You are currently viewing Comic origin of the Beast Boy

Comic origin of the Beast Boy

මේ දවස් වල හැමෝම වගේ Titans season 3 බලනවනෙ. DC fan කෙනෙක් නම් miss කරගන්නෙ නැතුව අනිවාර්යෙන්ම බලන්න ඕනි series එකක් තමා Titans කියන්නෙ. හරි එහෙනම් මම අද කතා කරන්නෙ Teen Titans group එකේ ඉන්න අපි කැමතිම චරිතයක origin story එක ගැන. ඒ තමා ගාර් ලෝගන් (Gar Logan) එහෙමත් නැත්තං Beast Boy. ❤️🔥

මෙයාගෙ comic origin එක Live Action series එකට වඩා වෙනස්. හරි එහෙනම් කතාවට යමු.මුලින් කිව්වා වගෙ මෙයා Teen Titans group එකේ ඉන්න අපි කැමතියිම චරිතයක් උනාට මුලින්ම Beast Boyව comic වලට අරන් එන්නෙ Doom Patrol team එකේ සාමජිකයෙක් විදිහට (මේක Live Action series එකෙත් මේ විදිහටම පෙන්නනවා.) Beast Boy චරිතය නිර්මාණය කරන්නෙත් Doom Patrol නිර්මාණය කරපු Arnold Drake සහ Bob Brown විසින්ම තමයි. අපිට මුලින්ම Beast Boyව comic එකකින් දැකගන්න පුලුවන් වෙන්නෙ 1965 ආපු Doom Patrol comic series එකේ 99 වෙනි issue එකෙන්. ඒ වගේ එයා Doom Patrol team එකේ officially member කෙනෙක් වෙන්නෙ 100 වෙනි issue එකෙන්. නමුත් කාලයත් එක්ක මෙයා අපි හැමෝම දන්න විදිහට Titansලත් එක්ක කෙනෙක් උනා. ඒවයින් වැඩක් නෑනෙ අපි අද කතාකරන්නෙ Beast Boyගෙ origin එක ගැන මේක අපිට මුලින් බලාගන්න පුලුවන් වෙන්නෙ Doom Patrol 100 වෙනි issue එකෙදි. 🙂

ගාර් පවුලේ අයත් එක්ක ජීවත් උනේ බටහිර අප්‍රිකාවේ. ගාර්ගෙ තාත්තා තමයි මාර්ක් ලෝගන් (Mark Logan). එයා ජීවවිද්‍යාත්මක පරීක්ෂණ සදහා විශේෂඥයෙක්. මාර්ක් මේ වෙනකොට පරිණාමයේ ආපස්සට යන විදිහක් හොයන සමීකරණයක් ගැන පරීක්ෂණය කරමින් හිටියෙ. එයාට ඕනි උනා මේක රෙප්ටයිලීස්ලට (Reptiles) පරීක්ෂා කරන්න වගේම ඒකෙන් එයාලව ආපහු ඩයිනෝසරයන් (Dinosaurs) දක්වා පරිවර්තනය කරන්න. මාර්ක්ගෙ අරමුණ උනේ ඔවුන් ගැන වඩාත් හොදින් අධ්‍යනය කරන්න වගේම පෘථිවියෙන් වදවෙලා ගිය සත්ව විශේෂයන් වලට නැවත ජීවය ලබාදීම. ගාර්ගෙ තාත්තා මේ ව්‍යාපෘතියට පිස්සු වැටිලා හිටියේ ඒ නිසා එයාට එයගේ බිරිඳ සහ ළමයා ගැන බලන්න බැරි වුනා. ඒත් එකදවසක් එයාට මේ සමීකරණ හරියට විසදගන්න පුලුවන් වෙනවා. මාර්ක් මේ සතුටුදායක ආරංචිය එයාගෙ බිරිඳට කියන්න යනකොටම මාර්ක් දකිනවා එයාගෙ බිරිඳ අසනීපෙන් ඉන්න ගාර්ව වැලදගෙන ඉන්නවා.

