“Water….Earth….Fire….Air….
Long ago the four nations lived together in harmony. Then everything changed when the fire nation attacked. Only the avatar, master of all four elements could stop them.”
මේ වචන ටික ඇහෙද්දිත් තාම අපි මේ එක එක මූලධාතු ප්‍රගුණ කරනව වගේ අතපය එහෙමෙහෙ යොමු කරනවා😜. ඒ සුන්දර ලෝකයට අපි තාමත් ආදරය කරනවා එදා වගේම. ආසාවෙන්ම පියමන් කරපු ලෝකයක් තමයි, මේ ඇවටාර් ලෝකය. 💕
ඉතින් Avatar: the last airbender කියන්නේ අපි බොහොමයක් දෙනාගේ පුංචි කාලේ වගේම තවමත් සිත් ඇදබැඳ තබාගන්න සමත් වුණු animation කතා මාලාවක්🥺. මේ කතා මාලාව පුංචි කාලේ බලපු එක්තරා කාටූනයක් විතරයි කියල වර්ග කරන්න ඔයාලා බොහොමයක් වගේම මමත් අකමැතියි. ඇවටාර් කියන්නේ යම් කාටූනයකට වඩා ඔබ්බට ගියපු ගැඹුරු කතාවක් රැගත් animation series එකක්🍃. ඉතින් මේ Avatar the last airbender කතා මාලාවට පසුව ඒකට sequel එකක් වශයෙන් නිර්මාණය වුණු Legend of Korra කියන්නේත් ඇවටාර් විශ්වයේ විහිඳයාම තවත් වැඩිදියුණු කරපු කතා මාලාවක්. ඇවටාර් ඈන්ග් ගෙන් පසුව ඇවටාර් විශ්වයේ වෙනස්වීම් අපිට මෙතුළින් බලාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ වුණු වෙනස්කමක් ගැන තමයි මේ කතා බහෙන් සිදුකරන්න අපි සූදානම් වෙන්නේ. 😉
Legend of Korra බලපු බොහොමයක් දෙනා සියල්ලෙන් පරිපූර්ණ වුණු ලෝකයේ තිබුණු රාජ්‍ය හතරෙහිම මිනිසුන් සාමයෙන් ජීවත් වුනු නගරයක් දැක තිබෙනවා. ඒ නගරය තමයි Republic city🌁 එක. මේ Republic city එක Avatar the last airbender, Legend of Korra කතා මාලාවන් හා Avatar Comics අතර ඇවටාර් විශ්වයේ ගලා යාම ඇතිකරවන පාලමක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ නගරයට interesting ඉතිහාස කතාවක් තියෙනවා. මේ නගරය ඇතිවුණේ ඇයි? කොහොමද වගේ දේවල් අපි සොයාබලමු මේ තුලින්. ඉතින් අද අපි කතා කරමු මේ Republic city එක ගැන.🌁♥️
අපි මුලින්ම සොයා බලමු මේ නගරය ආරම්භ වුණේ කොහොමද කියලා. මේ නගරයේ සම්භවය ප්‍රධාන කතා මාලාවේ ඒ කිව්වේ Avatar the Last airbender series එකේ පෙන්වන කාල පරාසය දක්වාම දිවයනවා. ඒ වගේම Continued comic book series එකෙන් එහි ඉතිරිය පැහැදිලි කෙරෙනවා. 🙌🏻
