NWH Hype එකත් එක්ක Spiderman ලිපි සෙට් එකක්ම අපි ඔයාලට අරගෙන ආවනෙ මෙන්න තවත් ලිපියක්. 🙂
මම අද කතා කරන්න යන්නෙ මෙච්චර කාලෙකට ඉදපු Powerfulම Spiderman ගැන 🤩. නිකමට හිතලා බලන්න Friendly Neighborhood Spiderman හරියට DCලාගෙ Superman වගේ powerful කෙනෙක් උනොත්… අදහසක් තියනවාද…😏
ඔව් එහෙම කෙනෙක් ඉන්නවා. ඒ තමා Cosmic Spiderman 😎. හරි එහෙනම් අපි බලමු කවුද මේ Cosmic Spiderman කියන්නෙ කියලා…
මම මේ කතා කරන්නෙ Spiderman Captain Universe වුන අවස්තාව ගැන. හෝව් හෝව් කවුද එතකොට මේ Captain Universe කියන්නෙ. මේක Title එකක්. එයාව හදුන්වන්නෙ Physical Manifestation of the Uni power කියලා. ආපහු ප්‍රශ්නයක් මොකක්ද මේ Uni power කියන්නෙ. සරලවම කියනවම් මේක ශක්තියක්. Captain Universe කෙනෙක්ව විශාල වශයෙන් විශ්වයට අවශ්‍ය වුන වෙලාවක තෝරගත්ත විශේෂ කෙනෙක්ට ලැබෙන්න බලයක්. කොහොම උනත් විශ්වීය සමතුලිතතාවය ආරක්ෂා කිරීමේ අරමුණින් Uni power විසින් ධාරකයෙක් (Captain Universe කෙනෙක්) තෝරා ගත්තට පස්සෙ තමයි එයාලට Comics powers ලැබෙන්නෙ. මේ Captain Universe Title එක ලැබෙන අයට එයාගෙ බලයන් සහ එයාගෙ වගකීම ගැන හොද අවබෝධයක් තියෙනවා. මේ නිසාම කවුරු Captain Universe උනත් එයාල හැමෝම එකම වගේ.
හරි දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති අපේ පීටර් පාකර් මහත්තයා Captain Universe කෙනෙක් වෙන්නෙ කියලා. I am getting there…😏 The Spectacular Spider-Man කොමික් සීරියස් එකේ #158 වෙනි issue එකේදි තමා අපිට මේක බලාගන්න පුලුවන් වෙන්නෙ.
පීටර් Empire University ඉන්න මහාචාර්ය කෙනෙක්ට උදව් කර කර ඉන්න වෙලාවක විද්‍යාගාරේ තිබුන machine එකක් over load වෙලා පුපුරනවා. මේ පිපුරුම නිසා පීටර්ගෙ ශරීරය පුරාම cosmic energy එක ගමන් කරනවා. ඒක නිසා තමයි එයාට මේ Captain Universeගෙ Cosmic Powers ලැබෙන්නෙ. නමුත් මේක අනතුරකින් වෙන සිදුවීමක් නිසා Captain Universeගෙ Consciousness එක පීටර්ට ලැබෙන්නෙ නැහැ. ඒ නිසාම තමන්ට ලැබුන මේ powers ගැන පීටර්ට කිසියම අදහසකුත් නෑ…
මේක නිසා පීටර් කොච්චර powerful වෙනවාද කියනවා නම්… Marvel Universe එකේ ඉන්න powerfulම Android කෙනෙක් වෙන Dragon man සහ ලොකීගෙ නිර්මාණයක් වෙන Tri Sentinel කියන දෙන්නාවම අපේ ස්පයිඩි එක අතක් විතරක් පාවිච්චි කරලා පරද්දනවා. ඔයා Dragon man සහ Tri Sentinel ගැන දන්නවා නම් ඔයාට පීටර්ගෙ power එක ගැන තේරෙනවානෙ.