Mark ~ Marry it’s over we’ve won I finally proved that…wait what is it what’s wrong.

Marry ~ The boy he’s been sick for days. I didn’t want to bother you before but it looks bad now.

[1965 Doom Patrol issue 100]

මාර්ක් Doctor කෙනෙක් නිසා ඉක්මනට ගාර්ව පරීක්ෂා කරන්න පටන් ගන්නවා. මාර්ක් හොයාගන්නවා ගාර්ට Cuccia කියන වයිරස් රෝගය වැලදිලා කියලා. මාර්ක් මේරිට පැහැදිලි කරනවා මේක මැලේරියාවට සමාන උණක් කියලා වගේම මේකට කිසියම බෙහෙතක් නෑ කියලා.

Mark ~ It’s a fiver related to Malaria. That has no known cure there’s not a single recorded case of a human surviving.

Marry ~ What do you mean a human do animals survive.

Mark ~ The West African Green monkey

[1965 Doom Patrol issue 100]

මාර්ක් තීරණය කරනවා එයාගෙ පුතාව බේරගන්න එයාගෙ අළුත් සොයාගැනීම පාවිච්චි කරන්න. පරිණාමයේ ආපස්සට යන්න. The Green monkey. මාර්ක් විශ්වාස කලා ඒකෙන් ගාර්ට ජීවත් වෙන්න තවත් අවස්ථාවක් ලබාදෙයි කියලා. ඒවගේම ඒක හරි ගියා. ගාර් පැය 24කට කොල වදුරෙක් (Green monkey) බවට පත් වුනා. ඒකෙන් එයාට වයිරස් එකට විරුද්ධව සටන් කිරීමේ හැකියාව ලැබුනා. මේ සිදුවීම වලට පස්සෙ ආපහු ගාර් මනුස්සයෙක් වෙනවා හැබැයි එයා හමේ කොල පාට නම් නැති වුනේ නෑ. මේක නිසා මේරි ටිකක් දුකෙන් හිටියේ මොකද එයාගෙ පුතා සමාජෙ අනිත් අයත් එක්ක ගැලපෙන්නෙ නැති නිසා.දවසක් ගාර් ගසකට නැගලා පළතුරු වගයක් කඩ කඩ ඉන්න කොට බිම හිටපු මේරි දකිනවා එයාට දෂ්ඨ කරන්න එන Black Mamba (අප්‍රිකානු මහද්වීපයේ බහුලව වෙසෙන මාරාන්තික සර්ප විශේෂයක් ) කෙනෙක්ව. ඇය කියනවා ගාර්ට පහලට එන්න එපා කියලා. ඒත් ගාර්ට ඕනි වෙන්නෙ අම්මාව බේරගන්න එයාට හිතෙන එකමදේ තමා සර්පයක්ගෙ ජන්මාන්තර හතුරා වෙන මුගටියෙක් ගැන. පොඩි කොල්ලෙක් වගේ හිටපු ගාර් එකපාරටම මුගටියෙක් වෙලා ගහෙන් බිමට පැනලා සර්පයව කෑලි කෑලි වලට ඉරලා දානවා. 😎 ගාර්ගෙ තාත්තා මේක දැකලා ගොඩක් පුදුමයට පත් වෙනවා. මේක ගාර්ව සුවකරන්න ලබාදුන්න ඖෂධයෙන් උන පුදුමාකාර අතුරුඵයක් කියලා එයා දැනගන්නවා.

Mark ~ This is the most fantastic thing in the world. some how the treatment gave our son the ability to change to other forms. this could be a greate advance in human knowledge. But this must be your secret son!. If the world know about it they will do what ever they can to take you from us.

