Marvel කිව්වාම හැමොගේම හිතට මුලින්ම හිතට එන සුපර් Hero තමයි ඉතින් අයන් මෑන් කියන්නේ…2008 සිට අයන් මෑන් ෆිල්ම් සෙට් එක පටන් ගත්ත දවසේ ඉදන් සිවිල් වෝර්, ඇවෙන්ජර්ස් සෙට් එකේ පවා මේ Iron man හෙවත් Tony Stark අපි අතරට එනවා ..ඔවු සමහරු ඊටත් කලින් ඉදලා කොමික් පොත් කියවලා …Avengers Assemble ,Avengers earth’s mightiest heroes,Iron man – Armored adventures වගේ ගොඩක් තව Animated series බලලා Iron man කියන චරිතේ, Robert downey jr (MCU Iron man ) ප්ලේ කරන්න කලින් අදුරගෙන ඇති….මොකද Marvel Animation Tv series එකක Iron man එක එපියක හරි ඉන්නවා …ඒතරම් මාවල් ලාගේ Flagship චරිතයක් තමයි Iron man …හරි හරි….මන් අද කියන්න යන සීද්දීය ටිකක් මයින්ඩ් ෆක් වෙන කතාවක් ..විස්වාස කරන බෑ වගේ තේරේයි …මේක ගොඩක් මාවල් fan ලා දැනං ඉන්නම ඕනි හරි අපූරු කතාවක්…සමහරු අහලාත් ඇති ..ඒත් ඔට්ටුයි ගොඩක් ය Hype Zone එකෙන් අද තමයි දැනගන්නේ ලොවෙත් ….කතාවට යන්න කලින් මෙන්න මේකත් කියන්න ඕනි…..කොමික් පොත් වල තියෙන හැම කතාවක්ම එකම සමාන නෑ එකම හීරෝ ගේ උනා කියලා….මොකද ඒ කතාව, චරිත, ස්ටෝරි ලයින් එක තනිකරම කොමික් පොත ලියන Author මත depend වෙනවා…ඉතින්…මේක කියවලා…ඉතින් බන් කෝ ෆිල්ම් වල එහෙම එකක් කියලා නෑනේ හෙන චාටර් නේ ..කියල අවුල් ගහන්න එපා..හරිද..කොමික් බුක් වල තියෙන ලස්සනම දේ තමයි ඔය වෙනස් වෙන ගතිය…ඒ නිසා කතාව කියවලා රස විධින්න මානසිකත්වේ හදා ගන්න …අනික ලොවෙත් මේකේ මාවල් යුනිවර්ස් එකේ ගොඩක් ය අහලා නැති Points කිපයක් ගැනම කියනවා….එහෙනම් තව අටුවා ටීකා එපා කෙලින්ම කතාවට බහිමූ…Ready…Set…go…..
හරි මෙහෙම කතාව පටන් ගමු..අපි දන්න Iron man ඒ කියන්නේ ටෝනි ස්ටාක්…මාවල් යුනිවර්ස් එකේ ඉන්න තවත් පට්ටම මාස්ටර් මයින්ඩ් එකක් වෙන හොවාර්ඩ් ස්ටාක් ගේ (කැපටන් ඇමෙරිකා 1 එකේ ඩයල් එක main රෝල් එකක් කරනවා..) සහා මාරියා ස්ටාක් ගේ පුතෙක්..ඔවු ඉතින් මේ කතාව පටන් ගන්නේ..මාරියා ස්ටාක් එයාගේ පලවෙනි දරුවාට birth එක දෙන්න ඉන්නකොට….එයාට ගොඩක් අමාරු වෙනවා..කොයිතරම් සිටුවේෂන් එක අවුල්ද කිව්වොත් ඩොක්ටර්ස් ලා පවා කියනවා මේ දරුවා birth එකෙදී බේරගන්න බැරි වෙනවා..ජිවත් උනත් එයා අනිවා ටික කාලෙකින් මැරෙනවා කියලා.. ඒ නිසා hopes තියාගන්න එපා කියලා….ඒත් මෙච්චර මොලයක් වෙලත්,මේ තරම් සල්ලි තිබුනත් … හොවාඩ් ට එයාගේ එකම දරුවාව බේරගන්න බැරි එක ගැන එයා Shock වෙනවා පට්ටෙට..ස්ටාක් කල්පනා කරලා තීරණය කරනවා එයාගේ උත්සාහය අතාරින්න්නේ නෑ….ඩයල් එක තිරණය කළා මේකට කොහෙහරි උත්තරයක් තියෙන්න ඕනේ ඒක හොයාගෙන මුළු ලෝකෙම උනත් පීරණවා කියලා ගේමට බැස්සා.ලූකේ වටේම ගිහින් අන්තිමට නෙවාඩා වලදී Alien කෙනෙක් හම්බෙනවා රෝලෝ කියලා තනිකරම විශ්වය ගැන ගොඩක්ම තොරතුරු දන්න..මෙයාගෙන් දැනාගන්නවා එලියන් රොබෝට් කෙනෙක් ගැන එයාගේ නම රෙකෝඩර් 451 මේ රොබෝට් ට පුළුවන් කියනවා හොවාඩ් ට උදවු කරන්න ..
