You are currently viewing Bat man🦇නයිට්වරයාගෙ උපත

Bat man🦇නයිට්වරයාගෙ උපත

මේක අවුරුදු 80 ට කලින් සිදුවුන දඩයමක් ගැන කතාවක්.. හරියටම 1939 ට කලින් සිදු වුන කොමික් ඉතිහාසයේ නොමැකෙන සංධිස්ථානයක් තබපු දඩයමක්…

දඩයම් මාලාවේ අවසන් ප්‍රතිඵලය වුනේ Dc Comic විශ්වයේ අද්විතීය වීරයා වුන #Batman ගෙ උත්පත්තිය සිදුවීම.

            #Bob_Kane සහ #Bill_Finger තමයි මෙම නොවැරදුනු දඩයම කරපු දඩයක්කරුවන් දෙදෙනා.. අද වෙන විට ලෝක ඉතිහාසයේ Batman කියන චරිතය පුරාවෘතයක් බවට පත් වෙන විදියට නිර්මාණය කිරීම සම්බන්ධයෙන් Bob & Bill මහත්වරුන්ට අපගෙ හදපිරි ගෞරවයත් මේ එක්කම පිරිනමමු..

⭕ Bob kane මහත්මයා කියන්නෙ ලෝකප්‍රකට සිත්තර ලියනාඩෝ ඩා වින්සි ගෙ සිතුවම් බොහොම ගැඹුරුව අධ්‍යනය කරපු කෙනෙක්… ඩා වින්සි මහතාගෙ වවුල් පියාපතක හැඩය තිබුන සිතුවම Bob kane මහත්මයගේ ඔළුව ඇතුළටම කා වැදිලා තිබුන නිසා එම ආශ්‍රයෙන් කෙදිනක හෝ තමන්ගෙ ස්වනිර්මාණයක් කිරීමේ ආශාවෙන් මුල් කාලයේ පෙළුන බව සදහන් වෙනවා…

          Batman  නිර්මාණය කිරීමේ කටුයුත්ත වෙනුවෙන් ඒ වෙනකොට කොමික් ලෝකයේ සහ සාහිත්‍ය ලෝකයේ නිර්මාණය වෙලා තිබුන චරිතයන් පිළිබදව Bob & Bill මහත්වරු වැඩිපුර අධ්‍යනයක් කරල තියෙන බව පැහැදිළියි..

                විවිධාකාර කොමික් සහ සාහිත්‍ය චරිතයන්ගෙ විවිධාකාර ලක්ෂන එකතු කරමින් නව සුපිරි වීර චරිතයක නිර්මාණයක් කරා යන දඩයම් මාලාවේදි ගොදුරු බවට පත් වුන Comic සහ සාහිත්‍ය  චරිතයන් ගැන තමයි මේ ලිපිය…

⭕ #D’Artagnan (The three musketeers)

The Three Musketeers නවකතාවේ ප්‍රධාන චරිතය තමයි D’Artagnan
(Charles de Batz Castelmore ‘d’artagnan) කියන්නෙ… සෙට් එකේ ලොක්කා මෙයා තමයි ඉතින්.. D’Artagnan කියන්නෙ බුද්ධිමත් නිර්භීත Swashbuckler කෙනෙක්.. (කඩු ෆයිට් කරන එකෙක් කියල තේරෙන විදියට ඔළුවට දාගනිල්ලකො)..

            මේ ඩයල් එකගෙන් අපේ බැට්සිට නිර්හීතකම, බුද්ධිමත්බව සහ අසාධාරණයකදි පෙරමුණට යන ගති ලක්ෂන යොදා ගැනීම Bill & Bob මහත්වරු තීරණය කරා ලු..

         කාලයක් යනකොට අද තත්වය බැලුවම Batman සහ D'Artagnan අතර සැළකිය යුතු වෙනස්කම් තිබුනත් ඔවුන් දෙදෙනාම තමන්ගෙ ජීවිතය පරදුවට තබමින් තමන්ගෙ mission  එක කරන ආකාරය බලාගන්න පුළුවන්..

⭕ #Falsh_Gorden

     ශ්‍රේෂ්ඨ කලාකරු Alex raymond මහතා විසින් 1934 නිර්මාණය කරපු Flash gordon කියන්නෙ Dc විතරක් නෙවෙයි සමස්ථ සුපිරි වීර ලෝකයන් ගණනාවක් අද අපි දකින විදියට හැදෙන්නෙ Base වුන චරිතයක්.. අපේ සුපී සහ Hawkman හැදෙන්නෙ Flash gordon පාදකකොට ගෙන කියල කියනවනෙ..

