You are currently viewing Super Girl කියන්නෙ කවුද?

Super Girl කියන්නෙ කවුද?

Dc comics තුළදි Superman🦸කියන්නෙ හුදෙක් සුපිරි වීරයෙක් කියන චරිතයට වඩා එහාට ගියපු මිනිස් සිතේ ස්වභාවය, හැගීම්, වගකීම් වගේ දේවල් එක්ක Mix කරපු චරිතයක්.. ‘පවුල’ කියන වචනය Dc universe එකේදි ගොඩක් තැන් වලදි Highlight වෙලා තියෙන නිසා ම සුපීගෙ Family background එකත් ලොකුවටම Dc තුළින් Highlight කරන බව කියන්නම ඕන..

          මේ ගැන පොඩි Idea එකක්වත් නැත්නම් Comic තුළදි Superman's Family කියන දේ විග්‍රහ වෙන විදිය ගැන පොඩියට හරි දැන ගන්න ඕනම නම් Cw ලේබලයෙන් නිකුත් වෙලා තියෙන Superman & lois කතා මාලාව බලන්න කියලත් කියන්නම වෙනව..

           සුපීගෙ Family එක ගත්තම Super girl කියන Character එක ගොඩක් විශේෂ යි.. දන්නවනෙ ඉතින් සුපියගෙ Biological නෑනා තමයි Supergirl කියන්නෙ... 

     නමුත්,

☢️ Dc universe තුළ Supergirl කියල ඉන්නෙ එක්කෙනෙක් විතර ද..?..

 ☢️එහෙමත් නැත්නම් තවත් අය ඉන්නවද..?? 

☢️ ඉදිරියෙදි එන්න තියෙන Flash movie එකෙ ඉන්න Super girl පෙනුමෙන් වෙනස් වෙන්නෙ ඇයි.. ??

                      අපි කවුරුත් දන්න Super girl තමයි #Kara_Zor-El..  #Mellisa_benoist විසින් CW හරහා රග දක්වපු Super girl තමයි අපෙ සුපියගෙ නෑනා වෙන Supergirl වෙන්නෙ..  කොට සායක් ඇදන් කේප් එකත් එක්ක සුපි කිට් එකෙන් ඉන්නෙ එයා තමයි...

           මීට අමතරව Power girl  ( හම්මේ මෙයාව අමතක වෙන්නෙ කොහොමද..😌), Earth-2 එකේ ඉන්නෙ මෙයා තමයි.. එහේ Super man වෙන Kal-L ගෙ Cousin වෙන්නෙ Power Girl.. Live action බලාගන්න තිබ්බා නම් නේ...😍

      මීට අමතරව Comic තුළින් හමුවෙන අනෙක් Super Girls අතර
  ⛔Matrix supergirl,
  ⛔Cir-El,
  ⛔Linda danwers හදුන්වන්න පුළුවන්...

                      මීට අමතරව ඉන්න තවත් Super girl personality එකෙන් ඉන්න තව කෙනෙක් තමයි #Lara_lane_kent කියන්නෙ.. එයාගෙ කිට සුපියගෙ කිට් එකට සමාන වෙනව ගොඩක්...කොන්ඩෙ කොටට කපපු නිල් පාට ඇස් තියෙන Super girl කෙනෙක්...

                ඉදිරියෙදි එන්න තියෙන Flash movie එකේදි බොහෝ දුරට #Sasha_calle විසින් රගදක්වන්න ඉන්නෙ මෙන්න මේ Lara lane kent කියන චරිතය වෙයි.. මොකද Set photos වලදි අපි දැක්කනෙ Sasha ගෙ කිට් එක.. කිට් එක අනුව නම් එයා Lara lane kent තමයි...

               කොමික් අනුව Lara ඉන්නෙ අපි දන්න universe එකේ නම් නෙවෙයි.. මේක Injustice - Gods Among Us විදියට සුපියාගෙ Dream world තුළදි වෙන දෙයක්.. මෙහෙදි සුපියගෙ ජීවිතය ලස්සන ලෝකයක් වෙනව තමන්ට සහ Lois lane ට දාව උපදින මේ ලාරා නිසා..

         මේ සීන් එකේදි Joker අපේ Lois අක්කව මරල දාන්නෙ නෑ.. ඒ වෙනුවට බැටා ගිහින් Joker ගෙ Chapter closed කරනවා.. ඉතින් 

“සියල්ලෝම සතුටින් විසිර ගියහ “

            තියරිය අනුව Superman & Lois lane ගෙ ආදරණීය දුව විදියට Lara lane kent ඉපදී හැදී වැඩෙනව... මෙයා ඉතින් Kryptonian - Human hybrid විදියට හදුන්වන්න පුළුවන්...

       පොඩි කාලෙදිම මෙයාගෙ Kryptonian'S හැකියාවන් අදුනගන්න ලැබෙන නිසා ම Superman විසින් ඇයට හරි ම දේ උගන්වනව මොන ආකාරයකට ද සැබෑ සුපිරි වීරයෙක් වෙන්න ඕන කියල.. 

       Green Arrow ඇතුළු Justice league සාමාජිකයන්ගෙ ගුරු හරුකම් පොඩි කාලෙ ඉදන්ම Lara lane kent ට ලැබෙනව සිරාම සුපිරි වීරයෙක් වෙන විදියට. 

             Injustice වර්තමානය වෙනකොට නම් Justice league තානාපතිවරියක් විදියට Lara kent කටුයුතු කරනව..

