ඩීසී කොමික් කියවන්න පටන් ගත්ත කට්ටිය කොහොමද ඉතින් ….. කොමික් කියවන්න හුරු කරවන ලිපි මාලාවෙ තවත් ලිපියක් අරගෙනයි අද ආවෙ
කලින් දාපු ටික කියෙව්වෙ නැත්තම් ඒ ටිකත් කියවන්න අමතක කරන්නෙපා
අද කියාදෙන්න හදන්නෙ අපි ඩීසී කොමික් කියවනවනම් දැනගන්න ඕන වැදගත්ම දෙයක් ගැන
ඒ තමයි Multiverse එක. මොකද ඩීසී කොමික් වල ගොඩක් Event වලදි මේ Multiverse සංකල්පය පාවිච්චි වෙනව. ඉතින් බැරිවෙලාවත් මොකෙක් හරි ඇවිල්ල “මොකක්ද බන් ඔය මල්‍ටිවර්ස් එක කියන්නෙ” කියල ඇහුවොත් උත්තර දෙන්න දැනගෙන ඉන්න ඕනි.ඒ හන්ද මේ පාඩම අවධානයෙන් හෙමින් සැරේ කියවන්න
. කොනක ඉඳන් අද කියාදෙන්නයි හදන්නෙ. මොනවහරි ප්‍රශ්න තියෙයිනම් පහලින් කමන්ට් කරන්න.අපි මේ ඉන්නෙ විශ්වයක ඒ කියන්නෙ Universe එකක. මේකෙ අපේ මේ ක්ෂීරපථය, ඇන්ඩ්‍රොමීඩා වගේ මණ්දාකිනි කියන්න බැරි තරම් තියනව. ඉතින් ඔය සේරම එකතු වෙලා තමයි අපේ Universe එක හැදිල තියෙන්නෙ. මේ වගේ Universe ගොඩක එකතුවක් තමයි Multiverse එකක් කියල කියන්නෙ. හිතාගන්නවත් බෑ නේද විශාලත්වය
මේ Multiverse සංකල්පය ටිකක් සංකීර්ණයි මේක කොමික් වලට ආවේණික දෙයක් විතරක් නෙමෙයි. ඒ නිසා මේ Multiverse එක තුල Universe පිහිටල තියන විදිහ මෙහෙමයි කියල ලේසියෙන් කියන්න බෑ. සරල භෞතික විදිහට කිව්වොත් හරියට එක උඩ එක තියපු පොත් ගොඩක් වගේ. පොතක් කියන්නෙ එක Universe එකක්නම් ඔය පොත් ඔක්කොගෙම එකතුව තමා Multiverse එක. කොහොමත් පොතක් කියන්න තනි Universe එකක් තමා
කියවන අය දන්නවනෙ.ඉතින් ඔය පොත් සෙට් එක එකට තියනව වගේ මේ Universe ඔක්කොම තියෙන්නෙත් එකට. ඕක තව තව විදිහට තියනව ඒත් ඔය විදිහ තමා මං දැක්ක සරලම විදිහ
මේ භෞතික විද්‍යාත්මක සංකල්පය ඩීසී කොමික් වලටත් ඈඳගන්න මේ කොමික් නිර්මාණකරුවො සමත් වෙලා තියනව. ඉතින් මේ DC Multiverse එකත් එකම භෞතික අවකාශයක විවිධ Universe වලින් සමන්විතයි. මේ Universe වෙන්ව තියාගන්නෙ මේවයෙ තියෙන වෙනස් vibrational speeds වලින්. ඉතින් මේ නිසා එකම අවකාශයක තිබුනත් මේ එක Universe එකකට අනික් ඒව දකින්න බෑ. ඉතින්…ඕක තමයි DC Multiverse එක පවතින විදිහ.දැන් අපි බලමු මේ මල්ටිවර්ස් එක පටන් ගත්තෙ කොහොමද කියල
මේකෙ පටන්ගැන්ම ගැන කියන්න අපිට යන්න වෙනව අවුරුදු බිලියන 20ක් ආපස්සට. DC Omniverse එක ඇතුලෙ බලවත්ම කෙනා හෝ දෙය තමයි The Source කියන්නෙ.ඒකට කෙනා හෝ දෙය කියල කිව්වෙ මේ ගැන හරියට පැහැදිලි කිරීමක් මොනම කොමික් රචකයෙක්වත් දීල නැති හන්ද.ඉතින් මේ The Source එකෙන් ඒකට හිටපු Super Celestials ලට බලය ලබා දෙනවා අලුත් ජීවී පද්ධතියක් ඇතිකරන්න.මේකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි Muliverse නිර්මාණය වීම ඇරඹුනේ.ඒත් ඒව ඉපදෙනව මැරෙනව වගේ සීන් එකක් තමා තිබුනෙ.ඒක Source එකේ නීතිය.