You are currently viewing Kuroko no Basket

Kuroko no Basket

හොඳයි යාලුවනේ අද කතා කරන්න යන්නේ ටිකක් වෙනස් විදිහෙ anime genre එකක් ගැන. වෙනස් කිව්වට මේ ඇනිමේ මේ බලන අයට නම් වෙනස් දෙයක් නෙවෙයි. අද කතාකරන්න යන ඇනිමේ එක Sports Anime Genre එකට අයිතිවෙන Sports Related Anime ඒ වගේම Basketball වලට් Related Series එහෙම ගත්තම එම අතර ඉහළින්ම කතා වෙන එකක්. සීරිස් එකේ නම Kuroko no Basuke එහෙමත් නැත්නම් KnB

ඇත්තටම මම sports anime ඒවට ප්‍රවේශයක් ගන්න හිටියේ එක්කො Haikyuu නැත්නම් Slam Dunk. ඒත් ඉස්සරහට Haikyuu එකේ තව seasons එන්න තියෙන හින්දත් Slam Dunk එකේ Movie එකක් එන්න තියෙන නිසාත් ඒ කාලෙ ඒ ගැන ලිපියක් ගෙනත් ඒ ගැන අයිඩියා එකක්දෙන එක වටිනවා කියල හිතුණා. ඒ නිසා ඊළඟට මගෙ Pick එක වුණේ මේක. ඒ තමයි

🏀Kuroko no Basket🏀

එහෙමත් නැත්නම් Basketball Which Kuroko Plays කියන්නෙ 2012 ඉඳන් 2017 වෙනකන් Run වෙච්ච මෙතෙක් බිහිවුණු ඉස්තරම් ගණයේ Sports Anime එකක්. ඉස්තරම්ම ගණ කිව්වට මේකේ අඩුපාඩු නැතුවමත් නෙවෙයි. මම මේක බලපු දවස්වල මාර hype එකේ හිටියෙ මේ series ක ගැන. පස්සේ කාලේ ඒ නමේ hype එක අඩු වුනා. ඒ ගැන හේතුවක් මම පස්සේ කියන්නම්. ඒත් මේ show එක ගත්තොත් අනිවාර්යයෙන්ම watch list එකට දාගන්න වටින වටින show එකක්. කොටින්ම Haikyuu පවාart style එකේදි Inspire  වෙලා තියෙන්නෙ මේකෙන් තමයි. හිතාගන්නකෝ එහෙනම්.

Sports Anime වලට බහින්න ඉන්නවනම් Start කරන්න  පුළුවන් සීරිස් එකක් තමා මේක. සීසන් 3ක් පුරාවට එපිසෝඩ්ස් 75ක කතාවක්. ආතල් එකේ binge කරන්න පුළුවන් සිරිස් එකක්.

Haikyuu කියන්නෙ මෑත කාලයේ රිලීස් වෙච්ච ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච ඉහළම ගණයේ sports anime එකක්. වොලිබෝල් based වුණ මේ කතාව ගත්තොත් ඒක actions සහ වොලිබෝල් techniques accurate විදියට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් professional volleyball players ල අතින් පවා ප්‍රශංසාවට ලක් වෙච්ච සීරිස් එකක්. ඉතින් තේරෙනවනේ ඒ වගේ සීරිස් එකට inspire වෙන්න නම් මේ series එක එසේ මෙසේ එකක් වෙන්න බෑ කියලා.

Comedy,School,Sportd,Shounen ක්ශානරයට අයිති මේක

🔰IMDB-8.3

🔰MyAnimeList-8.22 විදියට ඉතා ඉහළ Ratings අරන් තියෙන්වා. සාමාන්‍යයෙන් ඇනිමේ ගත්තම IMDB වලටත් වඩා MAL Ratings Follow කරන්න.

Tadatoshi Fujimaki තමයි KnB ලියන්නේ. 2008 ඉඳන් 2016 වෙනකම්

Shueisha ,  Jump Next, Viz Media කියන Magazine වල පලවෙනවා.

Manga ගත්තම Haikyuu එක්ක මේකෙ Drawing Style එක එකිනෙකට පොඩ්ඩක් වෙනස්.  Haikyuu Writer Furudate Openly Admit කරල තියෙනවා Haikyuu එකේ Illustrations වලට Fujimaki උදව් වුණා කියල. ඒ නිසා මේක ගත්තම Haikyuu එකේ Quality එක පොඩ්ඩක් වැඩි මොකද KnB Creator එයා KnB අඳිනකොට කරපු Mistakes ගොඩක් Haikyuu එකේ නොවෙන්න උපදෙස් දීල තියෙන නිසා. මෙතන haikyuu කියන anime එක ගැන කතා කරනවට වැඩිය අවුල් ගන්න එපා. ඒක ගැනත් විස්තර කරලා ඉක්මනටම ලිපියක් ගේන්නම්. සාමාන්‍යයෙන් තියෙනවනේ මෙහෙම එකක් අපි ඉස්සෙල්ලම බලන එකත් එක්ක නේ පස්සේ බලනවා compare  වෙන්නේ. මෙතන වුණේ එක තමයි. මුලින් බලපු Haikyuu එකත් එක්ක පොඩ්ඩක් මම ගලපන්න බැලුවා මේක. හැබැයි පස්සෙ තමා දන්නෙ ඒකට මේක inspire වෙලා කියල.

