You are currently viewing අරුම පුදුම Vibranium

අරුම පුදුම Vibranium

ගොඩක් කට්ටිය දකින්න ඇතිනෙ අලුත්ම Black Panther Trailer එක…Hype Zone අපිත් මේ ගැන හොඳ promotion එකක් දුන්නා ඉතින්….අද ඔන්න කතාකරන්න යන්නෙ Black Pantherට අදාල වෙන දෙයක් ගැනම තමයි….හැබැයි මේ දේ Black Pantherට විතරක්ම නෙමේ අදාල වෙන්නෙ…කැප්ටත් විශේෂයෙන්ම අදාල දෙයක් තමයි මේක…ඒ තමයි Vibranium කියන ලෝහ වර්ගය….ඉතින් අද අපි කතාකරන්න යන්නේ මේ Vibranium කියන ලෝහයේ ඉතිහාස කතාව වගේම මේ ලෝහය ගැන නොකී කතා ගොඩක්…

අපි මුලින්ම කියලා ඉන්න ඕන Vibranium/වයිබ්‍රේනියම් කියන්නේ මනංකල්පිත ලෝහයක් කියන එක…මං කලිනුත් කීව වගේම මේ ලෝහය ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඉතින් කැප්ගේ ශීල්ඩ් එක හදලා තියෙන්නෙ මේ ලෝහ වර්ගය යොදාගෙන නිසයි බ්ලැක් පැන්තර් එක්ක මේ ලෝහයට තියෙන විශේෂ සම්බන්ධතාවය නිසයි…බ්ලැක් පැන්තර්ගෙ සූට් එක හදලා තියෙන්නෙත් වයිබ්‍රේනියම් වලින්ම තමයි.ඒවගේම මේ වයිබ්‍රේනියම් කියන ලෝහ වර්ගයේ එක වර්ගයක් සුලබවම හොයාගන්න පුලුවන් බ්ලැක් පැන්තර්ගේ මව්බිම වෙන වකන්ඩා දේශයෙන්…ඒ කියන්නේ වයිබ්‍රේනියම් වර්ග එකකට වඩා තියෙනවද….! ඔව් ඔව්…ඒ සේරම විස්තර ඉස්සරහට දැනගමුකො… 😃

මාර්වල් කොමික්ස් වල ප්‍රධාන වශයෙන් වයිබ්‍රේනියම් ලෝහ වර්ග දෙකක් තියෙනවා…මේවයේ නම් තමයි Wakandan Vibranium සහ Antarctic Vibranium…නමින්ම තේරෙනවා ඇති මේවා තියෙන්නෙ කොහෙද කියන එක..හරි අපි ඉස්සෙල්ලම මේ වැඩිය අහල පුරුදු නැති Antarctic Vibranium ගැන කතාකරල ඉමු…ඊට පස්සේ කවුරුත් දන්න Wakandan Vibranium ගැන කතාකරමු.

