(A)
AGE OF ULTRON
Marvel Universe එකේ කොමික්,චිත්‍රපට වගේම කතා මාලා බලල තියෙන ඔයාල හැමෝම වගේ මේවෙද්දි මේ Universe එක ඇතුළෙ වෙන දේවල්,ඒකෙ ඉන්න Heroes ල, Anti-Herosල වගේම විශ්වයේ ජීවය ආරම්භය සිදුවුන මුල්ම යුගයෙ හිටපු සෙලෙස්ටියල්ස් ලගෙ ඉදන් Ultimate Villainsල ගැන පවා මේ වෙද්දි මොනවම හරි දෙයක් දන්නව ඇති.ඉතින් අද මේ ලිපියෙන් කියන්න යන්නෙ Marvel විශ්වයේ ඉන්න දුෂ්ටයන් අතරින් එදා මෙදා Marvel කොමික් වල හිටපු Ultimate Villain කෙනෙක් විදියට පිළිගන්න Ultron ගැන සමහරුන්ට සමහරවිට මගඇරිල ගිය, නොදන්න විස්තරයකුයි.
Ultronව මේ වෙද්දි ඔයාල අනිවාරෙන්ම දන්නව ඇති,ඒවගේම දැකල ඇති.චිත්‍රපට වලදි වගේම Animeted Series වලත් Ultronව මේ වෙද්දි ප්‍රේක්ෂකයන්ට හඳුන්වල දීල තියෙන්නෙ.ඉතින් මේ Ultron ගෙ ආරම්භය ගැන කියනව නම් කොමික් වලදි තියෙන්නෙ MCU එකේදි අපි දකින විදියෙ ආරම්භයක් නෙවෙයි.
කොමික් වලදි ඒ ආරම්භය වුණේ කොහොමද කියල මුලින්ම කියල ඉන්නම්.කොමික් වලදි Dr.Henry Hank Pym එහෙම නැත්තම් මුල්ම Ant Man තමයි Ultronව නිරිමාණය කරන්නෙ.Hank Pym තමන්ගෙ {හැසීරීම,බුද්ධිය,වගේම දැක්ම} මේ කියන හැමදේම අඩංගුවෙන තමන්ගෙම මොළයේ ස්නායු ක්‍රියාකාරී රටාවම පාවිච්චි කරනව සම්පූර්ණ Ultronගෙ ජීවය නිරිමාණය කරන්න.
ඒ විදියට Ultronව නිරිමාණය කරල ඉවර වෙලා පණලැබෙන මුල්ම මොහොතෙම Ultron ඉපදෙන්නෙ සාමාන්‍ය බුද්ධිමට්ටමකට වඩා බුද්ධියක් තියෙන AI එකක් නැත්තම් කෘතිම බුද්ධියක් විදියටයි.ඒවගේම කලින් කිව්ව වගේ Hank Pymගෙම මොළයේ ක්‍රියාකාරීත්වය නැත්තම් Brain pattern එකෙන් නිරිමාණය වෙලා තියෙන නිසා Hankට තිබුන Intellectual Capacity එකම Ultronට නිරිමාණය වුන පළවෙනි දවසෙම ලැබෙනව.මේ Intellectual Capacity කියන එක ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්,මොකද Ultron ගෙ අරමුණ වගේම හැසිරීමට මේකත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනව.(මේ කියන දේ හරියට තෙරුම් ගත්තොත් Ultron ගැන හරියටම දැනගන්න ඔයාලට පුළුවන්වෙයි.)
Intellectual Capacity එක අනුව මත තමයි පුද්ලයෙක්ට දෙයක් ගැන හිතන්න,ඉගෙන ගන්න,සැලසුම් කරන්න සහ ඒ සැලසුම තර්කානුකූලව සහ තමන්ට ආවේණික විනය පද්ධතියකට අනුව ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙන්නෙ.ඒවගේම මේ දේවල් හරහා වෙන්න පුළුවන් අත්වැරදීම් පුළුවන් තරම් අවම කරගෙන ඕනෙම දෙයක් සාර්ථක කරගන්න හැකියාව ලැබෙන්නෙ කෙනෙක්ට තියෙන මේ Intellectual Capacity එක මත.මේ Capacity එක කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙනව වගේම IQ මට්ටම ඉහළ අයගෙ මේ Capacity එක ගොඩක් වැඩියි.
අන්න ඒ නිසාම තමයි ලොකු IQ එකක් තියෙන අය අතින් වෙන වැරදි ප්‍රමාණය අඩුවෙන්නත්,යම් දෙයක් ගැන තර්කානුකූලව හිතල ඒ අය කරන සැලසුමක් සාර්ථක කරගෙන ගොඩක් වෙලාවට ඒ අරමුණට යන්න හොඳ හැකියාවකුත් මේ අයට ලැබෙන්නෙ.
ඉතින් Ultron ගැන කතා කරද්දි කලින් කිව්ව වගේ Hank pym ගෙ IQ අගයයි Intellectual Capacity එකයි දෙකම Ultron ට උපතින්ම ලැබෙනව .මෙන්න මේ නිරිමාණය වුණ මොහොතෙදිම තමයි,උපතින්ම ලැබෙන දත්ත විශ්ලේෂණය සහ තර්කානුකූල පසුබිමත් එක්ක බලාපොරොත්තු වුනේ නැති විදියට Ultron මනුෂ්‍යත්වයට වෛර කරන ,
මනුෂ්‍යත්වයට විනාශය ගේන Villain කෙනෙක් විදියට පරිවර්තනය වෙන්නෙ.