කවුද මේ 451…? අපි එයාව මෙහෙම හදුන්වමු ..රෙකෝඩර් 451/Recorder 451 කියලා.මෙයා එන්නේ රේගේලියන් රෙකෝඩර්ස්/ Rigellian Recorder කියන Alien රේස් එකකින් හදපු ටෙක් එකක් ලෙස …නමේම තියනවා වගේ මේ රේගේලියන් රෙකෝඩර්ස් ල කියන්නේ තොරතුරු රෙකෝඩ් කරන පිරිසක් ,මෙයාලාව හදලා තියෙන්නේ රෙගේලියන්ස් ලා කියන Aliens ලා….මේ හේතුව නිසයි මෙයාලට Rigellian Recorder කියන්නේ..මොන වගේ තොරතුරුද මෙයාලා රෙකෝඩ් කරන්නේ ? විශ්වයේ අලුත් ග්‍රහලෝක සීමාවන්..ඒ විතරක් නෙවේ වෙනත් ජනාවාස සරලවම කිව්වොත් විශ්වය ගැන තොරතුරු හොයලා රේගේලියන්ස්ලාට එවන්න ප්රෝග්‍රෙම් කරපු පට්ටම සුපිරි රොබෝලා…ඉතින් මේ රෙකෝඩර් 451 තමයි පෘතුවිය ගැන තොරතුරු හොයන්න ආවේ ..ඒත් හොවාඩ් ස්ටාක් මෙයාව හොයන්න එන වෙලාව වෙනකොට මෙයා ප්රුතුවියේම ඉන්න තවත් Alien රේස් එකක් වෙන ග්‍රේ කියන ඒලියන්ලාගේ හිර කාරයෙක්…(මොන රෙද්දක්ද බන් පෘතුවියේ කොහෙන් ගියත් Alien ලා නේ කියලා මේක කියවන සමහර යාලුවන්ට හිතෙයි..කලිනුත් මතක් කරා වගේ මචන් මේ කොමික් පොත් වල එන කතා….මේවා ෆිල්ම් වල ට වඩා හිතාගන්න බැරි තරම් පට්ට Expand වෙනවා ..ඉතින් මේක තමා පට්ට කියන්නේ කොමික්ස්..ෆිල්ම් එකේ පැය 2කට සීමා වෙන අපේ මනස පින්තුරයි දෙබස් නුයි විතරක් තියෙන පොඩි කඩදාසි පත්තරේකින්..පට්ටම දුර ගෙනියනවා..?? කෝමද ඒක බ්‍රෝ ?? )..කතාවට එමුකො ..ඉතින් මේ එලියන් රේස් එකෙන් 451 බේරගන්න හොවාඩ් ස්ටාක් 7 දෙ නෙක්ගෙන් සෙට් එකක් හදනවා ස්ටාක් සෙවන් කියලා…ඔවු ඒකේ අපි දන්න කැප්ටන් තන්දර්බෝල්ඩ් රෝස් පවා ඉන්නවා (රෙඩ් හල්ක්) ..ඉතින් කොහෝම හරි මේ ස්ටාක් සෙවන් සෙට් එක හෙනම ගේ මක් ගහලා 451 ව ග්‍රේ ලාගෙන් බේරගන්නවා.
