You are currently viewing One Piece Insane Foreshadowing

One Piece Insane Foreshadowing

One Piece කියන්නෙ මටනම් Masterpiece level එකට කිට්ටු වැඩක්. මේකට කට්ටිය එකඟ වෙන එක හෝ නොවෙන එක වෙන්න පුලුවන්. කොහොමනමුත් ලෝකෙන් දෙවැනියට වැඩිම අලෙවියක් තියෙන කොමික් කතාමාලාව නිසාම නෙවෙයි World Buildup, Universe එකක් විදියට ගත්තම ඇනිමේ Culture එකේ වගේම fictional history එකේ සංධිස්ථානයක් විදියට OP Mark වෙලා ඉවරයි.🔥🔥🔥

OP Masterpiece වුණත් නැතත් OP ලිව්ව Oda Sensei නම් මාස්ටර්මයින්ඩ් එකක්.♥️🔥

ඇයි මම එහෙම කියන්නෙ? ඔන්න ඒකට එක හේතුවක් තමා අද අරන් ඇවිල්ල ඉන්නෙ.

ඒ තමා පොරගෙ Insane Foreshadowing.👌👌👌

Foreshadowing කියන්නෙ මොකක්ද දන්නවනෙ කට්ටිය. ඒක නිකන් future එක ගැන දෙන ඉඟියක් වගේ එකක්. ඇනිමේ ගත්තම වේවා වෙනත් Story එකක් ගත්තම මේ foreshadowing කියන දේ අලුත් දෙයක් නෙවෙයි. ඒත් Oda මේක වෙනම ලෙවල් එකකට ගෙනියනවා. සාමාන්‍යයෙන් අපි දිග කතාවක් කියවගෙන යනකොට හිතෙන දෙයක් තමා මේක උවමනාවෙන් නිරපරාදේ  දිග්ගැස්සුණු කතාවක් කියන එක. ඕක නිතරම නැගෙන චෝදනාවක් නේ. නමුත් OP වල Oda ගෙ Vision එක ගත්තම පලවෙනි Chapter එකේ ඉඳන් අන්තිමට ආපු 1023 වෙන chapter එක දක්වාම අපිට connect වෙන හැටි දකින්න පුලුවන්. මේ කියන්න යන්නෙ ඒ වගේ අවස්ථා ටිකක් ගැන.😐

මෙතන foreshadowing වගේම insane symbolising වගේ foreshadowing ම නොවෙන ඒවත් ඇති. එක ගොඩේ තමා කමක් නෑනෙ නේද

Sanji’s Past

මේකෙ සමහරක් Direct Foreshadowing කියන්නම බැරිවුණාට කට්ටියට තේරෙන්න ඇති Sanji ව Whole Cake Isalan එකේදි එකපාරම prince කෙනෙක් කිව්වම අපිට පුදුමයක් දැනුණට එයාගෙ Past එක මුල ඉඳන්ම Oda ඉඟිකරලා තිබුනේ.😑😑😑

එකක් තමා Episode 61 දි monster trio එකේ තුන්දෙනා කතාවක් දාගෙන ඉන්නකොට  Zoro කියනවා කඳු නගින Ships වගයක් ගැන. එතකොට Sanji කියනවා එයා එහෙම එකක් දැකලා තියෙනවා කියලා. පස්සෙ එපිසෝඩ් 800ගාණකට පස්සෙ අපිට Sanji ගෙ Backstory එක පෙන්නනකොට Oda පෙන්නනවා කෝමද Sanji මේක Experience කරේ කියලා. Germa Kingdom එකට අයිති Snail Type Ships වලට hill climbing පුලුවන්. ඕක කොච්චර painful memory එකක්ද Sanji ට.🥺🥺🥺🥺

Oda's OVERLOOKED foreshadow of Sanji's past: OnePiece

අනිත් එක කට්ටියට තේරෙන්න ඇති මේකනම්. Sanji Alabasta Arc එකේ සහ අර Ebaf Warriors ල දෙන්න හම්බවෙන Arc එකේදි crocodile එක්ක කතාකරනකොට යූස් කරන Nickname එක mr. Prince. ඕකනම් coincidence කියන්න බෑ නේද? 🤭🤭🤭 Afterall Sanji’s a real prince

