You are currently viewing ᴅᴄ’ꜱ ʜᴇʟʟ

ᴅᴄ’ꜱ ʜᴇʟʟ

යක්ෂයා නොහොත් The Devil😈. අපි ගොඩක් අය මවිතයට පත්ව බියවෙන නමක්. යක්ෂයා😈 එහෙම නැත්නම් සාතන් DC කොමික් විශ්වයේ ප්‍රබන්ධගත චරිතයක් ලෙස 1989 දී The Sandman ( Vol. 2) තුලින් කලඑළි දකිනවා. DC විශ්වයේ මේ අපායේ පාලකයා නැත්නම් සාතන් ට පණ දෙන්නේ Neil Gaiman, Sam Kieth, Mike Dringenberg යන තිදෙනා විසින්. මේ DC විශ්වයට බයිබලයේ දේව කතා අනුසාරයෙන් ආභාසය ලැබූ චරිතයක් තමයි Lucifer Morningstar කියන්නේ.👹

“How art thou fallen from heaven, O Lucifer, son of the morning! how art thou cut down to ground, which didst weaken the nations”

~ Isaiah 14:12 ( King James version )

fallen from heaven නැත්නම් ස්වර්ගයෙන් හෙලුණු යන්නෙන් ‘morning star’ හෝ ‘shining star’ ✨යන අර්ථය ඇතිව Lucifer ලෙස බයිබලයේ මේ නම සඳහන් කරනවා.

අද අපි කතා කරන්නේ මේ Lucifer Morningstar ගැන නම් නෙමෙයි. Lucifer නොහොත් යක්ෂයා පිළිබඳව Hype Zone එකෙන් කරපු video එක බැලුවෙ නැත්නම් දැන්ම බලල එන්න. මොකද මේක ඉදිරියට කියවන්න ඒ කරුණු ගොඩක් වැදගත් වෙයි.🧡

Lucifer චරිතය DC විශ්වය තුළ විවිධ ආකරයෙන් ගොඩනංවනු ලැබුවා. ඉතින් 2016 දී Fox නාලිකාව මඟින් විකාශනය ඇරඹුණු Lucifer කතා මාලාවේ පස්වෙනි කතා සමයේ දෙවන කොටස එන්නේ මැයි මාසයේ 28 වෙනිදා Netflix හරහා.💞 ඉතින් එතෙක් Lucifer රසිකයන් ඉන්නේ නොඉවසිල්ලෙන්. තව බොහොම ටික දවසයි තියෙන්නේ.🥺 ඉතින් අපි හිතුවා එතෙක් ලුසිෆර් කතා මාලාවේ එන වගේම අපි බොහෝ දෙනෙක් පය තබන්නට හෝ අකමැති තැනක් ගැන කතා කරන්න. ඒ තමයි The Hell නොහොත් අපාය.☠️❌ ඉතින් මේ ගැන කතා කරද්දී ආගමික පැතිකඩකින් නොබලා මේ ලිපිය ඉදිරියට කියවන්න කියලා ආරාධනා කරනවා. මේ සඳහා යම් තරමක් බයිබලයේ පැරණි හා නව ගිවිසුම් මඟින් මූලාශ්‍ර සපයාගත්තත් අපි DC විශ්වය තුළ මේ යක්ෂයාගේ නිවහන නොහොත් අපාය හඳුන්වා දෙන අයුරු තමයි අද අපි කතා කරන්නේ.

The Underworld, Hades, Jigôku, Gehenna, Sheol, Land of the Damned ආදී විවිධ නම්වලින් අපාය හඳුන්වනු ලබනවා. Lucifer Morningstar විසින් ස්වර්ගයේදී මෙහෙයවනු ලැබූ කැරැල්ලක් හේතුවෙන් ඔහු සහ ඔහුට සහය දුන් දේවදූතයන්👼 පිරිසක් කිසිවෙක් නොසිටි අපාය වෙත පිටුවහල් කරනු ලබනවා. පසුව මියගිය මිනිසුන්ගේ ආත්ම අපාය තුල මතුවීමට පටන් ගැණිනි. නිරය හෙවත් අපාය යනු අපගේ යථාර්ථයෙන් වෙන්ව පවතින වෙනම විකල්ප යථාර්ථයක්. මෙයට ඇතුල් වීමට හැකියාව පවතින්නේ යමපල්ලන්(Demons)🧟‍♂️, ඉහළ පෙලේ දිව්‍යමය ජීවීන්(Celestial beings)👼 හා ස්වර්ගයේ පිවිතුරු දොරටු පසු කිරීමට නොහැකි ආත්ම👻 සඳහා පමණයි. DC ඉතිහාසයේ ලුසිෆර් ස්වර්ගයෙන් නෙරපා දැමූ පසු තම වරදකාරී චේතනා හේතුවෙන් අපාය තුළ මතුවන්නට ගත් මිනිස් ආත්ම වලට වඳහිංසා පමුණුවමින් විවිධ අත්හදා බැලීම් සිදුකරන ලදි.

