You are currently viewing Negative Attitude on Anime / ඇනිමේ දුර්මත

Negative Attitude on Anime / ඇනිමේ දුර්මත

ඇනිමේ බලන්න හදන අයට තියෙන පොඩි පොඩි අවුල් ටිකක් ගැන තමයි අපි අද කතා කරන්න හිතුවේ. මේ හේතු නිසා Download කරපු Buy කරපු Anime එකක් වුණත් නොබල ඉන්න සමහරවෙලාවට අපි යොමුවෙනවා. උදාහරණයක් ගත්තොත් ඇනිමේ දිගවැඩියි කියලා Naruto Series එක අවුරුදු ගාණක් මගෙ Hard එකේ තිබුණා. පේනවානේ සීන් එක. ඉතින් මේ වගේ තව හේතු නිසා Anime බලන්න Hesitate වෙන අයගෙ Hesitation දුරු කරන්නයි අද ලිපිය…🙏🙂

Childish වැඩියි

මේකනම් කිසිම පදනමක් නැති කතාවක්. Anime තියා Animated Series එකක්වත් හරියට බලලතියෙන කෙනෙක් මේ චෝදනාව කරන්නෙ නෑ කවදාවත්ම. මේකට මම ලොකුම හේතුවම් විදියට දකින්නෙ Anime වල Weird Look තියෙන සහ Cute Look එකක් තියෙන Characters තිබීම. Weord ගතිය නිසා මේක Childish කියන එක විහිලුවක්. එතකොට Rick n Morty ??? තේරෙනවා නේද?Cute Appearance එකක් තියෙන Female Characters දැක්කම සමහරු Anime Barby Dolls  ගාණටම දානවා. අනේ මන්දා !!! ඒකත් කිසි පදනමක් නැති කතන්දර. AoT එකේ Mikasa ම ගන්නකෝ. කොච්චර Badass Character එකක්ද. ඒ වගේ තමයි. ඒ Anime වල Style එක. බාහිර ස්වරූපය සසඳන්න Manga එකත් එක්ක නැතුව ඔයාගෙ Attitude එකත් එක්ක නෙවෙයි. එතකොට හරි.💯

ඊටත් වඩා මේ ළඟදි උඩට ආපු දෙයක් කියන්නම්. UFC Middleweight Champion කෙනෙක් වෙන Israel Adesanya Matches වලදි පවා Anime Pauses දානවා. පොර Die Hard Anime Fan කෙනෙක්. කොටින්ම Anderson Silve එක්ක Promoting එකේ Rock Lee Stance එකක් දානවත් එක්ක. ඒ Match එකෙත් එහෙමයි. මේවගෙ Action UFC Fighters ලත් Appreciate කරනවානම් තවත් උදාහරණ මොකටද? 🙏

දිග වැඩියි..

ආපහු ආපහු කියන්නේ මෙහෙම හිතෙනවානම් Sorry කියලා තමයි. මෙහෙමයි සමහර Anime සම්බන්ධයෙන් ගත්තම මේක ඇත්ත One Piece ගත්තම 900+ Episodes, Naruto 700+, Black Clover, Boruto, HxH, Bleach මේ ඔක්කොම 100+. ඒ වගේම OVA + Movies ගත්ටම ඇත්ත මේව දිග වැඩි තමා. ඒත් මේක බලල අද හෙට ඉවර කරන්න ඕනි කියල එකක් නෑනෙ නේද. 20min වගේ එක Episode එකක්. මම ඉඩ කිව්ව Long Run Shows බලන් යද්දි තේරෙවි ඔයලටම හොඳ දෙයක් මෙච්චර කල් Miss වෙලා තිබුණා කියලා. Relax එකේ ඉන්න වෙලාවට වගේම වැඩකරලා මහන්සි වෙලා අවුලෙන් ඉන්න වෙලාවක එහෙම Mortivate වෙන්න කියාපු Series ටිකක් උඩ මම Mention කරේ.🙂

