Justice League එකට වඩා වෙනස් වීරයන් සෙට් එකක්…🙂✌❤
හිට්ලර් සහ දෙවනි ලෝක යුද්ධය ගැන විවිධාකාර මිත්‍යා කතා තියෙන බව අපි දන්නවනෙ… මේ කතාවට මුල් වෙන්නෙත් එහෙම දෙයක්..
හිට්ලර් විසින් හොයාගන්නව #Spear_Of_Destiny කියල Mystical powers පිරුණ හෙල්ලයක්... ඇත්තටම කිව්වොත් මේක නිකම්ම නිකම් හෙල්ලයක් නෙවෙයි... 😶
✝️ ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසන අවස්ථාවෙ උන් වහන්සේගේ ශරීරයෙ උදරයේ එක් පැත්තකින් කැපුම් තුවාලයක් තියෙනව දැකල තියෙනවද චිත්‍ර වලින් හරි...
අන්න ඒ තුවාලය ඇති කරන්නෙ අර හෙල්ලයෙන්.. ඉතින් ඒ හේතුව නිසාම ඒ හෙල්ලය යම් කිසි විපතක් ඇති කරන්න පුළුවන් තරමෙ Mystical powers එකතු වුන භයානක ආයුධයක් වෙනව...😯
හිට්ලර් මේ හෙල්ලයේ Mystical powers භාවිතා කරල යුරෝපය යටත් කරගන්න හදනව.. මේ ගැන බ්‍රිතාන්‍ය රහස් නියෝජිත Smythe විසින් ඇමරිකාවෙ ඒ වෙනකොට ජනාධිපති වුන Franklin Delano #Roosevelt ව දැනුවත් කරල ඇමරිකාවෙන්🇺🇸 උපකාර ඉල්ලනව....
හැබැයි ඇමරිකන් කොංග්‍රස් සාමාජිකයො ඒකට කැමති වෙන්නෙ නෑ...ඒ වෙනකොට ඔවුන් කියන්නෙ හිට්ලර් ගෙ යුද්ධය යුරෝපියානු රටවල යුද්ධයක් කියල... ( තාම ශොට් එක ලැබිලා නෑ මුන්ට එතකොට..)🤐
නමුත් Roosevelt ජනාධිපතිතුමා තමාගෙන් කරපු ඉල්ලීම මඟහැරීමකට ලක් කරන්නෙ නැ.. ඒ වෙනකොට ඇමරිකාවේ ජනතාව අතර නවතම නැගී එන සුපිරි වීරයන් දෙපළ වෙන 'Mystery men' නමින් හඳුන්වන Jay Garrick සහ Allan Scott කියන මුල්ම Flash සහ මුල්ම මනුෂ්‍ය Green Lanternවරයා උදව් පිණිස යවනවා.😍..
Scotland වලදි Nazi බළකොටුවකට ප්‍රහාර එල්ල කරන්න මේ දෙදෙනා සමත් වෙනව....එහෙදි තමයි Giant Robot කෙනෙක් එක්කත් සටන් කරන්නෙ...🤖
මේ වෙනකොට Hitler විසින් #Dc Universe තුළ තියෙන ඇස්ගාඩ් වලින් Valkyriesලගෙ උදව් ඇතිව ඇමරිකාවෙ washington Dc වලට ප්‍රහාරයක් නිකුත් කරනව...👽
මේ අතරෙදි 🌎 විවිධ තැන් වලින් විවිධාකාර හැකියාවන් සහිත සුපිරි වීර ලක්ෂන සහිත පුද්ගලයන් බිහි වෙලා හිටියට ඔවුන් පොදු සමාජයෙ ජනගත වෙන්නෙ අඩුවෙන්.. බොහෝ දුරට හැකියාවන් සගවගෙන තමයි ඉන්නෙ...🦸
සීන් එක එහෙම වෙනකොට Dr.Fate දකිනව හිට්ලර් විසින් කරන්න යන විනාශය ගැන.. ඒ නිසාම ඔහු ඒ වෙනවිට
තවත් විශේෂ හැකියාවන් තිබුන Atom, Hawkman, Hourman සහ Spectre මෙහෙයවනව බ්‍රිතාන්‍ය සෙබළුන්ට සහයෝගය දක්වන විදියට… මේකෙදි Spectre නාසි Warship එකක් තනිවම විනාශ කරනව…☠️
කොහොම හරි මේ අතරෙ Jay garrick සහ Allan Scott ඇතුළු අනිත් සෙට් එකත් නැවත ඇමරිකාවට එනව Valkyrieලා සමග සටන් කරන්න.. තාම හරියට Team up වෙලා නොතිබුනත් ඔවුන් එකම පාර්ශවයක සටන් කරන පිරිසක්...
