You are currently viewing Batman & Bill – Story of an UNSUNG Hero

Batman & Bill – Story of an UNSUNG Hero

1939 ඒ කියන්නෙ අපේ ආච්චි සීය ඉපදුණ අවුරුදු වල තමා මේ බැට්මෑන් කියන එතෙක් මෙතෙක් බිහිවුණු Iconic ම කොමික් Character එක බිහිවෙන්නෙ. සාමාන්‍යයෙන් Fictional ඉතිහාසය ගත්තම අනිවාර්යයෙන්ම Ideal Persona කියල කොටසක් තියෙනවනේ. ඒ කියන්නෙ අර අපි කියන්නෙ Manliest Men නැත්නම් ප්‍රතිමූර්තියක් විදියට සලකන්න පුලුවන් චරිත. කොමික් ගත්තම ඔය ලිස්ට්  එකේ Number 1 ඉන්නෙ අවිවාදයෙන්ම බැට්මෑන්. 😎

දැන් බුරුතු පිටින් පඳුරකට ගැහුවත් සුපිරි වීරයො දහ පහලොස් දෙනෙක් විසිවෙන ලයින් එකේ තිබුණට ඒ කාලෙ ඇත්තටම 1930 ගණන් වෙනකොට Iconic Superhero කෙනෙක්ට හිටියෙ Superman වගේ චරිත කිහිපයක් විතරයි. Superman අතිසාර්ථකත කොමික් චරිතයක්. මේක නිර්මාණය කරපු  Jerry Siegel සහ  Joe Shuster ඉතා ඉක්මනින් ආර්ථික අතින් ස්ථාවර වෙනවා මේ කොමික් එක නිසා. පසුකාලීනව යම් යම් ප්‍රශ්න දාගත්තත් මුල් කාලෙයේ ඉතා සාර්ථකව Comic Artist කියන එක වෘත්තීය කරගෙන ස්ථාවර වෙන්න ඔවුන් දෙදෙනාට පුලුවන් වෙනවා. සතියකට $800ඉක්මවා ආදායමක් ඔවුන්ට එක Issue එකක් වෙනුවෙන් ලැබෙනවා. ලෝක යුද්ධය ඔන්න මෙන්න වගේ තිබ්බ කාලෙක මේ වගේ ආදායමක් ඕනවටත් වඩා වැඩි. 🤨🤨🤨

Joe Shuster and Jerry Siegal,creators of Superman. The illustration of  Superman is by artist Curt Swan. | Superman, Comic book guy, Superman love
Creators of Superman

ඉතින් මේ සාර්ථකත්වය බලාගෙන ඉන්නවා ඒ කාලෙ ආධුනික හැබැයි දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඔහු නමින් Bob Kane. 😐

Batman creator Bob Kane: 5 things you didn't know about the comic artist |  EW.com
Bob Kane

ඔව් අපි දන්නවනේ ඔහු තමා බැට්මෑන් කතාව නිර්මාණය කරන්නෙ. ඔයා මුල් කාලෙ ඉඳන් බැට්මෑන් කොමික්ස් කියවනවනම් අනිවාර්යයෙන්ම මේ නම දැකලා ඇති. ලොකු O අකුරකින් වෙන්වුණ B අකුරු දෙකක් එක්ක තියෙන artsistic signature එකක් ඕනිම බැට්මෑන් comic cover එකක තියෙනවා. ඕනිම බැට්මෑම් කොමික් එකක්, චිත්‍රපටයක කතාමාලාවක Batman Character Created by Bob Kane කියන එක අනිවාර්යයෙන්ම තියෙනවා. මෑතකදි ඔයා Batman Creator කවුද බැලුවොත් අනිවාර්යයෙන්ම මෙයා එක්ක තව නමක් තියෙනවා. ඒ Bill Finger. හැබැයි මම මෙහෙම කිව්වොත් අවුරුදු 75කට වඩා ඒ කියන්නෙ 2014 විතර වෙනකන් මේ Bill Finger කියන චරිතය එක්ක බැට්මෑන්ගෙ කිසිම සම්බන්ධයක් DC එක හරි Bob Kane හරි කියලා නෑ කියලා. ඒ කියන්නෙ මේ මහා Iconic Comic Character එක, මිලියන 500කට එහා කොමික් විකිණිලා බිලියනගණන් හොයපු මූවිස් හදපු මේ legendary icon එක හදපු මනුස්සයාව ඉතිහාසයේ මකලා දාල තිබුණ විත්තිය. ඔව් අද මම ඔයාලට කියන්න යන්නෙ ඒ අනුවේදනීය කතාව.🥺🥺🥺