ඒක වෙන්නෙ මෙහෙමයි.කලින් කිව්ව වගේ Hank Pym ගෙ සම්පූර්ණ මොළයේ ක්‍රියාකාරී හැකියාවන්ම Ultronට ඇතුළත් කරල තිබ්බට ඒ වෙනකන් Hankට කාලයත් එක්ක ලැබුන අත්දැකීම් ඒ හරහා දැනුන සංවේදනයන්,හැඟීම් වගේ දේවල් Ultron ඇතුළෙ තිබුනෙ නැහැ.ඒ කිව්වෙ සාමාන්‍යයෙන් මනුස්සයො වෙන අපි හැමෝම කරනව වගේ ඕනෙම දෙයක් ගැන හොඳ හෝ නරක නැත්තම් හරි වැරැද්ද තීරණය කරන්න Hank ඒ වෙනකන් තමන්ට ජීවිතයෙන් ලැබිල තියෙන අත්දැකීම් වගේම හැඟීම් එක්ක මිශ්‍ර වෙලා තීරණ ගන්න පුරුදු වෙලා හිටිය,හැබැයි අළුතෙන් නිරිමාණ වුණු Ultron ට එහෙම අත්දැකීමක්වත් ඒ හරහා ලැබුන හැඟීම් වගේ දේවල්වත් නැති නිසා ඒ හරහා හොඳ හෝ නරක ,හරි හෝ වැරදි තීරණය කරන්න Ultron දැනගෙන හිටියෙ නැහැ.
මේ නිසා දත්ත, බුද්ධිය සහ තර්කානුකූලබව මතයි ඒ වෙනකොටත් Ultron හැමදෙයක්ම දිහා බලන්න ගන්නෙ.ඉතින් හරියටම බැලුවොත් එතන හිටියෙ හැමදෙයක් දිහාම තර්කයෙන් සහ විශ්ලේෂණයෙන් බලන හැඟීම් දැනීම් නැති Hank Pym ගේම පෞරුෂත්වයේ තවත් පැතිකඩක් කියල කිව්වොත් හරි.ඉතින් ඒ විදියෙ දැක්මකින් වටේට දකින මුල්ම දේවල් දිහා බැලුවම Ultronට අවට පරිසරයෙ ඉන්න මිනිස්සු ගැන වැඩි වෙලාවක් යන්න කලින් තරහක් වගේම සැකයක් ඇති වෙනව.මොකද Ultron ගෙ විශ්ලේෂණයෙන් දකින විදියට මිනිස්සු කියන්නෙ තමන්ගෙ ලෝකය ආරක්ෂා කරගන්න බැරි,ඒකට සුදුසු නැති කොට්ටාශයක්,ඒවගේම මේ ග්‍රහලෝකයේ මිනිස්සු ඉන්නතාක් ග්‍රහලෝකයේ ආරක්ෂාව ගැන තහවුරු කරගන්න වෙන්නෙ නැහැ.ඔන්න ඔය දැක්ම තමයි Ultron ට මිනිස්සු ගැන තියෙන්නෙ.ඒ නිසාම දකින පළවෙනි වෙලාවෙ ඉදලම Ultron මනුෂ්‍යත්වයට වෛර කරනව වගේම ඒහා සමානව පිළිකුල් කරනව.
ඔයාලට Transformers චිත්‍රපට වල ඉන්න Megatronව මතක ඇති.Megatron ට අනුව මිනිසුන් කියන්නෙ දුර්වල,කැත ග්‍රහලෝකයක ඉන්න සුදුසු නැති ජීවීන් කොට්ටාශයක්.ඔය නිසාම Megatron ට මිනිසුන්ව පෙන්නන්න බැහැ,හරියටම කිව්වොත් අප්පිරියයි.අන්න ඒ විදියටම සමාන අදහසක් තමයි Ultron ටත් නිරිමාණය වුණ පළවෙනි දවසෙම මිනිස්සු ගැන ඇතිවෙන්නෙ.මේ විදියට තමයි Ultron ගෙ මිනිසුන් ගැන තරහක් වගේම මිනිස්සු ගැන විනාශකාරි හැඟීමක් තියෙන අරමුණක් ඇතුව කොමික් වලදි ඔහුගෙ ආරම්භය වෙන්නෙ.මේ නිසා තමයි පස්සෙ කාල වලදි වුනත් Ultron ට මුල්ම දවස් වල දේවල් දකින්න පුරුදු වුන විදිය නැත්තම් දැක්ම, නිසා ගොඩක් වෙලාවට හැමදෙයක් ගැනම තර්කයන් සහ දත්ත අනුව තීරණය කිරීම,මිනිසුන් ගැන තියෙන විනාශකාරි හැඟීම වගේ දේවල් ගොඩක් වෙලාවට Ultron ගෙන් දකින්න පුළුවන් වෙන්නෙ.