         "I'm a CHILD OF TWO WORLDS"

             කියල කියන්නෙත් මෙන්න මේ Lara lane kent තමයි..

     මීට අමතරව සාමාන්‍ය වැසියන්ට දෛනික ජීවිතය සම්බන්ධව ඇති වෙන යුධ ගැටුම් ඇතුළු සමාජීය ගැටළු වලදි උපදේශිකාවක් විදියට කටුයුතු කිරීම තමයි ප්‍රධානම දේ.. මොකද සුපියා තමන්ගෙ දුව ව යොමු කරල තියෙන්නෙ ලෝකය වඩාත් යහපත් තැනක් කරන අරමුණින්..

            පහුගිය දවස් නම් ගෝලීය උෂ්ණත්වය නිසා දියවෙන Greenland අයිස් තට්ටුව Refreeze කරන කටුයුතු වල Lara lane kent නිරත වෙනව කියල තමයි විස්වාස සහගත ආරංචිමාර්ග අනුව නම් දැනගන්න ලැබුනෙ...

            Powers and abilities නම් සුපියගෙ විදියම තමයි...ජානගතව ඇවිත් තියෙන්නෙ ,

   ⭕Superhuman strength , stamina, Speed and durability 

    ⭕Flight

    ⭕Invulnerability

    ⭕Heat and X-ray vision

    ⭕Enhanced Senses

                     මෙන්න 

මේවා තමයි.. අනෙක් පැත්තට Weak points ගත්තම ත් සුපීගෙ වගේම තමයි.. Kryptonite වලට තියෙන දුර්වලතාවය, Magic සදහා තියෙන දුර්වලකම් ප්‍රධාන තැනක් ගන්නව..

    පෙනුම නම් තමන්ගෙ තාත්තා Clark kent වගේම කලු කොණ්ඩ, නිල් පාට ඇස් එක්ක තාත්තාගෙ කිටම තමයි පොඩ්ඩක් Modified කරල ඇදගෙන ඉන්නෙ..

                 හැබැයි ඉතින් අපි දන්න Normally ජෝකර් විසින් Loisව මරන තැනට වැඩකටුයුතු කරන Storyline එකේ Baby kent විදියට දකින්න ලැබෙන්නෙත් මේ Lara lane kent නංගි ම තමයි...

                Lara කියන නම එක්ක Dc universe එකේ වෙනම කතාවක් ගැන අවුස්සලා ගන්නව නම් මේ නම එක්ක තවත් Super girl කෙනෙක්ගෙ නමක් සම්බන්ධ වෙනවනේ. ඒ තමයි Crimson-El කියන Supergirl..

            මේ සීන් එක වෙන්නෙ අනාගතයේදී.. Brainiac සහ Lex luthor පෘථිවියේ බලය අතට ගත්ත කාලෙක  Wonder woman සහ Superman ට මව්පිය පදවිය උරුම කරල දෙන baby කෙනෙක් ඉපදෙනව Lara කියල... 

      මෙයා Kryptonian / Amazonian කෙනෙක් විදියට තමයි හදුන්වලා දෙන්න පුළුවන් වෙන්නෙ.. හිතාගනිල්ලකො ඉතින් පවර්ෆුල් ද නැද්ද කියල.. Lara කියන නම එන්නෙ සුපියගෙ Biological mother වුන Lara Lor-van කියන නමට කරන ගෞරවයක් විදියට...

    මේ නම් සහ චරිත ඔක්කොම එකට පටලවා ගන්න එපා.. මේව මේ Comic සහ ඒ ආශ්‍රිත වෙනත් මූලාශ්‍ර වල තියෙන දේවල්.. Live action මේවට දැන්ම අදාළ කරගන්න එපා...  Live action දැනට ඇවිත් තියෙන්නෙ Melissa benoist විසින් රග දක්වපු Dc ප්‍රධාන ධාරාවෙ ඉන්න kara zor El කියන Supergirl විතරයි...

                     කොහොම නමුත් ලොකුම බලාපොරොත්තුවක් තියෙන්නෙ ඉදිරියෙදි නිකුත් වෙන්න තියෙන Flash⚡movie තුළින් බලාගන්න ලැබෙන Super girl ගැන තමයි.. 

              නිකමට හිතන්නකො Henry cavill  සුපියගෙ දුව විදියට Sasha calle හිටියොත්.. Cameo එකකට හරි Cavill Superman හිටියොත්...😍😍

                 බලාගෙන ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ඉතින්.. ආයෙ ලිපියකින් සෙට් වෙනකම්,

තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න

කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන් , ඒකට අපේ hypezone youtube chanel එකට සෙට් වෙන්න https://youtube.com/c/HypeZone

අහ් ඒ වගේම අපෙ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක ,එක්ට සෙට් වෙන්න buy me a coffe member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයය හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මෙකන් හම්බෙනවා .එහෙනම් මේ link එකෙන් buy me a coffe එක්ට සෙට් වෙන්න https://www.buymeacoffee.com/hypelk

     Dc Universe ගැන සිංහලෙන් දැනගන්න DC Extended Universe Community​ Sri Lanka 🇱🇰 සමගත් එකතු වෙලා ඉන්න කියල ආරාධනා කරනව...

ජයවේවා සියළුම
ක්‍රිප්ටෝන්වාසීන්ට…!!!””

Admin – #KrishanRodrigo

Leave a Reply