You are currently viewing Complete guide to DC  SandMan

Complete guide to DC SandMan

♨️ Story of The Endless ♨️

හෙලෝ ගායිස් කොහොමද ඉතිං 😀 මේ දවස් වල Marvel, DC වගේම අලුත් අලුත් TV Series, Films ගැනත් සෑහෙන Updates ටිකක් එනවා නේ 😍😍 ඉතිං මට හිතුනා ඒ අලුත් Update එකක් ගැන Comic පැත්තෙන් ලොකු විස්තරයක් ගේන්න. හැබැයි මම කීවට මම තනියෙන් නෙමෙයි මේක ලීවේ. මගේ හොඳ යාලුවෙක් වෙන අනූපම AKA අලයා එක්ක එකතුවෙලා තමයි මේක ලිව්වේ 😉

හෝව් හෝව් හෝව්..කියවන්න කලින් හොඳට ඔලුවට ගන්න…මේ ඔයාව අද අපි අරගෙන යන්නෙ සිහින ලෝකෙට..✌ නෑ..මේ ඔයා අපි අහපු සුරංගනා කතා වල එන සිහින ලෝකයම නෙවේ..ඊට එහා ගිය හරිම කුතුහලයකින් යුතු…වෙනස්ම ආරකට යන..වෙනස්ම අත්දැකීමක් දෙන ලෝකයකට යන ගමනක් මේක..🙏

සරලවම මේ ඔයා යන්නෙ ජීවිත කාලයෙ එකම පාරක් හරි ට්‍රයි කරන්නම ඕනෙ ලෝකයකට..ඉතින්..පිලිවෙලකට පිලිවෙතින් මේ ලෝකයට අපි ඔයාව අරගෙන යන්නම්..✌

ඉතිං අද අපේ මාතෘකාව වෙන්නෙ Neil Gaiman ගේ The Sandman Run එක 😍 මේක ගොඩක් දෙනෙක් කියවලා නැති සහ ගොඩක් දෙනෙක් දන්නේ නැති කොමික් Run එකක්. අපේ ගොඩක් අය නොදන්නවා උනාට Sandman කියන්නේ ලෝකයේ එදා මෙදා තුර බිහිවුණු සුපිරිම සුපිරි Comic Run එකක් 🔥 අපි මේක කතා කරන්න ලොකු හේතුවක් තමයි ඉස්සරහට Netflix එකෙන් Sandman Series එකක් එනවා. ඉතිං ඔයාලා Series එක බලන්න කලින් මේක ගැන දැනුවත් වුණොත් හොද නිසා තමයි මේ ලිපිය ලියන්නේ ❤️

❌ The Story of the Legendary Writer Neil Gaiman

neil gaiman

ඉතිං Sandman කතාවට එන්න කලින් අපි Neil ලොක්කා ගැන චුට්ටක් දැනගමු 😀 Neil Gaiman කියන්නේ ඉංග්‍රීසි ජාතික රචකයෙක් 🇬🇧 එයා ඉපදෙන්නෙ November 10, 1960 අවුරුද්දේ. ඒ වගේම මෙයා ජීවත් වෙන්නේ England වල Hampshire කියන පැත්තේ. Neil කියන්නේ පොඩි කාලේ ඉඳන් ලියන්න ආස කරපු කෙනෙක් ✍️ මෙයා ඉස්කෝලේ ගිහින් ඉවර වුණ ගමන් කරන්නේ Freelancer Journalist කෙනෙක් විදිහට වැඩ කරන්න යන එක. ඊට පස්සේ මෙයාට ජනප්‍රිය Pop Music Band එකක් වෙන Duran Duran ලාගේ Biography එක ලියන්න අවස්ථාව හම්බෙනවා 😍🔥 ඉතිං ඒ Biography එක ගොඩක් ජනප්‍රිය වෙනවා.

duran duran biography

ඊට පස්සෙ මෙයා 1987 දී Dave McKean කියන Artist එක්ක එකතුවෙලා ලියනවා Violent Cases කියන Graphic Novel එක. මෙන්න මේ Graphic Novel එක නිසා මේ දෙන්නා නැගී එන Comic Writers ලා අතරේ ගොඩක් ජනප්‍රිය වෙනවා 😍 ඉතිං මේකෙන් පස්සේ තමයි DC එකෙන් කතාකරන්නේ. අපි මේකට කොමික් ඉතිහාසයේ කියන්නේ British Invasion කියලා 😉 මොකද මේ කාලේ තමයි DC එකෙන් ගොඩක් British Writers ලාව ගන්නේ. එහෙම කරන්න හේතුවක් තමයි DC Crisis Event එකට පස්සේ DC එකට ඕනේ වෙනවා ටිකක් වෙනස් පැත්තකට යන්න. අලුත් විදිහට කතා කියන්න ❤️ මෙන්න මේ නිසා තමයි Alan Moore, Grant Morrison, Neil Gaiman වගේ අයව DC Comics වලින් ගන්නේ. (බලන් ගියාම වැඩ්ඩො ඔක්කොම British ) 🤭
ඉතිං මම උඩ කීවා වගේ Neil DC එකට එනවා 😍 ඇවිල්ලා කොමික් ලියන්න ගන්නවා. හැබැයි එයා ලියන පලවෙනි කොමික් එක Sandman නෙමෙයි. එයාගේ පලවෙනි කොමික් එක තමයි Black Orchid කියන එක.