මේවා දිග වුණාම සමහරු හිතනවා ඔය Indian මෙගා නට්‍ය වගේ කියලා. ආච්චිගෙ වස්තරේ තමයි. Anime ගොඩක් Japan වල Use වෙනවා පොඩි අයගෙ Mortivations හදන්න. ගොඩක් Japanese අය මම දැකල තියෙනවා ඒ වගේම ලංකාවෙ අයත් මේ වගේ Long Run එකක් තියෙන Anime එක්කම GrownUps ල වෙච්ච අය. ගොඩක් Successful ජීවිත ගතකරන අය. ඉතින් ඒක එක හේතුවක්. ඒ වගේම හිතෙනවානම් මෙගානාටක වගේ කියල මට කියන්න තියෙන්නෙ Anime වලින් දැක්ක දෙයක් තමයි Long Run එකකින් Character Development වගේ දේවල් වලදි කරන්න පුලුවන් දේවල්. ලංකාවෙ ඉන්දියාවෙ මෙගානාටකවල ඒක නොකරට ඇත්තටම ලොකු දෙයක් Long Run Show එකක්දි කරන්න පුළුවන්. උදාහරණයක් විදියට Oshin වගේ ගන්නකෝ. ඒකත් Japanese නෙ ඒ වුණාට ඒවා ඔය 800 900 කොටස් ඇදෙන මෙගා පඩංගු එක්ක අහලකින්වත් තියන්න බැරි සුපිරි නිර්මාණයක් නේ. නේද? කොහොමද ඒක Limited කරානම්. ලෝක යුද්ධයට කලින් හා පස්සෙ ජපානයේ නැගිටීම එච්චර තාත්වික විදියට පෙන්නන්න පුළුවන් වෙයිද? උත්තරය බෑ. අන්න ඒකයි මම කියන්නෙ. 😋

වෙලාවක කියවන්න පැණිවලලු එකට ප්‍රොෆෙසර් ගංගානාත් ලියල තියෙනවා පරමාණු බෝම්බෙන් Mentally වැටිච්ච ජපන්නුන්ව මේ වගේ නිර්මාණ වලින් ගොඩ ගත්ත හැටි. ඒ වගේ Anime වලින් ජපන් ලමයාගේ ඔළුව හදන හැටි ටයිටස් තොටවත්ත මහත්තයත් එක පාරක් Interview එකකත් කියනවා. ඉතින් ඒ වගේ නිර්මාණයක් දිගයි කියල මගහරව ගන්න එක මෝඩකමක්.🙏

අනිත් එක මේ දිගවැඩියි කියන එකට ඒ Show Runners ලම ගොඩක් Solutions දීල තියෙනවා. එකක් තමයි ReCap Movies. හදිස්සිකාරයොන්ට Episodes ගාණ වැඩි කියල කියන අයට කියාපු භාණ්ඩෙ. මමනම් Recommend කරන්නෙ නෑ කිසිසේත්ම. මොකද Episodewise show එකක් බලල ගන්න ආතල් එක මේකෙන් එන්නෙ නෑ. Cliffhangers වලදි Twisting End වලදි එන Feeling එක මේකකදි නැති තරම්. ඒත් නොබල ඉන්නවට වඩා මේකක් හරි බලන එක වටිනවා.🌎

අනිත් එක Skippable Filler Lists. ඕනිම Long Run Show එකක ලොකු Percentage එකක් Fillers තියෙන්නෙ. ඒ කියන්නෙ කතාවෙ ප්‍රධාන Storyline එකට Major Effect එකක් නොකරන අතුරු කතාවන්. සමහරවිට Main Timeline දෙකක් අතර වෙච්ච සිද්ධි දාමයක්. තවත් සමහරවෙලාවට කලින් පෙන්නපු සිද්ධියක් වෙනම Sub Character Perspective එකකින් පෙන්නන එකක්. අන්න ඒ වගේ. ඕනිම Long Run Show එකක මෙහෙම Skippable Filler List  තියෙනවා. හොයාගෙන Skip කිරීම නොකිරීම නරඹන්නා සතු දෙයක්.😁

