You are currently viewing Black Panther සහ Wakanda වල වගතුග

Black Panther සහ Wakanda වල වගතුග

හරි ගායිස් එහෙනම් ඔන්න Hype Zone එකෙන් අපි ආවා තවත් රසවත් පුංචි කතාවකුත් අරගෙන ඔයාලා සමග බෙදාගන්න…..
මේ පෝස්ට් එක කියවන අයගෙන් 99% ක්ම වගේ පිරිසක් අනිවාර්යයෙන්ම Captain america සිවිල් වෝර් බලලා ඇති ..එහෙම නේද..ඉතින් ඔන්න ඔය කතාවේ දී අපි හැමෝම අපේක්ෂා නොකර විදියට සප්‍රයිස් එන්ට්‍රන්ස් ගොඩක් තිබුනා …ඔවු මුලින්ම මතක් වෙන්නේ ස්පයිඩර් මෑන් ව තමයි 😃 ….ඒත් තවත් අපූරු මාවල් කොමික් චරිතයක ප්‍රථම චිත්‍රපටි ආගමනය..තව විදියකින් කිව්වොත් mcu එකේ debut එක යෙදිලා තිබුනා.ඒ කවුරුවත් නෙවේ එක පාරටම කොහෙද ඉඳලා ආපු කළු අමුතු කිට් එකක් ඇඳගත්ත තරමක් දුරට බැට් මෑන් වගේ කළු හාදයෙක්. මේ වෙන කවුරුවත් නෙවේ මාවල් කොමික් වල ඉන්න තවත් powerhouse හීරෝ කෙනෙක් වෙන Black Panther. මෙයා ගැන කොමික් කියවපු අය ඇනීමේටඩ් සීරිස් බලපු උදවිය නම් දන්නවා ඇති.ඒ ත් ගොඩක් අයගේ ඉල්ලිම මත අපි හිතුවා මේ ගැනත් ටිකක් කතා කරොත් වටිනවා කියලා .අද පෝස්ට් එකෙන් අපි මෙයා ආවේ කොහෙන්ද..ඒ පැත්ත ගැන ,කල්චර් එක ගැන සහා ඉතිහාසය ඇතුලුව පොඩි විස්තරයක් කතා කරන්න තමා බලාපොරත්තු වෙන්නේ.ඉතින් එහෙනම් අපි කතාවට බහිමු.

අපේ කතා නායකයා, Black Panther කියන්නේ ගෝත්‍රික පරම්පරාවකින් පැවත එන කෙනෙක් කියලා මම කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද ? …හරි මෙහෙම ගමු මෙයාගේ ගෝත්‍රික නම තමයි T’challa (ටී චල්ලා.) .කවුද මේ බ්ලැක් පැන්තර් කියන්නේ කියලා මේ කතාවේ තවත් පසුවදී වටහාගමු අපි.මුලින්ම අපි මේ හාදයා කොහෙන් පහත් වුන කෙනෙක්ද කියලා බලමු .ඩයල් එක පැවත එන්නේ Wakanda (වකන්ඩා) කියන තුන්වෙනි ලෝකේ රටක් විදියට සලකන එහෙමත් නැත්නම් තාමත් ප්රිමිටිව් ගෝත්‍රික ගොබ්බ ඩයල් ඉන්න රටක් විදියට සලකන රාජ්‍යකට . සීන් එක කියන්නේ එහෙම තමයි පට්ට කාලයක් යනකන් SHIELD එක සහා බර ගානක් marvel universe එකේ කස්ටිය හිතන් ඉන්නේ .ඔවු කලින් කිව්වා වගේ වකන්ඩා කියන්නේ ගෝත්‍රික මිනිස්සු පිරුන තාම දියුණු නොවුන හෙන පොඩි ප්‍රදේශයක් තමයි ඒත් ඒ මීට අවුරුදු දහස් ගානකට කලින් .අපි මේ කතා කරන කාලේ වෙනකොට මාවල් යුනිවර්ස් එකේ හැටියට වකන්ඩා කියන්නේ දැනට අවුරුදු දහස් ගානක් තිස්සේ පැවත එන පට්ටම දියුණු ශිෂ්ටාචාරයක්.කොයිතරම් දියුණුද කිව්වොත් ඉතින් අපි දැනට මාවල් යුනිවර්ස් එකේ ටෙක් වැඩ්ඩෙක් විදියට දකින අපේ ටෝනි ස්ටාක් යූස් කරන ටෙක්නොලොජි එක , එක එක ගැජමෑටික්ස් ,ටෝනි ඉපදෙන්නත් කලින් ඉඳලා වකන්ඩාවල යුස් කරලා තියෙනවා .ඒ වගේම ඒ ශිෂ්ටාචාරයේ බහුතරයක් මිනිස්සු සාපේක්ෂව ගත්තාම අන් ලෝකේ සිටින සියලුම මිනිස්සුන්ට වඩා බුද්දිමත්.තවත් දෙයක් තමා මේ වකන්ඩාව පට්ටම විදියට පෝසත්.මේ ශිෂ්ටාචාරය කොයිතරම් පරණද කිව්වොත් මෙහි ඉතිහාසය සමහර තැන් තාම රිවීල් වෙලා නෑ.

