You are currently viewing Titan ලා ගැන දැනගමු…🙏❤

Titan ලා ගැන දැනගමු…🙏❤

ඇනිමේ ෆැන් කෙනෙක්ද ? ඇනිමේ ට්‍රයි කරන්න බලන් ඉන්න කෙනෙක්ද ?..එහෙම නැතිනම් ඇනිමේ මුල් හරියේ ඉන්න සීරිස් ගොඩක් බලලා නැති කෙනෙක්ද ? 🔥💯

නරූටෝ කියාවි , වන් පීස් කියාවි…දාහක් නම් වලින් ලිස්ට් ගනන් හදන්න සීරිස් දේවි අපේ කොල්ලො කෙල්ලො ඇනිමේ ගැන ඇහුවොත්..ඒ හැම කෙනෙක්ගෙම ලිස්ට් එකේ මුලින්ම තියෙන සීරිස් එකක් ගැන තමා අපි මේ කෙටියෙන් මතක් කරන්න යන්නෙ ඕන්..❤🙏

කලින් ලිපියක අපි මතක් කරා කොහොමද ඇනිමේ සංකල්පයන් ඇතුලේ කතාව සම්බන්ධ කරගෙන ඩීටේල්ස් හරිම ලස්සනට එලි දක්වන්නෙ කියලා.❤ මියුසික්, ඇනිමේශන් සීක්වන්ස් , කලර්ග්‍රේඩින්ග් , දෙබස් මේ හැම දෙයකම අවුට් පුට් එක විදියට සීරිස් එකක් එලියට එන්නෙ මාරම සංයමයකින් කල් යල් බලලා හැදුවා වගේනම්..අන්න ඒ සීරිස් එක පට්ටම සාර්ථකයි…🔥 ඒ කතාව වටේ ගොඩක් අය එකතු වෙනවා..🙏

Shingeki no Kyojin එහෙම නැත්තන් Attack On Titan කියන්නෙ දැනට බිහිවුන සුපිරිම Manga වලින් එකක්.ඒවගේම මේ Manga Series එකෙන් බිහිවුන Anime TV series එකත් ඒ තරමටම Epic සීරිස් එකක්..ඇටෑක් ඔන් ටයිටන් ඒ තත්ත්වයට එන්න බලපාපු හේතු ගොඩක් තියෙනවා, විශේෂයෙන්ම වර්ල්ඩ් බිල්ඩින්, කැරැක්ටර් ඩිවෙලොප්මන්ට් සහ මේකෙ යුනීක් තීම් එක..🔥

සීරිස් එක ඇවිත් අවුරුදු හතක් වෙනවා..මේ කතාව කියන්න කලින් මතක් කරන්නම ඕනෙ..Attack on Titan කියන යුනිවර්ස් එක ගැන ටිකක් හරි වැඩිපුර වපසරියක අවබෝධයක් දෙන්න ඕනෙ නිසා අපි කතාවෙ එක්ස්ප්ලෙනේශන් එකට ඇනිමේ එකේ වගේම කොමික් එකේ රිෆරන්ස් නුත් ගන්නවා..❤ ඔයාටම තේරේවි ඇනිමේ කියන්නෙ මොනතරම් සිස්ටමැටිකලි ඔරිජිනේට් වුන නිර්මාණයක්ද කියන කාරනට..🙂..ආයෙම කියනවා මේකෙ සීරිස් එකේ..කොමික් එකේ. සමහර තැන්..ස්පොයිල් වෙනවා..ඒ නිසා ඔයා බලලා නැතිනම්..ඉදිරියට කියවන් යන්නෙ පරිස්සමෙන්…❤ හරිද.

ඉතින් මේක ATLA වගේම ලොකු Universe එකක්. අද ඒකෙන් බොහොම පොඩි කොටසක් තමයි අපි කතාකරන්නෙ..❤

ඒත් ගොඩක් වැදගත් දෙයක් ගැන..කතාව බලපු අය දන්නවා ඇටෑක් ඔන් ටයිටන් පටන් ගන්නෙ ටයිටන් වරු සහ මනුෂ්‍යයන් අතර තියෙන ඉවර වෙන්නැති යුද්ධයකින්.. හැබැයි කතාවෙ ඉස්සරහදි අපි දැනගන්නවා මේක එච්චර සරල මාතෘකාවකට ලඝු කරන්න පුලුවන් සිද්ධියක් නෙමේ, මේකෙ අපි හිතුවට වඩා ලොකු සැඟවුනු ඉතිහාසයක් තියෙනවා කියලා. අන්න ඒ ඉතිහාසයෙන් පොඩ්ඩක් ගැන තමයි මේ ලිපියෙන් කතාකරන්නෙ.. ටයිටන්වරුන්ගේ ආරම්භය ගැන.🙂