black orchid

මේ කොමික් එක DC ඉතිහාසයේ ඉතාමත් වැදගත් තැනක් ගන්නවා 😱 ඒ මොකද දන්නවද? මේ කොමික් එක තමයි අද අපි දකින DC Comics වලට පටන් ගැන්ම වෙන්නේ 🤩 කොටින්ම කියනවනම් DC Comics වල පුනරුදය පටන් ගන්නේ මේ කොමික් එකෙන්. ඒ වගේම වැඩිහිටියන්ට එහෙම නැත්තම් සාමාන්‍ය DC Comics වලට වඩා චුට්ටක් අඳුරු පැතිකඩක් ගන්න කොමික් එන Vertigo Imprint එක පටන් ගන්නත් මුල් වුණේ මේක 😏 මොකද මේකෙන් පස්සෙ අපිට ගොඩක් මේ Type එකේ Comics කියවන්න හම්බුනා ❤️🔥
ඉතිං මේකට පස්සෙ තමා Neil, Sandman ලියන්න ගන්නේ. Sandman කොමික් එකත් DC ලගෙන් ආපු වෙනස්ම කොමික් එකක් වෙනවා 💖 ඒක කොච්චර ජනප්‍රිය වෙනවද කියනවානම් The New York Times Best Seller වෙන පලවෙනි Hard Cover Graphic Novel එකත් වෙනවා 😍😍 ඉතින් Sandman Run එකෙන් පස්සෙ මෙයා Good Omen, American Gods, Coralin වගේ ලෝකෙම ජනප්‍රිය වෙච්ච පොත් ලියනවා ඒ විතරක් නෙමෙයි Marvel කොමික් වල එදාමෙදා තුර ආව හොදම Run එකක් වෙන Eternals Run එක ලියන්නෙත් මෙයා 😎 (මේ හොඳම කීවේ මට අනුව). ආහ් ඒ විතරක් නෙමෙයි Norse Myth ගැන ලියවුණ Norse Mythology Novel එක ලියන්නෙත් මෙයාම තමයි (Norse Myth ගැන දැනගන්න ආස අය කියවන්න ඕනේම එකක් තමයි මේ)

norse mythology

⚔️ ඒ විතරක් නෙමෙයි Neil ගේ පොත් වලින් කොමික් වලින් එලියට ආපු Movies, TV Series ත් ගොඩක් තියෙනවා. ඒවා වලින් අපි අතරේ ගොඩක් ජනප්‍රිය එවා තමයි Lucifer, Good Omen, American God වගේ TV Series 😈
ඒ වගේම Neil Gaiman Eisner Awards 26ක් අරගෙන තියෙනවා (මේ Eisner Award කියන්නෙ කොමික් Industry එකේ Academy Award එක වගේ. ඉතින් හිතන්න ඒකෙන් 26 ක් හම්බෙනවා කියන්නෙ ලොක්කා කොච්චර වැඩ්ඩෙක්ද ). ඒ වගේම World Fantasy Award වගේ තව Award ගොඩකුත් අපේ ලොක්කා අරගෙන තියනවා 😍❤️🔥

ඉතින් ඔයාලට දැන් හිතාගන්න පුලුවන්නේ මෙච්චර වැඩ්ඩෙක් ලිවුව කොමික් එකක් කොහොමට තියෙයිද කියලා සහ එයාම ඒ TV Series එකත් Produce කරද්දි කොහොමට තියෙයිද කියලා 🥺

එහෙනම් දැන් අපි බලමු මේ Sandman කියන්නෙ කවුද කියලා 😎

❌ The Endless

Endless

හැබැයි මෙයා ගැන දැනගන්න කලින් අපිට මෙයාගේ Family එක ගැන දැනගන්න වෙනවා. මෙයාගේ Family එක තමයි Endless ලා කියලා අපි හඳුන්වන්නේ 😍
Endless ලා කියන්නේ DC Comics ලගේ Vertigo කියන Imprint එක හරහා මෙලොව එලිය ලබපු Characters කීපයක්. මෙයාලාව නිර්මාණය කරන්නේ Legendary Comic Writer කෙනෙක් වන Neil Gaiman විසින් 1989දී ❤️🔥

