කොහොමද ගායිස්… Fandom එක එහෙම බැලුවා නේ. Batman,Flash,Black Adam වගේ පට්ටම hype එකේ ඉන්න movies එක්ක DC පැත්තෙන් ලබන අවුරුදු දෙක තුනේම එන්න තියන අළුත් projects ගැන වගේ තවත් ගොඩක් දේවල් announce කලානෙ. ඒ අස්සෙ HBO Exclusive movie වගයකුත් release කලා. අද කතාකරන්නෙ ඒවගෙන් එකක් ගැන. ඒ තමයි Blue Beetle. 💙🔥
කවුද මේ Blue Beetle කියන්නෙ…
ඔයාල ගොඩදෙනෙක් දැනටමත් දන්නවා ඇති Blue Beetleලා කිහිප දෙනෙක්ම comic වල ඉන්නවා කියලා. අද කතා කරන්නෙ Blue Beetleලා අතරින් powerfulම වගේම ලබන අවුරුද්දෙ එක film එකට පාදක වෙන Jaime Reyesගෙ Blue Beetle ගැන.
New 52 comic වල Origin story එක.
මේක පටන් ගන්නෙ ගොඩ කාලෙකට කලින්. Reach කියලා හදුන්වන පිටසකවල ජීවීන් පිරිසක් අනිත් ග්‍රහලෝක යටත් කරගන්න හදනවා. මේකට පාවිච්චි කරන්නෙ Blue Scarab කෙනෙක්ව. (විශාල කුරුමිණියන් වර්ගයක්) එයාව යටත් කරන්න ඔනි ග්‍රහලෝක වලට යවලා ඒ ජීවින්ගෙ කශේරුකවට පහරදීල ඒ අයව පාලන කරන්න ගන්නවා. ඊට පස්සෙ පාලනය කරන අය මාර්ගයෙන් ඒ ග්‍රහලෝකෙ ජනතාව මරන්න පටන්ගන්නවා. පාලනයට නතුවෙන කෙනාට මේක වලක්වන්න බැහැ මොකද මේවෙනකොට එයාල කිසිම දෙයක් මතක නෑ අඩුම තරමේ එයාලගෙ පරණ නමවත්. ඒ ලෝකෙ යටත් කරගත්තට පස්සෙත් එයාල එහෙ නතරවෙන්නෙ නෑ. තවත් ලෝක හොයාගෙන යනවා. මේ වගේ ලෝක යටත්කරගන්න යන Blue Scarab කෙනෙක් මන්දාකිණි අතර තවත් වෙනත් ලෝක හොයමින් ගමන් කරන වෙලාවක Green Lantern කෙනෙක්‍ට අහුවෙනවා. Lanternලා දන්නවා මෙයාල වෙනත් ග්‍රහලෝක ආක්‍රමණය කරන බව ඒ නිසා Lantern Scarabට පහරදෙනවා. ඒකෙන් බේරෙන්න අඩපණ වෙලා හිටපු scarab එතනින් teleport වෙනවා. තුවාල වෙලා හිටපු Scarab reappears වෙන්නෙ පෘථිවියට ආසන්නයෙන්. පෘථිවි කක්ෂයට අහුවෙන Scarab කඩාගෙන වැටෙන්නෙ පුරාණ මායා සිද්ධස්ථානයක් ලගට. ඒක කාලෙකට පස්සෙ (වර්තමානයේ) පුරාවස්තු කොල්ල කන කණ්ඩායමකට හම්බෙනවා. එයාල මේ දිලිසෙන පිටසක්වල වස්තුවත් අරගෙන යනවා. එයාල එයාලගෙ warehouse එකට ගියාට පස්සෙ එතනට තවත් treasure huntersලා වගයක් පරදෙනවා එයාලටත් මේ නිල්පාට දිලිසෙන වස්තුව ඕනි වෙනවා. (හොරුන්ගෙත් හොරු කම්බ හොරු 😅) මේ වෙලාවෙ Jaime එයාගෙ අයියාත් එක්ක පාටියකට යන ගමන් ඉන්නෙ. එයාලගෙ කාරෙක මේ warehouse එක ලගින් යනකොටම අක්‍රීයව ඉන්න පිටසකවල scarab දාගත්ත බෑග් එකක් ලග තියන හොරු කල්ලි දෙක එයාලගෙ සටන warehouse එක්කෙන් එලියට අරන් එනවා. එක කල්ලියක හොරෙක් මේ බෑග් එක Jaimeලාගෙ car එකේ පිටිපස්සෙ සීට් එක විසික් කරනවා. (වහලෙ නැති කාර් එකක් හොදේ) අනිත් කණ්ඩායමේ කෙනෙක් කාර් එක නවත්තලා මේ දෙන්නාව මරන්න හදනවා. මෙය දෙන්නා පැනලා දුවන කොට Jaime බෑග් එකත් අරගෙනමයි දුවන්නෙ. එයාගෙ පස්සෙන් එක හොරෙක් පන්නගෙන එනවා මොකද එයාලට මේ වස්තුව ගන්න ලොකු උවමනාවක් තිබුනා. Jaimeගෙ පස්සෙ පන්නගෙන ආපු කෙනෙක් එයාට පිහි වගයකින් ගහනවා. ඒවා Jaimeගෙ ඇගේ වදින්නෙ නෑ ඒත් එයා එල්ලගෙන හිටපු බෑග් එකේ වැදුනා. ඒ නිසා අක්‍රීයව හිටපු scarab ක්‍රියාත්මක වෙලා Jaimeගෙ කශේරකාවට සම්බන්ධ වෙනවා. (Scarab කලින් වගේ සම්පුර්ණයෙන් එයාව පාලන කරන්න බැහැ මොකද lantern එයාට ලොකු හානියක් කරපු නිසා.)ඊට පස්සෙ ඒක ඇග පුරාම පැතිරිලා තමයි Jaimeව Blue Beetle බවට පත්වෙන්නෙ.
සරලවම ඕක තමා New 52 comic වලට අනුව Jaime Reyes Blue Beetle කෙනෙක් වෙන කතාව.
Jaime Reyes ගෙ Blue Beetleගෙ Power ගැන අවධානය දුන්නොත් එයාට super strength එක තියනවා, පියාබන්න පුලුවන්, අත් දෙකෙන් ලෙසර් එකක් වගේ ශක්ති කදම්බයක් නිකුත් කරන්න පුලුවන්, ගොඩක් දියුණු මට්ටමේ සන්වේදක තියනවා. මේවා විතරක් නෙමෙයි තවත් ගොඩක් වැඩ මේ Amor එකට කරන්න පුලුවන්. කලින් කිව්වා වගේම Jaime තමයි අපිට බලාගන්න පුලුවන් වෙන Powerfulම Beetle. ඒ වගේම මාරම cool චරිතයක් සහ මෙයා Teenager කෙනෙක් 😎. Batman එක්ක Teamup උන අවස්ථාද තියනවා. 🤩🦇️
මුලින්ම අපිට live action Blue Beetle කෙනෙක්ව බලාගන්න පුලුවන් වුනේ 2010 අවුරුද්දෙ ආපු Smallville series එකේ 10 වෙනි season එකේදි. (Smallville පටන් ගත්තෙ 2001) ඒවගේම Animation series කිහිපයක සහ film කිහිපයකම blue beetleව බලාගන්න පුලුවන්.
Jaime Reyes ට cast කරන්නෙ අපි හැමෝම දන්න Cobra Kai series එකේ ප්‍රධාන චරිතය වෙන මිගෙල් AKA Xolo Mariduena. Fandom එකේ තිබුන Blue Beetle panel එකේදි Xolo කිව්වා මෙච්චර කාලෙකට අපි Superhero movie වල දැකපු costume වලින් හොඳම එකක් අපිට Film එකෙන් බලාගන්න පුලුවන් කියලා. ඒ වගේම Suite එකේ concepts art එකක් fandom එකේදි release කලා.

මට පෞද්ගලිකව හිතෙනවා මේ film එක සුපිරියක් වෙයි කියලා. Film එකේ Director,Writer,Main Actor මේ ඔක්කොමලා Latin American. ඒ වගේම Jaime Reyes කියන්නෙත් Latin American කෙනෙක්. Lots of good vibe in here ❤️🔥
හරි එහෙනම් Teaser එකක් ආවම Breakdown එකක් අරන් එන්නම් එතකම් හැමදාම කියවා වගේ,
Stay Safe…Stay hype…
Admin – Pasindu Ransilu (Jughead Jones) 🙂