කෝමහරි 451 බේරගත්ත එකේ හෙල්ප් එකට 451 Agree වෙනවා Howard Stark ට හෙල්ප් කරන්න.තවත් රෙකොඩ්ස් වලට අනුව මෙහෙම දෙයකුත් කියනවා ..451 පෘතුවිය ගැන මේතාක් එකතු කර තොරතුරු අනුව ඒ වෙනකොට පට්ටම පැහැදීමකින් ඉදලා තියෙන්නේ humans ලා ගැන…ඩයල් එකට ඕනි වුණා ..ටෙක් දැනුමට හෙනම instinct එකක් තියෙන මනුස්සයෙක්ව create කරන්න පෘතුවියේ ඉදිරි ආරක්ෂාවට..ඉතින් ස්ටාක්ගේ ඉපදෙන්න ඉන්න දරුවා මේකට හොදම චොයිස් 1..ඒ නිසා හොවාඩ් ගේ දරුවාගේ ජාන වල වෙනස්කම් කරලා ඒ දරුවාට අවශ්ය දැනුම,Skills වලින් සමන්විත මනුෂ්‍යයෙක් කරන්න 451 සිය අරමුණ කරගත්තා… ඒ හොවාඩ් ගේ අවශ්‍යතාව වගේම මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම උදෙසා දෙන Push එකක් ලෙස … ඒ කොහොම උනත් 451 මාස 5ක් එකදිගට මුගේ දැනුමෙන් සහා පවර් එකෙන්..හොවාඩ් ගේ දරුවාට ගේ ජාන වෙනස් කරලා…ඔක්කොම හදනවා…පර්යේෂණ වලින් ඔප්පු වෙනවා…හැමදෙයකම හොදින් කියලා…451 පෘතුවියෙන් යන්නේ මේ දරුවාගේ ඩිලිවරි එකෙනුත් පස්සේ…..
ඒත් ඔයි සිද්දී දාමය අස්සේ තව සින් එකක් වෙනවා….451 උදවු කරන මුවාවෙන් හිටියාට..හොවාඩ් ස්ටාක් මේ ජාන පරික්ෂා කරනකොට මිනිහාට අවුලක් හම්බෙනවා එක තැනක..එකේ හැටියට මේ ඉපදෙන දරුවා කොයිතරම් Genius උනත් එයා වයසින් මුහුකුරා යනකොට මිය යන විදියට(Time bomb) 451, දරුවාගේ ජාන හදලා තියෙන්නේ….ස්ටාක් ඉතින් වැඩ්ඩා නිසා ඕකට ජිමික් එකක් කරලා එහෙම වෙන එක නවත්වනව උගේ මොලෙන් ගේම ගහලා..කෝම හරි දරුවා ඉපදෙනවා නිරෝගිව..මේ ඉපදෙන්නේ හොවාඩ් ගෙයි මරියාගෙයි පලවෙනි දරුවා ආනි ස්ටාක්/ Arnie Stark ( කෝ ටෝනි ?? ඉන්නෝ ඉන්නෝ )..451 යන්න යනවා…ඒත් නිරෝගිව ඉපදෙන දරුවා නිරෝගිව ඉන්නේ දවස් කීපයක් විතරයි…මෙයා ආයෙම පැරලයිස් වෙනවා..ඩොක්ටර්ස් ලා කියන්නේ මෙයාව බේරගන්න බෑ ජීවිත කාලේම මැෂින් එකේ තමයි ඉන්න වෙන්නේ කියලා…ස්ටාක් දන්නවා 451 උදවු කරාට 451 නිසා දරුවාව මැරෙන එක නවත්තන්න එයා කල වැඩේ නිසා මේ අවුල වුනේ කියලා…ඉතින් කරන්න දෙයක් නෑ නේ ..ස්ටාක් ට 451 ගේ Creation එක වෙනස් කරලා තව අවුල් හදාගන්න බය නිසා ..ස්ටාක් තීරණය කරනවා අර්නි ස්ටාක් ව හංගන්න ලෝකෙන්…ඉතින ඒ වෙනුවට මෙයා තව ළමක් ව අරන් හදාගන්නවා..අන්න එයා තමයි ටෝනි ස්ටාක්/Tony Stark වෙන්නේ..කෝමහරි පට්ටම දේ ..මෙයා ස්ටාක් පරම්පරාවේ ඊළ්ග පුරුක ලෙස මාවල් යුනිවර්ස් එකම හොල්ලන තවත් Genius කෙනෙක් වෙනවා..හෝව් හෝව් කතාව ඉවරද ?? තාම නෑ .
