You are currently viewing Record of Ragnarok | Spoiler Free Review

Record of Ragnarok | Spoiler Free Review

Historical Figures Battle Sequence එකකට ගෙනාපු next level anime එකක් තමයි Fate Series එක. Hercules, Lancelot, Alexander වගේ එක එක යුගවල රණශූරයො Holy Grail එක වෙනුවෙන් fight කරන මේ ඇනිමේ එක ඒ තේමාව follow කරන් එන ගොඩක් නිර්මාණ වලට පාදක වුණා.♥️♥️♥️

ඉතින් ඒ වගේ Fate එකට පස්සෙ වැඩිම Recognition එකක් ලැබුණ සීරිස් එක මොකක්ද කිව්වොත් Record of Ragnarok කියලා හඳුන්වන්න පුලුවන්.👌

කැමතිද ලෝකෙ හිටපු සුපිරිම චරිත ටිකක් එකම Battle Stage එකක එකම Arena එකක දකින්න. Nikola Tesla, Jack The Ripper වගේ චරිත. ඒ විතරක් නෙවෙයි Hercules, Zeus, Hermes වගේ Greek Mythology එකේ දෙවිවරු සහ වීරයෝ  වගේම Norse Mythology එකේ අපි දන්න Odin, Thor, Loki එතකොට Valkyrie ල ඒ විතරද නෑ… නෑ… තව Adam, Shiva වගේ Religious Figures ඔක්කොම එකම Arena එකක ඉන්නවා. ඒ වගේම එකිනෙකා එක්ක Fight කරන Experience එකක් ලබාගන්න. නිකන් Game එකක් වගේ. ඔන්න ඒ වගේ Story එකක් Fate Series එකට පස්සෙ අපිට දීපු මන්ගා එකක් වෙන Record of Ragnarok එකේ ඇනිමේ Adaptation එක මෑතකදී  Netflix හරහා Stream වුණා.🔥🔥🔥

ඔන්න අපි ගේන්න යන්නෙ ඒකෙ Spoiler Free Review එකක්. Full Detailes Analysation එකක් පස්සෙ ගේන්නම් මොකද බලපු නැති අයට සාධාරණ වෙන්න ඕනි නිසා.🙂

Shinya Umemura and Takumi Fukui ලියපු මේකෙ Manga එකේ  artworks  illustrate කරේ Ajichika කියන pro artist. ඒ 2017 අවුරුද්දේ දී. අපි අහල දැකල තියෙන Historical Characters වලට වෙනම perspective එකකින් කරන Approach එක නිසා මේක සෑහෙන්න ජනප්‍රිය වුණා. ඇත්තටම මේක ගොඩක්ම ජනප්‍රිය වුණේ මේකෙ Regions වලට අදාල Jesus, Lord Buddha, Adam, Shiva වගේ Icons සහ philosophers ලව වෙනම look එකක් එක්ක වෙනස්ම කතාවක් එක්ක ඉදිරිපත් කරන නිසා.ඒ නිසා Series එකට ඇතිවුණ controversy ගතිය නිසා මේක ගොඩක් viral වුණා. 😅

හැබැයි මේ සීරිස් එක මරු. මොකද මේකෙ writer ගොඩක්ම අපිවෙත ගේන්නෙ මානව ඉතිහාසය ලිව්ව අය විසින් අසාධාරණයට ලක්වුණ අයව. දැන් හිතන්නකෝ ටෙස්ලා අපි දැන් මාර ඩයල් එකක් වගේ සැලකුවාට එයා  ඒ කාලේ ඕක හම්බුනේ නැහැ නේ. Too Late. තව මේ සීරිස් එකේ ඉන්න Swordsman Sasaki පවා ලෝකෙ හොඳම Swordsman ල අතරට එන්න ඕනි හැබැයි ඉතිහාසය ලිව්ව අයගෙ අවධානයට ලක්නොවුණ කෙනෙක්. අන්න ඒ වගේ අයව මේකෙ උස්සලා ගන්න එක මම සෑහෙන්න අගය කරනවා මේක බලනකොට. මොකද History is not perfect itself කියන දේ ලස්සනට පෙන්නනවා මේකෙ. ♥️♥️♥️

හැබැයි කලින් කිව්ව controversy එක viral වීම නිසා මේ මන්ගා එකේ ඇත්ත plus points overshadow වුණා කියන එකයි මගේනම් අදහස.🥺

