You are currently viewing || අයුක්තියට එරෙහි අරගලය ⚔️ ||

|| අයුක්තියට එරෙහි අරගලය ⚔️ ||

මේ කියන්න හදන්නෙ ඩීසී කොමික් තවමත් කියවන්න පටන් අරගෙන නැත්නම් කියවන්න හොඳ Story Arc එකක් , හොඳ Event එකක් ගැන විස්තරයක් අරගෙන. මේක වෙන කතාවලට සම්බන්ධයක් නෑ. ඒ හන්ද මුලින්ම මේක කියෙව්ව කියල කිසිම අවුලක් වෙන්නෑ🙏 අනිත් දේ තමයි මේ ඉවෙන්ට් එක කියෙව්ව කියන්නෙ කොහොමත් කියවන්න ඇබ්බැහි වෙනව ඒක ශුවර්💯❤️ මේ ඉවෙන්ට් එක තමයි Injustice – Gods Among Us 🔥 සම්පූර්ණ ඉවෙන්ට් එකම, ඒ කියන්නෙ Injustice 1 , 2 කොටස් දෙකම Issues 244 කින් සමන්විතයි.. ඔව් හිතුව වගේම මේක අවුරුදු පහක් පුරාවට ආපු පට්ට ලොකු ඉවෙන්ට් එකක් .

Injustice පටන් ගන්නෙ සුපියට දැනගන්න ලැබෙන සුබ පණිවිඩයකින්.ඒ තමා ලොයිස්ට දරුවෙක් ලැබෙන්න ඉන්නව කියන එක..ඒක ලස්සනට කොමික් එකේ කියනව.. “The Sound of two heartbeats coming from one person.” එක පුද්ගලයෙක්ගෙන් හදගැස්මවල් දෙකක් ඇහෙන හඬ.ඒ කියන්නෙ ලොයිස් Pregnet කියන එක. පොර මේ සතුට බෙදාගන්න කෙලින්ම යන්නෙ බැටා හම්බෙන්න. ගිහින් කතාකරන ගමන් සුපිය කියන්නෙ තමන්ගෙ දරුවගෙ භාරකාර පියා විදිහට බැටාව තෝරගත්ත කියල..එතන වෙන සංවාදෙත් පට්ට 😁 ඔය අතරෙ ලොයිස්ට නාඳුනන කෙනෙක්ගෙන් ආරංචියක් එනව කවුන්සිල්වරය ගැන. ඉතින් ලොයිස් තමන්ගෙ සහයක ජිමී එක්ක ඔත්තුවේ සඳහන් කරපු තැනට ගිහින් හැංගිලා ඉන්නව.ඒත් එතනට කවුන්සිල් කෙනෙක් එන්නෙ නෑ.ඒ එන කෙනා ජිමීට වෙඩි තියල මරනව.මේ වෙන කවුරුවත් නෙමෙයි ජෝකර් 🤡 ජිමීව මරන ජෝකර් ලොයිස්ව පැහැරගන්නව.

සුපර්මෑන් එතනට යද්දි පරක්කු වැඩී. කොහොමහරි මුලු Justice League එකම ලොයිස්ව හොයන අතරෙ වොන්ඩ වුමන්ට වරායෙ සේවකයෙක්ගෙන් දැනගන්න ලැබෙනව ජෝකර් සහ හාලි ක්වීන් සබ්මැරීන් එකක් පැහැරගත්ත කියල.ඒ විස්තරේ සුපියට කියල විනාඩි කිහිපයකින් පොර අදාල සබ්මැරීන් එක මුහුද යට ඉඳන් උස්සන් ඇවිල්ල වෙරලෙන් තියනව.තියල ඇතුලට යද්දි දකින්නෙ ඔපරේෂන් මේසයක් උඩ ඉන්න ලොයිස් සහ එතන ඉන්න ජෝකර්.. එතකොටම එතනට ජෝකර් Fear ගෑස් එක ගහනව..සුපියට තමන් ඉස්සරහ පේන්නෙ Doomsday ව.ඉතින් සුපර්මෑන් කරන්නෙ Doomsday ව අරන් අභ්‍යවකාශෙට යන එක. එතකොටම බැට්මෑන් පහල ඉඳන් කියනව ඔය දකින දේ මොකක් උනත් ඒක ඇත්ත නෙමෙයි කියල. ඒත් ඒ එක්කම සුපියට තේරුනත් මේ Doomsday නෙමෙයි ලොයිස් කියල😥 and then, two heartbeats coming from one person STOP BEATING .. ලොයිස් මැරෙනව.