වකන්ඩා ඇත්තටම පිහිටලා තියෙන්නේ අප්‍රිකානු මහදිවිපයට අයිති රටවල් වෙන චැඩ් ,ලිබියා,සුඩානය ,ඊජිප්තුව කියන රටවල් වලට ආසන්නයේ හුදෙකලා ව පිහිටි බිම් ප්‍රදේශයක් තුල.වකන්ඩාව තුල විශේෂයෙන්ම පැවත එන්නේ ඊජිප්තුව හා සම්බන්ද වුන කල්චර් එකක්.මෙයාලා විශේෂයෙන්ම අදහන දෙවිවරුන්ගේ ඉඳන් මෙයාලාගේ සියලුම සිරිත් විරිත් ඒක සනාත කරනවා. අපිට දැනගන්න ලැබෙන විදියට වකන්ඩා වල ප්‍රධාන වශයෙන් අදහන දෙවි කෙනෙක් තමයි ආමෙන් රා දෙවි හෙවත් හිරු දෙවියන්ගෙන් පැවත එන බැස්ට් නම් දේවතාවිය.මෙයා මේ වකන්ඩාව ආරක්ෂා කරන බලල් ආත්මයකටත් සමාන කරලා තියෙනවා.ඇය සුදුපාට ව්යාග්රයෙක් ලෙස පෙනී සිට සිය අදහනන් ව ආරක්ෂා කරන බව මොවුන් තුල දැදිව ගැබ් වුන විශ්වාසයක් තියෙනවා.ඉතින් තව දුරටත් වකන්ඩා ගැන කතා කරොත් වකන්ඩාව කියන රට සම්ප්‍රදායික ගෝත්‍රික රටක් ලෙසම පැවැටහෙන එකෙන් වැලකීමට ප්‍රධානම හේතු සාදකයක් වුනේ අවුරුදු දහස් ගණනකට පෙර මෙම ප්‍රදේශයට වැතුන උල්කාපාතයක් නිසා .මෙම උල්කාපාතය ඒ වෙනකොටත් සොයාගෙන නොතිබුන ඉතාමත් powerfull ලෝහයක් වෙන vibranium කියන ලෝහයෙන් සමන්විත වුන උල්කාපාතයක්.ඉතින් vibranium වල ඔයිතරම් තියන විශේෂත්වය ? මෙම ලෝහයට හැකියාව තියෙනවා එය මතට එන ඕනම සවුන්ඩ් එකක් ,කම්පනයක්,චාලක ශක්තියක් වැනි දේ වල අවශෝෂණය කරගන්න.ඒ නිසාම තමා මේක ගොඩක්ම ශක්තිමත්ම ලෝහයක් බවට පත් වෙන්නේ.ඉතින් කතාවට එමුකො . මේ උල්කාපාතය වැටෙනකොට ඒ ප්‍රදේශයේ සිටිය ගෝත්‍රික පිරිසකට මෙම උල්කාපාතය හමුවෙනවා..ඉතින් මේක දිහාවට ගොහින් මේ ගැන විපරම් කරන අතර තුරේ හරි අමුතු සිද්දියක් වෙනවා…මෙන්න මෙහෙමයි, මේ උල්කාපාතයෙන් ආපු රේඩියේෂන් නිසා මෙයාලගේ සෙට් එකේ කස්ටියක් එකපාරටම mutate වෙලා යක්ෂ ආරුඩ වෙලා යකා නටන්න ගන්නවා.ඉතින් මෙතැනදී මේ ගෝත්‍රික කණ්ඩායමේ නායකයා විදියට හිටපු “බශින්ගා” ඉදිරියට ඇවිත් තී රණය කරනවා මේ අහසෙන් ආව අමුතු වස්තුව අපිට දෙවියන්ගෙන් ලැබූන තෑග්ගක්, ඒ නිසා අපි මේක ආරක්ෂා කරලා ඒ වගේම මේ ප්‍රදේශයේ ඉන්න සියලුම සතුරු බලවේග පලවා හරින්න සටන් කරනවා කියලා අදිටනින් වෙනමම නිකායක් විදියට black panther නිකාය පිහිටවා ගන්නවා .මේ wakanda වල තිබුන එක එක දෙවියන් අදහන නිකායන් වලින් එක නිකායක් විතරයි.ඒ වගේම අපිට මෙයාලාව හොඳ කස්ටිය විදියට සලකන්නත් පුළුවන් ඉතින්. බශින්ගා එම black panther නිකායේ නායකයා විදියට ඒ වගේම ඒ ප්‍රදේශයේ ආරක්ෂකයා විදියට පලවෙනි black පන්තෙර් බවට පත් වෙන්නේ මෙන්න මෙතැනදී.(මෙයාලා බ්ලැක් පැන්තර් නිකාය විදියට සැලකුවේ මෙයාලා ඇදහුවේ මන් කලින් සඳහන් කර දේවතාව වෙන බෑස් නම් ඊජිප්තු දේවතාව නිසා ඇය ව්යාග්ර ආත්මයකින් පෙනී සිටින නිසා )