කමක් නෑ අපි යනු ඇනිමේ එකට 😐

මෙහෙමයි මේක Netflix Anime Project එකක්. ඒ නිසා එයාල ඇනිමේ වල.Use කරන පොඩි Signatures වගයක් එහෙම තියෙනවා. ඒත් මට හිතෙන්නෙ Netglix එක දැන් සැලකිය යුතු Anime Projects වගයක් කරල තියෙන නිසාත් මෑතකදී Yasuke, DOTA වගේ ඇනිමේශන් quality එක ඉහළම ඇනිමේ කිහිපයක් කරපු නිසාත් මීට වඩා දෙයක් මම බලාපොරොත්තු වුණා කියලා. ඒවා ගැන හිතන්න එපා.🙂 මේකෙ ඇනිමේ එකක ගන්න තියෙන Feeling එක විඳින්න පුලුවන්. Netflix කරා කියලා  ඒකෙ වෙනසක් නෑ. අනිත් එක තමා මේක Produce කරන්නෙ Graphinica Studio එකෙන්. Hello World එක එහෙම කරේ එයාල. ඒ නිසා Animation Quality එක මහා ලොකු අවුලක්  නෑ. 😐පොඩි Lip Sync අවුලක් නම් තියෙනවා. ඒ වගේම ඔය සමහර Frames නිකන් Color කරපු Manga Frames ටිකම Slide Show එකක් විදියට යනවා කියලත් සමහරු දැඩි විවේචනයට ලක්කරලා එහෙම තිබුනා. ඔය කාලෙක ඉඳන් ඇනිමේ බලලම දැන් ඔය වගේ එකක් එහෙමත් පේනවා. ඒක හැබැයි නැතිම තරම්. මමනම් කියන්නෙ ඒක ගණන් ගන්න ඕනි දෙයක් නෙවෙයි. බලන්න වටිනවා.

මේකෙ මන්ගා එක ගත්ත ආට් වර්ක්ස් ඉතාම ඉහල මට්ටමක තියෙන එකක. මම කියන්නේ Berserk හෝ kingdom වගේ ලෙවල් එකart  ගැන නෙවෙයි. නමුත් ඉතා ප්‍රශංසනීය ලෙවල් එකක drawings තියෙන මන්ගා එකක්. එහෙම සීරිස් එක පුරාවට යන ඇක්ෂන් මන්ගා panels වන දක්වලා තියන විදිහක් මාරම ලෙවල් එකක තියෙනවා. පෞද්ගලිකව ගත්තොත් මම මේක බැලුවෙ manga එක කියවන්න කලින්. ඒ නිසා මට මේකේ මේකේ ඇනිමේෂන් වල අවුල ලොකුවට නොදැනෙන්න ඇති. හැබැයි එහෙම දැන් උන් අයත් ගොඩක් ඉන්න බව කියන්න ඕනි.😬😬😬

Story එක ගත්තම මන්ග එකට සාධාරණයක් කරල තියෙනවා කියන්න පුලුවන්. කතාව දන්නවා ඇතිනේ. ස්පොයිල් වුණා කියල හිතන්න එපා. කතාවෙ ආරම්භය ගත්තොත් Humanity Wipeout කරන්න තීරණය කරනවා Zeus ප්‍රධාන දෙවිවරු රැස්වෙලා. දන්නවනෙ මිනිස්සු කරන වැඩ. යුද්ධ කියයි පරිසරේ දූෂණය කරනවයි තව අපරාධනම් කීයක්ද? ඕක දැකලම එපාවෙලා තමා ඕකට තිත තියන්න එයාල තීරණය කරන්නේ. හැබැයි එක Demi God කෙනෙක් කියනවා මනුෂ්‍ය වර්ගයාට එයාල වෙනුවෙන් සටන් කරන්න අවස්ථාවක් දෙන්න ඕනි කියලා. බලද්දි ඒක ඔය දෙවියොන්ගෙ නීති පොතෙත් තියනවා. (දෙවිවරු කියලා නෑ නීතියට වැඩ😂😂😂) ඒකට දෙවිවරු කැමතිවෙනවා මොකද ඔය නීතිය දානකොටම නිකන් ආතල් එකට වගේ දාපු එකක්. තේරෙනවනෙ දෙවිවරු එක්ක මිනිස්සුන්ට හැරෙන්නත් බෑ කියලා. ඒ නිසා පොඩි Thrill එකක් ගන්නත් එක්ක දෙවිවරුත් හා කියනවා. ඔන්න ඔහොම Battles 13ක් Schedule වෙනවා. දෙවිවරු නියෝජනය කරලා අපි දන්න Zeus, Thor, Loki, Odin, Poseidon, Shiva වගේ අය ඉන්නවා. මනුෂ්‍ය වර්ගයා නියෝජනය වෙන්නෙ ඒ ඒ කාල වල හිටපු විශිෂ්ටතම ශක්‍තිමත්ම බුද්ධිමත්ම චරිත. ලෝක ප්‍රසිද්ධ Swordsman ල Assassin  ල Scientist  ල වගේ අය. මම කවුද කියන්නෙ නෑ මොකද ඒ කට්ටිය Reveal වෙන එකේ වෙනම ආතල් එකක් තියෙන්නෙ ඒක කඩන්න හොඳ නෑනෙ.😏😏😏 ඔන්න ඔහොම 13 ක් එක්ක 13ක් One on One Fight කරනවා. තනි Action Pack එකක් තමා. කට්ටිය ඔය Castlevania එහෙම කම්මැලි කියනවනෙ. මේක එහෙම නෑ. පටන් ගත්ත වෙලාවෙ ඉඳන් පට්ට Exitement එකේ බලන්න පුලුවන්.

