You are currently viewing Monster | An Anime Masterpiece

Monster | An Anime Masterpiece

Masterpiece. ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ සිනමා හෝ වේවා වෙනත් මාධ්‍යක කලා නිර්මාණයක් රසවිඳින රසිකයන් අතර වැඩියෙන්ම පාවිච්චි වෙන සහ වැඩියෙන්ම අවභාවිතා වන වචනයක් කිව්වොත් හරි. ඇත්තටම මාස්ටර්පීස් කියන්නෙ මොකක්ද? මේකට උත්තරයක් දෙන එක එක පාරටම කරන්න අමාරුයි. මම මෙහෙම කියන්නම් අදාළ field එකේ ඒ creation එක ඒ කියන්නෙ අදාළ නිර්මාණය ඒකට අදාළ සියලු පැතිවලින් උපරිමයක් කරල තියෙනවා කියල පේනවානම් ඒක Masterpiece කියන්න පුළුවන්. ඉතින් අද මම කතාකරන්න යන්නෙ Undoubtedly Anime අතර Masterpiece කියල හඳුන්වන්න පුළුවන් ඇනිමෙ එකක් ගැන. මගෙ All Time Favourite ඇනිමෙ එකක් ගැන. Masterpiece කියල මේකට නොකියන්න මැලිනොවුණ anime community එකක් මට හම්බවුණේ නැති තරම්. ඒ නිසා මේක ඇවිල්ල ඇනිමේඅතර අවිවාදයෙන්ම ඉහළින්ම වැජඹෙන නිර්මාණයක්.

ඉතින් මම කියන්න යන්නෙ අද Monster කියන anime series එක ගැන. මේක ඇවිල්ල 2004-05 විකාශය වෙච්ච පරණ Anime එකක්. Naoki Urasawa කියන Writer ගෙ නිර්මාණයක් මේක. මේක සුපිරි ගණයේ Crime Psychological Thriller Story එකක්.  මොකක් කිව්වා Crime Story. ඕ ඕ ඒකහරි. Anime පොඩි එවුන්ට ඒවා අතාත්ත්විකයි කියන අය ඉන්නවානම් මේක පෙන්නන්නයි තියෙන්නෙ. 😂

මේකෙ Story එක ගත්තොත් අනිත් Anime වලට වඩා ටිකක් වෙනස්. හෙන හිමින් Slow Flow එකේ ගලාගෙන යන කතාවක් තියෙන්නෙ. හැබැයි Steins Gate Type අපි WTH is going on here type Slow Start එකක් නෙවෙයි. Anime එකේ Kickstart එක Episode කිහිපයක කොටස් විදියට කඩල තමයි Story එකට පිවිසීමක් වෙන්නෙ. ඒ කියන්නෙ Cliffhangers කිහිපයක් Connect කරන ගමන්. Spoil නොවෙන විදිහටකිව්වොත් Tenma කියන German hospital එකක Chief Surgeon දවසක් සල්ලි නම්බුව පැත්තක තියලා  Surgery එකක් කරන්න පෙළඹෙනවා. ඒත් ඇත්තටම එයා බේරගෙන තියෙන්නෙ Serial Killer කෙනෙක්ව. තමන්ගෙ අතින් වෙච්ච දේටපසුතැවෙන Tenma ඒ Killer පස්සෙ යනවා. ඒ Killer කරන Murders පස්සෙ සුපිරිම Detective කෙනෙක් පන්නනවා Lunge කියලා. එයා Tenma පස්සෙත් පන්නනවා. ඔන්න ඕකයි දළව ස්ටෝරිය.

Death Note එක්ක ගොඩක් මේක Compare වෙනවා Fans ල අතර. මගේ Personal Opinion එක නම් ඒක සාධාරණ නැහැ කියන එක. කොහොමත් මේක 18+ Audience එක Target කරල කරපු එකක්. Death Note එක්ක සමානකම් නෑමයි කියන්න බැරිවුණත් Monster එකේ story එකෙන් දෙන  Medical Ethics , Nationalism Vs Patriotism, පශ්චාත්  WW2 German psyche ,The Power Of Language and of course The Human Condition වගේ Ethical පැති ගැන කරල තියෙන Touch එක ප්‍රශංසනීයයි කියන්න පුළුවන්.