Dawn of Time එකේ ඉඳන් එහෙමත් නැත්තන් කාලය ආරම්භ වුණ තැන ඉඳන්ම මේ Endless ලා DC Universe එකේ හිටියා ⌛ මෙයාලා පට්ට Powerful සෙට් එකක්. සමහර Gods ලාටත් වඩා Powerful. ඉතින් මේ පවුලේ සාමාජිකයෝ 7ක් ඉන්නවා. ඒ කට්ටිය තමා Destiny, Death, Dream, Destruction, Desire, Despair, Delirium කියන කට්ටිය. මෙයාලාගේ අම්මා තමා Night. තාත්තා තමා Time 😉
මෙයාලා එක එක්කෙනාට පැවරුණ රාජකාරි වෙන වෙනම තියේ 🤔 එයාලාගේ නමින් අදහස් වෙන්නේ එයාලගේ රාජකාරිය තමා. උදාහරණයක් ගත්තොත් Death තමා මැරුණු අයගේ ආත්ම Living Realm එකෙන් එලියට අරන් යන්නේ 😱
දැන් අපි මේ Endless සාමාජිකයෝ ගැන කතාකරමු.

⚫ Destiny

Destiny


මෙයා තමා පවුලේ වැඩිමලා. මෙයා තමා Destiny එහෙමත් නැත්නම් දෛවය භාරව ඉන්නේ. අන්ධ මනුස්සයෙක් විදිහට තමා ගොඩාක් වෙලාවට නිරූපණය වෙන්නේ. පොර ගාව තියෙනවා තඩි පොතක්. Cosmic Log එක කියලා මේකට කියන්නේ 🤔 මේ පොතේ ඇතුලත් වෙනවා අතීතය, වර්තමානය, අනාගතය කියන මුලු විශ්වයේම පැවැත්ම. එහෙමත් නැත්නම් Existence එක. අපේ දෛවය ලියවිලා තියෙන්නේ මේ පොතේ තමා 😱 මූ නම් රාජකාරියට ඇප කැප වෙච්ච ඩයල් එකක්.

⚫ Death

Death


Death එහෙමත් නැත්නම් මරණය භාරව ඉන්නේ මෙයා තමා 🥶 මෙයාව ගොඩක් වෙලාවට නිරූපණය වෙන්නේ Goth Type එකේ කෙල්ලෙක් විදිහට 😏 මෙයාගේ පෙනුමට Gaiman පාදක කරගෙන තියෙන්නේ Cinamon Hadley කියන මොඩ්ල් ව 😇 මෙයා රිදී පාට Ankh එකක් පලඳිනවා Afterlife එක නිරූපණය වෙන විදිහට (Ankh එක මොකද්ද කියලා දන්නැති අය පොඩ්ඩක් ගූගල් කරල බලන්න Photo එකක්. ඔයාලා අනිවාරෙන්ම දැකලා තියෙනවා මේක) Death කීවාට බයවෙන්න එපා. මෙයා හරිම ප්‍රියමනාප කරුණාවන්ත කෙල්ලෙක් 😉

⚫ Dream

Dream


හීන එහෙමත් නැත්නම් Dream Realm එක භාරව ඉන්නේ මෙයා තමා 😴 මේ Dream කියන තනතුරේ දෙන්නෙක් ඉඳලා තියේ දැනට. ඒ තමා Morpheus හා Daniel කියන දෙන්නා. Sandman සීරිස් එකේදී අපිට දකින්න ලැබෙන්නේ Morpheus ව. මෙයාගේ පෙනුම ගත්තොත් උසයි, කෙට්ටුයි, සුදුමැලියි, කලු කොණ්ඩයක් තියේ. කලු ලෝගුවක් පොරවගෙන තමයි ඉන්නේ 😎

⚫ Destruction

Destruction


මෙයා තමා Destruction එහෙමත් නැත්නම් විනාශය භාරව ඉන්නේ 💥 රතු කොණ්ඩයක් තියෙන දේහධාරී පුද්ගලයෙක් විදිහට තමා මෙයාව නිරූපණය වෙන්නේ. තමන්ගේ රාජකාරිය ගැන එච්චරම වදවෙන මනුස්සයෙක් නෙවේ මූ 😒

⚫ Desire

Desires


මෙයා තමා අපේ ආශාවන් එහෙමත් නැත්නම් Desires භාරව ඉන්නේ 😉 ඔයා කෙල්ලෙක්ට හරි කොල්ලෙක්ට හරි කැමතිවෙනවානම් ඒ මෙයා හින්දා තමා 😆 කැමතිනම් පිරිමියෙක් විදිහට නැත්නම් ගෑණු කෙනෙක් විදිහට නැත්නම් දෙකටම නැති විදිහට නැත්නම් දෙකටම අයිති වෙන විදිහට වගේ ඕන විදිහකට නිරූපණය කරන්න පුලුවන් මෙයාව 😜 මෙයා Dream එක්ක පොඩ්ඩක් ඇරියස් එකේ ඉන්නේ. හැබැයි කාලෙකට කලින් Dream ගේ Favourite ම Sibling තමා මෙයා. ඒකට හේතුව අවුරුදු බරගාණකට කලින් මෙයා Dream ගේ හිතට කෙල්ලෙක් ගැන අදහස් දාලා තියෙනවා. අන්තිමට කෙල්ලගේ හිතට වෙන එකෙක් ගැන අදහස් දාලා 🤭 ඔන්න ඔය සිද්ධිය හින්දා Dream මෙයා එක්ක ටිකක් (ටිකක් නෙවේ හුඟක්) ඇරියස්.

