කෙනෙක්ගෙන් ඇහුවොත් තමන් ආසම Super Hero කවුද කියල ?? අපිට එක එක උත්තර හම්බවෙයි..ඒ එක්කම අපි ඇහුවොත් දැකපු සුපිරිම Villian කවුද කියල ඒකටත් එක එක උත්තර ලැබෙයි.ඒත් ඔය ප්‍රශ්නෙම අපි ඇහුවොත් DC රසිකයෙක්ගෙන්, ගොඩ දෙනෙක්ගෙ උත්තරය වෙන්නෙ Hero බැට්මෑන් විදිහටත් Villian ජෝකර් විදිහටත්
ඒත් ඔයාල අහල තියනවද කොමික් වලින් මෑතකදි අපිට හඳුන්වල දුන්න අලුත් කැරැක්ට’ එකක් ගැන.ඒ Batman + Joker එකතුවෙන් හැදුන වෙනම ලෙවල් එකක කැරැක්ට’ එකක්
අද අපි කතාකරන්න හදන්නෙ අන්න ඒ කෙනා ගැන. ඒ තමයි The Batman Who Laughs
අපි මේ BWL ගැන කතාකරන්න කලින් බලමු මෙයාගෙ කොමික් ආගමනය සිද්ද උනේ කොහොමද කියල
Scott Snyder කිව්වම කොමික් කියවන අයනම් දන්නව..කොමික් කියවන්න පටන් අරන් නැති අයත් මේක කියවන හන්ද කෙටියෙන් කිව්වොත් Scott කියන්නෙ ඩීසී කොමික් වල සුපිරිම Storyline ගෙනාපු කෙනෙක් ඉතින් මේ Scott Snyder 2017 දි රිලීස් කරා Dark Night : Metal කියන DCU එකේ මෑතකාලෙකදි නිකුත් උන විශිෂ්ටතම කොමික් සීරිස් එක. DCU එකේ ලොකු වෙනසක් කරන්න පුලුවන් උන මේ Metal සීරිස් එකේ Dark Days: The Casting #1 කියන Issue එකෙන් තමයි පලවෙනි වතාවට අපිට මේ BWL බලාගන්න පුලුවන් උනේ..එතනින් පස්සෙ මේ කැරැක්ට’ එක මාරම විදිහට බිල්ඩප් කරන්න Scott ඇතුලු පිරිස කටයුතු කරා
ඔය විදිහට තමයි BWL ගෙ කොමික් Appearance එක උනේ.පෞද්ගලිකව ගත්තොත් මම කොමික් වල දැකපු Badass ම විලන් කෙනෙක් තමයි මේ BWL කියන්නෙ
ඊලඟට අපි බලමු කවුද මෙයා සහ කොහොමද මේ වගේ කෙනෙක් නිර්මාණය උනේ කියල
.මේ සිදුවීම් ඔක්කොම වෙන්නෙ ඩාක් මල්ටිවර්ස් එකේ
.හෝව්….මල්ටිවර්ස්, ඩාක් මල්ටිවර්ස්. ඔහොම දෙකක් තියනවද කියල හිතල එකපාරට Confused Unga Bunga උනානම් සරලව මෙහෙම කියන්නම්.අපි ඉන්න මල්ටිවර්ස් එකට යටින් මේ වගේම තියන තවත් මල්ටිවර්ස් එකක් තමයි ඒක.නමේම තියනව වගේ ඩාක් මල්ටිවර්ස් එකේ ඉන්නෙ නරක නපුරු අය
ඉතින් මේ ඩාක් මල්ටිවර්ස් එකේ Earth – 22 වල තමයි මං මේ කියන්න හදන සිදුවීම් මාලාව වෙන්නෙ.මේ පෘථිවියෙත් Gotham නගරය තියනව සහ මෙහෙ වගේම ඒකෙත් ඉන්නව බැට්මෑන්
Earth – 22 කියල වෙනසක් නෑ ඒ බැට්මෑන්ගෙත් ඔරිජින් එක මෙහෙට සමානයි. පොඩි කාලෙදිම දෙමාපියන් ඝාතනයට ලක්වෙන බෲස් වේන් අවුරුදු ගාණක පුහුණුවකින් පස්සෙ අපරාදවලට විරුද්ධව සටන් කරන බැට්මෑන් කියන සුපිරි වීරයා වෙනව
..
