You are currently viewing Squid Game වගේ ඇනිමේ එකක්…

Squid Game වගේ ඇනිමේ එකක්…

Squid Game කියන්නෙ මෑතකාලයේ ගොඩක්ම trending වුණ සීරිස් එකක්නේ. High class පැලැන්තියේ අය ණයබරින් ජීවිතේ එපාවුණ නන්නත්තාර වෙලා ඉන්න පීඩිත සෙට් එකක් අරගෙන සල්ලි පෙන්නලා ගන්න නරුම ආතල් එකක් ගැන තමා මේ සීරිස් එකෙන් ගෙනවෙ. කොච්චර trending වුණත් මේක මහා අලුත් concept එකක් නම් නෙවෙයි. Hunger Games ඉඳලා ගත්තම අපි මේ සීන් එකම එක එක විදියට දැකලා තියෙනවා. ඉතින් අද කියන්න යන්නෙ ඇනිමේ ලෝකයේ Squid Game Level එකට තියෙන ඇනිමේ එකක් ගැන. ඒ තමයි Kaiji: The Ultimate Gambler 😍😍😍

Nobuyuki Fukumoto කියන mangaka තමා මේ මන්ගා එක ලියන්නෙ. මේක ඇවිල්ල Seinen Manga එකක්. Kodansha Magazine එකේ තමා ප්‍රකාශයට පත්වෙන්නෙ. මේක volumes 78ක් විතර තියෙන කොටස් හයකට බෙදුන දිග සීරිස් එකක්. හයවෙනි කොටස තමා 2017 ඉඳන් තාම continue වෙන්නෙ. ඇනිමේ එකෙන් cover වෙන්නෙ මේකෙ මුල් කොටස් දෙකක් විතර. 1996 ඉඳන් continue වෙන මේ සීරිස් එක දැනට මිලියට 25කට ආසන්න copies ගාණක් sold වෙලා ගිගෙන මන්ගා එකක්. ඒ වගේම awards win කරපු මන්ගා එකක්.🔥🔥🔥

ඉතින් මේ සීරිස් එක ගත්තම බැලූ බැල්මට අපිට එච්චර හොඳ impression එකක් නෙවෙයි ඇතිකරන්නෙ. අපි සාමාන්‍යයෙන් දකින ලස්සන protagonist ල එහෙම මේ ඇනිමේ එකේ නෑ. ඉන්නෙ නහය නිකන් පිනෝකියෝ වගේ වුණ කොණ්ඩෙ වැව්ව ඩයල් එකක්. මොකාද යකෝ මූ? කියලා තමා බැලු බැල්මට අපිට හිතෙන්නෙ. ඒ වුණාට මේ මන්ගා එක ඇවිල්ල හැමෝටම සෙට් වෙන theme එකක්මත් නෙවෙයි පෙන්නන්නෙ. මේක ඇවිල්ල තනිකරම gambling addiction එක ගැන තමා යන්නෙ කතාව. කතාවෙ දකින්න හම්බවෙන චරිතවලින් 90%ක් වගේ ඉන්නෙ gambling addicts ල. ඔයා gambling වලට addiction එකක් නැත්නම් මේකෙ චරිත තේරුම් ගන්න එක ටිකක් අමාරුවෙයි. මොකද අපේ සාමාන්‍ය මානසිකත්වය යටතේ අපි ගන්න තීරණ සහ gambling addiction එකක් එක්ක මෙයාල ගන්න තීරණගත්තම සෑහෙන වෙනසක් තියෙනවා. හැබැයි ඒක තමයි මේකෙ creator ගෙ හැකියාව. මම officially මේක confirm කරගෙන නෑ. වීඩියො එකක දැක්කෙ. මේ mangaka ට යාලුවො කිහිපදෙනෙක් ඉඳලා  තියෙනවා මේ වගේ gambling වලට ඇබ්බැහිවුණ. ඒ නිසා මෙයා මේ කට්ටියව සෑහෙන්න accurate විදියට portray කරල තියෙනවා. මෙතන වෙනසක් දැනෙන්නෙ මොකද දන්නවද? සාමාන්‍යයෙන් වෙන කතාවක මේ වගේ චරිත අතර සාමාන්‍ය අයත් ඉන්න නිසා අපිට වෙනසක් පේනවා ඔක්කොම එක විදියට අමුතුවට පේන්නෙ නෑ. Gambling addiction තියෙන අය වෙනස් කියලා ඒත්තු යනවා. Squid Game ගත්තමත් අසරණකම නිසා එයාල ගේම් එකට ආවට එයාල gambling addicts ල නෙවෙයි. Gambling කියන්නෙ වෙනම සීන් එකක්. මේකෙ literally gambling ගැන කියන්නෙ. සූදුව. Squid Game එකත් ජීවිතේ ඔට්ටු අල්ලන gambling එකක් තමා ඒ වුණාට මේකෙ gambling කියන්නෙ ඒ vibe එක එහෙමම දෙනවා. ඒ වගේම මේකෙ චරිත ඔක්කොම වගේ gamblers ල නිසා එයාල ඔක්කොම ගන්න තීරණ අනන් මනන් අමුතුවට පේන්න පුලුවන්. අපිටභිතෙන්න පුලුවන් යකෝ ඌ මෝඩයෙක්නෙ ඇයි එහෙම කරේ. මමනම් මෙහෙමයි කරන්නෙ කියලා. නෑ නෑ එහෙම නෙවෙයි. මෙතන තියෙන්නෙ ජීවිතේ බාගයක්ම ඔට්ටු අල්ලල විනාශ වෙලත් ණය වෙලත් සූදුවෙන් ගැලවෙන්න බැරුව අන්තිමට ජීවිතේ දිනන්නත් සූදුවටම යන්න වුණ සෙට් එකක්ගැන. එයාලවයි ඔයාලවයි හිතන විදිය සසඳන්න යන්න එපා. 😁😁😁