ඉතින් මේ විදියට නිරිමාණය වුනු Ultron ගෙ ශක්තිමත්බව,බුද්ධිමත් භාවය වගේම දේවල් නිරීක්ෂණය කරල ඒව විශ්ලේෂණය කරන්න පුළුවන් වෙන විදියෙ හැකියාවන් ගැන අපි MCU චිත්‍රපටයෙදි දැක්කට වඩා කොමික් වලදි ගොඩක් හොඳ පැහැදිලි කිරීම් එක්ක පෙන්නල දීල තියෙනව.ඉතින් මේ කියන කතාවෙදි Ultron ට තියෙන හැකියාවන් ගැනත් විස්තරයක් කරනව.ඒ විස්තර වලින් ඇත්තටම Ultron කියන්නෙ මොන මට්ටමක ඉන්න Villain කෙනෙක්ද කියන එකගැන කියවන ඔයාලට අදහසක් ගන්න පුළුවන් වෙයි කියල හිතනව.
ඉතින් මේ ගැන කතා කරද්දි මුලින්ම කියන්න ඕනෙ වැදගත්ම දෙයක් තමයි කොමික් වල ඉන්න Ultron හැදිල තියෙන්නෙ පිරිසිදු ඇඩමැන්ටියම් වලින්.Marvel විශ්වයේ තියෙන ලෝහ අතරින් විනාශ කරන්න බැරි ශක්තිමත්ම ලෝහ වර්ගය තමයි පිරිසිදු ඇඩමැන්ටියම් (Pure Adamantium).මේ වර්ගය වකන්ඩාවල තියෙන වයිබ්‍රේනියම් (Vibranium) වලටත් වඩා ශක්තිමත් වගේම ලේසියෙන් හොයාගන්න ලැබෙන්නෙත් නැහැ කිව්වොත් හරි.මොකද ඇඩමැන්ටියම් වලත් Pure Adamantium සහ Proto Adamantium කියල එකිනෙකට වෙනස් වර්ග තියෙනව.Proto ඇඩමැන්ටියම් ගැනත් කෙටියෙන් කිව්වොත් මේ වර්ගය නිරිමාණය කරද්දි වෙනත් වර්ගයක ලෝහ යම්කිසි ප්‍රමාණයක් ඇඩමැන්ටියම් වලට මිශ්‍ර කරල ඒ දෙකේම එකතුවක් විදියටයි නිරිමාණය වෙන්නෙ.ගොඩක් වෙලාවට කොමික් වල ඉන්න Captain America ගෙ පළිහ හදල තියෙන්නෙත් මේ කිව්ව Proto ඇඩමැන්ටියම් වලින්.මේ වර්ගයත් ගොඩක් ශක්තිමත් හැබැයි විනාශ කරන්න බැරිකමක් නැහැ.
ඒත් පිරිසිදු ඇඩමැන්ටියම් වල තත්වෙ ඔයිට වඩා වෙනස්.සාමාන්‍යයෙන් ගත්තම ආසන්න වශයෙන් කිසිම විදිහකින් විනාශ කරන්න බැරි ගනයටයි පිරිසිදු ඇඩමැන්ටියම් ලෝහය අයිති වෙන්නෙ.Marvel කොමික් Universe එකේ වුනත් පිරිසිදු ඇඩමැන්ටියම් දකින්න පුළුවන් බොහොම සුළු චරිත කීපයක් අතර විතරයි.Wolverineගෙ සහ Lady Deathstrike ගෙ නිය සහ අභ්‍යන්තර අස්ථි පද්ධතියෙ,Citizen V (Andreas Strucker)පාවිච්චි කරන කඩුවල වගේම Jack Dio එහෙම නැත්තම් Aka Underworld යොදාගන්න උණ්ඩ වල මේ පිරිසිදු ඇඩමැන්ටියම් පාවිච්චි කරල තියෙනව බලාගන්න පුළුවන් .තව කීපදෙනෙක් අතර Marvel කොමික් වලදි මේ පිරිසිදු ඇඩමැන්ටියම් තියෙනව,ඒ ඇරෙන්න පෘථිවියෙදි ගොඩක් වෙලාවට මේ ලෝහය දුර්ලභ හොයාගන්න අමාරු එකක් විදියටයි සැලකෙන්නෙ.
ඉතින් Ultron ගැන කතාකරද්දි කලින් උඩදි කිව්ව වගේ Ultron ගෙ අභ්‍යන්තර ශරීරයට මතුපිටින් ශරීරය පුරාම ආවරණයක් විදියට පිරිසිදු ඇඩමැන්ටියම් පිහිටල තියෙනව.ඒවගේම වැදගත්ම දේ තමයි ඔයාල දැකල ඇති ගොඩක් වෙලාවට ඕනෙම Robo Android කෙනෙක්ට ශක්තිමත් ලෝහමය ශරීරයක් තිබුන වුනත් ඒ අයගෙ ශරීරයේ සමහර තැන් වල තියෙන නැමීම් එහෙම නැත්තම් අත්වල වැළමිට,කකුල් වල දණහිස් සහ ඔළුව ශරීරයට සම්බන්ධ වෙන තැන්වල වගේ තැන්වලදි ඔවුන්ගෙ ශරීරයේ ( Exposing Joints) අභ්‍යන්තර පරිපථ සැකැස්මවල් සමහර වෙලාවට නිරාවරණය වෙනව.ගොඩක් වෙලාවට චලනය වෙද්දි තමයි වැඩියෙන්ම අපිට සාමාන්‍යයෙන් මෙහෙම දකින්න පුළුවන් වෙන්නෙ.
