You are currently viewing One Piece | Welcome To The Grandline

One Piece | Welcome To The Grandline

ඔයාලා දන්නවද මෙච්චර කාලෙකට ලෝකෙ බිහිවෙච්ච ජනප්‍රියතම  කොමික් චරිත සහ Franchises rank කරෝතින් එයාල ඉන්න Order එක? පොඩ්ඩක් Guess කරමු !

ඉස්සෙල්ලම ඉන්නෙ Almighty Superman. මම මේ ලිස්ට් එකට Base කරගත්තෙ Best Selling Comic Series ගැන තියෙන Wikimedia Article එකක්. මගේ අද මාතෘකාවට ප්‍රවේශයක් ගන්න. Superman Franchise එකේ Comic Issues මෙච්චර කාලෙකට මිලියන 600 කට වැඩි ප්‍රමාණයක් Sell වෙලා තියෙනවා. ඊළඟට ඉන්නේ අපේ favorite බැට් මෑන්. Batverse එකට අදාල  කොමික් වල Approximate Sellings ගත්තොත් ඒ ප්‍රමාණය Over 484+ Million වෙනවා.

ඊළඟට….

හරි හරි අපි දන්නවා Spiderman…. ඕක අපි දන්නවා… ඔයාලට හිතෙනවා ඇති දැනටමත්.

නෑ මිත්‍රවරුනි Spider Man නෙවෙයි. Spiderman Comics වල Sellings ගත්තම Over 370 Million වෙනවා. නමුත් මේකත් Pass කරපු තවත් Franchise එකක් තියෙනවා. Over 480 million copies sold කරපු. අන්න ඒක තමයි අපේ අද මාතෘකාව. මේක තමයි Third Highest Grossing Comic Type Franchise එක. ඒ තමයි One Piece.

ඇත්තටම මම ලිපිය පටන් ගනිති මේක comic characters කියල කිව්වට ඇත්තටම Manga සම්ප්‍රදායේ Charactors එහෙමත් මේ ලිස්ට් එකේ Consider වෙලා තියෙනවා. වරදවා ගන්න එපා මම මෙතන  පෙන්නන්න උත්සාහ කරන්නේ one piece කියන franchise එකටත් සෑහෙන ලොකු hype එකක් ලෝකෙ තියෙනවා කියන එක පෙන්නන්න මිසක් spider-man හෝ වේවා වෙනත් comic character එකක් වේවා ඒවට වඩා මේ franchise එක එක හොඳයි කියලා වත් ඒවා downgrade කරන්න වත් නෙවෙයි. ඒ නිසා ලිපිය පටන් ගනිද්දිම ට්‍රිගර් උනානම් සොරි. මේක බං පීස් ගැන ලිපියක් හින්දා ඒකට තියෙන්න ඕනි ප්ලේස් එක ගැන ඔයාලට Idea එකක් ගන්න පුළුවන් වෙන්න තමයි මම ඒ පොයින්ට් එක point out කරේ. So no Hard Feelings. Please Dont Misunderstand .

අපි දන්නවනේ කොමික් ගත්තොත් ඒක ඇවිල්ල Solo ප්‍රොජෙක්ස්ම නෙවෙයි. Artist ල Letterors ල Colourist ල Paneling කරන අය Writers ල මේ ඔක්කොම එකතුවෙලා තමයි මේ කොමික් එකක් කරන්නේ. ගොඩක් ටයිම් සහ money invest කරලා කරන project එකක්. superman batman හෝ වෙනත් Dark Horse හරි වෙන Marvel DC වගේ වෙන Label එකක Comic එකක් හරි ගත්තමත් මේ කතාව එහෙමම තමයි. නමුත් Manga ගත්තම මේක මෙහෙම නොවන වග මම කලින් ලිපියකත් කිව්වා. Manga එකක් කියන්නෙ Solo Artist කෙනෙක් ගෙ Project එකක්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මම කියන්න හදන දේ. solo artist කෙනෙක් කරපු මේ වගේ sellings ප්‍රමාණයක් වාර්තා කරපු කිහිප වතාවක්ම New York Times Best Sellings List එකේ  Top Spot වලට ගිය මේ Franchise එක එහෙම එසේ මෙසේ එකක් නොවන බව. ඉතිං මෙච්චර වටයක් ගහලා මම අද කතා කරන්න යන ටොපික් එකට එන්නම්.අද මගේ මාතෘකාව onepiece කියන මේ best selling manga එක base කරගෙන හැදුණ One Piece Anime එක.