ඉතින් මේකෙ ඉන්න Kaiji කියන චරිතයත් යාලුවෙක් නිසා ණයවෙලා තව ජොබක් කියල එකකුත් හරියට නැතුව වැලේ වැල් නැතුව ඉන්නෙ. ඒ අස්සෙ අර යාලුවෙක්ගෙ ණයට ඇප වෙලා මෙයාට අමුතු chance එකක් හම්බවෙනවා මේ ණය ගෙවන්න. Espoir කියන ship එකේ වෙන event එකකට participate වෙන්නෙ. Espoir කියන්නෙ ප්‍රංශ බාශාවෙන් hope කියන එක. වචනෙ irony එක තේරෙනවා නේද 😂😂😂

ඉතින් මේ නැවේ වෙන මේ event එකට මෙයා යනවා. Rock Paper Scissor game එක දන්නවා ඇතිනේ. TBBT අයට නම් Rock Paper Scissor Lizard Spock 😂😂😂 ඉතින් ඒක තමා පලවෙනි ගේම් එක. හැබැයි අපි දන්න game එකම නෙවෙයි. මෙතන තියෙන්නෙ කාඩ් සෙල්ලමක්. නිශ්චිත කාඩ් ගාණක් නිශ්චිත ප්ලේයර්ස් ල ගාණක් අතර බෙදිලා අමුතු විදියෙ සෙල්ලමක් මෙතන වෙන්නෙ. මෙතන මාර mind games වගයක් වෙන්නෙ. සීරිස් එකේ මුල හරියෙම මේ ගේම් සෙට් වෙන නිසා ඔයා අනිවාර්‍යයෙන්ම මෙකට ආසවෙයි. ඒ නිසා වෙන්ද වගේ අමුතුවෙන් බලන්න කියන්න ඕනි නෑ අද මට😂😂😂

ඕකෙන් පටන් අරන් එක එක ස්ටේජ් වල එක එක ගේම් සෙට් වෙනවා. අන්තිම ටිකේ නම් ඇස්දෙක වහගන්න තරම් බලන් ඉන්න අමාරු මූමන්ට්ස් ආවා. ඒ තරම් epic moments තියෙනවා මේ සීරිස් එකේ. මේ සීරිස් එක බලපු මගෙ යාලුවෙක් වගේම ගොඩක් අය කියන දෙයක් තමා squid game එකට මේක inspire වෙලා කියන එක. ඒ කියන්නෙ අඩුම creator මේක බලල ඇති කියන එක. මොකද මතකද අර පාලම් ගේම squid game එකේ. මේකෙත් අන්න ඒ වගේම එකක් තියෙනවා ගොඩක් ඒ විදියමයි. ඉතින් සමහරවිට වෙන්නත් පුලුවන් 🙃🙃🙃