One Piece-talk... — Oda's development of Sanji! Part 1

හොඳම Foreshadowing moment එක තමා OP Manga එකේ එන මේ මූමන්ට් එක. ඒ තමා Skypiea යන්න කලින් Cricket එක්ක වෙච්ච conversation එකේදි පොර කියනවා පවුලෙ අනිත් අය කරන වැඩවල විපාක ජීවිත කාලෙම විඳින්න වෙන එක ගැන. ඒ ගැන ජීවිත කාලෙම insult වෙන එක ගැන. ඕක කියලා ඉවරවෙනකොට මන්ගා එකේ ඊළඟ panel එක තනිකරම Sanji ව focus කරන්නෙ. එතන cricket ගෙ experience = Sanji ගෙ past memories. ඒ වගේම මේකෙ nolan ගැන කියනකොට මතක ඇති Sanji කියනවා එයා North Blue කියලත්. පස්සෙ මේක Nami ටත් මතක් වුණා මතකද?

Awsome foreshadowing by Oda! Notice sanjis reaction to what Cricket is  saying...: OnePiece

ඒ වගේම Chapter 124 Cover එක ගත්තම ඇති Sanji Secret කියලා ගහපු  Suitcase එකක් තියන් ඉන්න එකක්. වෙන crew members ලත් නෑ. ඔය තොටුපොලක වගේ image එකක් ඒක. හැබැයි හොඳට බැලුවම එතන බෝඩ් එකේ ගහල තියෙනවා තියෙනවා Tsuru කියලා. Tsuru කියන්නෙ පස්සෙ අපි දකින Vice admiral කෙනෙක්. කොහොමහරි මේකෙන් පේනවා ඇතිනෙ Sanji Crew එකෙන් leave වෙලා තමන්ගෙ secrets එක්ක deal කරන්න යනවා කියලා. අනිත් එක tsuru ගෙ area එක ඒ කාලෙ north blue 🔥🔥🔥 Damn 🔥🔥🔥

Oda's OVERLOOKED foreshadow of Sanji's past: OnePiece

තවත් එකක් Zoro Sanji Feuds වල Sanji ට කියලා තියෙනවා Zoro, Prince of Dumb Kingdom කියලත් 😂😂😂

2. Usopp ගෙ බොරු 😂😂😂

Usopp Kaya ට කිව්ව බොරු ටික පම්පෝරි කතා ටික ආපහු බැලුවනම් ඔයාලට සෑහෙන්න පුලුවන් ඉස්සරහට් වෙන දේ වුණත් පොඩ්ඩක් හිතාගන්න. පොර බොරු කියලා කිව්ව එකක් ගාණෙ ඩයල් එකට experience කරන්න වුණා. 😂😂😂

Usopp Kayaව Impress කරන්න කියන ගොඩක් බේගල් එහෙම පිටින්ම පොරට Experience කරන්න වෙනවා එයාගෙ journey එකේදි 😂

ගොඩක් හොඳට හිතල බැලුවම Usopp සහ Noland දෙන්නම ගොඩක් සමානයි. Usopp Lied as a Habit but Noland was framed as a liar. Usopp සහ Noland  දෙන්නම Dwarves ල ගෙ tribe එකේ වීරයො වෙන එක එහෙම මේ අතර විශේෂයි. හැබැයි දෙන්නගෙ Personalities එහෙම සෑහෙන්න වෙනස් කියන්න පුලුවන්. අනිත් එක ඔය Dwarf හුටපටෙන් පස්සෙ මේක.එලියට ආවට ඇත්තටම Obvious Reasons එක්ක බැලුවම Gold Roger, Noland ගෙ Journeys එහෙම Parallel යන සීන් එකක් තියෙනවා.

හැබැයි මේක අපිට නිකන් Hint එකක් වගේ මිසක් Details පිට මුකුත් දෙන්නෙ නෑ. උදාහරණයක් විදියට කවදා කොහොම කොහෙද වෙන්නෙ කියන එක අපිට කියන්න බෑ. හැබැයි overall Usopp කියන ගොඩක් දේවල් පොරටම experience කරන්න වෙන විදියට තමා Oda Story එක build කරන්නේ 😁😁