වසර සියයක යුද්ධය අවසන් වුණාට පසුව ඇවටාර් කණ්ඩායම සහ නව Fire lord🔥 බවට පත්වූ Zuko එක්ව සාමය ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුත්තෙහි නියැලුණා. මෙයින් සූකෝගේ පියා වුනු ඕසායි හා සීයා වුනු සෝසින් විසින් යටතට ගන්නා ලද Fire nation කොලනි සහ යටත් කරගත් ප්‍රදේශ නැවත Earth Kingdom එක වෙතට ලබා දීමට කටයුතු කලා🌄. එමඟින් Fire Nation වැසියන්ට නැවත තම රාජ්‍ය වෙතයාමට බල කරනු ලැබුවා. මෙසේ යටත් කරගත් කොලනි නැවත Earth Kingdom එක වෙතට පාලනය ලබා දෙමින් පැමිණෙන විට Yu Dao නම් ප්‍රදේශයේ දී මේ සියල්ල වෙනස්වනවා. Yu Dao කියන්නේ Earth Kingdom එකේ තිබුණු Fire nation කොලනිවලින් තිබූ පැරණිම කොලනිය. එහිදී Yu Dao කොලනියේ ජීවත් වූ වැසියන් නැවත එය Earth Kingdom එකට ලබාදීමට විරුද්ධ වුණා.🌚🤷🏻♂️
ඉතින් මෙතනදී මම Yu Dao කොලනිය පිළිබඳ පොඩි හැඳින්වීමක් කරන්නම්. Fire Nation එකෙන් යටත් කරගැනීමට පෙර Yu Dao කියන්නේ ඉතාමත් නොදියුණු දුගීජනයා පිරුණු ප්‍රදේශයක්. නමුත් පසුව Fire Bendersලා🔥 හා Earth Bendersලා🗿 එක්ව කටයුතු කරලා මේ ප්‍රදේශය Fire Empire එක තුළ තිබූ ධනවත්ම කොලනියක් බවට පත් කරන්නට කටයුතු කලා🤑. ඔවුන් එක්ව මුළු අධිරාජ්‍යය තුළම ලබාගත හැකි හොඳම ලෝහ වර්ග නිපදවීම සිදුකලා. ඉතින් මේ ආකාරයට ඔවුන් ලෝකයේ තිබුණු ධනවත්ම නගරයක් බවට වගේම Fire nation එකට තිබුණු හොඳම වත්කමක් බවට පත්වුණා.💲💰
මේ වගේ හේතු නිසාම Fire nations ලා මේ භූමිය නැවත Earth Kingdom එකට දෙන්න අකමැති වුණා😒. නමුත් Earth nation එකට අවශ්‍ය වුනා මේ Fire nation පුරවැසියන්ව මෙයින් ඉවත් කරගන්න. ඔවුන් දෙපිරිස සහයෝගයෙන් කටයුතු කල ද එයින් වැඩි ලාභ ඉපැයුවේ Fire nation පුරවැසියන් විසින් නිසා Earth Nation පුරවැසියන් කැමති වුණා මේ පිරිස Yu Dao වලින් ඉවත් කරනවට. ඉතින් මේ සාමය ප්‍රතිස්ථාපනය කරන කටයුත්තේ අවුරුද්දකට පසුව Fire Lord Zuko විසින් මේ නගරයේ නගරාධිපතිට පැවසුවා මේ ප්‍රදේශය නැවත Earth kingdom එක වෙත ලබාදිය යුතු බව. ඉතින් මේ ඉල්ලීමට නොසතුටට පත් නගරාධිපති විසින් සූකෝට විශේෂයෙන්ම ඔහුගේ පියා Fire Lord Ozai හා සසඳන විට සූකෝ Fire nation එකේ ද්‍රෝහියෙකු සහ බියගුල්ලෙකු යැයි පවසමින් බැණවැදෙනවා. සූකෝ මෙහිදී නගරාධිපතිගේ බිරිඳ earth nation එකේ කාන්තාවක් බවත් ඔවුන්ට දියණියක් ද සිටින බවත් දකිනවා. ඉතින් මේ හේතුව නිසා සූකෝ තම හමුදාව රැගෙන නැවත Fire nation එක වෙත යනවා. සූකෝ හිතනවා මෙය ඉතා සාමකාමීව පවත්වාගෙන යන කොලනියක් නිසා ඔවුන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි කියලා.🕊️
