You are currently viewing Soloman Grundy… වඟුරු බිමේ සොම්බි මුර්ගයා…

Soloman Grundy… වඟුරු බිමේ සොම්බි මුර්ගයා…

සොලමන් ග්‍රන්ඩි ගැන අහල තියෙද ? 🤗😎

Suicide Squad උණුසුම අපේ අයට මොන විදියට දැනුනද කියන්න නම් දන්නෙ නෑ.. ඒත් ඒ එක්කම #DC_villains ගැන කතාබහක් කරළියට ඇවිත් තියෙන්නේ….

    SS විතරක්ම නෙවෙයිනේ...එතනින් එහාට ගියාම DC Comic Universe Villains කියන්නෙ වෙනම පරාසයක කතා වෙන මාතෘකාවක්...ඉතින් Dc ලෝකයේ අඩු කතාබහක් තියෙන Villainsලා ගැන ලිපි පෙළක ආරම්භයක් මේ විදියට ගමු…

                    අපි දන්න කියන ගෝතම් නගරයට යාබදව තියෙනව #Slaughter_swap කියල වගුරු බිමක්... මෙන්න මේ වගුරු බිම ආශ්‍රිතව ගොඩනැගුන දශක ගණනාවක මුළුල්ලෙ කතා වෙන Mystery man කෙනෙක් ඉන්නව…

                     බුවා මුර්ග තඩියෙක් 😁.. 

කවුරු හරි මතක් වුනාද..

නෑ එයා නෙවෙයි…😁

හැබැයි නිකම්ම තඩියෙක් නෙවෙයි.. සොම්බි vibe එකක් තියෙන එකෙක්… දන්නවනෙ ඉතින් එහෙම කිව්වම මේ කතා වෙන්නෙ #Solomon_Grundy ගැන කියල… 🧟

                  Solomon grundy ගෙ වගතුග හොයනකොට නම් මෑන් මනුෂ්‍ය වේශයෙන් ජීවත් වෙලා තියෙන්නෙ 19 සියවසේ අග භාගයේ..  ගෝතම් වල... 

     ඒ කාලෙ නම සයිරස් ගෝල්ඩ්... ධනවත් ව්‍යාපාරිකයෙක්... අත්භූත විදියට මෙයාව ඝාතනය කරල අර උඩ කියපු වගුරු බිමේ තමයි මළසිරුර සගවන්නෙ... ඉතින් අවුරුදු 50ක් තිස්සෙ විවිධාකාර අපිට තාම හොයාගන්න බැරි විදියෙ රසායනික භෞතික විපර්‍යාස වලට මුහුණ දීලා පස්සෙ වෙනම පෙනුමකින් සොම්බි යෝදයෙක් විදියට සයිරස් ගෝල්ඩ් නැවත ඉපදෙනව....🤔

               තව කතාවකට අනුව නම් 1894 හෝ 1895 කාලයේදී #සයිරස්_ගෝල්ඩ් විසින් Rachel Rykel කියන කාන්තාව සමග තියෙන ඇසුරක් නිසා ඇයට දරුවෙක් පිළිසිද ගන්නව..  ඇය මේ ගැන කියමින් ධනවත් සයිරස් ගෝල්ඩ්ව  Blackmail කරන්න හදන නිසා ඇතිවෙන මතගැටුමක් අවසානයේ සයිරස්ව මරා දාලා වගුරු බිමේ මළසිරුර සගවනව...☹️

         තවත් කතාවකට අනුව #Cyrus_Gold කියන්නෙ ළමා අපචාරකයෙක් කියල පටලවා ගෙන මරලා දමන ලද ව්‍යාපාරිකයෙක්…

        මොන දේ වුනත් මෑන් මරලා වල දාලා තියෙන්නෙ Slaughter Swap වගුරු බිමේ..  පස්සෙ ඉතින් විවිධාකාර වෘක්ෂලතා වල සංසිද්ධීන් නිසා සයිරස් නැවත ඉපදෙනව රුපය විකෘති වෙලා.. ඇත්තටම ඩයල් එකේ ඇග ඇතුළෙන් බාගෙට ගහක් වගේ...👀

                 මුල් කාලයෙ ඉතින් වෙන පොඩි පොඩි හොල්මන් සීන් එක්ක සයිරස් ගෝල්ඩ් Solomon grundy විදියට හදුන්වන්න පටන් ගන්නව..

