You are currently viewing Naruto: Road to Ninja World

Naruto: Road to Ninja World

අපි චිත්‍රපට ගත්තොත් අවිවාදයෙන් පිළිගන්න විශිෂ්ටතම නිර්මාණ තියෙනවා. Crime චිත්‍රපට අතරින් Godfather Trilogy Fantasy චිත්‍රපට අතරින් LOTR Trilogy Horror චිත්‍රපට අතරින් Silence of The Lambs, The Shining Comic Based  චිත්‍රපට අතරින් Watchmen  ඊට පස්සෙ රූපවාහිනී කතාමාලා ගත්තම BB, GOT, The Wire වගේ ඒවා. ඉතින් 80,90 දශක දෙක පහුකරලා ඒ කියන්නෙ Anime වල ස්වර්ණමය යුගයක් පහුවෙලා අලුත් සියවසකට එනවත් එක්කම අලුත් ඇනිමේ වල Quality එක එහෙමත් නැත්නම ගුණාත්මකභාවය කියන දේ ටික ටික අඩුවෙන බවක් පෙනෙන්නට තියෙනවා. Hajime no Ippo වගේ නිර්මාණ මුල් කාලයේ බිහිවුණත් එතනින් එහාට ගිහින් Slam Dunk, Captain Tsubasa J. වගේ Sports Anime, Cowboy Bebob වගේ Satisfied Ending තියෙන Limited Episode ගාණක Anime, Pacific Rim එකට පවා Inspire වෙච්ච Evangelion වගේ පට්ට Unexpected Ending තිබුණ ඇනිමේ අලුත් සියවසට එනවාත් එක්කම නැතිවෙලාම ගියාද කියල හිතෙන්න තරම් සමහර නිර්මාණ වල අඩුවක් තිබුණා. කලින් කිව්ව ඒවා ඇරෙන්නට Yoo Yoo Hakusho, Ranma 1/2,  Serial Experiments, Berserk වගේ Anime Replace කරන්න පුළුවන් මට්ටමේ නිර්මාණ කාලයක් යනකම් බිහිවුණෙව් නෑ. නමුත් Inuyasha, Hajime no Ippo වගේ Anime බිහිනොවුණාමත් නෙවෙයි. ඇයි ඇත්තටම මේකට හේතුව?

Image Credits: Reel Down

ඇත්තටම මේකට හේතුවුණේ ගොඩක්ම ඒ නිර්මාණ වල අඩුපාඩුවකටත් වඩා කලින් දශකවල නිර්මාණ වල තිබුණ සුපිරි Quality එක. 2000 දශකය මුල ඒ වගේ Anime Series ගොඩක් විකාශය වීම අවසන් වෙලයි තිබුණේ. ඒ වගේ ලොකු Impact එකක් කරපු Shows එහෙම ලේසියෙන් Replace වෙන අන්දමේ ඒවා නෙවෙයි. අදටත් ඒක එහෙමයි. ඉතින් මේ කාලය වෙනකොට Mangaka ලත් අලුත් Generation එකක් බිහිවෙමින් පැවති සංක්‍රාන්ති කාලයක්. ඒ වගේම වෙනම Animation Style එකක Creations බිහිවෙන්න පටන්ගන්නවා අලුත් දශකයත් එක්ක. ඒවටත් එකපාරම Audience එක හුරුනොවුණාද කියන එක අපිට හිතෙනවා. නමුත් කොහොම කොහොම හරි මේ හැලහැප්පීම් මැද 2000මුල හරියෙ පොඩි පසුබෑමක් වගේ පෙන්නුම් කරන Anime එක පාරම පණ ගහල එනවා. ඒ Death Note, Monster, Bleach, Soul Eater, Erased, FMA, FMAB වගේ සුපිරිම නිර්මාණ රැසක් මුල් දශකය අවසන් වෙන්න කලින් Launch කරලයි.

