You are currently viewing කවුද මේ Vigilante කියන්නෙ

කවුද මේ Vigilante කියන්නෙ

හායි හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට… Peacemaker Series එක අදින් ඉවර වෙනවනෙ ඉතින් සීරියස් එකේ ඉන්න හැමෝම වගේ ආදරය කරන Character එකක් වුන Vigilanteගෙ කොමික් පසුබිම ගැන පොඩි විස්තරයක් අරගෙන ආවා.

කොමික් පැත්තට යන්න කලින් Vigilanteගෙ Live Action History එක ගැනත් පොඩ්ඩක් බලාගෙන යමු. 😉

Vigilanteව අපිට මුලින්ම Live Action බලාගන්න පුලුවන් වෙන්නෙ CW නාලිකාවෙ විකාශනය උන Arrow Series එකෙන්. Arrow පස්වන සීසන් එකේ Villain වෙන Prometheus මුලදි Vigilante විදිහට ඉන්නවා කියලා තමයි මේකෙදි පෙන්නනෙ. Prometheusගෙ සම්බන්ධය හැරුනම මේ Vigilante ගොඩක් දුරට Comic Accurate චරිතයක්. ඒක ඔයාල ලිපියෙ ඉතුරු ටිකත් කියවගෙන යන්කොට තේරෙයි. Josh Segarra තමයි මේ සදහා රංගනයෙන් දායක වෙන්නෙ.

ඊට පස්සෙ ආපහු අපිට Vigilanteව Live Action බලාගන්න පුලුවන් වෙන්නෙ James Gunnගෙ Peacemaker show එකෙන්. කාලෙකට කලින් Harry Porter Movies වලින් දැක්ක Freddie Stroma තමයි ඒ සදහා රංගනයෙන් දායක වෙන්නෙ. කොමික් වල Serious character එකක් වෙන Vigilanteව මේකෙදි නම් ටිකක් විතර ආතල් චරිතයක් විදිහට තමයි නිරූපණය කරලා තියෙන්නෙ 😅. නමුත් ඒ වෙනසට ෆෑන්ස්ලාගෙන් හොද ප්‍රතිචාරක් තියනවා. ❤️

Arrow එකේදි වගේම Peacemaker show එකෙත් Vigilanteගෙ Fighting skill සහ Costume එකේ Comic accuracy එක ගොඩක් හොදයි. Peacemaker 4 episode එකේ Prison එක ඇතුලේ Fight එක එහෙම සුපිරියක්. 🔥

Live action Vigilante ගැන පොඩි අවබෝධයක් ගත්ත එකේ අපි Vigilanteගෙ comic side එක ගැනත් පොඩ්ඩක් බලමු,

ඒඩ්‍රියන් චේස් කියන්නෙ හොද සැප පහසු විදිහට හැදුන වැඩුන පොහොසත් කෙනෙක් (බෲස් වෙයින් තරම් නම් පෝසත් නැහැ.) ඒ වගේම එයා තරුණ කාලෙ ඔක්ස්ෆර්ඩ් වල ඉගෙනගත්ත දක්ෂ නීති ශිෂ්‍යයෙක්. ඒ විතරක් නෙමෙයි ඒඩ්‍රියන් 1960 Olympic එකේ Track team member කෙනෙක් විදිහටත් ඉදලා තියනවා.

ඒඩ්‍රියන් එයාගෙ උපාධිය අරගෙන එයාගෙ තාත්තාගෙ සමාගමේ ටික කාලයක් වැඩ කරනවා. ඒත් මෙයා එච්චර කැමතකින් නෙමෙයි මෙතන වැඩ කරන්නෙ. තමන් ඉගෙන ගත්ත දෙයින් සමාජයට සේවයක් කරන්න හිතලා ඒඩ්‍රියන් මෑන්හැටන් වල නීතීඥ කාර්යාලයක රැකියාවට යනවා. රැකියාව කරගෙන ඉන්න අතරතුර මෙයාට ඩේව් බ(ර්)ක්ලි ව හම්බවෙන්නවා. ටික කාලෙකට පස්සෙ බ(ර්)ක්ලි තමයි ඒඩ්‍රියන් බිරිඳ වෙන්නෙත්. මෙයාලට දුවෙක් සහ පුතෙක් ලැබෙනවා. ඔය විදිහට කාලයක් තමන්ගෙ රැකියාව කරගෙන ඉන්න කොට මෙයාගෙ දක්ෂතාවය නිසාම දිස්ත්‍රික් නීතීඥ තනතුරට ඒඩ්‍රියන්ව තෝරගන්නවා. තමන්ගෙ හිතපු විදිහට සමාජය හොද තැනක් කරන්න මෙයා ගොඩක් මහන්සි වෙනවා. නිව්යෝර්ක් වල අපරාධකාරයෝ ගොඩ දෙනෙක්ව නීතිය ඉදිරියට අරගෙන එනවා. ඒ සදහා Nightwing සහ Teen Titansලගෙ උදව්වත් ඒඩ්‍රියන්ට ලැබෙනවා.