⚫ Despair

Despair


Despair කියන්නේ බලාපොරොත්තු රහිත බව වාගේ අදහසක්. ඒක භාරව ඉන්නේ මෙයා තමා. Desire ගේ නිවුන් සහෝදරී තමා Despair කියන්නේ. Krypton පිපිරුවෙත් මෙයාගේ වැඩක් හින්දා කියලා පොඩි පොඩි හින්ට් තියේ 🤬

⚫ Delirium

Despair


මෙයා තමා Endless ලගෙන් බාලයා. ගෑණු ලමයෙක් විදිහට තමා ගොඩක් වෙලාවට නිරූපණය වෙන්නේ 👧 Delirium කියන්නේ මානසික ව්‍යාධි වගේ දේවල්. මෙයා තමා ඒවා භාරව ඉන්නේ. කාලෙකට කලින් මෙයාගේ නම Delight. ඒ කියන්නේ සතුට වගේ දෙයක්. නමුත් මොකක්හරි හේතුවක් මත මෙයාගේ Mental State එකේ අවුලක් වෙලා Delirium බවට පත්වෙනවා 😓 ඒකට හේතුව තාම කවුරුත් හරියට දන්නේ නෑ.

ඉතින් ඔන්න ඕක තමා Endless පවුලේ කතාව. අපි හිතනවා ඔයලාට කවුද මේ Endless ලා කියන්නේ කියලා හොඳ අදහසක් එන්න ඇති කියලා .එහෙනම් දැන් අපි කතාවේ වීරයා පැත්තට යමු (වීරයා කීවට මෙයාට පැත්තක් නෑ හොඳේ) 😎🔥

❌ Lord Morpheus

මෙයාව එක එක නම්වලින් හඳුන්වනවා. Dreamlord, Morpheus, Oneiros, The Sandman, Kai’ckul කියන්නේ ප්‍රසිද්ධම නම් කීපයක්. ඒ වගේම තමයි මේ Morpheus කියන නම Gaiman ගන්නේ ග්‍රීක-රෝම මිත්‍යා කතා වල එන Morpheus කියන දෙවියන්ගෙන් 😎 මෙයා තමයි ග්‍රීක-රෝම මිත්‍යා වල සිහිනයට අධිපති දෙවියො වෙන්නේ 😴 ඒ වගේම මේ Morpheus කියන නමේ තේරුම වෙන්නේ Shape කියන එක. මෙයාට එහෙම කියන්නෙ Dreams පාලනය කිරීම, නිර්මාණය කිරීම සහ ඕනේ විදිහට වෙනස් කරන්න පුලුවන් වීම නිසා. ඉතින් මේ හේතුව නිසාම තමයි කොමික් වලත් Morpheus ට Shaper කියල සමහර තැන් වල කතා කරන්නේ ❤️🔥

morpheus greek god

ඒ වගේම තමයි අපිට Sandmanව මුලින්ම බලාගන්න ලැබෙන්නේ Sandman Volume 2 එකේදි. ඒ මොකද කියනවනම් Neil Gaiman ට කලින් අපිට DC Comic වල Sandman කියන චරිතය අවස්ථා දෙකක දකින්න හම්බෙනවා 🤔 ඒ Wesley Dodds සහ Garrett Sanford ගේ Sandman ලා විදිහට. මෙන්න මේ නිසා තමයි අපිට Neil Gaiman ගේ Sandman Run එක පටන් ගද්දි එක #2 විදිහට එන්නෙ 😍

Wesley Dodds
Garrett Sanford

ඒ වගේම තමයි උඩ කීවා වගේ මෙයාට අයිති වෙන්නෙ Dream Realm එක. ඒ කියන්නෙ මොකක්ද? සරලවම කීවොත් මෙයා නිසා තමයි අපි හීන දකින්නේ හොඳ හෝ නරක වේවා මේ හැම දෙයක්ම පාලනය කරන්නේ එයා. ඉතිං මිනිස්සු ඉන්නකන්, මිනිස්සු හීන දකිනකන් Morpheus ජීවත් වෙනව 🤩 ඒ වගේම Morpheus ඉන්නකම් මිනිස්සු හීන දකිනව. මේක හරියටම කීවොත් චක්‍රයක් වගේ 🌚 ඉතින් ඒ වගේම තමයි මෙයාට තියෙනවා බලයන් ගොඩක් (අපි ඒව අන්තිමට කතා කරමු).