ඉතින් මේ බශින්ගා ගෙන් පටන් ගත්ත ඒ පරම්පරාව තමයි මේ මන් කලින් කියපු අපේ කතා නායකයා වෙන ටී චල්ලා දක්වාම ආවේ .බශින්ගා ගෙන් පසුව ඔහුගේ පුතාටත්,ඉන්පසු ඔහුගේ පුතාටත් වගේ ඇවිත් ටී චල්ලා හට ඔහුගේ පියා වුන ටී චකා ගෙන් මෙම තනතුර හිමි වුනා ඔහුගේ දේශයේ ආරක්ෂකයා විදියට.ඉතින් අපි හොඳටම තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මොහු මුලදී සුපර් හීරෝ කෙනෙක් නෙවේ ,සිය ප්‍රදේශයේ රජු සහා ප්‍රදේශයේ ආරක්ෂකයා පමණයි කියලා.ඉතින් තවත් ඉස්සරහට මෙයාලා ගැන කතා කරොත් මේ බ්ලැක් පැන්තර් කියන තනතුර ගන්න එකත් හරි ලේසි පහසු කටයුත්තක් නෙවෙයි.තාත්තාගෙන් පුතාට තනතුර පැවත ආවා කිව්වට අපේ ලංකාවේ පට්ටම් හම්බෙනවා වගේ ආ මේන් කියලා පුදන්නේ නෑ,මොන රජාගේ පුතා වුනාත් මේ බ්ලැක් පැන්තර් නිකායේ ආරක්ෂකයා විදියට ඊලඟට පත් වෙන කෙනාට පට්ට ටෙස්ට් එකක් හම්බෙනවා කම්ප්ලීට් කරන්න.මුලින්ම එයාට සිද්ද වෙනවා එයාලාගේ ගෝත්‍රයේ ඉන්න නායකයා වගේම හොඳම රණශුරයෝ 6 දෙනෙක් එක්ක සටන් කරලා දිනන්න.මේකෙන් පැහැදිලි කරන්නේ ඊලඟ ආරක්ෂකයා ලෙස පත් වෙන බ්ලැක් පැන්තර් සතු රණශුරත්වය ,එඩිතර බව වගේ ගුණාංග.ඒකෙන් සමත් වෙන කෙනාට තව ටෙස්ට් එකකට ඉන්න වෙනවා .ඒක ටිකක් ගුප්ත සහ අධ්‍යාත්මික පැත්තට බර දෙයක් .මේ වකන්ඩා වල හැදෙන සුවිශෙෂ පැළෑටියක් තියෙනවා “හාර්ට් ” (Heart) එකක ස්වරුපයෙන් යුත් මේ බ්ලැක් පැන්තර් නිකායේ ය විශ්වාස කරන්නේ ඒක එයාලාගේ දෙවඟන බෑස් විසින් ඔවුන්ගේ නිකායේ නායකයා වෙන්න ඉන්න කෙනාට ශක්තිය ලබාදෙන්න මවපු දෙයක් කියලා ඒත් ඇත්ත කතාව තමයි මෙතන එදා මේ ප්‍රදේශයට උල්කාපාතය වැටුනාම රේඩියේෂන් එකෙන් විකුර්ති වුණේ ගෝත්‍රික මිනිස්සුම විතරක් නෙවේ . ඒ අවට තිබුන ගස් වැල් වලටත් මේක බලපෑවා.ඉතින් එහම බලපාපු නිසා ප්‍රතිපලයක් විදියට මේ පැළෑටිය හැදීලා තියෙන්නේ.වකන්ඩාවල විශ්වාසයට අනුව හරි උරුමක්කාරයාට මෙම ගින් සිය ගෝත්‍රය වගේම මුළු වකන්ඩාවම ආරක්ෂා කිරිමට කායික වගේම ආධ්‍යාත්මික මිස්ටිකල් ශක්තියක් දෙනවා කියලා.ඉතින් මෙයාලා මේ ඊලඟට තෝරාගන්න නායකයාගේ ඇඟ පුරාම මෙම පැළෑටිය අතුරලා මොවුන්ගේ රිචුවල් එක complete කරනවා .විශ්වාස වල හැටියට දෙවියන් මොහුව නායකයා ලෙස පත් කරනවානම් මොහුට ශක්තිය ලබා දෙනවා ඊලඟට black panther වෙන්න එසේත් නැත්නම් මොහුට මෙම පැළෑටිය විෂ වී මිය යනවා කියලත් සඳහන් වෙනවා .(ලේසි නෑ පුතේ හොඳේ ).ඉතින් ඔහොම තමයි බ්ලැක් පැන්තර් කෙනෙක් ව පත් වෙන්නේ.