ඒ වගේම Limited Episodes ගාණක මාරම සුපිරි Anime තියෙනවා. Episodes 15ක්වත් නැති. ඒ හින්ද මේ Long Run කියන චෝදනාව සමස්ත Anime Industry එකටම කළ යුතු එල්ලවිය යුතු චෝදනාවක් නෙවෙයි. එහෙම Long Run Show වුණත් Long Run වීම ඒවගෙ දුර්වලතාවයක් නෙවෙයි. අපේ වැරදි වටහාගැනීමක් තියෙන්නෙ. දිග කතාමාලාවක් කිව්වම අපේ ඔලුවෙ මැවෙන්නෙ සාම්ප්‍රදායික මෙගානාට්‍යක් වගේ චිත්‍රයක්. අන්න ඒකයි. ඒ මතය වෙනස් කරගත්තම මේ Long Run කියනදේ තවදුරටත් ඔය විදියට පේන එකක් නෑ. ❤

Japanese Language එක

මේකත් මේ Language එක එකපාරම Unfamiliar ගතිය නිසා වෙන එකක් මිස Japanese Language එකේ කිසිම වැරැද්දක් නෑ. මේක Anime වලට විතරක් නෙවෙයි තවත් ගොඩක් Foreign Languages වල චිත්‍රපට බලන්න පවා මැලිකමක් ඇතිවෙන්නෙ හේතුවක්. එහෙම අයට කියන්න තියෙන්නෙ ඒ Attitude එක වෙනස් කරගමු කියල. මොකද ඒකෙන් Anime විතරක් නෙවෙයි ගොඩක් ඉස්තරම් ගණයේ නිර්මාණයන් ඔයාට Miss වෙනවා. Anime Japanese වලින් බලන්න අමාරුමනම් English Dub තියෙනවා බලන්න. හැබැයි මම නම් Recommend කරන්නෙ නෑ. Sub වලට හුරුවෙන්න. Naruto Classic Series එක ඇරෙන්න ගොඩක් Shows වල Dubbing සෑහෙන්න අවුල්.🤔

Emotionally High ගතිය

මේකත් සමහරුන්ට අල්ලන්නෙ නැති දෙයක්. විශේෂයෙන්ම මේක වෙන්නෙ Action Sequence වලට එහෙමත් නැත්නම් Sad Moments වලට අදාළව එහෙම නෙවෙයි. Romantic Scene වල මේ තියෙන Emotional ගතිය සමහර අයට ටිකක් Disturbing. ඒ නිසත් සමහරු Anime වලින් ඈත් වෙනවා. හැබැයි මේ අවුල ගොඩක්ම එන්නෙ Slice of Life, Rom/Com Series වල විතරයි. ගොඩක් අනිත් Anime වල Romance වලට එහා ලොකු Story එකකට යැවෙන නිසා මෙහෙම අවුලක් ඔයාට දැනෙන එකක් නෑ. Slice of Life සහ Rom/Com කියන්නෙ SL Anime Fans ල අතර ගොඩක් Underrated Genres දෙකක්. ❤

මේකට මට කියන්න තියෙන්නෙ එක එක්කෙනාගෙ කැමැත්ත සහ රුචිකත්වය අනුව වෙන දෙයක් මිස වෙන දෙයක් නෙවෙයි කියල තමයි. සමහර Romantic Scenes සහ වෙනත් Emotional Scenes Over Hype කරන්න ගිහින් ඒව බොළඳ වෙච්ච අවස්ථා මාත් ඕනි තරම් දැකල තියෙනවා. ඒත් Anime වල Romance කියන එක පෙන්නන විදියයි Bollywood Movie එකක Romance පෙන්නන විදියයි Hollywood Movie එකක ඒක පෙන්නන විදියයි වගේ Romance Highlight වෙන විදි Compare කරන්න යන්න එපා. Open Mindedly රස විඳින්න. ඒ වගේම Transformation Moments, Hero Entrance වගේ ඒවත් Movie Genres එක්ක Compare කරන්න යන්න එපා. Anime වල Hero ගෙ Entrance, Move එක කෑ ගහල කියල Attack කරන එක, ටිකක් වෙලා යන Transformations, Over Powered Characters ඒවා සාමන්‍ය දේවල්. ඒක හින්ද තමයි Anime වල තියෙන Unique ගතිය වැඩිවෙන්නෙ. ඒවගෙ Value එක වැඩිවෙන්නෙ. Hollywood, Bollywood, Malayalam, Chinese Action වගේ එක එක Movies වල වගේ තමයි මේ Anime Style එකටත් හුරුවෙලා රසවිඳින්න. වෙන දේක දැකපු දෙයක් ආපහු දකින්න Anime බලන්න එපා අලුත් දෙයක් රසවිඳින්න බලාගෙන Anime බලන්න. 🌎