ඒ වගේම තමයි මෙයා ගාව තියෙනවා පොඩි Gadjets වගයක්. Netflix Trailer එකේ මේවා අපිට දැකගන්න හම්බුණා. ඒවා තමා Dream’s Helm, Dreamstone සහ Dream’s Sand Pouch 🔥
මේ Helm එක හදලා තියෙන්නේ පරණ මැරුණු දෙවි කෙනෙක්ගේ ඇටකටු වලින්. මේකෙන් මෙයාට ආරක්ෂාව ලැබෙනවා 😱
Dreamstone එක Ruby එකක්. මේක පාවිච්චි කරන කෙනාට පුලුවන් තමා දකින හීන යථාර්තයක් කරගන්න 😏
මේ Sand Pouch එක හරහා තමා හීන පතුරුවන්නේ. මේක John Constantine ගාවත් තිබිල තියේ 😍

Dream’s Helm
Dream’s Sand Pouch
Dreamstone

ඉතින් මේ Items තුන අතරේ Dream එයාගේ බලය කෑලිවලට කඩලා බෙදලා තියෙන්නේ. මේ Items තුනම ළඟ තියේනම් තමා මෙයාට Full Power එකම ලැබෙන්නේ. හරියටම කිවුවොත් මේ Items තුන එයාගේ බලයන් වල එක එක පැතිකඩයන් වගේ 😋

ඉතින් ඒ වගේම තමයි එක කාලෙක Morpheus Hell එකේ අයිතිකාරයත් වෙනව 😐 ඒ Lucifer ට එක කාලෙකදි කම්මැලි වෙනවා. මොකද එයා කරන්නෙ Hell එකට වෙලා ඉන්න එකනේ. ඉතින් ඊට පස්සෙ අපේ Lucifer Morpheus ට Hell එකේ යතුර දීලා යනවා 😂 Run එකේ ආසම Story එකක් තමයි මේක 😈 මොකද මේ සීන් කෝන් වලින් පස්සෙ තමයි Run එකේ හොඳම හරිය පටන් ගන්නේ. Daniel එන එක, Morpheus විනාස වෙන තැනට පාර හැදෙන්න ගන්නේ මේ සීන් වලින් පස්සේ 😍🔥
මේ Daniel Hall කියන්නේ Morpheus ගෙන් පස්සේ Dream Lord වෙන කෙනා. මෙයා නිසාම තමයි අපේ Dream Lord මැරෙන්නේ 😨 හරියටම කීවොත් මැරෙන්නෙ නෑ. එයා එයාවම විනාස කරගන්නවා. Daniel Hall ට Dream Lord වෙන්න පුලුවන් වෙන්නේ එයා Dream Realm එක ඇතුලෙම ඉපදෙන නිසා. මේකත් ලොකුම ලොකු කතාවක්. ඒක නිසා ඔයාලට අපි මීට වඩා කියන්නෙ නෑ මොකද කොමික් එක කියවද්දි ඒ රසය නැති වෙන නිසා 😉

daniel hall dream

ඉතින් Sandman Run එක කොච්චර ජනප්‍රිය වෙනවද කියනවනම් එක කාලෙකදී DC ලගේ අනිත් හැම කොමික් එකකම Sales අභිබවා යනවා. කොටින්ම කියනවානම් Superman and Batman වගේ DC ලාගේ ජනප්‍රියම Superheros ලගේ කොමික් පවා අභිබවා යනවා 😱 මේකට හේතුවක් විදිහට මම දකින්නේ ඒ කාලේ ආව අනිත් හැම කොමික් එකකටම වඩා මේක වෙනස් වීම. Action Comis #1 එකේ ඉඳන් ආපු කොමික් එක කාලයක් යද්දි හරිම ඒකාකාරි වුණා 🥲 (ඒක දැන් අපිට ගොඩක් විඳින්න ලැබෙන්නේ නෑ. ඒත් ඔයාත් Superhero Comics විතරක් කියවන කෙනෙක්නම් කාලයක් යද්දි ඔයාට තේරෙනවා ඒ හැම එකක්ම එක වගේ කියලා). ඉතිං මේ හේතුව නිසා කොමික් කියවන අය හුඟ කාලෙක ඉදන් වෙනසක් හොය හොය හිටියේ 😇 ඉතින් ඒ ගොඩක් අයට මේ Sandman කොමික් වලින් ඒක හම්බෙනව. Superhero ලා Super Villain ලා වෙනුවට වෙනස්ම අමුතු චරිත මේකෙන් එයාලට හම්බෙනවා. ඒ විතරක් නෙමෙයි. වෙනස්ම Concept මේ කතා වලින් එලියට එනව. කොමික් වලින් කතා නොවුනු අමුතු ආකාරයේ අඳුරු පැතිකඩවල් මේකෙන් පෙන්නනවා. ඉතින් මෙන්න මේ නිසාම කොමික් කියවන අය අතරේ මේක හුගක් ජනප්‍රිය වෙනවා 🤩❤️