             Alex raymond ගෙ Diehard රසිකයෙක් වුන Bob kane මහත්මයා විසින් මුල් කාලීනව Raymond මහතාගෙ ශෛලිය අනුකරණය කරමින් Batman comic ඇදපු බව සදහන් වෙනව...

        Batman පළමු Comic Cover එක Flash gordon හට උපහාරයක් විදියට නිර්මාණය කරපු බවත් සදහන් වෙනව..

             Comic ඉතිහාසයේ ප්‍රබල චරිත රැසකට මූලාරම්භයක් වුන Flash gordon ව Live action සිනමා පටයකට හෝ අද වෙනකම් නිසි පරිදි නිර්මාණය වෙලා නැති බවත් කණගාටුවෙන් කියන්නම වෙනව. 

⭕ #Lone_Ranger

           Lone ranger කියන්නෙ මුල් කාලයෙ ගුවන් විදුලි නාට්‍යයක චරිතයක්..  ඊට පස්සෙ Pulp magazine Comic විදියට පළවෙන කාලයේ දි ලොකු Fan base එකක් හදාගෙන හිටපු චරිතයක්.. 

        Bob & Bill මහත්වරු මෙම Lone ranger චරිතයෙ රසිකයො දෙදෙනෙකු වුන නිසාම තමන්ගෙ Batman චරිතයට Rangerගෙ චරිත ලක්ෂනත් එකතු කරගෙන තියෙනව.

        Lone ranger කියන්නෙත් තමන්ගෙ සැබෑ අනන්‍යතාවය බාහිර සමාජයෙන් සගවගත්ත චරිතයක්..  Mask එකක් භාවිතා කරපු චරිතයක්.. බාහිර සමාජයෙන් තමන්ගෙ අනන්‍යතාව සගවාගත්ත මුල් කාලීන වීරයො අතරින් කෙනෙක් තමයි Lone ranger කියන්නෙ...

          ඒ වගේම තමන් මැඩලන අපරාධයන්හි අපරාධකරුවන්ව යම්කිසි සදාචාර පද්ධතියකට ගොනු කරගනිමින් තමයි යටත් කරගෙන තියෙන්නෙත්…

( No killing ) මෙන්න මේ චරිත ලක්ෂනය අපේ බැටා ළග තියෙන්නෙත් Lone ranger චරිතයෙන් ලබාගත්ත ආභාෂය නිසා..

⭕ #The_Bat

         විශිෂ්ථ ලේඛක #Johnston_McCully නිර්මාණය කරපු එක Pulp magazine Comic 

චරිතයක් තමයි The bat කියන්නෙ… වවුල් අනන්‍යතාවයකින් කළඑළි බැහැපු මුල් කාලීන චරිතයක් තමයි මේ ඩයල් එක..

       තමන් නොකරන ලද මිනීමැරුම් චෝදනාවකට ලක් වෙන මාධ්‍යවේදී චරිතයක් සහ පසුව ඔහු රහස් අනන්‍යතාවයක් සමග ඔහුගෙ පළිගැනීම කරන ආකාරය තමයි මේ කතා මාලාවෙ දක්නට ලැබෙන්නෙ.. බැටා ට මදක් සමාන වෙස් මුහුණක් තමයි තමන්ගෙ රහස් අනන්‍යතාවය වෙනුවෙන් මේ චරිතෙ භාවිතා කරල තියෙන්නෙත්…

           Bob kane මහත්මයාගෙ Da vinci සිතුවමෙන් සිතට ආව අදහස මෙම චරිතයෙන් ටිකක් වැඩි දියුණු වුනා කියල අපිට හිතාගන්න පුළුවන්.

⭕ #Dracula

        මේක නම් එක්තරා ආකාරයක Fanmade theory එකක්..  නමුත් Dracula චරිතයේ බිහිසුනු අදුරු බව යම් විදියකින් හෝ Batman චරිතයට ආදේශ වුනා කියල පිළිගන්න බැරිකමකුත් නෑ…

        Bob & Bill මහත්වරුන් මේ ගැන නිසි ප්‍රකාශයක් කරල නැතත් ඔවුන් Draculaගෙ Gothic culture එකට කැමති බව කියල තියෙනවා. 

