2021 සැප්තැම්බර් මාසෙ කියන්නෙ හැමෝම දන්න කියන විදිහටම ඕන්න අති සුපිරි මාසයක් වෙන්නයි යන්නෙ සිනමා ලෝලී hype gang එකේ හැමෝටම..
Demon slayer season 2 ඒ වගේම ඊට කලිං උනත් streaming වෙන what if සීරීස් එක,අලුත්ම Netflix biography based documentary series එක වගේම ලෝකය පුරාම විසිරිලා ඉන්න Lucifer fans ල මග බලාගෙන හිටපු lucifer the final season එක එහෙමත් නැත්තං season 06 ස්ට්‍රීමිං වෙන්නෙ මේ සුන්දර සැප්තැම්බර් මාසයේම තමයි..
ආ..මගෙ උපන්දිනෙත් එනවනෙ 😁😉
එනිවේ above topics වලිං world wide ලොකුවටම හැපනිං වෙන lucifer සීසන් 06 ගැන ඔයාලා දැනටමත් දකින්න ඇති.Netflix ල මේ වෙනකොටත් first look posters එහෙම එලියට දීල තිබුනා..එ් එක්කම ඔන්න අපිත් massive event එකක් lucifer සම්බන්ධව ඔයාලා එක්ක ඉස්සරහදි අරං යන්න දැනටමත් වැඩ කරගෙන යමින් ගමනුයි ඉන්නෙ..
සෝ,දැම්ම කියනවා Stay alert..!!!
එනිවේ,ලුසිෆර් සීසන් 06 ගැන කතා කරන්න කලිං අපි ටිකක් ආපහු මේ ලුසිෆර් ගැන කතා කරල ඉම්මු..මේ ලඟකදි පොඩි කතාවකුත් ගිය එකේ..ඒ එක්ක ඔයාලා පොඩ්ඩක් පැටලිලා හිටියනං ඒවත් නිදහස් කරගන්නත් එක්ක අපි ටිකක් ලුසිෆර් ගැන හොයන්න යමු..
ඇත්තටම ලුසිෆර් කියල කියන්නෙ බයිබලයෙන් අපිට හමුවෙන චරිතයක්..නිකම්ම නිකං නෙවේ බයිබලයට අනුව ලුසිෆර් කියන්නෙ දෙවියන් විසින් මවන ලද වඩාත් බුද්ධිමත් ම සහ වඩාත් කඩවසම්ම දිව්‍ය දූතයා වෙනවා..
Samayel,the light bringer වැනි නම් වලින් හඳුන්වන මොහු මුල් කාලයේදි දෙවියන්ගේ වගේම අනිකුත් සියලුම දේව දූතයන් අතරත් ප්‍රියතම සහ දක්ශතම දේවදූතයා බවට පත් වෙලා හිටියා.. මේ හන්දම ලුසිෆර් ටිකක් තමන් පිලිබඳ අධි තක්සේරුවක් තියාගෙන ටිකක් මාන්නෙකිං හිටිය කෙනෙක්..
ඊට පස්සෙ තමයි දෙවියන්ට පෘථිවිය මවන්න කියල අදහසක් එන්නෙ..එ්ත් අන්න ඒ අදහසට ලුසිෆර් තදින්ම විරුද්ධ වෙනව,මනුශ්‍යය වර්ගයාට දෙවියන් කොයිතරම් ආදරය කරාද,ඒ තරමටම ලුසිෆර් මනුශ්‍යය වර්ගයා පිලිකුල් කරනවා..ඒ හන්දම පස්සෙ කාලෙක මෙයා තවත් දේව දූතයින් පිරිසක් එක්ක දෙවියන්ට විරුද්ධව කැරැල්ලක් නිර්මාණය කරනවා..
