You are currently viewing ජෝකර් හිතන්නේ කොහොමද?

ජෝකර් හිතන්නේ කොහොමද?

“ජෝකර්” 🤓 අපේ බැට්මෑන්ම්ගේ පරම සතුරා කියන්නෙ දවසක් වුනත් එක දිගට කතා කරන්න පුලුවන් මාතෘකාවක්. 🃏 හුඟක් කොමික් රචකයින්ට අනුව බැට්මෑන් සහ ජෝකර් කියන්නෙ එකම කාසියෙ දෙපැත්ත. ඉතිං මේ චරිත දෙක මේ විදිහට පැති දෙකකට වෙන්වෙලා තියෙන එකම එක “line” එකක්. ඒ හොඳ සහ නරක.

ජෝකර් කියන්නේ මූනේ freaky make up එකක් දාගෙන ඉන්න, හැම තිස්සෙම මෝඩ විහිලුවක් කියාගත්ත, හරිම අපහසුතාවයකට පත් වෙන හිනාවක් දාන හරි අමුතු character එකක්. ඉතිං ජෝකර්ගේ මේ මිනීමරන්න, දේවල් විනාශ කරන්න, හරි මරාන්තික දේවල් උත්සහ කරන්න තියෙන්නේ පුදුම ආශාවක්. Violence කියන්නෙ ජෝකර්ගෙ hobby එක කියන්න පුලුවන්. ඉතිං ජෝකර්ගෙ මේ අමුතු හැසිරීම දැක්කම ඕන කෙනෙක්ට හිතෙන්නෙ මූ නම් මහ පිස්සෙක්නේ කියලා.👀 ඒත් ඇත්තටම ජෝකර්ට පිස්සුද?

ජෝකර් කියන්නෙ මොන විකාරෙ කරත් හැම තිස්සෙම ප්ලෑනක් එක්ක ගේමට බහින එකෙක්.👈 බහුතරයක් අවස්තාවල මිනිහ එහෙමයි. මුලු ගෝතම්වලටම ගෑස් ගහන්න, බැංකුවක් කොල්ල කන්න, මිනී මරන්න වගේම ජෝකර් තැනකට යද්දි පවා ප්‍රධාන සැලැස්මක් එක්ක back- up ප්ලෑන් එකකුත් තියාගෙන යන්නේ. ඒ වුනාට ජෝකර් හැසිරෙන්නේ ජෝකර්ට ප්ලෑනක් නෑ වගේ. එතකොට ජෝකර්ගේ මේ unexpected මවාපෑම නිසා මිනිස්සු අතර තමන් ගැන බයක් ඇති කරගන්න ජෝකර් සමත් වෙනවා. ඒකෙන් පේනවා ජෝකර් පිස්සු වගේ හැසිරුනාට මිනිහගෙ ඔලුව ඇතුලෙ කොහෙ හරි හොඳ මොලකාරයෙක් ඉන්නව කියන එක. අනික බේන් වගේ විලන්ලා විදිහට physically බැට්මෑන්ව බ්‍රේක් කරන්න බෑ කියලා ජෝකර් දන්නවා. අන්න ඒ නිසා තමා ජෝකර් හැම තිස්සෙම මොලෙන් ගේම ගහන්නේ. ඒකෙනුත් පේනවා ජෝකර් තමන්ගෙ හතුරා ගැන වුනත් හොඳට දැනුවත් කියලා. ඔන්න ඔය වගේ බුද්ධිමත් විදිහකට තමා ජෝකර් හිතන්නේ. So Joker is an intelligent madman.❤

අනික් පැත්ත තමා ජෝකර් කියන දේවල්. ජෝකර් කියන්නෙ හුඟක් complicated චරිතයක්. ඉතිං ජෝකර් ගැන අපිට දේවල් වටහා ගන්න ඉඩ කඩ ලබාදෙන්නෙ ජෝකර්ගෙ කටින් පිටවෙන වචන. අනික මේ කියන දේවල් එක්ක තමා අපිට ජෝකර්ගෙ attitude එක නැත්තන් ආකල්පය තේරුම් ගන්න පුලුවන් වෙන්නේ.👈

“It isn’t about the money you see! I want to build a better class of criminals in this city.”