DC විශ්වයේ විවිධ සිඳුවීම් වලට අපාය මූලස්ථානයක් බවට පත් වෙනවා.
• ‘The final night’ සිද්ධියේදී Etrigan නම් යමපල්ලා එහෙම නැත්නම් demon👿 විසින් පෘථිවිය මත ජීවත් වුණු සියලු මිනිසුන් අපාය වෙත කැඳවන්න තීරණය කරනවා මොකද ඔවුන්ට අවශ්‍ය උණුසුම රඳවාගැනීමට.
• ඒවගේම ‘Day of Judgment’ සිඳුවීම අතරවාරයේ දේවදූතයෙක් වන Asmodel👼 විසින් Spectre ව පාලනයට නතු කරගෙන පෘථිවිය මතට අපාය රැගෙන යාමට ක්‍රියා කරනවා. මෙය අතරතුර නිරයේ ගිනිදැල් නිවා ලීම මඟින් අපාය ක්‍රමයෙන් ශීතලෙන් මිදුණු නවමු යථාර්ථයක් බවට පත් කරන්න උත්සාහ දරනවා. නමුත් Superman, Zatanna, Faust, Firestorm, The Atom, Enchantress සහ Deadman ප්‍රමුඛ කණ්ඩායමක් විසින් නිරයේ පත්ලට ම ගොස් නැවත මේ ගිනිදැල් දවාලීම🔥 සිදුකරනු ලබනවා. මෙයට ඉතාමත් දරුණු සිතිචිලි සහගත ක්‍රියාවක් සිදුකල යුතු වෙනවා. මෙහිදි Faust විසින් Enchantress ගේ උගුර කපා දමාලීම මඟින් එම ක්‍රියාව සම්පුර්ණ කරනවා. එතුළින් ඔහු ලබාගත් ආත්මය මෙම ක්‍රියාව සමඟ සිඳී යනවා.☠️❌
• ‘Reign in Hell’ සිඳුවීම අතරවාරයේ නිරයේ මහා බල අරගලයක් සිදුවෙනවා. ඒ නිරයේ එකල පාලකයා වූ Neronට එරෙහිව Lord Satanus සහ Lady Blaze යන නිවුන් ඩීමන්ස්ලා🧟‍♂️🧟 විසින් කැරැල්ලක් සංවිධානය කිරීම නිසා. (Satanus හා Blaze කියන්නේ Shazam ගේ දරුවන්. ඒ ගැන තවත් ලිපියකින් අපි කතා කරමු) මේ කැරැල්ල ඉතා භයානක බව Neron ට තේරුම් ගියේ ඒ Satanus හා Blaze විසින් අතරමං වූ ආත්මවලට නිදහස් වීමේ බලාපොරොත්තුව ලබා දීම නිසා. මේ නිසා Neron විසින් Lilith ප්‍රමුඛ පෘථිවියේ සිටින යමපල්ලන් සියල්ලටම නිරය වෙත පැමිනෙන්න විධාන කරනවා. අවසානයේ කැරැල්ල ජයග්‍රහණය කොට Neron ව මරා දමා, තම නිවුන් සහෝදරයාට පවා පිටු පා Blaze විසින් නිරයේ පාලකයා නැත්නම් Devil බවට පත් වෙනවා.👹
• ‘Underworld Unleashed’ සිඳුවීමේදී නිරයේ පාලකයා වුනු Neron පෘථිවිය මත තම බලය පැතිර වීමට🌏 හා ඔහුට අවශ්‍ය පරිදි විනාශ කරලීමට සුපිරිසිදු ආත්මයක් සොයාගැනීමට පැමිණෙනවා☠️. මේ සිඳුවීමේදී DC විශ්වයේ සුපිරි වීරයන් හා දුෂ්ටයන් රැසක් මෙයට දායක වෙනවා. Neron විසින් මෙහිදී ඔවුන්ගේ අශාවන් ඉෂ්ට කිරීමට ඉඩ සලස්වා එයට හුවමාරු වශයෙන් ඔවුන්ගේ ආත්ම Neronට ලබාදීමට හෝ Neron වෙනුවෙන් යම් කාර්‍ය්යක් කරදෙන ලෙස අණකර සිටිනවා. කෙසේ හෝ මේ සිද්ධිය Justice League America හා Trickster එකතුවෙන් සමතයකට පත් කරනවා.