Sellings ගත්තම  Manga එක අවසානයත් එක්කම Overall KnB එක 27 million copies Worldwide Sell කරල තියෙනවා. Sports Genre එකේ Manga එකක් මේ තරම් Sellings වාර්තා කලේ Slam Dunk Manga එකට පස්සෙ.

KnB කියන්නේ මම බලපු හොදම Anime එකක්. මේකේ කතාව තියෙන්නේ Kuroko Tetsuya සහ Kagami Taiga කියන දෙන්නා වටේ.හරියට Haikyuu එකේ කතාව Kageyama, Hinata Duo එක වටේ යනවා වගේ. මේ දෙන්නා එකතු වෙලා Seirin High School එක Basketball Championship එකකට අරන් යන්න හදන කතාව තමයි තියෙන්නේ. කතාවේ මුලදිම විශේෂ Character 6ක් ගැන කියනවා. ඒ Teiko Junior Highschool එකේ හිටපු Team එකගැන. එයාලව හදුන්වන්නේ Kiseki No S edai එහෙමත් නැත්නම් Generation of Miracles කියලා. එයාලා ඇවිල්ල Extraordinary Payersලා සෙට් එකක්. මෙයාලා කතාව ආරම්භයේදී වෙන වෙන school වලට බෙදිලා යනවා.

ඒ හයදෙනාගෙන් එක්කෙනෙක් තමයි Kuroko. Kuroko තමයි ඒ 6දෙනාගෙන් අඩුවෙන්ම Recognition එක තියෙන කෙනා. ගොඩක් අය දන්නෙත් නෑ මෙහෙම කෙනෙක් හිටියයි කියලා. එයාට කියන්නේ Phantom Sixth Man of Generation of Miracles කියලා.

මේ කතාව තියෙන්නේ Seirin Basketball Team එක හදාගෙන කරගෙන එයාලාගේ අන්තිම Target එකට යන ගමන ගැන. ඒ අතරතුරේ Generation of Miracle Playersලා ඉන්න Team එක්කත් මෙයාලා Play කරනවා.

මේ කියන විශේෂ Playersලාට Special Abilities තියෙනවා. Special Abilities කියන්නෙ Unique Skills නැතුව Super Powers වගේ නෙවෙයි 😅 අනික් Basketball Playersලාට වඩා Enhanced Skills. මේවා ඇත්ත NBA playersලා observe කරලා හදපුවා. හැබැයි ඒක එයාලා පෙන්නන්නෙ ටිකක් Superpowers approach එකකි

උදාහරණයකට Kuroko specialize කරලා තියෙන්නේ Misdirection Passing ඒක හදලා තියෙන්නේ Magic Johnsonව observe කරලා. Kagamiව හදලා තියෙන්නේ Michael Jordanව බලලා. Amonineව හදලා තියෙන්නේ Kobe සහ LBJ ගෙ පොඩි එකතුවක් විදියට. Kise ගෙ Copy Nature එක එහෙම ගොඩක්ම Kobe MJ ගෙ Moves Copy කරපු එක based කරගෙන තමා ගොඩක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ. Murasakibara ව හදලා තියෙන්නේ Shaq ව බලලා. තව Midorimaව හදන්න Base කරන් තියෙන්නේ Stephen Curry. ඒ වගේම Jason Williams ව based කරගෙන තමා Akashi ව නිර්මාණය වෙන්නෙ.ඔය වගේ හුගක් NBA characteristics මේකට අරන් තියෙයි. මේ NBA players ල Base වෙන එක පොඩ්ඩක් Viral ගිහින් අන්තිමට නතරවුණේ Boston Celtics Supporters ල වගයක් සහ Golden State Warriors Supporters ල වගයක් ඒ ටීම් Management එකට Japanese Players ල Draft කරන්න කියල ලියුම් යවලා. මේක මේ සීරිස් එක යන කාලෙ සෑහෙන්න ජනප්‍රිය මාතෘකාවක් වෙලා තියෙනවා. හැබැයි එහෙමයි කියලා Japanese අයට විශේෂ අවස්ථා දෙන්න එයාලා සූදානම් වෙලානම් නෑ.