     පසු කාලීනව Batman vs Dracula කතාංගයන් පවා නිර්මාණය වෙලා තියෙන බවත් මතක් කරන්නම ඕන.. මොකද චරිත දෙකම ලස්සනට යොදාගෙන මාරම Fantacyක් ගොඩනගන්න පුලුවන් ඕනම විදියකට..

⭕ #The_Whisperer

        The whisperer කියන්නෙත් Pulp magazine character එකක්.. පොලිස් නිළදාරියෙක් තමන්ගෙ රාජකාරියට අමතරව යුක්තිය වෙනුවෙන් රාජකාරියෙන් බැහැරව වුනත් ක්‍රියාත්මක වෙන විදිය තමයි කතාව පුරාම තියෙන්නෙ...

          මුල් කාලීනව Comic මාලාව කොහොම වුනත් පසු කාලීනව Commissioner James gordon ගෙ චරිතයට මෙන්න මේ Whisperer කියන චරිතය සම්බන්ධ කරගත්ත බවක් බලාගන්න පුළුවන්.. 

         ඇත්තටම The whisperer කියන චරිතය නිර්මාණය කරන්නෙ කවුද කියන දේ සම්බන්ධව ගැටළු තියෙනව..  Lawrence Donovan විසින් රචනා කරා කියල සමහර අය කියද්දි බහුතර මතයක් තියෙනව මෙම නිර්මාණයත්  Johnston McCully මහතාගෙ නිර්මාණයක් කියල.. මොකද කතාව ගලාගෙන ආකාරයේ තියෙන්නෙ McCully මහත්මයගෙ ශෛලිය... 

⭕ #Doc_Savage

      Stan leeගෙ අදහස අනුව නම් Doc Savage කියන්නෙ Modern day superhero කෙනෙක්…

               Doc savage කියන්නෙ ධනවත් චරිතයක්.  Martial arts ගණනාවක ප්‍රවීනයෙක් විදියට හදුන්වන්නත් පුළුවන්..

      'The world's greatest detective' කියන අන්වර්ථ නාමයෙන් ඒ දවස් වල Comic ලෝකයෙ හැදින්වූයේ Doc Savage ව තමයි.. පස්සෙ ඒක බැට්සි ගත්තනේ...😌

             Bob & Bil විසින් Doc savage ගෙන් ලබාගත්තෙ ඔහුගෙ තාක්‍ෂණික දැනුම භාවිතා කිරීමේ හැකියාවේ ලක්ෂණ යි.. මොකද Doc savage කියන්නෙ විවිධාකාර ගැජට් භාවිතා කරන චරිතයක්.. බැටා ට ත් මෙන්න මේ ලක්ෂනය එන්න Doc savage හේතුවක් වුනා කියල හදුන්වන්නත් පුළුවන්.

⭕ #Black_Bat

          Black bat කියන්නෙ මතහේදාත්මක සිදුවීම් වලට මුහුණ දුන් චරිතයක්.. මේ චරිතය සම්බන්ධව නීතිමය ගැටළුත් තියෙනව. 

         Black bat ගෙ Origin storyය Two face ගෙ කතාවට සමාන වෙන අතර චරිතයේ විකාශනය Daredevil ට සමානකමක් දක්වනව..

         එක් අවස්ථාවක දි Bill finger මහත්මයා Bob kane මහත්මයට පවසා තිබෙනව මෙම Black bat ගෙ Gloves විදියට බැට් මෑන්ගෙ Gloves දෙකත් සිතුවම් කරන්න කියල…

     විවිධාකාරව අයිතීන් සම්බන්ධ ගැටළු නිසා ම Black bat Comic නැවතුනත් එම චරිතය නිසා මූලාරම්භයක් ගත් සෙසු කොමික් චරිත නම් සීග්‍ර දියුණුවක් අද වෙන විට ලබාගෙන ඇති බව දැක ගැනීමට හැකියාවක් නම් අපිට තියෙනව…

⭕ #Sherlock_Holmes

Bill finger කියන්නෙ Sherlock holmes ගෙ ලොකු රසිකයෙක්.. ඒ නිසාම බැට්මෑන් වෙත රහස් පරීක්ෂකභාවයක් ආරෝපණය කරන්න සහ පරිණත බුද්ධියක් එකතු කරන්න හේතු වුනේ sherlock holmes තමයි..

