ඉතින් අපි අද කතා කරන්න යන්නේ ටිකක් අමුතු චරිතයක් ගැන🧐. අපි හැමදාම කතා කරන්නේ අමුතු දේවල් නේද?😂 ඔව් ඉතින්. අපි මේ කතා කරන්න ලෑස්ති වෙන්නෙ ළඟකදී ඉතා ජනප්‍රිය වුණු කොමික් චරිතයක් ගැන. ඒ තමයි Sweet Tooth.🦌
Sweet tooth🦌
අපි කාටත් මේ නම ටිකක් අහල පුරුදු නමක් නෙමෙයි. Sweet tooth කියන්නේ DC Vertigo Comics විසින් නිකුත් කරන ලද කොමික් කතා මාලාවක්.🔥 ඉතින් මේ කොමික් චරිතය වගේම මේ කොමික් මාලාව නිර්මාණය කරන්නේ Jeff Lemire නම් කැනේඩියානු ජාතික කොමික් රචකයා විසින්. 2009 සැප්තැම්බර් 2 වෙනිදා පලමු කලාපය නිකුත් වුනු Sweet tooth කොමික් මාලාව ඉවර වෙන්නේ කොටස් 40ක් අවසානයේ 2013 දී. ඉතින් 2009 සිට 2013 දක්වාම මේ සම්පූර්ණ කොමික් කතා මාලාවම නිපදවන්නේ Jeff Lemire විසින්. ඉතින් අපි බලමු කවුද මේ Sweet Tooth කියන්නේ කියලා.
මේ සිද්ධීන් දාමය සිඳු වෙන්නේ H5-G9 කියන වෛරසය පැතීරී ගිහින් මිනිස් වර්ගයා මරණය අභිමුව ඉන්න කාල පරාසයක☠️❌. මේ වෛරසය නිසා මිනිස්සු විශාල පිරිසක් මිය ගිහින් ලෝක ආර්ථිකය, පාලන තන්ත්‍ර, නිෂ්පාදන කර්මාන්ත ආදී හැමදෙයක්ම බිඳවැටුණු Post apocalyptic world එකක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ.☠️🌍 මේ වෛරසයෙන් මිනිස්සු එකින් එකා මිය යමින් තමයි පවතින්නේ. ඉතුරු වෙලා ඉන්න මිනිස්සු තුලත් මේ වෛරසය තිබෙනවා⚰️🥀. එය එකිනෙකා තුළ රෝගී ලක්ෂණ මතුවන කාලය වෙනස්. ඉතින් ඒ වගේම දෙයක් තමයි මේ වෛරසය පැමිණියාට පසුව මිනිස්සුන්ට ඉපදෙන සියලුම දරුවන් අඩ සත්ව – අඩ මිනිස් ස්වරූප දරණ දෙමුහුන් ජීවීන් විශේෂයක්🧟. ඉතින් මේ දෙමුහුන් ජීවීන්ට මේ වෛරසයෙන් කිසිදු බලපෑමක් නෑ. මේ කාල වකවානුවේ Nebraska කියන ප්‍රදේශයේ කැලෑ වදුලක Gus කියලා මේ වගේ දෙමුහුන් ජීවී ළමයෙක් තමන්ගේ තාත්තා එක්ක ජීවත් වෙනවා🌳. මේ Gusට ගෝනෙක්ට වගේ අං තට්ටුවක් තියෙනවා.🦌 මේ තාත්තා සාමාන්‍ය ළමයෙකුට වගේම සියලු දෙයක්ම Gus ට කියලා දෙනවා. ඒ අතර වාරයේ මේ පියා තමාගේම බයිබලයේ සංස්කරණයක් ලියනවා. මේ Gus ට අවුරුදු 12ක් වෙද්දී මේ තාත්තටත් මේ වෛරසය නිසා මිය යාමට☠️ සිද්ධ වෙනවා. ඉතින් Gus ට මේ තාත්තා කියලා තියෙනවා කවදාවත් ඔවුන් ජීවත්වෙන ඒ කැලෑවෙන් පිටතට යන්න එපා කියලා. ඒත් මේ Gus ට තමන්ගේ පියාත් නොමැති නිසා තනිකම හේතුවෙන් මේ කැලෑවෙන් පිටත වෙන දේ දකින්න ආසාවෙන් එයින් එලියට පිටත් වෙනවා. පොඩි ළමයි කවද්ද කියන දේවල් ඇහුවේ නේද?