ඉතින් අපි තව ඉස්සරහාට වකන්ඩා ගැන පොඩ්ඩක් කතා කරමු.බශින්ගා ගේ පාලන කාලය ආරම්බයේ මුලදී ඔවුන්ගේ එකම පරමාර්ථය වුනේ වයිබ්‍රේනියම් නිදිය ආරක්ෂා කිරීම හා යක්ෂ ආත්ම එහෙම නැතුව හරියට කිව්වොත් වයිබ්‍රේනියම් රේඩියේෂන් එකෙන් mutate වුන අයව පලවා හැ රලා මුළු වකන්දාවම ආරක්ෂා කරන්න.කාලයත් එක්ක ඉතින් මේ යක්ෂා ආත්ම පලවා හැරලා මොවුන් නැතටම නැතිවෙලා ගියාට පස්සේ මොවුන්ගේ පරම්පාරාවන් ඉස්සරහට එනකොට මෙයාලාට හිතුනා මෙයාලා ගාව මේ තියෙන විශේෂ ලෝහයෙන් වැදැක ගන්න.ඉතින් මෙයාලා තීරනය කරා මේ ලෝහ වලින් සැලකිය යුතු ප්‍රමාණයන්ගෙන් ඉතා කුඩාම තරමින් විකුනලා සල්ලි හොයන්න. මොවුන් ඉතාම අපුරු දෙයක් කරනවා , මේ කාලේ වෙනකොට ලෝකේ සියලුම රටවල් වලට වඩා මොවුන්ගේ දියුණුවෙන් ඉදිරියෙන් සිටියත් මොවුන්ට තව තවත් ගොඩක් එය වර්ධනය කරගන්න වුවමනා වුනා.මේ වෙනකොට ලෝකේ ඇඩමෑන්ටියම් කියන ලෝහය හොයාගෙන තිබුනේ නෑ.( වුල්වරීන් ගේ සහ ලොරාගේ ඇඟේ තියෙන්නේ )..ඉතින් මෙයාලා ඉතාමත් රහසිගතව මෙම වයිබ්‍රේනියම් කියන ලෝහය පොඩි ප්‍රමාන වලින් විකුනලා ගොඩක් සල්ලි හම්බකරා.ඉතාම කෙටි කාලයකින් ගොඩක් පෝසත් ජනපදයක් බවට පත් වෙන්න ප්‍රධානම හේතුව මේක වුණා .ඉතින් මෙත් සමගම ඇත කාලයේ ඉඳන් මොවුන් මේ වකන්ඩාවේ සිටින black panther නිකායේ අයගෙන් තෝරගත් විශේෂ පුද්ගලයින් ව ලොව පුරා තියෙන හොඳම විශ්ව විද්‍යාල වලට යැවුවා.බයෝ සයන්ස් සිට රොකට් සයන්ස් ,ටෙක්නොලජි,ඉන්ජිනියරින්ග් වෙනකන්ම හැම විෂයක් දක්වාම හැම පැතිකඩක්ම ,සංස්කෘතිය වේවා ,මාශල් ආර්ට්ස් පවා මොවුන් හැදෑරුවා ලෝකේ විවිධ ප්‍රදේශ වලට ගිහින් හොදම විශ්ව විද්‍යාල වලින්.ඉන් අනතුරුව මොවුන් වකන්ඩා වලට ඇවිත් ඒවා තම නිකාය තුල බෙදා හදාගත්තා.ඉතාමත් ම කෙටි කාලයකින් මොවුන් සල්ලි,දැනුම හැම අතකින්ම දියුණු වෙන්න ගත්තා..එත් එක්කම මොවුන් තීරණය කරා සියලුම දේවල් මොවුන්ම අත්හදා බලන්න.මේ හැම දෙයකම ප්‍රතිපල ලෙස අවුරුදු සියගානකින් එපිට එන්න තිබුන දේවල් මොවුන් ඉතාමත් ම ඉක්මනින් වයිබ්‍රේනියම් ද යොදා ගනිමින් සොයා ගත්තා..කාලයක් යන විට මොවුන් පෘතුවිය තුලම සිටින අනාගතයෙන් ආව සෙට් එකක් තරමටම දියුණු වුනා.විවිධ ආකාරයී transportation ඩිවයිස්, ටෙලිපොර්ට් වෙන්න පුළුවන් ටෙක්නොලජි, ලොකු යානා , නවීණ ආයුධ ඒ වගේම මොවුන් පිළිකාව සඳහා 100% ප්‍රතිකාරයන් සොයා ගෙන තොබෙන තරමටම දියුණුයි .ආතල්ම සීන් එක කියන්නේ මුන් මොන මගඩිය කරත් අන්තිමට පිට ලෝකයට වකන්ඩා ව සඟවා තබා ගන්න මොවුන් සමත් වුනා.සමහරු වකන්දා කියල තැනක්තියනවා කියලා දැනං හිටියත් මෙච්චර දියුණු තැනක කියලා දැනං හිටියේ නෑ.මොවුන් දියුණුවත් සමගම මොවුන්ගේ දේශ සිමාව වටා මොවුන්ව පිට ලෝකෙන් වසන් ව තබා ගැනමට හැකි ආවාරණයක් පවා සදා ගත්තා.ඉතින් ඔන්න ඔහොම තමයි කාලයත් එක්ක වකන්දා පොඩි ගෝතරික ජනපදයක ඉඳලා පට්ටම advance රටක් බවට පත් වුනේ.ඒ වගේම වකන්ඩා රාජ්‍ය කොමික් ඉතිහාසයේ එකම එක වතාවයි ආක්‍රමණයකට ලක්ව තියෙන්නේ ඒ ඇරෙන්න ඉතින් ඉතාමත් ආරක්ෂිතම රාජ්‍යක් විදියට තමයි සලකලා තියෙන්නේ.