80 දශකයේ දී ලේඛක Mike w. Barr සහ චිත්‍ර ශිල්පී Alan davis විසින් බැට්මෑන් සහ ෂර්ලොක් හෝම්ස් ඇතුළත් Detective Comic එකක් රචනා කරල ත් තියෙනව..

⭕ #The_Phantom_Detective

           1933 දි එළි දැක්වුන තවත් Pulp Comic චරිතයක් තමයි Phantom detective කියන්නෙ..

        කතාවෙ විදියට ඩයල් එක වෙස් වලා ගන්න මාරම දක්ෂයි.. ඒ වගේම ධනවත් පුද්ගලයෙක්. තමන්ට ම කියල Secret Lab එකක් තිබුන චරිතයක්..වඩාත් විශේෂිතම දේ තමයි තමන් වගේම අයුක්තියට විරුද්ධව සටන් කරන සෙසු චරිතයන් තමන් වටේ එකතු කරගන්නත් Phantom detective සමත්වීම කියන කරුණ.. හරියට බැට්සි Justice league එක්ක එකතු වෙන විදිය වගේ...

          තවත් විශේෂිත කරුණක් තමයි නගරයේ Police Tower මත සවි කරපු Red light signal එක.. පොලිස් නිළධාරීන්ට සහ ඇතැම් මාධ්‍යවේදීන්ට තමාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් Red light signal දෙන්න විතරයි තිබ්බෙ..   

  Bob & Bill විසින් Bat signal එක විදියට වැඩි දියුණු කරේ මෙන්න මේ අදහස... 

⭕ #The_Phantom

‘ Ghost who walks’ යන තේමාව යටතෙ 1936 නිර්මාණය වුන මෙම කොමික් චරිතය Full super suit එකකින් තමන්ගෙ පළමු කොමික් පිටුවෙන්ම එළියට ආව මුල්ම චරිතය විදියටත් ඉතිහාසගත වෙනව…

         හොදම සීන් එක කියන්නෙ Phantom ට තියෙනව Skull Cave කියල පොට් එකක්.. ඩයල් එක විසින් Defeat කරන ප්‍රතිවාදීන් භාවිතා කරපු  විවිධාකාර දෑ සිහිවටන විදියට Skull Cave එකේ ප්‍රදර්ශනයට වගේ තියල තියෙනව..

       හරියට Bat cave එකේ තියෙන බැටා ගෙ Display Room එක වගේ.. ඒකට අදහස අරගෙන තියෙන්නෙ Phantom ගෙන්..

⭕ #Superman

       Dc ඉතිහාසයෙ මුල්ම වීරයා වුන සුපියාගෙ Comic එකෙන් ලැබුන ජනප්‍රියත්වය නිසා ම තවත් සුපිරි වීරයෙක්ගෙ අවශ්‍යතාවයක් මතු වෙන්න පටන් ගත්තා..

        ඉතින් සුපියා වගේම Character එකක් නිර්මාණය කරන්න කටුයුතු සූදානම් වුනා වගේම ඒ හේතුවෙන් Batman අපි අතරට එන්න පටන් ගත්තා.. මුල්ම සිතුවම් සටහන් සුපියා වගේම හැඩයක් ගත්ත නිසා ඊට වඩා වෙනස් හැඩයක් දෙන්න පස්සෙ Dc සමාගම කටුයුතු කරා.. නමුත් සුපියගෙ Base වුන ලක්ෂන Bat suit එකෙත් බලාගන්න පුළුවන්… පපුවෙ ලෝගො එක...කේප් එක වගේ දේවල් තවම තියෙනවනේ...

⭕ #The_Shadow

            Shadow කියන්නෙ Pulp කොමික් වල මුල්ම වීරයා.. සෙවනැලි අතර සැගවෙන, අපරාධ ස්ථානයකදි ක්ෂණයෙන් මතු වෙලා පහර දීම, ප්‍රතිවාදීන් තුළ බියක් ඇතිවීම වගේ දේවල් මෙම Comic කතාව තුළ වැඩි වශයෙන් නිරූපණය වුනා…

        Lamont Cranston කියන Playboy චරිතය තමයි Shadow කියන අනන්‍යතාවයෙන් අපරාධ මැඩළීමට ක්‍රියා කරන්නෙ… Shadow ජීවත් වුනේ Newyork නගරයෙ…  Newyork නගරය මෙම කොමික් කතා මාලාවෙදි අදුරු පසුබිමක් ගත්තා, හරියටම කිව්වොත් අපි දන්න Gotham නගරය වගේ…

         Batman නිර්මාණය වෙන්න මූලිකවම බළපා ඇති චරිතයක් විදියට මෙන්න මේ Shadow අපිට ඉහළම ස්ථානයක තියන්න පුළුවන්.. 