How creator of Batman was not credited until after he died | Daily Mail  Online
Young Bill Finger

මම කලින් කිව්ව වගේ Superman Create කරපු දෙන්න වෙත මුදල් ගලන් යන හැටි දැකපු Bob Kane කියන තරුණයා හිතනවා තමන්ටත් මේ වගේ චරිතයක් නිර්මාණය කරන්න පුළුවන්නම් තමන්ටත් තමන් හීන දකින ජීවිතය ගතකරන්න පුලුවන් කියලා. ඉතින් එයත් බහිනවා කොමික් කැරැක්ටර් එකක් හදන්න. මෙයාගෙ Idea එක තියෙන්නෙ Batman කියලා Vigilante Type එකක් චරිතයක් හදන්න. කොහොමහරි පොර පලවෙනි Sketch ඇන්දම එයාටම තේරෙනවා යකෝ මේකහරියන්නෙ නෑ කියලා. මොකද එයාගෙ මුල් Batman Design එක තනිකර දැන් අපි දකින Robin වගේ එකක්.😏

ඉතින් එයා මොකද කරන්නෙ එයා යනවා එයාගෙ Creative යාලුවෙක් ගාවට. යාලුවෙක් කිව්වට Friend From Work Type එක්කෙනෙක්. ඒ තමයි Bill Finger. Bill කියන්නෙ ඒ වෙනකොට Bob වැඩකරපු Section එකේම හිටපු Artist කෙනෙක්. වැඩිය ප්‍රසිද්ධියට කැමති නැති පාඩුවෙ වැඩකරගෙන හිටපු ඩයල් එකක්. මීට කලින් ඔය කොමික් චරිත වල එක එක කොටස් නිර්මාණය කරන්න නිර්ණාමිකව දායක වුණ කෙනෙක්. ඒ නිසා මේ වගේ දේවල් එයාට එච්චර දෙයක් වුණේ නෑ. එයා ඉතින් ආවා Bob Kane ව හම්බවෙන්න එයාගෙ Place එකට.

🤨

මම කිව්වනෙ Bob ගෙ Design එක වෙලා තිබුණෙ Batman කියන අපි දකින Appearance එක නෙවෙයි කියලා. ඉතින් මේක දකින Bill මේ චරිතය Creature From Night, රාත්‍රියත් එක්ක ගෑවෙන චරිතයක් ඉතින් මේ Red Costume එක මේක ගැලපෙන්නෙ නෑ. අපි මේක Dark කරමු කියලා අපි අද දකින Black Costume එක දෙකක් දෙනවා. ඒ විතරක් ද අපි අද රොබින්ගෙ දකින Eye Mask එක තමා Bob Batman ට දීල තිබුණේ. මේකෙන් Face එක Expose වෙනව වැඩි. Criminals ල මේකට බය වෙන්නෙ නෑ. ඒ නිසා Devil Horns වගේ Symbolise වෙන අපි දකින Scary Cowl එක බැට්මෑන්ට දෙමු කියලා ඒක Design කරන්නෙත් Bill. ඒ විතරක්ද? නෑ. Bob බැට්මෑන්ට දීලා තිබුණෙ ඔය Bat Wings දෙකක් වගේ ලොකු Kite එකක් වගේ එකක් එයාගෙ පිටිපස්සට Cape එක වෙනුවට සෙට් කරලා. නිකන් Bat කෙනෙක්ගෙ පෙනුම දෙන්න. මේකට වඩා මෙයාට DarkColor Cape එකක් නිකන් වවුලෙක්ගෙ තටු විහිදෙන ලයින් එකට වගේ හොඳයි කියලා ඒක Design කරන්නෙත් Bill. ඒ වගේම අපි දකින Batman Logo එක ඇඳලා ඒක Batman ගෙ Chest එකේ ගහන්නෙත් බිල්. 😑