මේකෙදි එක් Valkyrie අයෙකු ඇරෙන්න අනිත් අය ඔක්කොම විනාශ කරන්න Allan Scott සමත් වෙනව...🦸
Gudra කියන Valkyrie විතරක් මරන්න බැරි වුන නිසා Gudra විසින් ජනාධිපති Rooseveltව White House තුළදි ඝාතනය කරන්න හදනව... Atom පවා මේකට මැදිහත් වුනත් Roosevelt ජනාධිපතිවරයා Gudra ගෙ ප්‍රහාරයකින් මිය යනව....😏
හැබැයි Spectre විසින් Presence ගෙන් Roosvelt ගෙ ජීවිතය නැවත ඉල්ලා සිටිනව.. ඒ වගේම Roosevelt නැවත ජීවත් වෙනව වගේම ඒ අවස්ථාව ගැන සෙසු අයගෙ මතකය නැති කරන්නත් Presence කටුයුතු කරනව...👼
මෙහෙම ඉතින් Roosevelt🤵 ලොක්කට ෆුල් සැට්ස් වෙලා මේ අවස්ථාවේ උදව් කරපු මුලු Team එකම එකට ඉන්න කියල යෝජනාවක් කරනව... ඒකෙන් තමයි සෙට් එක එකතු වෙන්නෙ...👀
මුල්ම සාමාජිකයන් හත් දෙනා විසින් රහසිගත කාමරයක තමන්ගෙ කාර්‍යාලය පිහිටවා ගන්නව..ඔවුන් තමන්ව #Justice_Society_Of_America කියල හදුන්වා ගන්නව..💫
මීට අමතරව විශේෂ හැකියාවන්, බළතළ තියෙන අයට මේ Team එක ගැන දැනගන්න ලැබෙනකොට ඒ අයත් මේ එක්ක එකතු වෙනව...එහෙම එකතු වුන අය අතරෙ තමයි Dr.midnight , Sandman, Starman වගේ අය ඉන්නෙත්...
ඒ අනුව ඒ කාලයෙ හැදුන JSA කණ්ඩායම තමයි
⭕ Jay Garrick aka Flash⚡
මෙයා ඉතින් Flash කෙනෙක්නෙ... අපි දන්න කියන Super human speed එක තියෙනව මෙයාට..
⭕ Allan Scott aka Green Lantern🟢
⭕ Dr.Fate♣🧙
පියාසර කිරීමේ හැකියාව සහ මැජික් ගැන... නාබු ගෙ හෙල්මට් එක use කරන නිසා ගොඩක් powerfull character එකක්..
⭕ Hawkman🦅
Flight & healing factor එක මෙයාටත් පිහිටලා තියෙනව…
⭕ Rick Tyler aka Hourman ⏳
Super human කාය ශක්තිය, වේගය, දරාගැනීමේ හැකියාව මෙයාට පිහිටලා තියෙනව..
⭕ Wesly Dodds aka Sandaman🧪
⭕Specture🔮
Flight & Shape shifting
⭕ Dr.Mid night🦉
Perfect Night vision එකක් තියෙනව මෙයාට..
කොහොම හරි 1941දෙසැම්බර් 7 වෙනිදා හවායි වල පර්ල් වරායට එල්ල කරන ප්‍රහාරය 💥එක්ක ඇමරිකාව දෙවන ලෝක යුද්ධය එක්ක සම්පූර්ණයෙන් සම්බන්ධ වෙනව..
මේ අවස්ථාවේදි ඒ වෙනකොට සුපිරි වීරයන් විදියට පෙනී ඉන්න සෑම පුද්ගලයෙක්ම ඇතුළත් කරල #All_Star_Squadron නමින් කණ්ඩායමක් ස්ථාපනය කරනව.. මේකෙට Freedom fightersලා, Seven Soldier of victory වගේ JSA ආභාෂය ගත්ත කණ්ඩායම් එහෙමත් එකතු වෙනව...🦾
මේ අනුව
♦️ Wild Cat
♦️ Atom smasher
♦️ Blue devil
♦️Citizen steel
♦️Cyclone
♦️Dark night
♦️Jesse quick
♦️Judo master
♦️King chimera
♦️Lightning
♦️Mister America
♦️Mister Terrific
♦️Amasing Man
♦️Hector hall
♦️Jonny thunder
♦️magog
♦️Robin
♦️ Star man
♦️Sky man
♦️Hippolyta
සෙසු සාමාජිකයන් විදියට හදුන්වන්න පුළුවන්..