      Batman animated series එකක ඉන්න 'The gray Ghost' කියන්නෙ මේ Shadow ට උපහාරයක් පිණිස නිර්මාණය කරපු චරිතයක්...

⭕ #Zorro

        විශිෂ්ථ ලේඛක Johnston McCully ගෙ අද්විතීයම නිර්මාණයක් විදියට අපිට Zorro ව හදුන්වන්න පුළුවන්.. 

       Zorro කරළියට එන්නෙ මොන වැඩ්ඩටත් කලින්..ඒ 1919.. Zorro ගෙ ආභාෂය තමයි ගොඩක් Super heroes ල නිර්මාණය කරන්න පෙළඹුනේ..

         බැටා ට නම් Zorro ව ගොඩක් ම බළපෑමක් වෙලා තියෙන බවක් නම් කියන්න පුළුවන්.. සමානකම් වැඩිදියුණු වීමක් හොදටම බලාගන්න පුළුවන් ඉතින්...

🔻 සාමාන්‍ය සමාජයෙ පිළිගත් ප්‍රභූවරයෙකු වීම..

🔻 මුහුණෙන් අඩක් පමණක් වැසෙන වෙස් මුහුණ..

🔻Grandfather වර්ගයේ ඔරලෝසුවක් භාවිතා කරමින් තමන්ගෙ නිවසෙ ඇති රහස් කුටීරයට පිවිසීමට ඇති හැකියාව..

🔻 අපරාධයක් මැඩළීමෙන් පසු Zorro ගෙ 'Z'  සළකුණ සහ Batman ගෙ Bat rangs,

        මේ අතරින් විශේෂ විදියට කියන්න පුළුවන් .. Bib & Bill මහත්වරු දෙන්නගෙ ප්‍රියතම ලේඛකයා තමයි McCully මහත්මයා.. ඉතින් මේ නිසා ම Zorro ව ලොකු Inspire එකක් වුනා ලු Batman ව නිර්මාණය කරන්න...


                  මේ මොන චරිතය Batman ව නිර්මාණය කරගන්න මූලික අඩිතාලමක් වුනත් මේ කිසිම චරිතයක් Batman තරම් Comic ඉතිහාසයෙදි සාර්ථකත්වයට පත් වුනා ද කියන දේ ගැන නම් ප්‍රශ්නයක් තියෙනව.. 

            Characters වලින් මූලික ලක්ෂන උකහා ගත්ත ත් Bob kane සහ Bill finger ට ඕන වුනේ සියළුම චරිතයන් අතරින් Perfect Character එකක් Comic ඉතිහාසයේ නිර්මාණය කරන්න… මේ දෙයට ඉන්න හොදම සාක්ෂිය තමයි අපි.. අපි බැටා ව රස විදින්නෙ බැටා ව නිර්මානය කරල අවම වශයෙන් වුරුදු 50 වගේ කාලයකට පස්සෙ.. අපි දන්න ඉතිහාසය ඇතුළෙ Batman ව Base කරන් මොන තරම් නම් Comic characters නිර්මාණය වෙලා තියෙනව ද…??

             ඉතින් මුල් කාලයේ දේවල් එක්ක අපි දැන් දකින Batman ව කොයි තරම් නම් Perfect විදියට දැනෙන්න Bob kane සහ Bill finger කරපු කාර්‍ය භාරය මොන තරම් නම් අගය කළ යුතු කාරණාවක් ද…??

                  මේ ගැන තියෙන වෙනත් අදහස් බෙදාගන්න කියලත් ඉල්ලීමක් කරනව.. 

අදට මට බැටා ගැන ඇති..😶 ආයෙත් දවසක මේ වගේ ලිපියකින් සෙට් වෙමු..

           ජයවේවා..!!!

Stay safe..!!
Hail dc..!!

  මෙන්න මේකෙන් #KrishanRodrigo පරණ පෝස්ට් ටික කියවගන්නත් පුළුවන්...
#Hypezonesl

Leave a Reply