You are currently viewing Watchmen Comic Review: සුපර් හීරෝ කතා වෙනස් කරපු සුපිරිම ස්ටෝරියක්…!

Watchmen Comic Review: සුපර් හීරෝ කතා වෙනස් කරපු සුපිරිම ස්ටෝරියක්…!

DC කොමික් කියන්නේ කොමික්වලට ලොකු සේවයක් කරපු ආයතනයක්.😍❤ දැන් තියෙන Live-Action විශ්වය කොහොම වුනත් කොමික් අතින් ගත්තම තාම DC ලා ලොකු තරඟකරුවෙක් විදිහට නම් දරලා ඉන්නවා. ඉතිං කොමික් ගත්තම මේ නිර්මාණවලත් හරි ලස්සන, වෙනස් සහ ගැඹුරු ප්ලොට්ස් තියෙනවා. සමහර වෙලාවට අපිට නිකමටවත් නොහිතෙන විදිහේ concepts මේ කොමික්වලින් අපිට අරගෙන එනවා. ඒ වගේ ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවුනු හොඳම කොමික් සීරීස් එකක්, හරියටම කියනවා නම් මාස්ටර්පීස් එකක් ගැනයි. ඒ තමා Watchmen. Watchmen කිවුවම හුඟක් අයගෙ ඔලුවට එන්නේ අපෙ සැක්ගේ 2009 ආපු ෆිල්ම් එකනේ. හැබැයි අද අපි මෙතනදි කතා කරන්න යන්නේ ෆිල්ම් එක එන්නත් දශකයකටත් දෙකකටත් වඩා කලින් ආපු කොමික් සීරීස් එක ගැනයි.🙌

Alan Moore. කොමික් කියවන ඩයි හාර්ඩ් ෆෑන්ස්ලා මේ නම අහලා නැතිවෙන්න නම් විදිහක් නෑ. කොමික් කියවන්නෙ නැති අය පවා මේ නම අඩුම ගාණේ කොහෙ හරි දැකලා හරි තියෙන්න ඕනේ. ඒ තරමටම කොමික්වලට සේවයක් කරපු පුද්ගලයෙක් තමා ඇලන්. එතෙක් මෙතෙක් බිහිවුනු තවත් හොඳම මාස්ටර්පීස් ලෙවල් එකේ කොමික් චිත්‍රපටයක් විදිහට සැලෙකෙන V For Vendetta ෆිල්ම් එකටත් පාදක වුනු කොමික් එක, තව ගත්තොත් Swamp Thing, Batman: The Killing Joke වගේ හොඳම කොමික් ලියවුනෙත් ඇලන්ගේ අතින්.✌ ඒ විදිහටම මේ Watchmen කොමික් එකත් ලියන්න දායක වෙන්නේ ඇලන්ම තමා.☺

ඉතිං ප්ලොට් එකට පස්සේ කොමික් එකක වැදගත්ම දේ තමා arts.👈 ඉතිං වොච්මෙන්ලාව සහ මේ අමුතුම විශ්වය හරි ලස්සනට ඇඳලා ප්‍රේක්ෂකයින්ට ලබාදුන්න Dave Gibbons සහ John Higgins වත් අමතක කරලා බෑ. ඉතිං කොමික් ඉතිහාසය අමුතුම පැත්තකට හරවපු මේ කොමික් සීරීස් එක රිලීස්වෙන්නේ 1986 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. එදා ඉඳන් 1987 වෙනකන්ම ඉශූන් 12 ක් මේ කතාවට එකතුවෙනවා.👏

