2021 අවුරුද්දත් ඉක්මණින්ම ඉවර වේගෙන යනවනේ.😪 ඉතින් මේ අවුරුද්දේ දැන් season එකකුත් ඉවර වෙලා. තවත් season එකක් ගෙවී ගෙන යනවා. ආපහු හැරිලා බැලුවොත් මොනවද ඔයාලා මේ අවුරුද්දක් පුරාවට කලේ. හරි හරි ඒ ගැන පාඩුවේ නිකන් ඉන්න වෙලාවක කල්පනා කරල බලන්න.😬 මම මේ හදිසියේම ආවේ මේ අවුරුද්දේ උන දේවල් කතා කරන්නද? නෑ නෑ.😉
දැන් 2021 spring season එකත් ඉවරයි. ආපහු හැරිලා බැලුවොත් ඔයාල මේ season එකේ බලපු ඇනිමේ මොනවද?🤔 ඉතින් මම අද පොඩි ලිපියකින් කතා කරන්න හිතුවා මේ අවුරුද්දේ Spring season එකේ ආපු anime ටිකක් ගැන. ඔයාලට මිස් වුනානම් මේවා අනිවාර්යයෙන්ම බලන්න. 2021 spring anime awards වලදී මම මේ කතා කරන සමහරක් ඇනිමේ වලටත් awards ලැබුනා. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු මොනවද ඇනිමේ ටික කියලා.
📍 Tokyo Revengers (Tokyo Ribenjazu)

මම මුලින්ම කතා කරන්න හිතුවේ මේ සීසන් එකේ වඩාත්ම ජනප්‍රිය ඇනිමේ එක ගැන.🤪 ගොඩක් අයගෙන් ඇහුවොත් මේ අවුරුද්දෙ දැනට ආපු සුපිරිම ඇනිමෙ එක මොකක්ද කියලා ගොඩක් අය දෙන උත්තරේ අනිවාර්යයෙන් ම tokyo revengers තමයි.😏 මොකද මේක ලෝකය පුරාම ඉතාමත් ජනප්‍රිය වුනා ඉතාමත වේගයෙන්. කොච්චර ජනප්‍රිය වුනාද කියනවනම් ජූලි මුල වෙනකොට tokyo revengers මන්ගා කොපීස් මිලියන 25කට අධික ප්‍රමාණයක් විකිණී අවසන් වෙලා තියෙනවා. ඒ වගේම මේ මන්ගා එක 2020 දී Kodansha Manga Award එක පවා shonen category එකෙන් දිනා ගන්නවා.🏆 ඉතින් මේකේ ඇනිමේ එක ආපු ගමන්ම ජපානයේ🇯🇵 විතරක් නෙමෙයි ඇමෙරිකාව🇺🇲 ඇතුළු ලෝකේ අනෙක් රටවල් වලත් ඉතා වේගෙයෙන් ජනප්‍රිය වුණා. ඇත්තටම මේකේ කතාව අපි ගොඩ දෙනෙක් හිතන්නේ නැති අයුරින් තමයි හැදිලා තියෙන්නෙ.