එහෙම තියෙන් තැන් වලදි ප්‍රතිවාදියෙක්ට ඒවගේ තියෙන දුර්වල තැනක් පාවිච්චි කරල Android කෙනෙක්ව විනාශ කරන්න පුළුවන් වගේම විනාශ කරනවත් චිත්‍රපට වලදි,කතාමාල වලදි නැත්තම් කොමික් එකකදි හරි ඔයාල මේ වෙද්දි අනිවාරෙන්ම දැකල ඇති.ඒත් Ultron ගෙ ශරීරයෙ එහෙම තැන් නැහැ.ඒවගේ නැමීම් තියෙන තැන්වල පවා Ultronගෙ ශරීරයේ හරියට ගැළපෙන විදියට පිරිසිදු ඇඩමැන්ටියම් වලින් ආවරණය වෙලා තියෙන්නෙ.අනිත් වැදගත්දේ තමයි ඒ පිහිටල තියෙන රටාවල් වලින් Ultron ගෙ චලනයට කිසිම බලපෑමක් වෙන්නෙ නැති විදියටයි ඒව පිහිටල තියෙන්නෙත්.ඉතින් මේ කාරණේ නිසා Ultron ව පහරදීම් වලින් හරි ,පිපිරීම වලින් හරි එහෙම නැත්තම් වෙනත් භෞතික විදියකින් හරි හානි කරල නවත්තන්න බැහැ.
මේ නිසා Marvel Multiverse එකේම ඉන්න චරිත අතර Durability එක වැඩිම චරිතයක් විදියටත් Ultronව ගැනෙනව.කොමික් වලදි Ultronව Avengers ලට මූණ දෙන්න වෙලා තියෙන දරුණුම ගනයෙ ප්‍රතිවාදියෙක් විදියට ගැනෙන්නත් මේක හේතුවක් වෙලා තියෙනව.සමහර තැන්වලදි Captain America,Hawkeye,Hulk සහ BlackWidow වගේ හොඳම Avengersල එක්කත් එකපාර සටන් කරල ඒ අයව දරුණු විදියට පහර දීල බිමදාපු වෙලාවල් කොමික් පිටු අතර තියෙනව.කොටින්ම සාමාන්‍යයෙන් කෙනෙක්ට බේරෙන්නෙ බැරි Thor ගෙ Miljoner එකේ ප්‍රහාරවලින් පවා අඩි කීපයක් පිටිපස්සට ගිහින් බිම වැටෙනව ඇරෙන්න Ultron ගෙ ශරීරයට සීරීමක්වත් ඒවගේ තැන්වලදි වෙලා නැහැ.අඩුම තරමෙ Wolverine ගෙ තුල්වලින් වුනත් ඒදේ වෙනස් වෙන්නෙ නැහැ.මොකද Wolverine ට වගේම Ultronට තියෙන්නෙත් එකම සම්භවයෙ ඇඩමැන්ටියම් නිසා.
(️ දැන් කියවන කෙනෙක්ට Ultron ගෙ ඔරොත්තුදෙන හැකියාව කොච්චර දුරකට යන එකක්ද කියල ප්‍රශ්නයක් එන්න පුළුවන්.ඒ නිසා මෙතනදි ඔයාලට අවබෝධයක් ගන්නත් එක්ක ඒ ගැනත් පොඩියට දෙයක් කියන්නම්.කොමික් වල Ultron සටන් කරල තියෙන විදිය සලකල බැලුවම Thor,Beta Ray Bill වගේ චරිත වල ඉදල Silver Surfer,Adam Warlock වගේම Thanos (Infinity Stones වල බලය නැතුව) කියන මණ්දාකිනි මට්ටමේ චරිත වලටත් වඩා ඔරොත්තුදීමේ සහ දරාගැනීමේ හැකියාවක් Ultronට තියෙනව කියල ඔප්පු වෙලා තියෙනව.)
ඒවගේම Ultron ගෙ ප්‍රහාරයක බලය ගැන කොමික් වල එකතැනකදි හොඳ පැහැදිලි කිරීමක් දෙනව.Marvel වල ඉන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලොකු ශක්තියක් තියෙන කෙනෙක් තමයි Wonder Man කියන්නෙ.ඉතින් Wonder Man එක තැනකදි කියන විදියට Ultron ගෙ එක පහරක බලය Thor ගෙ Hammer Attack එකක බලයට සමාන වෙනව.වැදගත්ම කාරණය කොමික් වලදි මේ ප්‍රමාණයේ බලයකට සමාන ප්‍රහාර තියෙන අය අතරට Hercules සහ Hulk ගැනෙනෙව.ඒවගේම මේ හැම කෙනෙක්ටම ග්‍රහලෝකයක් වුනත් සම්පුර්ණයෙන්ම විනාශ කරන්න අවශ්‍ය කරන මට්ටමේ ශරීර ශක්තියක් තියෙනව.ඉතින් මේ දේවල් ගැන හරියටම තේරුම් ගත්තනම් Ultronගෙ ප්‍රහාරවල ගබඩා වෙලා තියෙන බලය ගැන අදහසක් ඔයාලට එන්න ඇති.