ඩීසී කොමික් විශ්වයේ අපාය ගැන වැඩිපුර දැනගන්න කැමතියි නම් පහල තියෙන කොමික් ටිකත් හොයාගෙන කියවන්න

Reign in Hell # 1-8
Swamp Thing (Vol 2) # 50 # 96
Hellblazer # 3 # 45 # 59
The Demon (Vol 3) # 6 # 7
Green Lantern/Superman: Legend of the Green Flame

අපායේදී සාමාන්‍ය මිනිසුන් හට ඔවුන්ගේ අමිහිරිම සංවේදන හැඟීම් ඉස්මතු වීම සිදුවෙනවා. උදාහරණ වශයෙන් දුක🥺, වේදනාව😢,භය😨 ආදී අමිහිරි ආස්වාදන සලකන්න පුලුවන්. නිරයේ පවතින කාල උත්තාරණ බලපෑම හෙවත් time dilation හේතු කොටගෙන නිරයේ එක් දිනයක් පෘථිවියේ එක් මිනිත්තුවක් ලෙස කොමික්වල සඳහන් කර තිබෙනවා.

Flashpoint සිඳුවීමට පෙර නිරය කලාප නවයකට වෙන්ව පැවතිණි.

💠 Pandemonia: ආධිපත්‍යය දරන ඉහළ කුලය ජීවත් වන ප්‍රදේශය, නිරයේ සිංහාසනය පිහිටන ප්‍රදේශය 👑
💠 The Odium: කාර්මික හා නිෂ්පාදන මධ්‍යස්ථානය 🏭
💠 The Gull: වෙළඳ හා වාණිජ කටයුතු මධ්‍යස්ථානය 💹
💠 Praetori: පරිපාලන හා රාජ්‍ය අමාත්‍යාංශ පිහිටන ප්‍රදේශය 🌇
💠 Internecia: මිලිටරි හා යුදමය කටයුතු අමාත්‍යාංශ පිහිටන ප්‍රදේශය ⚔️
💠 Ament: සංස්කෘතික ප්‍රචාරණ අමාත්‍යාංශ පිහිටන ප්‍රදේශය ☣️
💠 Labyrinth: අධිකරණ රැඳවුම් අමාත්‍යාංශය⚖️ හා නිරයේ එකම බන්ධනාගාරය පිහිටන ප්‍රදේශය
💠 Err: දේවධර්මීය මර්ධන අමාත්‍යාංශ👼
💠 Purgatory: ද්විතියික දඬුවම් ක්‍රියාත්මක කල ප්‍රදේශය, මෙම ප්‍රදේශය Blaze සහ Satanus විසින් පෙරකලක පාලනය කරන ලදි.ඕනෑම කෙනෙකුට Purgatory අතහැර නිරයට ඇතුළු විය හැකිය, නමුත් ඔවුන් නිරයට පැමිණි පසු ඔවුන්ට කිසි විටෙකත් නිරයෙන් පිටවිය නොහැක.☠️

මෙහි මේ කලාප නවයට අමතරව පවතින ප්‍රදේශයන් මෙසේය.