ටයිටන්වරුන්ගේ ආරම්භය ගැන කතාකරන්න අපිට යන්න වෙනවා පාරාදීසය වට කරලා තියෙන Wall Maria, Wall Rose, Wall Sina කියන පවුරු තුනෙන් එහාට තියෙන ලෝකයට.. ඒවගේම Eren ගෙ කතාව පටන් ගන්න කලින් අවුරුදු 2000ක් අතීතයට.💯

එහෙනම් ලෑස්ති වෙන්න ටිකක් දුක්මුසු කතාවක් කියවන්න..මේ ඔක්කොටම හේතු වුන Ymir ගෙ ජීවිත කතාව අහන්න.🤔

කතාව පටන් ගන්න අවුරුදු 2000කට කලින් මේ පවුරු වලින් ඈත තිබුන මහද්වීපයක තිබුනු පොඩි ගම්මානයක ජීවත් වුනා Ymir කියලා තරුණ කෙල්ලෙක්..මේ ගමේ ගම්වාසින් ඔහොම සරලව ජීවිතේ ගැටගහගන්න කොට මේ ගම්මානයට හිතපු නැති විදියට ආක්‍රමණයක් එනවා Eldian වරුන්ගෙන්. Eldian වරු කියන්නෙ බලයට කෑදර ,ආක්‍රමණකාරි පිරිසක්.. මේ අය ගොඩක් දුරට වයිකින්ග්ස්ලට සමානයි. ඒවගේම මේ කතාවෙ පදනමත් නෝර්ස් මිත්‍යා කතාවකට සම්බන්ධයි.ඒත් ඒක මම මේ ලිපියෙම පස්සෙ විස්තර කරන්නම්.❤

Eldian වරු මේ ගම්මානය අල්ල ගත්තට පස්සෙ එල්ඩියන්ලාගෙ රජතුමා වෙන King Fritz නියෝග කරනවා මේ ගම් වැසියො සියල්ලම වහල් සේවයට බඳවා ගන්න, ඒවගේම තමන්ට එරෙහිව එක වචනයක්වත් කියන්න බැරි වෙන විදියට ඔවුන් සියලු දෙනාගෙම දිව කපා දමන්න..😮

ඉතින් මේ අනුව කබලෙන් ලිපට වැටුනු අර අසරණ ගම්වාසින් සහ Ymir කාලයක් මේ එල්ඩියන් වරුන්ගේ වහල් සේවයේ නිරත වෙනවා..ඒ අතරතුර එක්තරා දවසක මේ කාගෙ හරි අත්වැරදීමකින් ඌරු කොටුවක හිටපු ඌරෙක් පලා යනවා.මේක පොඩි දෙයක් වුනත් හරියටම මේ සංසිද්ධිය හින්දා තමයි සම්පූර්ණ කතාවෙම ආරම්භය වෙන්නෙ.😴

මේකට කුපිත වුන Fritz රජතුමා සියලුම වහලුන්ව කැඳවලා අණකරනවා කවුද මේ වැඩේ කලේ කියලා හෙළිකරන්න. ඒ එහෙම නොකලොත් සියලු දෙනාගෙම ඇස් උගුලුවා දමන බවට තර්ජනයකුත් එක්ක.. මෙතනදි මේ වහල්ලු ඔක්කොගෙම ඇඟිල්ල දික්වෙන්නෙ එක්කෙනෙක් දිහාවට.. ඒ කෙනා කවුරු කියලද හිතන්නෙ? ඔව් අහිංසක Ymir තමයි..ඉතින් මේ අනුව වැරදිකාරයා වෙන Ymir ට සිද්ධ වෙනවා කෲර දඬුවමකට යටත් වෙන්න.💔😣