ඒ අතරින් එක Show එකක් විශේෂයි. මොකද මම කලින් කිව්ව වගේ ඕනිම Entertainment Genre එකක් තියෙනවා All Time Greatest දේවල්. කොටින්ම අපි වෙලාවකට කියන්නෙ බලල නැත්නම් වැඩක් නෑ වගේ කියන මට්ටමට එන නිර්මාණ. ඉතින් ඇනිමේ Cult එක උඩුයටිකුරු කරපු ඒ වගේ නිර්මාණයක් තමයි Dragon Ball කියන්නෙ. 80 දශකය අවසන් භාගයේ වගේ එළියට ආපු මේ ඇනිමේ එක ලෝකය පුරා උන්මාදයක් වගේ පැතිරුණා. කොච්චර අරවගේ උසස් නිර්මාණ බිහිවුණත් Dragon Ball එක්ක Compare වෙන නිර්මාණ අදටත් තියෙන්නෙ දෙකක් නැත්නම් සමහරුන්ට අනුව තුනක්. මේ තුන නිසා තමයි ඇනිමේ Industry එකේ වචනයක් ආවා අලුතෙන් Big Three. මොන කෙරුමා ආවත් මේ තුන All Time Greatest කියන මට්ටමේ ඇනිමේ තුනක්. එකක් තමයි One Piece. අනිත් එක තමයි අද අපි කතා කරන Naruto.

මම හැමදාම Naruro ගැන මොකක් හරි ලියනකොට පටන් ගන්න තැන තමයි Fb එක පුරාම Motivating Quotes වැහිවැහැලා කියන එකෙන්…. සමහරු ඇත්තටම ඒවගෙ තියෙන ඒව අදහස් කරනවා වුණත් 3/4ක් වගේ රැල්ලට බව අපි නොදන්නවයැ…

ඇත්තටම අපේ ජීවිතයට Inspiration එකක් Motivation එකක් නැතුවම බෑ නේද. පොඩිකාලෙ ඔයාටත් අනිවාර්යයෙන්ම වීරයෙක් ඉන්න ඇති ඔයාගෙ අම්මා තාත්තා නැත්නම් වෙන ප්‍රසිද්ධ චරිතයක් එහෙමත් නැත්නම් පස්සෙ කාලෙක තරුණ වයසට එද්දි ඔයාට අදාළ ක්ශේත්‍රයක Pro කෙනෙක් අන්න ඒ වගේ. ඉතින් ඇයි අපිට මේ Motivation වෙන් එක ඔච්චර වැදගත්. ඇයි කියනවනම් හිතන්න අපි ජීවිතේ කොච්චර අවස්ථා වල නම් මානසිකව වැටිලා ඇතිද? නැත්නම් කායිකව මානසිකව දෙපැත්තෙන්ම වැටිච්ච අවස්තාවනුත් ඕනි තරම් ඇති. Job එකෙන් Fire කරපු Exam Repeat Fail වෙලා එහ්ව්මත් නැත්නම් ආදරේ කරපු කෙනෙක් ප්‍රතික්ශේප කරල හරි Breakup වෙලා හරි ඒ වගේ කෙනෙක් අපිව දාලා යන්නම ගියාම හරි ඔය වගේ කොච්චර දේවල් තියෙනවාද අපිව වට්ටන. අපිටත් දැන් ඇති. ආපහු Start Over කරන්න මේ ජීවිතේ බෑ කියල කට්ටිය Suicide කරගන්න පවා පෙළඹෙන. අන්න ඒ වගේ වෙලාවල කොච්චර අපි අර වගේ අපේ Inspiration එකක් Role Model එකක් දිහා බලල ඒ ගැන මතක් කරල පස්සට අඩියක් තියල Pause කරල ජීවිතයෙන් ඉස්සරහට යන්න Move On වෙන්න කොච්චර උදව් කරගෙන ඇතද? අන්න ඒක පොඩ්ඩක් කල්පනා කරන්නකෝ. ඒ අපි Inspire කරපු අයව Inspire කරපු චරිතත් ඉන්නවනේ. එයාල නැත්නම් අර කට්ටියත් නෑ. අන්න තේරෙනවා නේද මේ Inspiration කියල එකක් මානව ශිශ්ටාචාර ඉදිරියට පවත්වගන්න පවා වැදගත් වෙන පුංචි දෙයක් වගේ පෙනුනට අතිශයින් වැදගත් දෙයක් කියලා. අන්න ඒකයි අපේ මාතෘකාව අද වැදගත් වෙන්නෙ. මොන බයිලයක්ද යකෝ මේ කිව්වෙ මෙච්චර වෙලා කියල හිතුණානම් සොරි. ඒත් මේ මට Naruto දැනිච්ච හැටි. කොච්චර Chill එකේ බලන්න Shows අනන්ත අප්‍රමාණ තිබුණත් Life Lessons ගත්තම මේකට ගහන්න එකක් නෑ. අන්න ඒක හිතේ තියාගෙන අපේ Topic එකට යමු.