ජෝකර් ලොයිස්ගෙ හාට් එකට සෙට් කරල තිබුන බෝම්බ ටික මෙවලෙ පුපුරනව.ඒව මෙට්‍රොපොලිස් වල තැන් තැන් වල තියල තියන්නෙ ලොයිස්ගෙ හාට් එක නැවතුන ගමන් පුපුරන්න. සුපර්මෑන් ආපහු පොලවට එනකොට එයාගෙ බිරිඳ, ඉපදුනේවත් නැති දරුව සහ එයාගෙ යාලුවො හැමෝම හිටපු නගරෙ සහමුලින්ම විනාශ වෙලා. මේ අතර බැට්මෑන් ජෝකර්ව අල්ලගෙන ගොතම් හිරගෙදර ඉන්නෙ..සහමුලින්ම අවුල් වෙලා ඉන්න සුපර්මෑන් එතනට කඩාවැදිල බැටා මොකුත් කියන්නත් කලින් ජෝකර්ව අල්ලගෙන තමන්ගෙ අත ජෝකර්ගෙ පපුව ඇතුලෙන් යවල කොන්දෙන් එලියට අරන් ජෝකර්ව මරණව 😫

එතනින් පස්සෙ අවුල් වෙලා ඉන්න සුපියට ඇහෙන්නෙ Bialya වල සාමාන්‍ය ජනතාවට එල්ලවෙන ප්‍රහාර ටිකක් ගැන.ඒකට මැදිහත්වෙන සුපර්මෑන් එහෙ ජනාධිපතිවත් අල්ලගෙන Press Conference එකක් තියනව UN එකේ.ඒකෙදි තමන්ගෙ අනන්‍යතාවය ලෝකයට එලිකරන සුපර්මෑන් ලෝකය පුරා සටන් විරාමයක් පටන් ගන්න කියනව සහ එහෙම නොකරොත් තමන් ඒ නොකරන අයව නවත්තනව කියල නිවේදනය කරනව. නිවේදනයකටත් වඩා ඒක අනතුරු ඇඟවීමක්⚠️️.ඊටපස්සෙ සුපිය කරන්න හදන්නෙ ඉන්න විලන්ස්ලව අල්ලගෙන එක තැනකට ගේන්න. ඒත් බැටා ඒකට කැමති වෙන්නෙ නෑ.ඔය හේතුව නිසා League එක දෙකට වෙන්වෙනව සුපර්මෑන්ගෙ පාර්ශවය සහ බැට්මෑන්ගෙ පාර්ශවය විදිහට. වොන්ඩ වුමන්, සයිබෝර්ග්, සශෑම්, ග්‍රීන් ලැන්ටර්න් වගේ අය සුපියට එකතු වෙද්දි කැට්වුමන්, ඇරෝ , බ්ලැක් කැනෙරි වගේ Street Level එකේ අය බැටාට එකතු වෙනව. ඔතනින් පටන් ගන්න විරසකය තමා අවුරුදු පහක් පුරාවටම ඇදෙන්නෙ.

🔅 ඉතින් ඔය අවුරුදු පහ ඇතුලත ගොඩක් දේවල් වෙනව.ගොඩක් අය මැරෙනව.ඇරෝ, නයිට්වින්ග් වගේ ප්‍රධාන චරිත වගේම ඇල්ෆ්‍රඩ් 😥

🔅 ග්‍රීන් ලැන්ටර්න්, ඒ කියන්නෙ හැල් ජෝර්දන් Sinestro එක්ක එකතු වෙනව.ඉවෙන්ට් එක ඉවරවෙනකල්ම වගේ හැල් දාගෙන ඉන්නෙ Yellow Lantern මුද්දක්.සුපියත් ඕකෙ කාලයක් Yellow Lantern මුද්දක් දාගෙන ඉන්නව.ඒ කාලෙදිනම් සුපියව නවත්තන්න Guardians ලටවත් බැරිවෙනව.

