ගායිස් මොකෝ වෙන්නෙ ✌️ අද මන් යන්නේ ටිකක් අමුතු ආතල් තියෙන ඇනිමේටඩ් සීරිස් එකක් ගැන පොඩියට කතා කරන්න . Intro එකක් දෙන්න .
ඉතින් එහෙනම් ඉක්මනටම බහිමු වැඩේට ❤🚀
ඔයාල ආට්වර්ක් එක දකිද්දි සෙට් එකක් සමහර විට හිතුව ඇති මොකක්ද මේ Family Guy කියන්නේ , මේ කාටුන් ටයිප් සීරිස් එක ආතල් ද , බලන්ඩ ඕනිද කියල , අපේ අනිත් සෙට් එක නම් මේ වෙද්දි Family Guy සම්පුර්ණයෙන් හරි එහෙමත් නැත්තම් සීසන් දහයක් දොලහක් හරි ,එහෙම්මත් නැත්තම් අඩුම තරමේ එපි දෙක තුනක් හරි බලල ඉන්න මේක ගැන පොඩියට හරි දන්න .
Family Guy කියන්නෙ ගායිස් ආතල් උපරිමේටම තියෙන ඇනිමේටඩ් සිට්කොම් එකක් . ආතල් උපරිමයි කියන්නෙ ආයෙ මේක නම් අම්මටසිරි වෙන ආතල් සීන් තියෙන Dark Humour වලින් හෙම පිරිල ඉතිරිලා තියෙන සැපේ චිල් එකෙ හිනා වෙවී බලන්ඉ පුලුවන් ඇනිමේටඩ් සිට්කොම් එකක් 🤣❤
Plot එක ගැන ලාවට කතා කරොත් Us වල Rhode Island ප්‍රාන්තෙ තියෙන Quahog කියන ටවුන් එකේ ඉන්න Peter Griffin සහ Lois Griffin කියන Parents ල දෙන්න , ඒ දෙන්නගෙ පවුලෙ ඉන්න ලමයි තුන් දෙනා වෙන Meg , Chis , Stewie සහ මේ පවුලෙ සුරතලා වෙන Brian කියන කතා කරන්ඩ පුලුවන් බල්ලයි ඇතුලු පවුල බේස් වෙලා මේ සෙට් එක කෙලින පිස්සු ආතල් එක්ක ඉන්න අසල්වැසියෝ සෙට් එක අතර තමා කතාව ගලන් යන්නෙ .
චරිත ටික ගැන කතා කරොත් Peter කියන්නෙ ටිකක් හෙන ගොන් මොඩ වැඩ කරන පොඩි එකෙක් වගේ හැසිරෙන අමුතු ටයිප් එකේ මනුස්සයෙක් කෙලින්ම කිව්වොත් Retarded Pro Max Ultimate Plus 🤣 , පොර තමා දඩම ආතල් දෙන්නෙ 🤣❤ පොර කරොත් එක්කෝ නඩුවක් එක්කෝ ගම කාලා නැතිබංගස්තාන වෙන වැඩක්ම තමා 🤣 පොරගෙ ලස්සන වයිපරේ Lois කියන්නෙ Quahog වල ඉන්න දඩම සල්ලිකාර වගේම මාන්නක්කාර ඩයල් එකක් වෙන Carter Pewterschmidt ගෙ දුවෙක් . කලින් සැපේ ඉදල පස්සෙ බැන්දට පස්සෙ Retarded ටයිප් හබියත් එක්ක සැහෙන කට්ටක් කන කෙනෙක් . මෙයාත් වෙලාවකට හබියට වඩා හෙන මෝඩ වැඩ කරන House Wife කෙනෙක් සහ අම්ම කෙනෙක් . පට්ට ආතල් දෙන්නෙ මෙයත් ❤🤣
ඊලඟට ඉන්නව පවුලෙ එකම දුව Meg මේයා තරම් ෆැමිලියෙ බයිට් වෙන කෙනෙක් නෑ ගායිස් , ගොඩාක්ම වෙලාවට ඉන්නව කියල වත් ගනන් ගන්නේ නෑ 🤣 කොල්ලෙක් නැතුව ටීන් ඒජ් එකේ Desperate ලයින් එකේ ඉන්න කෙල්ලෙක් තමා මෙග් කියන්නෙ . ඇත්තටම peter ට සහ Lois ට මෙග් ලැබෙන්න ඉන්න එක අත්වැරැදීමකින් උන දෙයක් 🤣 Lois Birth Control