You are currently viewing Green Lantern.. DC විශ්වයේ ආරක්ෂකයන්…

Green Lantern.. DC විශ්වයේ ආරක්ෂකයන්…

Justice League හැදෙන්න ගොඩක් කාලයකට කලින්, හරියටම කිව්වොත් අපේ පෘථිවිය නවීන පන්නයට ටිකෙන් ටික හැඩගැහෙමින් තිබුන කාලයක Dc universe තුළ පෘථිවිය ඇතුළු අපි දන්න කියන අනෙක් ග්‍රහලෝකයන් 🌑 වල ආරක්ෂාවට, ඒවායේ ඇතිවුන ගැටුම් සමනයට හිටියෙ කවුද.. ❓

               පැහැදිළි ම පිළිතුර #Green_Lantern_Corps..

        මේක කාලයකට කලින් කතාබහට ලක්වුන මාතෘකාවක් වුනත් ආයෙත් ටිකෙන් ටික කරළියට ගන්න කාලය හරි කියල හිතුනා...

             Dc Universe තුළ සිදුවුන ප්‍රමුඛ සංසිද්ධීන් සහ ඇතැම් විනාශයන් සමග Green Lanternවරු සම්බන්ධ වුනේ කොහොමද..❓ ඔවුන්ට එම විනාශයන් නවත්වාගන්න හැකියාවක් තිබුන ද..❓

             අපි දන්න කියන දෙයක් තමයි Superman ගෙ මව් ග්‍රහලෝකය වුන 🌍 #Krypton විනාශ වීමේදී Green Lanternවරුඒ පිළිබදව දැනුවත් වුනාද කියන දෙය..

          ඔව්.. Krypton කියන්නෙ Green Lanterns Space Sector බෙදීම අනුව 2813 වැනි Space Sector තුළ තිබුන ග්‍රහලෝකයක්..

            මේ Space Sector 2813 භාරව හිටියෙ #Tomar_Re කියන ශ්‍රේෂ්ඨ GreenLantern රණශූරයාට.. මෙයා ඉතින් Lantern කෙනෙක් වෙන්න කලින් Planet Xudar වල හිටපු Scientist කෙනෙක්..🧪

            Tomar-Re දකිනව ඒ වෙනකොට Spece Sector 2813 දියුණුතම ග්‍රහලෝකයක් වුන Krypton ග්‍රහලෝකය පරිහානියට පත්වෙමින් කෙමෙන් කෙමෙන් විනාශයට යන විදිය.. Kryptonianවරු Green Lanterns සමග ඒ වෙනකොට ඇති කරගෙන තිබුනෙ ලොකු සුහදතාවයක්...

         Krypton ග්‍රහලෝකයේ හරයේ අභ්‍යන්තර පීඩනය නිසා පුපුරා යන්න කලින් Tomar-Re විසින් Stellarium කියන සංයෝගයක් නිර්මාණය කරනව.. ඔහු ඒ මගින් Krypton ග්‍රහලෝකයේ අහ්‍යන්තර Tectonic pressure අවශෝෂණය කර ගන්න විදියක් හොයාගන්නව..

                    මේ ගමනට යන අතරමගදි Krypton ග්‍රහලෝක සීමාවෙදී Yellow Solar flare එකක් නිසා තාවකාලික අන්ධභාවයකට Tomar-Re පත් වෙනව.. ආයෙ ටික වෙලාවකින් සුවය ලබනකොට Tomar-Re ට දකින්න ලැබෙන්නෙ පිපිරෙමින් තියෙන Krypton ග්‍රහලෝකය.. 💥

ඉතින් Tomar-Re ට නොහැකි වෙනව Krypton වල සිදු වෙමින් තිබුන විනාශය නවත්තගන්න…😞

          හදිසියේවත් එහෙම වුනා නම් අපිට Kal_El ව Green Lantern කෙනෙක් විදියටත් බලාගන්න තිබුනා ප්‍රධාන JL කතාංගයන් වලදි...😌

                         මීට අමතරව ගත්තොත් Space Sector 2814 එහෙමත් නැත්නම් අපි ජීවත්වෙන 🌍 ඇතුළු අපි දන්න කියන Solar system එකේ දි Mars එහෙමත් නැත්නම් අගහරු තුළ සිදුවුන ප්‍රබල විනාශයේ ♨️ දී වුනත් Green Lantern වරු එම යුද්ධය සදහා මැදිහත්වීමක් කරන්නෙ නැ.. 

             ඒකට නම් විවිධ හේතූන් තියෙනව ඉතින්... එකක් තමයි Guardians of Universe සමග Manhunters වරු ඇතිකරගත්ත ගිවිසුම්.. මොකද Manhunters කියන්නෙ කවුද කියල Guardians ල හොදටම දන්නවනෙ...😌

       කොහොම හරි Mars තුල විනාශයෙන් ඉතුරු වුනේ ඒ කාලෙ පොඩි එකෙක් වුන #Martian_Manhunter විතරයි...

                    Comic අනුව #Yalan-Gur විසින් Space Sector 2814 භාරව ඉන්න කාලයේදි තමයි, එයා අපේ පෘථිවියේ චීනයට ගිහින් ලොකු විනාශයක් කරගන්නෙ...ඒ දේ Alan Scott බිහි වෙන්න ප්‍රධාන වශයෙන් බළපෑමක් වුනා කියල හදුන්වන්නවත් පුළුවන්… 🦸

                 Comic වලින් එළියට ආවම Zack Snyder's Justice League 🎬 තුළදිත් අපිට Uxas ට විරුද්ධව පෘථිවියේ පැරණි වීරයන් කරනු ලබන යුද්ධයේදිත් Yalan-Gur ව දැකගන්න ලැබෙනව..  ♎

                 තමන්ගෙ 2814 Space Sector තුළ ඇති පෘථිවියේ වෙන්න ගියපු විනාශය වළක්වන්න Green Lanternවරු උදව් වුනා කියලත හදුන්වන්න පුළුවන් දෙයක් තමයි මේ සිදුවීමත්..

                  කොහොම හරි Green Lanterns කියන්නෙ Dc Universe තුළ ඉන්න ආරක්ෂක බළඇණියක්🛡️ විතරයි ඉතින්.. ඔවුන්ට සෑම දෙයක්ම කරන්න පුළුවන් වෙන්නෙත් එක සීමාවක් තුළ සිට විතරයි.. 

        නමුත් COmic තුළදි Dc Universe තුළ JL බිහිවීමට පෙර සිදුවුන සෑම ප්‍රධාන සිදුවීමක් වටාම Green Lanternවරුන්ගෙ මැදිහත්වීමක් කුමන අයුරකින් හෝ ඇති බවත් මතක් කරන්නම ඕන... 

තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න

කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන් , ඒකට අපේ hypezone youtube chanel එකට සෙට් වෙන්න https://youtube.com/c/HypeZone

අහ් ඒ වගේම අපෙ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක ,එක්ට සෙට් වෙන්න buy me a coffe member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයය හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මෙකන් හම්බෙනවා .එහෙනම් මේ link එකෙන් buy me a coffe එක්ට සෙට් වෙන්න https://www.buymeacoffee.com/hypelk

           ආයෙ හමුවෙනකම් ජයවේවා...!!!

admin-#KrishanRodrigo

Leave a Reply