You are currently viewing Sherlock ට එරෙහිව Moriarty ඇනිමේ ලෝකයට…

Sherlock ට එරෙහිව Moriarty ඇනිමේ ලෝකයට…

මේ නමට තියෙන වටිනාකම මෙපමණයි කියන්න බැරිතරම්. සර් ආතර් කොනන් ඩොයිල්  18 වන සියවස අගභාගයේ සහ19වන සියවස

ආරම්භයේ ලොව සිටි ධනවත්ම ලේඛකයකු බවට පත්කරන්න SH ට හැකිවුණා. මේ ලිපිය කියවන ඕනිම කෙනෙක් Sherlock Holmes ගෙ එක කතාවක්  හරි කියවලා ඇති අනිවාර්යයෙන්ම. මොකද චන්දන මෙන්ඩිස් මහත්මයා හෝම්ස් චරිතය අලලා කරපු පරිවර්තන කියන්නෙ කියවීමේ රුචියක් තියෙන ඕනිම කෙනෙක්ගෙ First Pick එකක්. SH කතා කියවලා බේකර් වීථියට ලියුම් ලිව්ව රසිකයන් මේ ලංකාවෙත් ඕනි තරම් ඇති. පොඩිකාලෙ ඕනි ගේමකට ඔට්ටු Super Heroes ල Super Soldiers ල Fighters ල වගේ චරිත වීරයෝ  කරගත්ත අයට ඉස්සෙල්ලම තමන්ගෙ බුද්ධිය තමයි ලොකුම weapon එක කියල ඒ Inspiration එක ඇතිකරන Role Model එක ගොඩක් වෙලාවට Sherlock Holmes. SH කියන්නෙ වෙනම Franchise එකක්. මේකෙ මායාකාරයො Super Powers Supernatural දේවල් නැහැ. Fantasy Places නැහැ. මහා Advanced Technology නෑ. ඒත් මිනිස්සුන්ගෙ අපි හැමෝම දන්න අපි හැමෝම නිතරම දකින ඒත් නොදැක්ක වගේ ඉන්න අඳුරු පැතිකඩවල් පෙන්නනවා. ඒ කියන්නෙ අපේ ඇතුළෙ ඉන්න අදම චරිතය ඉස්මතු වුණාම වෙන අපරාධ කොයි වගේද? නීතිය හැමෝටම එකමද? නීතිය කියන තරම් සාධාරණද වගේ දේවල් පෙන්නන්න ඩොයිල් මහත්තයා උත්සහ කරන්නෙ ඔහු ජීවත් වෙච්ච කාලයේ ලන්ඩන් නගරය සහ ඒ යුරෝපා මහද්වීපය පදනම් කරගෙනමයි. පොලිස් අකාර්‍යක්ශමතාවන් ගැන නීතිය කියන දම්වැලේ දුර්වල පුරුක් ගැන ලස්සනට පෙන්නල දෙන මේ කතාමාලාව තවත් එක් රහස් පරීක්ෂකයෙක් ගැන කතාවක්ම නෙවෙයි. කොටින්ම බ්‍රිතාන්‍ය රාජකීය පවුල පවා waiting list එකේ තියන්න තරම් බලයක් ඩොයිල් මහත්තයට ලබාදෙන්න හෝම්ස්ට හැකිවුණා.

