෙ Watcherලාගෙ ප්‍රධානියා වෙන ICHOR ගෙන් එයාගෙ පුතා UATU හොඳ ප්‍රශ්නයක් අහන්නවා,

UATU – What happened if a threat emerges that could destroy the universe including us (මොකද වෙන්නෙ අපිත් ඇතුළුව මුලු විශ්වයම විනාශ වෙන විදිහෙ තර්ජනයක් ආවොත්.)

ICHOR – It dosen’t matter. we are not going to get involve. We are not going to have any involvement in this what so ever.(ඒකට කමක් නැහැ. අපි සම්බන්ධ වෙන්නෙ නැහැ.)

එයාල multiverse එක නිරීක්ෂණය කරනවා විතරක් නෙමෙය. ඒකෙ වෙන හැමදේම ගබඩා කරලා තියාගන්නවා. ඒක කියපු ගමන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති කොහෙද ඒ තරම් Data ප්‍රමාණයක් ගබඩා කරලා තියාගන්නෙ කියලා. එයාලගෙ ඔළුව ඇතුලෙද ? ඒකද එයාලගෙ ඔළු මේ තරම් ලොකු ? 😂 හොඳ ප්‍රශ්නයක් තමයි ඒත් ඔළුව එච්චර ලොකු ඇයි කියලා නම් දන්නෙ නෑ මම 😒😂. ඒත් එයාල එකතු කරන සියලුම Data ගබඩා කරන්නෙ කොහෙද කියල නම් දන්නවා 🙂. මෙච්චර කාලෙකට ජීවත් උන හැම Watcher කෙනෙක්ම එකතු කරපු දත්ත සියල්ලම ගබඩා කරලා තියෙන්නෙ CYCLOPEDIA UNIVERSUM තුල. මේක තමා සම්පුර්ණ multiverse එකේම ඉතිහාසය.

Watcherලාග Powes ගැන කතා කරනකොට තමයි පිස්සු හැදෙන්නෙ. එයාලා powers use කරන තැන් කිහිපයක්ම අපිට බලාගන්න පුලුවන්. ඒවයින් ප්‍රධාන comic book 4ක් තියනවා,
▪️Fantastic Four Volume One issues 48 සහ 400
▪️Starange Tales issue 134
▪️Uncanny X-men issue 203
මීට අමතරව තවත් තැන් කිහිපයකදිම බලාගන්න පුලුවන් ඒත් මේව තමා ප්‍රධානම.

Starange Tale comic එකේ පෙන්නනවා Watcherලාට අතීතයේ වර්තමානයේ අනාගතයේ ඕනෙම තැනකට Time Travel කරන්න පුලුවන් කියලා.

ඒ විතරක් නෙමෙයි එයාලට ජීවයක් ඇතිකරන්නත් පුලුවන් නැතිකරලා දාන්නත් පුලුවන්. තේරෙනවානෙ මේකෙ බරපතළ කම සරලවම කියන්නවා නම් තැනෝස් අච්චර අමාරුවෙන් කරන්න හදපු වැඩේ මෙයාලට නම් ගේමක්ම නෑ. සම්පුර්ණ ජාතියක්ම අතුගාල දාන්න උනත් පුලුවන් අලුතෙන්ම නිර්මාණය කරන්නත් පුලුවන්.

Marvel Universe එකෙ තියන තවත් විශේෂ Power එකක් තමා Telepathy power එක (Marvel Comic වල විතරක් නෙමෙයි තියෙන්නෙ) මේ බලය ගොඩක් දෙනෙක්ට තියනවානෙ. මේක එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ට වෙනස් වෙන්නෙ එයාලගෙ Power Range එක මත. සාමාන්‍ය Telepathy power එකෙන් කරන්නෙ අනුන්ගෙ මනස read කරන එක. ඒත් X Men Team එකේ නායකයා Professor X වගේ කෙනෙක් ඊට වඩා ගොඩක් බලවත්. අතිත් අයගෙ මනස/යටි හිත කියවන්න,පාලනය කරන්න අලුතෙන්ම අදහසක් ඇතුල් කරන්න වගෙ (Inception) දේවල් උනත් එයාට කරන්න පුලුවන්. හරි ආපහු අපේ කතාවට ආවොත්. Watcherලාගෙ Telepathy Range එක Universel scale එකෙන් තියෙන්නෙ. ඇත්තටම එයාලට මුලු විශ්වයේම ඉන්න සියලුම දෙනාගෙ උනත් මනස read කරන්න පුලුවන්. Watcherගෙ powers වලට ඇත්තටම සීමාවක් නෑ. ඒත් කිහිපදෙනක් ඉන්නවා Watcherට මනස read කරන්න බැරි.