All of Usopp's lies eventually come true. ;) | Usopp, Manga love, Anime

3. Sabo

Sabo ව ගොඩක් නාමිකව හඳුන්වල පස්සෙ direct පෙන්නන්න කලින් Oda මෙයාවත් foreshadow කරා. එකක් තමා Buggy Luffy ව execute කරන මොහොතෙ ඒක බලන් ඉන්න කට්ටිය දිහා බැලුවම පේනවා Sabo ගෙ outfit එක ඇඳග්ත්ත shadow එකක්. ඒ වගේම පස්සෙ dragon ආවම පස්සෙ panels කිහිපයකත් මේඩයල් එකවම පෙන්නනවා. ඉතින් කියන්න ඕනි නෑනෙ. Dragon එක්ක sabo එන්න තියෙන ප්‍රවණතාව ගොඩක් වැඩි. ඒ වගේම අමතක කරන්න එපා මේ කාලෙ sabo ගෙ මෙමරි එක නැතිවෙලා තිබුණේ. ඒ නිසා luffy ව දැකලා react නොකරපු එක හිතාගන්න පුලුවන්. ☝☝☝

Sabo Foreshadowing: OnePiece

ඒ වගේම ඔය Ace සහ Luffy Sake Cup එකක් ශෙයාකරන් සහෝදරයො වුණා කියන එක ඉස්සෙල්ලම කියන වෙලාවක අපිට Manga එකේ දකින්න පුලුවන් මේ sake cups දෙක. හොඳට බැලුවම පේනවා තව Sake Cup එකක පොඩී කොටසක්. ඒ කියන්නෙ තව එක්කෙනෙක් ඉන්නවා කියන එකද? අපිදන්නවා Sabo ව පස්සෙ introduce කරානෙ. සමහරවිට Oda මෙතනත් ඒක අදහස් කරා වෙන්න පුලුවන්. මේකනම් theory එකක් හොඳේ. තාම 100%ක් confirm නෑ. 🤭🤭🤭

I found some Sabo foreshadowing in chapter 558! - Imgur

4. Momo’s past

Momonouske කියන්නෙ chapter 1023 කියෙව්වට පස්සෙ තේරෙන්න ඇති කොච්චර තද ඩයල් එකක්ද කියලා. ඒ අන්තිම මන්ගා පැනල් එක පොඩ්ඩක් බලලා search කරලා බලන්න 2004 නැත්නම් 2006 ආපු chapter 310 cover එක. Samurai armors දාගත්ත luffy ගෙ crew එක පිටිපස්සෙ ඔය dragon ම ඉන්නවා පෙනේවි. ඒ කියන්නෙ පුතේ අවුරුදු 15කට කලිනුත් Oda මේක ප්ලෑන් කරලා ඉවරයි 😂

Momonosuke's Awakening foreshadowed over 15 years ago? - One Piece

ඒ වගේම Momonouske ගෙ Time Travel සීන් එකත් ලාවට වගේ අපිට ඉඟි දුන්නා Oda. එකක් තමා Zou Arc එකේ Neko සහ Inurashi දෙන්නගෙ Feud එක ගැන අහනකොට Carrot ට අර Wanda ද කොහෙද කියනවා මේ දෙන්න Oden මැරුණ දවස්වල ඉඳන් තමා මෙහෙම. අවුරුදු 20ක් තිස්සෙ. ඊට කලින් හොඳ යාලුවො කියලා. අපි ඒකෙම දැනගන්නවා Momo කියන්නෙ Oden ගෙ පුතා කියලා. Momo ට වයස 8යි. Momo ඉපදුණාට පස්සෙ තමා oden මැරෙන්නෙ. තේරෙනවනෙ මෙතන timeframe ගැලපෙන්නෙ නැතිවිත්තිය. ඒකට හේතුව අපි දැක්කනේ 🤭🤭🤭

Chapter Secrets – Chapter 919 in-depth analysis – The Library of Ohara

ඒ වගේම Roger Whitebeard දෙන්නම තමන්ට මුණගැහුණු බව Momo එක තැනක කියන් යනවා. Usopp ඒක අහල බොරුකාරයෙක් කියල බනිනවා මතකද 😂😂😂 පස්සෙ බලනකොට වැඩේ ඇත්ත 😑

ඒ වගේම Sanji Punk Hazard වල අන්තිම සාදයේදි දීපු Soup එක මතකද  Momo විසිකරන්න ගියා. ඒකට හේතුව දකින්න ඇතිනේ. Oden ගෙ මරණය වුණ හැටි 😐♥️