Did Bob Kane Steal Batman From Bill Finger? - Bold Entrance

යකෝ එතකොට Bob කරපු රෙද්දක් නෑනෙ. අනිවාර්යයෙන්ම ඔයාට එහෙම හිතෙයි. ඔව් Bill ගෙ තමා අපි දකින සම්පූර්ණ බැට්මෑන් Design එකම. අහ් හරි එහෙනම් කතාව Bob වෙන්න ඇති. නෑ ඇත්තටම Bruce Wayne ගෙ parents ලගෙ මරණයෙන් පස්සෙ Batman ට දෙන Origin එකේ ඉඳන් Gotham City, GCPD, Commissioner Gordon, Robin the Boy Wonder, The Joker, Catwoman, the Batmobile, the Bat Cave and countless other element ඔක්කොම design කරලා කතාවට එකතු කරන්නෙ බිල්. 😮😮😮 Batman ට Dark Knight කියල ඉස්සෙල්ලම Addres කරන අදහසත් එයාගෙ.

ඉතින් මේ අදහස් හුවමාරුවෙන් පස්සෙ බොබ් එකඟ වෙනවා එයාගෙ මුදලෙන් කොටසක් බිල්ට දෙන්න. දෙන්න එතන එකඟ වෙලා දෙපැත්තට වෙනවා. කිසි contract එකක් නෑ. මොකද බිල්ට මේක පුරුදුයි. කවුද දන්නෙ මේ කෝලමක් ඇඳලා තිබුණ ඩයල් එකට එය අඳින චරිතය දශක 8කට වැඩිය පවතින පුරාවෘත්තයක් වෙයි කියලා. 🥺

ඉතින් කොහොමහරි Bob මේ Character එක එයාගෙ Publisher ට දීලා Deal එක close කරනවා. Bill ගැන mention වෙන්නෙත් නෑ. Bob කතාවෙ Creator විදියට cover එකේ වැටෙනවා.

The Rest is History. 😏

ඇත්තටම Bill මේකට contribute වුණා කියන එක ඒ වෙනකොට Detective Comics වල ගොඩක් අය දැනගෙන හිටියා. හැබැයි ගොඩක් අයට ඒක ගැන කරන්න දෙයක් තිබුණෙ නෑ. නිකන් වාචික එකඟතාවක් විතරක් තියෙන නිසාත් කොහොමත් Publication එකට මේවගෙ ඇත්ත creator කවුද කියන එක හාර හාරභොයලා සල්ලි බෙදන්න අමාරුවක් නැති නිසාත් ඔක්කොටම වඩා Bill කියන්නෙ Financially Down වුණ මේවට Legal Action එකක් ගන්න බැරි තත්වෙක හිටපු නිසාත් එයාගෙ Credit එක ඒ ක්ශේත්‍රයේ කිහිපදෙනෙක් අතරට විතරක් සීමා වුණා.😑