හැබැයි මේක තමා හොදම සිද්දිය… පීටර් එක පාරක් Marvel Universe එකේ ඉන්න ශක්තිමත්ම කෙනෙක් වෙන Grey Hulkට අභ්‍යවකාශයට විසික්වෙන්න පාරක් ගහනවා 😂. නෑ නෑ මේක writing mistake එකක් නෙමෙයි. ඊට පස්සෙ පීටර් පියාබලා ගිහිල්ලා orbit එකේ පාවි පාවි හිටපු හල්ක්ව ආපහු පෘථිවියට අරගෙන එනවා. 🙂
දැන් අපි බලමු මේ Cosmic Spidermanට තියන powers මොනාද කියලා…
Matter control කිරීමෙ හැකියාව වගේම Four Fundermental forces control(සතර මූල ධාතූන් කියන්නෙ) කිරීමේ හැකියාවත් තියනවා. මේකත් එක්ක අංශුවල ස්වභාවය වෙනස් කරලා එයාට ඔනීම දෙයක් නිර්මාණය කරගන්නත් ස්පයිඩිට පුලුවන් වෙනවා. ඒක නිසාම එයාට ඕනෑම විදිහක Radiation එකක් එහෙම නැත්තං Energy Beam එකක් උනත් හදලා ඒවයින් පහර දෙන්න පුලුවන් වෙනවා. කෙටියෙන්ම කිව්වොත් මෙයාට සම්පුර්ණ ග්‍රහලෝකයක් උනත් එක තත්පර ගානකින් විනාශ කරලා දාන්න පුලුවන් වෙනවා. ඒ වගේම කිසිම අනතුරක් වෙන්නෙ නැති නිසා කළු කුහරයක තියන පීඩනය උනත් ස්පයිඩර් මෑන්ට දාරාගන්න පුලුවන්. පිස්සු නේ 🤯😳🔥 මේ ලිස්ට් එක දවසක් උනත් අදින්න පුලුවන්. මම මෙතනින් නවත්තනවා. ඔයාට අවබෝධයක් ලැබෙන්න ඇතිනෙ දැන් powers ගැන.
Marvel විශ්වයේ ඉන්න බලවත්ම චරිතයක් වෙන Captain Universe කෙනෙක්ගෙ Powers කියලා නිම කරන්න බැහැ.
ඒත් Main Spiderman වෙන 6160 Universe එකේ ස්පයිඩි Tri Sentinelව පරාද කරාට පස්සෙ එයාගෙ මේ cosmic powers නැති වෙනවා. ඒත් 9111 zero Earth එකේ ස්පයිඩර් මෑන්ගෙ cosmic powers එයාගෙන් නැතිවෙන්නෙ නැහැ. මේ powers එක්ක එයාට තියන වගකීම් තවත් වැඩිවෙනවා.
දන්නවානෙ කතාව ‘Great Power Comes with Great Responsibility’ 😉
ඔයාල ආදරය කරන Friendly Neighborhood Spidermanට cosmic powers ලැබුනෙ මෙහෙම තමයි. එහෙනම් අපි කැපුනා. 17 වෙනිදාට සෙට් වෙමු…❤️
තව මේ වගේ ලස්සන ලිපි කියවන්න අපේ Hype zone page එකට සෙට් වෙන්න.
ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න, දන්න දේවල් share කරගන්න අපේ HYPE Community එකටත් සෙට් වෙන්න.
තව දෙයක් තියෙනවා. ඔයාලට අපි දාන ලිපි කියවන්න විතරක් නෙමෙයි ඔයා ආස දේවල් ගැන video බලන්නත් දැන් ඔයාලට පුලුවන්, ඒකට අපේ Hype Zone Youtube Channel එකට සෙට් වෙන්න.
https://youtube.com/c/HypeZone
ආහ්…ඒ වගේම අපේ අලුත්ම වැඩේ තමයි Hype Zone web එක .ඉතිං මෙකෙන් ඔයාලට අපේ article ,podcast සහ අපේ youtube video ඔක්කොම බලන්න පුලුවන් .ඒ විතරක් නෙමෙයි comic reading recommendation an geek ලෝකයේ latestම newsත් බලාගන්න පුලුවන් එහෙනම් දැන්ම ගිහින් බලන්න …මෙන්න link එක http://hypezone.lk
Admin – Pasindu Ransilu (Jughead Jones) 😎
#Spiderman #SpidermanNoWayHome
Superb bro❤🔥
ado me man meka youtube ekata upload karath aulakdha