මේක ඔය කියනවා වගේ ජනප්‍රිය වුණානම් ඇයි දැන් Sandman කොමික් එන්නේ නැත්තේ? ඇයි ඒක Continue වුණේ නැත්තේ? මේකට හේතු කිහිපයක්ම තියෙනවා 🤔 එක ප්‍රධාන හේතුවක් තමයි Gaiman ට ඕනේ වුණේ නෑ මේක දිගටම යන කතවක් කරන්න. එයාට ඕනේ වුණේ මේක එක කාලයකදි නවත්තන්න 🙄 එයා කියන දෙයක් තමයි මේක දිගටම යන කතාවක් වුණානම් මේකේ රසයට, මේකේ Quality එකට ඒක හානියක් වෙන්න තිබ්බා කියලා ❤️ එහෙනම් ඇයි වෙන කෙනෙක්ට ලියන්න දුන්නේ නැත්තේ? මේකටත් Gaiman ලස්සන උත්තරයක් දෙනවා. එයා කියනවා Sandman කියන්නේ එයාගේ Brain Childdaniel hall dream එහෙමත් නැත්නම් එයාගේ හොඳම නිර්මාණය. ඉතින් ඒක වෙන කවුරු හරි ලියන්න ගත්තනම් කවදාවත් එයා ලීව විදිහට ඒක ලියන්නෙ නෑ 😉 මොකද එක එක්කෙනා බලන කෝණය වෙනස් නිසා. ඉතින් එහෙම වුණාම කතාවේ රසය නැතිව යන්න පුලුවන්. ඒ ඔක්කොටමත් වඩා පාඨකයා ඒකට අකමැති වෙන්න පුලුවන්. ඉතින් එහෙම වුණොත් මේ තියෙන වටිනාකම කතාවෙන් ගිලිහෙනවා 😕 ඒක නිසා එයා කැමති වෙන්නෙ නෑ වෙන කෙනෙක් Sandman ලියන්න ගන්නවට.
ඒත් Daniel ගේ Sandman Justice League කොමික් කිහිපයකම ඉදලා තියෙනවා. ඒවත් ගොඩක් ලොකු Appearance නෙමෙයි පිටුවක දෙකක වගේ. අපි Sandman ගැන ගොඩක් දේවල් කතා කරපු නිසා දැන් අපි එහෙනම් මෙයාගේ Powers ගැන කතාකරමු.

• Personification of Dreams
අපේ හීනවල සම්පූර්ණ පාලනය තියෙන්නේ මෙයාගේ අතේ. අපිට Sweet Dream එකක් එහෙමත් නැත්නම් Nightmare එකක් වගේ ඕනදෙයක් මෙයාට පෙන්නන්න පුලුවන්. (ඔව් ඔව් වල් හීනත් පෙන්නන්න පුලුවන් 🤤)

• Cosmic Awareness
විශ්වය ගැන හැමදේම මෙයා දන්නවා. මුලු Omniverse එකේම වෙච්ච දේවල්, වෙන දේවල්, ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන මෙයාට අවබෝධයක් තියේ.

• Dimensional Travel
එක එක Dimension වලට Portals Open කරලා ඒ ඒ මාන අතර ගමන්කරන්න මෙයාට පුලුවන්.

• Fear Projection
මිනිස්සුන්ගේ හිතට භය ඇතුල් කරන්න පුලුවන්.

• Healing
තුවාලයක් මෙයාගේ අතින් අල්ලලා ඒක හොඳ කරන්න පුලුවන් හැකියාව තියෙනවා.

• Illusion Casting
මායාවන් මවන්න පුලුවන්. ඇත්ත ලෝකයයි මායාවයි වෙන්කරගන්න බැරිවෙන තරමට බලවත් විදිහට මේක කරන්න පුලුවන්.

• Immortality and Ageless
වයසට යන්නේ නෑ සහ අමරණීයයි. මෙයාට Damage කරන්න පුලුවන් එයා ඒකට අවසර දුන්නොත් විතරයි. (මෙතනදී කියන්න ඕනේ Endless ලව විනාශ කරන්න බැරි නෑ. පුලුවන්. හැබැයි එක Endless කෙනෙක්ව මැරුවොත් එයාගේ Powers and Abilities තව අලුත් කෙනෙක්ට Transfer වෙලා ඒ හිස්තැනට ඒ අලුත් කෙනාව පත්වෙනවා)

• Magic
මැජික් පාවිච්චි කරන්න පුලුවන්. Dreaming එකක් ඇතුලේ මෙයාගේ මැජික් Nigh-Omnipotent.