මේ සීරිස් එක අනිත් සීරිස් වලට වඩා හැමඅතින්ම අලුත් අත්දැකීමක් වෙයි අනිවාර්යයෙන්ම. පලවෙනියටම කිව්ව වගේ මේක ඇවිල්ල ඇනිමේ එකක් හොඳ වෙන්න character designs, animation වලට වඩා ඒකෙ කතාව solid වෙන්න ඕනි කියන එක නැවත නැවතත් ඔප්පු කරපු ඇනිමේ එකක් මේක. මේකෙ cliffhangers මේකෙ twists එහෙම අපිව බැඳලා තියාගන්නවා කතාවට effortlessly. ♥️♥️

අනිත් එක තමා මේකෙ protagonist පට්ටම interesting character එකක්. මේකෙ Kaiji smart character එකක්. Obviously අපිට අන්තිමට තේරෙනවා පොර mastermind level එකක brain එකක්. ඒ වුණාට පොර සාමාන්‍ය මනුස්සයෙක්. සාමාන්‍ය පවුලක ඉඳලා ඇවිල්ල හැමතැනින්ම බැටකාල පොර කොච්චර මොලකාරය වුණත් ඒක මාර underestimate වෙලා තමා තියෙන්නෙ. මේ කතාව බලන ඕනි කෙනෙක්ට එන ප්‍රශ්නෙ තමා kaiji මෙච්චර මොලකාරයෙක් නම් ඇයි එයා real life failure එකක් වුණේ කියන එක. ඉතින් මේකට ඇනිමේ එක review කරපු අය දෙන උත්තරේ තමයි මම කලින් කිව්ව gambling addiction සීන් එක. මේකෙ ඇත්තටම සමහර අවස්ථාවල kaiji වත් outsmart කරන almost defeat කරන චරිත ඉන්නවා. එයාලත් ණයවෙලා බෙල්ල ළඟටම එරිලා ඉන්නෙ. එයාලත් smart අය තමා. හැබැයි මේකට එක තැනක psychologist කෙනෙක් දාල තිබුණ answer එකක් මම දැක්කා. ඒ තමා gambling addict කෙනෙක් හරි වෙන ඕනිම දේකට addict කෙනෙක් ඒක ඇතුළෙ දක්වන සහජ බුද්ධිය ඒ විදියටම real life paste කරන්න බැරිවෙන්න පුළුවන්. මොකද addict කෙනෙක්ට ඒ addiction එකෙන් පිට ජීව්තේ පට්ට headache එකක්. ඒක ඇතුළෙ අර qualities apply කරන්න තරම් එයා ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ නෑ. ඉතින් මේකෙත් එහෙමයි. (ඔව් ඔව් psychologist ල මේකෙ මේ වගේ දේවල් review කරන්න තරම් ලෙවල් එකක ඇනිමේ එකක් මේක🔥🔥🔥) තවත් කිව්වොත් ඔය ඕනි තරම් chess champion ල එහෙම ඉන්නෙ maths එහෙමත් බැරි. Sports වල පට්ට tactics දාන ජනප්‍රිය ප්ලේයර්ස් ල ඉන්නෙ එලියේ සාමාන්‍ය ජීවිතේ මහ මීහරක් වැඩකරන. අන්න ඒ වගේ.

ඉතින් Kaiji කියන්නෙ කතාව පුරාවටම සෑහෙන්න කෙලවගන්න චරිතයක්. අපි සාමාන්‍යය ජීවිතයේ වරද්දගන්න හැම විදියටම පොර මේ නැව සහ ඊට පස්සෙ එන ගේම්ස් වල වරද්දගන්නවා. ඒක තමා මේකෙ දකින විශේෂම දේ. Main character එක මහා ඩයල් එකක් නෙවෙයි. කොටින්ම මේකෙ සීසන් දෙකක් තියෙනවා කියලා දන්නෙ නැත්නම් මූටත් අන්තිමට ශොට් එක හරි කියලා මම හිතන්න තිබුණා. අනිත් අයව විශ්වාස කරන එක, over confidence වෙන එක, අතාරින්න ඕනි වෙලාව දන්නෙ නැති එක මේවගේ සාමාන්‍යයෙන් අපිගාව වුණත් තියෙන දුර්වලතා මේ චරිතයබ්තුළත් තියෙනවා. ඒ නිසා මේ චරිතේ මාර down to earth. මම සීරිස් එකේ දකින ලොකුම ප්ලස් පොයින්ට් එකක් තමා මේ ප්‍රධාන චරිතය ♥️🔥