        මෑන් මුලින්ම අපරාධ ජීවිතයට එනකොටම තමන්ගෙ නම Solomon grundy කියල හදුන්වාගන්නෙ ඩයල් එක අන්තිමට ජීවත් වුන කාලයෙ ප්‍රසිද්ධ වුන Nursery rhyme එකක් නිසා.. සමහරවිට ඩයල් එක සයිරස් විදියට ඉන්න කාලෙ තිබුන මතකයක් නිසා වෙන්න ඇති....😳

          මොකද අනිත් Gangster මෙයාගෙන් නම අහද්දි කියන්නෙ "Born in monday - Solomon grundy කියන ගීතයේ කොටසක්...

                 කළඑළි බැස්සම ඇතිවෙන ප්‍රශ්න නිසා Solomon grundy සැගවෙන්නෙ තෝරා ගන්නෙ Gotham නගරයේ අපවහන පද්ධතිය... ( ඔව් ඔව් බට ලයින් එක, කුණු කානු පද්ධතිය...ඉබ්බො සෙට් එක ජීවත් වෙනව වගේ...)


         1944 දි වගේ තමයි Solomon grundy සොම්බි කෙනෙක් විදියට අපරාධ වලට යොමු වෙන්නෙ...මේ සීන් එක්ක Solomon grundy ගෙ මුල්ම ප්‍රතිවාදියා වෙන්නෙ Alan Scott.. එහෙමත් නැත්නම් පෘථිවියේ මුල්ම මනුෂ්‍ය Green lanternවරයා... 🦸

      ( මේ වලියෙදි එක තැනක Solomon grundy ගෙ අතේ ඇගිල්ලක තියෙන රිදී මුදුවක තියෙන Cyrus Gold කියන නම Alan Scott දකිනව... )

                   Alan Scott ගෙ Green lantern බළ මුදුව ගස් වලට පොඩි මෙව්වා එකක් තියෙනවනෙ... ඒ නිසා Solomon Grundy කියන ශාක සම්බවයක් තියෙන සොම්බි එක්ක ෆයිට් කරන්න ටිකක් අමාරු වෙනව..  

      මෙතනදි තමයි තහවුරු කරගන්නෙ Solomon grundy කියන්නෙ නිකම් සොම්බි කෙනෙක් නෙවෙයි.. ශාක සම්බන්ධයක් තියෙන අමුතු ජීවියෙක් කියල...

     ඉතින් පස්සෙ #JSA එහෙමත් නැත්නම් Justice Society Of America එක්කත් ගැටළු ගොඩකට මුහුණ දෙන්න වෙනව...

         පස්සෙ කාලෙක Batman එක්ක වලි දාගන්නව... Long Halloween කතා මලාවෙදි  Grundy කියන්නෙ ප්‍රධානම චරිතයක්..

 Green Arrow එක්කත් සුපිරි වලියක් දාගන්නව... 

         ඒ විතරක් නෙවෙයි සුපියා එක්කත් බරටම වලි දාගන්නව Solomon grundy... ඒවා ගැන පැහැදිළිව දැනගන්න නම් Comic කියවන්න ඕන පුතේ.. 😬


♦️  Solomon grundy ට සොම්බි කෙනෙක් නිසාම අසාමාන්‍ය කායික ශක්තියක් තියෙනව.. හැබැයි ඉතින් හැසිරීම පොඩි ළමයෙක් වගේ.. මතක ශක්තියේ දුර්වලකම් තියෙනවා   🥴

    ♦️ වෙඩි උණ්ඩ, ගින්දර, අධික සීතළ කියන දේවල් Grundy ට දැනෙන්නෙ නෑ... ඔක්සිජන්, කෑමබීම නැතුව ඕනම කාලයක් ඉන්න පුළුවන්..

     ♦️ කොච්චර මැරුනත් ඇගෙන් කෑලි ගැලවිලා ගියත් ආයෙ හැදෙනව ඉතින්... මූ සොම්බියෙක්නෙ...අනික ශාක මිශ්‍රිත ශරීරයක්නෙ තියෙන්නෙත්...

         ♦️  සයිරස් ගෝල්ඩ් විදියට හිටපු කාලය ගැන ලොකුවට නැතත් පොඩි මතකයන් තියෙනවා ඩයල් එකට...