කොමික් වලදි නම් මුලින්ම රිවීල් වුණේ මේ කියන Antarctic Vibranium වර්ගය…මාර්වල් කොමික්ස් වලට අනුව මේ පෘතුවියේ තියෙනවා බිම් කොටසක් Savage Land කියල.මේක තියෙන්නේ ඇන්ටාර්ක්ටිකා මහාද්වීපයේ යට…ඇන්ටාක්ටිකා මහාද්වීපය හෙන ගහන්න වගේ සීතල වුණාට මේ සැවේජ් ලෑන්ඩ් එක නම් එහෙම නැහැ…සැවේජ් ලෑන්ඩ් එක නිවර්තන කලාපයේ තියෙන රටක වගේ දේශගුණයක් තියෙන හරිම අපූරු බිම් කොටසක්.මේ බිම් කොටසේ ජිවීන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා…හැබැයි ඒ ජීවීන් පෘතුවියේ අනිත් පෙදෙස් වල ජීවත් වෙන ජීවීන් වගේ නම් නෙමෙයි..මේ සැවේජ් ලෑන්ඩ් එකෙ ඉන්නවා ඩයිනසොර්ස්ලා පවා…ඒවගේම තව විවිධ මාදිලියේ සත්තු ජීවීන් රාශියක් ඉන්නවා.මේ සැවේජ් ලෑන්ඩ් එක ලෝකයාගෙන් වසන් වෙලා තියෙන ප්‍රදේශයක්.මේ බිම් කොටස ගැන ලෝකයේ දන්නෙ ඉතාමත් අල්ප මාත්‍රයක මිනිසුන් ප්‍රමාණයක්.මේ සැවේජ් ලෑන්ඩ් එක ඇත්තටම හරියට game arena එකක් නැතිනම් ක්‍රිඩා කරන්න හදපු රක්ෂිත වනයක් වගේ.මොකද මේක නිර්මාණය කරන්නෙ මිනිස්සු නෙමෙයි.මේක නිර්මාණය කරන්නෙ Nuwali කියල පිටසක්වල ජීවීන් ජාතියක්.ඒ ඉතාමත් බලසම්පන්න ජිවීන් කොට්ඨාෂයක් වෙන Beyondersලාගේ ඔර්ඩර් එහෙකට…

ඉතින් මේ අරුම පුදුම බිම් පෙදෙසට ආවේණික ලෝහ වර්ගයක් තමයි මේ Antarctic Vibranium කියන්නේ.මේ වයිබ්‍රෙනියම් වර්ගය අපි හොඳින්ම දන්න Wakandan Vibranium වලට වඩා ටිකක් වෙනස් ගති ලක්ෂණ තමයි දරන්නෙ.මේ වයිබ්‍රෙනියම් වර්ගයට පුලුවන් විශේෂ ආකාරයේ තරංග ආයාමයක් සහිත කම්පන තරංග නිකුත් කරලා යකඩ,රත්‍රං,රිදී වගේ වෙනත් ලෝහ වර්ග අණුක මට්ටමෙන්ම බිඳ හෙලලා දාලා ද්‍රව අවස්ථාවට පත් කරන්න….ඉතින් මේ හේතුව නිසාම මේ ලෝහ වර්ගය Anti-Metal කියලත් හඳුන්වනවා…ඒවගේම මේ වයිබ්‍රේනියම් විශාල ප්‍රමාණයක් එකට එකතු කරොතින් නම් අති විශාල වශයෙන් කම්පනය වෙන්න ගන්නවා.ඒවගේම මේ Antarctic Vibranium වර්ගයට Wakandan Vibranium වර්ගය බවට තාවකාලිකව පත් වෙන්න පුලුවන්.හැබැයි ඒක ස්වාභාවිකවම සිද්ධ වෙන දෙයක් නෙමෙ කෘතීමව කරන්න ඕන දෙයක්.ඒක කරන්නේ මේ Antarctic Vibranium වර්ගය මතට එක්තරා විශේෂ ආකාරයක අංශූ වර්ගයකින් පහර දීම මඟින්.