මේ ක්‍රියාව නිසා Earth Kingdom එක හා Fire Nation එක අතර යුද්ධයකට මඟ පෑදුණා⚔️. ඉතින් පෙර ඇතිවුන යුද්ධවලට මෙන් නොව මෙහිදී යුද්ධය නැවත්වීමට ඇවටාර් ඈන්ග් ජීවත්ව සිටියා. ඈන්ග් යුද්ධය අතරතුර Earth King ට ඔහු මේ සටන් වඳින්නේ සියලු මූල ධාතු පාලනය කරන්නන් සමඟ බව කියා සිටියා😎. ඔහු කියා සිටියා මේ Earth King සටන් වදින්නේ යම්කිසි හමුදාවක් සමඟ නොව නව සාමුහික ලෝකයක් සමඟ බව. මේ යුද්ධය අතරවාරයේ ඈන්ග් විසින් සූකෝව රැගෙන යනවා. පසුව සූකෝට සිහි නැතිවෙනවා. මෙහිදී ඔහු තමාගේ මනසින් තම තීරණය එක්කම සටන් කරනවා. Lake Laogai සිද්ධිය ඔයාලට මතක නම් ඒ තුළදී වූවාක් මෙන් ඔහු මෙහිදීත් සිහිය නොමැතිව මේ ගත් තීරණය හා සටන් කරනවා. ඔහුට ඔහුගේ පියාට සාපෙක්ශව බියගුල්ලෙකු හා ද්‍රෝහියෙකු වීමට අවශ්‍ය වුනේ නෑ. නමුත් ඔහු එම කොලනිය Earth Kingdom එකට ලබා නොදීම වරදක් බවත් ඔහු දැනගෙන සිටියා. ඉතින් මේ හේතු නිසාම ඔහු තම සිත සමඟ තරඟ කරමින් සිටියේ. ඈන්ග් සූකෝව රැගෙන ගියේ අන්කල් අයිරෝ ගේ Tea Shop එක වෙත. මෙතනදී සූකෝ දවස් හතරක් එකදිගට තම සිත සමඟ තරඟ වැදෙමින් නින්දෙහි පසුවුනා. පසුවා ඈන්ග් හා සූකෝ එක්ව Yu Dao කොලනිය Fire nation එකට හෝ Earth Kingdom එකට අයිති නොවන ස්වාධීන රාජ්‍යයක් විය යුතු බව තීරණය කරනවා🕊️🖤.
මේ ආකාරයට Earth Kingdom එකේ බටහිර කොටසට අයත් ප්‍රදේශ කිහිපයක් ස්වාධීනව කටයුතු කිරීමට පෙළඹුණා. ඔවුන් සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට යොමුවුණා. මේ නිසාම ඒ ප්‍රදේශයන් ලෝකයේ අනෙක් ප්‍රදේශවලට වඩා වේගයෙන් කාර්මික දියුණුවට පත් වීම සිදුවුණා🏭. මෙහිදී එක්තරා ප්‍රදේශයක් අනෙක් ප්‍රදේශ සියල්ලටම වඩා වේගයෙන් දියුණුවට පත්වුණා. ඒ ප්‍රදේශය හැඳින්වූයේ Cranefish Town🐟 ලෙස. එම ප්‍රදේශය තුළ එක් විශාල පිරිපහදු කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගියා. එහි සියලුම මූල ධාතු පාලනය කරන්නන් සේවය කලා. එය Loban නම් Fir Nation පුරවැසියෙක්ට අයිතිව තිබුණා. මෙහිදී Loban විසින් අයුතු විදියට සේවකයන්ගෙන් ශ්‍රමය ලබා ගත්තා. මේ හේතුව නිසා Loban ව පලවා හැර මෙහි අයිතිය Loban ගේ බෑණා වුණු Satoru හා Toph ගේ පියා වුණු Lao Beifong විසින් ලබාගන්නවා. මේ Crainfish Town එක පෙර සිටි ඇවටාර් කෙනෙකු වූ Air Nomad Yangchen සිටි නගරයක් නිසා එහි සංස්කෘතිකාංග රැකගන්න ඇවටාර් ඈන්ග් ද Loban ව පලවා හැරීමට දායක වෙනවා. අපි තවත් දවසක කතා කරමු කවුද මේ Yangchen කියන්නේ කියලා. මෙහිදී කල උදව් නිසා Satoru විසින් Toph ට Metal bending school එකක් පවත්වාගෙන යාමට අනුග්‍රහය ලබාදෙනවා. 🏫