Black Panther නිකායට අයිති බශේන්ගා ගෙන් පටන් ගත්ත black panther මැන්ටල් එක එම නිකාය වගේම මුළු වකන්ඩාවේම ආරක්ෂකයා, නායකයා එහෙම නැත්නම් රජු විදියට සිටිය නමුත් Black Panther නිකායට අමතරව තවත් නිකායන් කිහිපයක්ම වකන්දා වල විවිධ පැති වලට විහිදුනා.මන් කලින් කිව්වානේ වකන්දා වල ආගම් හෝ නිකාය හැදීලා තියෙන්නේ ඊජිප්තු දෙවියන් ආභාෂ කර ගෙන කියලා.ඉතින් මේ මන් මතක් කරන අනෙක් නිකායන් වලත් අදහන දෙවියන් ඊජිප්තු ආගම් වල මතුවෙන ය.නිකායන් වල නම් ගත්තොත්

White Gorilla :

මෙම නිකාය පාදක වෙලා තියෙන්නේ ඊජිප්තු දෙවි කෙනෙකු වන Ghekre, the Ape God.(ගෙක්රේ) දෙවියන් යටතේ.කෙසේ නමුත් මොවුන් ව වකන්ඩා වෙන් නෙරපූ නිකායක් විදියටයි සලකන්නේ.ඒකට හේතුව මොවුන් ගේ මිලේච්ඡ හැසිරිමක් වුන වකන්ඩා වල ඉන්න සුදු ගොරිල්ලන් ව ආහාරයට ගැනීමයි.මොවුන් විශ්වාස කරේ එමගින් ඔවුන්ට දෙවියන්ගෙන් ආශිර්වාදය හා ශක්තිය ලැබෙන බව. ටීචල්ලා ගේ ඉතාමත් ම දරුණු ප්‍රතිවාදියෙක් වුන Man-Ape (M’Baku) පවා පැවත එන්නේ මෙම නිකායෙන් .(ට්‍රේලර් එකේ ඉන්නවා ඩයල් එක)

Lion Cult

මොවුන් ගැන ලොකු සඳහනක් නොමැති නමුත් මොවුන් ඊජිප්තු දෙවි කෙනෙකු වොඅන ස්කෙමෙට් (The Lion God) ව අදහන අතර කාලයත් සමග මොවුන්ගේ අනුගාමිකයින් පැන්තර් නිකායට පැමිණ ඇත.

Crocodile Cult

මොවුන්ද සොබෙක් නම් ඊජිප්තු දෙවියන් අදහන ගෝත්‍රික කොට්ටාෂයකි.මෙම නිකායද බොහෝ සෙයින් වියැකී ගොස් ඇති නමුත් තවමත් ඉතා සුළු ප්‍රමාණයෙන් අදහන්නන් වකන්ඩාව තුල සිටිනවා .

Hyena Clan

මොවුන් වකන්ඩාව පුරා විසිර සිටින තවත් scavengers ලා පිරිසක්.

ඉතින් මේ ගෝත්‍රික නිකායන් සියල්ලම එකතුව තැනුන ඉතාමත් විශාල සමාජයක් වකන්ඩාව සතුව තිබෙනවා ඒ අතර මේ සමාජය තුල නිකායන් අතර නිතරම පාහේ ගැටුම් සුලබව දක්නට තිබෙන බවත් ඒ සියලුම ප්‍රශ්න වකන්ඩා රාජ්‍යයේ නිත්‍ය රජු( black panther නිකායේ ) ඔස්සේ සමතයකට පත් වෙනවා.

