You are currently viewing || මරණයේ නයිට්වරයාගේ කතාව ⚔️  ||

|| මරණයේ නයිට්වරයාගේ කතාව ⚔️ ||

ඩීසී යුනිවර්ස් එක ❤️..මේක ගැන අපි ගොඩක් දේවල් කතා කරා.මමනං ගොඩක්ම කිව්වෙ කොමික් කියවන්නම පුරුදු වෙන්න කියල.මොකද ලයිව් ඇක්ශන් ෆිල්ම්ස් වල හොඳ අනාගතයක් පේනතෙක් මානෙක නැති හන්ද 😁🙏 ඔහොම නොයෙක් දේවල් ගැන කතාකරපු අපි ඉතින් අද කතාකරන්න හදන්නෙ DC වල ඉන්න ප්‍රධාන Villain කෙනෙක් ගැන.ඒ තමා ඩෙත්ස්ට්‍රොක්🤘විලන් කෙනෙක් කියන එක වැරදී.මෙයා Anti Hero කෙනෙක්. ගොඩක් අයට මේ නම පුරුදු ඇති.මොකද ලඟදි රිලීස් කරපු ස්නයිඩර් කට් එක අවසානෙට වගේම මෙයාව පෙන්නුව වගේම, Deathstroke: Knights & Dragons ඇනිමේශන් මූවී එකත් හුඟදෙනෙක් බලල තියන නිසා. කොහොමත් DC රසිකයෙක් නම් Deathstroke කියන නම නුපුරුදු කෙනෙක් වෙන්න බෑ. මොකද බැටා එක්කත් කරට කර ගේමක් දෙන්න පුලුවන් තරම් හැකියාවක් තියන අතලොස්සෙන් ලිස්ට් එකේ උඩම තැනක් තියෙන්නෙ මෙයාට හන්ද💪 ඉතින් මේ ඩෙත්ස්ට්‍රොක් ගැන තමයි අද කියන්න හදන්නෙ..

ඩෙත්ස්ට්‍රොක්ගෙ ඇත්ත නම ස්ලේඩ් ජෝෂප් විල්සන්.කවුරුත් දන්නෙ ඉතින් ස්ලේඩ් විල්සන් කිව්වම තමා.මේ ඩෙත්ස්ට්‍රොක් කියන චරිතෙ මුලින්ම එලියට එන්නෙ New Teen Titans #2 වෙනි කලාපෙන්.Injustice League, Secret Society of Super Villains කියන කණ්ඩායම් වල සාමාජිකයෙක් උන මෙයා සමහර තැන් වලදි රාස් අල් ගුල් ගෙ League Of Assasins වල සාමාජිකයෙක් වෙලා ඉඳලත් තියනව👌.දැන් බලමු මේ ප්‍රවීණ ඝාතකයගෙ Origin එක මොන වගේද කියල👍 ❤️ .