Pills කියල Antibiotics අරගත්ත නිසා උනු දෙයක් තමා මෙග් කියන්නෙ 🤣 මෙග් ට පස්සෙ උපදින Chris උනත් මිස්ටේක් එකක් තමා ගායිස් 🤣 පොර Broken Comdom එකක ප්‍රතිඵලයක් 🤣 පොර ගැන කතා කරොත් පොරත් තාත්ත වගේම Retarded ultra pro max ultimate plus ටයිප් එකේ පොරක් 🤣 කොමන් සෙන්ස් කියල නාමයක් නෑ ක්‍රිස් ට 🤣 ඊළගට ඉන්නව පවුලෙ පොඩිම එකා Stewie , කතාවෙ හැටියට පොර අවුරුද්දක වගේ එකෙක් උනාට පවුලේ හැම එකාටම වඩා ඔලුවක් තියෙන … ආහ් Literally හෙන ඔලුවක් තියෙන්නෙ පොරට ඒකත් අමුතු ටයිප් ඔලුවක් තමා 🤣 පීටර්ට ගොඩක් වෙලාවට “The Fat Man ” කියල කියන පොර Lois ට ඒ නමින්ම කතා කරන්නෙ 🤣 හැබැයි පොරට Lois ව පෙන්න බෑ 🤣 ලොයිස් ට මොකක් හරි විදියකට කෙලවන්ඩම , කෙලවන්ඩම කියන්නෙ සමාදානෙ සතප්පවන්ඩම Plans ගහන Evil බබෙක් තමා පොර 🤣🚀 පොර extreme Violence amd Criminal act වලට කප් ගහපු පොඩි බබෙක් 🤣
ආහ් අමතක උනා අයේ ඉන්නව Griffin Family එකේ ආදරණිය හුරතලා Brian , බ්‍රයන් කියන්නෙ දාඩාවතේ යන් බල්ලෙක් වෙලා ඉදල පීටර් ලොක්ක අරන් ඇවිත් හදාගත්ත කතා කරන්ඩ පුලුවන් පට්ට මොලයක් තියෙන දඩ පොත් කියවන භාශා බර ගානක් සුපිරිම විදියට කතා කරන්ඩ පුලුවන් ඒ වගේම සැපට බොන්ඩත් පුලුවන් සුරතලා ( කලින් කොකේන් වලට ඇඩික්ට් වෙලා හිටිය ඇල්කොහොලික් බලු යාලුවෙක් තමා බ්‍රයන් ) 🤣 පොරගෙ හොදම යාලුව තමා අපේ පීටර් ❤ බ්‍රයන් ගෙ එක වැඩක් තමා ලොයිස් ව ලයින් කරන්න දඟලන එක 🤣පොරට දඩ ක්‍රශ් එකක් තියෙ ලොයිස් ගැන 😉
ඒ වගේම මේ සීරිස් එකේ ඉන්න අමතක කරන්ඩම බැරි චරිතයක් තමා Glenn Quagmire කියන්නෙ 😉 කලින් U.S නේවී එකේ වැඩ කරල දැන් ඒයාලයින් පයිලට් කෙනෙක් විදියට වැඩ කරන පොර සරලවම Sex Addicted සහ දඩ Perverted පොරක් 🤣 පොරට තියෙන ලොකුම ආතල් එක තමා සෙක්ස් කරන එක 🤣 පිස්සු කෙලින්නේ ඩයල් එක 🤣🤣 පොර හැම වෙලාවෙම දකින්ඩ පුලුවන් “All Right ” කියන් ඔලුව ඉස්සරහට පස්සට හොලව හොලව ඉන්නව 🤣🤣පොර එක තැනක කියනව පොර අඩුම තරමේ ගෑනු අය 1000 ක් එක්ක වත් ඉදල තියෙ කියල 🤣🔫අයෙ පොරගෙ catchphrase එක තමා “Giggty” කියන්නෙ 🤣 පොර ඒක කියන විදියයි කියන අවස්තාව තමා පට්ට ආතල් 🤣
ඒ වගේම පොරටම කියල තීම් සෝන්ග් එකකුත් තියෙ ඒ තමා :
“He’s Quagmire, Quagmire
You never really know what he’s gonna do next
He’s Quagmire, Quagmire
Giggity giggity giggity giggity, let’s have sex!”