Alan Moore
Watchmen පලවෙනි ඉශූ එකේ කවරය

හරි එහෙනම්, අපි යමුකෝ කතාව පැත්තට. අපි කොමික්වලදි එක එක කාලවල කතා දකිනවනේ. සමහර ඒවා අතීතය ගැන. තවත් ඒවා වර්තමානය ගැන. ඊට අමතරව අනාගතය ගැනත් කොමික් තියෙනවා. එතකොට මේ වොච්මෙන් කොමික් එක යන්නෙත් alternative history එකක්. ඒ කියන්නේ මේ කොමික් එකට අදාල විශ්වය ගොඩනගලා තියෙන්නේ සෑහෙන දුරට වෙනස් කරපු ලෝක ඉතිහාසයේමයි.😇 ඒ නිසා මේ කොමික් එකට අදාල ටයිම් ලයින් එක ඇතුලේ අපි සැබෑ ඉතිහාසය තුළ දකින සිදුවීම්, අවස්තා සහ චරිත කතාවට අනුකූලව ප්‍රබන්ද කරලා තියෙනවා. ඒ නිසා මේ කොමික් එකේ යුනිවර්ස් එක explore කරන වැඩේ මාර interesting.👈 අනිත් පැත්තෙන් ගත්තම මේ යුනිවර්ස් එක ගැන අවබෝදයක් අරගෙන වැඩේට සෙට් වෙන්න ටිකක් වෙලා යනවා. (ෆිල්ම් එක බලපු අයට එහෙම වැඩේ තේරෙනවා ඇති.)

මේ යුනිවර්ස් එකටම වෙන්වුන costumes හීරෝස්ලා වගේ විලන්ස්ලා සෙට් එකක් ඉන්නවා. හැබැයි වැදගත්ම දේ තමා චරිත කිහිපයක් හැරුනම මේ ලෝකය ඇතුලේ ඉන්නෙ සුපිරි බලයන් රහිත සාමාන්‍ය මිනිස්සු. එදිනෙදා ජීවිතයේදි සිද්ද වෙන නරක දේවල් නවත්තන්න ඌනක් තියෙන මිනිස්සු ඉන්නවනේ. ඉතිං එයාලා අනිත් අයට ආදර්ශයක් සහ බලාපොරොත්තුවක් දෙන අරමුණින් තමන්ටම කියලා icon එකක් හෝ brand එකක් හදාගෙන costume එකක් ඇතුලට බැහැලා වීරකම් කරන්න පටන් ගන්නවා. ඔවුන් තමන්ව හදූන්වාගන්න මේ “heroes” කියන සංකල්පයමයි භාවිතා කරන්නේ.😍

හැබැයි ඔය අස්සෙම තවත් සෙට් එකක් ඉන්නවා. උන් ටික කරන්නේ වීරයෝ කියන වචනෙ අස්සෙ හැංගිලා තමන්ට තියෙන ප්‍රචණ්ඩකාරී සහ විකෘති ආශාවන් සංසිඳුවාගන්න එක. හොඳම උදාහරණය තමා The Comedian. නොගැලපෙන මිනිස්සුන්ට වීරයා කියලා හඳුන්වන එකේ නරක ප්‍රථිපල පෙන්වන හොඳම උදාහරණයක් තමා කොමීඩියන්. අනික කොමික් එක කියවන් යද්දි කොමීඩියන් තුළින් “Karma is a bitch” කියන දේත් කනට ගැහුවා වගේ පෙන්වනවා.😈

ඉතිං මේ වීරයෝ හෝ වීරයෝ වගේ අංඟවන කට්ටිය බිහිවෙන්න බිහිවෙන්න ඊට විරුද්ධ පැත්තත් බිහිවෙන්න අරගන්නවා. වීරයොන්ගෙ වීරකම් දිරවන්නෙ නැති ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ අදහස් තියෙන මිනිස්සු ටිකත් අර විදිහටම තමන්ටම කියලා iconic දේවල් හදාගන්න පටන් ගන්නවා. අන්න එහෙම තමා මේ යුනිවර්ස් එකේ සුපර් විලන්ස්ලා සෙට් එක ඉපදෙන්නේ.😈 එකෙක්ගෙන් දෙන්නෙක්ගෙන් පටන් ගන්න වැඩේ අන්තිමේට තනි වීරයෙක්ට දරාගන්න බැරි තරම් වර්ධනය වෙන්න පටන් ගන්නවා.