• Metamorphosis
තමන්ගේ බාහිර පෙනුම කැමති විදිහකට වෙනස් කරගන්න පුලුවන්. ඕනෙනම් පොඩි ලමයෙක් විදිහට නැත්නම් වැඩිහිටියෙක් විදිහට වගේ.

• Photokinesis
තමන්ගේ අභිමතය අනුව ආලෝකය නිපදවන්න පුලුවන්.

• Power Distribution
මෙයාගේ බලය වෙන වෙන ද්‍රව්‍ය අතරේ බෙදන්න පුලුවන්. Dreamstone එක Sand Pouch එක වගේ දේවල් අතරේ මෙයාගේ බලය බෙදන්න පුලුවන්.

• Telekinesis
මනසින් දේවල් එහා මෙහා කරන්න පුලුවන්. උදාහරණයක් විදිහට හිතින් දොරක් අරින්න වහන්න එහෙම පුලුවන්.

• Teleportation

• Superhuman Stamina
කෑමබීම මුකුත්ම නැතුව අවුරුදු 70ක් වුණත් ඉන්න පුලුවන්.

• Superhuman Strength
තනි අතකින් Demon Guard කෙනෙක්ව සෑහෙන දුරකට විසිකරල තියේ.

Powers ගැන කතාකරොත් ඔය ටික තමා ඉතින්. Weaknesses බැලුවොත්,

• Ancient Rules
කොච්චර බලගතු වුණත් නීති පද්ධතියකට මෙයාලා හැමෝම යටත් වෙලා ඉන්නවා. ඒක හින්දා පවර්ස් පොඩ්ඩක් විතර Limit වෙලා තියෙන්නේ. කීපයක් කීවොත් පවුලේ කෙනෙක්ව මරන්න බෑ. Mortal කෙනෙක්ට ආදරේ කරන්න බෑ. එහෙම කරොත් ඒ Mortal ගේ මරණය නියතයි. ඔය වගේ ඒවා තමා.

ඉතින් මෙන්න මේක තමයි අපේ Dream Lordගේ කතාව ❤️🔥 අපි හිතනවා ඔයාලා Dream Lord ගැන ලොකු දෙයක් දැනගන්න ඇති කියලා. කොමික් වල වුණු දේවල් ගොඩක්ම නොකීවේ ඒක ඔයාලට කොමික් එක කියවද්දි ඒ රසය විඳින්න දෙන්න ඕනේ නිසා සහ මේ ලිපිය තව දිග වෙන නිසා 😉
එහෙනම් දැන් අපි එමු ලිපියේ අවසාන කෑල්ලට. Sandman Reading Order එක බලන්න 😀

මේ පහලින් දාන ටික තමයි Sandman Main Run එක. මේ ටික තමයි ඔයා අනිවාරෙන් කියවන්න ඕනේ කොමික් ටික 👇

• The Sandman: Preludes & Nocturnes
• The Sandman: The Doll’s House
• The Sandman: Dream Country
• The Sandman: Season of Mists
• The Sandman: A Game of You
• Death (Death: The High Cost of Living සහ Death: The Time of Your Life කියන Miniseries එක කියවන්න)
• The Sandman: Fables and Reflections
• The Sandman: Brief Lives
• The Sandman: Worlds’ End
• The Sandman: The Kindly Ones
• Sandman Midnight Theatre (මේක පොඩි කතාවක්)
• The Sandman: The Wake
• The Sandman: Endless Nights – මේක Dream Lord ගැන තියෙන Short Story Collection එකක්
• Sandman: The Dream Hunters – මේක Mini Series එකක් (මේකම novel එකක් වගෙත් තියෙනවා)
• The Sandman: Overture – මේක Prequel Mini Series එකක්

ඊටපස්සේ තියෙන්නේ Sandman Series එකට පස්සේ කොමික්

• The Dreaming (මේක Sandman එකට පස්සෙ Monthly ආව Run එකක්, Sandman Series එකේ පොඩි පොඩි චරිත රඟපාපු අයගේ වටේ තමයි මේ series එක යන්නේ)
• The Dreaming: Beyond the Shores of Night
• The Dreaming: Through the Gates of Horn and Ivory
• The Sandman Presents (මේක 1999-2004 වගේ කාලයේ ආව Anthology Serie එකක්, මේකේ කතා යන්නෙත් Main Series එකේ අපිට දකින්න හම්බුන චරිත වටේ)
• Sandman Presents: Love Street 
• Sandman Presents: Merv Pumpkinhead, Agent of D.R.E.A.M.
• Sandman Presents: Petrefax 
• Sandman Presents: The Corinthian – Death in Venice
• Sandman Presents: Everything You Always Wanted to Know About Dreams… But Were Afraid to Ask 
• Sandman Presents: The Furies 
• Sandman Presents: Thessaly – Witch for Hire 
• Sandman Presents: Bast: Eternity Game 

Independent Stories (මේ සමහරක් ඒවා Series එකට කෙලින්ම සම්බනධ නැති වුණාට Same Universe ඒවා)