කෙසේනමුත් තව කරුණක් ගැන අපි කතා කරොත් ජොනතන් හික්මන් යටතේ ලියවුන ෆැන්ටාස්ටික් 4 කොමික් මාලාවේදී ඔහු වකන්ඩා රාජ්‍යට තවත් උප නගරයක් හඳුන්වා දෙනවා නෙක්රෝපොලිස් කියලා. මෙම නගරය විශේෂ වන්නේ මෙය මළවුන්ගේ නගරය ලෙස හඳුන්වන නිසා .ඒ මොකද කිව්වොත් ජොනතන් හික්මන්ට අනුව වකන්ඩා වල රජවරුන් එහෙම නැත්නම් බ්ලැක් පැන්තර් ලා මිය ගියාම ඔවුන්ගේ සොහොන ලෙස යොදා ගන්නේ මෙම නගරයයි.ඉතින් සියලුම මිය ගිය black panther ලා මෙහි වලදමා තියෙනවා කියලා තමා මොහො අර්ථකථනය කරේ.මෙය තවත් wall of knowledge ලෙසත් හඳුන්වනවා ඒ මොකද කිව්වොත් වර්තමානයේ රජාව සිටින Black Panther හට මෙම නගරයේදී කලින් මියගිය black panther ලා හට කතා කරන්න පුළුවන්..ඔවුන්ගෙන් උපදෙස් ගන්න පුළුවන් කියලා තිබෙනවා..සහ තවත් දෙයක් කිව්වොත් ජොනතන් රික්මන් ම මෙම කොමික් ඉශු එකේ කියලා තියෙනවා black panther කෙනෙක් මිය ගියාමක් ඊළඟට ක්‍රවුන් එකට එන Black Panther හට එම පෙර මියගිය සියලු අයගේ ශක්තිය ,දැනුම ලැබී පෙර සිටි කෙනාටත් වඩා සුපිරි වෙනවා කියලා.. 😃