මේ රජා නියෝග කරන විදියට Ymir ට සිද්ධ වෙනවා කැලයක් මැද්දෙන් දුවන්න..ඒ රජතුමාගෙ ආරක්ෂකයන් සහ දඩබල්ලන් ඇයව දඩයම් කරන්න පස්සෙන් එලවද්දි.. දරුණුවට තුවාල වෙලා තියෙද්දිත් කරකියාගන්න දෙයක් නැතුව ඒ මේ අත දුවන Ymir එකතැනකදි දකිනවා ලොකු බෙනයක් තියෙන රූස්ස ගහක්,මේකෙන් ආරක්ශාවක් ලැබෙයි කියලා හිතලා මේ ගහ ඇතුලට ගියත් එතනත් පය ලිස්සීමෙන් පොලොවෙ තියෙන ආගාධයක් ඇතුලට Ymir වැටෙනවා.🤬

මෙතනදි ටිකක් අමුතු වැඩක් වෙනවා..මේ ආගාධෙ ඇතුලෙ තියෙන කශේරුකාවක් වගේ ව්‍යුහයක් මෙයාගෙ ශරීරයත් එක්ක සම්බන්ධ වෙනවා. ඒකෙ ප්‍රතිඵලය විදියට Ymir දැවැන්තයෙක් බවට පත්වෙලා පලමු ටයිටන්වරිය බවට පත්වෙනවා.. මෙයාට තමා The Founding Titan කියන්නෙ..ඔන්න මේ තමයි ටයිටන්වරුන්ගේ ආරම්භය. මන් කලින් කිව්වනෙ මේ කතාව ටිකක් Norse Mythology වලට සමානයි කියලා..ඒගැන පොඩ්ඩක් කියලා ඉන්නම් . නෝර්ස් මිත්‍යාකථා වලට අනුව ලොව පලවෙනි ජීවියා වෙන්නෙ Aurgelmir කියන යෝධයා. මෙයාට කියන තවත් නමක් වෙන්නෙ Ymir.Odin පැවතගෙන එන්නෙ Ymir ගෙන් තමයි. ඉතින් තේරෙනවනෙ Founding Titan ට Ymir කියන නමම ආවෙ ඇයි කියලා.🙏

නමුත් තාමත් King Fritz ගෙ වහලෙක් නිසා Ymir ට සිද්ධවෙනවා දිගටම එල්ඩියන්වරු වෙනුවෙන් වැඩ කරන්න. මේ අනුව එල්ඩියන්ලා Ymirව ප්‍රධාන වශයෙන් යුද්ධමය කටයුතු සහ ඉදිකිරීම් වැඩ සඳහා යොදාගන්නවා. ඒවගේම Ymir ට පුලුවන් වෙනවා තමන්ගෙ කටහඬින් තවත් එල්ඩියන් වැසියන් ටයිටන්වරු බවට හරවන්න. මේ අය හැබැයි සිතීමේ හැකියාව අහිමි වුන ටයිටන්ලා.😣

කතාවෙ පෙන්නන ටයිටන්ලගෙ බහුතරය මේගොල්ලො තමයි. පොදුවේ මේ අයව Common Titans ලා විදියට හදුන්වනවා. ටයිටන්වරු තමන්ගෙ පැත්තට සටන් කරන නිසා ඒ වාසිය අරගෙන එල්ඩියන්වරු ඔවුන්ගේ විරුද්ධ පාර්ශවය වෙන Marley රාජධානිය සම්පූර්ණයෙන්ම වගේ විනාශ කරලා දානවා.💔

යුද්ධය අවසන් වුනාට පස්සෙ එල්ඩියන්ලගෙ පාලකයා Fritz රජතුමා Ymir ව බිරිඳ විදියට පත්කර ගන්නවා..ඒ ටයිටන් රුධිරය තමන්ගෙ පරම්පරාවෙම පවත්වාගන්න. ඉතින් මේ දෙන්නගෙ විවාහයෙන් දූවරු තුන්දෙනෙක් ඉපදෙනවා. ඒ අයගෙ නම් වෙන්නෙ Maria, Rose සහ Sina..ඔව් මෙයාලගෙ නම් වලින් තමයි අර Walls තුන නම් වෙන්නෙත්.🌍