ඒ වගේම ඔයාලා serial killers ල සම්බන්ධ story වලට කැමතිනම් මෙන්න ඔයාලට anime choice එකක්. මේකෙ serial killers ලගෙ inside එක ගැන ඇත්තටම හොඳ look එකක් දෙන series එකක්. මේකෙ තියෙන සමහර scenes බලද්දි මට Mindhunter මතක් වුණා. Anime එකේ ඉන්න killers ල ගොඩක් ඇත්ත serial killers ල ඇසුරෙන් create කරල තිබීම විශේෂයි. විශේෂයෙන්ම  Peter Jurgens වගේ characters දැක්කම Ed Kemp වම මතක් වුණා. Psychology පැත්ත මාරම විදියට imply කරන පට්ට realistic story එකක්. Supernatural දෙයින් මිදිල romance නොවන සිරා story එකක් තියෙන anime gem එකක්.කොටින්ම goosebumps දෙන වීරය ඇවිල්ල අම්බානෙට ගහල පොර ටෝකක් දීල යන chill එකේ බලන්න පුළුවන් story එකක්නම් නෙවෙයි. Goosebumps කෙසේවෙතත්…. ඒව වැඩක් නෑ බලන්නම වටිනවා….

මේකෙ timelines වුණත් 90 දශකය එක්ක ගැලපෙන්නේ. ඒ කාලෙ පරණ චෙකොස්ලොවේකියාව එහෙම පදනම වැටෙන්න ගිය කාලයක්. Germany base කරන් යන story එකක් විදියට එහෙ ගොඩ දේවල් ඒ විදියට සමානව පෙන්නන්න පුලුවන් වෙලා තියෙනවා. Architecture පැත්ත එහෙම මට note වුණා නිතරම.

ඒ වගේම perspective එක මත story එකේ villain hero තීරණය වෙන එක ගොඩක් anime වල වෙන දෙයක්නේ. අපිව judgemental කරනවා. මේකෙත් එහෙම තමයි. හැබැයි ඒ perspective එක දෙන character එක ගොඩක් වෙලාවට මේකෙනම් පට්ට normal side character එකක්. විටින්විට nonlinear story arc එකක් අනුගමනය කරන එකත් creator ගෙ සාර්ථකත්වයට හේතුවක් කියන්න පුලුවන්.විශේෂයෙන්ම 60දශකයෙ ඉඳන් berlin wall එක බිඳවැටිල 80 90 කරා එද්දි මිනිස්සු වෙනස් වෙච්ච හැටි ගැන ලස්සනට පෙන්නන thrill එක suspense එක උපරිම story එකක් කිව්වොත් හරි.

මේ journey එකේ මනුෂ්‍යත්වය කියනදේ සෑහෙන්න ඉස්මතු කරන්න Tenma ඇසුරින් writerට පුළුවන් වෙලා තියෙනවා. අනිත් top anime ගොඩක් fantasy based වුණාට මේකනම් පට්ටම realistic story එකක්. කොටින්ම නාසිවාදය වගේ concepts මිනිස්සු මොකට follow කරාද කියන ප්‍රශ්නෙට උත්තරයක් මේකෙන් හම්බවේවි.