🔥

Action ගත්තම Top Notch. සුපිරිම මට්ටමකතියෙනවා. මම කියන්නෙ කතාවෙ Plot එකේ සහ Episode wise Action බෙදල තියෙන එක අනුව Action Anime එකක් විදියට සාධාරණයක් කරලා තියෙනවා. කොටින්ම එපිසෝඩ් එකක 60%ක් වත් අඩුම Action වලටතමා බර. ඒ නිසා ලොකු Investment එකක් යොදලා තියෙනවා Action Sequence වලට. ඒත් නිසා Overall Superb Animation Quality එකක් තියාගෙන නෑ. මොකද Action Sequence ටික Top Notch දෙන්න තිබුණා මේකෙ මුලු කතාවම Fights එක්ක යන නිසා. හැබැයි Fights එහෙම හොඳයි ඒකෙ Story එක ගලපලා ලස්සනට යනවා. First Time Manga කියවපු නැති කෙනෙක්ට හොඳට Enjoy කරන්න පුලුවන්.♥️

Music ගත්තමත් සහොඳ මට්ටමකතියෙනවා. විශේෂයෙන්ම OP, Ending themes කෙසේවෙතත් OST එහෙම අවුලක්ම නෑ. Background Score එක හොඳට තියෙනවා. කිසි අඩුපාඩුවක් නෑ. හැබැයි  Wow එකක් ඒකට ඇතිවෙන්න හේතුව තමා ඇනිමේශන් එක්ක එහෙම බලනකොට Score එක ඉහළ මට්ටමක තිබුණා. මටනම් Okay.👌

ඔන්න හොඳ නරක ටික කිව්වා. හැබැයි මේක බලන්න කලින් දෙපාරක් හිතන්න කියන්නෙ ඇයි?

මෙහෙමයි අපි කලින් පෝස්ට් එකක කිව්වා වගේ මේ කතාව තනිකර එක එක Historical Mythological චරිත එක එක සංස්කෘතීන් වලින් අරන් එක තැනකට ගේන එකක්. ඒක එක හේතුවක්. ඔයා ආගම සම්බන්ධ දේවල් ගැන සාමාන්‍යයෙන් සංවේදී කෙනෙක්නම් ඔයා මේකට කැමති නොවෙන්න පුලුවන්. මේකෙ හින්දු ආගම පැත්තෙන් Shiva,Parvathi, Ganesh වගේ අය ඒ වගේම Christianity සම්බන්ධයෙන් God, Jesus, Adam වගේ අය වගේම බෞද්ධාගම පැත්තෙන් Lord Buddha පවා ඉන්නවා. ඒ නිසා ඔයා ඒවගේ දේවල් ගැන සංවේදීනම් ගොඩක් නොබලා ඉන්න එක හොඳයි. ♥️