හරි ඊලඟට අපි කතාකරමු අපි කවුරුත් දන්න Wakandan Vibranium ගැන.නමින්ම කියවෙනවා වගේම මේ වර්ගය තියෙන්නෙ නම් වකන්ඩා දේශයේ විතරයි..ස්වල්ප ප්‍රමාණ වලින් ලෝකයේ අනිත් ස්ථාන වලත් තියෙනවා..හැබැයි ලොකුම සංචිතය තියෙන්නෙ නම් වකන්ඩා වල.අපි කවුරුත් දන්නවානේ වකන්ඩා කියන්නෙ මාර්වල් කොමික්ස් වල තියෙන මනංකල්පිත අප්‍රිකානු රාජ්‍යයක් කියලා.මේ විශ්මිත රාජ්‍යයම තමයි බ්ලැක් පැන්තර්ගේ මව්දේශය වෙන්නෙත්.මේ වයිබ්‍රෙනියම් වර්ගයටත් බොහොම අපූරු ගුණ කිහිපයක්ම තියෙනවා.මේ වර්ගයට පුලුවන් ශබ්ද තරංග සහ අනිකුත් තරංග අවශෝෂණය කරගන්න.ඒවගේම චාලක ශක්තිය අවශෝෂණය කරගැනීමේ හැකියාවකුත් තියෙනවා.ඒවගේම මේ වර්ගයෙ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ වර්ගය ඉතාමත් විපර්යාස කාරක ලෝහයක් වීම.ඒ කියන්නෙ මේ වයිබ්‍රෙනියම් වලට දීර්ඝ කාලයක් තිස්සේ නිරාවරණය වුණ වකන්ඩා වැසියන්ගේ ජාන විකෘති ඇති වෙලා තිබුණා.මේ හේතුව නිසා ඔවුන්ට විවිධ හැකියාවනුත් ජනිත වෙන්න ගත්තා…වකන්ඩා වැසියන්ව විතරක් නෙමේ වක්න්ඩා වල තියෙන ශාක සහ සත්ත්ව ප්‍රජාවත් විකරණය කරන්න මේ වයිබ්‍රෙනියම් සමත් වෙලා තියෙනවා..ඒ හේතුව නිසා මෙවැනි ආකාරයට විකරණය වුණු ශාක කොටස් සහ සත්ත්ව කොටස් ආහාරයට ගත්තු ඕනෑම කෙනෙකුට විශේෂ බලයන්, හැකියාවන් ලැබෙන්න ගත්තා.මේ වර්ගයට තියෙන තවත් එක් විශේෂ ගුණයක් තමයි ගුප්ත ශක්තිය වැඩි කිරීමට තියෙන හැකියාව.

ඉතින් මෙන්න මේ ගුණයන් නිසා මේ ලෝහ වර්ගය ඉතාමත් ශක්තිමත් එකක් වෙනවා.අපි හොඳාකාරවම දන්න දෙයක් තමයි වයිබ්‍රේනියම් කියන්නේ මාර්වල් විශ්වයේ තියෙන ප්‍රභලතම ලෝහ වර්ගයක්…හරියට තෝර්ගේ මිටිය හදලා තියෙන Uru ලෝහය වගේම.(Wakandan Vibranium
ගැන මුලින්ම දැනගත්තේ කව්ද කියන දෙය විවිධ කොමික් පොත් වල විවිධාකාරයට තමයි තියෙන්නෙ…එක සීරීස් එහෙක තියෙනවා ආදී වකන්ඩා වැසියන් තමයි මුලින්ම මේ ගැන දැනගත්තේ කියලා) කොහොමහරි මේ ලෝහ වර්ගය වකන්ඩා ගැන රාජ්‍යයේ රජු දැනගත්තයින් පස්සේ එයා තීරණය කරනවා මේ අරුම පුදුම විශේෂ හැකියාවන් තියෙන සහ ඉතාමත් වටිනා ලෝහ වර්ගය අල්ප මාත්‍ර වශයෙන් පිටස්තර ලෝකයට විකුණලා රාජ්‍යයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගන්න.එහෙම ලබාගත්තු මුදල් වලින් ඔහුට අන්තිමේදී පුලුවන් වෙනවා වකන්ඩා රාජ්‍යයේ අධ්‍යාපනය ඉතාමත් ඉහල මට්ටමකට ගෙනල්ලා රාජ්‍යයේ යටිතල පහසුකම්නුත් සීඝ්‍රයෙන් දියුණු කරලා ලෝකේ තියෙන සුපිරිම තාක්ෂණයන් තියෙන සුපිරිම රාජ්‍යයක් බවට පත් කරන්න.හැබැයි අපි කවුරුත් දන්නවා වගේ වකන්ඩා කියන රාජ්‍යයේ මේ සත්‍ය දියුණුව ගැන පිටස්තර ලෝකය දන්නේ නැහැ.පිටස්තර ලෝකය හිතන් ඉන්නේ වකන්ඩා කියන්නේ ඉතාමත් දුප්පත් රාජ්‍යයක් කියලා.එහෙම ලෝකායට බොරු කරලා ජීවත් වෙන්නත් හේතු වෙලා තියෙන්නෙ මේ වයිබ්‍රේනියම් සංචිතයම තමයි.මොකද පිටස්තර ලෝකයේ හැම කෙනාම මේ විශ්මිත හැකියාවන් තියෙන ලෝහය ගැන දැනගත්තොතින් බල තණ්හාවෙන් ඉන්න රාජ්‍යයන් තමන්ගේ යුධ ශක්තිය වැඩි කරගන්න අනිවා මේ වයිබ්‍රේනියම් සංචිතය හූරාගෙන කන නිසා.