Nite Owl යනු කතාවේ සිටින යම් තාක් දුරකට යහපත් යැයි කිව හැකි චරිතයකි

ඊට පස්සෙ තමා මේකට උත්තරයක් දෙන්න අර කලින් බෙදිලා වැඩ කරපු වීරයො දෙතුන් දෙනෙක් එකතු වෙලා සුපර්හීරෝ ටීම්ස් හදාගන්න පටන් ගන්නේ. අන්න ඒ විදිහට තමා කොමික් එකේ වගේම ෆිල්ම් එක ඇතුලෙත් ලෝකයට ලොකු ඉම්පැක්ට් එකක් දෙන Minutemen ලා සහ Crimebusters ලා බිහිවෙන්නේ.❤

ඊට පස්සෙ මේමුල් කාලයේ බිහිවුනු වීරයොන්ගේ young generation එක එකට එකතුවෙලා Crime Busters ගෲප් එක හදාගන්නවා. මේකෙ ඉන්න සමහර චරිත මුලින් හිටපු කට්ටියගෙ දරුවන්. තව අය ඉන්නවා කලින් ඉන්න කට්ටිය ආදර්ශයට අරගෙන ඒ වීරයින්ගෙම ලෙගසි එක ඉස්සරහට අරන් යන අය. ඒ වගේම කලින් ගෲප් එකේ නම් දරපු කෙනෙකුත් වැඩේට සෙට් වෙනවා. Watchmen කොමික් සීරීස් එකට අනුව ටීම් එකේ සාමාජිකයින් හයක් ඉන්නවා.👇

Crime Busters පස්සහ සිට ඉස්සරහට වමේ සිට දකුණට පිළිවෙලින්: Dr. Manhattan, The Comedian, Nite Owl, Ozymandias, Silk Spectre, Rorschach
  • Ozymandias
  • Nite Owl II
  • The Comedian
  • Silk Spectre II
  • Rorschach
  • Doctor Manhattan

ප්‍රධාන වශයෙන් වොච්මෙන් කතාව ගලාගෙන යන්නේ මේ චරිත ටික එක්ක.✌

ඉතිං බැලූ බැල්මට කෙනෙක්ට කියන්න පුලුවන් වොච්මෙන්ලා ටිකත් නිකන් ජස්ටිස් ලීග් එක වගේනේ කියලා. සමහර ව්ඉට පෙනුමට එහෙම වෙන්න පුලුවන්. හැබැයි වොච්මෙන්ලා ලීග් එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්.😲

වර්තමානයේ කොමික් බේස්ඩ් සීරීස් සහ සමහර ෆිල්ම් ගත්තම ට්‍රෙන්ඩ් වෙලා තියෙන දෙයක් තමා “අපේ ඇත්ත ලෝකයේ වීරයෝ හිටියොත් මොනා වෙයිද” කියන අදහස. මේ concept එකට අනුව තමා The Boys, Invincible වගේ සීරීස් සහ කොමික්ස් බිහිවුනේ. ඇත්තටම මේ වැඩේ කොමික්වලට ලොකු impact එකක් විදිහට අරන් ආවේ Watchmen කොමික් එක.😲

අපි හිතන දෙයක් තමා සුපර්හීරෝස්ලා තනිකරම යුක්තිය ඉටු කරන්නම බලාගෙන ඉන්නෙ, කරුණාවන්ත මිනිස්සු ටිකක් කියලා. අපි හැමෝම හතුරොන්ට ගල් ගහලා වීරයෝ අදහන්න ඕනෙ කියන දේ ඉපදුන දවසෙ ඉඳන් හිතන් ඉන්නේ. අපිට ඕනේ යහපත නපුර පරදනේ. සුදු පාට කළු පාටට වඩා ඉහළට යන්න. ඒ නිසාම තමා සුපර්හීරෝස්ලා මෙච්චර සමාජයට impact එකක් වුනේ. මොකද අපි හැමෝම කැමතියි අපි ඇතුලෙ තියෙන නරක දේවල්වලට අපේම හොඳ දේවල් හොඳට නෙලනවා බලන් ඉන්න. හැබැයි ඇලන් කියන්නෙ වෙනස් විදිහට හිතන නිර්මාණකරුන්නේවෙක්. ඇලන් හැමතිස්සෙම තමන්ගෙ ස්ටෝරිවලින් කරන්න උත්සහ කරන්නේ සමාජ පිලිගැනීම් වෙනස් කරන එක. ඇලන් කරන්නේ අපි හිතාගත්ත දේවල් එක්ක සෙල්ලම් දාන එක. ඒ නිසයි ඇලන් Watchman කොමික් එකෙන් මම අර උඩ කියපු දේ වෙනස් කළේ.👈