ඔහොම කතාව යනකොට එක්තරා කාලෙකදි ජෝකර් මේ ගොතම් නගරය ආක්‍රමණය කරනව. බැට්මෑන්ව හිරකරගෙන මෙයා නගරය පාලනය කරන ගමන් පෙන්ගුයින්, කිලර් ක්‍රොක්, කැට්වුමන් වගේ බැටාගෙ ඉන්න විලන්ල ඔක්කොම මරනව
මෙතනදි බැටාට මොකුත් කරගන්න වෙන්නෙ නෑ මොකද ඩ්‍රග්ස් ඉන්ජෙක්ට් කරල බැට්මෑන් පැරලයිස් වෙලා වගේ ඉන්නෙ
. ඒ වගේම ජෝකර් ගොතම් වල ඉන්න මිනිස්සු කෙමිකල් වල දාල මරනව. හොස්පිට්ල් එකකට බෝම්බයක් පවා දානව.මේ සේරම කරන්නෙ බැටාව මානසිකව වට්ටල දාන්න වගේ.මොකද මේ සේරම වෙද්දි බැටාට මොකුත්ම කරගන්න බැරුව ඉන්න නිසා
ඔහොම මිනිස්සු මරන අතරෙ ජිම් ගෝර්ඩ්න් වත් ජෝකර් මරල දානව..ඔය ඔක්කොම විඳවගෙන ඉන්න බැට්මෑන් ඉදිරියෙදි ජෝකර් පොඩි ළමයෙක්ව මරන්න හදනව.එතනදි ඒක බලන් ඉන්න බැරි උන බැට්මෑන් , එයාව හිරකරගෙන ඉන්න තැනින් එලියට ඇවිල්ල ජෝකර්ව මරල දානව
ඊටපස්සෙ තමයි ජෝකර්ගෙ ප්ලෑන් B එක පටන් ගන්නෙ.ජෝකර් මැරුනොත් එයාගෙ අවසන් හුස්ම විදිහට පිටවෙන්නෙ ජෝකර්ගෙ Nanotoxon ගෑස් එකක්.ඒකට නිරාවරණය වෙන කෙනා ඊලඟ ජෝකර් වෙන විදිහට තමයි මේ ගෑස් එක හදල තියෙන්නෙ.ඉතින් මෙතනදි ඒ ගෑස් එක වදින්නෙ බැටාට.නමුත් මේ ගෑස් එක ඇක්ටිව් වෙන්න කාලයක් යනව.ඒ නිසා ඒ සිද්ධිය උන ගමන් කිසිම වෙනසක් බැටාගෙ පේන්නෙ නෑ…
ජෝකර් මැරිල දවස් දෙකකට පස්සෙ සුපර්මෑන් ඇවිත් බැට්මෑන් එක්ක මේ උන දේ ගැන කතාකරනව. එතනදි ජෝකර්ගෙ ගෑස් එක ආසාදනය උන ළමයි වගයක් ස්ටාර් ලැබ් එකේ ප්‍රතිකාර ගන්න එක ගැන සුපර්මෑන් විස්තර කරන ගමන් එක ළමයෙක් ඩොක්‍ට කෙනෙක්ව සපාකන්න හදපු සිද්ධියක් ගැන කියනව..එතනදි සුපියත් පුදුම වෙන විදිහට ඒක අහල බැටා හිනාවෙනව මෙතනදි තමයි මුලින්ම ගෑස් එක වැඩකරන්න පටන් අරන් කියල අපිට පෙන්නන්නෙ.ඊට දවසකට පස්සෙ බැට්ගර්ල්, නයිට් වින්, රෙඩ් හුඩ් සහ රෙඩ් රොබින් බැට්කේව් එකේ පුහුණු වෙන ගමන් බැටාගෙන් අහනව අසනීප තත්වෙ ගැන.එතනදි තමන්ට පුලුවන් විදිහට බැට්මෑන්ට උදව් කරන්නද අහද්දි තමන්ට උදව් ඕන නෑ කියන බැට්මෑන් එකපාරට මැෂින් ගන් දෙකක් අරගෙන ඔක්කොටම වෙඩි තියල මරල දානව

ඊටපස්සෙ ඩේමියන්ව පැත්තකට අරන් ගිහින් එයාට එකතු වෙන්න කියල ඒත්තු ගන්නල Joker Venom එකෙන් එයාවත් Transform කරගන්නව…