😂🤷🏻♂️ ඉතින් මේ කාලයේ සාමාන්‍ය මිනිස්සු විසින් මේ දෙමුහුන් ළමයි තමයි මේ වෛරසයට හේතුව කියල හිතාගෙන ඔවුන්ව දඩයම් කරලා මරා දමනවා. මේ Gus කෑලෑවෙන් එලියට යද්දී මිනිස්සු දෙන්නෙක් විසින් මරන්න යනකොට Jepperd නම් මනුස්සයෙක් විසින් බේරගන්නවා😋. ඉතින් මේ Jepperd සමඟ මිත්‍ර වුනු Gus ව දෙමුහුන් දරුවන් ආරක්ෂා සහිත ‘The Preserve’ 🏕 නම් කඳවුරකට රැගෙන යන්න මෙහිදි පොරොන්දු වෙනවා. Jepperd කියන්නේ ඇත්තටම කවුද කියල මේ ලිපියේ ඉදිරියේදී ඔයාලට දැනගන්න ලැබේවී😉. මේ කඳවුරට යන අතරවාරයේ දී Jepperd විසින් Lucy නම් කාන්තාවක් හා Becky නම් දහසය වියැති මනුශ්‍ය ගැහැණු දරුවෙක්ව ද ගණිකා සැපයීමේ නිරතවන තවත් දෙපලකගෙන් බේර ගන්නවා. කෙසේ හෝ අවසානයේ jepperd විසින් මේ gus ව රැගෙන එන්නේ දෙමුහුන් දරුවන්ගෙන් පරීක්ෂණ සිදුකරන Militia කඳවුරකට. ඇයි Jepperd එහෙම කරන්නේ?
මේ jepperd කියන්නේ හිටපු Ice Hockey ක්‍රීඩකයෙක්🏒. ඔහු විවාහ වෙලා ඇයගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න හිටියේ. නමුත් මේ කාලය වෙද්දී ලෝකය පුරා මේ වෛරසය පැතිරයමින් දෙමුහුන් දරුවන්🧟 බිහිවෙමින් තිබුනේ. මෙයින් බේරෙන පරමාර්ථයෙන් මොවුන් දෙපල මිනිස්සුන්ගේ සංරක්ෂිත කඳවුරක්🏕 සොයා යනවා. මොවුන් මෙසේ යද්දී කලින් සඳහන් කරපු මිලීෂියා කඳවුරේ නායකයා Abbott😎 විසින් ඔවුන් දෙපළ රවටා ඒ කඳවුරට රැගෙන යනවා. කෙසේ හෝ මෙහිදී Jepperd ව හිර කරලා ඔහුගේ බිරිඳව දරුවා ලැබෙන තෙක් පරීක්ෂණාගාරයක් තුළ රඳවා ගන්නවා. මෙහිදී Jepperd ව Abbott ගේ සහෝදරයා වුනු Johnny විසින් නිදහස් කරනවා. Jepperd පරීක්ෂණාගාරයට යන විට පරක්කු වැඩියි. ඔහුගේ බිරිඳ හා දරුවා දෙදෙනාම මිය ගොස් ඇති බව ඔහුට පර්යේෂණාගාරයේ විද්‍යාඥ Dr. Singh කියනවා. ඔහුගේ බිරිඳගේ දේහය අවශ්‍ය නම් දෙමුහුන් දරුවෙක් කඳවුරට රැගෙන එන්න කියලා Abbott කියනවා. මේ දේහය ගන්න තමයි Jepperd විසින් Gus ව රැගෙන යන්නේ. මොකද Jepperd තම බිරිඳට පොරොන්දු වෙනවා ඔවුන් කෙසේ හෝ නැවත නිවසට එන බවට. ඒ නිසා ඔහු බිරිඳව රැගෙන විත් තම නිවෙස් භූමියේ භූමදානය කරනු ලබනවා.