ඉතින් Mortivation Inspiration ගැන කියද්දි මගෙ ජීවිතයට ගොඩක් දේවල් ගත්ත Anime Series එකක් ගැන තමයි මම කියන්න යන්නේ.ඒ තමයි Naruto Series එක ගැන. කලින් කිව්වා වගේ මීට වඩා හොද Anime ඕනි තරම් තියෙනවා. Big Three ගත්තම මේක එක්ක කරට කර ඉන්න DB, OP වගේම තව සමහරුන්ට අනුව Big Three එකේ Place එකක් තියෙන Bleach මේකට වඩා හොඳද නැතිද කියන එක කාලයක් තිස්සෙ ඇනිමේ ෆෑන්ස් ල විවාද කරන Argue කරන දෙයක්. පසුකාලීනව වගේම මීට කලින් ආපු ඕනි තරම් ඇනිමේ තියෙනවා නරුටෝ අභිබවා ගිය. ඒත් මම කිව්වා වගේ Life Lessons ගත්තම මේකට ගහන්න ශෝ එකක් නෑ. මේක Action අතින් පාස් කරනවා වෙන්න පුළුවන්. Music පැත්තෙන් Surpass කරනවා වෙන්න පුළුවන් ඒ වගේම තව එකී මෙකී නොකී පැති ගොඩාරියකින් මේක සමහර Shows Surpass කරනවා වෙන්න පුලුවන්. ඒත් Life Lessons ගත්තම මේක තමයි එක. ඒකෙ කතාවක් නෑ. මේක ඇවිල්ල Life Lessons Pack එකක්. අපි ජීවිතේ වැටෙන හැම පැත්තක්ම වගේ Cover වෙන අපිව අපිටන හම්බවෙන දකින්න හම්බවෙන් එක Character එකක් හරි තියෙන මාරම ලස්සන ශෝ එකක් තමයි මේක.

