You are currently viewing Suicide squad සහ රතු විප්ලවය

Suicide squad සහ රතු විප්ලවය

Suicide Squad සහ විප්ලවය..😄🙂😂

මුලින්ම කියන්නම්කො..මේක හෑල්ලක්..📜

         James Gunn මහත්මයාගේ #The_Suicide_Sqaud ෆිලුම මේ වෙනකොට අපේ සෙට් එක රසවිඳින්න ඇති කියල හිතනවා...👈

         මේක ෆිල්ම් එක ගැන සිරාම Review එකක් නෙවෙයි... මේක අපේ Fan theory එකක්...ආසාව තියෙනව නම් විතරක් කියෙව්වට කමක්නෑ...🤷

         අපි ෆිලුමෙ සාරාංශයක් විදියට ගත්තම බලාගන්න පුළුවන් ඕන මඟුලක් වෙයන් කියල ගහමරාගන්න සෙට් එකක් ඇමරිකාවෙ රහස් වහන්න දූපතකට ගිහින් විප්ලවකාරීන් සමඟ එකතු වෙලා මෙහෙයවන ෆුල් ගරිල්ලා ගේම් එකක් ගැන.☠️

         මේ ගැන තියෙන Fan theories වලින් අපේ එකක් තමයි #Cuba_revolution කියන්නෙ.. කියුබානු විප්ලවයේ අසහාය නායක #Che_Guevera 🚩ගැන අහලා, දැකලා නැති කෙනෙක් හොයාගන්න අමාරු කාලයක Che guevera එක්ක Suicide Squad ෆිලුමට තියෙන්නෙ මොනවගේ සම්බන්ධයක් ද...❓

          කියුබානු විප්ලවය ඇති වෙන්නෙ බැටිස්ටාගෙ ඒකාධිපතිත්වය මූලික කරගත් දූෂිත පාලනයට විරුද්ධව...🚫

          මේ ඒකාධිපතිත්වය පසුපස ඉන්නෙ ඇමරිකන් රජය 🇺🇸.. රජයේ අදූරදර්ශි  තීරණ සියළුම සාමාන්‍ය ජනතාව පීඩනයට ලක් කරන්න සමත් වෙන කාරණාවක්...

           හැම සිඳුවීමක් ම Santa Clara දිවයිනේ සිදුවෙන්නෙ..  Caibarien වෙරළට දෙපසකින් පැමිණෙන ගරිල්ලා කණ්ඩායම් Santa clara අඟ නගරය වෙත යෑමට පෙර Camajuani  නගරය වෙත යනව.. එහෙදි ගොවි ජනතාවගෙන් සැදුම් ලද විප්ලවකාරී කණ්ඩායමක් සමග එකතු වෙන්න චේ ගුවේරා හට අවස්ථාව හිමි වෙනව...🤠

           මේ හැම දෙයක්ම TSS ෆිලුමට අහම්බයකින් හෝ සම්බන්ධ වීමක් අපිට දැකගන්න පුළුවන්... 

           Starro සිරකරගෙන ඉන්න Corto maltese රජය සහ Starro හෙ මෙහෙයුම පසුපසින් ඇති ඇමරිකානු රජයේ අත පෙවීමත් කියුබානු විප්ලවය එක්ක අපිට අපූරු විදියට සංසන්දනය කරන්න පුළුවන්...

           තවත් දෙයක් විදියට Peace Maker Suit සහ Starroගෙ වර්ණයන් මඟින් වුනත් අපිට පෙන්වන්න උත්සාහ කරන්න ඇත්තෙ කියුබාව 🇨🇺 වෙතට ඇමරිකාවෙ රහසිගත මැදිහත්වීම වෙන්න පුළුවන්.. 🇺🇸 

           Starro ගෙ mind control🧠 හැකියාව මඟින් Corto maltese ජනතාව තමන් වෙත නැඹුරු කර ගැනීම මම නම් දකින්නෙ ඒකාධිපතිත්වයෙන් බැටිස්ටා තමන් වෙත ජනතාව පාලනය කරන්න දරපු උත්සාහය විදියට...😵

           දකුණු ඇමරිකාවේ Corto maltese දූපතට අපි දන්න SS කණ්ඩායම දෙපිරිසක් විදියට යන ආකාරයත්, Rick flag දූපතේ විප්ලවකරුවන් සමඟ එකතු වෙන ආකාරයත් අපිට දැකගන්න ලැබුනා...