Ymir ගෙ මරණය: 🤔💔

Founding Titan බවට පත්වෙලා අවුරුදු 13කට පස්සෙ King Fritz ට එල්ල වෙන ප්‍රහාරයක් වළක්වන්න ගිහින් Ymir මැරෙනවා. ඒ හෙල්ලයක් පපුව හරහා යෑමෙන්. මෙතනදි King Fritz තමන්ගෙ බිරිඳ වෙනුවෙන් දුක් වෙනවා වෙනුවට තමන්ගෙ දුවලා තුන්දෙනාට අණකරනවා එයාලගෙ අම්මගෙ ශරීරය ආහාරයට ගන්න.. මේක බලතණ්හාව කොච්චර දුරකට යන්න පුලුවන්ද කියන එකට හොඳම උදාහරණයක්.. එක ලේ බිඳක්වත් අපතේ යන්නෙ නැති වෙන්න කන්න පොළඹවනවා කියලයි Manga එකේ තියෙන්නෙ.🔥

මේ වැඩේ කරන්නෙ ඇත්තටම Founding Titan ගෙ රුධිරය රජ පෙලපත තුලම පවත්වාගෙන යන්න.ඒ වගේම Fritz තමන්ගෙ දුවලාට අණ කරනවා මේ ක්‍රමය පරම්පරා ගානකට පවත්වාගෙන යන්න කියලා..එහෙම තමයි ටයිටන් කෙනෙක්ගෙ බලය තව කෙනෙක්ට මාරු වෙන්නෙ..🌍

Ymir ගෙ මරණයෙන් පස්සෙ Founding Titan ගෙ බලය බෙදිලා ගිහින් තවත් ටයිටන් වරු අටක් බිහිවෙනවා. මේ අය බුද්ධිමත් සහ Unique හැකියාවන් තියෙන අය.එතකොට Founding Titan එක්ක මේ ස්පෙශල් ටයිටන්වරු නවයක් ඉන්නවා.මේ අයට තමයි තමන්ගෙ ස්වරූපය මනුෂ්‍ය සහ ටයිටන් විදියට මාරු කරගන්න පුලුවන්කම ලැබෙන්නෙ.. ඒවගේම කතාවෙ වැදගත්ම ටයිටන්ලා වෙන්නෙ මේ අය.🙏

මේ ටයිටන්වරු නව දෙනා තමයි ,

1.Founding Titan
2.Attack Titan.
3 Armored Titan
4 Beast Titan
5 War Hammer Titan
6 Female Titan
7 Colossal Titan
8 Jaw Titan
9 Cart Titan

shoutout to the nine titan shifters!

මේ සුවිශේෂ නව දෙනත්, සාමාන්‍ය ටයිටන් වරුත්, විකෘති ටයිටන් වරුත් සියල්ලගෙම එකතුවට තමයි Subjects of ymir කියලා කියන්නෙ.🤔

ඉතින් මේ විදියට තමයි අපි කතාවෙන් දකින ටයිටන්වරුන්ගෙ ආරම්භය සනිටුහන් වෙන්නෙ..මුලු කතාව පුරාම මේ අයගෙ පවර්ස් මාරු වෙන විදිය සහ ටයිටන්වරු සහ මනුෂ්‍යයන් එකතුවෙලා කරන මහා විනාශය අපිට බලාගන්න පුලුවන් වෙනවා..ඒ ඒ අය කවුද කියලා මම කියන්න යන්නෙ නෑ. කතාව රසවිඳින ගමන් මේ අය කවුද කියන එකත් අපිට දැනගන්න ලැබෙනවා..💯

මේ ඇටෑක් ඔන් ටයිටන් ලෝකයෙන් බොහොම පොඩ්ඩයි.තවත් කරුණු ගොඩක් තියෙනවා කතාකරන්න. ඒවා ගැනත් වෙලාවක් ලැබුන වෙලාවක ලිපියක් ගේන්නම්.🌍

මේ ලිපිය රසවින්දාද ? තව ලිපි ඕනෙද මේ ගැන ? එහෙනම් අනිවා කමෙන්ට් සෙක්ශන් එකේ අදහස් දාන්න වගේම තව කෙනෙක්‍ට මේක රසවිඳින්න පුලුවන් වෙන්න ශෙයා කරන්නත් අමතක කරන්න එපා..💯

This Post Has One Comment

  1. Electric Bang

    මේ website එකට ආපු ගමන් බැලුවෙ මේක ඇත්තටම දන්නෙ නැති හුගක් දේවල් ඉගෙන ගත්ත. ඊලග ලිපිය එනකම් බලන් ඉන්නවා.
    Good luck

Leave a Reply