ඔන්න ඕක තමයි මට මේ සීරිස් එක ගැන ආපහු හිතනකොට දැනෙන අවුල් තැන. මේක Anime එකක් විදියට පට්ට.ආර Goosebumps එන exitement එක උපරිමයට දෙන සීරිස් එකක්. එකදිගට බලන්නත් පුළුවන්. ඒත් මේකෙ කතාවට පාදකවෙන Japanese High School Students ලව NBA Level එකට වගේ Enhance කරල තියෙන එක ටිකක් අවුල් වගේ. විශේෂයෙන්ම මේකෙ Movements Real Life Based වුණාට ඒවා ඉදිරිපත් කරන Over Hype ගතිය ටිකක් Sports Skill එකට වඩා Super powers වගේ පෙන්නන්න උත්සහ දරල තියෙනවා වගේ හැඟෙනවා. ඇත්තටම ඒකෙන්කතාවට කිසිම හානියක් නෑ. ඒත් මේක Sports Anime එකක්නේ. ඒ නිසා Hajime no Ippo, Haikyuu Slam Dunk වගේ ඒ ඒ Sports වලට අදාළ Text Book එකේ Level එක මේකෙ නෑ. ඒක අවුල් ටිකක්.

හැබැයි KnB කියන්නෙ Emotions පට්ටෙටම දැනෙන Goosebumps එන moments හුගක් තියෙන සිරාම පට්ට Anime එකක්.Twists වගේම හිනායන Scene සෑහෙන්න තියෙනවා. ඒ වගේම Story එකේ Serious ගතියත් සෑහෙන්න වැඩි. නමුත් Realistic ගතිය මදිදත් හිතෙනවා. සැබෑ Movements මාර Accurate විදියට පෙන්නල තිබුණත් සමහර Scene නම් Impossible කියලත් හිතෙනවා. මොකද Hype එක ඒ තරම් උස්සනවා පට්ටම විදියට.කොහොමහරි මේකෙ Real Life moments එක්ක Compare කරපු Videos බලන්න Anime බලන්න කියන තවත් හේතුවක් පැහැදිලි වේවි ඔයාලට.

Series එකට අමතරව OVAs and Movies තියෙනවා. ඒවත් අනිවා බලන්න. Movie එක විශේෂයෙන්ම. ඒකෙ End එක නම් මාර Emotional.

මේකේ Music ගත්තම Opening Ending Track පවා හොඳ මට්ටමක තියෙනවා. Sports Sequel එකක තියෙන Thrill එක පෙන්නන්න Score එකේ තියෙන්න ඕනි ඉහළ මට්ටම ගැන කියන්න ඕනි නෑනේ. ඒක මේකෙ පට්ටටම තියෙනවා. Score එක ඉහළම මට්ටමක තියෙනවා.

ඒ වගේම තමයි Animation Style. Fast  Motions සුපිරියටම හදලා තියෙනවා. හැබැයි Colors භාවිතය සහ Cinematography පැත්ත එච්චරම නෑ. Haikyuu බැලුවනම් මේ.වෙනස හොඳට තේරෙනවා. මේකෙ Creators ලත් මේක Admit කරල තියෙනවා පසුකාලීනව. Character Appearance එකෙන් තමන් අනාගත්තද කියන එක තමන්ට වදදීපු ප්‍රශ්නයක් කියන එක සෑහෙන්න එයා කියල තියෙනවා පස්සෙ කාලෙක.

Characters ගත්තම සුපිරි. සෑහෙන්න Serious Complicated Characters තියෙනවා. මාරම Interesting. Generation of Miracles එකේ පස්දෙනා 🔥.Copycat Kise, Superhuman Aumine,Horoscope එකටහැමදේම කරන Midorima, Absolutely Akashi, පට්ට කම්මැලි Murashakiba එහෙම..ඒ වගේම Uncrowned Kings කියල වෙනම සෙට් එකක් ඉන්නවා. Supporting Characters ගත්තමත් සාධාරණ Screen Time එකක් ලැබිල තියෙන්වා. Filling Characters ත් නැතුව නෙවෙයි. නමුත් Character Buildup Plot Armor එක එහෙම වරදක් කියන්න නෑ.

Never Give Up කියන Inspiration එක දෙන තවත් සුපිරි ගණයේ නිර්මාණයක්. Friendships, Rivalries ගැන සෑහෙන්න පැතිකඩවල් පෙන්නන Anime එකක්. ඒ වගේම Seniority එහෙමත් නැත්නම් ජ්‍යේශ්ඨත්වය  කියන දේ ලස්සනටම පෙන්නපු නිර්මාණයක්. අනිවා බලන්න. හැබැයි Basic Shonen Anime එකක් තියෙන හැමදේම වගේ cover කරන්න ගිය නිර්මාණයක්.

හොඳම Sport Anime එක මොකක්ද කියන එක  කාලෙකට කලින් සෑහෙන්න Anime Fans ල අතර තිබුණ ප්‍රශ්නයක්. හැබැයි Haikyuu ඉස්සරහට එන සීසන් එක්ක ඒක නැතිවෙලාම යාවි.

එහෙනම් මේක මිස් කරගන්න එපා. අනිවාර්යයෙන්ම බලන්න.

හැමෝටම ජයවේවා. 👌👌👌

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

Leave a Reply