කොමික් ස්ටෝරීස් වලට අනුව(Secret origins of tony stark) ස්ටාක්,Guardians of Galaxy Team එකත් එක්ක Space එකේ මිෂන් එකකට යනකොට …මෙයාට හම්බෙනවා 451 ව …ඒ නිකන්ම නෙවේ God killer Armor එකත් එක්ක එක ග්‍රහලෝකයක් තනිකරම විනාස කරලා දාන වෙලාවක.So….ටෝනි 451 ව නැවත්වන්න 451 එක්ක ෆයිට් කරන්න යනවා…ඒත් ටෝනි දැන ගන්නවා ඒ Planet එක විනාස කල එක තනිකරම 451 ගේ උගුලක් කියලා.ඒ Tony ව ගෙන්නාගෙන හිර කරගන්න ..මොකද ටෝනි ගෙන් ලොකු දෙයක් 451 ට කරගන්න තියෙනවා..ඒකට ගොඩ කිලර් ආමර් එක සම්බන්ධයි.whoa whoa Wait ? මොකක්ද මේ God killer Armor එක ?? ඒ ගැන කෙටි හැදීන්වීමක් කලොත්..මේක ක්රියෙටර්ස් ලා ( ඇස්පයිරන්ට්ස්ලා/Aspirants ) විසින් මාවල් යුනිවස් එකේ බලවත්ම ජීවීන් විශේෂයක් වෙන සෙලෙස්ටියල් ලා මරන්න හදපු එකක්..මේකෙන් සෙලෙස්ටියල්ලා අතුගාලා දාන්න තරම් පවර් එකක් එනවා…ඉතින් 451 ට මේ ආමර් එක හම්බෙනවා…ඒත් මේ ආමර් එකෙන් ෆුල් පොටෙන්ෂල් එක ගන්න මෙයාට බෑ මේ කට හරි පයිලට් කෙනෙක් ඕනි වෙනවා ෆුල් පොටෙන්ෂල් එක ගන්න නම් ..
451 ටෝනිව හම්බ වුණාම ටෝනිගේ ආමර් එක හැක් කරලා එයාව හිර කරගෙන..තනිකරම හොවාඩ් ස්ටාක් සහ පෘතුවිය එක්ක තියෙන එයාගේ ඉතිහාසය..කොහොමද 451 ,Howard Stark ට එයාගේ මැරෙන්න ගිය ළමයා ළමයාව බේරගනන help කලේ කියලා පැහැදිලි කරනවා..ඒත් සමගම 451 ටෝනිට හොවාඩ් ස්ටාක් සහ 451 එකට ඉන්න එකක් පෙන්වනවා ටෝනිට ඒත්තු ගන්වන්න හොවාඩ් ව ,451 දැනැගෙන සිටි බව ..මෙන්න මෙතනදී තමා කතාව තනිකරම කොනෙක්ට් වෙන්නේ …451 හිතන් ඉන්නේ Tony තමයි Howard ගේ ඇත්ත දරුවා කියලා.ඒක නිසා තමයි ටෝනිව අල්ලාගෙන මේ සිදිදිය කියලා එයාගේ අරමුණ ගැන කියන්නේ..අනිත් අතින් මේ වෙන කිසි මගුලක් ටෝනි දන්නේ නෑ…
451 ගේ Plan එක වෙලා තිබුනේ මුලදී ඉදන්ම එයාගේ විශ්වාසෙට අනුව Human ලාට කවදා හරි මුළු යුනිවර්ස් එක්ටම සාමය ගේන්න පුළුවන් කියන එක ..ඒ නිසා එයාලට අනිට් ජිවින්ගෙන් වෙන හානි වලින් ආරක්ෂා කරන්න මොකක්ම හරි Weapon එකක් තියෙන්න ඕන.ඉතින් සෙ සෙලෙස්ටියල් ලාගෙන් උනත් ආරක්ෂා වෙන්න පුළුවන් God killer ආමර් එක තරම් තවත් සුදුසු ආමර් එකක් කොයින්ද ??? ..හොවාඩ් ගේ දරුවාගේ ජාන වෙනස් කරලා..එයාගේ purpose එක කලේ කවදා හරි God killer ආමර් එකට කොනෙක්ට් කරලා පෘතුවිය ආරක්ෂා කරන එක…එහෙම නැත්නම් ඒ දරුවා මැරෙන විදියට තමා ජාන වෙනස් කරලා තිබුනේ …