හරි තියෙන වයිබ්‍රේනියම් වර්ග දෙක ගැන කතාකරාට ඒව මේ ලෝකෙට ආවේ කොහොමද කියන එක ගැන කතාකලේ නැහැනේ.වයිබ්‍රෙනියම් කියන ලෝහය ( වර්ග දෙකම ) මේ පෘතුවියට එන්නෙ උල්කාපාතයක ඉඳලා.ඒ මීට වසර 10000කට විතර කලින්.මේ වයිබ්‍රෙනියම් ගැන තවත් අපූරු කතාවක් තියෙනවා.ඒ තමයි කැප්ගේ ශීල්ඩ් එක හැදුණ කතාව.මෙතනදී මම මතක් කරලා ඉන්නවා අපි මෙතනදී කතාකරන්නෙ මාර්වල් කොමික් පොත් වල තියෙන කතාවක්.ෆිල්ම්ස් වල මේ කතාව ඉදිරිපත් කරන ආකාරය මීට වඩා හාත් පසින්ම වෙනස් වෙන්න පුලුවන්.ඒවගේම කොමික් පොත් සංස්කරණත් ගොඩාක් තියෙන බවත් මතක තබාගන්න…හරි කතාව ඉතින් මේකයි.වසර 1940 වගේ කාලේදී Wakandan Vibranium වර්ගයේ වයිබ්‍රේනියම් වලින් සුලු ප්‍රමාණයක් Myron MacLain කියන විද්‍යාඥයා අතට පත් වුණා.ඉතින් මෙයා ඊට පස්සෙ උත්සාහ කලා මේ වයිබ්‍රේනියම් එක්ක යකඩ කියන මූලද්‍රව්‍යය සංයෝජනය කරලා ආර්මර් එකක් හදන්න.හැබැයි මෙයාගේ උත්සහයන් අසාර්ථක වුණා.මොකද මේ මූලද්‍රව්‍ය දෙක මෙයා කරපු මොන වැඩේකින්වත් එකට පෑහුණේ නැහැ.ඉතින් ඔහොම පරීක්ෂණය කර කර ඉන්නකොට මෙයාට නින්ද ගියා. 😛