අනිත් පැත්තෙන් බැට්මෑන් එක්කම Bob Kane දැවැන්ත චරිතයක් බවට පත්වෙනවා. මම කලින්ම කිව්වා වගේ Bob කියන්නෙ Money Making Scheme එකක් මත ෆීල්ඩ් එකට ආපු කෙනෙක්. ඔයාල දැන් Bob Kane ගෙ Interview එකක් බලල Jim Lee, Stan Lee, Frank Miller වගේ වෙන කොමික් ආටිස්ට් කෙනෙක්ගෙ Interview එකක් වගේ බලන්නකෝ. කොච්චර ධනවත් වුණත් එයාල කොයිවෙලාවකවත් Money over Art කියන දේ පෙන්නන්නෙ නෑ. ගොඩක් Creativity කියන දේ තමා එයල හැම වෙලාවෙම කියන්නෙ. හැබැයි Bob ගත්තම එයා හැමවෙලාවෙම එයාගෙ welath එක ගැන එයාට මේ අදහස් දෙවියො කණට කොඳුරපු හැටි ගැන වගේ එක එක ටිකක් Rude සහ Arrogant විදියෙ අදහස් තමා පළකරල තියෙන්නෙ. කොටින්ම bill Finger ව නිකන්වත් mention වෙන්නෙ නෑ. කොටින්ම Bill ගෙනාපු අදහස් එයා ගෙනාපු විදියට එයා එක එක කතා පවා ගොතනවා. කොටින්ම Bill ඇඳපු බැට්මෑන් Outlook එක පවා එයා තමන් අවුරුදු 14ක පොඩි කොල්ලෙක් විදියට ඇඳපු ඒවා කියලා Sketches පවා එයා පෙන්නනවා. 🤐

හැබැයි ඔය අතරෙ Bill යම් මට්ටමකට Batman Creator කෙනෙක් විදියට එලියට එනවා. එයා එයාගෙ දායකත්වය ගැන Newspaper Column එකකටන්ලියනවා. හැබැයි ඒක පලවුණ වහාම Bob Kane බැට්මෑන් සම්බන්ධ හැම අදහසක්ම තමන්ගෙ කියලා Legal Statement එකක් එලියට දානවා. බැට්මෑන් creator විදියට මේ වෙනකොට සෑහෙන ලෙවල් එකක ඉන්න Bob එක්ක හැප්පෙන්න එදාවේල හම්බකරගන්න කතාලියන බිල්ට කීයටවත් හම්බවෙන්නෙ නෑ. ඉතින් එයා පැත්තකට වෙනවා. 😑

60 දශකයේ Adam West ඉන්න Batman TV Series එකත් එක්ක Bob ගෙ Celebrity Level එක කඩාගෙන ඉස්සරහට එනවා. කොටින්ම හොලිවුඩ් නලුවෙක් වගේ තමා පොර හිටියෙ. ඇත්තටම එයා කොයි වෙලාවකවත් බැට්මෑන් චරිතයේ අයිතිය කාටවත් සම්පූර්ණයෙන්ම පැවරුවේ නෑ. ඒ කියන්නෙ එයා බැට්මෑන් අඳින එකෙන් අයින්වුණාට පස්සෙත් මැරෙනකන්ම ආපුහැම බැට්මෑන් මූවිස්, කොමික්ස්, tv shows හැම එකෙන්ම එයාටත් ලාබයක් වගේම credit එකක් හම්බවුණා. ඒ අතර Bill ත් පොඩියට ඔය TV series එකට දායක වෙනවා. ඒක ගැන එයාගෙ යාලුවෙක් වුණ  Charles Sinclair එක්ක මෙහෙම තමා කියන්නෙ. 🙂

“ඇත්තටම බැට්මෑන් ගැන සෑහෙන අවබෝධයක් Bill ට තිබුණා. ඒ අවබෝධය තියෙන්න නම් එයා අනිවාර්යයෙන්ම බැට්මෑන් නිර්මාණය කරන්න දායක වෙලා තියෙන්නම ඕනි. අපි එපිසෝඩ් එක අවසානයේ Credit සීන් එක  edit කරගෙන ඉන්නකොට එයා එකපාරම බිම බලාගෙන ඉන්නවා මම දැක්ක. මම ඇහුවා ඇයි කියලා. එයා ටිකක් මැලිවෙලා ඇහුවා Writer විදියට එයාගෙ නම ඉස්සරහට ගන්න පුලුවද කියලා. ඒ කියන්නෙ මගෙ නමටකලින් එයාගෙ එක. මට ඒ වෙලාවෙ තේරුණා මේ මනුස්සයට මේ Credit එක ලැබෙන්නෙ නැති එක කොච්චර රිද්දලාද කියන එක. ඒත් අපි කාටවත් කරන්න දෙයක් තිබුණෙ නෑ.”