ඉතින් ඕනෑම දෙයක් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැග්ගම ඒක කවදාහරි අවසාන වෙනවා දකින්න ඒකෙන් ලාභ ලබන අය කැමති නැහැ. වර්තමානයේ පලවෙනි සීසන් එක සුපිරියටම ඇදල පස්සෙ සීසන් ගණන් දික්කරන්න ගිහින් නාගන්න shows ඕනි තරම් දැකල ඇතිනේ. ඒ වගේම තමයි පොත්වලටත්. ඩොයිල් Sherlock Holmes චරිතය නිසා එයාගෙ ඓතිහාසික කතාවක් ලියන හීනයට යන්න වෙච්ච බාධාවක් වෙන බව දැනුණ නිසා එයා තීරණය කරනවා Sherlock Holmes ව මරාදමන්න. ඒක වෙච්ච හැටි ඔබ අපි කවුරුත් දන්නවානේ. ඒත් පස්සෙ පාඨක මරණ තර්ජන, ආයාචනා ප්‍රකාශකයන්නෙ පෙරැත්ත ඔක්කොම සලකලා Sherlock ආපහු ඩොයිල් අතින් Revive වෙනවා. ඒත් ඩොයිල් මහත්තයා මැරුණට පස්සෙත් Sherlock Holmes කතා නිර්මාණය කරන්න තරම් ඒ චරිතයේ හිමිකාරිත්වය තිබුණ සමාගම් උත්සහ කරනවා. සමහරක් සාර්ථක වෙනවා. ඒව බහුතරයක් සිංහලටත් පරිවර්තනය වෙනවා මෙන්ඩිස් මහත්තයා අතින්. මෑත කාලෙ ඒව ලංකාවට තවත් සමීප කරන්න ගිහින් එහෙම් වරද්දගත්ත අවස්ථාත් අපි ඕනි තරම් දැක්ක. කොටින්ම හෝම්ස් වගේම ලෝකෙ විශිෂ්ටතම රහස් පරීක්ෂකයෙක් කියල හඳුන්වන්න පුලුවන් Batman ගෙ කොමික් එකකටත් හෝම්ස් එනවා කිහිපවතාවක්ම. ඉතින් රචකයෝ විතරක් නෙවෙයි SH සිනමාවටත් අනුවර්තනය කරගන්න හැකිවුණා. SH කියන චරිතය ගැන එක එක රසික ප්‍රශ්නාර්ථ රසිකයන්ගෙ පරිකල්පනයන් සජීවීව පෙන්නන්න මේකෙන් හැකිවුණා.

මතකද සුනිල් කොස්තා මහත්තයා රවීන්ද්‍ර රණ්දෙණිය කියන රංගධරයා දාලා කරපු Sherlock Holmes Teledrama එක. රංගනය කෙසේවෙතත් ඒ නිර්මාණයෙ පසුතල සැකසීමනම් අනර්ඝ මට්ටමක තිබුණා. ඒ වගේම මතකද ජාතික එකේ ගිය Sherlock Hound. ඒ කතාවෙ Sherlock ගෙ Pet Version එකක් Crimes Solve කරන හැටි පෙන්නුවේ. පට්ට ආතල් කතාවක්. සිරසෙ ගියා 22වන සියවසේ ශර්ලොක් හෝම්ස් කියල කාටූන් එකක්. වොට්සන් එහෙම Cyborg කෙනෙක්. ලුස්ට්‍රාඩ් එහෙම මතකද. පස්සෙ මෑතක ආපු Elona Holmes එකත් ඔයවගේ Adaptations වල ප්‍රතිඵලයක්. Downey Jr. ඉන්න SH movies දෙක. ඇයි ඉස්තරම්ම Adaptations එකක් වෙන BBC Series එක. ඔයවගේ තියෙනවා තව ඕනි තරම්. මේවගේ Downey Movies දෙක BBC Series එක ඇරෙන්න බහුතරය SH රසිකයන්ගෙ බැනුම් අහපු නිර්මාණ. අවසානකාලෙයේ Elementary Series එකත් එහෙමයි. මෑතකදීම ආපු Irregulars එකත් එහෙමයි. ඉතින් අද අපේ මාතෘකාවට ගන්න ඇනිමේ සීරිස් එකත් Sherlock Franchise එකට උපරිම සාධාරණයක් කරපු නිර්මාණයක්.

Yūkoku no Moriāti නැත්නම් Moriarty The Patriot කියන Manga එක Ryōsuke Takeuchi විසින් ලියන්නෙ SH ගෙ Arch Nemesis වන මොරියාටි කියන චරිතට ප්‍රධාන චරිතය කරගෙනයි. මේකෙ Drawings කරන්නෙ  Hikaru Myoshi.  2016 ඉඳන් මේ වනවිට Volumes 14 වෙනකන් කතාව Release වෙමින් පවතිනවා. I.G. Productions කියන ආයතනය මේක ගිය අවුරුද්දේ ඇනිමේ එකක් විදියට එලියට දානවා. ඒ මන්ගා එකට ආපු රසික ප්‍රතිචාර සලකලා බලල.  ඉතින් මේ වනවිට ඇනිමේ එකේ Episodes 13ක් ඇවිල්ල. තාමත් continue වෙමින් පවතින කතා මාලාවක්.