අනිත් වෙනස්වෙන කාරණයක් තමා music. ගොඩක් anime වල වගේfast track නෙවෙයි මේකෙ story එකේ suspense mysterious ගතිය මාරම විදියට slow music වලින් එයාලා imply කරනවා. ඒකනම් මාරයි. ඒ වගේම anime වල තියෙන emotional ගතිය සෑහෙන්න realistic විදියට මේකෙපෙන්නනවා. මේ anime එකේ jaw dropping twists සෑහෙන්න තියෙනවා. Slow එකේ යන කතාව boring කියල හිතෙනකොටම සමහර twists තියෙනවා උඩ යන්න. You Tube එකෙත් මේකෙ english subtitles එක්ක series එක තියෙනවා. අනිවාර්යයෙන්ම බලන්න. Highly recommended. ගොඩක් top anime ලිස්ට් වල කප් ගහපු එකක් තමයි මේක. ගොඩක් දිගත් නෑ. එකදිගට බලාගෙන යන්න පුළුවන්. පටන්ගත්තොත් ඉවරකරලම නවත්වාවි ඔයත්.

මේක Masterpiece එකක් කියල Anime Cult එකේ අවිවාදයෙන් සැලකෙන කතාවක්. ඇත්තටම මේක මාරම Powerful විදියට අපිට මැසේජ් Deliver කරන ඇනිමේ එකක්. මොකද කියනවානම් මේකෙ තියෙන 5min Screen Time එකක් තියෙන Characters ගත්තම එයාලගෙ වැදගත් දෙයක් අපිට ලබාගන්න පුලුවන් සමහර Shounen Protagonist ලටත් වඩා. Character Development සහ Sode Character Art එක Next Level. මේක Shounen Show එකක් නොවෙන නිසා Shonen Anime විතරක් බලපු කෙනෙක්ට මේකෙ සාමන්‍ය Shonen එකක තියෙන Handsome protagonist, Perv characters, එයා මගේ  එයා මගේ කියන්න තරම් ලස්සන Male Female characters හම්බවෙන්නෙ නෑ. මේකෙ Creator Show එක Produce කරන්න යනකොටම ඒ Production Company එකෙන් කරපු ඉල්ලීමක් තමයි තමන්ගෙ Original Design එක Viewers ල වැඩිකරගන්න වෙනස් කරන්න එපා කියන එක. ඒකට එකඟ වෙලා තියෙන නිසා Original එකේ Quality එක Show එකෙත් එහෙමම තියෙනවා.

අනිත් එක මේකෙ Producers ල Madhouse Studio එක. මීටර් වෙන්නෙ නැත්නම් මේ නම් ටික කිව්වම මීටර් වෙයි. Death Note, Parasyte, HxH,  Kaiji, etc. සුපිරිම Production House එකක් තමා මේක. මෙයාලගෙ උඩ කිව්ව ඔක්කොම නිර්මාණ ඉස්තරම්. හැබැයි ඒ සේරටම වඩා මේක ඉහළින් තියෙන්නෙ. Death Note නෙ Highest Rated කියල ඔයා කියාවි. කමක් නෑ. මේක බලන්නකෝ. මම කියන්න හදන දේ තේරෙවි.

අනිත් එක තමයි මේක අනිත් ඇනිමෙ වගේ Japanese Culture එක Japanese Patriotism වගේ දේවල් ඉස්සරහට දාගෙන ඒවගෙන් තමන්ගෙ Msg එක Convince කරන්න උත්සහයක් නොදරණ එක. ඕක ඔය විදියට කරන්න යන ගොඩක් හොඳ නිර්මාණ මේ හේතුව නිසා Annoying වෙච්ච අවස්ථා ඕනි තරම් තියෙනවා. ඒත් මේක එහෙම නෑ. තනිකර කතාව යන්නෙ මම උඩ කිව්ව වගේ Germany Base කරගෙන. මේකෙන් ලොකු Political Propaganda එකක් ගැන Hidden Message එකක් දෙනවා කතාව පුරාවටම. Capitalism සහ Maxism අතර බෙදිල තිබුණ Eastern Western Germany කොහොමද බර්ලින් තාප්පය බිඳවැටුණට පස්සෙ වෙනස් වුණේ කියන එක. කොච්චර Revolutionary දෙයක් විදියට පොත් වල මේව ලියවිලා තිබුණට මේ වගේ Political දේවල් Society එකේ පොඩි ළමයෙක්ගෙ Mentality එක Upside Down කරන තරමෙ බරපතල effect එකක් කරනවා නේද කියන එක සරල විදියට අපිට පෙන්නනවා. ඒව පෙන්නන ගමන් තමයි අපිට කතාවෙ ප්‍රධාන චරිතයේ journey එක පෙන්නන්නෙ.