ඒ වගේම සීරිස් එකේ overall ගත්තම squid game එකට වඩා ත්‍රීව්‍ර විදියට පෙන්නවා ඇති නැති පරතරය. මම මේ Squid Game අවුල් කියනවා නෙවෙයි හොඳේ. එක එක writers ල එකම theme එකට විවිධ approaches ගන්න එක ගැන පෙන්නන්න යන්නෙ. ඉතින් අපි දැක්කනෙ squid game එකේ ඒ මිනිස්සු විඳින දුක, ප්‍රශ්න අර 1st class අය ගන්න ආතල් එක අනන් මනන්. මේකෙ එච්චර background එකක් පෙන්නන්නෙ නෑ. අපිට කොටින්ම මේකෙ තැන් දෙකක විතරයි පෙන්නන්නෙත් මේකෙ චරිත ගෙවල් වල අය ගැන කියනවත්. මේකෙ villain ල එහෙම නැත්නම් game එක host කරන අය කරන දේවල් නිසා upper layer එකේඅයට පහළ layers වල ඉන්න අයව පේනහැටි ගැන මාර vivid picture එකක් එකක් මවනවා. කොටින්ම මේක අන්තිමට එන chairman එහෙම මාර පිළිකුළක් hate එකක් ඇතිකරන චරිතයක්. ඒක කියන්න වචන නෑ. එක තැනක් එනවා මේකෙ E Card Game එක ප්ලේ කරනකොට එක host කෙනෙක් කියනවා ඔය අපි කතාවට කිව්වට තමන්ගෙ දවසෙදි Slave කෙනෙක්ට වුණත් Master ව පරද්දන්න පුලුවන් කියලා ඒක නිකක් කතාවක් විතරයි කියලා. ඕක ගොඩක් fiction වලදි දකින දෙයක් නේ. Hardwork, luck, dedication, true friendship වගේ හේතු නිසා ඉහළ පැලැන්තියට ගහන පොඩි මිනිස්සුන්ව අපි කතාවල දැකල තිබුණට ඇත්ත ජීවිතේ එහෙම උදාහරණ දැකලා තියෙනවද. එහෙම hard work කරලා එයාලත් ඒ class එකට ගියා මිසක් ඒක break කරලා නෑනෙ නේද? අන්න ඒ harsh reality එක මේකෙ ඒ පොඩි dialogue එකෙන් කියනවා. 😪😪😪

Twists එහෙම තියෙනවා seat එකේ edge එකේ අපිව තියවන. කොටින්ම Glass Reflection Anime Reviewer කියන විදියට මේකෙ අන්තිම ගේම් එක(ඇනිමේ එකේ සීසන් 1) තමා එයා ඇනිමේ එකක බලපු භයංකාරම මූමන්ට් එක. ඒ තරම් thrill එකෙක් දෙන්නෙ. GR කියන්නෙ ඇනිමේ කාපු එක්කෙනෙක්නේ. එහෙම එක්කෙනෙක් අර වගේ කිව්වම හිතාගන්න. Epic 🔥 මේකෙ endings එහෙම නෙක්ස්ට් ලෙවල් 🔥

Music එහෙම ගත්තමත් පට්ට සීරිස් එකක්. Psychological thriller එකක් විදියට සෑහෙන්න ඉස්සරහින් මේ සීරිස් එක තියෙන්නෙ music එහෙමට්බ් සෑහෙන්න හේතුවක්. 

ඉතින් මේ ඇනිමේ එක ගැන ගේන්න හිතුවෙ squid game එකත් එක්ක ආපහු මේක අප්වෙලා ආපු නිසා. ඉතින් ඒ නැතත් සෑහෙන්න කතාබහකට ලක්විය යුතු ඇනිමේ එකක් තමයි මේක. අනිවාර්යයෙන්ම බලන්න. බලපු අයත් කියන් යන්න මේක ගැන.🤐🤐🤐

එහෙනම් ඔබට ජය

Admin: Thilosha Nipunajith 

#hypezoneanime

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

This Post Has One Comment

Leave a Reply