ඉතින් අපි ටිකක් වකන්ඩා ගැන කෙටියෙන් කතා කරා නේ.අපි දැන බලමු අපේ මේ දැන් ඉන්න black panther එහෙම නැත්නම් ටී චල්ලා ගැන ටිකක්.
T’Challa (ටීචල්ලා) ට ඔහුගේ පියාගෙන් තමයි (T’Chaka ටී චකා ) මෙම තනතුර ලැබෙන්නේ.කොමික් වලදී මොහුගේ පියාව අලයිසිස් කෘස්(ඒජ් ඔෆ් අල්ට්රෝන් එකේ ඉන්නවා ඩයල් එක ) විසින් මරනවා සමුළුවකදී මේ නිසා මොහු හට වකන්ඩා වලට පිටින් මිනිස්සු ගැන තියෙන්නේ එතරම් හොඳ පැහැදීමක් නෙවේ .කෙසේ වෙතත් මොහු අවශ්‍ය රිචුවල්ස් සියල්ල සම්පුර්ණ කොට රජකම ගතත් පස්සේ මොහු වකන්ඩා වල පමණක් නෙවේ මුළු ලෝකෙම සිටින දරුණුතම ,ශක්තිමත්ම පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙහෙමයි මොහු කුඩා කල සිටම ලොව තිබෙන බොහෝ සටන් කළා අධ්‍යනය කර තිබෙනවා(කොමික් වල හැටියට මාවල් යුනිවර්ස් එකේ තිබෙන සියලුම සටන් කළා හදාරා තියනවා මොහු).වෙපන් එකක් තිබුනා හෝ නැතුව මොහුට ඕනෙම කෙනෙක් සමග සටන් කිරීමට හැකියාව තිබෙනවා.සහ මාවල් යුනිවර්ස් එකේ හැටියට පෘතුවියේ තිබෙන සියලුම ආයුද හැසිරවීමේ හැ කියාව මොහු සතුව තිබෙනවා .මොහුගේ ඉලක්කය,මොහුට සතුරන්ව ට්‍රැක් කිරීමට හැකියාව ඉතාමත් දරුනුම ලෙස ඇති අතර ඒ සියල්ලම මොහුට වයිබ්‍රේනියම් වලින් හදපු black panther suit එක නැතුව කරන්න පුළුවන්.පොඩ්ඩක් හිතල බලන්න suit එකත් එක්ක ඩයල් එකට කරන්න පුළුවන් දේවල්,මොහුගේ හැකියාව,stealth ability එකේ හැටියට නින්ජා ලා පවා නිකන් පොඩි අය ගානට වැටෙනවා.මාවල් කොමි එක ඉෂු එකක මොහු නින්ජා ලා සිටින නගරයක් කිසිම හැල හොල්මනක් නැතුව තනියම ආක්රමනය කරනවා.මොහු විශේෂ වෙන අනිත් හේතුව තමයි මොහුගේ පරම්පරාවෙන් ලැබෙන black panther කිට් එක.අද වෙනකොට මේ කිට් එකට ගොඩක් upgrades ඇවිත් තියෙනවාට්‍රේලර් එකෙත් අපි දැක්කා .