කොහොම හරි දාන්න ඕන වැඩ කෑලි ඔක්කොම දාලා 1950 වගේ වෙනකොට යුද්ධය ඉවර වුනාම All Star Squadron විසුරුවා හරිනවා... JSA එක වෙනම තමන්ගෙ වීර ක්‍රියා කරගෙන යනව...🙅
නමුත් පසු කාලයෙ හරියටම කිව්වොත් 1951 දි වගේ කොමියුනිස්ට්වාදයේ 🚩නැගී සිටීම නිසා ඇමරිකාවට ලොකු බළපෑමක් ඇති වෙනව...ඒක දේශපාලනිකයි... ඉතින් ඒ බය නිසා JSA සාමාජිකයන්ට ඇමරිකානු රජයෙන් කියනව තමන්ගෙ සැබෑ අනන්‍යතාවයක් හෙළි කරන්න කියල...🤨
මේකට JSA සාමාජිකයන් කවුරුවත් කැමතිවෙන්නෙ නම් නෑ.. මොකද ඒකෙන් තමන්ගෙ හිතවතුන්, ආදරය කරන අයට ප්‍රශ්නයක් ඇතිවෙයි කියල.. ඉතින් කොමියුනිස්ට්වාදය ඇමරිකාව තුළ පැතිරීම යැයි කියන බය නිසාම ඇමෙරිකානු රජය විසින් JSA විසුරුවා හැරීමට ලක් කරනව...🤷
මේකෙන් ගොඩක් අය විසිරිලා ගියත් සාමාන්‍ය සමාජයේ රහසිගතව තම තමන්ගෙ ක්‍රියාවන් වල නිරතවෙලා ඉන්නව...🙎
මේ අතරෙ අපි කවුරුත් දන්න කියන Flash aka Barry allan⚡ එක සිදුවීමක් නිසා Jay Garrick හමුවෙනව... මේකෙදි JSA සහ Justice League අතර සම්බන්ධයක් ඇතිවෙනව....
මුලින්ම අපි දන්න විදියට JSA තියෙන්නෙ Earth 2 එකෙ...නමුත් පසු කාලෙක අපි දන්න Prime Earth එකේම අතීතය විදියටත් හදුන්වනව...
තව දෙයක් ගැන කියන්නම ඕන.. දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ JSA අය තවත් මෙහෙයුම් රාශියක නිරත වෙනව...
ඒ අතරින්
👉Soloman grundy
👉Vandal savage
👉 Brain wave
👉 Per degaton
👉 Sports master
👉Thinker
👉 Injustice Society
වැදගත් තැනක් ගන්නව.... මේ අතරින් Injustice Society එක ගැන කතා කරනව නම් දන්න කියන Black Adam ⚡ එක්ක ලොකු වලියක් දාගන්නව JSA සාමාජිකයන්... ඊට පස්සෙ ලොකු ලොකු දේවල් ටිකක් වුනාට පස්සෙ BLACK Adam එකතු වෙනව JSA එකත් එක්ක....😎 හරියටම දැන ගන්න න්ම් කොමික් එකක් හරි කියවන්නම ඕන පුතේ...
JSA මුල්ම කණ්ඩායම විශ්‍රාම ගියාට පස්සෙ තමයි ඒඅයගෙ දරුවන් සහ හැකියාවන් ඇති නව පරපුර එකතු වෙලා අලුත්ම JSA එක පිහිටුවා ගන්නෙ...🤩
💁මේ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වුනේ කොමික් නොකියවන අයට කොමික් වලදි JSA තියෙන්නෙ මොන විදියටද කියල දැනුවත් කිරීමක් කරන්න...ඒ නිසා ලොකු කතාවක් පුළුවන් තරම් සරළව පැහැදිළි කිරීමක් තමයි මේ කරන්නෙ...
මේ ගැන දන්න කොමික් කියවලා තියෙන අය ඉන්නව නම් මේකෙන් මගහැරුන දේවල් ගැනත් කතා කරමු... එහෙනම් ජයවේවා...
තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න
ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න
කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන් , ඒකට අපේ hypezone youtube chanel එකට සෙට් වෙන්න https://youtube.com/c/HypeZone
අහ් ඒ වගේම අපෙ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක ,එක්ට සෙට් වෙන්න buy me a coffe member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයය හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මෙකන් හම්බෙනවා .එහෙනම් මේ link එකෙන් buy me a coffe එක්ට සෙට් වෙන්න https://www.buymeacoffee.com/hypelk
#DC #JSA #DcComic
මම #KrishanRodrigo