ඒත් එක දවසක් අපරාධ කල්ලියක් විසින් ඒඩ්‍රියන්ගෙ ගෙදර බෝම්බයක් සෙට් කරනවා. මේ බෝම්බෙ පුපුරලා ඒඩ්‍රියන්ගෙ බිරිඳයි ළමයි දෙන්නයි නැතිවෙනවා. ඒඩ්‍රියන්ටත් ගොඩක් අමාරු වෙනවා ඒත් එයාට අනතුරෙන් බේරෙන්න පුලුවන් වෙනවා. ඒඩ්‍රියන්ගෙ පරණ ජීවිතය සම්පුර්ණයෙන්ම විනාශ වෙලා ගිය දුක නිසාම සාධාරණය වෙනුවෙන් මෙයා තවදුරටත් සටන් කරන එක නතරකරනවා. දවසක් ඒඩ්‍රියන් තමන්ගෙ පවුලෙ අයගෙ සොහොන ලගට වෙලා ඉන්න වෙලාවක අදුරන්නෙ නැති ගෑනු කෙනෙක් ඇවිල්ල එයාත් එක්ක එන්න කියලා කතාකරනවා. තමන්ගෙ ජීවිතේ අඩියටම වැටිලා හිටපු ඒඩ්‍රියන් එයත් එක්ක යන්න එකග වෙනවා. ගැහැනු කෙනත් එක්ක ඒඩ්‍රියන් කාන්තාරයක් මැද්දටම යනවා. එයාලගෙ ගමන අවසානයට ආවට පස්සෙ එයාට ගුරුවරු 4 දෙනෙක්ව මුණගැහෙනවා. මෙයාල කවුරුත්වම මුලදි එයාලගෙ අනන්‍යතාවය හෙලි කරන්නෙ නැහැ. නමුත් එයාල ඒඩ්‍රියන්ට සටන් කරන්න උගන්නවා. ඒත් ඒඩ්‍රියන් එයාට දුන්න හැම පරීක්ෂණ එකක් වගේම අසමත් වෙනවා. අන්තිමේදි ගුරුවරුන් ඒඩ්‍රියන් එයාලගෙ පුහුණුවීම්මෙන් අයින් කරන්න හදනව. මේ වෙලාවෙ ඒඩ්‍රියන් ඒකට පොඩ්ඩක් කැමති වෙන්නෙ නැහැ තවත් මාස හයක් ගොඩක් මහන්සිවෙලා එයා පුහුණුවීම් කරනවා. අන්තිමේදි ඒඩ්‍රියන් ගුරුවරුන්ගේ සියලුම පරීක්ෂණ ටික සමත් වෙනවා. ඊට පස්සෙ ගුරුවරු හතරදෙනා එයාලව ඒඩ්‍රියන්ට හදුන්වල දෙනවා. එයාල ආත්ම හතරක්. එතන ඉදන් ඒඩ්‍රියන් එයාලගෙ Agent කෙනෙක් වෙනවා. අසාධාරණයට ලක්වුණ මිනිස්සු වෙනුවෙන් පලිගන්න එක තමයි ඒඩ්‍රියන්ගෙ මෙහෙයුම වුනේ.