හරියටම කියනවානම් Watcherය read කරන්න බැහැ නෙමෙයි මේ අයට පුලුවන් Watcher මනස read කරන එක වලක්වන්න. උදාහරණය විදිහට ජීන් ග්‍රේ ගෙ mind එක read කරන්න watcherට පුලුවන් ඒත් ජීන් Phoenix බවට පත් උනාම read කරන්න බැහැ. අනිත් cosmic ජීවීන් ඔක්කොටමත් Watcherව වලක්වන්න පුලුවන් Galactus, Eternity, Infinity, Ego, Living Planet වගෙ අය.

Watcherලගෙ තවත් interesting fact එකක් තමා එයාල මැරෙන විදිහ. මැරෙන එක interesting නම් නෑ තමා 😂 anyways… Uncanny X-men issue 203 comic එකේ කියන විදිහට Watcherලා මැරෙන්නෙ එයාල මැරෙන්න තෝරගත්තොත් විතරයි. ඒකියන්නෙ එයාල මැරෙන්න තෝරගත්තෙ නැත්තං එයාලා මැරෙන්නෙ සම්පුර්ණ විශ්වයම විනාශ වුනොත් විතරයි. නැත්නම් මුලු විශ්වයටම තර්ජනයක් වෙන විදිහෙ කෙනෙක්ට watcherව මරන්න පුලුවන් (phoenix වගේ කෙනෙක්…) ඒක ඉතින් කොහොමත් it make sense නෙ විශ්වයම උනත් විනාශ කරන්න පුලුවන් කෙනෙක්ට watcherව මරන්න පුලුවන් කියන එක. මේක තමා අවුරුදු ගානක් යනකන් Marvel comic වල Standard එක. කිසිම සාමාන්‍යය කෙනෙක්ට watcherව මරන්න බැහැ. ඒත් මේ ඔක්කොම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා Original Sin Event එකේදි එතන Nick Fury Watcherව මරනවා. (අම්මෝ නේත 😂… Gok එකක් නෙමෙයි මේක ඇත්තක්.) මේ සිද්දියෙන් ඔක්කොම වෙනස් වෙනවා. Watcher කෙනෙක්ව මරන්න ඒකට ගැලපෙන විදිහෙ powerful ආයුධයකින් පුලුවන් කියලා. මේකෙන් Watcher කෙනෙක් අමරණීයයි කියන කතාව සම්පුර්ණයෙන්ම නිශේද කරලා දානවා. ඒත් ඉතින් මේවා comicනෙ 2020 ආපු Fantastic Four Empire Fallout comic එකේ 1st issue එකේදි කියනවා Watcher ආපහු මරණෙන් නැගිටලා කියලා. WOW CAN YOU BELIEVE IT…🤯 comic book චරිතයක් එක වෙලාවක් මැරිලා ආපහු අවුරුදු ගානකට පස්සෙ ආපහු එයාව අරන් එනවා 😅.

ඒ කොහොම උනත් ජීවයක් සම්පුර්ණයෙන්ම නැති කරල දාන්න පුලුවන් අලුතෙන්ම හදන්න පුලුවන්, විශේෂ Telepathy power එකක් තියන පිරිසක් ඇරෙන්න විශ්වයේ ඉන්න අනෙක් සියලුම දෙනාගෙ මනස එකම වෙලාවෙ උනත් read කරන්න පුලුවන් කෙනෙක් එක්ක සටන යන්නනම් ඉතින් පිස්සු වෙන්න ඕනි.

හැම Watcher කෙනෙක්ටම වෙන වෙනම sectors වෙන් කරලා තියෙන්නෙ පෘථිවිය භාරදීලා තියෙන්නෙ UATUට. එයා ඉන්නේ හදේ තියන නිල් ප්‍රදේශයේ කියන තැන. මෙයාටම තමා Fury වෙඩි තියන්නෙ.

Fact – මුලින්ම Watcherව MCU එකේදි දකින්න පුලුවන් උනේ Guardians Of The Galaxy Volume 2 එකේ Stan Leeගෙ cameo එකින්.

Reading Recommendation

▪️What if comic ඔක්කොම ටික වගෙ
▪️මම උඩදි mention කරපු comic 3
▪️Fantastic Four Empire Fallout issue 01
▪️Original Sin
▪️King in Black Symbiote Spiderman
▪️Fantastic Four The Coming Of Galactus issue 48

හරි එහෙනම් ආපහු Origin Story එකක් හරි Series review එකක් හරි Character review එකක් හරි මොකක් හරි මගුලක් අරගෙන එනකම් හැමදාම වගේ,

Stay Safe…Stay Hype…

“I am the watcher. I observer that all transpires. But I do not,can not,will not interfere.”

Admin – Pasindu Ransilu

This Post Has One Comment

  1. I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.

Leave a Reply