Weird එහෙමත් නැත්නම් විකාරරූපී ගතිය..

මේකත් අර කලින් කිව්ව දේම තමයි කියන්න තියෙන්නේ. මේක හැබැයි සමහර Anime වලට තමයි අදාළ. සමහර ඇනිමෙ ඇත්තටම මාරම තාත්විකයි. නමුත් Fantasy පැත්තට බරවෙන ඇනිමේ වල මේ කියන දේ දකින්න පුළුවන්. කලින් කිව්ව Anime වල Hero ගෙ Entrance, Move එක කෑ ගහල කියල Attack කරන එක, ටිකක් වෙලා යන Transformations, Over Powered Characters වගේ දේවල් මීට අයිති. ඊට අමතරව එකපාරම කිව්වම හිනායන විදියෙ Powers, Weaknesses වගේම Backstory එකක් තියෙන Characters Anime වල සුලබ දෙයක්. ඇයි අමුතු Movements, Weapons එහෙම. ඒව නිසා ඇනිමෙ බොළඳයි විකාරයක් කියන අය ඉන්නවා. ඒකටත් මට කලින් කිව්ව දේ තමයි කියන්නවෙන්නේ. සමහර Anime Characters ඒ Plot එක ටිකක් Weird වෙන්න පුළුවන් හැබැයි ගොඩක් වෙලාවට ඒක Wonderfully Weird තමයි කියන්න වෙන්නෙ. මේ Wonderful කෑල්ල සෙට් වෙන්න නම් ඔයාට ටිකක් ඉවසීමෙන් ඕනැම Anime එකක් බලන්න වෙනවා. ඒකට හුරුවෙන්න. එක Anime එකක් බලල ඒකම ඊළඟ එකෙන් බලාපොරොත්තු වෙන්න එපා.💯

Long Run Shows ගත්තම Naruto පට්ට Kickstart එකක් ගන්නවා 1st Episode එක ගත්තම හැබැයි One Piece එහෙම මාර Slow Start එකක් ගන්න එකක්. Steins Gate Limited Episodes ගාණක් තිබුණට මුල්.හරිය පට්ට Slow. ඒ වගේ තමයි. එක එක Anime එක එක විදියයි. අන්න ඒකට හුරුවෙන්න වෙනවා. Movies TV Shows වල තියෙන Variations අච්චර Genres, Sub Genres වලට බෙදෙන ඇනිමෙ වල නොතිබෙන්න හේතුවක් නෑනෙ.❤

ඔන්න මම roughly explain කරා Anime Beginner කෙනෙක්ව Discourage කරවන පොඩි දේවල් ටිකක් ගැන. මීට අමතරව ඔයාලට හිතෙන දැනුණ දේවලුත් Comment කරන්න අමතක කරන්න එපා.🌎

ඒ වගේම අපේ ෆේස්බුක් ගෲප් එකට ජොයින් වෙන්න අමතක කරන්න එහෙම එපා..😁

HYPE Community

මේ වගේ තව ලිපි ඕනෙනම් දිගටම සෙට් වෙලා ඉන්න..

Until Next Time 🔥

ඔබට ජය !!!

Admin – Thilosha

#anime

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

Leave a Reply