ඒවගේම බුද්ධිමට්ටම අතින් ගත්තම Marvel වල ඉන්න චරිත අතරින් වැදගත් තැනක් Ultronට හම්බුවෙනව කියල කියන්න ඕනෙ.කලින් කිව්ව වගේ Hank Pym ගෙ බුද්ධි ධාරිතාවය Ultron ට උපතින්ම ලැබෙනව.ඒ නිසා ප්‍රබල මට්ටමේ කායික හැකියාවන් (Physical Abilities) වගේම ඒහා සමාන ප්‍රබල තර්කානුකූල බුද්ධියකුත් Ultronට තියෙනව කියල මේ දේවල් කියවගෙන එන ඔයාට තේරෙනවත් ඇති සමහරවිට.සාමාන්‍යයෙන් Marvel කොමික් විශ්වයේ ඉන්න බුද්ධිමත්ම චරිත විදියට Reed Richardson, Hank Pym සහ Tony Stark සැලකෙනව කියල මේ වෙද්දි ඔයාල දන්නව ඇති.මේ තුන්දෙනාගෙ IQ අගය 250 සහ 300 අතර තියෙන්නෙ.ඒ අතරින් Reed Richardson නැත්තම් කට්ටියම දන්න විදියට Mr Fantastic ගෙ IQ අගය 267 ක් විදියට ගැනෙනව.ඉතින් Hank pym ගේම බුද්ධියේ පැතිකඩක් විදියට ඉන්න Ultron ගෙ IQ අගය 250ක් වෙනව.
තවත් පුංචි වැදගත් දෙයක් මෙතනදි මම කියන්නම්,මේක කියවන ඔයාලත් ලියන මමත් දන්නව Batman කියන්නෙ බුද්ධිමත් භාවය වගේම උපක්‍රමශීලී සහ විශ්ලේෂණාත්මක හැකියාවන් අතින් කොච්චර ඉස්සරහින් ඉන්න කෙනෙක්ද කියල.ගොඩක් විශිෂ්ට මට්ටමේ වේගයන් සහ හැකියාවන් තියෙන අනික් Heroes ලට කරන්න බැරි,උත්ත්ර නැති ප්‍රශ්න වලට පවා Batman සමහර තැන් වලදි තමන්ගෙ හැකියාවන් වලින් තමන්ටම ආවෙණික උත්තර හොයාගන්නව ඔයාල දැකල ඇති.ඉතින් එතකොට මේ කියන Batman ගෙ IQ අගය සටහන් වෙන්නෙ 190 ක් විදියටයි.එතකොට මේ සැසඳීමෙදි Ultron බුද්ධි මට්ටම අතින් ඉන්න තැන ගැන ඔයාලට තේරෙනව ඇති කියල මම හිතෙනව.
ඔන්න ඔය නිසාම තමයි Avengers ල කොච්චර අත්දැකීම් තියෙන කණ්ඩායමක් වුනත් ගොඩක් තැන්වලදි Ultron ඒ හැම කෙනෙක්ටම වඩා පියවර කීපයක් ඉස්සරහින් ඉන්නෙ.කියවෙන විදියට Ultronට කෙනෙක්ගෙ හැසීරීම් සහ තෝරාගැනීම් නිරීක්ෂණය කරල ඒ කෙනාගෙ තියෙන පුද්ගලික අදහස් (Personal Opinions) සහ දැක්මවල් පවා නිවැරැදිව අනුමාන කරල මතකෙ තියාගන්න පුළුවන් .මේ හැකියාවම පාවිච්චි කරල කොමික් වලදි Ultron,Avengers සාමාජිකයින් එකිනෙකාට විරුද්ධව පාවිච්චි කරල තියෙනව.(මේක පැහැදිලිවම පෙන්නනව 2012 ඉදල විකාශය වුන Avengers Assemble කතාමාලාවෙ දෙවෙනි කතා සමය වෙන Avengers:Ultron Revolution කතාසමයෙදි.)
ඉතින් මේ වගේ දේවල් නිසා Avengers ල මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරල Ultron ව එක පාරක් පරාද කරත්,ආයෙත් පාරක් ඒ වුණු සිදුවීම් මතකයේ ගබඩා කරගෙන,කලින් ප්‍රහාරයන් වලදි තමන්ට අතපසු වුණු දේවල්,ප්‍රතිවාදීන්ගෙ පහරදීපු උපක්‍රම,ඔවුන්ගෙ වේගය,යොදාගන්න විලාශයන් වගේම චලන ඉරියව්…Etc වගේ හැමදෙයක්ම ගබඩා කරගෙන ඒ හැම දෙයක්ම තමන්ට වාසි වෙන විදියට වෙනස් කරගෙන තමන්ගෙ අළුත්ම Version එකකින් Avengers ලට හැමසැරයකම වගේ දරුණු ගනයේ ප්‍රහාර එල්ල කරනව කොමික් වලදි බලාගන්න පුළුවන්.