♦️ අනිත් එක මූට මහන්සිය දැනෙන්නෙ අඩුවෙන්...පිස්සෙක් වගේ මරාගන්න එක තමයි කරන්නෙ වලියක් දාගත්තම... හැබැයි ඒක මූඩ් එක අනුව වෙනස් වෙන්නෙ.. මොකද මෑන්ගෙ ශරීර ශක්තිය අවිනිශ්චිතයි... පොඩි එකෙක් වගේ සමහර වෙලාවට... ඒත් සමහර වෙලාවට සුපියාටවත් නවත්වන්න අමාරුයි....🤐

        ♦️ Solomon grundy ගෙ ශරීරයෙන් තුවාලයක් වුනාම පිට වෙන්නෙ ශාක වලින් නිකුත් වෙනව වගේ යුෂ වර්ගයක්...

         ♦️ Solomon ගෙ පරණ ජීවිතයේදි විදියට Cyrus Gold ගෙ පරපුරේ ඔහුගේ මිණිපිරියක් ඉන්නව S.T.A.R ලැබ් එකේ වැඩ කරන Chrissi Cavendish කියල...

 ♦ එක කතාවකදි Solomon grundy ට Nightclub එකකුත් තියෙනව..😁


      ♦️ Red Tornado ගෙ එක අතක් කාලා දාන්නෙත් මෙන්න මේ Solomon Grundy තමයි...😋

  ♦️ ඒ වගේම අපි කවුරුත් දන්න Bizarro ගෙ හොදම යාලුවෙක් වෙන්නෙ Solomon grundy.. උන් දෙන්න නම් සිරාවටම ගැළපෙන යාළුවො දෙන්නෙක්...😂 ( හොට් ඩෝග් කරත්තයක් පැහැරගෙන Hotdog කන ගමන් ඉර බහින හැටි බලාන් හිටියලු..😂) 

       ඒ වගේම එක කොමික් කතාවකදි Solomon grundy මරණයට පත් වෙන වෙලාවෙදි  Hawkgirl ඔහුගෙ ආත්මයට සැනසීමක් වෙන විදියට ඔහු ළගින්ම ඉන්නව.. මනුස්සයෙක්ට වගේ මැරෙන මොහොතක සළකනවා...🕯️

         1944 දි තමයි Solomon Grundy නිර්මාණය වෙන්නෙ... ඊට පස්සෙ 1962දි තමයි මාවල් වීරයෙක් වුනු HULK එළියට එන්නෙත්...හල්ක් මුලින්ම Grundy වගේ අළු පාටින් ලු ඇන්දෙත්...🤐

      මුල් කාලීනව Earth 2 චරිතයක් එඉදියට හිටියත් Solomon grundy prime earth එකෙත් Appear වෙනව.. ඒකට හේතුව ඉතින් Crisis of infinite earth සංසිද්ධිය...ඒ ගැන වැඩිය කිව්වෙ නැත්තෙ පෝස්ට් එකේ මූලික පරමාර්ථය වෙන්නෙ මේ චරිතය ගැන හැදින්වීමක් පමණක් කරන්න ඕන නිසා...🤷

                  ළගදි Batman Long halloween animation movie තුළින් අපිට Grundyව බලාගන්න පුළුවන් වුනා. 😍


            Live Action නම් ඉතින් Solo movie එකක් වුනත් හදන්න පුළුවන් විදියේ කතාවක් තමයි Solomon grundy වටා නිර්මාණය වෙලා තියෙන්නෙ...


       ඉතින් DC Universe Villains ගැන කියවෙන ලිපි මාලාවක පටන් ගැන්මක් තමයි මේක... 👈

         නැවත ඉක්මණින් තවත් පෝස්ට් එකකින් හමුවෙනකම් අදට ජයවේවා...!!!!

තව මේ වගේ ලස්සන ලිපි කියවන්න අපේ Hype zone page එකටත් සෙට් වෙන්න.

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community එකට සෙට් වෙන්න.

කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන්, ඒකට අපේ Hype Zone youtube channel එකට සෙට් වෙන්න.
https://youtube.com/c/HypeZone

Admin – #KrishanRodrigo🖋️

අහ් ඒ වගේම අපේ අලුත්ම වැඩේ තමයි Hype Zone exclusive discord channel එක, ඒකට සෙට් වෙන්න buy me a coffee member කෙනෙක් වෙන්න. ඔයාලට අනිත් අයට හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මේකෙන් හම්බෙනවා. එහෙනම් මේ link එකෙන් buy me a coffee එකට සෙට් වෙන්න. https://www.buymeacoffee.com/hypelk

Leave a Reply