2002 දි තමයි Naruto මුල්වරට ප්‍රේක්ෂක අපි හමුවට එන්නේ. එදා ඉඳන් අද වෙනකන් Continue වෙන Epic Franchise එකක් තමයි මේක. DB ඇවිත් OP එනකම් Long Run Anime Series එකක අඩුවක් තිබුණා. OP ගත්තත් 2002 වෙනකොට මුල් සීසන් වල තමයි තිබුණේ. DB ට සාපේක්ෂව OP කියන්නෙ අතිශය ප්‍රවේශමෙන් හිමින් ගොඩනගපු කතාවක්. ඒ නිසා ඒකත් එක්ක එකපාරම ලොකූ Fan Base එකක් එකතුවුනේ නෑ කියන්න පුළුවන්. නමුන් Naruto Long Run Anime එකකට අත ගහන්න හිටපු ෆෑන්ස්ලට සුපිරිම බෙහෙතක් වුණා. මොකද OP වගේ නෙවෙයි ලොකු Kickstart එකකින් Fights Comedy එක්ක Major Characters වල පසුබිම එහෙම මුල් එපිසෝඩ්ස් වලම Reveal කරගෙන තමයි මේක එන්නෙ. මේකෙ  පොඩ්ඩක් Backstory එක ගත්තම Masashi Kishimoto තමයි Writer. කෙලින්ම Mastermind එකක්. මේක බලපු අය අදහන්නෙ නැති ටික විතරයි ඩයල් එකව. 95 ලිව්ව Karakuri 97 ලිව්ව Naruto කියන One Shot Manga දෙක Based කරන් තමයි පොර මේකට අත ගහන්නේ. Shueisha’s Magazine, Weekly Shōnen Jump එකේ 99 ඉඳන් 2014 වෙනකන් මේක continue වෙනවා. Volumes 72ක පොතක් විදියට පස්සෙ  Release වෙනවා. ඒත් පස්සෙ Kishimoto ගෙ Supervision එක යටතේ Next Generation එකටත් Manga එක Continue වෙනවා. මෑතකදී ආපහු Kishimoto Mangaka විදියට ආපහු ආවා. ඒ කියන්නෙ 90s වල ඉඳන් මේ ඉන්න 2020 පහුවෙලත් එක වගේ Fan Base එකක් තියාගෙන ඉන්න Show එකක් තමයි මේක.

Pierrot සහ Aniplex කියන සමාගම් මේකෙ Anime Series එක Produce කරනවා. Classic Naruto Series එක Episode 220යි. මොකක් එච්චර. Long Run Shows බලන්න හුරුනැති අය එකපාරම ඔහොම අහාවි. ඒත් Anime වල මේක සුළු දෙයක්. මම කලින් ලිපියකත් මේක Anime Beginner Level අයට Recommend නොකරපු හේතුව තමයි මේකෙ දිග. මේක බලනවානම් මේකටම පොඩ්ඩක් Dedicate වෙන්න ඕනි ලයින් එකක් තියෙනවා. ඒ කියන්නෙ නොකා නොබී වැඩ පාඩුකරගෙන මේක බලන්න කියන එක නෙවෙයි. මම කියන්නෙ වෙන Shows Movies එහෙම නොබල පොඩ්ඩක් මේක බලන්න වෙනවා.මොකද කියල තේරේවි බලන්න පටන් ගත්තම. එතනින් නවතින්නෙ නැතුආ 2007 මේකේ  Sequel එක Naruto Shippuden Release වෙනවා Anime Series එකක් විදියට. ඒකේ Episodes 500යි. ඒත් කියනවාට බලන්නකෝ. බලල Thank Me Later.

Series එකට Worldwide Attention එකක් එනවත් එක්කම Cartoon Networks වගේම YTV මේකෙ English Dubbing වලට අත ගහනවා. සාමන්‍යයෙන් මම Anime වල English Dubbing Recommend කරන්නෙ නෑ.. ඒත් මේකෙ සාමාන්‍යයෙන් ඉහල මට්ටමක English Dubbing තියෙනවා. Guy Sensei, Naruto , Kakashi ට Voice කරන Actors ල ප්‍රංසනීයයි. කොටින්ම Japanes Voice Actors ලට වගේම English Voice Actors ලට තැනක් හම්බවෙච්ව එකම ශෝ එක මේක කියන්න පුළුවන්. Naruto Dub බලල Dub හොඳයි කියලා මතයකට එන අය ගොඩක් ඉන්නවා. ඒ තරම් මේකෙ Dubbing සාපේක්ෂව ඉහළ මට්ටමක තියෙනවා. කෝම හරි මේකෙ Naruto Uzumaki ගෙ Story එක පුරා Episode 720ක් ඔයාලට බලන්න පුළුවන්. ඒ විතරද ??? නෑ නෑ තව Movies 11කුත් අවසානයේ Naruto ගෙ පුතා Boruto ටත් පාර කියල තමා නවතින්නේ.