ස්ලේඩ් විල්සන් අවුරුදු 16 දි තමයි එක්සත් ජනපද හමුදාවට බැඳෙන්නෙ.ටික කාලයක් කොරියාවෙ වැඩ කරාට පස්සෙ ස්ලේඩ්ව වොශින්ටන් වල කඳවුරකට මාරු කරනව. ඒකෙදි මෙයාට මේජර් දක්වා උසස්වීමකුත් හම්බෙනව. 1960 මුල් කාලෙදි මෙයාට මුණ ගැහෙනව කැප්ටන් ඇඩලින් කේන්.මේ කේන් කියන්නෙ වියට්නාම් යුද්ධෙට යවන්න සෝල්දාදුවන්ට අලුත් සටන් ක්‍රම කියාදෙන කෙනෙක්.මේ අලුත් සටන් ක්‍රම ස්ලේඩ් කොච්චර ඉක්මනට ඉගෙනගත්තද කියනවනම් ඇඩලින් පෞද්ගලිකව මෙයාට සටන් ක්‍රම කියාදුන්න ගරිල්ලා යුද්ධෙට.ඔය කාලෙදි ඇඩලින් එක්ක ස්ලේඩ් පොඩි පෙම් පලහිලව්වක් පටන් ගත්ත.ස්ලේඩ්ට ලුතිනන් කර්නල් දක්වා උසස්වීමක් හම්බුන කාලෙම මේ දෙන්න බැන්දා❤️ කොහොමහරි වියට්නාම් යුද්ධය තව උත්සන්න වෙනවත් එක්කම ස්ලේඩ්ටත් යන්න වෙනව.ඔය අතරම ස්ලේඩ්ගෙ පලවෙනි දරුව ග්‍රාන්ට් උපදිනව.ඔතනින් ටික කාලෙකට පස්සෙ ස්ලේඩ් අධිවෘක්ක ග්‍රන්ථිය උත්තේජනය සඳහා වෛද්‍ය පරීක්ෂණයකට ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වෙනව. හැබැයි මේ අත්හදාබැලීම සාර්ථක වෙන්නෙ නෑ. මෙයාව කොමා තත්වෙට පවා වැටෙනව😥. ඒත් කොමා තත්වෙන් නැගිටිනකොට මොලෙන් 90% ක්ම වැඩ කරනව කියලත්, මෙයාගෙ ශක්තිය, ක්‍රියාශීලීබව Superhuman ලෙවල් එකටම ඇවිල්ල කියලත් හොයාගන්නව.ඔව් හරියට කැප්ටන් ඇමරිකා වගේ😋 ඒත් හමුදාවට ආපහු ස්ලේඩ්ව ගන්නෙ නෑ.ඉතින් මෙයා යොමුවෙනව සත්තු දඩයම් කරන පැත්තට. ස්ලේඩ් ඉක්මනින්ම ලෝක ප්‍රසිද්ධ සෆාරි දඩයක්කාරයෙක් උනා වගේම මාර සල්ලි ගොඩක් හෙව්ව.ඔය කාලෙදිම ඇඩලින් මෙයාලගෙ දෙවනි දරුවා උන ජෝසප්ව බිහිකරනව.ස්ලේඩ් දඩයක්කාරයෙක් කියල කිව්වට එතනින් එහා මොකක්හරි දෙයක් තියනව කියල ඇඩලින් හැමවෙලේම සැකකරනව🤨.ඒත් ඉතින් අලුතින් කියල මොකුත් හොයාගන්න හම්බෙන්නෙනම් නෑ.අවුරුදු කීපයකට පස්සෙ කුලී හේවායො වගයක් විල්සන් මන්දිරයට කඩාපැනල තරුණ ජෝසප්ව පැහැරගන්නව.ඇඩලින් එතනදි ජෝසප් බේරගන්න උත්සහ කරත් ගෑස් බෝම්බයක් ගහල කට්ටිය ජෝසප්ව අරන් යනව.

ඔතනට පස්සෙ ආපු ස්ලේඩ් මේ විස්තර සේරම අහගෙන ඉඳල තවදුරටත් ඇත්ත හංගන එකේ තේරුමක් නෑ කියල අවබෝධ කරගන්නව.තමන් සෆාරි දඩයක්කාරයෙක් විතරක්ම නෙමෙයි කියලත් තමන් ලෝකෙ ඉන්න වැඩිම ඉල්ලුමක් තියන භයානකම ඝාතකය කියල හඳුන්වන ඩෙත්ස්ට්‍රොක් කියලත් මෙවලෙ ඇඩලින්ට ස්ලේඩ් කියනව💥.ඒ ගමන් පොරොන්දු වෙනව කොහොමහරි ජෝසප්ව බේරගන්නව කියල. කොහොමහරි ජෝසප් බේරගන්න යද්දි එක අපරාධකාරයෙක් ජෝසප්ගෙ උගුර කපනව ස්ලේඩ් ඒක නවත්තන්න හදද්දිම. ඔතනින් ජෝසප්ව අරන් ඉස්පිරිතාලෙට ඇතුලත් කරාට පස්සෙ තමන්ගෙ පුතාට අනතුරක් වීම ගැන කේන්ති ගිය ඇඩලින් ස්ලේඩ්‍ට වෙඩි තියල මරන්න හදනව.ඒත් ඔතනදි මෙයාගෙ දකුණු ඇහැට විතරයි තුවාල වෙන්නෙ. ඩෙත්ස්ට්‍රොක්ගෙ එක ඇහැක් නොපෙනුනත් කිසිම තැනක මෙයාගෙ මේ දුර්වල දෘෂ්ටිය ප්‍රශ්නයක් උනේ නෑ.ඩෙත්ස්ට්‍රොක්ට අවස්ථා කිහිපයකදිම බැට්මෑන් හමුවෙලා තියනව.ඒ වගේම Teen Titan එකේදි Nightwing, Cyborg, Raven, Starfire සහ Beast Boy ට එරෙහිවත් සටන් කරල තියනව.ඒ වගේම ප්‍රසිද්ධම දේ ඩෙත්ස්ට්‍රොක්ට දීර්ඝකාලීන අවුලක් තියෙයි නයිට්වින්ග් එක්ක😐🙏 රෝස් විල්සන්ගෙ තාත්ත තමා මේ ඩෙත්ස්ට්‍රොක්.ඔය නයිට්වින්ග් එක්ක අවුල ගැන කිව්වොත් තව කියන්න වෙනව වෙනම. ඒ හන්ද ඔයාල හොයන්න ඒ ගැන.දැන් බලමු මොනාද මේ ඩෙත්ස්ට්‍රොක්ගෙ හැකියාවන් කියල.