අපි නව යොවුන් වියට එනකොට ගොඩක් පිරිමි ළමයි ඉතින් දඩබ්බර, දඟ, වලියට බර කට්ටියක් වෙනවනේ.😁 ඉතින් ඒ වගේම මේකට ප්‍රධාන වෙන්නෙත් මේ වගේම middle school එකේ ඉන්න නව යෞවනයන් කිහිපදෙනෙක්. මේක කියවන ඔයත් ස්කෝලේ හරි අමතර පන්ති ඉවර වෙලා හන්දි ගානේ, බෝක්කු ගානේ රොතු පිටින් ගැන්සි ගැහිලා ඉදලා වලි දාගෙන හරි, ඒවා දැකල හරි ඇති. මේක ලියද්දි මටනම් මතක් වෙන්නේ ඉස්සර AL කාලේ නුගේගොඩ.🤭 හරි හරි ඒ කතාව එතනින් නතර කරලා ඇනිමෙ එක දිහාවට හැරෙමු.😉
මේ කතාව පුරා ප්‍රධාන චරිතය වෙන්නේ Takemichi Hanagaki කියන අවුරුදු 26ක බලාපොරොත්තු විරහිතව ජීවිතය ඔහේ ගෙවාගෙන යන තරුණයා. ඉතින් දවසක් මෙයාට ටීවී එකෙන් දකින්න ලැබෙනවා මෙයා middle school කාලෙදී යාලු වෙලා හිටපු ex girlfriend Hinata Tachibana වගේම ඇයගේ මල්ලි වෙන Naoto ව Tokyo Manji gang කියන පාතාල කල්ලිය විසින් ඝාතනය කරලා කියලා.💔 මේක ගැන හිත හිත යන Takemichiව දුම්රිය මැදිරියකදී දුම්රියකට තල්ලු කරනවා යම් කෙනෙක් විසින්. ඉතින් මෙතනදි යම් අසාමාන්‍ය දෙයක් සිදු වෙනවා. Takemichi ව මේ අනතුර සිදුවෙන දවසෙන් හරියටම අවුරුදු 12කට පෙර 2005 ට teleport වෙනවා. එහෙම නැත්නම් time leap වෙනවා. ඒ සමඟ මේ Takemichi තමන්ගේ ජීව්තේ වුණු වැරදි අඩුපාඩු වගේම තමන් අන් අයට හිස නවාගෙන තමන්ගේ ජීවිතය හිස් එකක් බවට පත්කරගත්ත ආකාරය නැතිකරගෙන වගෙම Hinata වත් මේ අනතුරින් බේරගන්න ආකාරය තමයි මේකේ තියෙන්නෙ.🎉 ඉතින් කියන්න ඕන මේ මට කියන්න පුලුවන් කෙටිම විදියෙන් කිව්වේ. මේකේදි කිහිප වතාවක්ම Takemichi විසින් time leap කරනවා. මේ දේවල් සිද්ධවීමෙන් වළක්වා ගන්න. Takemichi ගේ personality එක කතාව පුරාවටම ලස්සනට හෙමින් build up කරනවා. Takemichi එක්කම මේ tokyo manji gang එක වගේම ඒකේ ප්‍රධානියන් එක්ක යාලු වෙන විදිය ඒකේ ඇතුලේ ඇතිවෙන දේවල් සුපිරියටම කතා වෙනවා. ඒ වගේම කියන්න ඕන මේකේ time travel තිබුනට ඒකේ ලොකු scientific background එකත් එක්ක බලන්න එපා.👋 time leap කියන්නේ මෙකේදි පොඩු සිද්ධියක් විතරයි. scientific perspective එකෙන් ඒ දිහා බලන්න යන්න එපා. දැනට එපිසෝඩ්ස් 14ක් ඇවිල්ලා තියෙන්නේ. පලවෙනි එපිසෝඩ් එකේ ඉදලම කුතුහලය ඉතාමත්ම උපරියෙන් රඳවාගෙන එය වැඩිකරමින් තමයි කතාව ගලාගෙන යන්නේ. තාමත් මේකේ මන්ගා එකත් ongoing. මන්ගා එක නිර්මාණය කරන්නේ Ken Wakui විසින්. 2017 ඉඳන් තමයි මේ මන්ගා එක තවදුරටත් නිර්මාණය වෙන්නේ. අනිවාර්යයෙන්ම බලන්න කියලා recommend කරනවා. මිස් කරගන්න නම් එපා. අපි හිතාගෙන ඉන්නවා ඉස්සරහට මේකේ episode by episode රිලීස් වෙන විදිය එක්ක brief review එකක් ගේන්න. බලමු ඒකත් ඉදිරියට.🙃
📍 Record of Ragnarok (Shumatsu no Warukyure)

දෙවෙනියට අපි කතා කරන්න හිතුවේ ගොඩක් controversial ඇනිමේ එකක් ගැන.🤐 ගොඩක් අය අතර කතාබහට ලක්වුණු ආන්දෝලනාත්මක ඇනිමෙ එකක්. මේ RoR එක season එකට අදාලව රිලීස් වුනු ඇනිමෙ එකක් නොවුණත් අපි හැමෝම දන්න Netflix විසින් තමයි මේ ඇනිමෙ එක මේ අවුරුද්දේ අප්‍රේල් මාසේදී රිලීස් කරන්නේ.