මේ කතාව ටෝනිට කිව්වාට ටෝනිට තේරුමක් තිබුනේ නෑ ..මොකද 451 මේ ඉන්නේ අර්නි නෙවේ හොවාඩ් අරන් හදාගත්ත ටෝනි stark කියල දන්නේ නැති නිසා…කෝම උනත් 451 බලෙන් ට්‍රයි කරත් ටෝනි ට කියලා ගොඩ් කිලර් ආමර් එක ක්‍රියාත්මක කරවන්න ..ඒක හරියන්නේ නෑ..ආමර් එක ඔටෝ පයිලට් දාලා පෘතුවිය විනාස කරන විදියට එවන්න හදනවා ඒත් Iron Man ගොඩක්ම ලොකු සටනක් කරලා 451 විනාස කරනවා..සහ විනාස කරන්න කලින් 451 ලවා ගොඩ් කිලර් ආමර් එක Self destruct mode on කරලා වෙන Pocket dimension එකකට යවනවා….කෝම හරි ..මෙන්න මෙතනින් තමා මේ කතාවේ අවසානයට එළබෙන්නේ…
මේ සිද්ධියෙන් පස්සේ ටෝනි පෘතුවියට එනවා….ඇවිත් හොවාඩ් ස්ටාක් ගේ ලිපි ගොනු අස්සේ මේ උන ජංජාලය ගැන Records තියෙද කියලා බලනකොට ..මෙයාට හම්බෙනවා එක ප්ලේස් එකක්..ඉතින් මෙයා එතෙන්ට යනවා…ඒ Maria Stark Foundation ගෝඩනැගිල්ල ..මෙතැනදී තමා..ටෝනි එයා මේතරම් කල් නොදැන සිටි එයාගේ සහෝදරයා ආර්නි ස්ටාක් ව හම්බ වෙන්නේ..මැෂින් එකකට හයි කරලා තාම ජිවත් වෙනවා….එතකොට තමයි එයාට තේරුම් යන්නේ සම්පුර්නෙන්ම 451 මේ වෙනකන් කියපුවා …
ඔන්න ඔහොමයි ටෝනි ස්ටාකගේ ගැන කොමික් පොත් වල ලියවෙන්නේ…මතක තියාගන්න මේ කතාව කොමික් පොත් වල සදහන් වෙන්නේ ..යුනිවර්සල් සහ අලුත් මාර්වල් කොමික් Reboots වලටත් කලින්..Technically මන් මේ එලියට ඇද්දේ හෙන පරණ පුස්කොල පොතක්….නෑ නෑ කොමික් පොතක් .. ..සමහරු කියනවා…මේ theorya ෆිල්ම් වලටත් එයි කියලා…ඒත් ඒවා Predictions විතරයි…කෙවින් ෆයිගි ලාගේ හිතේ මොනාවා නම් තියද කියලා අපි දන්නේ නෑ නේ ..
කතාව ටිකක් දිගයි වගේ ම ගොඩක් කරුණු එක පාර ගලපලා තියෙනවා…ඒත් මේ කතාව කියවන එක Worth කියලා ඔයා Marvel Fan කෙනෙක් නම් ගොඩක් ම තේරෙයි…මාවල් යුනිවස් එක ගැන අලුත් දෙයක් දැනගත්ත ද ? ප්‍රශ්න තියේනම එහෙම ඉන්බොක්ස් කරන්න…
ඉතින් iron Man ගේ ඔරිජින් එක ගැන ගෙනාපු කතාව මෙතනින් සමාප්තයි..ආයෙත් මේ වගේ තවත් කතාවකින් හම්බවෙමු…ජය වේවා
All hail #Marvel