Bill ජීවත් වෙලා ඉන්න කාලෙ එයාට ලැබුණ හොඳම ගෞරවය කියලා මට හිතෙන්නෙත් ඔය එපිසෝඩ් එකේ Credit එක ලැබෙන එක තමා. Riddler වගේ Characters වල co creator විදියට වෙන Artists ල ඇඳපු side stories වල පොඩියට් මෙයාව මෙන්ශන් වෙල තියෙනවා 60 ගණන් වල. හැබැයි කවදාවත් බැට්මෑන්ට මෙයාගෙ දායකත්වය පිලිගැනුණේ නෑ.🥺🥺🥺

කොහොමහරි 74දි විතර අන්ත දිලින්දෙක් විදියට Bill මිය යනවා. එයාගෙ පවුලේ කවුරුත් funeral එකටවත් එන්නෙ නෑ. කොටින්ම එයාගෙ Tombstone එකත් ඔය Homeless මිනිස්සුන්ගෙ අංක ගහල වලදාපු සොහොනක තමා වළදාන්නෙත්. 😐

ඒ අතරෙ බොබ් කේන් තවත් Fame එකේ ඉස්සරහට යනවා. හැබැයි 80ගණන් වල ඒ කියන්නෙ 89 බැට්මෑන් මූවි එක එන්න ළංවෙනවත් එක්කම එයා පොඩියට Bill ව මෙන්ශන් කරනවා පලවෙනි වතාවට. ගොඩක්ම බිල් මැරිලා නිසා ඒ වෙනකොට වෙන්න හානියක් නෑ කියලා තේරුණ නිසා වෙන්න පුලුවන්. එයා Bill ග කැපවීමට හරිතැන ලැබුණේ නැති එක ගැන අයා කණගාටුවෙනවා කියලා එහම ප්‍රසිද්ධියේ කියලා තිබුණා. That audacity 😏😏😏 යකෝ අපිද කරේ ඒක 🤬🤬🤬  හැබැයි කොයිවෙලාවෙවත් එයා බැට්මෑන් co creator කියලනම් bill ව හඳුන්වන්නෙ නෑ. එච්චර පරිස්සම්.

89 ඉඳන් ආපු බැට්මෑන් මූවිස් එක්ක Bob Kane කියන්නෙ ධනකුවේරයෙක් වෙනවා. 😏 එයා 98දි විතර මියයන්නෙත් මහා ධනවතෙක් විදියට.

Bob Kane, Bruce Wayne & Batman. They are one and the same.

Bill ව cremate කරලා අංකයක් එක්ක tombstone එකක් ලැබෙනකොට Bob ගෙ සොහොන් කොතේ ගැහුණේ අර වගේ දෙයක්.😑

Derf Backderf on Twitter: "The most obnoxious grave in comics history. Bob  Kane's headstone.… "
Bob Kane Grave

කොහොමහරි අවුරුදු ගාණකට පස්සෙ Marc Nobleman කියන Writer කෙනෙක්ට මේ සීන් එක අහුවෙනවා. Bill ට වුණ අසාධාරණය. Marc කියන්නෙ Comic Writers ල ගෙ Unsung Stories ගැන පොත් ලියන කෙනෙක්. ඉතින් එයා ඔය Batman ගෙ Creation එකේ තියෙන Mysteries ගැන හොය හොය ඉන්නකොට එයාට මේ Bill Finger කියන නම එයාට අහුවෙනවා. බැට්මෑන් ගැන හොයාගෙන යද්දි එයාට සෙට් වෙනවා 1965 තිබුණ පලවෙනි කොමික් කොන් එක. ඒකෙ බැට්මෑන් පැනල් එකට බැලුවම මෙන්න යකෝ බැට්මෑන් creator විදියට ඉන්නෙ Bill Finger. WTF??? ඔහොම හිතෙන්න ඇති Marc ටත්.