ඔයාලගේ භාෂාවෙන්ම කිවුවොත් කට්ටියක් ටිපර් වෙන සීරීස් එකක්.😏
නිකමට හිතන්න දෙවියෝ සහ මිනිස්සු අතර සටනක් නැත්නම් වලියක් ගියොත් මොන වගේ වෙයිද?😤
ඔව්. මෙන්න මෙය සම්බන්ධ කරගෙන නිපදවෙන මේ ඇනිමෙ එකේ ප්ලොට් එක සරලව කිව්වොත්, මේ කතාවට අනුව දෙවියන් වසර දහසකට වතාවක් දේව කවුන්සිලය කැඳවනවා මනුෂ්‍යත්වයේ ඉදිරිය තීරණය කරන්න. මනුෂ්‍යත්වයේ අවුරුදු මිලියන 7කට පසුව මේ සභාවෙදී දෙවියන් තීරණය කරනවා මනුෂ්‍යත්වය නැති කරලා මිනිසුන් නැති කර දමන්න.💔 කොහොම හරි මෙතනදී මේ තිරණය සම්මත වෙන්න කලින් අඩදෙවියෙක් වන Valkyrie Brunhilde යෝජනාවක් ගේනවා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මිනිස්සුන්ට සටන් කරන්න අවස්තාවක් දෙන්න කියලා. ඉතින් අන්න ඒ නිසා මිනිස්සු සහ දෙවිවරු අතරේ tournament එකක් පවත්වන්න දේව සභාව තීරණය කරනවා.💪🏻 ඉතින් මේකට අනුව මේ tournament එකට කියන්නේ Ragnarok කියලා. Norse mythology වලට අනුව Ragnarok හෙවත් fate of gods කියන්නේ සමස්ත ලෝකය විනාශ වෙලා නැවත ඉස්මතු වීමක්. මේ සිද්ධියෙදී දෙවියන් විශාල ප්‍රමාණයක් නැති වෙනවා. හැබැයි මේ anime එකේ ragnarok කියන්නේ එහෙම දේකට නෙවෙයි. හරි අපි Norse mythology වලින් ඇනිමේ එක දිහාවට හැරුනොත් මේකේදී මේ tournament එකට සටන් 13ක් ඇතුලත් වෙනවා. දෙවියන් 13 දෙනෙක් එක්ක මිනිස්සු 13ක් සටන් කරනවා. මේ බැට්ල්ස් 13න් මුලින්ම 7ක් දිනන පිල තමයි ජයග්‍රහණය කරන්නේ. 😰
මේ කතාවෙදි දෙවියන්ගේ පිල තෝ’, සියුස්, පොසයිඩන්, හ’කියුලිස්, ශිව, ඒරිස් වගේ වගේ ග්‍රීක, රෝම, හින්දු ආදි විවිධ දෙවිවරුන්ගේ සමන්විත වෙනවා.💪🏻 ඒ වගේම මිනිස්සුන්ගේ පිල මිනිස් ඉතිහාසයේ most notable මිනිස්සු පිරිසකින් යුක්ත වෙනවා. Lü Bu, ආදම්, Kojiro Sasaki, Jack the ripper, නිකොලා ටෙස්ලා වගේ පිරිසක් ඉන්නවා.💪🏻
ඉතින් මේ කතාවෙදී Jesus, Buddha වගේ චරිතත් ඉන්නවා.😬 තවම මේ සීසන් එකේදී මේ චරිත හඳුන්වා දුන්නේ නෑ. ඇත්තටම මේකේ මන්ගා එකේ මේ චරිතවල ස්වරූපය බැලුවම අපි ඇත්තටම හිතාගෙන ඉන්නවට වඩා හාත්පසින් වෙනස් විදියකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. Buddha ගේ චරිතය නිරූපණය කරලා තියෙන විදිය එහෙම පොඩ්ඩක් බලන්න.🤯
මේකේත් මන්ගා එක තාම Ongoing. මේ කතාවේ ප්‍රධාන වැදගත් දේ වෙන්නේ මේ සටන නෙමෙයි. මේකේදී කතා වෙන දේ සහ මේ සටනට සම්බන්ධ අයගේ back story එක තමයි ඇත්තටම වැදගත් වෙන්නෙ.❤️ ඔයාලා බැලුවනම් මේ සීසන් එකේ ආපු Adam ගේ කතාව හා battle එක ගොඩක් අයගේ favourite ම එක වෙන්න ඇති. ඒ වගේම පුලුවන්නම් මේකේ මන්ගා එකත් හොයාගෙන කියවන්න. මගේ favourite මන්ගා එකක්. ඇනිමේ එකේ නම් පලවෙනි සීසන් එකේ එපිසෝඩ්ස් 12ම ඇවිත් තියෙන්නේ දැනට. ඇනිමේ එකේ පොඩි අඩුපාඩුවකට කියලා මම දකින්නේ නම් anime style එක. මොකද සුපිරි මන්ගා එකකින් කවුරුත් සුපිරිම ඇනිමේ එකක් බලාපොරොත්තු වෙනවනේ.🌚