මොන මල්ටිවර්ස් එකක්වත් සදාකාලික නෑ. නමුත් එක Celestial කෙනෙක් උන Perpetua මේ Multiverse එක නිර්මාණය කරන්නෙ සදාකාලිකව එයාට පාලනය කරන්න. එතනින් පස්සෙ මෙයා මේ නිර්මාණය කොටස් තුනකට වෙන් කරල ඒ තුන භාරදෙනව මෙයාගෙ දරුවන් තුන් දෙනාට. අපි ඉන්න මේ Positive Matter වලින් නිර්මාණය උන විශ්වය Mar Novu එහෙමත් නැත්තම් Monitor ටත් , Dark Matter වලින් සමන්විත Negative Universe එක ඒ කියන්නෙ World Forge එක Alpheus එහෙමත් නැත්තම් World Forger ටත්, මේ මැවීමේ මායිම් ආරක්ෂා කරන්න Mobius හෙවත් Anti-Monitor ටත් විදිහට මෙයා මේ Multiverse එක බෙදල දෙනව. ඔහොම නිර්මාණය උන මල්ටිවර්ස් එකට Perpetua ගෙන ගිය කුරිරු ක්‍රියාවන් සහ මේ මල්ටිවර්ස් එක නීතිවලට එරෙහිව පවත්වාගෙන යන එකක් නිසා මෙයාගෙ දරුවො මෙයාට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න කියල Judges of Source ලට දැනුම් දෙනව. එතනින් පස්සෙ Cosmic Raptor කෙනෙක් එවන මේ Judges ල මේ Perpetua සහ එයාගෙ Apex Predator හමුදාව Source Wall එක ඇතුලෙ හිර කරනව. මේ වෙද්දි කොමික් වල World Forge එක නෑ. Barbatos කියල හඳුන්වන කෙනා මේ World Forge එක Dark Multiverse එක විදිහට හරවනව. Barbatos ගැන දන්නව ඇති Dark nights : Metal ඉවෙන්ට් එක කියවපු අය ආපහු කියන්නෙ කොමික් කියවන්න කියලම තමා..මේ ට්‍රයි කරන්නෙත් කොමික් කියවන්නැති අය ඒකට හුරු කරවන්න
ඉතින් ඕක තමා මල්ටිවර්ස් එකේ ආරම්භක කතාව…දැන් බලමු කොහොමද මේක තියෙන්නෙ කියල.
මේ මල්ටිවර්ස් එක ගත්තම දැන් දන්නවනෙ විශ්වයන් ගණනාවක එකතුවක් කියල. මේ හැම එකක්ම එකිනෙකට සමානයි. ඒ කියන්නෙ සරලව ගත්තොත් අපේ පෘථිවිය වගේම තවත් පෘථිවියක් තවත් විශ්වයක තියනව. ඔය වගේ ඩීසි කොමික් වල Silver Age එක අවසන් වෙද්දි වගේ විශ්වයන් අනන්ත ප්‍රමාණයක් තිබුන. ඒත් Crisis on Infinite Earths එවෙන්ට් එකෙන් පස්සෙ ඒ ගාණ 52 ක් දක්වා අඩු උනා. ඒ කියන්නෙ දැන් පෘථිවීන් තියෙන්නෙත් 52 යි ඉතින් මං මුලින් කිව්ව වගේ දැන් මේ තියන Universe 52 පොත් 52 ක් නම් ඔය පොත් ටික Bundle කරල පෙට්ටියකට දැම්මොත් ඒ පෙට්ටිය තමයි Source Wall එක කියන්නෙ. ඒ කියන්නෙ මල්ටිවර්ස් එක වට වෙලා තියෙන්නෙ මෙන්න මේ Source Wall එකෙන්. ඉතින් මේ Universe වලට පිටින් සහ Source Wall එක අතරමැද තවත් ග්‍රහලෝක 8 ක් පිහිටල තියනව. ඔයාල අහල ඇති ඩාක්සයිඩ් ඉන්නෙ Known Universe එකෙන් පිට ලෝකෙක කියල. ඒ කියන්නෙ ඔය ලෝක 8න් එකක් ගැන තමා. මේ තියෙන්නෙ ඒව ගැන කෙටි විස්තරයක්
Heaven
නමේ හැටියටම මේක තමා දේවදූතයන්ගෙ නිවහන.Spectre ජීවත් වෙන්නෙත් මෙහෙ.
Hell
ඩීමන්ස්ල වගේම Fallen Angels ලගෙ නවාතැන තමයි මේ. අපි කොමික් වල DCAU එකේ දකින ඩීමන්ස්ල , ලුසිෆර් වගේ ඒන්ජල්ස්ල ජීවත් වෙන්නෙ මෙහෙ.
Skyland
ඔලිම්පස් දෙවිවරුන්, රෝමයේ දෙවිවරුන්, කෙල්ටික් දෙවිවරුන් ඇතුළු පෘථිවි ග්‍රහයාගේ පුරාණ සංස්කෘතීන් විසින් වන්දනාමාන කරන ලද දෙවිවරුන් හා දේවතාවියන්ගේ නිවහන තමයි මේ Skyland කියන්නෙ.ඔලිම්පස් , ඇස්ගාඩ් පිහිටල තියෙන්නෙත් මෙහෙ.