ජෝකර්ගෙ මරණය වෙලා සතියකට පස්සෙ බැට්මෑන් මුලු ජස්ටිස් ලීග් එකම ඝාතනය කරනව.අවසානෙදි බ්ලැක් ක්‍රිප්ටොනයිට් පාවිච්චි කරල සුපර්මෑන් සහ සුපර්ගර්ල්වත් මරල දාන බැට්මෑන් සම්පූර්ණයෙන්ම Batman Who Laughs විදිහට පරිවර්තනය වෙනව
ගොඩක් පවර්ෆුල් මේ කැරැක්ට’ එකට අනිත් යුනිවර්ස් බලන්න හැකියාව තියනව වගේම මෙයා ලඟ තියන කාඩ් සෙට් එකෙන් පුලුවන් රියලිටිය වෙනස් කරන්න. ඒ වගේම මෙයාට තියන තව හැකියාවක් තමයි Bio-Fission එහෙමත් නැත්තම් තමන් වගේම තව Copies ටිකක් හදන්න පුලුවන් වීම ඒ හැදෙන පිටපත් හිතන්නෙ පතන්නෙ ඔක්කොම මෙයා විදිහම තමයි. අනික් වැදගත්ම Power එක තමයි Darkness Manipulation
ඕකට සිංහලෙන් අන්ධකාරය හැසිරවීම වගේ දෙයක් කියන්න පුලුවන්.. එනිවේ ඔයාල දැකල ඇති BWL අත්වල දම්වැල් තියාගෙන ඉන්නව..මේ දම්වැල් Generate වෙන්නෙත් ඔය Darkness එකෙන්. ඒ වගේම මෙයාට පුලුවන් මල්ටිවර්ස් එකේ various realities අතර ගමන් කරන්න කැමති විදිහකට
කොහොමහරි මෙයාගෙ මොළය තවත් බෲස් වේන් කෙනෙක්ගෙ ශරීරයට බද්ධ කරල අවසානයට ඩොක්ට මෑන්හැට්න්ගෙ පවර්ස් අරගෙන මාරම පවර්ෆුල් විලන් කෙනෙක් බවට මෙයා පත්වෙනව
ඉතින් ඔන්න ඕකයි Batman Who Laughs ගෙ කතාව..කාලෙකින් ලිව්වත් හැමදාම කියනව වගේ කොමික් කියවන්නත් හුරු වෙන්න.අපි ලයිව් ඇක්ෂන් වල ඇනිමේෂන් වල දකිනවට වඩා එහා දේවල් ගොඩක් ඒකෙන් අපිට දැනගන්න පුලුවන් වෙනව
අදට මම මෙතනින් ලිපිය නවත්තනව… ඊලඟට අපි මේ Batman Who Laughs ආපු ඩාක් මල්ටිවර්ස් එක ගැන ලිපියකින් හම්බෙමු
තව මේ වගේ ලස්සන ලිපි කියවන්න අපේ Hype zone page එකට සෙට් වෙන්න ( මේක ලස්සනද කියලනම් දන්නෑ )ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න, දන්න දේවල් share කරගන්න අපේ HYPE Community එකටත් සෙට් වෙන්න සහ අමතක කරන්නෙපා Club House එකේ Geek House SL එකට join වෙන්නත්තව දෙයක් තියෙනවා. ඔයාලට අපි දාන ලිපි කියවන්න විතරක් නෙමෙයි ඔයා ආස දේවල් ගැන video බලන්නත් දැන් ඔයාලට පුලුවන්, ඒකට අපේ Hype Zone Youtube Channel එකට සෙට් වෙන්න ආහ්… බලාගන්න පුලුවන් එහෙනම් දැන්ම ගිහින් බලන්න
මම පොඩි අමිල