ටිකක් controversial කියන්න ප්‍රධාන හේතුවත් මේ මිනිස්සු හා දෙවියන් අතර ඇතිවන තරඟාවලිය නිසා සමහර අයගේ ආගමික මතවාද වලට වගේම ස්වරූප වලට පහර වදින නිසා. මේ හේතු නිසාම මේ ඇනිමෙ එක Netflix India විසින් ඉවත් කරගන්නවා.✖️ බලද්දී කියන්න තියෙන්නේ ආගමික පැතිකඩකින් බලනවාට වඩා මේක කලාත්මක හා මානුෂීය පැතිකඩකින් බලන්න කියලා.❤️ මේ අපි පොඩි පැහැදිලි කිරීමක් මේ ඇනිමේ එක ගැන කිව්වේ. ඉස්සරහට එන සීසන් තවත් interesting වේවි. මේක ගැන full review එකක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. Miss කරගන්නේ නැතුව අනිවාර්යයෙන්ම බලන්න. 💯
📍 To Your Eternity (Fumetsu no Anata e)

අන්තිමට මේ සීසන් එකේ ආපු ගොඩක් emotional ඇනිමේ එකක් ගැන තමයි කතා කරන්න හිතුවේ. A Silent Voice ඇනිමේ එක ගොඩක් අය බලල ඇතිනේ.❤️ ඉතින් ඒකේ මන්ගා එක කරපු Yoshitoki Oima විසින් ම තමයි මේ මන්ගා එකත් නිර්මාණය කරන්නේ. බොහෝ අයට මේ සීසන් එකේ under the radar තිබුණ නිසා මිස් වුන හොඳ ඇනිමේ එකක් තමයි මේ to your eternity කියන්නේ.🙂
මේ ඇනිමෙ එක ගොඩක් ලස්සන වගේම Emotional වෙනවා. කතාව ස්පොයිල් නොවී පොඩි හඳුන්වා දීමක් කරන්නම්. කතාව ගෙතිලා තියෙන්නේ යම් වස්තුවක් විසින් පෘථිවියට එවන සජීවී Orb🔮 එකක් වටේ. මේ orb එක කාලයක් පෘථිවියේ තියෙද්දී තමන් ලබන අත්දැකීම් එක්ක ඒ emotion එක ලබන දේ හෝ කෙනාගේ ස්වරූපය ගන්න පුලුවන්. මේ orb එක teenage වගේ ලමයෙක් මැරුණම ඒ ස්වරූපය අරගෙන පසුව ෆුශී කියලා හඳුන්වනවා. ඉතින් මේ orb එක එහෙම නැත්නම් ෆුශී මේ ලෝකයේදී යන journey එක හා ඔහුට හමුවෙන අය සම්බන්ධ කරලා emotional කතාවක් ඔයාලට පෙන්වන්නේ.
මේ සීසන් එකේ ආපු emotional ම ඇනිමෙ සීරීස් එක කිව්වොත් නිවැරදියි. පලවෙනි එපිසෝඩ් එකෙ ඉඳලා emotional කරපු මාව නම් 12වෙනි එපිසෝඩ් එකේදී emotionally break කරනවා.💔 ඒක ඔයාලා බලලම තීරණය කරන්න. ඒ වගේම OST, Music, Animation style සියල්ලම සුපිරියි. ගොඩක් calming vibe එකක් ඒවගේ තියෙනවා.
මේ ඇනිමේ බැලුවා කියලා ඔයාල disappoint වෙන එකක් නම් නෑ. 💯
ඉතින් මේ කතා වලට අමතරව මේ සීසන් එකේ 86, Nomad: Megalo box 2 වගේ ඇනිමෙත් recommend කරනවා.
එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.
එතෙක් Stay safe. Stay Hype.❤️✨