🔅 සුපර්මෑන් තමන්ට වෙනම හමුදාවක් හදාගන්නව.ඒ සෙට් එකට සුපියගෙ ශක්තියම ටික වෙලාවකට ගන්න පුලුවන් Pill එකකුත් නිපදවනව 💊.වතාවන් දෙකකදි විතර මේ Pill එක අරගෙන බැටා සුපිය එක්ක Fight කරනව.ඒත් සුපිය හොඳම කෑම කන්නෙ ඔය Pill එක ගහල ඉන්න ඇල්ෆ්‍රඩ්ගෙන්.එවලෙ සුපිය බැටාගෙ කොන්ද කඩනව😫

🔅 සුපර්මෑන් Gods ල එක්ක fight කරනව. මතක විදිහට එතනදි සුපිය හර්කියුලිස්ව මරණව. ඒක නවතින්නෙ සියුස් එතනට එන එකෙන්.සියුස් සශෑම්ගෙ බලය ආපහු ගන්නව.මම පෞද්ගලිකව කතාවෙ ආසම කොටස් ටික❤️ ඕක වෙන්නෙ Year Four එකේදි.

🔅 බැටා එක්ක අවසානය වෙනකල්ම ඉන්න කෙනෙක් තමයි හාලි ක්වීන්.සමහර අය සටන අතඇරල දැම්මත් හාලි අවසාන වෙනකල්ම ඉන්නව.ඊලඟ රොබින් වෙන්න හාලිට පට්ට ආසාවක් තියෙන්නෙ..මේකෙදි හාලි මගේනම් ආසම කැරැක්ටර් එකක්❤️Injustice පලවෙනි කොටස ඉවරවෙන්නෙ වෙන Universe එකක Justice League එකේ උදව්වෙන් සුපර්මෑන් ඇතුලු කණ්ඩායම නවත්තල.ඒ ලීග් එකේ සුපර්මෑන්ගෙ උදව්වෙන් මෙහෙ ඉන්න සුපර්මෑන්ව පරද්දල Red Sun Radiation එකකින් වටවුන සිර කුටියක සුපියව හිරකරනව . මොකද එතකොට එයා දුර්වල නිසා.ඔන්න ඔහොමයි ඉවෙන්ට් එකේ පලවෙනි කොටස ඉවරවෙන්නෙ. එකදිගට කියවන් යන්න පුලුවන් සුපිරි ස්ටෝරියක් තියෙන්නෙ. මං මුලින් කිව්ව වගේ මේක කියෙව්වොත් අනිවාරෙන් කොමික් කියවන්න ඇබ්බැහි වෙනවම තමා. ඉංග්‍රීසි බැරි උනත් Issues 244 ක්ම තියන නිසා පුලුවන් විදිහට ටික ටික කියවන්න ගන්න.කොටස් 5 ක් විතර යද්දි නිකම්ම තේරෙනව💯 පහලින් Reading Order එකයි ඩවුන්ලෝඩ් ලින්ක් ටිකයි සේරම දාන්නම්.තවම ඩීසී කොමික් කියෙව්වෙ නැත්තම් මේකෙන් පටන් ගන්න.ඊටපස්සෙ ඔයාල දිගටම කියවයි.

✠ Injustice – Gods among Us ( Year one – Year Five )

✠ Injustice – Ground Zero

✠ Injustice 2

මෙතනින් ගිහින් ඕන අයට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්..එහෙනම් කතාවත් සාරාංශයක් විදිහට කිව්ව.කියවන්න ඕන විදිහත් කිව්ව.කොමික් කියවන්න දැන් හරි ආසාවක් ආවනම් Share පාරකුත් දාන ගමන් අඩුපාඩු තියෙයිනම් ඒවත් කියාගෙන යන්න🙏

අදට මම මෙතනින් ලිපිය නවත්තනව.ලිපියෙ අඩුපාඩු ගුණදොස් ඔය සේරම කියාගෙන යන ගමන්ම තව මේ වගේ ලිපි කියවන්න අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න👌❤️

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community එකත් එක්ක එකතු වෙන්න ❤️

කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන් , ඒකට අපේ Hypezone Youtube Channel එකට සෙට් වෙන්න

අපේ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක ,ඒකට සෙට් වෙන්න Buy Me A Cofee member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයට හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මේකෙන් හම්බෙනවා .එහෙනම් මේ link එකෙන් Buy Me A Cofee එකට සෙට් වෙන්න

ඒ එක්කම අමතක කරන්නෙපා Club House එකේ Geek House SL Follow කරන්නත් 💪💯

සටහන ✍️ ᴀᴍɪʟᴀ sʜʏᴀᴍᴀɴ

Leave a Reply