[1965 Doom Patrol issue 100]

මාර්ක් ගාර්ට කියනවා මේක ඔයාගෙ රහසක් කිසිම කෙනෙක්ට මේ ගැන දැනගන්න දෙන්න එපා. මේක මිනිස්සු දැනගත්තොත් ඔයාගෙන් පරීක්ෂණ කරන්න එයාල ඔයාව අපෙන් ඈතට අරන් යයි කියලා.ටික කාලයක් ගෙවිලා ගියාට පස්සෙ අප්‍රිකාවේ වැහිකාලය උදා වෙනවා. වැස්ස ලොකු කාලයක් නොනවත්වාම පැවතුන නිසා විශාල ගංවතුරක් ඇවිත් එයාල නැවතිලා හිටපු camp එක විනාශ වෙනවා. එයාල බෝට්ටුවකට නැගල බේරිලා යන්න උත්සහ කලත් ඒකත් සාර්ථක වෙන්නෙ නෑ. අන්තිමේදි ගාර්ගෙ තාත්තා එයාට කියනවා “කුරුල්ලෙක් වෙලා මෙතින් බේරිලා යන්න මටයි ඔයාගෙ අම්මටයි මේකෙන් බේරෙන්න විදිහක් නෑ” කියලා. අකමැත්තෙන් උනත් ගාර්ට එයාගෙ අම්මවයි තාත්තාවයි දාල ‍යන්න සිද්ධවෙනවා වගේම එයාල වතුරෙ ගිලිලා මැරෙන එකත් ගාර්ට බලාගෙන ඉන්න සිද්දවෙනවා. 💔😥 මෙතනින් ගැලවිලා යනකොට තමා ගාර්ට Doom Patrolලාව හම්බවෙන්නෙ. ඊට පස්සෙ ගාර් Doom Patrol team එකේ සාමජිකයෙක් බවට පත් වෙනවා.

පස්සෙ ආපු comic කිහිපයක origin එක පොඩි පොඩි වෙනස් විම් එක්ක update උනත් මේ විදිහට තමා 1965 ආපු Doom Patrol comic එකේ 100 වෙනි issue එකෙන් Beast Boyව DC universe එකට මුලින්ම හදුන්වා දෙන්නෙ.Beast Boyගෙ powers and abilities ගැන් පොඩ්ඩක් බැලුවොත් සරලවම එයාට පුලුවන් ඕනිම සත්වයෙක් බවට පත්වෙන්න. ඒ විදිහට එයා පත්වෙන ඕනිම සත්වයෙක්ගෙ හැකියාවන් සහ දුර්වලතා එයාට ලැබෙනවා. උදාහරණයක් විදිහට එයා T Rex කෙනෙක් බවට හැරුනොත් එයාත් T Rex කෙනෙක් වගේම ශක්තිමත් වෙනවා. උග්‍ර විෂ සහිත සර්පයෙක් බවට පත්වුණොත් එයාටත් ඒවගේම දෂ්ඨ කරන්න පුලුවන්. ඒත් Beast Boy මොන වර්ගයේ සතෙක් බවට හැරුනත් එයාගෙ පාට වෙන්නෙ කොළ පාටම තමා ඒක නිසා එයාට කොල පාට නොවන වන සත්තුත් එක්ක එකට මිශ්‍ර වෙන්න බැහැ. ගාර්ට හොද combat skill එකකුත් තියනවා. ඒත් Dc Universe එකේම ඉන්න Batman,Nightwing වගේ expertලත් එක්ක නම් compere කරන්නත් අමාරුයි.

Reading Recommendations

▪️Doom Patrol issue 100

▪️Teen Titans by Jeff Jones book 01

▪️New Teen Titans the Judas contract (🔥)

හරි එහෙනම් අයෙමත් Origin Story එකකින් හරි Tv series / Film Review එකකින් මොකක්ම හරි interesting topic එකකින් හම්බෙමු…

Stay Safe Stay Hype

Admin – Pasindu Ransilu

This Post Has 3 Comments

  1. Kisaragetmin

    අනේ ඔයාලට පුළුවන්ද marvel comic beginner කෙනෙක්ට කියවන්න comic ටිකක් ගැන ලිපියක් කරන්න.pls pla😥😥

  2. Ravindu

    Nice Explanation

Leave a Reply to Pasindu Ransilu Cancel reply