වෙනම ගේම් එකක ප්ලේ කරන කැරැක්ටර් එක වුනු Ozymandias

බලය සහ ප්‍රසිද්ධිය කියන්නෙ මිනිස්සුන්ව හාත් පසින්ම වෙනස් කරන්නත්, අදහස් විකෘති කරන්නත් පුලුවන් බලවේග දෙකක්. මොන සුපර්පවර්ස් ලැබුනත්, මොන තරම් යුක්තිය ඕන වුනත් අපි හැමෝගෙම කොහෙ හරි ගැබූරු තැනක මනුස්සයා කියන දේ ඉතුරු වෙනවා. මිනිස් සොබාවය ගත්තම අදහස් ඉක්මණින්ම වෙනස් වෙනවා. මොකක් හරි දේක රහ වැටුනම ඒ පස්සෙම යන, තවත් ඒ රහ අපි ළඟට අරගන්න උත්සහ කරන එක අපි හැමෝටම මිනිස්සු විදිහට ඉපදුන එකෙන් උරුම වෙන දෙයක්. ඇලනුත් මේ දේ හරියට තේරුම් අරගෙන Nite Owl ගේ ඉඳන් ඩොක්ටර් මැන්හැටන් යනකන් හැම චරිතයක් ඇතුලාන්තයේම මේ දේ තැන්පත් කළා. ඒ නිසා මේ සීරිස් එක ඇතුලෙ ඉන්නේ 100% ක් උතුම් චරිත නෙවේ. මේ කොමික් එකේ වීරයොත් නෑ. ඒ වගේම දුෂ්ටයොත් නෑ. මේ සීරීස් එක ඇතුලේ ඉන්නේ ආශාවන් නිසා වැරැදි කරන, වගකීම් නිසා හොඳ දේ කරන මේ දෙක එකට මිශ්‍ර වුනු මිනිස්සු. ඒ නිසා මේකෙ ඉන්න වීරයෝ මිණී මරනවා. හරි දේ කරන්න අවශ්‍යය නිසා සමාව නොලැබෙන විදිහේ වැරැදි දේවල් කරනවා. අහින්සකයින්ව වුනත් දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මරලා දානවා. ඒ නිසා Watchmen ලා කියන්නේ කළු පාට චරිතවත් සුදු පාට චරිතවත් නෙවේ. Watchmen ලා කියන්නේ අළු පාට මිනිස්සු ටිකක්. දැන් තේරෙනවා ඇතිනේ ඇයි Watchmen ලා Justice League එකට වඩා වෙනස් වෙන්නෙ ඇයි කියලා.❤

Silk Spectre සහ Doctor Manhattan

මම මුලින් කිවුවා මතක ඇති Watchmen කොමික්වලට ලොකු impact එකක් කළා කියලා. ඒ කොහොමද කියලා අපි දැන් කතා කරමු.❤

වොච්මෙන් කියන්නේ Comic based movies කියන දේ ලොකු කර්මාන්තයකි නොවුන කාලෙක් ආපු කතාවක්.❤ ඒ නිසාම Watchmen වලින් මෙහි නිර්මාණකරුවන් බලාපොරොත්තු වුනේ ෆිල්ම්වලට ලොකු දෙයක් දෙනවා වෙනුවට කොමික් බුක්ස්වලට දායාදයක් ලබා දෙන එක. ඇලන්ට ඕන වුනේ කොමික්වලට කරනන් පුලුවන් දේවල් කොච්චර බලවත්ද කියලා පෙන්වන එක. මේ වැඩේ හුඟක් සාර්තක වුනා. ඊට පස්සෙ බහුතරයක් කොමික් නිර්මාණකරුවන් ගැඹුරු තේරුම් එක්ක තමන්ගේ නිර්මාණ ඉස්සරහට අරන් යන්න ඕනේ කියන දේ හිතට ගන්නවා. ඒ විදිහට තමා වර්තමාන සංකීර්ණ තේමාවලින් යුක්ත කොමික්වලට පාර හැදෙන්නේ.😊