•The Selvage: ඊතර මාධ්‍යයකින් සෑදී ඇත. කලාප නවය වෙන්කරන සහ වටකරමින් පවතින ඊතර මාධ්‍ය අපද්‍රව්‍ය පිරි ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය තුළ මායාවන් ක්‍රියා නොකරයි.👿☠️
•Masak Mavdil: නිරයේ පහතින්ම පිහිටන ස්ථානය, ඩීමන්ලා ගේ ප්‍රතික්ෂේප වූවන් හෙළනු ලබන ආගාධය, මෙම ප්‍රදේශය Abaddon the Destroyer විසින් ආරක්ෂා කරනු ලබයි.🔗⚔️

සමහර කොමික්වල නිරය ද පෘථිවියේ ම ප්‍රතිබිම්බයක් සේම තාක්ෂණිකව මෙන්ම සාමාජීය දියුණුවට පත් වූ විකල්ප යථාර්ථයක් ලෙසට හඳුන්වා දෙනු ලබනවා. නිරයේ රාජ්‍ය ධූරාවලිය කාලීනව වෙනස් වීම් වලට භාජනය විය. මෙහි පාලකයා සෑමවිටම The devil නැත්නම් යක්ෂයා😈 වශයෙන් හඳුන්වනු ලබනවා. අපි හොඳටම දන්න Lucifer Morningstar නිරයේ පාලකයා වශයෙන් පත්වන්නේ එතෙක් අපාය පාලනය කල පලමු නෙරපා දැමූ දේවදූතයා👼 එනම් First of the Fallen(මුල් සාතන් ලෙස හඳුන්වන්නේ මොහුය) ට පසුවය.(*Vertigo කොමික් තුළ වෙනස් වෙයි) කාලයත් සමඟ ලුසිෆර් නිරයෙන් පෘථිවියට පැමිණි පසු එහි පාලකයා බවට Neron පත් වෙනවා. Swamp Thing (Vol. 2) ආදී කොමික් තුළ අපාගත වුණු සමහරක් ඉතා දරුණු මිනිස් ආත්ම වලට ඩීමන්ස්ලා🧟‍♂️ දක්වා උසස් තත්ව ලබාදුන් අවස්ථාවන් ද දක්නට ලැබෙනවා.

ඩීසී කොමික් විශ්වයේ මෙසේ කතා වෙද්දී Lucifer කතා මාලාව පුරාවට අපිට දක්නට සලස්වන මේ අපාය අපි හිතන් ඉන්නවට වඩා වෙනස් විදියකින් වෙනස් කෝණයකින් පෙන්වන්න උත්සාහ දරලා තියෙනවා. මේ ගැන අපි බයිබලය අනුසාරයෙන් බැලුවොත් අපාය ගැන සහ එහි පාලනය පිලිබඳව වැඩි වශයෙන් පවතින්නේ කිතුනු බයිබලයේ නව ගිවිසුමේ කියලා බොහෝ දෙනෙක් සිතුවත් පැරණි ගිවිසුමේ ද යම් කිසි නම් සඳහනක් වැනි දෑ දක්නට ලැබෙනවා. ඒ වගේම යුදෙව්වන් ද මෙය විවිධ ආකාරයට විග්‍රහ කර තිබෙනවා. 🖤

“The one who sins is the one who will die. The child will not share the guilt of the parent, nor will the parent share the guilt of the child. The righteousness of the righteous will be credited to them, and the wickedness of the wicked will be charged against them.”

~ Ezekiel 18:20

පාපයට දායක වූවන් පමණක් මරණයට පත්වෙයි. තම දෙමාපියන්ගේ පාපයට හෝ එය බෙදාදීමට හෝ දරුවා දායක නොවෙයි. එමෙන්ම දරුවාගේ පාපයට දෙමාපියන් වරද බෙදාගත යුතු නොමැත. ඔවුනගේ ධාර්මික බව ඔවුනගේ ගිණුමටම බැර වනු මෙන්ම ඔවුනගේ දුෂ්ටකම් ඔවුනට විරුද්ධවම ක්‍රියා කරනු ඇත. 🤍

Lucifer කතා මාලාවේ මේ අපාය කියන සංකල්පය අමුතුම ආකාරයකට විග්‍රහ කරලා තිබෙනවා. මේ තුළ ඉතිහාසයට යම් තරමකින් කිඳා බැස බලමු. ලුසිෆර් ස්වර්ගයෙන් නෙරපා දැමුණු පසු අපායේ පාලකයා වශයෙන් 2011 වනතෙක්ම කටයුතු කරනවා. පසුව ලුසිෆර් Los Angeles වලට පැමිණෙනවා විවේක සුවයෙන් කාලය ගත කරන්න.🕺

