You are currently viewing Marvel’s Defenders Series එක බලන්න කලින් ඔබ දැනගෙන සිටිය යුතුම දේවල්.

Marvel’s Defenders Series එක බලන්න කලින් ඔබ දැනගෙන සිටිය යුතුම දේවල්.

Defenders සීරීස් එක release වුණේ 2017 අගෝස්තු මාසේ 18 වෙනිදා…ඉතින් මේ සීරීස් එක Netflix වල release වුණ නිසා අපිට එක දවසින් එපි/Episodes සේරම බලාගන්න පුලුවන් වෙනවා නැතිනම් බාගන්න/Download පුලුවන් වෙනවා.මොකද Netflix කියන්නේ Streaming Channel එකක්.ඒකේ subscribe වෙන ඕනම කෙනෙකුට සීරීස් එහෙක එපි සේරම එක පාර බලන්න පුලුවන්.TV Channel එහෙක වගේ සතියෙන් සතියට නෙමේ Netflix එකේ episodes එන්නේ.. (මේවගේ සීරිස් වලට Web Series කියලත් කියනවා) හොඳ වෙලාවටනේ.. 😃

හරි හරි වෙන කතා ඇති…Defenders සීරීස් එක කියන්නේ Marvelලන්ගේම සීරීස් එකක්.හැබැයි මේ සීරීස් එක මීට කලින් Netflix වලම විකාශනය වුණ සීරීස් හතරක එකතුවක් නැතිනම් crossover එකක්.හරියට Iron Man (2008) ෆිල්ම් එකෙන් සිනමා ලෝකයට හඳුන්වලා දීපූ Iron Manනුයි,Captain America (2011) ෆිල්ම් එකෙන් සිනමා ලෝකයට හඳුන්වලා දීපූ Captain Americaනුයි,Incredible Hulk (2008) ෆිල්ම් එකෙන් සිනමා ලෝකයට හඳුන්වලා දීපූ Hulkනුයි,Thor (2011) ෆිල්ම් එකෙන් සිනමා ලෝකයට හඳුන්වලා දීපූ Thorනුයි සේරම Avengers (2012) ෆිල්ම් එකෙදී එකතු වුණා වගේ වැඩක් තමයි මෙතනදිත් වෙන්නේ…

මේ Defenders සීරීස් එක හැදෙන්න මූලික වුණ සීරීස් හතර තමයි Daredevil, Jessica Jones, Luke Cage සහ Iron Fist.ඉස්සෙල්ලම ආවේ Daredevil Season 1 ,ඒ 2015දී.ඊට පස්සේ ආවේ Jessica Jones ,ඒ 2015 දී.ඊට පස්සේ ආවේ Daredevil Season 2 ,ඒ 2016 දී.ඊට පස්සේ පිලිවෙලින් Luke Cage (2016)නුයි Iron Fist (2017) නුයි ආවා.ඔයාලා Defenders සීරීස් එක බලන්න කලින් අනිවා මේ සීරීස් හතර රිලීස් වුණ පිලිවෙලට බලල තියෙන එක වටිනවා.නැතිනම් ඉතින් Iron Man, Captain America, Incredible Hulk, Thor බලන්නේ නැතුව කෙලින්ම Avengers ෆිල්ම් එක බැලුවා වගේ තමයි..තේරෙනවා ඇතිනේ දැන් සීන් එක.. 😃

මේ සීරීස් පහේම සිද්ධ වෙන කතා සිද්ධ වෙන්නේ අපි හොඳටම දන්න Marvel Cinematic Universe/MCUඑකට සමගාමීවම තමයි.හැබැයි මේ සීරීස් පහ තුල කොතනකවත් MCU ෆිල්ම් වල ඉඳිය නලු නිලියෝ දකින්න ලැබෙන්නෙ නැහැ.හැබැයි ෆිල්ම් වල සිදුවන සිදුවීම් මේ සීරීස් වලට කෙලින්ම වගේම වක්‍රාකාරව සම්බන්ධයි.සමහර තැන් වලදී ෆිල්ම් වල සිද්ධ වුණ දේවල් ගැන වටින් ගොඩින් කතාවෙනව මේ සීරීස් වලදී.කොහොම වුණත් මේ සීරිස් පහම බැලුව කෙනෙක්ට තේරෙන දෙයක් තමයි MCU එක කොයිතරම් පරාසයක පැතිරිලා තියෙනවාද කියන එක.Daredevil season 1 එක පටන් ගන්නේ Avengers ෆිල්ම් එකේදී නිව් යෝක් නගරයට සිද්ධ වුණ හානිය අතකොලුවක් කරගෙන නැඟී සිටින අපරාධ කල්ලී වටා..ඔයාලත් Die hard Marvel fan කෙනෙක් නම් අනිවා මේ සුපිරි සීරීස් පහ නම් මඟහරවා ගන්න එපා..!