ඒඩ්‍රියන් ආපහු නිව්යෝර්ක් වලට එනවා. ඒ එන්නෙ Vigilante විදිහට. Vigilante කියන්නෙ Hand to Hand combat වල ප්‍රවීණයෙක් වගේම ආයුධ ගැන විශේෂක්ණයෙක්. මෙයාගෙ පුහුණුවීම් නිසා අධික වේදනාවක් දරාගැනීමේ හැකියාවක් තියනවා. Vigilante නිව්යෝර්ක් වල හිටපු අපරාධකරයෝ ගොඩ දෙනෙක්ව අල්ගන්නවා. ටික කාලයක් මේ විදිහට හිටපු ඒඩ්‍රියන් ආපහු තමන්ගෙ පරණ රස්සාවට යන්න තීරණය කරනවා. මේ නිසා ඒඩ්‍රියන් එයාගෙ Vigilante අනන්‍යතාවය අතහරින්නවා.

එක දවසක් ගතවෙන්නත් කලින්ම වෙනත් පුද්ගලයෙක් Vigilante costume එකක් ඇදගෙන අපරාධකාරයන්ව වගේම පොලිස් නිලධාරීන් මරන්න පටන්ගනවා. මේකට තමන් වගකියන්න ඕනි කියල හිතපු ඒඩ්‍රියන් අළුත් Vigilanteව අල්ලන්න යනවා මේ සටනෙදි එයාට බොරු Vigilanteව මරන්න් සිද්ධවෙනවා. ඒඩ්‍රියන් ආපහු තමන්ගෙ සාමාන්‍යයෙන් ජීවිතේට යන්න හදනකොටම තවත් Fake Vigilante කෙනෙක් මතුවෙනවා. දවසක් හොරෙක් Plane එකක් Highjack කරපු වෙලවක Fake Vigilante හොරාව අල්ලන්න යනවා ඒත් ඒ වෙනකොටත් Peacemaker ඒක නවත්තලා තිබුනෙ. මේ දෙන්න අතර වුන වැරදි වැටහීමක් නිසා Peacemaker දෙවනි Fake Vigilanteව මරනවා. මේක නිසා ඒඩ්‍රියන් ගොඩක් කනගාටු වෙනවා. තවත් Fake Vigilante කෙනෙක් මැරෙන්න නොදී ඒඩ්‍රියන් ආපහු සැරයක් Vigilante Costume එක අදිනවා. ටික දවසකට පස්සෙ Vigilanteට ආපහු සැරයක් Peacemakerව හම්බෙනවා මේ දෙන්නා අතර ලොකු සටනක් යනවා. මේ සටන TV එකේ Live විකාශනය කරන්න පටන්ගන්නවා. සටන අතරමැද Vigilanteගෙ mask එක ගැලවෙනවා. ඒඩ්‍රියන්ගෙ අනන්‍යතාවය හැමෝම වගේ දැනගනවා. ඊට පස්සෙ ඒඩ්‍රියන්ව Most Wanted Criminal කෙනෙක් වෙනවා. තමන්ට තියන ප්‍රශ්න නිසා ලොකු මානසික ආතතියකින් පැලෙමින් හිටපු ඒඩ්‍රියන් අන්තිමේදි සියදිවි හානි කරගන්නවා. 😢💔

ඉතින් ඔය විදිහට කොමික් වලදි Vigilanteගෙ කතාව කියවෙන්නෙ. ඔයාල Vigilanteගෙ comic side එක පොඩි අවබෝධයක් ලැබුනා කියලා හිතනවා. 🙂

Peacemaker පළවෙනි සීසන් අදින් ඉවරවුනාට Peacemaker season 2 සහ Suicide Squad තවත් Character එකක Spin-off Series එකක් ගැන James Gunn ඉගි පලකරලා තියනවා. Vigilanteට Fansලාගෙ ලැබුන ප්‍රතිචාරත් එක්ක එයා ගැන වෙනම සීරියස් එකක් එන්න ලොකු ඉඩක් තියනවා. කොහොමත් ඉස්සරහට Gunn DC එකත් ලොකු වැඩක් කරයි. ❤️
එහෙමනම් ඉතින් අපි කැපුනා. තවත් මේ වගේම ලිපියකින් හමුවෙමු…

Admin – Pasindu Ransilu (Jughead Jones) 🧜🏻‍♂️

Leave a Reply