අපි හැමෝම බලපු The Dark Knight ෆිල්ම් එකේදි තමා ජෝකර් මෙහෙම කියන්නේ.😍❤ මේ quote එකේ තියෙන විදිහට ජෝකර්ට ඕනේ සල්ලි නෙවේ. ජෝකර්ට ඕනේ ඇත්තම විදිහේ අපරාධකාරයෝ, හොඳ තත්ත්වය තියෙන මැරයො ටිකක් හදන්න. ජෝකර්ට ඕනේ මිනිස්සුන්ට බය හිතෙන, මිනිස්සුන්ට හිතන්න, තැවෙන්න සලස්සන හතුරො ටිකක් සිස්ටම් එකට දාන්න. මේකෙන් පේනවා අපේ සමාජයේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට වගේ ජෝකර්ට ඕනේ සල්ලිවලින් සමාජය තුළ තත්තවයක් හදාගන්න නෙවේ. ජෝකර්ට ඕනේ සල්ලි විනාශ කරලා ලෝකයක් ගිනිගන්න හැටි බලන් ඉන්න කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් බැට්මෑන්ගෙම රෝග් ගැලරියෙ ඉන්න අනිත් විලන්ස්ලා වෙන පෙන්ගුයින් වගේ බලය හදාගෙන මිනිස්සු බය කරන්න නෙවේ ජෝකට ඕනේ. ජෝකර්ට ඕනේ බලය හදාගෙන මුලු සිස්ටම් එකට විනාශ කරලා, ව්‍යවුල්සහගත කරලා දාන්න.ඉතිං සමාජයේ තත්ත්වයක් හදාගන්න ඕනෙ කියන්නෙ ඒ සමාජය තියෙන විදිහට කෙනෙක් ආසයි කියන එකනේ. ඒ විදිහෙ මිනිස්සු සමාජය දකින්නෙ opportunity එකක් විදිහට. ඒත් සමාජය අවුස්සලා ඒක බිඳවැටෙන විදිහ ආතල් එකේ බලන් ඉන්න කැමති ජෝකර් වගේ මිනිස්සු සමාජය දකින්නේ hateful විදිහකට. ජෝකර්ට ඕනේ මිනිස්සුන්ව උපරිමේටම විඳවන විදිහට වැඩ සලස්වලා තමන්ගෙ විදිහකට ආතල් එකක් ගන්න.😇ඔන්න ඔහොමයි ජෝකර් ලෝකය දකින්නේ. ඉතිං ජෝකර් සමාජය සහ ලෝකය දකින මේ hateful vision එක නිසා තමා ජෝකර්ව true villain කෙනෙක් වෙන්නේ. 😊

ඉතිං මට හිතෙන විදිහට ජෝකර් කියන්නේ මේ කොමික් පිටි පස්සෙ හිටපු නිර්මාණකරුවන් තමන්ට සිස්ටම් එක ගැන තිබුනු වෛරය, සිස්ටම් එක වෙනස් වෙන්න ඕනෙ ඇයි කියලා මිනිස්සුන්ට පෙන්වන්න ඕන මූලාශ්‍රයක් විදිහට යොදාගත්ත චරිතයක් කියලා. අන්න ඒ නිසා තමා ජෝකර්ගෙ thoughts ඇන්ඩ් vision එක මෙච්චර ප්‍රැක්ටිකල් වෙන්නේ.❤

අපි හැමෝටම උමතු පැත්තක් තියෙනවා. එහෙම නෑ කියන්න බෑ. අපි හැමෝටම උමතු පැත්තක් තියෙන නිසා තමා අපි මෙච්චර violence වලට ආස. පලිගැනීම නිසා හෝ එක නරක දවසක් නිසා අපේ උමතු පැත්ත සීමාව ඉක්මවලා යන්න පුලුවන්. ජෝකර්ට එහෙම වුනේ ඔය දෙකෙන් එක නරක දවසක් නිසා. ඉතිං අපි හැමෝමටම උමතුවක් තියෙනවා නම් ජෝකර් represent කරන්නෙ අපි හැමෝගෙම අඳුර පැත්ත… අපි හැමෝටම මිනිහෙක් විදිහට තියෙන දේවල්. අපි හැමෝගෙම සොබාවය තමා ජෝකර් represent කරන්නේ. ඉතිං ජෝකර් කියන්නෙ හතුරෙකුට එහා ගිය දර්ශනයක් කියන එක මේ කරුනුවලින් ඔප්පු වෙනවා.❤

Admin: සචින්ත බෙනට්

Leave a Reply