ඒ ඒ චරිත ඉදිරිපත් කරන Appearance එක එහෙම අවුල් වෙන්න පුලුවන්. මොකද මේක  Japanese Manga එකක්නේ. එයාලගෙ Perspective එක අපිට වඩා වෙනස්. ඒ නිසා ආගමික නායකයන් ගැන අපි දකින අහල තියෙන ප්‍රතිරූපය මේකෙ නෑ. හැබැයි ඒ කියලා ඒ චරිතයේ Philosophy එක වෙනම විදියකට කතාවට ගැලපෙන විදියට Present කරනවා. මම මේ වෙන්න පුලුවන් දෙයක් කිව්වෙ. උඩ කිව්ව සමහර චරිත මේ සීසන් එකේ නෑ. හැබැයි අනිවාර්යයෙන්ම ඉස්සරහට සීසන් එන නිසා කියන්න හිතුණා.🙂🙂

Overall ගත්තම Netflix බස්සපු හොඳ ඇනිමේ එකක්. මමනම් බැලුවේ මේක Japanes Dub. හැබැයි English Voice Cast එකත් මරු. ප්‍රවීණ සෙට් එකක් ඉන්නේ.ඒකත් අනිවාර්යයෙන්ම හොඳ ඇති. හැබැයි ඒකෙනම් එකම VA ල චරිත දෙක තුන Dub කරලත් තියෙනවා. ඒ නිසා කොහොමද දන්නෙ නෑ ඉතින්. Castlevania, Blood of Zeus වල වගේ Demanded Celebrity Level එකේ අයනම් Voice කරල නෑ හැබැයි.😐

මම මේ සීරිස් එකේ දකින interesting ම දෙයක් තමයි මේකෙ අපි ඉතිහාසයේ අහලදැකල තියෙන දේවල් වලට වෙනම Approach එකක් දෙනවා. උදාහරණයක් විදියට Mozart ගෙ වාද්‍ය ඛණ්ඩයක් කොහොමද Hermes Play කරොත්…. ඔය දෙවියන් ගැන ආදම් ගැන මනුශ්‍යත්වයේ පරිපූර්ණත්වය ගැන අච්චර චිත්‍ර ඇඳපු මයිකල් ආන්ජලෝට කෝමද ඒ චරිත හම්බුණොත් අන්න ඒ වගේ. ස්පොයිල් වුණා කියලා හිතන්න එපා. මේ තත්පරේක සීන් දෙකක් කිව්වෙ. ඒ නිසා එක් විදියක Historical Lesson එකක් වගේම අපි ආපු පාර ගැන චුට්ටක් අපිටම හිතල බලන්න සලස්වන ඇනිමේ එකක්. අර සංවේදී කාරණා ගැන අවුලක් නැත්නම් බලන්නම වටිනවා.😬😬😬

මේ කතාව හුගක් ඉතිහාසය හා සම්බන්ධයි නේ. ඉතින් අපි ඒවා ගැන හිතද්දී accuracy එක ගැනත් හිතනවානේ. ඉතින් මම දැකපු ලොකුම inconsistency එක තමයි ragnarok භාවිතය. Norse mythology එකට අනුව ragnarok event එක තියන්නේ මනුශ්‍යයින්ව නැති කරන්න නෙවෙයි. Ragnarok එහෙමත් නැත්තම් fate of gods කියන්නේ සමස්ත ලෝකය අවසන් කිරීමේ අවසාන සටන. මේ සටනේදී තමයි ඉතිහාසයේ ශක්තිමත්ම දෙවියා වෙන thor එයාට ලැබුන ශක්තිමත්ම ප්‍රතිවාදියා වෙන midguard serpent එක්ක සටන් කරන්නේ. හැබැයි මේ anime එකේ ragnarok  කියන්නේ එහෙම දේකට නෙවෙයි. එක අයුරකින් බැලුවොත් මෙතනත් එක්තරා විදිහක අවසානයක් සටහන් කරන්න තමයි ඒ වචනය යොදාගෙන තියෙන්නේ. ඒත් ඒක accurate නැහැ. ඊට අමතරම ලොකුවටම inaccuracies දැක්කේ නෑ lore වලට.

ඉතින් දැනටමත් ඔයාලා මේක බලලා තියෙනවා කියලා දන්නවා. ඉතින් ඔයාලගේ අදහස් කියන් යන්න මේක ගැන. ❤️❤️❤️

Admin: Thilosha Nipunajith

#recordofragnarok

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

Leave a Reply