මේ පෝස්ට් එක මේක බලන්න අදිමදි කරන අයට පොඩ්ඩක් මොරාල් එකක් හැදෙන්නමයි ලියන්නෙත්. මොකද සුපිරි Experience එකක් Thrill එකක් තමා ඔයාලට මගහැරෙන්න යන්නේ. ඒ නිසා තමයි ගොඩක් අය බලල තිබුණත් මේක නොබලපු අය වෙනුවෙන් ලියන්නම හිතුවේ.

Naruto One of the GOAT කියල කියන්නෙ ඇයි ???

Copies Over 250 Million Sold කරපු Manga Series එකක්. ඒ වගේම එයින් Over 100 Million Japan වලින් පිට. Batman Superman Spiderman කියන චරිත තුන ඇරෙන්න Solo Character Based වැඩියෙන්ම විකිණුන Publications තියෙන්නෙ OP සහ Naruto ට. අර තුන කියන්න ඕනි නෑනේ DC, Marvel. ඒව එක්ක මෙහෙම Solo Artist කෙන්ක් අතින් ඇඳපු චිත්‍ර තියෙන මේ Manga තරඟ කරනවා කියන්නෙ කොහොම වෙන්න ඕනිද Quality එක. මෙච්චර Fan Base එකක් නිකම් හැදෙන්නෙ නෑනෙ. Quality එක හිතාගන්න. උපරිමයි. New York Times වල Best Selling List එකේ කීපවතාවක්ම ඇතුලු වෙච්ච Series එකක්. ඉතින් මේ වගේ Base එකක් මත තමා Series එක බිහිවෙන්නේ. කොටින්ම Anime එක පටන් ගන්නකොටම සැර ෆෑන් බේස් එකක් තිබුණ Manga එකක් තමයි Naruto. ලෝකෙ එතෙක් මෙතෙක් දෙවනි හොඳම Debut Manga Volume එක Release කරන්නෙත් Naruto තමයි. ඒ Volume 28 එක 2008දි. One Piece ට පස්සේ All time Best Manga එක Naruto කියල බොහෝ දෙනෙක් කියන දෙයක්. සමහරු ඊටත් වඩා හොඳයි කියනවා ඉතින්.

දිග වැඩි හින්දා බෑ වගේද?