මතකද මම කිව්ව Bob කවදාවත් Bill Batman Creator කියල Address නොකරට ඒක එයාලගෙ industry එකේ එක විදියක ප්‍රසිද්ධ රහසක් කියලා. Batman ට character rights නොතිබුණාට බිල් පුලුවන් හැම වෙලාවකම මේ වගේ බැට්මෑන් ගැන එයාගෙ අත්දැකීම් බෙදාගන්න මැලිවුණෙ නෑ. අනිත් එක 1965 වෙද්දි comic con කියන්නෙ Experimental Level එකේ ඉවෙන්ට් එකක්. ඕකෙ Bill ව ගෙන්නන එක ගැන DC එකෙන් වැඩිය හිතන්නත්  නැතුව ඇති. කොහොම හරි Marc ට වැඩේ මාට්ටු වෙනවා.😍

Marc Tyler Nobleman | HMH Books
Marc Nobleman

Marc මෙතනින් නවතින්නෙ නෑ. පොර බලනවා Bill ගැන හොයන්න. හැබැයි ඉතාම අඩු දත්ත ටිකක් තමා එයාට හොයාගන්න වෙන්නෙ. කොටින්ම මුලින් එයාට හම්බවෙලා තියෙන්නෙට්න් මෙයාගෙ photos 2ක් විතරයි. DC එකේ කොහෙවත් එයගෙ Batman ගෑවුණ තැනක සඳහනක් නෑ. කොහොම හරි මෙයා වෙන වෙන පැතිවලින් ඒ කාලෙ DC Artists ලව එහෙම සෙට් කරගෙන මේ සීන් එක තහවුරු කරගන්නවා. එයාට එක තැනක සෙට්වෙනවා Michael Uslan සහ Roy Thomas. Michael කියන්නෙ මුල් කාලෙ ආපු බැට්මෑන් මූවිස් වල Producer කෙනෙක්. එයා තහවුරු කරා එයාට DC එකේ Executive කෙනෙක්ම බැට්මෑන් Creator විදියට Bill ව හඳුන්වලා දුන්න කියන එක. Roy ත් ඒකම තහවුරු කරා. එයා DC එකේ ඒ කාලෙ editor කෙනෙක්.කොහොමහරි ඔන්න වැඩේ Confirmed🔥

ඉතින් ඔයාල හිතනවා ඇති ඇයි යකෝ මෙච්චර දැනගෙනත් Bill ට officially credit එකක් නොදුන්නෙ කියලා. ඇත්තටම අහක යන දෙයක් ඇගේ දාගන්න DC එකට උවමනාවක් වුණේ නෑ කියලා තමා මට හිතෙන්නෙ. කොහොමත් Bob ට සෑහෙන්න ගෙවීමක් ඒ වෙනකොට එයාල කරනවා. Bill ටත් ගෙවහන්කෝ.😂 අනිත් එක හැමෝම දැනගෙනහිටියට මේක Bob පිලිගන්නෙත් නෑ. Bill ට ඇක්ශන් එකක් ගන්න සල්ලි බාගෙත් නෑ. අනිත් එක එයාට මේක ඔප්පු ලරන්න Documents මුකුත් නෑ. ඒ නිසා Bill හැමදාම සාමාන්‍ය ghost writer කෙනෙක් වුණා DC එකට. අතරින් පතර Batman Writer විදියට සෙට් වෙලා තියෙනවා.