මේකට ප්‍රධාන හේතු කීපයක්ම පෙන්නල දෙන්න පුළුවන්.එකක් තමයි Ultron ගෙ ශරීරය දරුණු විදියට අහම්බෙන්වත් තුවාල වෙලා හානිසිදුවුනොත් Ultron ම හදාගත්ත ප්‍රතිජනනය වීමේ ක්‍රියාවලියක් (Regeneration Process) හරහා නැවත ශරීරයේ හානිවුන කොටස් එක්ලැස් වෙනව සමහර තැන්වලදි පෙන්නල තියෙනව.ඒවගේම Ultron කියන්නෙ ඉහළ බුද්ධියක් තියෙන ගොඩක් සංකීර්ණ මට්ටමේ කෘතිම වයිරසයක් නිසා Ultron ගෙ ශරීරය සම්පූර්ණයෙන් විනාශ කරත් කොහේ හරි විද්‍යුත් මාධ්‍යයක Ultronට තමන්ගෙ සම්පූර්ණ මතකයම ගබඩා කරල තියන්න පුළුවන්.කොමික් වලදි නම් සාමාන්‍යයෙන් වෙන්නෙ ඊට පස්සෙ කවුරු හරි කෙනෙක්ව Mind Manipulate කරල ආයෙත් පාරක් Ultronට ගැළපෙන ශරීරයක් වෙනකෙනෙක් ලව්ව හරි නිරිමාණය කරගන්න එක.Ultron කියන්නෙ ගොඩක් කපටි කෙනෙක් කියල නම් වෙනම කියන්න ඕනෙ නැහැනෙ.ඉතින් ඕනම කෙනෙක්ව වචන වලින් හසුරවගන්න එක Ultronට මහලොකු අමාරුවක් නෙවෙයි.මේ එකක්වත් හරිගියෙ නැති වුනත් දිගටම Ultron එන්න හේතුව වෙන්නෙ කොහේ හරි ඉතුරු වෙන Ultron ගෙ මතකය විසින්ම තමන්ට තියෙන බුද්ධිය පාවිච්චි කරල මොකක්ම හරි ක්‍රමයක් ආපහු ගොඩනැගෙන්න හොයාගන්න නිසයි.
ඔය වගේ හේතු නිසා කොමික් වලදි Marvel Heroes ලට විශේෂයෙන්ම Avengersලට මූණදෙන්න වුණු පරාද කරන්න අමාරු දරුණුම ගණයේ Villains ල අතරට Ultron ව ගැනෙනව.මේ විදියට බැලුවොත් Autobots ලට Megatron වගේ,Batman ට Joker වගේ Avengers ලගෙ Arch Enemy කෙනෙක් විදියට එහෙම නැත්තම් තේරෙන්න කිව්වොත් පාරම්පරික හතුරෙක් විදියට Ultron ව පෙන්නල දෙන්න පුළුවන්.
වෙනස තියෙන්නෙ Ultron කියන්නෙ නිකන්ම කෙන්කුත් නෙවෙයි කොමික් ඉතිහාසෙදිත් Avengers ,Fantastic Four වගේ කණ්ඩායම් වල සමහර සාමාජිකයින් ඇතුළුව ප්‍රධාන මට්ටමේ Heroesලව පවා මරල දාපු දරුණු ගණයෙ වියරු වැටිච්ච Marvel Villain වෙන එකයි.ඒක පිළිගන්න අමාරුයි වගේ කියල හිතෙනව ඇති සමහර විට
, ඒත් Marvel කොමික් කියවගෙන යන අය දන්නව ඇති ගොඩක් වෙලාවට Marvel Multiverse එක ඇතුළෙ Avengers ල ඉන්න හැම Earth එකකම වගේ Ultron අනිවාරෙන්ම මතුවෙනව කියල .ඒක එකම විදියට සිද්ධ නොවුනත් ගොඩක් වෙලාවට ඒදේ Marvel Universe එකේදි නිතරම වගේ වෙලා තියෙනව.ඒ ආපු හැම වතාවකදිම Ultron ගොඩක් වෙලාවට ලොකු විනාශයක් කරල තමයි නැවතුනෙ.
දැන් මේ කියන්න යන කතාවෙන් ඒක ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙයි.ඉතින් මේ විස්තර කරන්නෙ 2013 අවුරුද්දේ කොටස් 10 ක් (10 issues) සහිතව නිකුත් කරපු Age Of Ultron කොමික් කලාපයේ වුන සිදුවීම් ගැනයි.ඒවගේම මතක තියාගන්න මේ සිදුවීම් වෙන්නෙ Marvel වල 61112 වෙනි Earth එකේදි.
Avengers ලත් එක්ක කාලයක් තිස්සෙ සටන් කර කර ඉන්න Ultron,තමන්ගෙ හැකියාවන් සහ ඔරොත්තු දීමේ මට්ටමට හැම අතින්ම සමාන Drone ල වර්ගයක් නිරිමාණය කරනව.මේ අයව Ultron Sentinels ල විදියටයි නම් කෙරෙන්නෙ.මේ හැම අනුරුවක්ම කලින් කිව්ව වගේ Ultron ට හැම විදියකින්ම සමානයි.