අනික මේ කොමික් එක mainly focus කරන්නේ වීරයින් උලුප්පලා පෙන්වීමට නෙවෙයි. 👈 මේ කොමික් එක උත්සහ කරන්නේ අපේම ඇතුලාන්තය අපිට fictional කැරැක්ටර්ස් සෙට් එකකින් පෙන්වන්න.👈 හරියට කොමික් එක අසවිඳින කෙනෙකුත් Watchmen ලා හය දෙනාගෙන්ම තමන්ව දකින්න පුලුවන්.✌ උදහරණයකට ගත්තොත් කොමීඩියන් තුළින් මිනි ආශාවන් නිසා විකෘති වෙන මනස හොඳට පෙන්වනවා.😈 ප්‍රචණ්ඩත්වය සහ ලිංගිකත්වය කියන දේවල්වලින් කොහොම බලපෑමක් public figure එකකට බලපාවිද වෙනවද කියන එක අපූරුවට කොමීඩියන් තුළින් ගෙනහැර පානවා.

ඊළඟට ගත්තම මගේ personal favorite Rorschach. මේත් හොඳ වගේම නරක මිශ්‍ර මිනිහෙක්. Rorschach සංඛේතවත් මිනිස් කුතුහලය අපිව කොයි වගේ දේවල්වලට යොමු කරාවිද කියන දේ. අනිත් කෙනා තමා මේ දවස්වල සෑහෙන ප්‍රසිද්ද Doctor Manhattan. Watchmen ටීම් එකේ ඉන්න බලවත්ම වගේම සුපර් පවර්ස් සහිත කෙනා. හැබැයි කොච්චර පවර්ෆුල් වුනත් මම දැකපු දේ තමා මුල ඉඳන්ම ඩොක්ටර් මැන්හැටන් කියන්නේ කාගෙ හරි ඉත්තෙක්.

කතාව තුළ විශාල බලපෑමක් ඇති කරන Doctor Manhattan

පවර්ස් ලැබුනු දවසෙ ඉඳන් ඩොක්ටර් මැන්හැටන්ව සෑහෙන මාර්කට් කරන බව පේනවා. විශේෂයෙන්ම දේශපාලනික අරමුණු වෙනුවෙන් ඩොක්ව සෑහෙනට යොදාගන්නවා. ඩොක් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ defense system එක වගේ. අනිත් රවටවල් ඇමරිකාවට පහර දෙන්නත් බයයි මැන්හැටන් නිසාම. කොහොම හරි අන්තිමේදි great game එකකත් ප්‍රධානම ඉත්තා වෙලා ඉන්නේ මැන්හැටන්, කොච්චර බලවත් වුනත් මැන්හැටන්ට තමන්ට ආදරේ කරන අය වෙනුවෙන් යුතුකම් ඉශ්ට කරන්න බැරි වෙනවා. තමන්ගෙ කලින් පෙම්වතිය වගේම සිල්ස් ස්පෙක්චර්ත් තමන් නිසා මානසිකව වැටෙන විදිහ දකින්න පුලුවන්. ඒකට ලොකුම හේතුව මැන්හැටන් කියන්නේ හැඟීම් දැනීම් රහිත ගුප්ත චරිතයක් ආරූඩ කරගෙන ඉන්න එක. වෙලාවකට අපි හිතාමතාම අනිත් අයට පෙන්වන්න යන දේ වගේමයි. අපි නිසා අනිත් අයට වෙන අහිතකර බලපෑම් වගේමයි.

කොමික් එකේ ඊළඟ දේ තමා පොලිටික්ස්. විශේෂයෙන්ම සුපර්පවර්ස් තියෙන මනුස්සයෙක් පවා දේශපාලනයේ වහලෙක් වෙන්න පුලුවන් කියන දේ අපූරුවට පෙන්වලා තියෙනවා. පොලිටිකල් පැත්ත අපූරුවට පෙන්වපු තවත් එක කොමික් එකක් සහ ෆිල්ම් එකක් ඇලන්ගෙම V For Vendetta. ඒ විදිහට ඇලන් මේකෙනුත් පොලිටික්ස් කියන දේ වෙනස්ම දර්ශනයකින් පෙන්වල දීලා තියෙනවා. පොලිටික්ස්වලත් ඉත්තො ඉන්නවනේ. ඉතිං මේ මැන්හැටන් කියන ඉත්තගේ වැදගත්කම සංකේතවාත්මකව දක්වලා තියෙනවා.😍