ඊලඟට අපි පොඩ්ඩක් මේ සීරීස් වල කතාව ගැන පොඩ්ඩක් කතාකරල ඉමු.මං මෙතන්දී කතාව Spoil වෙන විදිහට කොහොමටවත් කියන්න ලෑස්ති වෙන්නෙ නැහැ.මොකද ඒකෙන් මේ සීරිස් බලපු නැති කෙනෙකුට හානියක් වෙන නිසා.ඒ වුණත් මම මේ සීරීස් වල ප්‍රධාන චරිත ගැන කෙටිම කෙටි හැඳින්වීමක් කරන්නම්.Daredevil සීරිස් එකට පාදක වෙලා තියෙන්නේ කුඩා කාලයේදීම ඇස් අන්ධ වුණු නමුත් විශේෂිත විදිහට ශ්‍රවණ සංවේදනය වැනි අනෙකුත් සංවේදන දියුණු කරපු දිවා කාලයේදී නීතිඥයවරයෙක් වශයෙනුත් රාත්‍රී කාලයේදී අයුක්තිය අසාධාරණය වෙනුවෙන් සටන් කරන වීරයෙකුගේ චරිතය වටා.Jessica Jones සීරිස් එකට පාදක වෙලා තියෙන්නෙ අසාමන්‍ය ශක්තියක් තියෙන පෞද්ගලික රහස් පරීක්ෂවරියක් වටා.Luke Cage සීරිස් එක පාදක වෙලා තියෙන්නේ කිසිඳු දෙයකින් විනාශ කල නොහැකි පළුදු කල නොහැකි සමක් සහ ශරීර ශක්තියක් හිමි වෙඩි නොවදින,අයුක්තිය අසාධාරණය වෙනුවෙන් සටන් වදින මිනිසෙකු වටා.ඒවගේම Iron Fist සීරීස් එකට පාදක වෙලා තියෙන්නේ අසාමාන්‍ය ගුප්ත ශක්තියක් හිමි රණශූරයෙකු වටා.Defenders සීරිස් එකෙදී වෙන්නේ මේ හතර දෙනාම එකට එකතු වෙලා එයාලට විශාල සතුරු කණ්ඩායමකට එරෙහිව සටන් කිරීමට සිදුවීම.

අවංකවම කීවොතින් මේ කතා පහම එකිනෙකට වෙනස් ආකාර වලින් සිරාම සීරිස් පහක්.ඒවගේම අනිත් Marvel ෆිල්ම්ස් සහ සීරිස් වලට වඩා සාමන්‍ය ජනතාවගේ ජීවිතය ගැන කතාකරන සීරීස් 5ක් තමයි මේ.Daredevil,Jessica Jones,Luke Cage,Iron Fistලාගේ කතාව Defenders සීරීස් එකෙන් නවතින්නේ නැහැ.ඉස්සරහට මෙයාලගේ තවත් කතාසමයන්/Seasons එන්න තියෙනවා.ඒවගේම තව දෙයක් මතක් කරන්න ඕන.Punisher කියන සිරාම සුපිරි චරිතය අපිට හඳුන්වාදීමකුත් මේ සීරිස් වල එක සීරීස් එකකින් කරනවා.අනාගතයේදී අපිට Punisherගෙ වෙනම සීරීස් එකකුත් බලාගන්න පුලුවන් වේවි.
==========================================================
Comics ගැන Films ගැන TV Series ගැන වගේම Geek Stuff ගැන සිංහලෙන් දැනගන්න කැමති ඔයාල වෙනුවෙන්ම තියෙන පේජ් එකක් තමයි Hype Zone.ඉදිරියටත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා අපි ඔයාලට ආදරයෙන් ආරාධනා කරනවා. 😃

This Post Has One Comment

  1. Kusal

    😍

Leave a Reply