මිලිෂියා කඳවුරට යන ගමන අතරවාරයේ gus ට චොකලට් ලබාදෙන Jepperd මේ Gus චොකලට් කන ආකාරය දෙස දැකලා Sweet tooth🦌🍫 කියලා කතා කරනවා. එතනදි තමයි Gus ට Sweet tooth නම පටබැඳෙන්නේ.(Jepperd පමණයි Gus ට Sweet tooth නමින් කතා කරන්නේ) කෙසේ හෝ Gus විසින් මේ පරීක්ෂණාගාරය තුළදී දැනගන්නවා, තමන්ගේ ඉපදීමත් සමඟ ඇලෙස්කාව සම්බන්ධ වන බවත්, තමන්ගේ පියාගේ බයිබලය ද මේ හා සම්බන්ධතාවයක් පවතින බවත්. Gus මේ කඳවුරේ තවත් සිරකරගෙන සිටි දෙමුහුන් දරුවන් සමඟ යාළු වෙනවා. ඌරූ මුහුණක් සහිත Wendy🐷, ඒ වගේම Buddy🐺, Bobby🐨 නම් තවත් දෙමුහුන් දරුවන් සමඟ Gus ව සිරකරනු ලබනවා. Dr. Singh හා Abbott විසින් Gus ගෙ ගෙදර සොයාගෙන ගොස් ඔහුගේ තාත්තගේ බයිබලය හා වෙනත් අවශ්‍ය දේවල් සොයාගන්නවා. මේ සියල්ලෝම විශ්වාස කරන්නේ දෙමුහුන් ජීවින් වෛරසයෙන් පැමිණි අතුරුඵලයක් ලෙස. කෙසේ හෝ Gus ගෙ වයස අනුව වෛරසය පැමිණීමට පෙර Gus ඉපදිලා තියෙන නිසා Gus හා වෛරසය අතර කිසියම් හෝ සම්බන්ධයක් ඇති බව මේ කඳවුරේ අය විශ්වාස කරනවා. මේ අතරවාරයේදී Abbott ගේ සහෝදරයා Johnny විසින් Gus හා අනෙකුත් දෙමුහුන් දරුවන් නිදහස් කරනවා. මෙහිදී Gus ගේ බයිබලය කියවපු Dr. Singh එහි තිබූ අනාවැකි නිසා වෛරසයට පිළිතුරක් ඇලෙස්කාවේදී සොයාගත හැකි බව තේරුම් ගන්නවා. තමා කළ වරද පිලිබඳව තේරුම් ගන්න Jepperd පසුව Gus සොයාගෙන Lucy හා Becky සමඟින් මිලිෂියා කඳවුරට සොයා යනවා. පසුව ඔවුන් සියලු දෙනා මුණගැසී මේ සියල්ලෙහි සත්‍යය සොයාගැනීමට ඇලෙස්කාව බලා පිටත්ව යනවා. නමුත් මෙතනට Abbott පැමිණීම නිසා එතනදී තම ජීවිත බේරාගැනීම සඳහා Buddy ව දමායන්න සිදුවෙනවා. එතනදී Buddy මිය නොගියත් දරුණු මාරාන්තික තුවාල ලබනවා. Abbott විසින් කියා සිටිනවා ඒ මියගියේ Jepperd ගේ දෙමුහුන් දරුවා බව. ඔව්. ඇත්තටම උපතේදී ඒ දරුවා මැරිලා නෑ. ඉතින් මේ ගැන කම්පා වෙන Jepperd කෙසේ හෝ Gus, Wendy, Bobby යන දෙමුහුන් දරුවන් හා Lucy, Becky, Dr. Singh, Johnny ඇතුළු පිරිස ඇලෙස්කාව දක්වා පිටත් වෙනවා. නමුත් මෙහිදී Buddy නොමරන Abbott ඔහුව උගුලක් වශයෙන් තියාගන්න තීරණය කරනවා.