ඉතින් Marc බලනවා මෙයාට ලැබෙන්න ඕනි තැන දෙන්නෙ කොහොම ද කියලා. මේ සීන් එක හොයන්න එයා ඒ සම්පූර්ණයෙන්ම කැප වෙනවා. කොටින්ම Bill Finger ගෙ පලවෙනි Wife, Second Wife, Bill ග පුතා මේහැමෝගැනම මෙයා ඉන්න තැන් හොයාගන්නෙ 1930-74 වෙනකන් තිබුණ හැම Phonebook එකක් සහ yellow page books ඔක්කොම A-Z බලලා. හිතාගන්නකෝ කැපවීම🔥

කොහොමහරි එයාගෙ අරමුණ තමා බැට්මෑන් ගෙ credit එක bill ට හිමිකරලා දෙන එක. ඒක එයාට කරන්න බෑ. Legally ඒක claim කරන්න ඕනි bill ගෙ පවුලෙන්කෙනෙක්. එයාට හොයාගන්න පුලුවන් වෙනවා Bill ගෙ පලවෙනි wife නැතිවෙලා කියලා. Second Wife හම්බවෙන්න ගියාම එයාගෙ වැඩිය උවමනාවක් නෑ DC එක එක්ක හැප්පෙන්න යන්න. මොක්ද එයා ඊට කලින් Bill ට මේ credit එක 89 බැට්මෑන් මූවි එකේදි දෙන්න උත්සහකරලා තියෙනවා එයාල්ව contact කරගෙන. ඒක හැබැයි සාර්ථක වෙන්නෙ නැති නිසා එයා ඒගැන ආපහු උත්සහ කරන්න හිතන්නෙ නෑ.😬😬

Marc හොයාගන්නවා Bill ගෙ පුතා Fred ගැන. අවාසනාවට එයා සමලිංගිකයෙක්. ඒ නිසා දරුවන් නැතුවම එයා Aids වලින් මියගියා කියලා තමා ආරංචි වෙන්නෙ. හැබැයි එයාගෙ මරණ දැන්වීම් තීරයක එයාගෙ Cousins ල වගයක් contact කරගන්න එයාට පුලුවන් වෙනවා.හිතන්නෙ වත් නැති දෙයක් තමා ඒ cousins ලගෙන් එයාට අහන්න හම්බවෙන්නෙ. Fred has a daughter. He had a wife before he became gay.

ඉතින් මේ දුවව හොයාගෙන යනවා මාක්. යකෝ බලනකොට දුවගෙ බල්ලගෙ නමත් Bruce Wayne. හිතාගන්නකෝ පරම්පරා කීයක් Bill Batman Creator කියලා ඔප්පුකරගන්න බැරුව විඳවලාද කියලා. ඉතින් කොහොමහරි මෙතනදි Athena Finger කැමතිවෙනවා සෑහෙන Effort එකකට පස්සෙ මේකට ඉදිරිපත් වෙන්න. හැබැයි කලින්වගේ නෙවෙයි දැන් DC එක Warner Media එකට අයිති. මේක කෙලවුණොත් කලුගලේ ඔලුව ගහගත්ත වගේ තමා. Warner bro ල දන්නවනේ.

මේක ඉතින් WB ල සන්තෝසමක් දීලා සමාදානයෙන් ඉවරකරගන්න බලනවා. ඇත්තටම Credit එකක් ලැබෙන්නෙත් නෑ. Athena ත් මැදිවියේ ඉන්නෙ මේ වෙනකොට. ඒ නිසා එයා මේකට ලොකුවට involve වෙන්නත් කැමති නෑ. ආපහු එයා පස්සටවෙනවා.