Dream
Morpheus ගෙ නවාතැන තමයි මේ. මේ Morpheus කියන්නෙ Dream King. නත්තල් සීය එහෙම ඉන්නෙ මෙහෙ තමා හොඳ හීන තියෙන්නෙ මෙහෙ
Nightmare
Dream එකේම නරක පැත්ත තමයි මේක. Bogeyman එහෙම ඉන්නෙ මෙහෙ තමයි
Underworld
අපි විශ්වාස කරන මලවුන්ගේ භූමිය තමයි මේක..එතනින් එහාට කිව්වොත් ක්‍රිප්ටන් වල Phantom Zone එක තියෙන්නෙත් මෙහෙම තමා.තව ලෝක දෙකක් ඉතුරුයි..මෙතන පොඩි කතාවක් තියනව. Old Gods ල ඉන්න එක ග්‍රහලෝකයක් තිබුන. කාලෙකදි එයාල අතර ඇති උන යුද්ධයක් නිසා මේ ග්‍රහලෝකෙ කොටස් දෙකකට වෙන්වුනා. ඒ දෙක තමා New Genesis සහ හැමෝම අහල තියන Apokolipse. මේ යුද්ධයෙදි පිටවුන God Wave එකෙන් තමයි new gods ලට බලය හම්බෙන්නෙ. දැන් ආපහු ප්‍රධාන මාතෘකාවට යමු…
New Genesis
Highfather විසින් පාලනය කරන මේ ග්‍රහලෝකෙ New Gods ලගෙ නවාතැනක්. මේකත් හරියට Heaven වගේ තැනක් තමයි.
Apokolips
මේක තමයි ඩාක්සයිඩ්ගෙ ලෝකෙ. ඩාක්සයිඩ්, ස්ටෙපන්වුල්ෆ් වගේ New Gods ලගෙ නවාතැන උන මේක හරියට Hell එක වගේ.ඊටපස්සෙ තියන වැදගත්ම දේ තමයි මල්ටිවර්ස් එකේ මැද පිහිටල තියන Rock Of Eternity එක. මේක කලින් Wizards ල වාසය කරපු තැනක්. Shazam ට Teth-Adam එහෙම බලය ලබාදුන්නෙ මෙතනින් තමයි.
Source wall එකට පිටතින් තියන්නෙ The Source එක. ඒක කෙනෙක් හෝ දෙයක් කියල මං කලිනුත් කිව්වනෙ.මොකද කොමික් වලදි මේ Source එකට ඇතුලු වෙලා තියෙන්නෙ කිහිපදෙනයි.එයාල මේක දැක්කෙ එක එක විදිහට. සමහර තැන්වල කියන විදිහට Source කියන්නෙ ඩීසී වල පවර්ෆුල්ම කැරැක්ටර් එක වෙන Presence මයි. මේ Presence හරියට සර්වබලධාරී දෙවියන් වගේ. පටලවගන්නෙපා මේ කියන්නෙ කොමික් ගැන මිසක් කිසිම ආගමක් ගැන නෙමෙයි. ඉතින් මේ Presece තමයි ඔය හැමදෙයක්ම මවන්නෙ. ඒ නිසා තමයි මේ The Source එක කියන්නෙ මෙයාම කියල හඳුන්වන්නෙ.ඒත් ඒ ගැන හරියට මොකුත් කියන්න බෑ මොකද කොහෙවත් ඒක පැහැදිලි කරල නෑ.ඉතින් අද පාඩම ඔතනින් ඉවරයි මල්ටිවර්ස් එක කියන්නෙ මොකක්ද කියල පැහැදිලි ඇති කියල හිතනව. මොකද කොමික් කියවන් යද්දි මේ මල්ටිවර්ස් ගැන විටින් විට කතාකරනව. ඉතින් මේ ගැන දැනන් ඉන්න එක වටිනව.
අදට මම මෙතනින් ලිපිය නවත්තනව.ලිපියෙ අඩුපාඩු ගුණදොස් ඔය සේරම කියාගෙන යන ගමන්ම තව මේ වගේ ලිපි කියවන්න අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න👌❤️
ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community එකත් එක්ක එකතු වෙන්න ❤️
කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන් , ඒකට අපේ Hypezone Youtube Channel එකට සෙට් වෙන්න
අපේ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක ,ඒකට සෙට් වෙන්න Buy Me A Cofee member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයට හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මේකෙන් හම්බෙනවා .එහෙනම් මේ link එකෙන් Buy Me A Cofee එකට සෙට් වෙන්න
ඒ එක්කම අමතක කරන්නෙපා Club House එකේ Geek House SL Follow කරන්නත් 💪💯
සටහන ✍️ ᴀᴍɪʟᴀ sʜʏᴀᴍᴀɴ