Jepperd, Gus ප්‍රමුඛ කණ්ඩායම ඇලෙස්කාව බලා යන ගමන අතරවාරයේ විදුලි බලය නිපදවන වේල්ලක්🔌 තුළ ටික කලක් නවාතැන් ගන්න ලැබෙනවා. මේ වේල්ල තුළ මිනිසුන්ට අවශ්‍ය සියලු දෑ තිබෙනවා. මෙය Evergreen Survivors ලාට අයත්ව තිබුණු නමුත් ඔවුන් සියල්ල මියගොස් මෙහි Walter Fish වන තමා පමණක් දැන් ජීවත් වන බව එහි සිටි මිනිසා පවසා සිටිනවා. ඇලෙස්කාවට නොයා මේ තුළ ජීවත් වීමට Lucy, Becky, Wendy පිරිස කැමති වුණත් වඩා වැදගත් පරමාර්ථය වුණු ඇලෙස්කාවට ගොස් සත්‍යය සෙවීමට Jepperd, Dr. Singh කැමති වුනත් Gus දෙමුහුන් සංස්කෘතිකවාදීන් පිරිසක් සමඟ සිද්ධ වුණු සටනකින් තුවාල වුනු නිසා ඒ අදහස කල් දමනවා. නමුදු Jepperd Dam එකෙන් එලියට ගොස් මාසයක් පමණ කාලයක් වනාන්තරයේ ජීවත් වෙනවා. මේ කාලය තුළදී Lucy ට වෛරසය වැළඳී දුර්වල තත්වයට පත් වෙනවා🌡️. මෙහිදී Jepperd ට වනය තුල කඳවුරකදී මේ වේල්ල තුළ ජීවත් වුණු evergreen survivors♻️ පිරිස හමුවන අතර ඔවුනගේ නායකයා වුනු Walter Fish ව මරා දමා Haggarty නම් පුද්ගලයා එහි Walter ගේ දියණිය හා බිරිඳ රඳවාගෙන එම වේල්ල ඔහු සතු කරගත් බව ඔවුන් පවසා සිටියා. මේ සිඳුවීම අතරතුර Haggarty නම් මානසික ව්‍යාධිකයා විසින් Becky ව අතවරයට ලක් කිරීමට උත්සාහ කරනවා. කෙසේ හෝ අවසානයේ Jepperd හා Gus විසින් මේ Haggarty ව එලවා දමා Evergreen Survivors♻️ වෙත නැවත වේල්ලේ පාලනය ලබා දෙනවා. මෙහිදී Lucy රෝගයෙන් අසාධ්‍ය වී මිය යනවා☠️⚰️. Buddy ශිශිරතරණය කරන දෙමුහුන් සත්ව🧟 විශේෂයක් නිසා ඔහු හා Johnny වේල්ල තුළ Evergreen Survivors♻️ සමඟ නැවතීමට තීරණය කරනවා. අනෙක් පිරිස නැවත ඇලෙස්කාව දක්වා පිටවයන අතර දෙමුහුන් සංස්කෘතිකවාදීන් සතුව සිටි දඩබල්ලන් උපයෝගී කරගෙන මිලිෂියා කඳවුරේ ප්‍රධානී Abbott ප්‍රමුඛ පිරිස මේ වේල්ල වෙතද පැමිණෙනවා. එහිදී තම සහෝදරයා වන Johnny ගෙන් අන් පිරිස යන ස්ථානය පිළිබඳව විමසුවද ඔහු පිළිතුරු නොදෙන නිසා ඔහුව මරා දමනවා. පසුව Bobby ගෙන් ප්‍රශ්න කරනවිට අන් පිරිස ඇලෙස්කාව වෙත යන බව Abbott දැනගන්නවා. Buddy හා bobby ප්‍රාණ ඇපයට ගෙන ඇලෙස්කාව දක්වා ඒ පිරිස ද යනවා.