මුලින් මම කිව්වනෙ මොලයෙන් 90% ක්ම පාවිච්චි කරන්න පුලුවන් උනා කියල.ඉතින් මේ නිසාම සාමාන්‍ය මිනිහෙක්ට වඩා ඉක්මනට උපාය මාර්ග , ගැටලු විසඳන්න ඩෙත්ස්ට්‍රොක්ට පුලුවන්.සටනක් හරි ප්‍රහාරයක් හරි ක්ෂණිකව සැලසුම් කරන්න මෙයාට පුලුවන්😳.ඒ වගේම සටනකදි සතුරගෙ චලනයන් දිහා බලල ඊලඟට මොනා කරයිද කියන දේ දැනගන්න ස්ලෙඩ්‍ට පුලුවන්.දුර, වෙලාව, වේගය කියන දේ අසුරු සැනින් ගණනය කරන්නත් මෙයාට පුලුවන්. ප්‍රත්‍යාවර්ත හැකියාව මාරම ඉහලයි.වෙඩි තියන්න , ඕනම වේගෙකින් හතුරට අභිබවා යන්නත් මේ හන්ද පුලුවන්. එතකොට ශරීර ශක්තිය ගැන කිව්වොත් මෙයා උත්සහ කරොත් ටොන් පහක බරක් පවා උස්සන්න පුලුවන් කියලයි කියන්නෙ😳😳. පැයට සැතපුම් 115 ක වගේ වේගෙන් දුවන්නත් පුලුවන්. සංවේදනයන් ගැන කිව්වොත් සාමාන්‍ය මිනිසෙකුට වඩා හොඳ දේවල් දකින්න, අහන්න, ගඳ සුවඳ විඳින්න මෙයාට පුලුවන්. තව ඩෙත්ස්ට්‍රොක්ට තියෙයි හොඳ Healing Factor එකක්.ඒ කියන්නෙ පුනර්ජනනීය හැකියාවක්. මේ හන්ද පිහි ඇනුම් , වෙඩිපාරවල් එහෙම ඉක්මනට සනීප වෙනව වගේම කැඩුන අස්ථි එහෙම ඉක්මනට හොඳ වෙනව. ප්‍රතිශක්තියත් ඉතාම ඉහලයි.ඒ වගේම බොක්සිං, කරාතේ, නින්ජුට්සු, ජූඩෝ සහ ජුජුට්සු වගේ සටන් ශෛලීන් ගොඩක ප්‍රවීණයෙක්🤺. ඩෙත්ස්ට්‍රොක් ඉතා ආරක්ෂිත ස්ථාන වලින් පවා පැන යාමට තරම් දක්ෂයෙක්. ඒ වගේම සමහර තැන් වලදි දක්ෂ Hacker කෙනෙක්.ඒ වගේම භාෂා ගොඩක ප්‍රවීණයෙක්. බැටා වගේම රිය පැදවීම ගැන ප්‍රවීණයෙක්.තව ඩෙත්ස්ට්‍රොක් කියන්නෙ හොඳ නායකයෙක්. ඔත්තු බැලීම , වෙස්වලාගැනීම වගේ දේවල් වලට ඉතා දක්ෂයෙක්. ඝාතකයෙක් උනේ නැත්තම් ඩෙත්ස්ට්‍රොක් කියන්නෙ බැටා වගේම සුපිරිම වීර චරිතයක්🤘 .ඉතින් ඔන්න ඕකයි අද අපි කතාකරපු චරිතෙ කතාව.කොමික් වල එක එක Era වලදි පොඩි වෙනස්කම් තිබුන උනාට සමස්ත කතාව කොහොමත් ඔය ලඟින් යනව. ඒ නිසා හැමදාම කියනව වගේ කොමික් එහෙම කියවන්න..මෙතන මට මගෑරුනු කරුණුත් ඔයාලට හොයාගන්න පුලුවන් වෙයි💯

අදට මම මෙතනින් ලිපිය නවත්තනව.ලිපියෙ අඩුපාඩු ගුණදොස් ඔය සේරම කියාගෙන යන ගමන්ම තව මේ වගේ ලිපි කියවන්න අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න👌❤️

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community එකත් එක්ක එකතු වෙන්න ❤️

කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන් , ඒකට අපේ Hypezone Youtube Channel එකට සෙට් වෙන්න

අපේ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක ,ඒකට සෙට් වෙන්න Buy Me A Cofee member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයට හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මේකෙන් හම්බෙනවා .එහෙනම් මේ link එකෙන් Buy Me A Cofee එකට සෙට් වෙන්න

ඒ එක්කම අමතක කරන්නෙපා Club House එකේ Geek House SL Follow කරන්නත් 💪💯

සටහන ✍️ ᴀᴍɪʟᴀ sʜʏᴀᴍᴀɴ

Leave a Reply