• WitchCraft
• WitchCraft: La Terreur (මේ කතා දෙකේ යන්නෙ Three Witchesලා ගැන)
• Destiny: A Chronicle of Deaths Foretold (මේ Destiny වටා යන කතාවක්)
• The Sandman: Book of Dreams (මේක Novel එකක්, මේකේනම් Sandman ගැන එක එක කතා තියෙන්නෙ)
• Sandman Special: The Song of Orpheus (මේක තියෙන්නෙ Greek Myth වල ඉන්න Orpheus ගැන)
• Vertigo: Winter’s Edge #2
• Vertigo: Winter’s Edge #3 (මේකෙයි උඩ එකෙයි යන්නෙ Desire ගැන කතා ටිකක්)
• Vertigo Visions: Prez
• The Little Endless Storybook (මේක ටිකක් වෙනස් ලස්සන කතාවක්, මේක කියවලම බලන්න ඕනේ ඔයාලා)
• Delirium’s Party: A Little Endless Storybook (උඩ කතාවට පස්සේ කතාව)
• God Save the Queen

Dead Boy Detectives (මේ Dead Boy Detectives කියන්නේ Sandman Main Run එකේ අපිට මුණගැහෙන ළමයි දෙන්නෙක්)

• Children’s Crusade
• Vertigo: Winter’s Edge #3
• Sandman Presents: Dead Boy Detectives
• Death: At Death’s Door
• Dead Boy Detectives
• The Dead Boy Detectives Vol. 1: Schoolboy Terrors
• The Dead Boy Detectives Vol. 2: Ghost Snow

The New Sandman Universe (මේ The New Sandman Universe කියන්නේ Sandman සහ Vertigo වල 24 වන අවුරුද්දේ Anniversary එක නිසා Vertigo කොමික් Gaiman එක්ක එකතුවෙලා හැදුව එකක්)

• The Sandman Universe (මේක Oneshot කොමික් එකක්)
• The Dreaming (මේකෙ කතාව යන්නේ අපේ අලුත් Dream Lord වටා)
• The Dreaming: Pathways and Emanations
• The Dreaming: Empty Shells
• The Dreaming: One Magical Movement
• The Dreaming: Waking Hours

ඉතින් මීට අමතරව Sandman Run එකේ ඇති වුණු තවත් ජනප්‍රිය කොමික් ටිකක් පහලින් දාන්නම්. හැබැයි ඒවට වෙනම Reading Orders තියෙනවා.

• House of Whispers
• Lucifer
• Books of Magic
• John Constantine, Hellblazer

ඉතිං මෙන්න මේක තමයි අපේ Dream Lord ගැන කතාව. ඉතින් මේක කියෙව්වම ඔයාලට හිතාගන්න පුලුවන්නෙ මේ Sandman Series එක කොච්චර වැදගත් එකක්ද කියලා 🤩 එන්න තියෙන DC Series or Movie Content වලින් වැදගත්ම එක වෙන්නෙ Sandman Series එක. ඉතින් ඒ නිසා ඔයත් දැන්ම කොමික් කියවන්න ගන්න, මොකද Series එක එන්න කලින් ඔයා කොමික් එක කියවලා රසය විඳින්න ඕනේ 😉❤️

ඒ වගේම ලිපිය ගැන අදහස් යටින් Comment එකක් දාන්න අනිවාරෙන් 💪🏽

තව මේ වගේ ලස්සන ලිපි කියවන්න අපේ Hype zone page එකට සෙට් වෙන්න.

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න, දන්න දේවල් share කරගන්න අපේ HYPE Community එකටත් සෙට් වෙන්න.

තව දෙයක් තියෙනවා. ඔයාලට අපි දාන ලිපි කියවන්න විතරක් නෙමෙයි ඔයා ආස දේවල් ගැන video බලන්නත් දැන් ඔයාලට පුලුවන්, ඒකට අපේ Hype Zone Youtube Channel එකට සෙට් වෙන්න.
https://youtube.com/c/HypeZone

ආහ්…ඒ වගේම අපේ අලුත්ම වැඩේ තමයි Hype Zone web එක .ඉතිං මෙකෙන් ඔයාලට අපේ article ,podcast සහ අපේ youtube video ඔක්කොම බලන්න පුලුවන් .ඒ විතරක් නෙමෙයි comic reading recommendation an geek ලෝකයේ latestම newsත් බලාගන්න පුලුවන් එහෙනම් දැන්ම ගිහින් බලන්න …මෙන්න link එක http://hypezone.lk

එහෙනම් අපි කැපුනා
මම කේශව ❤️
මම අනූපම AKA අලයා ❤️

This Post Has 3 Comments

  1. Chamath Samarasinghe

    ❤️

  2. Andrew ricky

    noice <3

  3. Morpheus

    Sandman / Locke and Key crossover ekak thiyenawa neda?

Leave a Reply