කතාවෙ කතා නායකයා William James Moriarty. මෙයා අපි දන්නවා වගේ Maths Professor කෙනෙක්. ඒ වගේම Crime Consultant කෙනෙක්. ඒත් පොතේ වගේ නෙවෙයි මේකෙ මෙයා crimes කරන්නෙ Money Motive එකක් කරගෙන නෙවෙයි. සමාජයේ තියෙන අසමානාත්මතාව ඇති නැති පරතරය පන්ති භේදය වගේ කියන ඒව තුරන් කරල Ideal World එකක් හදන්න. ඉතින් මේකෙ සුපුරුදු පරිදි එයාට කොස්ස දාන්න Sherlock Holmes. දෙන්නගෙ Mind Game එක තමයි සීරිස් එකේම යන්නෙ.

මේක තාම Continue වෙන එකක් නිසා මම ලොකුවට මේකෙ Review කරන්න යන්නෙ නෑ. ඒත් දැනට මේක පට්ට සීරිස් එකක්. Sherlock වගේම Moriarty කියන්නෙත් Ideal Characters. ඒ කියන්නෙ Fictional Role Models මේවගෙ සැර බස්සනවට Original එක වෙනස් කරනවට මිනිස්සු එච්චර කැමති නෑ. ඒකයි වෙලාවකට මේවගෙ Fanbase ටක්ගාල Toxic වෙන්නෙත්. ඒත් මේ සීරිස් එකේ Original චරිත වලට උපරිම සාධාරණයක් කරල තියෙනවා. ඒත් Moriarty ගෙ Perspective එකෙන් කතාව පෙන්නන නිසා Sherlock ගෙ සැර ටිකක් බාල කරල තියෙන්නෙ. හැබැයි අන්තිම එපියෙන් ඒ අවුලත් හරි ගියා. මොරියාටිගෙ වගේම SH ගෙ චරිතයත් මේකෙ ලස්සනයට Book References එක්ක ගොඩනගනවා. Stanford ඇවිල්ල හෝම්ස්ට රූමෙක් සෙට් කරන එක වගේ දේවල්. ඒ වගේම මේකෙ Characters පට්ට Variety එකක් තියෙනවා. Appearance එකත් මරු. Scotlandyard එකේ ලෙස්ට්‍රේඩ් ග්‍රෙග්සන් දෙන්නට දීල තියෙන Personalities දෙකම ඒකට සාක්ශි. ඒ වගේම සෙබස්තියන් මොරාන් 🔥🔥🔥. මයික්‍රොෆ්ට් හෝම්ස් එන හරිය එහෙම 👌👌👌. Die Hard SH Fan කෙනෙක්නම් Try එකක් දෙන්නම ඕනි මේකට.

මේක අනිත් ඇනිමේ වගේ Japan කේන්ද්‍ර කරගෙන යන එකක් නෙවෙයි. කතාව යන්නෙ England වල. ඒ පරිසරය ලස්සනට create කරල තියෙනවා. ඒ කාලෙ සමාජ රටා පරිසරයගැන අපි පොත්වල කියවපු දේවල් මේකෙත් එහෙමම පෙන්නනවා. Street Kids ල ගැන එහෙම. ඒ වගේම මේකෙ Sherlock ව Introduce කරන තැන එහෙම සුපිරි. කොටින්ම BBC එකේ SH ව Introduce කරනවා වගේම Goosebumps එන මූමන්ට් එකක්. අනිවා Worth of try.

අනිත් අතට මේකෙ කතාව Dead Serious. ඒ කියන්නෙ Shounen Series එකක් වුණාට ඒවගෙ තියෙන Basic Fans ල අල්ලගන්න කරන ලඳ බොළඳ Tricks Use කරපු වැඩක් නෙවෙයි මේක. Characters වල Appearances වුණත් ඕනැවට වඩා Body Expose කරන්න ගිහින් විකාරයක් කරල නෑ. අපි පොත් කියවනකොට හිතේ මැවෙන ජාතියෙ චරිතයක්ම මේකෙඉන්නවා. හැබැයි Anime Style එකට.