ඉතින් මහා පරිමාණයෙන් මේ Sentinels හමුදාව නිරිමාණය කරල ,Ultron එක පාරම New York වලට ලොකු හදිසි ප්‍රහාරයක් එල්ල කරනව.ඒ අතරෙම ලෝකයෙ තියෙන අනිත් හැම ප්‍රදේශකටමත් Ultron තමන්ගෙ මිලියන ගානක් ඉන්න Sentinels ලව පාවිච්චි කරල දරුණු ගණයෙ ප්‍රහාරයක් දියත් කරනව.ඒ වෙන දේත් එක්ක පෘථිවිය පුරාම යුද්ධයක් පැතිරිල යනව.ඒවගේම Ultronගෙ මේ ගොලීය ප්‍රහාරයට විරුද්ධ වෙලා Sentinels ලත් එක්ක සටන් කරන්න ගිහින් සෑහෙන Super Heroes ල ප්‍රමාණයකට තමන්ගෙ ජිවීත පවා නැති වෙනව
.කාලයත් එක්ක මේ ගෝලීය ප්‍රහාරයෙන් පස්සෙ Ultron මුළු පෘථිවියම යටත් කරගන්නව. ඊට පස්සෙ ඉතුරු වෙලා හිටපු හැමකෙනෙක්ටම හැංගිලයි,මේ Ultronගෙ පාලනයට යටත් වුන ලෝකයේදි ඉන්න වෙන්නෙ.ඒ වගේම මේ වෙද්දි Ultron ගෙ Sentinels ල පෘථිවියෙ හැම නගරයකම හැම වීදියකම වගේ නිතරම සෝදිසි කිරීම් කරනව, ප්‍රහාරයෙන් පස්සෙ බේරිල ඉන්න මිනිස්සුනව හොයාගන්න.
ඉතින් මේවගේ කාලයක කතාව පටන් ගන්නෙ Ultronට සේවය කරන කණ්ඩායමක් Spiderman ව හිරකරල තියාගෙන ඉන්න තැනකින් බේරගන්න Hawkeye රහස් මෙහෙයුමකට යන තැනකිනුයි.එතනදි වැඩේ හිතුව තරම් ලේසි වෙන්නෙ නම් නැහැ,හැබැයි කොහොම හරි කරල බොහොම අමාරුවෙන් එතනින් Spiderman ව බේරගන්න Hawkeye ට පුළුවන් වෙනව.ඊට පස්සෙ Hawkeye,New York ප්‍රහාරයෙන් බේරිල ඉතුරු වුන Herosල හැංගිල ඉන්න තැනකට Spidermanව ඇරගෙන යනව.කොමික් එකේදි මෙතනදි ඉතුරු වුණ අය විදියට බලාගන්න පුළුවන් වෙන්නෙ Ironman,Emma Frost,Luke Cage,She Hulk, Wolverine සහ Susan Storm එහෙම නැත්තම් හැමෝම දන්න Invisible Woman වගේ බොහොම පොඩි කණ්ඩායමක්.ඒවගේම දිවිගලවාගත්ත තව එක Avenger කෙනෙක්ව පෙන්නනව…
ඒ තමයි Steve Rogersව.හැබැයි ඒ අපිට දැකල පුරුදු විදියට නම් නෙවෙයි.කාලයත් එක්ක තමන් දැනගෙන හිටපු යාළුවො,පවුලෙ අය, තමන්ගෙ කණ්ඩායමේ අනික් Avenger සාමාජිකයින් කියන මේ හැමකෙනෙක්ම නැතිවෙලා මැරිල ගිය නිසා ඒ දේවල් වලින් දුකින්,වේදනාවෙන් පැත්තකට වෙලා ඉන්න හරියටම කිව්වොත් බිඳීල ගිය Captain America කෙනෙක් විදියට.ඉතින් මේ විදියට තමයි Ultron ගෙ යුගය පෘථිවිය පුරා පැතිරිල යන්නෙ.
ලෝකෙටම වෙලා තියෙන මේ විනාශය ආපහු හරිගස්සල පෘථිවිය තිබ්බ විදියටම ආයෙ පාරක් ගෙන්න පුළුවන් විදියෙ ක්‍රමයක් ගැන මේ හැමෝම අතරෙ පස්සෙ කතාබහක් යනව.හැමෝටම තමන් දන්න කවුරු හරි කෙනෙක්ව නැතිවෙලා තියෙන නිසා ඇත්තටම මේක කතා බහකටත් වඩා වාද විවාදයක් විදියටයි කෙරෙන්නෙ.කොහොම හරි අන්තිමේදි ඉතුරු වෙලා ඉන්න කට්ටිය ඔක්කොම එකතුවෙලා අනාගත කාලයට ගිහින් ඒ කාලෙ ඉන්න Ultron එක්ක සටන් කරල Ultronව විනාශ කරල වර්තමාන ලෝකය ආපහු තිබ්බ විදියට හරිගස්සන්න තීරණය කරනව.ඒ වුණාට මේ හැමකෙනෙක්ගෙම අදහස් වලට විරුද්ධ වෙලා Wolverine හැමෝටම හොරෙන් වෙන සැලසුමක් ඔළුවෙ තියාගෙන ඒකට අනුව වැඩ කරල ආපහු ලෝකෙ තිබ්බ විදියට ගේන්න හදනව.එතනදි Wolverine කරන්න හදන්නෙ ඔක්කොටම හොරෙන් කාලයෙ ආපස්සට ගිහිල්ල Hank Pym පළවෙනි වතාවට Ultronව හදන්න කලින්ම ඔහුව මරල දාන එකයි.ඉතින් කණ්ඩායම් දෙකක් දැන් කාලයන් දෙකක තමන්ගෙ මෙහෙයුම් කරන්න ලෑස්ති වෙනව Ultronට විරුද්ධ වෙලා පෘථිවිය තිබ්බ විදියට ආපහු ගේන බලාපොරොත්තුව තියාගෙන…
ඔය විදියටයි 61112 වෙනි Earth එකේදි ,දරුණු වගේම අඳුරු කාලයක් තියෙන Ultron ගෙ යුගය ගෙවෙන්නෙ.ඒවගේම අපි බලපු Avengers:Age Of Ultron චිත්‍රපටය නිරිමාණය කරන්නත් බොහොම දුරින් මේ කොමික් කලාපය තමයි පාදක කරගෙන තියෙන්නෙ.