ඔන්න හැමදාම නගන මැසිවිල්ලට හැමදාම දෙන උත්තරේ. ආපහු ආපහු කියන්නේ මෙහෙම හිතෙනවානම් Sorry කියලා තමටි. මෙහෙමයි ඇත්ත දිග වැඩි තමා. ඒත් මේක බලල අද හෙට ඉවර කරන්න ඕනි කියල එකක් නෑනේ. 20min වගේ එක Episode එකක්. පිළිවෙලට බලන් යද්දි තේරෙවි ඔයලටම හොඳ දෙයක් මෙච්චර කල් Miss වෙලා තිබුණා කියලා. ඒ වගේම කලින් එකක කිව්වා වගේ මේකෙත් Skip කරන්න පුළුවන් Fillers එහෙම Skip කරාම මේකත් සාමාන්‍ය Lengthy Show එකක්. Relax එකේ ඉන්න වෙලාවට වගේම වැඩකරලා මහන්සි වෙලා අවුලෙන් ඉන්න වෙලාවක එහෙම Mortivate වෙන්න කියාපු Series එක. ඕනි වෙලාවක බැලුවම එකම විදියට දැනෙන Shows ගත්තම TBBT, Friends වගේ Sitcom ඇරුණම මට හරිගිය එකම ශෝ එක මේක. කලින් ලිපියකත් කිව්ව වගේ මේවා දිග වුණාම සමහරු හිතනවා ඔය Indian මෙගා නට්‍ය වගේ කියලා. ආච්චිගෙ වස්තරේ තමයි. Anime ගොඩක් Japan වල Use වෙනවා පොඩි අයගෙ Mortivations හදන්න. ජපන්නු හපන්නු වෙන්න එක හේතුවක්. Shonen Anime එකක් Release කරන කොට තියෙන එක Condition එකක් තමයි ඒ Age Criteria අයට Motivation එකක් Influencive විදියට දෙන එක. ගොඩක් Japanese අය මම දැකල තියෙනවා ඒ වගේම ලංකාවෙ අයත් මේ වගේ Long Run එකක් තියෙන Anime එක්කම GrownUps ල වෙච්ච අය. ගොඩක් Successful ජීවිත ගතකරන අය. ජීවිතේ වැටුණ තැන්වලින් නැගිටින්න මේකෙ එක Episode එකක් හේතුකරහත්ත අය. ඉතින් ඒකත් එක හේතුවක්. ඒ වගේම හිතෙනවානම් මෙගානාටක වගේ කියල මට කියන්න තියෙන්නෙ Anime වලින් දැක්ක දෙයක් තමයි Long Run එකකින් Character Development වගේ දේවල් වලදි කරන්න පුලුවන් දේවල්. උදාහරණයක් විදියට Oshin වගේ ගන්නකෝ. ඒකත් Japanese නෙ ඒ වුණාට ඒවා ඔය 800 900 කොටස් ඇදෙන මෙගා පඩංගු එක්ක අහලකින්වත් තියන්න බැරි සුපිරි නිර්මාණයක් නේ. වෙලාවක කියවන්න පැණිවලලු එකට ප්‍රොෆෙසර් ගංගානාත් ලියල තියෙනවා පරමාණු බෝම්බෙන් Mentally වැටිච්ච ජපන්නුන්ව මේ වගේ නිර්මාණ වලින් ගොඩ ගත්ත හැටි. ඒ වගේ Anime වලින් ජපන් ලමයාගේ ඔළුව හදන හැටි ටයිටස් තොටවත්ත මහත්තයත් එක පාරක් Interview එකකත් කියනවා. ඉතින් ඒ වගේ නිර්මාණයක් දිගයි කියල.මගහරව ගන්න එකනම් මෝඩකමක්….

Characters

Credits: SpiFirst V2

එතෙක් මෙතෙක් මම බලපු හොඳම Character Buildups තියෙන Series එකක්. Anime වල තියෙන පොදු දෙයක් තමයි Black / White කියල වෙන්කරන්න පුළුවන් ඒ වගේම Perfect Characteristics පෙන්නන Characters තියෙන එක. මේකෙත් එහෙමයි. මුල් ටිකේ Heroes ල අන්තිමට Villain වෙන හැටි මුල් ටිකේ Villain අන්තිමට Hero වෙන හැටි මේකෙ බලන්න පුළුවන් මදි නොකියන්න. ඒ වගේම මේකෙ Villains ල ගත්තත් Evil ම නෙවෙයි පට්ට Visionary කට්ටිය ඉන්නෙ. Thanos වගේ අය මතක් වෙයි සමහරවිට. For Greater Good කියන Concept එකත් Always Do Better කියන එකත් අතර තමයි කතාව දෝලනය වෙන්නෙ. ඒ කියන්නෙ හැම වෙලාවෙම හොඳ දේවල්ම කරනවාද නැත්නම් වඩා යහපත් දෙයක් වෙනුවෙන් දැන් නරක දෙයක් කරන්න වුණොත් කරනවද කියන දේ මත. සෑහෙන Supporting Characters ප්‍රමාණයක් පට්ට Strong Plot Armor එකක් එක්ක මේක දකින්න පුළුවන්. මගෙ Personlly Favourite Obito Naruto, Gaara, Madara වගේ Characters වල Buildups සුපිරි. එක පාරම ඩෝං ගාල අංශක 180කින් හැරෙන චරිත නෙවෙයි ටික ටික වෙනස් වෙන චරිත තමයි තියෙන්නෙ. ඒ වගේම Strong Backstory එකක් එක්ක සුපිරි Background එකක් මාර Details ගොඩක් එක්ක හදල තියෙනවා. මම කලිනුත් එක පාරක් කිව්ව මේ වගේ Universe එකක් එක්ක Series එකක් Create කරනකොට History Based Background Details ගොඩක් වැදගත් කියන එක. මේකෙ සමස්ත Story එකට වගේම එක එක Character එකටත් ඒක දීලා තියෙනවා.