🤣🤣🔫
ඔය වගේ දඩ පිස්සු චරිත සේට් එකක් එක්ක ගලාගෙන යන මේ පට්ටම ආතල් සීරිස් එක 1999 january 31 ඉදන් මේ වෙද්දි එපි 369 කින් , සීසන් 19 (බය වෙන්න එපා එපි බර ගානක් කියල 20 min වගේ එපි තමා තියෙන්නෙ😉✌️ )තිස්සෙ මිනිස්සුට දඩ ආතල් එකක් දෙන මේ සිරිස් එකේ නිර්මාතෘවරයා වෙන්නෙ දඩම director /Actor / producer කෙනෙක් වෙන Seth Macfarlane විසින් , පොර ගැන පොඩ්ඩක් YT වල හෙම බලන්ඩ පට්ට ආතල් පොරක් 🤣❤ develop කරන්නෙ අපෙ Seth Macfarlane සහ David Zuckerman විසින් , මේ සිරිස් එක ටෙලිකාස්ට් වෙන්නෙ Fox නෙට්වර්ක් එකෙන් ❤😍
තව මේ සිරිස් එකේ Voice වලට දායක වෙනව Seth Macfarlane ( පොර Voice කරනව Peter , Brian , Stewie කියන මේන් චරිත තුනට සහ සැරින් සැරේ සිරිස් එකේ ඉන්න Glenn Quagmire ට , new Anchor කෙනෙක් වෙන Tom Tucker වගේම ලොයිස් ගෙ තාත්ත වෙන Cater Pewterschmidt ටත් තව ඉන්න සමහර චරිත වලටත් සෙත් වොයිස් කරනව ) , Seth Green ( සෙත් ග්‍රීන් වොයිස් කරනව Chris Griffin සහ Neil godlman කියන චරිත වලට මුලීකවම ඒ වගේම සැරිනි සැරේ තවත් චරිත වලට වොයිස් කරනව මෙයාත් ) , Alex Borstein( මෙයා Lois Griffin , Loretta Brown සහ Asian Correspondent Trisha Takanawa වගේ චරිත වලට පන දෙනව )අයෙ ඉන්නව අපි කවුරුත් දන්න Mila Kunis ( මෙයා Meg Griffin ට වොයිස් කරනව ) මේ සෙට් එක ඇරෙන්න Mike Henry , Patrick Warburton වගේ හැටහුට හමාරක් සෙට් එකකුත් විවිධ චරිත වලට වොයිස් වලින් දායකත්වය සපයනව 😍💯 ඒ වගේම Athletes , authors , actors ලත් ගෙස්ට්ල විදියට මේ සීරිස් එකට තමන්ගෙ වොයිසස් වලින් දායකත්වය සපයනව ❤
එහෙනම් ඉතින් Family Guy බලන්න කියල ආරාධනා කරන ගමන් මම නවතිනව හැමදාම බලන ඇනිමේටඩ් සීරිස් එකකට වඩා අමුතු ටයිප් එකේ සීරිස් එකක් නිසා වෙනසක් තියෙවි අනිව 😉 . අනිව සිට්කොම් වලට ආසා කරන අයට මේක සෙට් වෙයි කියල මම හිතනව 😏❤😉
තව එක එක Franchises ,Universes ගැන ලස්සන ලිපි කියවන්න සෙට් වෙන්න අපේ Hype Zone page එකට
ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න
කියවන්න විතරක් නෙමෙයි video බලන්න සෙට් වෙන්න අපේ hypezone youtube chanel එකට https://youtube.com/c/HypeZone
අහ් ඒ වගේම අපෙ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක , ඒකට සෙට් වෙන්න buy me a coffee e member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයට හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මේකෙන් හම්බෙනවා .එහෙනම් මේ link එකෙන් buy me a coffee එකට සෙට් වෙන්න ❤😉 https://www.buymeacoffee.com/hypelk
එහෙනම් ,
Stay Safe, Stay Hype ❤️
😍