හැබැයි විශේෂයෙන් කියන්න ඕනෙ පටලවගන්න එපා.මොකද Marvel Cinematic Universe(MCU)එකේ වෙන සිදුවීම් වලට උඩ කියල තියෙන කොමික් කලාපය කෙළින්ම සම්බන්ධ වෙන්නෙ නැහැ.Eternls චිත්‍රපටයත් එක්ක මේ වෙද්දි හැමෝම අතර ආයෙත් ජනප්‍රිය වෙලා තියෙන MCU එක අයිති වෙන්නෙ Marvel Universe එකේ 199,999 වෙනි Earth එකට.ඔයාල දන්නව වගේම මේ Earth එකේදි Ultron ව හදන්නෙ Tony Stark.සහ අනික් වැදගත්ම කාරණය තමයි Marvel වල Prime Earth එක වෙන #Earth616 දි හරි අනිත් කොමික් වලදි හරි වෙන සිදුවීම් වලින් MCU එකට බලපෑමක් වෙන්නෙ නැහැ.ඒක නිසාම තමයි MCU එකේදි ජීවතුන් අතර ඉන්න සමහර චරිත කොමික් වලදි ජිවතුන් අතර නැත්තෙ වගේම,කොමික් වල ජීවත් වෙලා ඉන්න සමහර චරිත MCU එකේදි මේ වෙද්දි මියගිහින් ඉන්නත් හේතුව වෙන්නෙ.මම මෙතනට Marvel වල විසිරිලා තියෙන Earth වල සම්බන්ධය ගැනත් පොඩියට දෙයක් කිව්වෙ,සමහර අයට මේක කියවගෙන යද්දි පැටලෙන්න තියෙන ඉඩකඩ හෙම පොඩ්ඩක් අඩු කරල දෙන්නත් එක්ක.
ඒවගේම උඩදි විස්තර කරපු Age Of Ultron කොමික් මාලාවෙ සම්පූර්ණ කතාවම මම කියල නැහැ.කතාවෙදි ඔයිට වඩා සෑහෙන සිදුවීම් ටිකක් වෙනව.ඒ විදියට වැඩි විස්තර නොකිය ඉන්න හිතුව,මොකද මේක තාමත් කියවල නැති අයට සම්පූර්ණ කතාවම කියන එකෙන් ඒකෙ රසය ගන්න බැරි වෙයි කියල හිතුන නිසා.ඉතින් මේක කියවන ඔයා Age Of Ultron කොමික් කලාපය කියවපු නැති,කියවන්න කැමති කෙනෙක් නම් Get Comics එකට ගිහින් ඔයාට මේ කොමික් කලාප දහයම කියවන්න පුළුවන්.Getcomics Site එකේ මේ සම්පූර්ණ කතාවම තියෙනව.
ඉතින් කොමික් වල Ultron නිරිමාණය වුණු විදියෙ ඉඳල Ultron පෘථිවිය ආක්‍රමණය කරල අඳුරු කාලයක් වුන Ultronගෙ යුගය පටන් ගන්න හැටි ගැන කියපු කතාව මෙතනින් ඉවර කරනව.අන්තිමේටම කියන්න ඕනෙ Ultron කියන්නෙ AI එකක්ම විතරක් නෙවෙයි,කලින් කිව්ව වගේ කෘතිම බුද්ධියක් එක්ක මිශ්‍ර වුණ සංකීර්ණ මට්ටමේ වයිරස් එකක්.Ultron ක්‍රියා කරන විදිය ගැන සීයට සීයක්ම මිනිසුන්ට තේරුම් ගන්න අදටත් අමාරුයි කියන එක කොමික් වල පෙන්නල දෙන දෙයක්.ඒ ගැන ඔයාලගෙ අදහස් එක්කම මේ ගෙනාපු විස්තර ගැනත් අදහස් යෝජනා එකතු කරන්න කියල මතක් කරනව.තවත් මේ වගේ කොමික් වල ඉන්න නිතරම දකින චරිත වල මගඇරිල ගිය විස්තරයක් එක්ක ආයෙමත් හම්බුවෙමු.
තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න
ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න
කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන් , ඒකට අපේ hypezone youtube chanel එකට සෙට් වෙන්න https://youtube.com/c/HypeZone
Admin- THE LoNE WOLF
#Ultron #AgeOfUltron