Athena Finger (@AthenaFinger) | Twitter
Athena Finger

හැබැයි මාක් මේ වෙනකොට එයාගෙ Bill The Boy Wonder කියන පොත මේ සිද්ධිය සාක්ශි එක්කම Illustrate කරලා පෙන්නනවා. ඉතා හොඳ ප්‍රතිචාර මේකට ලැබෙනවා. Steve Smith එක්ක Podcast එකක් කරනව මෙයා. ඒක සෑහෙන්න Viral වෙනවා. Ted Talks Show එකෙත් එපියකට එයා සෙට් වෙනවා. කොහොම හරි Bill Finger කියන චරිතය Die Hard DC Fans ල අතර ලොකු කතාබහක් ඇතිවෙනවා. Athena පැත්තකට වෙලා හිටියට DC Fans ල සෑහෙන්න මෙයාව Contact කරගෙන එයා එක්ක ඉන්නවා. ඒ වගේම Comic Con වලටත් එයාට Invites එනවා. Adam West වගේ අය පවා එයාව හම්බවෙන්න එනවා. කොහොමහරි මේක එහෙම ඉවරවෙන්නෙ DC Fans ල DC Comic එකෙන් මේක ගැන ප්‍රශ්න කරන්න පටන්ගත්තම. ඕක සැරටන යනවා. ඒ අස්සෙ හිතට හයිය අරන් Law Suit එකක් දානවා Athena. ඒක Settle වෙනවත් එක්ක Batman පලවෙනි කොමික් එක ඇවිල්ල අවුරුදු 75කට විතර පස්සෙ Bill Finger කියන්නෙ Batman Co Creator කෙනෙක් කියලා Credit එක ඉස්සරහට එන හැම බැට්මෑන් නිර්මාණයම ලබාදෙන්න DC ල එකඟ වෙනවා. Gotham Series එකේ අලුත් සීසන් එකේ ඉඳන් BvS වගේ Adaptations වලත් මේ Credit එක දෙන්න කටයුතු කෙරෙනවා.

Amazon.com: Bill the Boy Wonder: The Secret Co-Creator of Batman:  9781580892896: Marc Tyler Nobleman, Ty Templeton: Books
The Book Published by Marc Nobleman

මේකෙන් පස්සෙ ඇත්තටම කියන්න තියෙන්නෙ Real Life Batman Type එක්කෙනෙක් තමා Marc Nobleman කියන එක. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Noble Man කෙනෙක්.

ඇත්තටම මට අන්තිමට කියන්න ඕනි Bob Kane ගැන මේක ඇහුවට පස්සෙ පට්ට කේන්තියක් ආවට Batman ගෙ Cartoonist විදියට එයාකරපු මෙහෙයත් ප්‍රශංසනීයයි. බැට්මෑන් franchise එක මේ දක්වා විහිදෙන්න එයාගෙ මැදිහත්වීම අතිශය වැදගත් සාධකයක්. අනිවාර්යයෙන්ම එයා කරපු දේ වැරදි. Bill ටබ්කරපු දේ unforgivable. නමුත් Batman ගෙ Co Creator කියන තැන එයාටත් ලැබෙන්න ඕනි. මොකද Bob නැත්නම්කවදාවත් Bill Batman Story එක ලියන්නෙ නැතිවෙන්න තිබුණා.

ඉතින් මේ කතාව 2017 ආපු Batman & Bill කියන Documentary එකේ තියෙනවා. ඒකත් බලන්න. මම ඒක වගේම  SBS Guide එක සහ Steve Smith ගෙ මේ අදාළ podcast එපිය Refer කරා මේ ලිපියට.

අන්තිමට කියන්න තියෙන්නෙ ඉතිහාසයේ මේ වගේ Unsung Heroes ල මැකිලා ගිය මකලා දාපු වැරදියට interpret කරපු කට්ටිය කොච්චර ඇතිද? මේ එක්කෙනෙක් විතරයි. ඒ වගේ credibility එක නොහිතා කලාවෙ උන්නතියට් මේ වගේ කරපු මෙහෙයට Bill Finger ට මේ ලිපිය පොඩිහරි සාධාරණයක් කරානම් ඒ ඇති. 😍

තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone  page එකටත් සෙට් වෙන්න

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

Leave a Reply