කෙසේ හෝ අවසානයේ ඇලෙස්කාව දක්වා පැමිණෙන Gus ඇතුළු පිරිස සත්‍යය දැනගන්නවා. මෙහිදී Dr. Singh ට 1911 දී ලියවුණු Dr. James Thacker ගේ දිනපොත ලැබෙනවා. එහි පැවසෙන පරිදි Thacker ගේ සහෝදරියගේ සැමියා වුනු Louise සොයා යන විට දූපතක ජීවත් වුණු Louise විසින් ඒ දූපතේ තිබූ පෞරාණික සොහොන් ගෙයක් විවෘත කර තිබෙනවා. එම සොහොන් ගෙය තුළ තිබුනේ Tekkietsertok නම් අං තට්ටුවක්🦌 සහිත දෙවියන් යැයි එම දූපත්වාසීන් පවසා තිබෙනවා. ඒ සොහොන විවෘත කිරීම සමඟ ශාපයක් පිටවුනු අතර ඒ ශාපය නිසා වෛරසයක් සෑදුනු බවද එයින් පසුව Louise ට එහි දූපතේ සිටි විවාහ කරගත් කාන්තාවකට දාව මේ Tekkietsertok වැනිම අං තට්ටුවක් සහිත දෙමුහුන් දරුවකු බිහි වන බව දිනපොතේ සඳහන් වනවා. ඒ දරුවා බිහිවීම සමඟ දූපතේ මිනිසුන් වෛරසයෙන් මරණයට පත් වීම ඉක්මණ් වීම සිදු වෙනවා☠️👿. අවසානයේ Thacker ප්‍රමුඛ ඔහුගේ නාවික පිරස එක් වී මේ දරුවා මරා දමා අයිස් අතර සිර කරනු ලබනවා. කෙසේ වුවද මේ ශාපයට බඳුන් වූ නිසා දූපත්වාසීන් මෙන්ම Thacker සමඟ පැමිණි පිරිසට ද මේ වෛරසය වැළඳී මරණයට පත් වෙනවා. නමුත් මොවුන් කිසිදා අන් මිනිසුන් සිටි ගොඩබිමකට නොපැමිණි නිසා ඒ වෛරසය පැතිර ගියේ නෑ.
පසු කලෙක Thacker ගේ දිනපොත හමුවන විද්‍යාඥ පිරිසක් විසින් මේ Tekkietsertok නම් ජීවියාගේ සැකිලි☠️ සොයාගෙන නැවතත් එමඟින් දෙමුහුන් දරුවන්🧟 විද්‍යාගාර තුළ නිපදවනු ලබනවා. මේ නිපදවූ දරුවන් පිරිසෙන් කෙනෙක් තමයි, Gus. මේ Tekkietsertok දෙවියන් නැවත නිපදවීමේ ශාපය තුළින් තමයි මිනිස් සංහතිය තුළටම H5-G9 වෛරසය වැළඳී මියයන්නේ. Gus ව මේ විද්‍යාගාරය තුළින් බේරාගෙන ගොස් හදාවඩා ගන්නේ තම පියා ලෙස හැඳින්වූ ඒ විද්‍යාගාරයේ පිරිසුදුකරන්නා වූ Richard Fox නැමැත්තා විසින් බවත් Gus දැනගන්නවා. තමන් විද්‍යාගාර පරීක්ෂණයක් බවත්, තමන් මේ වෛරසයට හේතුවත් මිනිසුන් මරණයට හේතුව බවත් සිතමින් ඔහු කලකිරෙනවා. කෙසේ හෝ අන් අය මෙය ඔහුගේ වරදක් නොවන බවත් සමස්ත මිනිස් සංහතියේ වරදක් බවත් පෙන්වා දෙනවා.
පසුව Gus ව සොයා ඇලෙස්කාවට ද Abbott😎 ප්‍රමුඛ පිරිස පැමිණෙනවා. මෙහිදී තම පුතා වූ Buddy තවමත් ජීවත් වනු දුටු Jepperd විසින් Gus ට තමා මේ සටනින් මියගියහොත් Buddy ව හොඳින් රැකබලාගන්න යැයි පවසනවා. අවසානයේ Abbott ඇතුළු පිරිස මියයන අතර Jepperd ටද ඇතිවූ දරුණු තුවාල හේතුවෙන් මිය යනවා. අවසාන සටනෙන් අනතුරුව නැවත Nebraska බලා Gus, Wendy, Becky, Buddy, Bobby හා Dr. Singh ඇතුළු පිරිස පිටත්ව යනවා.