තමා කල ක්‍රියාවන් පිළිබඳව දැඩි වරදකාරී හැඟීම් ඇති අමරණීය නොවන මනුෂ්‍ය ආත්ම☠️ අපාය තුළ ඉතිරි වන අතර ඔවුනට දඬුවම් වදහිංසා පැමිණවීම අපායේ පාලකයා වන ලුසිෆර් හා එහි වෙසෙන ඔහුගේ යමපල්ලන් විසින් සිදුකරනු ලබනවා.
ලුසිෆර් පලමු කතා සමය තුළ මැල්කම් කියන චරිතය විසින් තමා අපාය තුළ ලැබූ අත්දැකීම් පවසන්නේ, අපාය තුල තමා විනාශ වූ පසු තමා පෙර ආදරය කල දේවල් මඟින් තමාටම එරෙහිවම ක්‍රියා කරවීම තුලින් දඬුවම් ලබා දෙන බවයි. මැල්කම් ව තනි කාමරයක් තුල ඔහුගේ වරදකාරී හැඟීම් නිසා නිරාහාරව ඉන්න සිදුවුනු බව මේ episode එක තුලම ඔහු කියනවා.( මැල්කම් දැඩිව ආහාර වලට ඇලුම් කල පුද්ගලයෙක් )💀🥀

The Goddess🧚🏻‍♀️ හෙවත් දේවතාවිය ඇයගේ කෝපය නිසාම නැවත නැවතත් මිනිසුන් ඝාතනය කිරීමට ලක් කිරීම නිසා දෙවියන් විසින් දේවතාවිය ව අපාය තුළ සිරකරනු ලබනවා. ලුසිෆර්ව තම කැරැල්ල තුලදී The Goddess විසින් පාවා දුන් යැයි සිතන නිසා මෙහිදී තම මවට Mazikeen ලවා වඳහිංසා පමුණුවමින් සිරගත කරනවා. පසුව අපායෙන් පැනගැනීමට සමත් වන එකම කෙනා වන්නේද The Goddess පමණයි.
අපායේ පලමු මනුෂ්‍ය ආත්මය වන්නේ Abel. ඒ ඉතිහාසයේ පලමු ඝාතකයා වන Cain අතින් ඝාතනයට ලක් වන Cain ගේ සහෝදරයායි. Abel ගේ වරදකාරී හැඟීම අපාය තුලට ඔහුව ඇද දැමූ බව මෙහිදී කියවෙනවා. 🔪
සාතන් ගැන කිවුවහම ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඒ ලෝකයට අඳුර ගේන, පාපකාරී හැඟීම් මිනිස් සිත් තුල ජනිත කරවන කෙනෙක් කියල. එසේ නමුත් ලුසිෆර් කතා මාලාවේදී මිනිසුන් විසින්ම තමන්වම වරදට යොමුකරගන්නා බවත් ඔවුනගේ සිතුවිලිම ඔවුන්ගේ දඬුවම් තීරණය කරන අතර තමන් ඒ දඬුවම් ක්‍රියාත්මක කරන නිරයේ පාලකයා පමණක් බවත් ලුසිෆර් විසින් පවසා සිටිනවා.💔

“Lucifer: I have a story for you, reporter. One I’ve never told a human soul before. I take no part in who goes to Hell.

Reese: Then who does?

Lucifer: You humans. You send yourselves. Driven down by your own guilt. Forcing yourselves to relive your sins over and over. And the best part… the doors aren’t locked. You could leave anytime. It says something that no one ever does, doesn’t it?”

