You are currently viewing || DC විශ්වයේ ආරක්ශකයෝ  ||

|| DC විශ්වයේ ආරක්ශකයෝ ||

DC Universe එකේ ඉන්න ගාඩියන්ස්ල… වචනෙ අහල පුරුදුද ? කොමික් කියවන කෙනෙක්ටනම් කියන පරක්කුවට මතක් වෙයි 💯 එහෙම නැත්‍තම් Green Lantern Movie එක බලපු අයට මතක ඇති අර රතුපාට ලෝගුවක් වගේ දාගත්ත නිල් පාට පොඩි හාදයො වගයක් 😈 අන්න ඒ පොඩි හාදයො තමයි මේ DC Universe එකේ ගාඩියන්ස්ල විදිහට හඳුන්වන්නෙ. මේ පුංචි මිනිස්සු කොහොමද යුනිවර්ස් එකක ගාඩියන්ස්ල වෙන්නෙ , කොහොමද මෙයාලගෙ ආරම්භය සිද්ධ උනේ සහ මොනවද මෙයාලගෙ පවරස්… ඔය සේරම ගැන සම්පූර්ණ විස්තරයක් තමයි අද මේ අරගෙන ඇවිල්ල තියෙන්නෙ 🙏❤️

මේ කතාව පටන් ගන්න අපිට යන්න වෙනව අවුරුදු බිලියන ගාණක් ආපස්සට. මෝල්ටස් කියල හැඳින්වෙන එක ග්‍රහලෝකයක් තියනව. මිනිස්සුන්ට සමාන පෙනුමක් තිබුන මේ ග්‍රහලෝකෙ ඉන්න ජීවීන් අපෙන් වෙනස් උනේ පාටින්.මොකද ඒ ජීවීන් අලු සහ නිල් මිශ්‍ර පාටකින් සමන්විත නිසා. මෝල්ටස් වැසියන් තමයි විශ්වයේ පලවෙනි බුද්ධිමත් ජීවීන් කොට්ඨාශය උනේ. මේ ජීවීන් විශිෂ්ට චින්තකයන් වගේම දක්ෂ විද්‍යාඥයිනුත් උනා.මේ චින්තන හැකියාව නිසාම මෙයාල නොයෙක් නොයෙක් අත්හදාබැලිම් වලින් අමුතු සොයාගැනීම් සිද්ධ කරා..

Psions ල , මෑන්හන්ටර්ස්ල වගේ ජීවීන් කියන්නෙ ඔය සොයාගැනීම් වල ප්‍රතිඵල තමා. Psions ල කියන්නෙ කටුස්සගෙ ශේප් එක තියන කොළපාට ජීවීන් වගයක්. Teen Titans කොමික් කියවපු අයනම් දන්නව ( කොමික් කියවන්න කියන්නෙ ඒකයි 😁 පේනවනෙ ) . මෑන්හන්ටර්ස්ලනම් දන්නවනෙ. හරි හරි අපි කතාවට එමු…ඉතින් ඔහොම පරීක්ෂණ කරපු කෙනෙක් තමයි ක්‍රෝනා කියන්නෙ. මෙයා time-bending technology එකක් පාවිච්චි කරල විශ්වයේ ආරම්භය ගැන පරීක්ෂණයක් කරනව. මේ ක්‍රෝනා හදන්නෙ සියලු මැවීම් වල Source එකත් එක්ක සන්නිවේදනය කරන්න පුලුවන් උපකරණයක්. මේක කොස්මික් නීතියට එහා ගිය දෙයක් නිසා මේ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් විදිහට Anti-Matter Universe එක නිර්මාණය වෙනව.

මේ උන සිදුවීමට තමන් වගකියන්න ඕන කියල හිතපු මෝල්ටස් ජීවීන් විශ්වය මැද පිහිටල තියන Oa වලට ගිහින් විශ්වයේ ආරක්ෂකයන් විදිහට ජීවත් වෙන්න පටන් ගන්නව.ඒක හරියට එක්තරා විදිහක සමාව ගැනීමක් කිව්වත් හරි.මොකද එයාලගෙන් උන වැරැද්ද හදාගන්න තමයි එහෙම කරන්නෙ. මෙයාලගෙ අරමුණ උනේ නපුරට එරෙහිව සටන් කරල විශ්වය සාමකාමී පරිපූර්ණ තැනක් කරන එක. ඉතින් එහෙම ජීවත්වුන මේ මෝල්ටස් ජීවීන් ක්‍රම ක්‍රමයෙන් දැන් ඉන්න තත්වයට පරිණාමය උනා. උස අඩුවෙලා ඔලුව ටිකක් විශාල ජීවීන් විශේෂයක් විදිහට තමයි මෙයාලව දැන් දකින්න පුලුවන් වෙන්නෙ. ගාඩියන්ස්ල විදිහට හඳුන්වන මේ කට්ටිය දැන්, විශ්වය පුරා තැනින් තැන මුර සංචාරයේ යෙදෙන Green Lantern Corps ලගෙ නායකයො විදිහට කටයුතු කරනව. Injustice කියවපු අය දකින්නැති ලැන්ටර්න්ස්ලගෙ උදව්වට ගාඩියන්ස්ල එන හැටි ⚔️.

දැන් බලමු මොනවද මෙයාලගෙ පවර්ස් කියල. ගාඩියන්ස්ල අමරණීයයි.. ඒ කියන්නෙ මෙයාල වයස්ගත වෙන්නෙවත් ලෙඩ වෙන්නෙවත් නෑ.හැබැයි මරන්න පුලුවන්. Emotional spectrum එකේ වඩාත් ස්ථායීම පාට වෙන කොළ පාට ඒ කියන්නෙ Will Power එකට අදාල වෙන green plasma energy එකෙන් ලබාගන්න ශක්තිය නිසා මෙයාලට විශාල දැනුමක්, පියාසර කිරීමේ හැකියාවක් වගේම චිත්ත බලයෙන් වැඩ කරන්න පුලුවන් හැකියාවකුත් තියනව. Emotional spectrum එකේ කොළ වර්ණයම තෝරගත්තත්, ගාඩියන්ස්ලට Emotional spectrum එකේ හැම වර්ණයකටම limited access තියනව. ඒ වගේම Kyle Rayner කියන විදිහට ගාඩියන් කෙනෙක් වෙන Ganthet ට පුලුවන් එක සිතුවිල්ලකින් ග්‍රහලෝකයක් උනත් විනාශ කරන්න. එහෙම පවර්ෆුල් කට්ටියක් තමයි මේ ගාඩියන්ස්ල කියන්නෙ.

ඉතින් ඔන්න ඕකයි ගාඩියන්ස්ලගෙ කතාව. අඩුපාඩු ගුණදොස් ඔය සේරම කියාගෙන යන ගමන්ම තව මේ වගේ ලිපි කියවන්න අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න👌❤️

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community එකත් එක්ක එකතු වෙන්න ❤️

කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන් , ඒකට අපේ Hypezone Youtube Channel එකට සෙට් වෙන්න

අපේ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක ,ඒකට සෙට් වෙන්න Buy Me A Cofee member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයට හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මේකෙන් හම්බෙනවා .එහෙනම් මේ link එකෙන් Buy Me A Cofee එකට සෙට් වෙන්න

ඒ එක්කම අමතක කරන්නෙපා Club House එකේ Geek House SL Follow කරන්නත් 💪💯

සටහන ✍️ ᴀᴍɪʟᴀ sʜʏᴀᴍᴀɴ

Leave a Reply