Emotional Impact

කඳුළු එනකන් ඇඬෙන සීන්, බඩ පැලෙන ඉල ඇදෙන හිනායන සීන් මොකක්ද ඒ වුණේ කියල හිතෙන සීන් එකී මෙකී ඔක්කොම සීන් තියෙනවා. ඔයා හොයන්නෙ සංවේදී ඔයාව අඬවන දෙයක් නම් මේක ඔයාටම හදපු ශෝ එකක්.

ඔයා හොයන්නේ දාහක් දේවල් කඩාගෙන යන්න මොරාල් එකක් හදන එකක් නම් යකෝ මේක තමා ඒක. ඒක ගැනනම් වචන නෑ. මේක ඇවිල්ල Israel Adesanya වගේ UFC Champions ල John Cena වගේ අයව Inspire කරපු ශෝ එකක්. ඒ නිසා වෙන මොන කතාද?

Quitting is not an option.. I never go back on my word… That’s my ninja… my ninja way…

ඕක ඇහුවම Goosebumps එන්නෙ නැතිද බලන්නකෝ…

ඔයා හොයන්නේ Jokes ද Comedy ද මැරෙනකන් හිනායන සීන්ද මේක ඔයාට තමා හදල තියෙන්නෙ. සමහර Episode Rewatch කර කර බලන්න තරම් Funny scenes තියෙනවා. අම්මෝ මේක ලියනකොටත් මතක් වෙනවා 😂😂😂

ඔයා හොයන්නෙ Romance ද මේක තමා ඒක. හැබැයි Slice of Life Shows නැත්නම් Makoto Shinkai ගෙ Movies වල Level එකේ Lovestories බලාපොරොත්තු වෙන්න එපා. ඒත් Obito Rin, Narito Hinata, Sasuke Sakura වගේම අන්තිම ටිකේ Shikamaru Temari වගේ ලස්සන වගේම Heartwarming Heartbreaking Love Stories ඔක්කොම මේකෙ ඇති. ඒව අස්සෙ මේන් ස්ටෝරිලයින් එක ලස්සනට ගලන් යනවා.

සැ. යු.

මේ ඔක්කොම Mix Up වුණාට මේක අච්චාරුවක් වෙලා නැති බවත් තරයේ ප්‍රකාශ කරන්න කැමතියි.

Action

One of The Best Action Anime එක මටනම්. මේකෙ තරම් පට්ට Battles නෑ මොකකවත්. සමහර Battles තියෙනවා Episode 10+ ඇදෙන. Next Level Action නම් මේක තමා.දෙකක් නෑ. කොටින්ම Kingsman මූවි Franchise එකේ Stunt Coordinating කරන්න එහෙම සම්බන්ධ වුණ Steve Griffin වගේ අය ප්‍රසිද්ධියේ පිළිඅරගෙන තියෙනවා තමන්ගෙ Movies වල Action Sequence හදන්න මේක Based කරගන්නා බව. ඒත් Anime එකක Action Quality එක Live Action වල ගන්න තියා හිතන්නත් අමාරුයි කියලයි එයා කියන්නෙ.