අනිත් එක තමා කොමික් එකේ ආර්ට්වර්ක්ස්. Gibbons ට සහ Higgins ට ලොකු ක්‍රෙඩිට් එකක් යන්න ඕනේ මේකට.😎❤ ඇලන්ට ආපු idea එකට අවශ්‍ය ලෝකය ගොඩනැගුවේ මේ දෙන්නා එකතුවෙලා. දෙන්නා එකතුවෙලා උපරිම සාධාරනයක් කරලා තියෙනවා. විශේෂයෙන්ම “nine-panel structure” concept එක මේ කොමික් එක මෙච්චර විශිෂ්ට වෙන්න ලොකු හේතුවක්. ඉතිං කොමික් එකක සාර්ථකත්වයට මේ චිත්‍රශිල්පීන්ට නිදහස දෙන එක කොච්චර වැදගත් වෙනවද කියන ආදර්ශය වර්තමානයට ලබා දුන්නේ Watchmen එකෙන්. 😍

තවත් අමතක කරන්න බැරි විශේෂ කරුණක් තමා කොමික්වලට dark tone ඉම්පැක්ට් එක දුන්න එක. මොකද Watchmen වලින් වයලන්ට් සහ ඩාර්ක් ටෝන් එකකින් කොමික් එකක් ලිවුවම ඒ කොමික් එකේ හරය නිර්මාණාත්මකව ඉස්සරහට අරන් යන්න පුලුවන් බව ඔප්පු කරන්න සමත් වුනා.❤

ඉතා දක්ෂ රහස් පරීක්ෂකයෙක් සහ සමාජයේ වෙනමම දර්ශනයක් ගෙන හැර පාන චරිතයක් වන Rorschach

ඉතිං මේ හැම කරුණක් එක්කම බලද්දි ඔප්පු වෙනවා Watchmen කියන්නේ නූතන කොමික් කලාව උඩු යටිකුරු කරන්න සමත්වුන මාස්ටර්පීස් වැඩක් කියලා.😍❤

ඉතිං අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයා කොමික්වලට ආස කෙනෙක් නම් කියවලා නැත්තන් අනිවාරෙන්ම Watchmen සීරීස් එක කියවන්න කියලා. කියෙවුවට දෙයක් ලැබෙනවා මිසක් වෙන පාඩුවක් නම් නෑ. මේ වගේ මාස්ටර්පීස් ලෙවල් එකේ නිර්මාණයක් කියවන එකෙන් දේවල් හරියට දකින්න ලොකු උදවුවක් වෙන බව නොඅනුමානයි.❤


තව මේ වගේ ලස්සන ලිපි කියවන්න අපේ Hype zone page එකට සෙට් වෙන්න.

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න, දන්න දේවල් share කරගන්න අපේ HYPE Community එකටත් සෙට් වෙන්න.

තව දෙයක් තියෙනවා. ඔයාලට අපි දාන ලිපි කියවන්න විතරක් නෙමෙයි ඔයා ආස දේවල් ගැන video බලන්නත් දැන් ඔයාලට පුලුවන්, ඒකට අපේ Hype Zone Youtube Channel එකට සෙට් වෙන්න.
https://youtube.com/c/HypeZone

ආහ්…ඒ වගේම අපේ අලුත්ම වැඩේ තමයි Hype Zone exclusive discord channel එක, ඒකට සෙට් වෙන්න buy me a coffee member කෙනෙක් වෙන්න. ඔයාලට අනිත් අයට හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මේකෙන් හම්බෙනවා. එහෙනම් මේ link එකෙන් buy me a coffee එකට සෙට් වෙන්න. https://www.buymeacoffee.com/hypelk


තවත් මේ වගේ ලස්සන ලිපියකින් හමුවෙමු.

෴෴ සුබ දවසක්…! ෴෴

This Post Has One Comment

  1. If you wish for to get much from this article then you have to apply these
    strategies to your won webpage.

Leave a Reply