දැනට ආපු එපිසෝඩ් 13ගත්තමනම් මේකෙ කතාව සුපිරි කියන්න පුළුවන්. Protagonist Antagonist වෙන්කරගන්න අමාරුවෙන Complicated Arcs දෙකක් තමයි SH හා Moriarty ට තියෙන්නෙ. SH ගෙ Side එක ගත්තම  Watson Moriarty ග සයිඩ් එකේ මොරාන් ගෙ චරිත වල personalities එහෙමත් මරු. Goosebumps එන moments වගේම twists එහෙමත් ගොඩක් තියෙනවා. කම්මැලිකමක් දැනෙන්නෙ නෑ කීයටවත්. Story එක පටන්ගත්ත වෙලේ ඉඳන් ලස්සනට continue වෙනවා. බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා.

Music ගත්තමත් ඉහළ මට්ටමක තියෙනවා. OST ගත්තම Orchestra Type High Tension Score එකක් Use වෙනවා නිතරම. Opening Ending Track වලත් අවුලක් නෑ. Animation එක්ක smoothly යන music tracks use කරල තියෙනවා.

ඉතින් තාමත් එපි 13ක් ආපු මේ සීරිස් එකගැන අද ගේන්න හිතුවෙම DieHard SH fan කෙනෙක් විදියට මෑතකාලයේ ආපු SH Adaptations ගොඩක නාගත්ත තැන් අනපු තැන් මේකෙ දකින්න නොලැබිච්ච නිසා. Perfect adaptation එකක් කියන්න පුළුවන් දැනට. ෆෑන්ස්ල අල්ලගන්න viewers ල වැඩිකරගන්න ඇනිමේ එකක් විදියට මම expect කරපු වෙනස්කම්වත් මේකෙ කරල තිබුණෙ නෑ. ඒ තරම් මුල් චරිත වලට සාධාරණයක් වෙන අන්දමට මේක create කරල තියෙනවා. ඉස්සරහ සීසන් වලදිත් මේක මෙහෙමම තියාගත්තොත් highly anticipated shows අතරට නිකන්ම එකතු වේවි.

මේක ලියන්න හිතුනෙම ලංකාවෙ SH කියන්නෙ සුපිරි ෆෑන් බේස් එකක් තියෙන චරිතයක්. තාමත් book fairs වල ඉස්සෙල්ලම stocks ඉවර වෙන්නෙ SH පොත් සෙට් එකේ. ඒ තරම් ෆෑන්ස්ල ඉන්නවා ලංකාවෙ. ඒත් Adaptations ගත්තම පොඩ්ඩක් ඒක මදි. මේ Adaptations වලින් ආපහු පොතම බලාපොරොත්තු වෙන එක ඒකට එක හේතුවක්. Adaptations කියන්නෙ Adaptations. ඒවා Open Mind රසවිඳින්න පුළුවන්නම් ඔයාලත් මේලට අනිවාර්යයෙන්ම කැමති වේවි. ඕනිම නිර්මාණයක හොඳ නරක තීරණය වෙන්න ඕනි ඒකෙ අපි සලකන සම්මත දේවල් වලට අනුව මිසක් ඒ ගැන අපේ තියෙන හීනමාන අපි ඇඳගත්ත සීමාවන් අනුව නොවනවිත්තිය  ඔප්පු කරපු නිර්මාණයක් මේක. ඒ නිසා Try එකක් දෙන්න. බලන්න පුංචිකාලෙ ඉඳන්ම අපේ දුශ්ඨයා වෙච්ච මොරියාටි මේකෙන් පස්සෙ ඔයාගෙ වීරයෙක් වේවි. බලපු අයත් මේක ගැන හිතෙන දේ කොමෙන්ට් කරගෙන යමු.

මේ වගේ දේවල් ගැන කතාකරන්නත් එක්කෙ අපේ Hype Community එකටත් සෙට් වෙන්න…

ආයෙ හම්බවෙනකන් ඔබට ජය 🔥👌

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

Leave a Reply