කෙසේ හෝ මේ කොලනි සියල්ල ඉතා වේගයෙන් දියුණුවට පත් වෙනවා. මේ නිසාම ලෝකය Nations 4 පුරාම මිනිසුන් බලාපොරොත්තු සහගතව මේ කොලනි තුළට ඇදී එනවා.💕 මේ නිසා කොලනි තුළ අධික ජනගහන වර්ධනයක් ඇති වෙනවා. මේ අධික ජනගහනය නිසා Cranefish Town එකට විරැකියාව, දරිද්‍රතාවය සහ අපරාධ වලින් පීඩා විඳීමට සිදු වෙනවා. Crainfish Town එක තුළ එක් වීදියක් හා සාප්පු තුනකින් ආරම්භ වූ කාර්මික දියුණුව කිසිවෙකුට සිතා ගත නොහැකි වේගයකින් වැඩි වී නැවතත් ඇවටාර් කණ්ඩායම මේ නගරයට එන විට එය හඳුනාගත නොහැකි අන්දමට වෙනස්ව පැවතුණා. මේ ජනගහණ හා විරැකිය වර්ධනය සමඟම මිනිසුන්ගේ ආතතීන් වැඩි වෙලා Bendersලා හා non-bendersලා අතර වාර්ගික ගැටුම් ඉහළ යනවා. මේ නගරයේ Government එකක් තිබුනේ නෑ. ඔවුන්ට තිබුනේ ව්‍යාපාරික කවුන්සිලයක් පමණයි. මේ කවුන්සිලයට සියලු අපරාධ නැවැත්වීමේ හැකියාවක් තිබුණේ නෑ. ඒ නිසා අන්තවාදී මතවාද ජනගහනයේ කොටස් අතර මුල් බැස ගැනීමට පටන් ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස Lilingගේ නායකත්වයෙන් යුත් සංවිධානාත්මකව Bendersලාගේ අධිපතිවාදයක් බිහි විය. ඒ විතරක් නෙමෙයි මේ කොලනි වලට විරුද්ධව යුද්ධයට ද Earth King යොමුව තිබුණා. මේ සියල්ලටම විසඳුමක් ඈන්ග් හා සූකෝ විසින් සොයමින් සිටියා. ඔවුන් දැන සිටියා මේ කොලනි තුළ Nations 4ම මිනිස්සු සමගියෙන් සිටි බව. වසර සිය ගණනකට ලෝකයේ තිබුණේ දේශයන් 4ක් පමණයි. නමුත් ඈන්ග් හා සූකෝ දැන සිටියා මෙය වෙනස් විය යුතු බව වගේම ඔවුන් තීරණය කරනවා 5වන දේශයක් ද තිබිය යුතු බව.💯 මේ දේශය තුළ අනෙක් ඕනෑම දේශයක අයෙක් පැමිණ ජීවත් විය හැකි Benders හා Non-benders ලෙස නොබෙදී සියල්ලන්ම සාමයෙන් ජීවත් විය හැකි දේශයක් විය යුතු බවත් ඔවුන් දෙදෙනාම සිතනවා. අවසානයේදී ඇවටාර් ඈන්ග් හා Fire Lord සූකෝ එක්ව මේ Crainfish Town ද ඇතුළුව කොලනි සියල්ල පස්වන Nation එක විදියට ස්ථාපිත කරනවා. මේ Nation එක තුළ අනෙක් සියලුම Nation වලින් පැමිණෙන සියලුම මිනිසුන්ට සාමයෙන් ජීවත් විය හැකි ආකාරයට පසුබිම ඔවුන් විසින් සකස් කරනවා. 💖
මේ නව ජනරජයේ පාලනය පෙර පැවති ව්‍යාපාරික කවුන්සිලය වෙනස් කොට ප්‍රධාන Nations 4ම නියෝජනය කරමින් පුරවැසියන් 5ක් සිටින කවුන්සිලයකට භාර වෙනවා. මේ කවුන්සිලය United Republic Council වශයෙන් හඳුන්වනු ලබනවා. මෙයට සාමාජිකයන් 5ක් ඇතුළත් වනුයේ ජල ගෝත්‍ර දෙකට වෙන වෙනම සාමාජිකයන් දෙදෙනෙක් වශයෙන් ඇතුළත් වන නිසා. මොවුන් මේ නව දේශය United Republic of Nations වශයෙන් නම් කරන අතර, Crainfish Town එක එහි අගනුවර ලෙස Republic city නමින් ස්ථාපිත කරවනවා. මෙහි තිබූ කවුන්සිලය මඟින් ස්ථාවරය හා පාලන කටයුතු ගෙන ගිය ද ඔවුන්ට නොහැකි වෙනවා මේ Nation එක