ඉතින් මේක ලිව්ව මහමොළකරු තමයි Eiichiro Oda. OP Fans ල Oda Sensei ව අදහන්නෙ නැති එක විතරයි. මෙයා 1997 තමයි Shounen Jump Magazine එකට මේ Story එක දාන්නෙ. 1999 තමයි මේකට අදාළ Anime එක Broadcast කරන්න Toei Animation Studio එක අතගහන්නෙ. ඊට පස්සෙ කියන්න තියෙන්නෙ The Rest is History කියල තමයි. ඉතින් Oda Sensei ගැන කිව්වොත් දැනට Celebritynetworth site එකට අනුව එයාගෙ Net Worth එක 200million USD විතර වෙනවා. දැනට ඉන්න Wealthy ම Solo Comic/Manga Artist. ඒ වගේම Industry එකත් ගොඩක් Influencing වගේම Powerful කෙනෙක්. ගොඩක් Manga සහ Anime කාලයත් එක්ක Studio වල උවමනාවට මෙලෝ රහක් නැති Sequels Rush Endings එද්දි OP වල එහෙම Issue එකක් නොවෙන්නත් ඒක හේතුවක්. ඒ වගේම Dragon Ball Mangaka Toriyama වගේම Naruto Franchise එකේ Creator Kishimoto එක්ක ගොඩක් Friendly Rival එකක් තියාගෙන Manga Industry වගේම Anime Cult එක අද තියෙන Western Cult එක පවා අතික්‍රමණය කරන්න සමත් වෙන තැනකට ගෙනාපු Big Three Anime වල  Creator. ඒ විතරක් නෙවෙයි ඇමරිකාවේ ගිය අවුරුද්දේ  Quarantine කාලෙ most anticipated ටීවී ෂෝ එක වෙච්ච my hero academia series එකට ඒකෙ creator ව Ispire වුණේ OP වලින් තමා. එතනින් එහාට ගිහින් Ranma 1/2, Ryoni Kenshin වගේ සීරිස් වලටත් OP Inspire කරගෙන තියෙනවා සහ OP ඒවගෙන් Ispire වෙලත් තියෙනවා. Lupin The Third, Oulaw Star වගේ සීරිස් ඒ අතරින් ප්‍රධානයි. Manga Writers ලව Mortivate වෙන්න් OP හේතුවෙල තියෙනවා. MHA එහෙම ගත්තම Character Design එකට පවා Oda ව Inspire කරගෙන තියෙනවා. උඩ තියෙන List එකත් Weeb කෙනෙක්ට Follow කරන්න සුදුසු List එකක්. Highly Recommended.

ඉතින් ඔන්න Naruto Franchise එක ඉවර කරල වේලි වේලි ඉන්නකොට මම Anime Recommendations ගන්න ගොඩක් අය මට කිව්ව දෙයක් තමයි OP බලන්න කියල. ඉතින් පට්ට දිග සීරිස් එකක් බව දැන දැනත් නිකමට වගේ බැලුව First Episode එක. ම්හ්…

ඇල්ලුවෙ නෑ. මටනම් Average වගේ. ඒත් මට මේක බලන්න කිව්ව අය කිව්ව දේවල් ඔලුවෙ වැඩකරපු නිසාම තවටිකක් බලන්න හිතාගත්තා. මොක්ද Naruto එකේ AoT, Death Note වගේ Anime වල දෙන Kickstart Opening Episode එක මතක ඇතිනේ. ඒවගේ Shows Follow කරපු කෙනෙක්ගෙ ඔලුවෙ Greatest Anime එකක් කිව්වම අර වගේ Kickstart එකක් මාත් බලාපොරොත්තු වුණා. ඒකනම් හරිම Dumb. I Know. But Anyway ඔන්න මම OP බලනවා.

ඔන්නෙ මගේ ඔලුවෙ වැඩකරපු ටික මම කියන්න යන්නේ. මේක දාන්නෙ මොකද First Episode එක බලන Show එකම Ignore කරන්න ගොඩක් අය පෙළඹෙන නිසා. මේක Kickstart Episode එහෙම අඩුයි මුල් ටිකේ Story එකත් පට්ට Slow යන්නේ. මේ ටික කියන්නෙ මටත් මේව හිතුණ නිසා. මොක්ද මේ වගේ Show එකක් බලනකොට අපිත් පොඩ්ඩක් Adjust කරගන්න ඕනි අපිව.