Oda you are a genius!!!♥️

5. Kanjuro’s a traitor

මාරම ලෙවල් එකක foreshadowing ටිකක් මේකෙත් තියෙනවා. අපි ලඟකදි දැනගත්තනෙ kanjuro traitor කෙනෙක් කියලා. මේකත් Oda Foreshadow කරලා සමහර fans ල මේක අල්ලගෙන තිබුණා. එකක් තමා Kanjuro fight කරනකොට එයා handle කරන්නෙ right hand එකෙන්. නමුත් drawings කරනකොට ඔය එයා අමාරුවෙන කැතට අඳින් drawings ඔක්කොම වගේ කරේ වම් අතින්. කොස්සක් තියෙනවා නේද?🙂🙂

අනිත් එක තමා හොඳට බැලුවොත් අපිට Law ගෙ Crew එක ඉන්න තැන කතාවෙන තැන Kanjuro ඉන්නවා. Crew එක මාට්ටුවෙනවා. ඔය වගේ Allies ල Wano වල මාට්ටුවෙන ගොඩක් තැන් plan කරන තැන් වල Kanjuro හිටියා. ඒ වගේම අහුවුණ නැති තැන් බැලුවම ඒවා ප්ලෑන් කරන තැන් එකකවත් Kanjuro නෑ Kinemon ගාව. කොටින්ම මතක ඇති Nami එහෙම හිටපු Bathhouse එකට Drake පනින එක පවා Kanjuro ඒක දැනගෙන ටික වෙලාවකින් වුණේ 😠

One more argument to [spoiler] traitor theory: OnePiece

අනිත් එක තමා Kanjuro හිටපු Chapter Covers වල එයා පණිවිඩ යවන්න යූස් කරන කුරුල්ලන් දකින්න පුලුවන්. හොඳට බැලුවොත් ගොඩක් Orochi ඉන්න Arts වලත් මේ කුරුල්ලන් එයාගෙ ඔලුව උඩින් ඉන්නවා. තේරෙනවා නේද මම කියන්න යන දේ😅

ඒ වගේම දැන් තියරියක් යනවා chapter  covers වලින් මේක Hint කරපු ඒවා ගැන. Apoo Kanjuro දෙන්නගෙම Faces ලොකුවට තිබුණ chapter covers දෙකක් තියෙනවා එකම ටයිප්. මට අංකනම් මතක නෑ. දෙකේම දෙන්න Suspicious විදියට දකුණු පැත්ත බලන් ඉන්නෙ. දෙන්නම traitors ල කියලා පස්සෙ හෙළිවුණා. මේ වගේ තිබුණ තවත් cover එකක් පස්සෙ එලියට ආවා. ඒකෙත් ඔහොමම ඉන්න චරිතයක් ඉන්නවා. කවුද දන්නවද?😐

Akagami Shanks 😑😑😑

කියන්න බෑ ඉතින්. මේකනම් නිකන් theory එකක් විතරයි 😬

Afterall Oda is a mastermind. මේ foreshadowing moment එක සහ ඒවගෙ සිද්ධි අතර gaps බැලුවම සමහර ඒවා තියෙනවා අවුරුදු 15ක් විතර. ඒකෙන් තේරෙනවානේ Oda මේවා ප්ලෑන් එකකට කරන්නෙ කියලා. ඊළඟ චැප්ටර් එක මේ සතියෙ ප්ලෑන් කරලා ඊළඟ සතියෙ එලියට දාන ඒවා නෙවෙයි. මේ foreshadowing ටිකක් විතරයි. සාමාන්‍යයෙන් දැනට වැඩිපුරම මගේ අවධානයගත්ත ටිකක් ඔය..පොඩි පොඩි ඔය වගේ ඒවා සෑහෙන්න තියෙනවා. අනිත් එක Symbolising දේවල් ගැන නොකියා ඔය. ඒවයි fans ල අල්ලගත්ත ඒවයි ඔක්කොම මෙතන කිව්වොත් Oda ව අදහනවා ඔයාල😅😅😅

කොහොමහරි One Piece Masterpiece එකක් නොවෙන්න පුලුවන්. හැබැයි Oda කියන්නෙ අවිවාදයෙන්ම Mastermind එකක්.☝☝☝

තවත් මේ වගේ ලිපියක් ගේන්නම ඒවා ගැනත් ♥️♥️♥️

තව මේ වගේ ලස්සන ලිපි කියවන්න නම් අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න.

තිලෝෂ නිපුනජිත්

#grandlinereview #animereview #onepiece

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

Leave a Reply