තුළ අපරාධ මැඩ පවත්වන්න. මේ නිසා Toph ප්‍රමුඛ ඇයගේ Metal Bending පාසලේ අයගෙන් සැඳුම්ලත් පොලීසියක් මෙහි ස්ථාපිත කරනවා. ඒ වගේම මේ Republic city එක අසල තිබූ කුඩා දූපතක් Air Temple🏯 දිවයින ලෙස ඈන්ග් විසින් නිර්මාණය කරනු ලබනවා. ඉතින් මේ නගරය ගත් කල මෙහි විශාල වශයෙන් සාප්පු සංකීර්ණ කර්මාන්තශාලා බොහොමයක් නිර්මාණය වුණා. ඒ වගේම මේ නගර මධ්‍යයේ විශාල උද්‍යානයක් ද ස්ථාපිත කරනු ලබනවා. පසු කලෙක Avatar Korra Park⛲ ලෙස හැඳින්වූයේ ද මේ උද්‍යානයයි. ඒ වගේම නගර මධ්‍යයේ City hall එකක් පැවතුණා. ඒ තුල තමයි ඔවුන්ගේ රජය වුණු කවුන්සිලය පැවැත්වූයේ. මේ නගරය තුළ Pro Bending ක්‍රීඩාවත් ආරම්භ වෙනවා. මුළුමනින්ම රත්‍රං වලින් නිමැවූ විශාල Pro Bending Arena🏟️ එකක් නගරයේ මුහුදට මුහුණලා නිර්මාණය කරනවා. ඒ වගේම මේ නගරය තුළ තවත් බොහොමයක් වටිනා ස්ථාන නිර්මාණය වුනා. උදාහරණ වශයෙන් Ba Sing Se mall🛍️, Fire Lord සූකෝගේ පිළිමයක් තනවා තිබූ Central city Station🚉, Councilman සොක්කාගේ පිළිමයක් තනවා තිබූ Southern Cultural Center, Avatar Aang Memorial island වගේ බොහොමයක් අනුස්මරණ සහගත ස්ථාන අන්තර්ගත වුනා. මේ ආකාරයට සාමය ස්ථාපිත වූවාට පසුව Earth King Kuei ද මේ නවමු ස්ථාපිත දේශයට අයත් භූමියට Earth Kingdom එකෙන් වෙන්ව ස්වාධීන භූමියක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙනවා. 🕊️
Legend of Korra කතා මාලාවේ Amon ගේ Anti-bending විප්ලවයට පසුව මේ දේශයේ පාලන කටයුතු කළ කවුන්සිලය විසුරුවා හැර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මැතිවරණයකින් පත්වන ජනාධිපතිවරයකුට මෙහි පාලන තන්ත්‍රය හිමි වෙනවා. ඉතින් Legend of Korra බලපු හැමෝම දන්නවා වගේ United Republic of Nations හි පලමු ජනාධිපතිවරයා වන්නේ Raiko.🤓 ඒ වගේම කුවීරාගේ සටනින් පසුව Comics වලට අනුව United Republic of Nations හි ජනාධිපති ධූරයට බවට Raiko ව පරාජයට පත් කර Zhu Li Moon👓 පත්වෙනවා. මේ ආකාරයට තමයි Republic city එකේ කතාව ගලා යන්නේ. ඉතින් අද අපි මේ කතා කලේ ඇවටාර් විශ්වයේ එන ප්‍රධානතම වගේම වැදගත් නගරයක් ගැන. අපිට ළඟදී දැනගන්න ලැබුණා Nickelodeon ආයතනය විසින් Avatar Studio එකක් ස්ථාපිත කල බව😉. මෙයින් අපිට විශ්වාසයක් තබාගන්න පුලුවන් මේ ඇවටාර් විශ්වය මේ කතා මාලාවලින් නොනැවතී ඉදිරියටත් Continue වේවි කියලා❤️. කෙසේ හෝ අපි තවත් ඇවටාර් විශ්වයේ බොහෝ අය නොදත් තතු රැගෙන නවමු අත්දැකීමකින් ඉදිරියේදී මුණ ගැසෙමු. 🔥
එතෙක් Stay Safe. Stay Hype.💞💫