ඔන්න මම OP Start කරා.

මේ Rubber Fruit කියල Devil Fruir එකක් කාපු  Luffy කියන ඩයල් එකක් බැරල් එකක පාවෙලා එනවා. පොරනම් අවුලක් නෑ. ඒත් අනිත් Characters වල Design එක අවුල් වගේ. 1999 හින්දද මන්දා. කමක් නෑ තවටිකක් බලමු. ඔන්න Luffy Pirate King වෙන්නලු ඉන්නේ. හරි ඉතින් Naruto Hockage වෙනවා මූ Pirate King වෙනවා. Same නේ. මොකකද ඉතින් Basic Shounen Stuff. ඔන්න Luffy ට සෙට් වෙනවා Zorro කියල Dial එකක් පොරනම් Badass. Firat Appearance එකේ ඉඳන්ම තේරෙනවා ඩයල් එක එසේ මෙසේ පොරක් නෙවෙයි කියල. ටික ටික Luffy ගෙ Crew එක හැදෙනවා. Nami කියල සටකපට කෙල්ලෙක්, Usopp කියල Sniper කෙනෙක් වගේම නොම්බර එකේ බොරුකියන ඩයල් එකක්, Sanji කියල Cook කෙනෙක් ඔන්න ඔහොම. Fights එහෙම්ත් සෙට් වෙනවා. Naruto එකේ Fights බලල හිටපු මට එච්චර දෙයක් පෙනුණෙ නෑ මේ Fights වලත් ලොකුවට. කොහොමහරි කතාව ටික ටික යනවා ඉස්සරහට. ඔන්න Episode 20ක් වගේ ගියා. Still On Mind I Was Thinking, OK This is Good. ඒත් මොකටද අර කට්ටිය මේකට මෙච්චර Hype වුණේ. Characters Weird වගේ. Music OST එහෙමත් Boring වගේ. කොහොම හරි ආවා Arlong Arc එකට. මේකෙ එක තැනක Play වෙනවා Overtaken OST එකත් එක්ක මේ Pirate Crew එක Counter Attack එකකට යන තැනක්. Wow… එතන තමයි මට තේරුණේ OP කියන්නෙ මොකක්ද කියන එක. ඒ වෙනකොට මාස ගාණක් බලල Episode 37ක් විතර බලල තිබුණේ. ඊට පස්සෙ  මම Totally Addicted. එතන යන Fight එක දෙන Score එක ඇතිවෙන Hype එක Emotional ගතිය ඔක්කොම අර මුල් Episodes ටිකට හරියන්න දෙගුණ තෙගුණ වෙලා දෙනවා. ඊට පස්සෙ OP මගේ Favourite TV Shows වලට එකතුවුණා නිරායාසයෙන්ම. OP වලින් Naruto වගේ වෙන Shows වලින් ලැබුණ දේම  බලාපොරොත්තු වෙන්න බෑ කියන එක තේරුණා මට. ඉතින් ඔන්න මම OP Fan කෙනෙක් වුණා. Devoted OP Fan කෙනෙක් වෙන්න මට Episode 37ක් විතර ගියා. තේරෙනවා නේද සීන් එක.

මම උඩ කිව්ව දේ කිව්වෙ මේක ඇවිල්ලා දැනට Episodes 900+ තියෙන Longest ම ඇනිමේ සීරිස් එකක්. මේක Shounen Series එකක් තමයි ඒත් All The Time Hero Kicks Asses Type Hype එකක් මේකෙන් හැම වෙලේම බලාපොරොත්තු වෙන්න බෑ. මේකෙ Development එක පට්ටම Solid සහ Slow. කොටින්ම කියනවනම් මේ Fantasy එක Develop කරල තියෙන Deatails වල Plot Holes Loop Holes නැති තරම්. හරියන Wizarding World එක Middle Earth වගේ. හැබැයි මේකෙ අපිට ඒව ටික ටික තේරුම් කරවනවා මිසක් එකපාර details දෙන්නෙ නෑ. මේ වගේ Solid Franchise එකක් ආපහු දැක්කෙ AoT වල විතරයි. ඉතින් කියන්න තියෙන්නෙ ඔයා Game of Thrones වගේ සෑහෙන Backstory එකක් තියෙන Deatailed Series වලට කැමතිනම් OP අන්න එහෙම් එකක්. හැබැයි First Episode එක බැලුවම මේකෙ Story එකේ Depth සහ Seriousness එක ගැන දශමයකවත් අවබෝධයක් එන්නෙ නෑ. ඒක තමයි මේ Show එකේ Style එක. Oda ගෙ Whole Picture එක බලන්න Episode 900 අවසානයේ තාම බැරිවෙලා තියෙනවා. ඒකෙන්ම හිතාගන්නකෝ. උඩ මට මුලින් හිතිච්ච දේවල් ගැන මම කිව්වෙ මේකට අතගැහුවොත් ඔයාලත් Hesitate වෙන්න පුළුවන් නිසා ඒක Normal කියල පෙන්නන්න.