මේ කතා මාලාව තුළ පෞද්ගලිකව කැමතිම දෙබස් පෙලක් තමයි මේක. ඇත්තටම අපි හිතල බැලුවොත් අපේ තීරණ වලට කවුරුත් බලපෑම් කරන්නේ නෑ. Free will එකක් තියෙන මිනිස්සු විදියට සිතන අපි අපේ අතින් නපුරු යමක් සිද්ධ් වුනාම සාතන්👿 තමයි මේ දෙයට වගකිවයුත්තා, ඔහු තමයි මෙලොවට අඳුර ගෙන එන්නේ, වරදට පොලොඹවන්නේ ඔහුයි යන සාධාරණීකරණය ළඟාකරගන්න බැලුවත් ඇත්තටම මෙහි කියන්නේ මිනිස්සු තමන්ගේ වරදිකාරී සිතුවිල්ලෙන්ම ඒ කියන්නේ තමන්ගේ Guilt එකෙන්ම තමාව නැවත නැවතත් ඒ නිරය තුළටම ඇතුල්වන බවයි. ඒ වගේම මේ කතා මාලාව පුරා තවත් නිරය පිලිබඳ නෙත ගැටුණු දෙයක් තමයි, Hell loops➿ කියන්නේ. මේ hell loops නිරයේ තිබෙන දඬුවම් විශේෂයක්. ඉතින් වරදකාරී හැඟීම් තියෙන මනුශ්‍යයෙක් මේ නිරය තුළදී ඔහුගේ ඔහුගේ පාපකාරී හා අමිහිරිම මතකය තුළ නැවත නැවතත් ජීවත් කරවන්නට මේ loop තුළ ඉඩ සලස්වාලනවා. ඔහු හෝ ඇය ඒ පාපකාරී සිතුවිල්ලෙන් නිදහස් වෙනකන්ම එම loop එක තුළ නැවත නැවතත් ජීවත් වෙන්නට ලබා දීම මඟින් ඒ පාපකාරී හැඟීමෙන් ඇතිවුන හිංසනය තමන්ටම දැනෙන්නට සලස්වනවා. ඒ වගේම ලුසිෆර් කියනවා අපායේ කුටිවලට දොරටු කිසිදා අඟුළු දමා වසා නොමැති බව. ඒත් කවදාවත් කවුරුත් තමාගෙ පාපකාරී සිතුවිල්ලෙන් මිදිලා ඒ loop එකෙන් එලියට ගිහිල්ලා නෑ. ඒ වේදනාව කොච්චර වුනත් මිනිස් ආත්ම ඒ පාපකාරී සිතුවිල්ල තුළම ඇලී ගැලී විඳවනවා.

“If your hand causes you to stumble, cut it off. It is better for you to enter life maimed than with two hands to go into hell, where the fire never goes out.”

~ Mark 9:43

තමන්ගේ අත වරදට පොලඹනවා නම් ඒ අත කපා දමන්න. අපාය තුළ නොනිමෙන ගිනිදැල්🔥❌ තුල ගත කරනවාට වඩා එය ඉතා වටිනවා.
මේකෙන් කියන්නේ නෑ ඇත්තටම තමන්ගේ අත කපාගන්න කියලා. ඒත් ඒ තුල කියල තියෙන දේ හැමෝටම පොදුයි. අපායක් තිබුණත් නොතිබුණත් තමන් කරපු වැරැද්දක වරදකාරි හැඟීම සමඟ ජීවත් වනවාට වඩා ඒ දෙයින් වැළකී සිටින එක අපි හැමෝටම හොඳයි.✊

වරදක් තුල මිනිස්සු සත්‍ය සොයනවා, ඒ තුල නිදහස සොයනවා, ඒත් මිනිස්සු ඒතුලින් තමාගේ ජීවිතය සොයාගන්නේ නෑ. මිනිස්සු කවුරුත් ඉපදෙනකොට වරදකාරයන් නෙමෙයි. පව්කාරයන් ද නෙමෙයි.✋ ඒත් මිනිස්සුන්ගේ ක්‍රියාකලාපය තමයි මිනිසුන්ගේ වරදකාරි බව හෝ නිවැරදි බව පෙන්නුම් කරන්නේ. පාපකාරී හැඟිම්වලින් වෙලිලා ඉන්න මිනිස්සු තුල ආලෝකය සොයන්න අපහසුයි. ඉතින් අපි ඒ ආලෝකය සොයමු. 💡

ඉතින් Lucifer TV series එක තාම බලල නැත්නම් බලන්න කියලා ආරාධනා කරනවා. තව ටික දවසකින් Season 5 ඉතුරු එපිසෝඩ්ස් ටිකත් ටෙලිකාස්ට් වෙනවනේ.😉

අද අපි කතා කලේ DC කොමික් විශ්වය තුල යක්ෂයාගේ නිවහන එහෙම නැත්නම් අපාය ගැන. ඉතින් මේ වගේම DC කොමික් විශ්වය තුළ Heaven එක නැත්නම් දිව්‍යලෝකය ගැනත් දැනගන්න කැමතිනම් පහළින් comment කරන්න.♥️

තවත් මේ වගේ ලිපියකින් අපි හමුවෙමු.
එතෙක් Stay safe. Stay Hype. ❤️💫

Leave a Reply