❤️ අවසානයේ දෙමුහුන් ජීවීන් තව තව කොටස් සමඟ එකතු ව Nebraska වල ජනපදයක් පිහිටුවනවා. නමුත් කාලයක් යනතෙක් තවත් මිනිස් කොට්ඨාශ වලින් මේ අයට විවිධ ප්‍රශ්න එනවා. අවසානයේ ඔවුන් සමඟ යුද්ධ නවත්වලා සාමයට මේ දෙකොට්ඨාසයම එළඹෙනවා. මේ අතර අපේ Sweet tooth🦌 එහෙම නැත්නම් Gus හා Becky අතර සම්බන්ධයක් ඇති වෙනවා💕. අවාසනාවකට කරුණ වෙන්නේ Becky මනුෂ්‍ය කාන්තාවක් නිසා කෙටි කාලයකදී වෛරසය නිසා ඇයත් මිය යනවා. පසුව Gus🦌 හා Wendy🐷 විවාහ වෙලා දරුවන් දෙදෙනෙකුත් හදනවා. සාමයේ සිටි මනුෂ්‍යත්වයට අවසාන මොහොත තෙක් අඩ සත්ව දෙමුහුන් ජීවීන් උදව් කරන නමුත් Tekkietsertok ශාපය නිසා කාලයත් සමඟ සියලුම මිනිසුන් පෘථිවියෙන් වියැකිලා යනවා. ආරම්භ වුණු මේ දෙමුහුන් ජීවී යුගයේ වීරයන් බවට මේ Gus ඇතුළු යාළුවන් පිරිස පත් වෙනවා. මේක තමයි ඉතින් අපේ Sweet Tooth ගේ කතාව. 🦌❤️
මේ කතාව ඇතුලේ තව Sub plots ගණනාවක් තියෙනවා. ඒ වුනත් මේ ලිපිය ඇතුළේ ඒ සියල්ලම සඳහන් කරන්න බෑනේ. ඒක නිසා මම ආරාධනා කරනවා මේ ලිපිය කියවපු හැමෝටම පුලුවන්නම් Sweet tooth Comic issues 40 ම කියවන්න කියලා. කොමික් කියවන්න පටන් ගන්න කෙනෙක්ට උනත් interesting කතාවක් වේවි. තව මේ මාලාවට Sequel එකක් වශයෙන් Jeff Lemire විසින්ම Sweet Tooth: The Return කියලා කොමික් මාලාවක් පටන් ගත්තා. (Sequel කිවුවට ඒක Reboot එකක් වගේ) දැනට ඒකෙත් issues 6ක් ඇවිල්ලා තියෙන්නේ. ප්‍රධාන කතාව ඉවර වුණාම ඒකත් කියවන්න පුලුවන්නම්. 📚
ඉතින් මේ Sweet Tooth එච්චරටම වැදගත් වෙන්නෙ ඇයි? මේක කියවන බොහොමයක් අය දන්නවා Netflix විසින් ජූනී මාසයේදී මේ Sweet tooth අලලා ටෙලි කතා මාලාවක් විකාශය කරන්න ඉන්නේ කියලා📺. 2018 නොවැම්බර් 18 වෙනිදා Hulu ආයතනය විසින් මේ Sweet tooth කතා මාලාවක් නිෂ්පාදනය කරනවා කියලා නිවේදනය කලා. නමුත් පසුව මේක Netflix ආයතනය වෙතට මාරු වෙනවා කියලා 2020 අප්‍රේල් 9 වෙනිදා ප්‍රකාශයට පත් කලා. මේ කතා මාලාව අධ්‍යක්ෂණය කරන්නේ Jim Mickle විසින්. ඒ වගේම අපිට තවත් සුපිරිම ආරංචියක් වෙන්නේ මේ මාලාවේ නිෂ්පාදනය සිදු කරන්නේ අපි හොඳටම දන්න Marvel විශ්වයේ Ironman🧡 වුණු Robert Downey Jr. හා ඇයගේ බිරිඳ වන Susan Downey සමඟ Jim Mickle, Amanda Burrell, Linda Moran යන පිරිස විසින්. ඉතින් අපි බලමු මාවල් විශ්වයේ අපේ වීරයා වුනු අයන්මෑන් නිෂ්පාදනයට දායක වුණු DC විශ්වයේ කතා මාලාව කෙසේ වේවිද කියලා😉. ජූනි 4 වෙනිදා සිට විකාශය වීමට නියමිත Sweet tooth කතා මාලාව Episodes 8 කින් සමන්විත වෙනවා. දැනට පූර්ව ප්‍රචාරක පටයක් නිකුත් වෙලා තියෙනවා. ඒක බැලුවේ නැත්නම් දැන්ම බලන්න. Sweet Tooth🦌 ටෙලි කතා මාලාවත් හොඳ නිර්මාණයක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. මේ අද අපි කතා කලා වගේම තවත් වැඩිය නොකියවුණු ඔයාලා කැමති කොමික් චරිත ඉන්නවනම් පහළින් අදහස් දක්වන්න. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු💕
එතෙක් Stay Safe. Stay Hype.❤️✨