ඉතින් OP 900+ Episodes තිබුණා කියල මේක Underestimate කරන්න එපා. මේකෙ Fillers Naruto වගේ එහෙම නෙවෙයි. පොඩි ප්‍රමාණයක් තියෙන්නෙ. Percentage එකක් ගත්තොත් 10% විතර. Naruto එහෙම ගත්තම 40% විතර Fillers. ඒ කියන්නෙ Whole Series එකම වගේ Main Storyline එකට Connected. First Episode එකේ හම්බවෙන අය ආයෙ හම්බ්වෙන්නෙ නැත්තෙ නෑ. Well Described Backstories එක්ක Solid Side Characters 1000+ මේකෙ ඉන්නවා. ඒකයි මම කිව්වෙ පට්ටම Careful විදියට Develop කරපු Story එකක්. මම Story එකේ Solid ගතියට වඩා දේවල් නොකිය ඉන්නම් මොකද Spoil වෙන නිසා. Twist තියෙන්න ඇති මදි නොකියන්න. මම Anime වල දැකල තියෙන Most Hyped Moment Most Epic Moments බාගෙට බාගයක් තියෙන්නෙ OP වල. ඒ වගේම Twists. හීනෙන්වත් නොහිතම Twists තියෙනවා හිතන්නවත් බැරි. ඒ වගේම Drugs, Slavery, Power Lust වගේ දරුණු Themes Focus වෙලා තියෙනවා කතාව පුරාවටම. කොටින්ම දැන් යන Arc එකෙන් Japan වල සංවෘත ආර්ථිකය ගැනත් Symbolise වෙනවා. ඒකෙන් හිතාගන්න පුලුවන්නේ කතාව ගැන.

හරි ඊළඟට එන්නම් Character Development එකට. Top Notch. කොටින්ම කියනවානම් පොඩි සිද්ධියක් අල්ලගෙන Character එකක් 180 Degrees හරවන Villains ල Heroes ල කරන ඕනි තරම් කතා තියෙන්නෙ මේක එහෙම නෑ. Characters වල Inner Struggle කියන දේ මාර ලස්සනට පෙන්නනවා කතාව පුරාවටම. Friendship, Love, Family වගේ Basic Shounen Theme වලින් එහාට ගිහින් Loyalty, Betrayal වගේ Deep දේවල් චරිත වලින් ඉස්මතු කරනවා. කොටින්ම තමන් Survive වෙන්න කරන දේවල් ඒව අනිත් අයට බලපාන හැටි ගැන Characters ටික ටික අවබෝධ කරගන්න හැටි එහෙම පට්ට ලස්සනට පෙන්නනවා. මේක Pirates ල ගැනම විතරක් නෙවෙයි Navy Marines Perspective එකෙනුත් පෙන්නනවා. Main Character Luffy ටත් වඩා වැඩි හරියක් Story එකේ හරය අපිට Reveal වෙන්නෙ Side Characters විතරයි. ඉතින් ඒකෙන්ම Characters ගැන තේරෙනවනේ. Characterss Weird වගේ පෙනුනට වෙලව්කට මේකෙ.හැම Character එකක්ම නම් කරල Appearance එක Decide කරල තියෙන්නෙ කවුරු හරි ජනප්‍රියම චරිතයක් පාදක කරගෙන. Eminem, Slash, Valentino Rosy වගේ Celebrity Type අය විතරක් නෙවෙයි Yohan Bekmann වගේ Scientist ලත් මේකෙ චරිත වලට Inspire වෙලා තියෙනවා.

