Some Infinities Are Bigger Than Other Infinities
ජීවිතේ අපිට හමුවෙන මිනිසුන් දහස් ගානක් අතරින් ගොඩදෙනෙක් ජීවිතේ එක්තරා කොටසක් අපිත් එක්කම ගත කරලා වෙන් වෙලා යනවා.ඉතාම අතළොස්සක් තමයි ජීවිතේ බොහෝ කාලයක් අපිත් එක්කම ජීවිතේට මුහුණ දෙන්න ඉතුරු වෙන්නෙ..හැබයි ඉතාම කලාතුරකින් අපිට හම්බෙන මිනිස්සු බොහොම පොඩි කාලයක් අපිත් එක්ක හිටියට අපේ ජීවිත කාලයටම ඇති වෙන්න මතක ගොන්නක් දීලා යනවා.හේසල්ගෙම භාශාවෙන් කිව්වොත් සීමිත දින ගණනකදී අනන්තයක හැඟුම් සමුදායක් දීලා යනවා..
මේ කතාවෙ ප්‍රධාන චරිතය,Hazel Grace Lancaster.මෙයා අවුරුදු දා හතක ගෑනු ලමයෙක්.ඒ වගේම පිලිකා රෝගයෙන් පීඩා විදින කෙනෙක්.ඇත්තටම හේසල් කියන්නේ එයාටම විශේෂ වෙච්ච පරිකල්පනයක් තියෙන කෙනෙක්.ඒ නිසාම හේසල් ලෝකය දිහා බලන විදිය වෙනස්, ඒ වගේම හේසල් හිතනවා මේ ලෝකෙ කාටවත් එයාව තේරුම් ගන්න බෑ කියලා..එක්කෙනෙක්ට හැරෙන්න.
ඒ තමයි Peter Van Houten, මෙයා තමයි Hazel කැමතිම නව කතාව වෙන An Imperial Affliction කියන පොත ලියන්නෙ.මේ පොතට Hazel කැමති හේතුව නම් ,මේ පොත ලියලා තියෙන්නෙත් එයා වගේ පිළිකාවකින් ඉන්න කෙල්ලෙක් ගැන නිසා..
Augustus Waters,අවුරුදු දා හතක කොල්ලක්. ඔගස්ටස් Osteosarcoma කියන රෝගයෙන් අවුරුදු එක හමාරක් විතර පීඩා විදලා,දැන් යම් තරමකට හොඳ මට්ටමකට ඇවිත් තියෙන කෙනෙක්.
හේසල් සහ ඔගස්ටස් එක්තරා දවසක් පිලිකා රෝගින් වගේම අනිත් රෝගින් වෙනුවෙන් තියෙන support group එකකදි හම්බවෙනවා… මේ දෙන්නා ජීවිතේ ගැන දරන අදහස් එකකට එකක් වෙනස්.නමුත් දෙන්නගෙ තියෙන අදහස් වල නොගැලපීමම ඇත්තටම මේ දෙන්නව ළං කරනවා..එයාලට ජීවත් වෙන්න තියෙන කාලය සීමිත බව දැනගෙනම මේ දෙන්නා ආදරය කරන්න පටන් ගන්නවා..මෙතන ඉදන් තමයි Fault In Our Stars කතාව Emotional Rollercoaster එකක් වෙන්න පටන් ගන්නෙ.
කතාව පැත්තෙන් කිව්වොත් නම් වචනයෙන් විස්තර කරන්න බැරි තරමටම විශිෂ්ට නිර්මාණයක්.හාස්‍ය,කුතුහලය ඒ වගේම දුක සහ තවත් එක් හැඟීමක මේ කතාව අපිව අතරමන් කරනවා.සාමාන්‍යෙන් අපි හොඳ නිර්මාණයක් බැලුවොත් හරි කියෙව්වොත් හරි අපිට දැනෙන ෆීලින් එකක් තියෙනවා.ඒ තමයි ඒ නිර්මාණය රසවිදලා ඉවර වුනාට පස්සෙ දැන් මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරුව ඉන්න හැඟීම, මේක බලන්න කලින් හිටපු අපි නෙවෙයි දැන් ඉන්නෙ වගේ ෆීලින් එක.

කෙටියෙන්ම කිව්වොත් Fault In Our Stars අන්න ඒ වගේ පොතක්.
හේසල් ග්‍රේස් ගේ සහ ඔගස්ටස් ගෙ ආදර කතාව ඇතුලෙ තියෙන යටිපෙළ හරිම සුන්දරයි..වෙන්වෙන බව දැන දැන ආදරය කිරීමම හරිම අපූරුයි. ඒ වගේම ඒ වචන වල තියෙන විශිෂ්ටත්වය,දොඩම් ගෙඩියක් අරන් බිත්තියට ගැහුවා වගේ සමහර වාක්‍ය අපේ හදවතටම වදිනවා.කවදාවත් අමතක නොවෙන තරමටම ඒවා අපේ හදවතේ රැදෙනවා.
හේසල් එක තැනකදි කතාවක් කියනවා,
‘බින්දුව සහ එක කියන ඉලක්කම් දෙක අතරෙ තවත් ඉලක්කම් අනන්තයක් තියෙනවා..ඒ වගේම බින්දුව සහ දෙක කියන ඉලක්කම් දෙක අතරෙත් ඉලක්කම් අනන්තයක් තියෙනවා.හැබයි බින්දුව සහ එක අතර තිබුන අනන්තයට වඩා,බින්දුව සහ දෙක අතරෙ තියෙන අනන්තය විශාලයි’ කියලා. මේ කතාව හේසල් කියන තැනදි ඒ දැනෙන හැඟීම ඕනම කෙනෙක් ජීවිතයේ එක පාරක් හරි එක්ස්පීරියන්ස් කරන්න ඕනෙ කියලයි මම හිතන්නෙ.මොකද ඒක ඇත්තටම Priceless.
Fault In Our Stars පොත කියවලා නැත්තම් අනිවාරෙන් ඒක අරන් කියවන්න.හේසල් සහ ඔගස්ටස් ගිය Journey එක ගිහින් බලන්න.අනිවාරෙන් කියවපු පොත් අතුරින් සදාකාලිකව මතකයේ රැදෙන පොතක් වේවි.