ඉතින් උදේ ඇහැරිලා බලනකොට මේ වයිබ්‍රේනියම්නුයි යකඩයි ඒ මූලද්‍රව්‍යය වලටම ආවේණික විශේෂ ආකාරයකට සංයෝජනය වෙලා තිබ්බා.හැබැයි මේ මූලද්‍රව්‍යය දෙක අතර බන්ධන ඇතිවුනේ කොහොමද කියලා නම් මේ Myronට තේරුම්ගන්න බැරි වුණා.ඉතින් මේ අලුතින් නිර්මාණය වුණු මිශ්‍රලෝහය ඉතාමත් ශක්තිමත් වගේම ප්‍රත්‍යාස්ථාවයෙන් වැඩි වුණා.ශුද්ධ වයිබ්‍රේනියම් එතරම්ම නම්‍යශීලී/ප්‍රත්‍යාස්ථතාවයෙන් වැඩි ලෝහයක් නෙමෙයි.මේ අලුතින් නිර්මාණය වුණු මිශ්‍ර ලෝහය යොදාගෙන තමයි ඇත්තටම කැප්ටන් ඇමරිකාගේ ශීල්ඩ් එක නිර්මාණය කලේ.ඒ කියන්නේ ශීලිඩ් එක හදලා තියෙන්නෙ තනිකරම වයිබ්‍රේනියම් වලින් විතරක්ම නෙමෙයි.මේ මිශ්‍ර ලෝහය Myron සොයාගත්තේ අහම්බෙන්නෙ.ඉතින් මෙයා නිරන්තර උත්සාහයක යෙදුණා මේ පරීක්ෂණය නැවත වතාවක් හරියට කරලා එයා විසින්ම මේ මිශ්‍ර ලෝහය නැවතත් නිර්මාණය කරන්න.හැබැයි එයාට ඒක කරගන්න බැරි වුණා.හැබැයි ඔහොම කරගෙන යනකොට තව අපූරූ වැඩක් වුණා.ඒ තමයි ඇඩමෑන්ටියම්/Adamantium කියන ලෝහ වර්ගය නිර්මාණය වීම.හැබැයි බලාගෙන ගියහම ඒක වෙලා තියෙන්නේත් අහම්බෙන්.අපි කවුරුත් දන්නවනේ ඇඩමෑන්ටියම් කියන්නේ වුල්වරීන්ගේ ඇඟ ඇතුලෙ තියෙන ලෝහය කියලා.මේ ලෝහයත් ඉතාමත් ශක්තිමත්, විනාශ කරන්න ඉතාමත් අපහසු ලෝහයක් මාර්වල් විශ්වයේ.

මේ වයිබ්‍රෙනියම් කියන ලෝහ වර්ගය විනාශ කරන්න බැරි ලෝහ වර්ගයක් ලෙස පිලිගැනුනත් මේ ලෝහ වර්ගය විනාශ වෙන අවස්ථා නැතුවාම නෙමේ.එයින් එකක් තමයි කියන්නේ Vibranium Cancer.කොමික් වලට අනුව නම් මේකෙදී වෙලා තියෙන්නෙ මෙහෙම දෙයක්.කැප්ගේ ශීල්ඩ් එකේ තියෙන වයිබ්‍රෙනියම් වල අණුක මට්ටමේ සුලු දෝෂයක් ඇති වෙලා තියෙනවා.කාලයත් එක්ක මේ ඇති වුණ සුලු දෝෂය ශීල්ඩ් එකේ තියෙන අනිත් වයිබ්‍රෙනියම් අණු වලටත් පැතිරිලා ගිහින් තියෙනවා.කොහොමහරි මේ ක්‍රියාවලිය මුලු ශීල්ඩ් එකේම තියෙන අණුක බන්ධන ගැලවිලා යනකම්ම සිද්ධ වෙලා මුලු ශීල්ඩ් එකම කැඩිලා ගිහින් තියෙනවා.මේ විදිහට ඛණ්ඩනය වෙන්න ගත්තු සිද්ධිය ශීල්ඩ් එකේ තියෙන වයිබ්‍රේනියම් වලට විතරක් නෙමේ ශීල්ඩ් එකට පරිබාහිරව තියෙන අනිත් වයිබ්‍රේනියම් අණු වලටත් පැතිරුණා.ඊට පස්සේ වුනේ මුලු ලෝකය පුරාම අති විශාල කම්පන තරංගයක් පැතිරිලා ගියපු එක.මේ ක්‍රියාවලිය තමයි Vibranium Cancer කියලා කියන්නේ.

ඉතින් මේ අරුම පුදුම ලෝහය ගැන කතාකන්න නම් තවත් ගොඩාක් දෑ තියෙනවා.හැබැයි ඉතින් ඉතාමත් අමාරුවෙන් කියන්න වැදගත්ම ටික මේ ලිපියෙන් කියලා දැම්මා…ඊලඟට අපි කතාකරන්න ඕන මේ වගේම විශේෂ ලෝහ වර්ගයක් වෙන ඇඩමෑන්ටියම් ගැන.ඒක තවත් දවසක. 😃

Leave a Reply