මෙම කිට් එක ගැන කතා කරොත් ඉතින්. මේකට තියෙන abilities බැලුවාම යන් මෑන් ආමර් එක සෙල්ලම් බඩුවක් වගේ කියලා හිතෙනවා.වයිබ්‍රේනියම් වලින් සාදපු මේ ඇඳුමට හානි කිරීම ඉතාමත් අපහසුයි,සහා වයිබ්‍රේනියම් dangers, ක්ලොකින් ඩිවයිසස්,ටෙලිපොර්ටෙෂන් ඩිවයිසස් සහ තව ගොඩක් දේවල් වලින් සමන්විත powerhouse armor එකක් විදියට මේක සලකන්න පුළුවන් අපිට ඉතින්.ආමර් එක ගැන කතා කරන්න ගියොත් ඉතින් අපිට වෙනමම කතා කරන්න වෙනවා ඉතින් :’).
black panther විසින් කැප්ටන් ඇමරිකා , අයන් මෑන් , ෆැන්ටාස්ටික් 4 ,ඩොක්ටර් ඩූම් වගේ ගොඩක් අයව කිසිම ගේමක් නැතුව පරද්දලා තියෙනවා ..
ටි චල්ලා ගැන කතා කරොත් ඉතින් තවත් විශේෂ දෙයක් තාමයෝ මොහු තමා මාවල් යුනිවර්ස් එකේ ඉන්න හොඳම tactician.මූ ට විශ්වයේ එහා කොනේ
ඉන්න ගැලැකටස් ව පරද්දන්න පවා වෙනමම plan එකක් තියෙනවා galactus පෘතුවියට එන්න හිතන්නත් කලින්.

ඒ වගේම මාවල් යුනිවර්ස් එකේ බුද්දීමත්ම පුද්ගලයින්ගේ ලිස්ට් පලවෙනි 10 දෙනා අතර මේ ටී චල්ලා ඉන්නවා .(8 හෝ 6 වෙනියා )

ඉතින් අපි අද පෝස්ට් එකෙන් මාවල් යුනිවර්ස් එකේ තවත් රසවත් ම පැතිකඩක් වුන wakanda සහා Black Panther ගැන පොඩ්ඩක් කතා කරා ඉතින්(මෙය ඉතාමත් කෙටි සටහනක් විතරක් බව හොඳට මතක තියාගන්න).සමහර කරුණු ඔයාලා අහලා තිබුන ඒවාට වඩා වෙනස් වෙන්න පුළුවන් ඉතින්.මේ කොමික් බුක් දහස් ගානක් අතරින් එන general story එකක් ගැන තමයි අද අපි කතා කරේ .ඒ වගේම පසු ගිය දවසක බblack panther trailer එකත් ආවා.මේ පෝස්ට් එකේ තොබෙන සමහර කරුණු ඔයාලාට ඒ කෙනුත් දැකගන්න පුළුවන් වෙයි.ඉතින් මේ ගැන ඔයාලාගෙත් අදහස් තියෙනවනම් අපි කතා කරමු කොමන්ට් සෙක්ෂන් එකේ . ප්‍රශ්න තියෙනවානම් අහන්න
තවත් පෝස්ට් එකක් සමඟින් හම්බවෙමු ආයෙම. ❤#Hailmarvel

Leave a Reply