හරි Story එකත් දළව කිව්වොත් Nine Tail Fox කියන Beast Creature කෙනෙක් ඇඟ ඇතුලෙ Seal කරපු කොල්ලෙක් තමා Naruto Uzumaki. පොර අම්මා තාත්තා නැති අනාථ කොල්ලෙක්. පිස්සුනටන මෝඩයෙක්.. මුල් ටිකේ හැබැයි. පොරගෙ හීනෙ තමයි එයාගෙ ගමේ Hidden Leaf වල Hockage නැත්නම් නායකයා වෙන්න.. ඒකට Ninja Arts ප්‍රගුණ කරන්න වෙනවා ලෙසටම. මේක තමා මුල් ටිකේ කතාව පස්සෙ Story Arc එක ටික ටික Complicated වෙනවා Serious වෙනවා. ඔයාට බලන එක නවත්ත ගන්න බැරිවෙනවා. Bottom Line එක ඒක 🤭

ඒ වගේම සුපුරුදු පරිදි Music

Music Next Level. මේකෙ Opening Tracks UK Foreign Top 40 ආපු ඒවත් තියනවා. Silhouette, Diver Touching The Wlls, Hero’s Comeback, Cry, Blue Bird වගේ පට්ට Songs ටිකක්. පට්ට Theme Track ටිකක් තියෙනවා සීරිස් එක පුරාවට

මේක Based කරන් Video Games ගොඩක් ඇවිල්ල තියෙනවා. ඒ වගේම ඒව පස්සෙ Mobile වලට Adapt කරලත් තියෙනවා. ඒ වගේම Fan Base එක හැදිච්ච Characters Nased කරන් පස්සෙ එක එක Canon Novels එහෙම ලියල තියෙනවා Akatsuki Diaries වගේ. සෑහෙන Interesting Characters ගොඩක් මේකෙ ඉන්නවා කිව්ව මතකයිනේ. වෙනම Data Books පවා ඇවිත් තියෙනවා. ඒ වගේම මේකෙ බෞද්ධ හින්දු සංකල්ප සංස්කෘතිය Japanese Cult එක එක්ක Mix කරපු ඒවා ගැන Symbolising ගැන දවස් ගණන් කතා කරන්න තරම් ගැඹුරු දේවල් තියෙනවා.

ඉතින් බලන්න. මෙච්චර කියලත් නොබල Miss කරගන්න එපා. ජිවිතේට සෑහෙන්න දේවල් ගන්න පුළුවන් Series එකක්. අනිවාර්යයෙන්ම  බලන්න. මිත්‍රත්වය, පක්ෂපාතීත්වය, මව්පියසෙනෙහස, ගුරු ගෝල සම්බන්ධය, ඒක පාර්ශ්වික තුන්කොන් ආදර කතා වගේ අපිට එදිනෙදා Touch වෙන Emotional දේවල් එක්ක තමා මේක Run වෙන්නේ. සමහර Characters තුළින් ඔයාට ඔයාවම පෙනේවි. ඉතින් මේක බලල වැරදුන එක තැනක් හරි හදාගන්න. අනිවාරයෙන්ම ජීවිතයට ගන්න පොඩි හරි දෙයක් මේකෙ තියෙනවාමයි. සමහරවිට මේ ශෝ එක ඔයාගෙ ජීවිතයේ Turning Point එක වෙන්න පුළුවන්. ඒ තරම් Powerful Impact එකක් ඇතිකරන්න පුළුවන් කතාවක් මේක. එහෙනම් ආයෙත් කිව්වා මේක මිස් කරගන්න එපා. බලපු අයත් බලපු නැති අයව Moral වෙන්නත් එක්ක කොමෙන්ට් එකක් දාගෙන යමු. එහෙනම් ඔබට ජය

Sorry Sasuke… Maybe Next Time…

Admin – Thilosha Nipunajith

Join – HYPE Community 😘

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

Leave a Reply