මේ වෙනකොට දෙවියන් වහන්සේ ස්වර්ගය වගේම නිරයත් මවලයි තිබුනෙ,ලුසිෆර් පටන් ගතිපු කැරැල්ල කොහොම හරි Arcangel Michael සහ Chariot කියන දේව දූතයින් එකතු වෙලා පරාද කරල දානව..මේකෙං පස්සෙ තමයි,තමන් අහල විතරක් තිබුන නිරයට ලුසිෆර් ඇතුලු ඔහුගෙ අනුගාමිකයන් පිරිස ඇද වැටෙන්නෙ..නිරයට ඇද වඅටෙන ලුසිෆර් ඒ නිරය,තියෙනවටත් වඩා හොඳට වෙනස්ම විදිහට වෙනස් කරල නිරයේ ඉන්න ඩීමන් ලා සහ ඇදවැටුනු පිරිසව පාලනය කරමින් අපි දන්න හඳුනන යක්ෂයා බවට පත්වෙනවා…
ඔන්න ඔය විදිහට තමයි The fallen one බයිබලය තුල නිර්මාණය වෙන්නෙ..
ඊට පස්සෙ අපි බලන්න ඕන තවත් පැත්තක් තියනවනෙ..ඔව්,ලුසිෆර් මෝනිංස්ටාර් එහෙමත් නැත්තං යක්ශයා DC විශ්වය තුලත් අණසක පතුරවපු සහ තවමත් පතුරවන් ඉන්න කෙනෙක්..
මේ DC universe එක තුලදි අපිට ලුසිෆර් ව දකින්න ලැබෙන්නෙ ඉස්සෙල්ලාම 1989දි Neil Gaiman විසින් publish කරපු Sandman vol.02 කියන කොමික් කලාපයෙදි සෑන්ඩ්මෑන්ට හෙල්ප් එකකට එන විදිහට…DC වල ඉන්න අතිශයින්ම බලසම්පන්න සහ ශක්තිමත් චරිතයක් වන ලුසිෆර් අයත් වෙන්නෙ DC ලගෙ Vertigo comics යටතට..ඊට පස්සෙ අපිට 2005 වර්ශයේ දි DC ලගෙ constantine movie එක හරහා පලවෙනි වතාවට live appearance එකකිං ලුසිෆර් ව දකින්න ලැබෙනව..DC වල ඉන්න අනිකුත් super heroes ලා වගේම තමයි ලුසිෆර් ටත් විශේෂ abilities ටිකක් තියනව..ප්‍රධාන වශයෙන් තියන immortality,God like strength,invulnerability ඇරෙන්න Reality warping,Omniscience,Omnipresence වගේ සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන abilities සහ මෙයා angel කෙනක් නිසාම ලැබුන Fight via wings එහෙම නැත්තං තමංගේ පියාපත් වලින් සටන් කරන්න තියන හැකියාවකුත් ලුසිෆර් ට තියනව..අනික් ප්‍රසිද්ධම හැකියාව තමයි Soul manipulation එක.
දන්නවනෙ,”What did you Desire?” ඕන ලොක්කෙක් ඩවුන් ඇස් දෙක දිහා බලල ඕම ඇහුවම..ඒ විතරක් නෙවෙයි මෙයාට කාලය පවා පාලනය කරන්න පුලුවන් හැකියාවකුත් තියනව..පේනවනෙ,සෙල්ලං නෑ…
ඉතිං ඔන්න ඔහොම තමයි ලුසිෆර් සමායෙල් මෝනිංස්ටාර් හෙවත් ‘The devil’ රියැලිටිය තුල සහ DC විශ්වය තුල බිහිවෙන්නෙ..
දැං මේක බලපු ඔයාල Netflix ලගෙ ලුසිෆර් බලල නං ඉන්නෙ මම දන්නව පොඩි පොඩි අවුල් ටිකක පැටලිලායි ඇත්තෙ..
අන්න එහෙම පැටලුනානං ගායිස්,යටිං ලියං යන්න මොකද්ද අවුල කියල..
Netflix ල අරං ආව lucifer ගැන වෙනමම කතාවකිං ඒ හැම ප්‍රශ්නයකටම උත්තර අරගෙන අපි ඉක්මනටම ආපහු එකතු වෙලා ඒව බේරුමක් කරගම්මු…
එහෙනං එතකල් ciao 👋
Stay hyped 💪
Admin- Malith M Nilupul 😎

gammac.
Thank you so much machan