ඊළඟට Score එක. මේ සීරිස් එක ගත්තම මගේ ලොකුවට හිතට අල්ලපු Opening Ending Themes එහෙම නෑ. මේ Show එකේ OST නම් සුපිරිම සුපිරි. Overtaken, Very Bery Strongest, Leo Bazooka Theme, Everything, Fierce Attack වගේ ඉස්තරම්ම OST ටිකක් මේ Show එකේ තියෙනවා. ඒ කියන්නෙ Score එක Next Level. හැබැයි Score එක ගොඩක්ම හොඳ වෙන්නෙ Show එක මැදදි. මුල් ටිකේනම් ලොකුදෙයක් නැති තරම් Overtaken ඇරෙන්න.

Animation පැත්ත ගත්තමත් Next Level. Colors, Scenery එහෙම ලස්සනට පාවිච්චි වෙලා තියෙනවා. Action Sequences ගත්තමත් ඉස්තරම් Quality එකක් තියෙනවා. හැබැයි සුපිරිම Fights ටික බලන්න Show එකේ ගොඩක් Complete කරන්න වෙනවා. ඉවසීම තමයි KeyKey එක. Character වල Finishing Moves, Power Ups එහෙම ලස්සනටම Animate කරල තියෙන Show එකක්.

ඉතින් Simpsons Show එකේ පවා OP වල Easter Eggs දාන්න තරම් Viral වුණ Show එකක් මේක. කොටින්ම DB වලට පස්සෙ Western Cultඑකට ලොකුවට Impact එකක් ඇතිකරපු ඇනිමෙ එකක්නම් OP තමයි. දැනට Industry එකේ ඉන්න Talented ම Voice Actors ල බහුතරයක් මේකට Contribute වෙලා තියෙනවා. ඒ වගේම මතක් කරන්න කැමති මේකෙ නම් Dubbed බලන්න එපා අනිවාර්යයෙන්ම Eng Sub එක්ක Original එක බලන්න.

ඉතින් මට මේක Story එක Characters Plot එක OST වගේ ගොඩක් පැතිවලින් No. 1 වෙන Show එකක්. මගෙ All Time Favourite ම Show එකක්. ඒ වගේම Long Run Anime අතරින් Undoubtedly No 1 කියන්නත් පුළුවන්. ඉතින් මගේ අත්දැකීම් එක්ක මේ Spoiler Free Review එක ගෙනාවෙ මේ Show එක Once In a Lifetime Type Show එකක් නිසා. ජීවිතයට ගොඩක් පාඩම් ඉගෙනගන්න පුළුවන් Naruto වගේම Show එකක්. හැබැයි Life lessons වලට ආවමනම් Naruto Is The Best.

මේක එහෙනම් අනිවා Try එකක් දෙන්න. පසුතැවෙන්නෙ නෑ අනිවාර්යයෙන්ම. බලල ඉවර වෙලා Thank Me Later. බලපු අයත් නැති අයට Encourage වෙන්න කියාගෙන යමු ඔයාලගෙ අදහස්.

එහෙනම් Luffy, Zorro, Sanji Monster Trio එක Nami Usopp Chopper Weakling Trio එකත් එක්ක වගේම Big Boss Jimbei, Pervy Brook, Cyborg Franky Mysterious Robin එක්ක ඔයත්  Straw Hats Pirates ලගෙ Journey එකට සෙට් වෙන්න. Four Pirate Empires ල Three Navy Admirals ල Celestial Dragons ල එක්ක හැප්පෙන මේ Journey එකනම් සුපිරිම Thrill Ride එකක්. බඩපැලෙන්න හිනාවෙන්නත් ඒ වගේම ඇඬෙන්න තරම් Emotional දේවල් ඕනි තරම්. Luffy Pirate King වේවිද? Shanks කියන්නෙ කවුද? මොකක්ද Will of D කියන්නෙ? Hidden 100 Years of History වල ඇත්ත මොකක්ද?  Heart Pirates ලගෙ ඉරණම, Who’ll defeat Blackbeard? වගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ඔයත් සෙට් වෙන්න.

එහෙනම් කොල්ලො අපි ගියා.

තවත් Review එකකින් හම්බවෙමු.

තව මේ වගේ ලිපි කියවන්න ඔනෙනම අපේ Hype Zone  page එකත් එක්ක සෙට් වෙන්න

අහ් ඒ වගේම මේවා ගැන කතා කරන්න කැමතිනම් අපේ HYPE Community  එකට සෙට් වෙන්න.

ඔබට ජය ❤👌

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

Leave a Reply