          Jotunheim හි ඇතිවෙන අවසන් ගැටුම අතරවාරයේ අපි දැක්කා Jotunheim බළකොටුව වෙතට අපේ SS ගැන්සිය ගිහින් ෆයිට් කරන අතරේ Corto maltese රාජ්‍ය බලය විප්ලවකරුවන් අතට ගන්න ආකාරය...👤

         ඒකෙදි මූලිකත්වය ගත්තෙ Sol Soria විදියට හදුන්වපු විප්ලවකාරිනිය... මේ හැම දෙයක්ම මතක් කරගන්න.. 

         දැන් අපි බලමු "චේ" තමන්ගෙ විප්ලවය මෙහෙයවපු විදිය... චේ ළග ඉන්නව Suicide Squad කියල සුපිරිම සෙට් එකක්...  ❓❓❓

         ඔව්...ඒ නමින් හදුන්වන ඇත්තම සෙට් එකක් චේ ගුවේරා ළග හිටියා...සුපිරිම වැඩ්ඩො සෙට් එකක්...☠️ විප්ලවය වෙනුවෙන් තමන්ගෙ කැමැත්තෙන්ම ආව වීර තරුණ පිරිසක්...  මූලිකත්වය ගත්තෙ Roberto Rodriguez... ( අපේ එකෙක්...😁)

        Santa Clara අවසන් සටනෙදි චේ විසින් එම Suicide Squad ටීම් එක එක් දිශාවකින් Santa Clara නගරයෙ එන්‍ රික් බළකොටුව  වෙත සටනට යවනව... අනිත් ගොවි ජනතාව ඇතුළු විප්ලවකරුවන් අනෙක් දිශාවෙන් සටන් පෙරමුණට යනව...

      මේ හැම දෙයක්ම මෙහෙයවන්න කාන්තා විප්ලවකාරිනියන්ගෙ නායකත්වයත් කියුබානු විප්ලවය වෙත නොඅඩුව ලැබුනා... මගේ අදහස අනුව මෙන්න මේ අය ගැන තමයි ෆිලුමෙදි විප්ලව නායක Sal soria වෙතින් අපිට පෙන්නුවෙ...👮️

      සටනෙදි Roberto Rodriguez අනෙක් සඟයන්ගෙ ජීවිතය රැක ගැනීම වෙනුවෙන් මිය යනව..  හරියටම Rick Flag ගෙ මරණය වගේ..🏳️

      "Peace maker, what a joke.."

     Rick flag ගෙ අවසන් වචන...  නිදහස මුවාවෙන් ඇමරිකාව සිදු කරන අසාධාරණය ගැන සියුම් උපහාසයක් ගෙන ආව දෙබස් නිර්මාණයක් විදියට හදුන්වන්න පුළුවන්....🕊️

            හෑල්ලක් ඉතින්.. මේක හදපු එකාවත් මෙච්චර දෙයක් හිතන්න නැතුව ඇති කියල කිව්වත් කමක්නෑ.. සීරියස් ගත්ත, නොගත්ත කියල ඇති ප්‍රශ්නයකුත් නෑ ඉතින්....😁

        ජයවේවා...❤️

තව මේ වගේ ලස්සන ලිපි කියවන්න අපේ Hype zone page එකටත් සෙට් වෙන්න.

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community එකට සෙට් වෙන්න.

කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන්, ඒකට අපේ Hype Zone youtube channel එකට සෙට් වෙන්න.
https://youtube.com/c/HypeZone

අහ් ඒ වගේම අපේ අලුත්ම වැඩේ තමයි Hype Zone exclusive discord channel එක, ඒකට සෙට් වෙන්න buy me a coffee member කෙනෙක් වෙන්න. ඔයාලට අනිත් අයට හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මේකෙන් හම්බෙනවා. එහෙනම් මේ link එකෙන් buy me a coffee එකට සෙට් වෙන්න. https://www.buymeacoffee.com/hypelk

DC #HypeZone #DCEUSL #SuicideSquad

මම #KrishanRodrigo

Leave a Reply