මේකෙ කලින් කිව්ව වගේ Side Characters වල පවා තියෙනවා ලොකු Narrative Push එකක්. ඒ චරිත වල Inner Struggle එක වෙනම focus කරල අපිට පෙන්නනවා මේක පුරාවටම. කතාවෙ චරිත වල ඉරණම ගොඩක් වෙලාවට අපිව shock කරවනවා. කොටින්ම කතාව අවසානයේ අන්තිම shot එකෙනුත් අපිව උස්සල පොළොවෙ ගහනවා වගේ දෙයක් කරන්නෙ. ඒ නිසා මේකෙ චරිත කියවන එක open book type නම් නැහැ. Complicated Characters තියෙන්නෙ. අමතර කරන්න එපා මේ වගේ Plot Armor එකක් සහ character arc එකක් දීල මේක finished කරන්නෙ Episodes 74 කට පමණක් සීමා වෙලා කියලා. මේකෙ චරිත ගොඩක් Both Physical & Mentally Dynamic. ඒ කියන්නෙ චරිත වල නිතරම ලොකු process එකක් වෙනවා. Comedy Relaxing Time එහෙම නැතිම තරම්. ඒ වගේම මේකෙ නම Monster කියන දේ කොහොමද මේකට connect වෙන්නෙ කියන තැනට එනකන් කරන Discoveries Reveals හින්දම ගොඩනැගෙන චරිත නෙවෙයි තියෙන්නෙ. ඒ කියන්නෙ Story එක ගලනවාත් එක්කම ගොඩනැගෙන චරිත නෙවෙයි. ඊටත් එහා ගිය දෙයක් මේකෙ චරිත ඇතුළට ඔබ්බවලා තියෙනවා Mangaka. ඒක බලලම තේරුම් ගන්න ඕනි දෙයක්.

මේකෙ Review එකක තිබුණ මරුතැනක් මතක් වුණා. ඒකෙ කියල තිබුණ දේ තමයි මේක බලනවා කියන්නෙ අපේ.මේ දැන් ජීවිතය දිහා කැඩපතකින් බලන් ඉන්නවා වගේ කියන එක. හරියටම හරි. අපි මිනීමැරුමක් හොයන රහස් පරීක්ෂණයක් නොකරන අය වුණාට මේකෙ පේන ගොඩක් චරිත අපේ කොටස් තමයි. ඒක තමයි මේක ගොඩක් critics ල crime stories වල pinnacle of storytelling කියල හඳුන්වන්න පෙළඹිලා තියෙන්නෙ. පට්ටම Realistic කතාවක්. ලෝකෙ බිහිවුණු crime ක්ශානරයේ කතා අතර ඉහළින්ම මේකත් අවිවාදයෙන්ම තියෙනවා.

තවත් මේ වගේ වැඩිය කතාවෙන්නෙ නැති series එකක් එක්ක එන්නම් මම. අද ලිපිය ගොඩක් excite වෙලා ලිව්ව එකක්. මගෙ හිතේ තියෙන සේරම කියන්න ගිහින් අපැහැදිලි වෙලා ඇති. ඒත් එහෙම තැන් පොඩ්ඩක් ගලපගෙන මේ Show එක බලන්න මොකද ඇනිමේ ගැන ඔයාගෙ තියෙන මත සේරම අනිත්පැත්ත හරවන්න පුළුවන් නිර්මාණයක් මේක. අනිවාර්යයෙන්ම ට්‍රයි එකක් දෙන්න. බලපු අයත් මේක ගැන worthy mentioning facts කියාගෙන යමු.

එහෙනම් ඔබට ජය 👌

Admin  :  Thilosha

#anime #monster #manga

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

Leave a Reply